SR Status

SR Status Health and wellness ❤️
BE A HEALTHY PERSON 😁

31/05/2025
🦟 ඔයාට කවදහරි ඩෙංගු (Dengue) හැදිලා තියෙනවද? ඒක කොච්චර කරදර ලෙඩක්ද කියලා දන්නවනම් මේ කතාව ඔයාට ගොඩක් වැදගත් වෙයි.ඩෙංගු (...
21/05/2025

🦟 ඔයාට කවදහරි ඩෙංගු (Dengue) හැදිලා තියෙනවද?

ඒක කොච්චර කරදර ලෙඩක්ද කියලා දන්නවනම් මේ කතාව ඔයාට ගොඩක් වැදගත් වෙයි.

ඩෙංගු (Dengue) කියන්නේ කරදරකාරී උණක් (fever). හැම අවුරුද්දකම ගොඩක් අය මේකට අහුවෙනවා. සමහර වෙලාවට නම් ඒක ඒ තරම් ගණන් ගන්න දෙයක් නෙවෙයි. ඒත් සමහර වෙලාවට ඒක ජීවිතේටත් අනතුරක් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි ඩෙංගු (Dengue) ගැන අපි හරියට දැනගෙන ඉන්න එකත්, ඒකෙන් බේරෙන්න පුළුවන් විදිය ගැන දැනගෙන ඉන්න එකත් ගොඩක් වැදගත් වෙන්නේ.

🦠 ඩෙංගු හැදෙන්නේ මොකෙන්ද?

ඩෙංගු උණ (Dengue fever) ඇතිවෙන්නේ ඩෙංගු වෛරසයක් (Dengue virus) අපේ ඇඟට ඇතුල් වුණාම. මේ වෛරසය අපේ ඇඟට ගේන්නේ කවුද දන්නවද?
අර කරදරකාරී මදුරුවෝ තමයි මේ වැඩේ කරන්නේ. විශේෂයෙන්ම ඊඩිස් ඊජිප්ටයි (Aedes aegypti) කියන මදුරුවා තමයි මේකට වැඩියෙන්ම සම්බන්ධ වෙන්නේ. ඔයාලා දැකලා ඇතිනේ මේ මදුරුවා දිවා කාලයේදී තමයි වැඩියෙන්ම දෂ්ට කරන්නේ. ඒ වගේම ගෙවල් අවට තියෙන වතුර පිරුණු බඳුන්වල තමයි එයා බිත්තර දාලා පැටව් ගහන්නේ.

🤒 ඩෙංගු හැදුනම මොන වගේ ලක්ෂණ පෙන්නුම් කරනවද?

ඩෙංගු (Dengue) හැදුනම එක එක අයට එක එක විදියේ ලක්ෂණ තමයි පෙන්නුම් කරන්නේ. සමහර අයට පොඩි උණක් විතරක් ඇවිත් සනීප වෙලා යනවා. ඒත් තවත් සමහර අයට නම් හරිම අමාරු වෙනවා. අපි බලමු ඩෙංගු හැදුනම සාමාන්‍යයෙන් දකින්න ලැබෙන ලක්ෂණ මොනවද කියලා:

තද උණක් එනවා : එකපාරටම ඇඟ රත් වෙලා උණ වැඩි වෙනවා. මේ උණ දවස් දෙක තුනක් නැත්නම් සතියක් විතර යන්න පුළුවන්.

ඔළුව හරිම රිදෙනවා (Severe headache): ඇස් වටේට දරුණු විදියට ඔළුව රිදෙනවා. හරියට ඔළුව කුඩු කරලා දානවා වගේ දැනෙන්නේ.

ඇඟපතත් රිදෙනවා (Body aches): සන්ධිවලයි, මාංශ පේශිවලයි හරිම වේදනාවක් දැනෙනවා. ඒක තමයි මේකට "බිඳුණු අස්ථි උණ" (Break-bone fever) කියලත් කියන්නේ.

ඇඟේ රතු ලප එනවා (Skin rash): උණ (fever) ටිකක් අඩු වුණාට පස්සේ ඇඟේ රතු පාට ලප (rash) එන්න පටන් ගන්නවා. මුලින් පොඩි තිත් වගේ ඇවිත් පස්සේ මුළු ඇඟ පුරාම පැතිරෙන්න පුළුවන්.

කන්න බොන්න හිතෙන්නේ නැහැ (Nausea and vomiting): ඔක්කාරය එනවා, වමනය යන්නත් පුළුවන්. බඩගින්නක් දැනෙන්නේ නැහැ.

ඇස් රතු වෙනවා (Red eyes): සමහර වෙලාවට ඇස් රතු පාටට හැරෙනවා.

දරුණු ඩෙංගු (Severe Dengue) වුණොත් මේ ලක්ෂණවලට අමතරව තවත් දේවල් වෙන්න පුළුවන්:

දරුණු බඩේ කැක්කුම
නොනවත්වා වමනේ යනවා
නාසයෙන්, කටින්, විදුරුමස්වලින් ලේ එනවා
ඇඟේ තැනින් තැන රතු පාට, දම් පාට ලප එනවා
හුස්ම ගන්න අමාරු වෙනවා
ඇඟ හරිම දුර්වල වෙනවා, ක්ලාන්ත ගතිය දැනෙනවා

ඔයාට හරි ඔයා දන්න කාටහරි මේ වගේ ලක්ෂණ තිබුණොත් පරක්කු වෙන්නේ නැතුව වෛද්‍යවරයෙක් ළඟට යන්න ඕනේ. මොකද ඩෙංගු (Dengue) සමහර වෙලාවට ජීවිතයටත් අනතුරුදායක වෙන්න පුළුවන්.

