OPD Sri Lanka

  • Home
  • OPD Sri Lanka

OPD Sri Lanka OPD Sri Lanka තුලින් එදිදෙනා ජීවිතයේදී ඔබට අවශ්‍ය සෞඛ්‍ය කරුණු නිරන්තර ගෙන එනු ලබයි.

25/12/2022

26/01/2022

සෞඛ්‍යාරක්ෂිතව ජීවත් වීම සඳහා මෙන්ම නිවැරදි සෞඛ්‍ය පුරුදු සඳහා ඔබ වෙත ගෙන එන අධ්‍යාපනික සත්කාරයFacebook - https://www.facebook.com/opdsril...

ආඝාතය හෙවත් අංශභාගය මේ වනවිට බොහෝ පාර්ශව අතර පවතින රෝගයක්. මේ හේතුවෙන් ලොව පුරා මිය යන සංඛ්‍යාවද අධිකයි. අංශභාගය හෙවත් ආ...
18/01/2022

ආඝාතය හෙවත් අංශභාගය මේ වනවිට බොහෝ පාර්ශව අතර පවතින රෝගයක්. මේ හේතුවෙන් ලොව පුරා මිය යන සංඛ්‍යාවද අධිකයි. අංශභාගය හෙවත් ආඝාතය වැළදෙන්නේ කෙසේද එයින් ඔබ සුවය ලබන්නේ කෙලෙසද මෙන්ම අංශභාගය වැලඳීමට ඇති ඉඩ කවරේද යන්න ඔබව දැනුවත් කිරීම සඳහා කොලඹ ජාතික රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණි පතිරණ මහතා මෙලෙස අදහස් දැක්වීය.

සෞඛ්‍යාරක්ෂිතව ජීවත් වීම සඳහා මෙන්ම නිවැරදි සෞඛ්‍ය පුරුදු සඳහා ඔබ වෙත ගෙන එන අධ්‍යාපනික සත්කාරයFacebook - https://www.facebook.com/opdsril...

හැඩැති සිහින් සිරුරක් සඳහා කාන්තාවන් බොහොමයක් කැමති බව නොරහසක්. කාන්තා ලාලිත්‍ය වඩාත් ඔප්නැංවීම සඳහා කාන්තාවන් නිරන්තර උ...
17/01/2022

හැඩැති සිහින් සිරුරක් සඳහා කාන්තාවන් බොහොමයක් කැමති බව නොරහසක්. කාන්තා ලාලිත්‍ය වඩාත් ඔප්නැංවීම සඳහා කාන්තාවන් නිරන්තර උත්සාහ ගන්නා නිසාම හැඩැති සිරුරක් සඳහා නිවැරදි සෞඛ්‍ය පුරුදු 08ක් ගෙන ඒමට කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිණි පුෂ්පා රම්‍යානි සොයියා විසින් සඳහන් කරන මෙම කරුණු ඔබට වඩා වැදගත් වෙවි.

01. ඔබගේ බර මැනගන්න
මෙය ඉතාමත් වැදගත් සාධකයකි. නියමිත බරෙහි ඔබ නැතිනම් බර ඉක්මවා ඇත්නම් ඔබ ගන්නා ආහාර රටාවන්, දෛනිකව ගන්නා ජලය ප්‍රමාණයන් ප්‍රමාණවත්දැයි බලන්න. සාමාන්‍ය පුද්ගලයෙකුගේ දිනක ජල අවශ්‍යතාව ලීටර් දෙකහමාරක් තුනත් අතර තිබිය යුතුයි. ඔබ නියමිත බර පවත්වා ගැනීමටට නම් මෙතැන් සිටම අරඹන්න.

02. පැණි රස භාවිතය හැකිතාක් සීමා කරන්න.
පැණිරස බීම, කෙටි කෑම වර්ග, අධික සීනි භාවිතයෙන් ඉවත් වන්න දෛනිකව සීනි අවශ්‍යතාව තේ හැඳි 06කි එය ඉක්මවා නොයන්න.

03. ව්‍යායාම අනිවාර්යයි
සෑම දිනකම විනාඩි 30ක් නොකඩවා ව්‍යායාමයක යෙදෙන්න එමෙන්ම කඩින් කඩ ව්‍යායාම සිදුනොකරන්න.

03. ක්‍රියාශීලි විය යුතුයි.
දිනක ඇරඹුමේ සිට නිමාව දක්වාම උදාසීන ගති වෙනුවට ප්‍රබෝධයෙන් ක්‍රියාශීලි වීම අත්‍යවශ්‍ය වෙයි.

04. වාඩි වී සිටින කාලය අඩු කළ හැකිනම් ඉලක්කයට යාමට වඩාත් පහසුයි
එකතැන දිගු වේලාවක් එකම ඉරියව්වකින් රැඳි සිටිනවාට වඩා ඇවිදීම, දිවීම වැනි ක්‍රියාකාරකම්වලත් නියැළීමට වගබලා ගන්න.

