20/06/2025
අන් අයගේ සැපත, සතුට දියුණුව දැක හදවත තුළින් අවංකවම සතුටු වී, ඔවුන් ලද සැපතින් නොපිරිහෙලී තව තවත් දියුණුවට පත් වේවා කියා අවංකවම සිතීමේ හැකියාව, ගුණය මුදිතාවයි.
"සැපයෙන් සැපයට පත්වේවා... දියුණුවෙන් දියුණුවට පත්වේවා... සුඛයෙන් සුඛයටම පත් වේවා... මටත් වඩා වැඩියෙන් සැප සම්පත් ලැබේවා. බවභෝග සම්පත් වැඩේවා... කීර්ති, ප්‍රශංසා, ලාභයන් ලැබේවා.. වතුපිටි යාන වාහන , ගරු නම්බු, දැසි දස්සන්, උගත්කම්, ආදී සියළු ලෞකික සැපයද, නිවන් මාර්ගඵල, ධ්‍යාන සුවයන්ද ලැබේවා.. සතුටෙන් සතුටට පත්වේවා.. සුවයෙන් සුවයටම පත්වේවා... නීරෝගී සුවපත් භාවය සැලසේවා.."
මේ ආදි වශයෙන් යම්කිසි කෙනෙකුගේ සතුට සැපත කෙරෙහි තමන්ටද හදවතින්ම සතුටු වීමේ හැකියාව මුදිතාවයි. ඊර්ෂ්‍යාවට ප්‍රතිවිරුද්ධ ධර්මයයි.
ලෝක සත්වයා කෙරෙහි ඉහළම මුදිතාව අත්තේ සම්මා සම්බුදු රජාණන් වහන්සේටය. එක සත්වයකුගේ යහපත සුවය සැනසීම සතුට වෙනුවෙන් ජීවිතයම වුව කැප කරමින් වෙහෙස වී, ඔවුන්ගේ සතුට දැක සතුටු වීමේ ගුණය ඉහළින්ම පිහිටා ඇත්තේ උන් වහන්සේටය.. ඒ බුදු ගුණ මෙනෙහි කරමින් අපටද මුදිතාව වඩවා ගත හැක.
ඊර්ෂ්‍යාව නිසා දැවීමට- තැවීමට- පරිලාහයට- සසර දුකට ඇද වැටෙන්නේ තමන්මය. ඒ හැර ඉන් වන අන් දෙයක් නැත. එලෙසින්ම මුදිතාව නිසා සිත සතුටට, සුවටට, සුවපත් බාවයට පත් වන්නේද අපේ සිතමය..
බොහේ විට ඊර්ෂ්‍යාව ජනිත වන්නේ, තමන් ගැන ඇති මානය නිසාය. තමන්ට වඩා වැඩි දෙයක් අන් කෙනෙක් ලබද්දී සිත අසතුටට පත් වේ. තමන් ඉතාම උසස් යැයි සිතා සිටින විට, අන් අය පහත් යැයි සිතා සිටින විට හොදම දේවල් තමන්ට හා තමන්ගේ අයට පමණක් ලැබිය යුතු යැයි සිතා සිටින විට සිත පහසුවෙන් ඊර්ෂ්‍යාවට හසු වේ. තමා ලෝකයේ දේවල් වලට දී ඇති අගය වටිනාකම අනුවද ඊර්ෂ්‍යාව ඇතිවේ. තමන් මහත් සේ අගය කරන, ආසා කරන යමක් හෝ කෙනෙක් තමන්ට අහිමි වී වෙන කෙනෙකුට හිමි වෙද්දී ඊර්ෂ්‍යාව ඇති වේ. සමාජ සාධාරණත්වය කියාද ඊර්ෂ්‍යාව ඇති වේ. ඊර්ෂ්‍යාව ඉතාමත් සුලභ දෙයකි. නමුත් ඇතැම් අයගේ ඊර්ෂ්‍යාව ඉතාමත් වැඩිය. ඔවුන්ගේ සිත තුවාලයක් පරිදිය.
මේ ඊර්ෂ්‍යාවට මූලිකම හේතුව නම්, අල්ලාගැනීමේ ප්‍රබල බවය. සංස්කාරයන්ගේ නැතිවීම නොදක්නා කල්හි ඒවා දැඩි උපාදානයෙන් ග්‍රාහණය කරගනිමින්, මම මගේ අපේ යැයි සිතා සිටිනා තාක් ඊර්ෂ්‍යාව පමණක් නොව අන් සියළු කෙලෙස් ජනිත වේ.
ප්‍රඥාව අවධි වී සත්‍ය දකිනා තෙක් මේවා සත්වයාගේ සන්තාණ තුළ මුල් බැසගෙන ඇත.
ඊර්ෂ්‍යාව පසුපස ඇත්තේද පටිඝ