🩺 ඩෙංගු කියලා හරියටම දැනගන්නේ කොහොමද?

ඩෙංගු (Dengue) කියලා හරියටම දැනගන්න නම් වෛද්‍යවරයා ඔයාව පරීක්ෂා කරලා ඔයා කියන ලක්ෂණ අහලා බලයි. ඊට පස්සේ ලේ පරීක්ෂණයක් කරන්න කියයි. ඒ පරීක්ෂණයෙන් තමයි ඩෙංගු වෛරසය (Dengue virus) ඔයාගේ ඇඟට ඇතුල් වෙලාද කියලා හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ.

💊 ඩෙංගු වලට බෙහෙත් තියෙනවද?

ඇත්තටම ඩෙංගු වලට කියලා විශේෂ බෙහෙතක් නැහැ. ඒත් බය වෙන්න එපා. ඩොක්ටර්ලා කරන්නේ ඔයාට සනීප වෙනකල් ඔයාගේ උණ (fever), වේදනාව වගේ දේවල් අඩු කරන එකයි. ඒ වගේම ඔයාගේ ඇඟේ වතුර ප්‍රමාණය හරියට තියාගන්න උදව් කරනවා. ඒ වගේම දවසේ පැය විසි හතර පුරාම ඔයා බොන වතුර ප්‍රමාණයයි, මුත්‍රා කරන ප්‍රමාණයයි මනින්න කියන්නත් පුළුවන්. ඒකෙන් ඔයාගේ ඇඟේ වතුර ප්‍රමාණය හරියට තියෙනවද කියලා දැනගන්න පුළුවන්. උණ (fever) අඩු කරන්න පැරසිටමෝල් බොන්න කියන්නත් පුළුවන්. අනිත් බෙහෙත් වර්ග, විශේෂයෙන් ඇස්ප්‍රින් වගේ ඒවා බොන්න එපා කියලාත් කියනවා. මොකද ඒ බෙහෙත් නිසා ලේ ගැලීම් ඇතිවෙන්න පුළුවන්.

ඩොක්ටර්ලා ඔයාගේ තත්වය බලලා නිතරම ලේ පරීක්ෂණ කරන්න කියයි. විශේෂයෙන්ම සම්පූර්ණ රුධිර පරීක්ෂාව (Full Blood Count - CBC) කරලා බලනවා. ඒකෙන් ඔයාගේ ඇඟේ රුධිර පට්ටිකා ප්‍රමාණය (Platelet count) කොච්චරද කියලා බලනවා. ඩෙංගු (Dengue) අමාරු වෙනකොට රුධිර පට්ටිකා ප්‍රමාණය ගොඩක් අඩු වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාව රෝහලේ නවත්තගෙන හොඳින් බලාගන්න වෙනවා. සමහර වෙලාවට ලේ පට්ටිකා බාහිරින් ලබා දෙන්නත් සිද්ධ වෙන්න පුළුවන්. දරුණු ඩෙංගු (Severe Dengue) වුණොත් රෝහලේ නවතින එක තමයි හොඳම දේ. එතකොට ඩොක්ටර්ලා ඔයාව හොඳින් බලාගන්නවා.

🚫 ඩෙංගු වළක්වාගන්නේ කොහොමද?

ඩෙංගු (Dengue) වළක්වාගන්න තියෙන හොඳම ක්‍රමය තමයි මදුරුවෝ බෝ වෙන එක නවත්තන එකයි, මදුරු දෂ්ට කිරීම්වලින් ආරක්ෂා වෙන එකයි. ඔයාලට මේ දේවල් කරන්න පුළුවන්:

වතුර රැඳිලා තියෙන තැන් ඔක්කොම සුද්ද කරන්න: ටයර්, පොල් කටු, මල් පෝච්චි යට තියෙන වතුර තැටි, කාණු ඔක්කොම පිරිසිදු කරලා වතුර රැඳෙන්නේ නැති වෙන්න බලන්න.

වතුර බාල්දි, ටැංකි ඔක්කොම වහලා තියන්න: ඔයාලගේ ගෙදර තියෙන වතුර බාල්දි, ටැංකි ඔක්කොම හොඳින් වහලා දාන්න.

මදුරු නාශක (Apply mosquito repellent): මදුරුවෝ වැඩියෙන් ඉන්න වෙලාවට, ඒ කියන්නේ උදේටයි හවසටයි මදුරු විකර්ෂකයක් පාවිච්චි කරන්න.

මදුරු දැල් පාවිච්චි කරන්න (Use mosquito nets): නිදාගන්නකොට මදුරු දැලක් දාගෙන නිදාගන්න. පොඩි ළමයින්ටයි, ලෙඩින් හිටපු අයටයි මේක ගොඩක් වැදගත්.

දිග අත් තියෙන ඇඳුම් අඳින්න (Wear protective clothing): මදුරුවෝ ඉන්න තැන්වලට යනකොට දිග අත් තියෙන ඇඳුම්, දිග කලිසම් ඇඳලා ඔයාව ආරක්ෂා කරගන්න.

🇱🇰 අපේ රටෙත් ඩෙංගු

අපේ රටේ නම් ඩෙංගු (Dengue) කියන්නේ හැම අවුරුද්දකම එන ලොකු ප්‍රශ්නයක්. විශේෂයෙන්ම වැසි කාලෙට තමයි මේක වැඩියෙන්ම පැතිරෙන්නේ. රජයයි, සෞඛ්‍ය අංශයි මේක නවත්තන්න ගොඩක් වැඩ කරනවා. ඒත් ඔයාලත් උදව් කළොත් තමයි මේකෙන් සම්පූර්ණයෙන්ම බේරෙන්න පුළුවන් වෙන්නේ.

