eCareGlobe - Doctors Directory of Sri Lanka

  • Home
  • eCareGlobe - Doctors Directory of Sri Lanka

eCareGlobe - Doctors Directory of Sri Lanka eCareGlobe is a result of young entrepreneurs coming together to build the most comprehensive database for the medical professionals in Sri Lanka

Doctors Directory of Sri Lanka

14/02/2023
18/11/2022
28/09/2022

💖

21/05/2022
17/05/2022

ඔබත් අධික ලෙස බිස්කට් ආහාරයට ගන්නා අයෙක්ද....?
නැත්තම් ඔබේ පහසුව තකා ඔබේ දරුවාට බිස්කට් ලබා දෙනවාද....?

මඳක් නැවතී.....කියවන්න,

බිස්කට් .........,

ලොකු කුඩා කවුරුත් අතර ජනප්‍රිය කෑමක්,
පහසුව සඳහා ආහාරයක් ලෙස යොදාගත්තද එය පුරුද්දක් බවට
පත්වී..... ඇබ්බැහි වන තරමටම
වර්ධනය වෙන ආකාරය ගැන ඔබටම තේරුනේ නෑ....නේද?

බිස්කට් නරක කෑමක් ද.....?
කොහොමද එහෙම වෙන්නෙ,

අප සිහි තබාගතයුතු කරුණක් නම් ,
බොහෝමයක් බිස්කට් වර්ග වල අඩංගු ද්‍රව්‍ය (ingredients )සමාන බව.
පෝෂ්‍ය ගුණයෙන් ඉහල සංඝටක අන්තර්ගත වියහැක්කේ ඉතාම කලාතුරකිනි බවත්,

මොනවද බිස්කට් වල තියෙන්නෙ........??

* පිරිපහදු කරන ලද තිරිඟු පිටි (Refined wheat flour )

මෙසේ කිරීම හේතුවෙන් තන්තුමය කොටස් විනාශ වේ...
මෙම ක්‍රියාවලියේදී ..විටමින් වර්ග ද විනාශ වීම නිසා ආහාර ජීර්ණයට බලපෑම් ඇති කරයි.

එනිසා ...
මළබද්ධය ( constipation )
අක්‍රමවත් ආන්ත්‍රික චලන ( irregular bowel movements) ඇතිවී , සිරුරේ බර වැඩිවීමට හේතු වේ.

* හයිඩ්‍රජනීකෘත මේදය
( hydrogenated fat- type of trans fat )

එළවළු තෙල් , හයිඩ්‍රජන් සමඟ රසායන ප්‍රතික්‍රියා වලට ලක් කර ඝන බවට පත් කර ගනියි.
( හයිඩ්‍රජනීකෘත මේදය සාදන අන්දම පිළිබඳව දළ අදහසක් )
මේවා බිස්කට් වල කල් පැවැත්ම ,ජීව කාළය
( shelf life )වැඩි කිරීමට යොදාගනී.

මෙයින් සෑදෙන ට්‍රාන්ස් මේදය නිරෝගී පුද්ගලයන්ගේ මතකය අඩාල කිරීමට කිසියම් වූ බලපෑමක් සිදුකරන බව සනාත වී ඇත.

ට්‍රාන්ස් මේදය නිසා සිරුරේ අනවශ්‍ය කොලෙස්ටරෝල් මට්ටම ඉහල යන අතර හිතකර කොලෙස්ටරෝල් මට්ටම පහළ යා හැක.
මෙය දියවැඩියාව
හෘද රෝග ඇතිවීමට ඇති ඉඩකඩ වැඩිකිරීමකි.

* සීනි (sugar )

බිස්කට් වල අඩු වැඩි ප්‍රමාණ වලින් සීනි අඩංගු වේ.මේ හේතුවෙන්
ස්ථුලතාවය,
දියවැඩියාව .....
වැනි තත්ව වලට ගොදුරු වීමට ඇති ඉඩකඩ බොහෝ වැඩිය.

- රුධිර සීනි මට්ටම එකවර වැඩි වීමටද මෙය ඍජු ලෙසම බලපායි. ( රුධිරයේ ඉන්සියුලින් මට්ටම බිඳවැටීම)

බිස්කට් වල අඩංගු සංයුතිය සැලකීමේදී .....
ඒවා කැලරි බහුල නමුත් පෝෂණ ගුණයෙන් මද
ආහාරයක් බව ඉතාම හොඳින් පැහැදිලි වේ. තන්තු ලබා ගැනීමට සුදුසු ආහාරයක් නොවේ.... සීනි අධික , පෝෂණ ගුණයෙන් අඩු ආහාරයක් වන නිසා ඕනෑවට වඩා බිස්කට් ආහාරයට ගැනීම ගැටළු රැසකට හේතුවේ. අධික වෙහෙසකර අවස්ථාවකට
පසු,(ක්‍රීඩා කිරීමෙන් පසු වැනි) ශරීරයට අවශ්‍ය වන්නේ පෝෂණීය ආහරයක් බැවින් ,බිස්කට් ආහාරයට ගැනීම ඉතාම අහිතකර වේ.

ඔබේ මාසික බඩු මල්ලට, නැත්තම් හවසට ගෙදර යනවිට දරුවන්ට ගෙනියන බිස්කට් පැකට් එක ගැන තව සැරයක් හිතුවොත් හොඳයි නේද......?

Ronithi Sardhathilake

Address


Website

Alerts

Be the first to know and let us send you an email when eCareGlobe - Doctors Directory of Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to eCareGlobe - Doctors Directory of Sri Lanka:

  • Want your practice to be the top-listed Clinic?

Share