අම්මයි බබයි සුවදිවියයි - Baby And Mother Healthy Life

  • Home
  • අම්මයි බබයි සුවදිවියයි - Baby And Mother Healthy Life

අම්මයි බබයි සුවදිවියයි - Baby And Mother Healthy Life Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from අම්මයි බබයි සුවදිවියයි - Baby And Mother Healthy Life, Health & Wellness Website, .

23/10/2023
කුඩා දරුවන් සදහා  #බිස්කට් එපා කියන්නෙ ඇයි ?Why   are not suitable for babies & kids? ----------------------------------...
14/09/2022

කුඩා දරුවන් සදහා #බිස්කට් එපා කියන්නෙ ඇයි ?
Why are not suitable for babies & kids?
-------------------------------------------

සම්පූර්ණ ලිපිය කියවන්න පහතින්
මේ ලිපිය Share කරන්න 👇
https://m.facebook.com/groups/357883418686862/permalink/613595593115642/

එකතුවෙන්න.
සමූහය - https://www.facebook.com/groups/357883418686862/

😥
20/06/2022

😥

මව්වරුනි ප්‍රවේශම් වන්න......🚫🚫🚫වෙළෙඳ  පොළේ දියර පැනඩෝල් වර්ග දෙකක් ඇත. එකක් පැන්ඩෝල් සිරප් වන අතර, එහි මිලිලීටර් පහකම අ...
11/05/2022

මව්වරුනි ප්‍රවේශම් වන්න......🚫🚫🚫

වෙළෙඳ පොළේ දියර පැනඩෝල් වර්ග දෙකක් ඇත. එකක් පැන්ඩෝල් සිරප් වන අතර, එහි මිලිලීටර් පහකම අඩංගු වන්නේ පැරසිටමෝල් මිලිග්‍රෑම් 120 (120 mg) කි.

අනික පැන්ඩෝල් බිංදු (drops) වන අතර, එහි මිලිලීටර් එකක පමණක් මිලිග්‍රෑම් 100ක් ඇත. (80 mg/0.8ml). මිලිලීටර් පහක මිලිග්‍රෑම් 500ක් ඇත.

බැරි වෙලාවත් සිරප් යයි සිතා බිංදු ලබා දුන්නොත්, මාරාන්තික විය හැකි පැරසිටමෝල් විෂ වීමක් ඇති විය හැක. උදාහරණයක් ලෙස දරුවෙකුට ලබා දිය යුත්තේ මිලිග්‍රෑම් 120 ක් යයි සිතමු. එනම් සිරප් එකෙන් නම් මිලිලීටර් පහකි. යම් හෙයකින් අතපසු වීමකින්, පැන්ඩෝල් බිංදු වලින් මිලිලීටර් පහක් දුන්නොත්, දරුවාට පැරසිටමෝල් මිලිග්‍රෑම් 500 ක් දෙනු ඇත.

මෙසේ සිදු වූ අවස්ථා තුනකට, මට ප්‍රතිකාර කිරීමට සිදු විය. මෙහි භයානක කම නිසාම, ටික කළකට ඉහත, ශ්‍රී ලංකා ළමා රෝග සංගමයේ ඉල්ලීම මත පැන්ඩෝල් බිංදු වෙළඳ පොළෙන් ඉවත් කරන ලදී.

නමුත් පැන්ඩෝල් බිංදු නැවත වෙළෙඳ පොළට පැමිණ ඇත. මගේ රෝගී දරුවන්ගේ අම්මලාට මම උපදෙස් දෙන්නේ, සිරප් පමණක් භාවිතා කරණ ලෙසයි.

මව්වරුනි, කරුණාකර මේ ගැන දැනුවත් වන්න......

මහාචාර්ය ප්‍රියන්ත පෙරේරා

 #ඔටිසම් Article no 01Share කර දැනුවත් කරමු.අදහස් කමෙන්ට් කරන්න. *උපුටා පළකිරීමෙන් වළකින්න
17/10/2021

#ඔටිසම්


Article no 01

Share කර දැනුවත් කරමු.
අදහස් කමෙන්ට් කරන්න.
*උපුටා පළකිරීමෙන් වළකින්න

කොවිඩ් වෙන්න බෑ නේද?මේ දිනවල සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 1999 අංකයට දිනකට ඇමතුම් දෙදාහකට වඩා ලැබෙනවා. ඒ දුරකථන සංවාද අතර...
04/09/2021

කොවිඩ් වෙන්න බෑ නේද?
මේ දිනවල සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 1999 අංකයට දිනකට ඇමතුම් දෙදාහකට වඩා ලැබෙනවා. ඒ දුරකථන සංවාද අතරින් බොහොමයක් මෙන්න මේ වගේ..
------------------------------
“ඩොක්ට’, බබාට ඊයෙ ඉඳලා පොඩ්ඩක් උණ ගතියක් තියෙනවා. කොවිඩ් වෙන්න බැහැ නේද? පොඩි ළමයින්ට කොවිඩ් හැදෙනවා අඩුයි කියනවා නේද?”