❤️ අවසාන වශයෙන්...

ඩෙංගු උණ (Dengue fever) කියන්නේ අපේ රටට ලොකු හිසරදයක්. ඒක නිසා අපි හැමෝම මේ ගැන හොඳින් දැනගෙන ඉන්න එකයි, ඒක වළක්වාගන්න එකයි තමයි වැදගත්ම දේ. ලක්ෂණ පෙන්නුවොත් පරක්කු නොවී ඩොක්ටර් ළඟට යන්නත් අමතක කරන්න එපා. මතක තියාගන්න, ලෙඩක් ආවට පස්සේ සුව කරනවට වඩා හොඳයි ලෙඩේ එන්න කලින් වළක්වාගන්න එක.

🙏 ඔයාලා මේ ලිපියෙන් දැනගත්ත දේවල් අනිත් අයත් එක්ක බෙදාගන්න. ඒකෙන් තවත් ගොඩක් අයට ඩෙංගු උණෙන් ආරක්ෂා වෙන්න උදව් කරන්න පුළුවන්.

*පුරවැසියන් තුන් දෙනෙක්ගෙන් එක් අයකුට අධි රුධිර පීඩනය...😥😥*එයින් 50% ක් දන්නෙ නැ ඔවුන්ට අධිරුධිර පීඩනය තියෙනවද කියල..😥😥*...
18/05/2025

*පුරවැසියන් තුන් දෙනෙක්ගෙන් එක් අයකුට අධි රුධිර පීඩනය...😥😥
*එයින් 50% ක් දන්නෙ නැ ඔවුන්ට අධිරුධිර පීඩනය තියෙනවද කියල..😥😥
*හැමදේම කරන්නෙ ජීවත් වෙන්න...මසකට වරක් රුධිර පීඩනය මැන ගන්න.තමන්ගෙ සෞඛ්‍ය ගැන හිතන්න ඕන කාලයක්❤🙏

චිකුන්ගුන්යා (Chikungunya) රෝගය විශේෂයෙන් කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල වලින් ආරම්භ වී රට පුරාම වේගයෙන් පැතිර යමින් පවතී.අපි ...
18/05/2025

චිකුන්ගුන්යා (Chikungunya) රෝගය විශේෂයෙන් කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල වලින් ආරම්භ වී රට පුරාම වේගයෙන් පැතිර යමින් පවතී.

අපි අද මේ රෝගය ගැන දැනුවත් වෙමු.

🔴 චිකුන්ගුන්යා යනු කුමක්ද?

චිකුන්ගුන්යා යනු ඒඩිස් මදුරුවන්, එනම් ඒඩිස් ඊජිප්ටයි (Aedes aegypti) සහ ඒඩිස් ඇල්බොපික්ටස් (Aedes albopictus) යන මදුරුවන් දෂ්ට කිරීම හරහා පැතිරෙන වෛරස් රෝගයකි.

ඩෙංගු උණ පතුරවන්නේ ද එම මදුරුවන්ම ය.

"චිකුන්ගුන්යා" යන නම කිමකොන්ඩේ භාෂාවෙන් (දකුණු ටන්සනියනුවන් සහ උතුරු මොසැම්බික් ජාතීන් භාවිතා කරන) "නැමෙන දේ" යනුවෙන් අර්ථයක් පවතී. මේ රෝගයේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ දරුණු සන්ධි වේදනාවන් ඇතිවීමයි.

🔴 රෝග ලක්ෂණ

සාමන්‍යයෙන් ඒඩිස් මදුරුවන් දෂ්ට කිරීමෙන් දින 4-8 (දින 2-12 දක්වා වෙනස් විය හැක) කට පසුව රෝග ලක්ෂණ මතුවන අතර, මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ:
🟢 හදිසියේම ඇතිවන අධික උණ (සාමාන්‍යයෙන් 39°C ට වැඩි)
🟢 දරුණු සන්ධි වේදනාව (විශේෂයෙන් අත් සහ පාදවල)
🟢 සන්ධි ඉදිමීම
🟢 මාංශ පේශි වේදනාව
🟢 හිසරදය
🟢 ඔක්කාරය සහ තෙහෙට්ටුව
🟢 සමේ කුෂ්ඨ (skin rash)
🟢 නාසයේ සහ අත්වල පැහැය වෙනස් වීම

චිකුන්ගුන්යා වසංගතයේ විශේෂත්වය වන්නේ, මුලින් ඇති වෙන රෝග ලක්ෂණ (එනම් උණ ,මාංශ පේශි වේදනාව) සුව වීමෙන් පසු සන්ධි වේදනාව දීර්ග කාලයක් පැවතීමයි. මෙය අවම වශයෙන් මාසයක කාලයක්වත් හෝ අවුරුදු ගණනක් පැවතිය හැකිය. මේ සන්ධි වේදනාව විශේෂයෙන් වැඩිහිටි පුද්ගලයින්ට ද දරුණුව බලපානු ලැබේ.

🔴 ප්‍රතිකාර

චිකුන්ගුන්යා සඳහා නිශ්චිත හෝ විශේෂ (ප්‍රතිවෛරස් ප්‍රතිකාරයක් හෝ එන්නතක්) ප්‍රතිකාර නොමැති අතර, රෝග ලක්ෂණ සමනය කිරීම කෙරෙහි ප්‍රතිකාර සිදු කිරීමට හැකියාව ඇත:
🟢 හොඳින් විවේක ගැනීම සහ ප්‍රමාණවත් ලෙස දියර වර්ග ගැනීම.
🟢 වේදනාව සහ උණ පාලනය කිරීම සඳහා පැරසිටමෝල් භාවිතා කිරීම.
🟢 පැරසිටමෝල් වලින් සන්ධි වේදනාව පාලනය නොවන්නේ නම් NSAIDs කාණ්ඩයේ (ඉබුප්රොෆෙන් වැනි) ඖෂධ භාවිතා කිරීම අවශ්‍ය වේ. නමුත් මේ සඳහා මෙම උණ, 'ඩෙංගු උණක් නොවන බව' තහවුරු කිරීම අත්‍යවශ්‍ය වේ. එම නිසා සුදුසුකම් ඇති වෛද්‍යවරයෙක් හමුවීම අත්‍යාවශ්‍ය වේ.
🟢 දීර්ඝ කාලීනව සන්ධි වේදනාව පැවතිය හොත් ඔබේ වෛද්‍යවරයා NSAIDs (ඉබුප්රොෆෙන් වැනි), ප්‍රෙඩ්නීසලෝන් (prednisilon) සහ භෞත චිකිත්සාව නිර්දේශ කළ හැකිය.
🟢 ඔබ රෝග ලක්ෂණ අත්විඳින්නේ නම්, කරුණාකර වහාම ඔබගේ පවුලේ වෛදවරයා හමුවන්න. රෝගය ඉක්මනින් හඳුනාගැනීමට හැකිවුනොත්, රෝග ලක්ෂණ හොඳින් පාලනය කිරීමට හැකියාව ඇත.

🔴 සංකූලතා

චිකුන්ගුන්යා රෝගය සාමාන්‍ය වෛරස් උණක් වන අතර, බොහෝ විට ස්වයං සුව වීම සිදුවෙයි. ඉතා කලාතුරකින් මාරාන්තික වීමට හැකියාවක් ඇත. විශේෂයෙන් වැඩිහිටියන්, අලුත උපන් බිළිඳුන් සහ නිදන්ගත සෞඛ්‍ය තත්වයන් ඇති පුද්ගලයින්ට මෙම බලපෑම ඇත.

චිකුන්ගුන්යා රෝගයේ සංකූලතා කීපයක් නම්:
🟢 මාස හෝ අවුරුදු ගණනක් පවතින අඛණ්ඩ සන්ධි වේදනාව
🟢 ස්නායු සංකූලතා (එන්සෙෆලයිටිස්, මෙනින්ජයිටිස්)
🟢 ඇස් දැවිල්ල
🟢 හෘද ගැටලු
🟢 වකුගඩු අකර්මණ්‍ය වීම
🟢 ආමාශ ආන්ත්‍රික ගැටළු

🔴 රෝගය වළක්වා ගත හැකිද?

තවමත් නිශ්චිත එන්නතක් නොමැති බැවින්, ඔබ අනිවාර්යෙන් මදුරුවන් දෂ්ට කිරීම් වළක්වා ගැනීම සහ මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම සිදු කළ යුතුය. මේ මගින් ඩෙංගු රෝගය පැතිරීමද පාලනය කළ හැකිය.

🔴 මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කරන්න ඔබට කළ හැකි දේ මොනවද👇

🟢 සතිපතා ජල බහාලුම් (මල් පෝච්චි, බාල්දි, ටයර්) පිරිසිදු කිරීම
🟢 ජල එකතු කරන භාජන ආවරණය කර තබන්න
🟢 අවහිර වූ කාණු පිරිසිදු කරන්න
🟢 ජලය එකතු විය හැකි අපද්‍රව්‍ය (හිස් ටින්, තැඹිලි කොම්බ, යෝගට් කප්) නිසි ලෙස බැහැර කරන්න

🔴 පුද්ගලික ආරක්ෂාව

🟢 මදුරුවන් දෂ්ට කිරීම වැළකීම සඳහා මදුරු විකර්ෂක (පැඟිරි තෙල්, මදුරු විකර්ෂක ක්‍රීම්) භාවිතා කරන්න.
🟢 මෙම මදුරුවන් වඩාත් ක්‍රියාකාරී වන විට, විශේෂයෙන් උදේ පාන්දර සහ දහවල් කාලයේදී දිගු අත් සහිත කමිස සහ දිගු කලිසම් ඇඳීම
🟢 මදුරුවන් නිවාස තුලට පැමිණීම වැලැක්වීම සඳහා හවස් වන විට ජනෙල් සහ දොරවල් වැසීම
🟢 දිවා කාලයේ නිදා සිටියදී පවා මදුරු දැල් භාවිතා කිරීම

🔴 ඔබ අසනීප නම්, ඔබගෙන් රෝගය අනිත් අයට පැතිරවීම වැළක්වීමද රෝගය ව්‍යාප්ත වීම වැළක්වීමට අත්‍යාවශ්‍ය වේ.

🟢 මේ සඳහා රෝගය වැළඳී පළමු සතිය තුළ, තවදුරටත් මදුරු දෂ්ට කිරීම් වලින් ඔබව ආරක්ෂා කරගන්න.
🟢 රෝග ලක්ෂණ ඇති වුවහොත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න

මෑත කාලීන වර්ෂාපතනය නිසා මදුරු ගහනය වැඩි වීමත් සමඟ, අප සියලු දෙනාම සුපරීක්ෂාකාරීව සිටිය යුතුය. නිසි පූර්වාරක්ෂාවන් අනුගමනය කිරීමෙන් මෙම රෝගය වළක්වා ගත හැකි බව මතක තබා ගන්න.

ආරක්ෂිතව හා සෞඛ්‍ය සම්පන්නව සිටින්න!

මෙම වසංගතයෙන් අපගේ පවුල් සහ ප්‍රජාවන් ආරක්ෂා කර ගැනීමට එක්ව කටයුතු කරමු. ඔබගේ යහළුවන් සහ හිත මිතුරන් දැනුවත් කිරීමට මේ පොස්ට් එක බෙදා ගන්න.

Copied

ගාණෙන් වැඩි කොලටි⁣යෙන් බාල සිරිලක කේක් පැටිකිරිය ...    සාමාන්‍යයෙන් ලංකාවේ කේක් වලට තියෙන්නේ හරි ඉහළ ඉල්ලුමක්. අවුරුදු ...
18/05/2025

ගාණෙන් වැඩි කොලටි⁣යෙන් බාල සිරිලක කේක් පැටිකිරිය ...
සාමාන්‍යයෙන් ලංකාවේ කේක් වලට තියෙන්නේ හරි ඉහළ ඉල්ලුමක්. අවුරුදු කාලේ නිසා මේ දවස්වල ඒ ඉල්ලුම ඩබල් ත්රිබල් වෙලා. මොකක් හරි සතුටුදායක දෙයක්, සිදුවීමක් සමරන්න කේක් නැතුවම බෑ. විශේෂ අවස්ථා වලට විතරක් නෙවෙයි, සමහර ඔෆිස්වල මෙන්ම ගෙවල්වලත් හවසට තේ බොන්න කේක් කපන්නේය. උපන් දිනේට, මඟුලට , ට්රාන්සර් වෙලා යනකොට, එනකොට , විභාග පාස් වුනාම, නෑ ගෙදරක යනකොට ,,,, එකී නොකී හැම අවස්ථාවකදීම පාහේ ලංකිකයින්ට කේක් නැතුවම බැරිය. දැන් කාලෙක ඉදන් ලංකාවේ ඉස්පිරිතාලවල වාට්ටුවල නැවතිලා ඉදල ටිකට් කපල ගෙදර යන ලෙඩ්ඩු වාට්ටුවල වැඩ කරන ස්ටාෆ් එකට තඩි කේක් ගෙඩියක් දෙන එක සම්ප්රධායක් වෙලා. විශේෂයෙන් බබාලා හම්බවෙන වාට්ටුවල වැඩ කරන කාර්ය මංඩලවලටනම් දවසට කේක් ගෙඩි තුන හතරක් වරදින්නේ නෑ. කොටින්ම මේ කාර්යමංඩලවලට අඩුවයසින් කේක් කාලාම දියවැඩියාව හැදුනේ නැති වුනොත් තමයි පුදුමේ.
ඒ ඒ අවස්ථාවට , එක් එක් පුද්ගලයාගේ තරාතිරමට ගැළපෙන විදියට, එක එක ගණන් වලට , නා නා ප්රකාරයේ හැඩ වැඩ පාට සුකුරුත්තන් දැමූ කේක් ජාති වෙළෙදපොලේ තිබෙනවා. සමහර කේක් අති සුඛෝපභෝගී උදවියට වන අතර එවුවා විකුණන වෙනම ෂොප්, අවුට්ලට් පවා තිබෙන්නේය.
කේක් හදන විස්තරේ සහ එවුවට භාවිත කරන අඩුම කුඩුම රහකාරක, වහකාරක දිහෑ විපරම් කරල බැලුවම පැහැදිලිවම පේන්ඩ තියෙන්නේ , කේක් හදන බේකරි උන්නැහෙල "සිංහලයා මෝඩයා කේක් කාන්න සූරයා,,," ය කියල හිතාගෙන කේක් කර්මාන්තය කොරන් යන බව ය.
මේ දවස්වල කේක්වලට දාන අඩුම කුඩමවල මිළ ඉහළ ගිහින් තිබෙන නිසා බොහෝ කේක් නිෂ්පාදකයින් තත්වයෙන් බාල සහ ව්‍යාජ ආදේශක භාවිත කරන බව පැහැදිළිවම පෙනෙන්නට තිබෙනවා. දැන් වෙළඳපොලේ විකුණන්නට තිබෙන සමහර කේක් වර්ගවල නියමිත ප්රමිතියට සකස් කරාම තියෙන කොලටිය රසය හා සුවඳ නැති බව ඕනෑම කෙනෙකුට දැනෙන්න ඕන.
මේ පළමු චායාරූපයේ තියෙන්නේ ⁣චොක්ලට් කේක් කියල හදන කේක් වලට කොකෝවා වෙනුවට යොදනු ලබන චොකලට් රස කාරක අඩංගු බඳුනක්. කොකෝවා පවුඩර් නිසි පදමට දැම්මාම ⁣චොකලට් කේක් වලින් එන ලාක්ෂණික රසය හා සුවඳ කොකෝවා දාන්නේ නැතිවම උනත් ගන්න පුලුවන් .
නියම පදමට කොකෝවා පවුඩර් දැම්මෙ නැතිවුනාම කේක් එකේ චොකලට් පාට ගන්න එක ඊළඟට තියෙන ප්රශ්නේ. එකට තමයි ⁣ඔය දෙවන පිංතූරෙ තියෙන ⁣⁣චොකලට් ඩයි එක තියෙන්නේ .මේ වර්ණකය දැම්මාම ලා දුඹුරු පාටෙ ඉදල තද කළු පාටදක්වා කේක් එකේ පාට ගන්න පුලුවන්.
මේ පළමු පිංතූරයේ විශේෂයෙන් කියන්න ඕන තවත් කාරණාවක් තියෙනවා . ඒ, මේක එක්පයරි වෙලා තියෙන්නේ දැනට අවුරුදකට විතර කලින් ය කියන කාරණාව යි. ⁣කේක් හදන හුගක් බේකරිවල මේ වගේ කාලය ඉකුත් වෙච්චි නිෂ්පාදන මේ දවස්වල භාවිත කරන බව පෙනෙන්නට තියෙනවා .
ඔය තුන්වෙනි පොටෝ එකේ තියෙන්නේ වාහන පේන්ට් කරන හරි, චිත්ර අඳින තැනක ගත්තු පොටෝ එකක් නොවෙයි, ඒ බඳුන්වල තිබුනේ කේක් හදන්න ගන්න එක එක ජාතියේ කෘත්‍රිම රස කාරක, ඩයි වර්ග, බාල ෆැට් ස්ප්රෙඩ් වර්ග ,,,, වගේ එවුවා මෙවුවා වන අතර, එවුවායේ ලේබල්වල අඩු පාඩු, ප්රමිතියේ සහ ගබඩා කිරීමේ අඩුපාඩු, සනීපාරක්ෂාවේ ගැටලු , ඒවා යොදනු ලබන මාත්රාවේ ගැටලු මහ ගොඩක් නිරීක්ෂණය කරන්නට පුලුවන් . (මේව කරන අයට අධිකරණයෙන් දඬුවම් ලැබුනටම මදි, පාරිභෝගිකයයිගේ අවධානය, දැනුම්වත්කමත් අවශ්‍යයි)
කේක් හදන තැන්වල තත්වය මෙහෙම වුනාට , මෙවුවා අලෙවි කරන්නට කිබෙන තැන්වල තත්වයන්නම්, ඉස්තරම්ම වේ . ඇසට ප්රිය, කටට කෙළ උනන සුවඳක් තියෙන , හැබැයි පොඩි මිනිහට තරු පෙනෙන ගණන් වලට අලෙවි කෙරෙන හුගක් කෙක් ගෙඩි ආර්ථික උද්ධමනය අස්සේ උපරිම ලාභ ලබන්න ට්රයි කරන කට්ට කපටි නිෂ්පාදකයින්ගේ සටකපටවලින් බේරිලා නැති බවත් සිහියේ තබා ගන්න එක හොඳයි.
- ගැමුණු සාලිය පෙරේරා.
මහජන සෞඛ්‍ය පරීක්ෂක

උපුටා ගැනීමකි

තෙලේ බැදපු කෑම කනකොට පරිස්සමින් ....      මේ එක පිංතූරයක තියෙන්නේ දෙතුන් වරක් බදින ලද තෙල්වල නැවත නැවත ආහාර බදින දර්ශනයක...
18/05/2025

තෙලේ බැදපු කෑම කනකොට පරිස්සමින් ....
මේ එක පිංතූරයක තියෙන්නේ දෙතුන් වරක් බදින ලද තෙල්වල නැවත නැවත ආහාර බදින දර්ශනයක්.
අනෙක් පිංතූරේ එක වීදුරුවක කොකාකෝලා වගේ පේන්න තියෙන්නේ එහෙම බැදපු තෙල්වල පාට. අනක් වීදුරුවේ තියෙන්නේ පිරිසිදු කුකින් ඔයිල්.
(මේ විදියට වැඩි වාර ගණනක් බැදල කරන්ඩම දෙයක් නැති වුනාම අහක දාන්න වෙන තෙල් එකතු කරල ඒවට යම් යම් රසායනික ද්රව්‍ය දාලා වර්ණය වෙනස් කරල ඔය දෙවන වීදුරුවේ තියෙන පිරිසිදු තෙල් විදියටම නැවත සකස් කරල ලාබෙට විකුණන ජාවාරමකුුත් රටේ තියෙන බවට ශාක්ෂි තියෙනවා . පොල්තෙල් බෝතලයක් හදන්න පොල් ගෙඩි හයක් විතර යනවා. පොල් ගෙඩියක් රුපියල් 100 ගානේ ගත්තත් පොල් ගෙඩි වලටම රුපියල් 600ක් විතර වෙනවා. එහෙවු එකේ පොල්තෙල් බෝතලයම රුපියල් 600 ට දෙන එකේ ලොකු සැකයක් තියෙනවා . ඒ මේ විදියට කෙමිකල් දාල සකස් කරපු තෙල් කවලම් කරපුවා වෙන්නත් බැරි නෑ.)
මේ විදියෙ එකවරක් භාවිත කරපු තෙල්වල කවදාකවත් කෑම ජාති බදින්න කරන්න යන්න එපා.
මේ වගේ තෙල්වල හානිකර මුක්තඛණ්ඩක (free radicals ) , ට්රාන්ස් මේද අම්ල (trance fatty acids ) ඇක්රිල් ඒමයිඩ (acrylamides) පොලි සයික්ලක් ඇරෝමැටික් හයිඩ්රොකාබන්ස් (Polycyclic Aromatic Hydrocarbons (PAHs) )
වැනි හානිකර සංඝටක තිබෙන බවට සොයාගෙන තිබෙනවා. මේ වගේ තෙල්වල බදින ලද ආහාර නිතර නිතර කෑමට ගැනීම අවදානම් වෙන්නට පුලුවන්. විශේෂයෙන් මෙවැනි ආහාරවලින් ශරීරයට සිදුවන ඩැමේජ් එක අඩු කරන ප්රතිඔක්සිකාරක අඩංගු ස්වාභාවික ආහාර අඩුවෙන් පරපරිභෝජනය කරන , අවදානම් වයස් කාණ්ඩවල අයට වැඩි හානියක් වෙන්නට පුලුවන්. (ළමයින්, වයපත් උදවිය, රෝගාබාධවලින් පෙලෙන අය, ගර්භනී මවුවරු .).
කොයික කොහොම වුනත්, මේ වගේ තෙල්වල බදින ලද ආහාර සතියකට තුන් හතර වතාවක් හෝ ඊට වැඩි වාර ගණනක් කෑමට ගන්න උදවිය තුළ දෙවන වර්ගයේ දියවැඩියාව, හෘදයාබාධ, තරබාරුකම, අධි රුධිර පීඩනය සහ කිරීටක ධමනි රෝග සහ පිලිකා වැනි නිදන්ගත රෝග ගණනාවක් වර්දනය වීමේ සැලකිය යුතු වැඩි අවදානමක් තියෙන බව විද්‍යාත්මක සාක්ෂිවලින් පෙනී ගොස් තිබෙනවා.
❤❤❤
- ගැමුණු සාලිය පෙරේරා

🔴🔴🔴 ආහාර දැමීමට අංක 5 යෙදු වයින් වීදුරුව සහ ගෑරුප්පුව සංකේතය යෙදු ප්ලාස්ටික් පමනක් භාවිතා කරන්න..එක්වරක් පමණක් භාවිතයට ග...
18/05/2025

🔴🔴🔴 ආහාර දැමීමට අංක 5 යෙදු වයින් වීදුරුව සහ ගෑරුප්පුව සංකේතය යෙදු ප්ලාස්ටික් පමනක් භාවිතා කරන්න..

එක්වරක් පමණක් භාවිතයට ගෙන ඉවතලන ලද ප්ලාස්ටික් බෝතල් නැවත නැවත භාවිතයට ගැනීම හරහා පිරිමින් නිසරුභාවයට පත්වීමේ දැඩි අවධානමක් ඇති බවට අනාවරණය වේ.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ තත්ත්ව පාලන අංශයේ ප්‍රධානි වෛද්‍ය මහින්ද වික්‍රමආරච්චි පවසන ආකාරයට ප්ලාස්ටික් බෝතල් සූර්යාලෝකයට නිරාවරණය වී රත්වීමත් සමග ඒවායේ ඇති විෂ රසායන අංශූ එහි ඇති ජලයට එකතු වන බවය.

එම විෂ රසායන අංශූ කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් හෝමෝනයට සමාන වන බැවින් පිරිමි පුද්ගලයකු දිගින් දිගටම එක්වරක් පමණක් භාවිතයට ගෙන ඉවතලන ලද ප්ලාස්ටික් බෝතල්වලින් ජලය පානය කිරීම හරහා ඔවුන් කාන්තා ලක්ෂණ පෙන්නුම් කරන බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම කාන්තාවන්ගෙන් ගර්භිණී මව්වරුන්ට, කලළයට, අලුත උපන් දරුවන්ට මෙම රසායනය අනතුරුදායක වන අතර ඒ හරහා පිරිමින්ගේ දරුඵල ලැබීමේ හැකියාව අඩුවන්නටද මෙම රසායනය බලපාන බව වෛද්‍යවරයා සඳහන් කරයි.

එම නිසා සෑම විටම ආහාර පාන ගැනීම සඳහා ප්ලාස්ටික් භාජන භාවිතයට නොගෙන වීදුරු, මැටි භාජන හෝ වෙනත් ආරක්‍ෂිත දෑ භාවිතයට ගැනීමට වග බලාගන්නා ලෙස වෛද්‍යවරයා දැනුම් දෙයි.

ආහාර පාන ආදිය දැමීමට ප්ලාස්ටික් බඳුන් තෝරා ගන්නේ නම් සෑම විටම එම බඳුනේ හෝ බෝතලයේ අංක 5 සඳහන් වේදැයි පරික්ෂා කළ යුතු වේ.

🔴බිත්තර සේදීම නොකළ යුත්තේ ඇයි. 🤔   කුකුල් ජරාව (අශුචි) තැවරුණු හෝ කැඩුණු බිඳුණු බිත්තර පරිභෝජනය කිරීම අවදානම් බව කවුරුත්...
14/12/2024

🔴බිත්තර සේදීම නොකළ යුත්තේ ඇයි. 🤔

කුකුල් ජරාව (අශුචි) තැවරුණු හෝ කැඩුණු බිඳුණු බිත්තර පරිභෝජනය කිරීම අවදානම් බව කවුරුත් දන්නවා. ඒ නිසා කඩෙන් ගේන බිත්තර ගබඩා කර තැබීමට පළමුව සබන් දමා හෝ එසේ නොමැතිව සේදීම මගින් මේ අවදානම මඟහැරෙනවද කියල බොහෝ දෙනෙක් අහල තිබුනා. මේ, ඒකට මා දන්නා තරමින් ලබා දෙන උත්තරය.

කිකිලි බිත්තර මතුපිට කුකුල් අශූචි ගෑවිලා තිබෙන බව පෙනෙන්නට තිබුනත් නැතත්, බිත්තර කටුව මතුපිට ජීවානුහරණය කරල නැති නිසා යම් ප්රමාණයකට සැල්මොනෙල්ලා කියන කුකුල් අශූචිවල ජීවත් වෙන හානිකර බැක්ටීරියා එක තියෙන්න පුලුවන්.
සාමාන්‍යයෙන් කුකුල් අශූචිවල ජීවත්වන ඇතැම් රෝගකාරක සැල්මොනෙල්ලා විශේෂවලට වියලි බිත්තර කටුව මතුපිට දවස් 54ක් වගේ කාලයක් ජීවත්වෙන්න පුලුවන් කියල සොයා ගෙන තිබෙනවා. ("Salmonella Enteritidis" can survive on the surface of hens' eggs for up to 54 days.)

එහෙමනම් ජරාව පේන්න තිබුනත් නැතත් බිත්තරවල සැල්මොනෙල්ලා ඉන්නවානේ. ඒක ඩේන්ජරස්නේ... 🤔

නෑ එහෙම නෑ. කිකිලිය බිත්තර එයාගේ ජම්බාලියෙන් එළියට දාන්නේ බිත්තර කටුව වටේට “bloom” කියල කියන ආරක්ෂක පටලයකුත් තැම්පත් කරල. මේ ආරක්ෂිත ආලේපනයෙන් බිත්තර කටුව මුද්‍රා වෙලා තියෙන්නේ. ඒක නිසා ව්‍යාධිජනක බැක්ටීරියා වර්ග බිත්තරය ඇතුලට යන එක වැළැක්වෙනවා.

⁣බිත්තර සේදුවාම මොකද වෙන්නේ.?

සාමාන්‍යයෙන්, කඩේන් ගේන බිත්තර සෝදා ගැනීම අවශ්‍ය හෝ නිර්දේශ නොකරයි. එහෙම සේදුවාම වෙන්නේ අර කීව ආරක්ෂක පටලය විනාශ වෙන එක. එහෙම වුනාම සේදුන ජලය බිත්තර කට්ටේ තියෙන ඇසට නොපෙනෙන සිදුරු හරහා බිත්තරය තුළට ඇතුල් වෙනවා. ඒ නිසා එසේ සේදීමෙන් ඇත්ත වශයෙන්ම බිත්තර දූෂණය වීමේ අවදානම වැඩි වෙන්න පුලුවන්.
බිත්තර කටුව කැඩිලා හෝ පුපුරලා තියෙන බිත්තර කෑමට ගන්න එක හොඳ නැත්තෙත් ඒ වගේ බිත්තරවල අර කිවුව ආරක්ෂක පටලය කැඩිලා තියෙන නිසා මතුපිට තියෙන විසබීජ ඇතුලට ගිහින් තියෙන නිසා ය.
ඒ නිසා බිත්තර මිළ දී ගන්නකොට,

* මතුපිට ජරාව ගෑවිලා නැති බිත්තර තෝරා ගැනීම.
* * නොකැඩුණු, පලුදු නොවූ බිත්තර තෝරා ගැනීම ඉතා වැදගත්.
* * පිරිසිදු බිත්තර එක ගොඩේ ගබඩා කරන්නේ නැතිව ඒ සඳහා විශේෂයෙන් සකස් කරල තිනෙ ඇසුරුම් වල ගබඩා කිරීම සහ ශිතකරණයක නිසි ලෙස ගබඩා කර තැබීමත් වටිනවා.
* අනික් කාරණය තමයි බිත්තර අමුවෙන් හෝ භාගෙට පිස ආහාරයට නොගැනීම. ඒකත් විශේෂයෙන් ප්රතිශක්තිය අඩු, ගර්භණී ,ළමයින්, වයෝවෘද්ධ උදවියට විශේෂයෙන් වැදගත් වෙන්න පුලුවන් කාරණාවක්.
* මේ කිවුව කරුණු කාරණා ටික පිළිපැද්දොත් සැල්⁣මොනෙල්ලා විෂවීම් වලින් ආරක්ෂාව සලසා ගන්න පුලුවන් වේවි.
- - ගැමුණු සාලිය පෙරේරා .
මහජන සෞඛ්‍ය පරීක්ෂක .

උපුටා ගැනීමකි .

24/11/2024
🛑🛑🛑
04/06/2024

🛑🛑🛑

🔴 2024 වෙසක් මංගල්‍යය වෙනුවෙන් ඔබ විසින් සංවිධානය කරනු ලබන දන්සැල් ඔබ ප්‍රදේශයට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අනි...
17/05/2024

🔴 2024 වෙසක් මංගල්‍යය වෙනුවෙන් ඔබ විසින් සංවිධානය කරනු ලබන දන්සැල් ඔබ ප්‍රදේශයට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අනිවාර්යයෙන්ම ලියාපදිංචි කිරීමට කටයුතු කරන්න.

දන්සැල් පැවැත්වීමට අදාල සෞඛ්‍යමය උපදෙස් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන් විසින් ලබා දෙන අතර සියලු දන්සැල් සෞඛ්‍යාරක්ශිත ද යන්න පරීක්ෂා කරනු ලැබේ.

බැති සිතින් ලබා දෙන දන්සල කිසිවකුටවත් හානියක් නොවී පැවැත්වීමට නිවැරදි උපදෙස් ලබාගන්න.

සෞඛ්‍යට නුසුදුසු තත්වයෙන් පවත්වන දන්සල් පවත්වාගෙන යාමට ඉඩ ලබා නොදෙන බව කරුණාවෙන් දන්වා සිටිමු.

වැඩි දුර විස්තර සදහා ඔබ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා අමතන්න.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when SR Status posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to SR Status:

  • Want your practice to be the top-listed Clinic?

Share