06 හොඳ නින්දක් ලබා ගන්න
නියමිත පැය ගණන සපුරාමින් ලබන සුව නින්ද සේම සංසුන් මනසකින් යුතුවද නින්දට යාම ඔබට බොහෝ සෙයින් වැදගත් වෙයි.

08. ලුණු භාවිතයත් සීමා කරන්න
අධික ලුණු භාවිතය හිතාමතාම සීමා කරන්න. ලුණු තේ හැඳි 01ක් යනු දෛනික ලුණු අවශ්‍යතාවයි.

08 තමා ගන්නා ආහාර ප්‍රමාණය විශේෂිත කරුණකි
බඩ ඉක්මවා යන පරිදි ආහාර ගැනීම අප කරන විශාල වරදකි. දුටු දුටු දේ තම කෑම පිඟානේ තබාගෙනපරිභොජනය කිරීම වෙනුවට අත්‍යවශ්‍ය දේ අවශ්‍ය පරිදි ආහාරයට එකතු කරගන්න.

නිවැරදි ආහාර හා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අනුගත වීමෙන් කෙටි කාලයකින් ඔබේ සිහින සැබැ කර ගැනීමට පහසු වෙයි.

කොරෝනා වසංගතයේ අතුරුපලයක් ලෙස විශාදය, කාන්සාව වැනි රෝගී තත්වයන්ට ගොදුරු වූ පිරිසෙහි විශාල වැඩිවීමක් දක්නට ලැබෙන බවත් මාන...
17/01/2022

කොරෝනා වසංගතයේ අතුරුපලයක් ලෙස විශාදය, කාන්සාව වැනි රෝගී තත්වයන්ට ගොදුරු වූ පිරිසෙහි විශාල වැඩිවීමක් දක්නට ලැබෙන බවත් මානසික රෝගී තත්ත්වය උග්‍ර අතට පත්වන තුරුම බොහෝ දෙනෙකුට එය නොදැනෙන බවත් ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ විශේෂඥ වෛද්‍ය මනෝ සංජීවන අමරසිංහ පෙන්වා දෙයි.

පසුගිය 2021 වසරේදී ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ මානසික සෞඛ්‍ය උපකාරක සේවා හදිසි ඇමතුම් අංශයට මේ දක්වා ඇමතුම් 28,508ක් ලැබී ඇතැයිද එදිනෙදා පුරුදු ජීවන රටාව වෙනස් වීමෙන් මෙම තත්ත්වය ඇතිවීමට දැඩිව බලපාන බවත් වෛද්‍යවරයා පෙන්වා දෙයි.

එමෙන්ම මෙම ලැබුණු ඇමතුම්වල ප්‍රධානව පැවති කාරණ වන්නේ ගෘහස්ථ හිංසනයට ලක්වීම නිසා ඇතිවන පීඩනය, සියදිවි නසාගැනීමට සිත් දෙන මානසික අවපීඩනය ආදි රෝග ලක්ෂණ දක්නට ලැබීම බවත් වෛද්‍යරයා සඳහන් කරයි.

කොරෝනා සංචරන සීමා කාලයේදී බොහෝ පවුල්වල සාමාජිකයන් නිවෙසටම සීමා වීම වාසි අවාසි ඇති කළ තත්වක් බව පෙන්වා දෙන වෛද්‍යවරයා සඳහන් කරනුයේ පවුල් සංස්ථාව තුළ ඇතිවන මතභේද ඉතා අසහනකාරි තත්ත්වයකට මග පැදී ඇති බවයි.

රැකියා අහිමි වීම, ව්‍යාපාර කඩා වැටීම, නිවෙස තුළ වෙනදාට වඩා කාර්ය බහුල වීම, නුරුස්සනා ස්භාව මෙන්ම අන්තර්ජාලයේ වැඩි වශයෙන් සැරිසැරීම මෙම විශාදයට විශාල ලෙස බලපාන බව වෛද්‍යවරයා විසින් පෙන්වා දෙයි.

මානසික සෞඛ්‍ය උපකාර සේවා හදිසි ඇමතුම් අංශයට ලැබුණු ඇතැම් දුරකතන ඇමතුම් අතර තම දරුවන් ජංගම දුරකනවලට ඇබ්බැහිවීම ආදියද දක්නට ලැබුණු බවද පෙන්වා දෙයි.

ක්‍රීඩා කටයුුතු බාහිර ක්‍රියාකාරකම් නොමැතිව නිවෙසටම කොටු වී ජීවත් වීමට සිදු වීම හේතුවෙන් ඇතැම් දරුවන් සහ වැඩිහිටියන් තුළ කලකිරෙන සුළු තත්ත්වයක් මෙන්ම කාන්සාව වැඩිවීමද දක්නට ලැබෙන බව වෛද්‍යවරයා විසින් සඳහන් කරයි.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when OPD Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your practice to be the top-listed Clinic?

Share