“මෙහෙමයි , මේ දවස්වල උණක්, සෙම්ප්‍රතිශ්‍යාවක්, කැස්සක් වගේ තියනවානම් කොවිඩ් වීමේ සම්භාවිතාවක් අනිවාර්යෙන් තියෙනවා. දරුවන්ට වුනත් පහසුවෙන් මේ රෝගය වැලඳෙන්න පුළුවන්. ඒත්, අමාරු වෙන්න තියෙන ඉඩකඩ නම් වැඩිහිටි කෙනෙකුට වඩා තරමක් අඩුයි. ඒ වුනාට දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන ළමයි ඉස්පිරිතාලවල ඉන්නවා. ගෙදර කාටහරි ලඟදි උගුරේ අමාරුවක් කැස්සක් වගේ තිබුණ ද ?”

“අපෝ නෑ අපේ ගෙදර කාටවත් එහෙම අසනීපයක් තිබ්බෙ නෑ.”

“ලඟදි කොහේ හරි එළියට ගියාද?”

“සංචරණ සීමා දාපු දවස ඉඳලා අපි කොහේවත් ගිහිල්ලා නෑ. බබා වුණත් අල්ලපු ගෙදර ළමයත් එක්ක හවසට සෙල්ලම් කරන්න යනවා විතරයි.”

“එතකොට එහෙන් කොවිඩ් බෝ වෙන්න අවස්ථාවක් තියෙනවනේ.”

“දැනට අපි දන්න විදිහට ඒ ගෙදර කාටවත් එහෙම අසනීපයක් තිබ්බෙ නෑ.”

“මේ ලෙඩේ බෝවෙන්නේ හැමතිස්සෙම රෝග ලක්ෂණ පෙන්වන අයගෙන් විතරක් නෙමෙයි. රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති අයගෙන් පවා කොවිඩ් බෝ වෙන්න හොඳටම ඉඩ තියෙනවා.

පුළුවන් ඉක්මනට ළමයට PCR එකක් හරි රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් (RAT) එකක් හරි කරගන්න.”
------------------------------

“ඩොක්ට’, මටයි මහත්තයටයි දෙන්නටම පොඩි උගුරෙ අමාරුවක් තියෙනවා. අපි සංචරණය සීමා දැම්මයින් පස්සේ සෙනග ගැවසෙන කිසිම තැනකට ගියේ නෑ. කොරෝනා වෙන්න බැහැ නේද?”

“මේ දවස්වල හැටියට නම් කොවිඩ් වෙන්න ඉඩ තියෙනවා. ලඟකදි කොහෙවත් ගියේ නැහැ කියලා හොඳටම විශ්වාස ද?”

“ඔව් ඩොක්ට’. මම නං සති දෙකකින් එළියට බැහැලා නෑ. මහත්තයා වැඩට ගියෙත් නැහැ. දවස් තුන හතරකට කලින් නම් එයා ඒ ගොල්ලන්ගෙ අම්මලාව බලලා, කතා කරලා ආවා. එයාල ඉන්නෙත් මේ ලේන් එකේම පේන දුර. ඒ දෙන්නට තනියෙන් වැඩ කර ගන්න නම් පුළුවන්. ඒ උනාට තනිකමක් දැනෙන්නේ නැතිවෙන්න පුළු-පුළුවන් විදිහට මහත්තයයි එයාගෙ අයියයි හවසට ගිහිල්ලා කතා කරලා එනවා. ෆෝන් එකෙන් කතා කලාට හම්බවෙලා කතා කරනවා වගේ නැහැනේ.”

“ඔය කියන විදිහට ඔයාලා ඒ ඇරෙන්න කොහෙවත් එලියට ගියේ නැතිම නම් මහත්තයාගෙ අයියගෙන් හරි වෛරසය ආසාදනය වුණා වෙන්න පුළුවන්. දැන් අපි කතා කරමු ඊළඟට කරන්න ඕනේ මොකක්ද කියලා..”
------------

කොවිඩ් - 19 ආසාදන කිව්වම බොහෝ දෙනෙකුට සිහියට නැගෙන්නේ නන්නාඳුන සෙනග ගැවසෙන ස්ථානයක් වුනාට, මේ දිනවල රෝගය බෝ වීමට අහළ පහල හොඳින් දන්නා කියන නිවෙස් අතර සිදුවන ගමන් බිමන් බොහෝවිට හේතුවනවා දකින්නට පුළුවන්.

වේගයෙන් පැතිරෙන බවට අපි හොඳින්ම දන්න, ඩෙල්ටා ප්‍රබේධය ආසාදිත පුද්ගලයෙකු, රෝග ලක්ෂණ පෙන්වන්න දින දෙකකට පමණ පෙර සිට අන් පුද්ගලයන් ආසාදනය කිරීමේ හැකියාව ලබනවා. ඒ නිසා එහෙම අය, තමන්ගෙන් රෝගය බෝවෙන අවස්ථාවේ තමා ආසාදිතයකු බව සැක කරන්නේවත් නැහැ.

කෝවිඩ් ගැටලුව අප රටෙන් තව සුළු කාලයකින් නැති වෙලා යයි කියලා හිතන්න බැරි බව ඇත්ත. මේ කියන විදිහටම සංචරණ පාලනය හැමදාටම කරන්න බැරි බවත් ඇත්ත. ඒත් වර්තමානයේ රට තුළ සංචරණය දැඩි ලෙස සීමා කරන්න හේතුවක් තියෙනවා.

ඕනෑම රටක සෞඛ්‍ය පද්ධතියට දරාගත හැකි උපරිම රෝගී ප්‍රමාණයක් තිබෙනවා. දරාගත නොහැකි වේගයකින් නව රෝගීන් වාර්තා වෙද්දි ඉතා දියුණු රටවල පවා සෞඛ්‍ය පද්ධති කඩා වැටීමට ලක් වුණ අවස්ථා අපිට දක්නට ලැබුණා.

මෙය, තිබෙන රෝහල්, වාට්ටු හා යන්ත්‍රෝපකරණ ප්‍රමාණයෙන් ඔබ්බට ගිය සාධක මත තීරණය වනවා. අසාධ්‍ය රෝග තත්ත්වයකදී දැඩිසත්කාර ප්‍රතිකාර ලබාදීමට පුහුණුවක් ලබා ඇති වෛද්‍ය, හෙද හා පරිපූරක සේවා කාර්ය මණ්ඩලය ඕනෑම රටක සිටින්නේ සීමිත සංඛ්‍යාවක්. රටක සාමාන්‍ය වාතාවරණයක් යටතේ අවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයීමට වගේම මෙවැනි වසංගත තත්ත්වයක් යම් තරමකට දරා ගැනීමට ඒ පිරිසට හැකියාව තියෙනවා. එහෙත් ඕනෑම රටක මෙම ධාරිතාව ඉක්මවා ගියහොත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමට ලක් වන ලක්ෂයක් තිබෙනවා. සංචරණ සීමා යෙදීම තුළින් සිදු වන්නේ එවන් බිඳවැටීමකට සෞඛ්‍ය පද්ධතිය ලක් නොවන ලෙසින් රෝගීන් වාර්තා වන ශීඝ්‍රතාවය පාලනය කර ගැනීමයි.

සංචරණ සීමා පණවා ඇති කාලයක් තුළ නියමිත චර්යාත්මක වෙනස තුළින් රෝග ව්‍යාප්ත වන සීඝ්‍රතාවය අඩු කර ගැනීමට නොහැකි වුවහොත්, සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමක් දක්වා ගමන් කිරීමට වුවත් පුළුවන්. යම් හෙයකින් අවාසනාවන්ත ලෙස එවැනි තත්වයක් ඇති වුවහොත් නියමිත ප්‍රතිකාරය නියමිත පරිදි ලබා දීමට නොහැකි වීම නිසා බේරාගත හැකිව තිබූ ජීවිත ගණනාවක් අවාසනාවන්ත ලෙස අපට අහිමිවී යාමක් දකින්නට සිදු වෙන්නත් පුළුවන්. ඔබ-අප මේ ගතකරමින් සිටින්නේ, එවන් ඛේදවාචකයක් ඇති නොවන්නට, කළ හැකි සියලු දේ කළ යුතුව තිබෙන තීරණාත්මක මොහොතක්.

සංචරණය සීමා කර ඇති මෙම කාලය තුළ, සමීපතම අසල්වැසියන් හා නෑදෑ හිත මිතුරන්ගේ නිවෙස් වලට යෑම පවා උපරිම මට්ටමෙන් සීමා කිරිම , අපි හොඳින්ම දන්න යහපත් සෞඛ්‍ය පුරුදු තදින්ම පිළිපැදීම වගේම හැකි ඉක්මණින් එන්නත්කරණය සම්පූර්ණ කරගැනීම මඟින් වසංගතයේ සීග්‍ර ව්‍යාප්තිය නවත්වාගන්න අපට පුලුවන්. ඒ සියලු උත්සාහයන්, ඉහත කී අවාසනාවන්ත ඉරණම ඔබට හෝ, ඔබගේ ආදරණීයයෙකුට අත්වීම වළක්වාගැනීමට නිසැකවම හේතු වනවා ඇති.

ලිපි කිහිපයක් පලකිරීමට බලාපොරොත්තු වෙනවා.සමූහයේ ඉන්න අයගෙ සහයෝගය ඕනි.ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන්න.Share කරන්න.කෑම කනව අ...
10/06/2021

ලිපි කිහිපයක් පලකිරීමට බලාපොරොත්තු වෙනවා.
සමූහයේ ඉන්න අයගෙ සහයෝගය ඕනි.
ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන්න.
Share කරන්න.

කෑම කනව අඩුයි කියන දේ බොහෝ දෙනා නගන මැසිවිල්ලක්. ඉතින් බලන්න ඔයාගෙ බබාටත් මේ කියන ලක්ෂණ එකක් හෝ කීපයක් තියනවාද කියල.

දෙවන කොටස හෙට ගෙන එන්නම්.

එකතු වන්න 👇
https://www.facebook.com/groups/357883418686862/?ref=share

Address


Website

Alerts

Be the first to know and let us send you an email when අම්මයි බබයි සුවදිවියයි - Baby And Mother Healthy Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram