මාතර සුව විරුවෝ - Health News

  • Home
  • මාතර සුව විරුවෝ - Health News

මාතර සුව විරුවෝ - Health News True Health Alert

18/07/2025

නිරෝගී ජීවිතකට අපේ තුනපහ ගුලිය

අද මම ඔයාලට කියන්නෙ කෘෂිකර්මයෙන් පොඩ්ඩක් එහාට ගිය දෙයක් .මං දන්න මගේ පවුලේ පැරැණි කෙනෙක් කියලා දුන්න තුන පහ මාත්තුවක් අද මම හැදුවා . අරුණෝදයේ තුලින් මං හැමදාම කතා කළේ වගාව ගැන . වගාව විතරක් නෙමෙයි ඔයාලට කියන්න කැමතියි මම උයන්නත් හරි කැමතියි . අද මං මේ කියන්න යන විශේෂිත තුනපහ මාත්තුව හදා ගන්න හරි ලේසියි හැබැයි ගුණ ....

ඒක කියලා නිම කරන්න බෑ .....

අපේ ගොඩක් දෙනෙක් මස් මාංශ ආහාරයට ගැනීමේදී ශරීරගත කර ගන්නේ තෙල් මිරිස් හා කෘතිම රස කාරක ,මේ මම කියන්න යන විදිහට ඔයාම උයලා බලන්න . ඔය කිසි දෙයක් අවශ්‍ය නැහැ අඩුගානේ පොල් කිරිවත් ඕනෙ වෙන්නෙ නෑ . හැබැයි ඉතින් මේකට මිරිස් ගලක් නම් ඕනෙ එතකොට රසේ හොඳයි ....

අවශ්‍ය ද්‍රව්‍ය

""""""""""""""""""""

🔸 ගොරකා කැබැලි තුනක්

🔸 සුදු ළූණු බික් හතරක්

🔸කරාබු නැටි තුනක්

🔸 එනසාල් ඇට දෙකක්

🔸ලුණු මේස හැන්දක්

🔸 ගම්මිරිස් ඇට මේස හැඳි දෙකක්

🔸 මිරිස් කුඩු මේස හැන්දක්

🔸 සාමාන්‍ය අමු තුනපහ මේස හැන්දක්

🔸 කුරුඳු පොතු ස්වල්පයක්

🔸 කරපිංචා මිටක්

🔸 වෙළා ගන්නා ලද මුරුංගා කොළ මේස හැන්දක්

හදන පිලිවෙල

÷÷÷÷÷÷÷÷÷÷÷÷

♦️පළමුව ගොරකා කැබලි සියුම්ව කපා ගන්න ගොරකා කැබලි සමග ලුණු දමා හොඳින් අඹරා ගන්න ඉන්පසු විටෙන් විට පිළිවෙලට සුදුලූනු කරපිංචා කුරුඳු එනසාල් කරාබු නැටි මිරිස් කුඩු තුන පහ කුඩු මුරුන්ගා කොල වතුර ඉසිමින් අඹරා ගන්න මගේ රූප සටහනේ පරිදි ගුලියක් ආකාරයට මෙය සාදා ගන්න .

♦️ දැන් ඉතින් හදාගෙන ඉවරයි මස් මාළු ඕනම දේකට මෙය සහ වතුර පමණක් මිශ්‍ර කරමින් හින්දලා උයන්න මිරිසට, ඇබුලට ඕනෑම විදිහකින් උයන්න .මතක තියාගන්න තෙල් දාන්න ඕන්නෑ කිරි ඕන්නෑ ‍රසකාරක ඕනෙනෑ.

♦️ බඩේ ආම්ලිකතාවයට හෘද රෝගීන්ට කොලෙස්ට්‍රෝල් පිළිකා මේ ඕනෙ දේකට මේක හොඳයි ...

උපුටා ගැනීමකි.

17/07/2025

දරුවා නිරෝගී කරන folic acid වල වටිනාකම

❤️ඉතින් මේ පණිවිඩය ඔබටයි. දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම ෆෝලික් ඇසිඩ් පෙති 1mg දිනපතා රෑට ගන්න. අමතක වෙනවා නම් එලාම් එකක් හරි තියාගන්න.

❤️උපත් පාලනය කරන කෙනෙක් වේවා, දරුවන් හදන්නේ නෑ කියලා හිතන (ඩිපෝ ගන්න, Loop- T දාපු)කෙනෙක් වේවා ෆෝලික් ඇසිඩ් පෙති ගන්න. මොකද ඔයාට LRT වගේ ස්ථීර උපත් පාලනයක් කරලා නැත්තම් හදිසි ගැබ් ගැනීමක් වීමේ සම්භාවිතාවයක් තියෙනවා කොච්චර පරිස්සම් උනත්. එවැනි විටක ඔබ ෆෝලික් ඇසිඩ් අරන් නැත්තං දරුවට සංකූලතා ඇතිවීමේ ඉඩ වැඩියි.

❤️ෆෝලික් ඇසිඩ් අපිට කෑම වලිනුත් යම් ප්‍රමාණයකට ලැබෙනවා තමයි.. නමුත් බොහෝ දෙනා මේකෙ බරපතලකම නොදැන කියනවා අපි නම් ප්‍රෙග්නන්ට් උනාට පස්සේ තමයි ගත්තේ, බබාට මුකුත් නෑනෙ කියලා. ඉතින් ඇත්තටම කියන්න තියෙන්නේ ඒ බබාලා වාසනාවන්තයි. එහෙම අඩු පාඩුවක් නොවී ඉපදුනා. නමුත් ඔබ එහෙම කලා කියලා තව කාන්තාවක් ඒ තත්වයට පත් කරන්න එපා. ඒ අයව කල් ඇතුවම ෆෝලික් ඇසිඩ් ගන්නයි උනන්දු කරන්න ඕන. නිරෝගී දරුවෙක් සිටින, නිරෝගී දරුවෙක්ගෙ වටිනාකම දන්න ඔබේ යුතුකම එයයි. දරුවගේ අඟ පසග නිරෝගීව වැඩෙනවා වගේම දරුවාගේ මොළය වර්ධනයට මේක ගොඩක් වැදගත්. බුද්ධිමත් දරුවෙක් ලැබෙන්න නම් නිසි මොලය වර්ධනයක් තියෙන්න ඕන.

❤️ෆෝලේට් කියන්නේ කළල වර්ධනයට ඉතා අත්‍යාවශ්‍යම සාධකයක්. ඒ නිසයි ගර්භණී වීමට අපේක්ෂා කරන මාසෙට, මාස 3ක කාලයට පෙර ඉදල හරි ෆෝලික් ඇසිඩ් පෙති බොන්න කියන්නේ... දැන් වෛද්‍යවරු කියන විදියට වැඩිවිය පත් වූ ගැහැණු ළමයින්ට ෆෝලික් ඇසිඩ් ගන්න පුළුවන්, විවාහ වෙනකම් සිටිය යුතු නෑ. ඒ නිසා මේ චූටි බෙහෙත් පෙත්තේ වටිනාකම අවබෝධ කරගන්න.

❤️එසේම ෆෝලික් ඇසිඩ් ඌනතාවය නිසා ඇතිවන උපත් සංකූලතා ඇතිවන්නෙ කලල වර්ධනයේ සති 2ත් 4ත් අතර කාලයේ.
එතකොට ගැබ් අරන් මාසෙකට පස්සෙ ෆෝලික් ඇසිඩ් අරගන්නවට වඩා වැදගත් කලින් ඉදලා ගැනීමයි.

❤️එම නිසා ඔබ අවම වශයෙන් ගැබ් ගැනීමට මාස 3කට කලින් සිට ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම කල යුතුමයි.♥️

ෆෝලික් ඇසිඩ් ලබා නොගැනීම නිසා ඔබේ දරුවාගේ
💔කොඳු ඇට පෙල නිසි ආකාරයෙන් සකස් නොවීම (neural tube defect) හා
💔 මොලය වර්දනය නොවීම (Anencephaly) තත්වය ඇතිවෙන්න පුලුවන්.

❤️මේවා ගොඩක් විට සුව කල නොහැකි තත්වයන්.
ඒ වගේම තොල් පැලී මුහුනේ විකෘතිතා ඇතිවීමටත් පුලුවන්. පසු කාලීනව ශල්‍ය කර්ම මගින් යතා තත්වයට පත් කරන්න පුලුවන් වෙන්නත් පුළුවන් නො

දැනට දෙතුන් මසකට උඩදී මුහුණුපොතේ ඉහළ පහළ යද්දී හරි අපූරු වීඩියෝවක් මගේ ඇස ගැටුණේය. එහි වූයේ අලියෙකුත් පටවාගන පාරේ යන ලොර...
13/07/2025

දැනට දෙතුන් මසකට උඩදී මුහුණුපොතේ ඉහළ පහළ යද්දී හරි අපූරු වීඩියෝවක් මගේ ඇස ගැටුණේය. එහි වූයේ අලියෙකුත් පටවාගන පාරේ යන ලොරියකි. එය මට අපූරු වීඩියෝවක් වූයේ ලොරිය මත සිටි අලියාගේ කෝලම් නිසාය. අලි ඇතුන් ලොරියේ ගමනට එතරම් මනාප නැති බව මා අසා තිබුණ ද මේ හාදයාගේ නම් ඒ වගක් පෙනෙන්නට තිබුණේ නැත. ඌ තාලයට හොඬය පද්දමින් මගදෙපස ඉන්නා උදවියට එය ඔසවා ආචාර කරමින් ගමනේය. අපේ භාෂාවෙන් නම් එය චූන් එකේ යන ගමනකි. හස්ති ප්‍රේමියෙකු වූ මා ඒ වීඩියෝව දෙතුන් විඩක්ම බලද්දී දුටුවේ කලින් ඇස නොගැටුණු දෙයකි. ඒ එම ලොරියේම අර කී සද්ධන්තයා පාමුල වකුටු වී සුව නින්දක නිදන මිනිසෙකි. ඒ වෙන කවුරුත් නොව මේ දඟයාගේ හස්තිපාලකවරයා බව තේරුම් යාමට මට වැඩි වෙලාවක් ගියේ නැත. ඒ මනුස්සයට අර සතාව කොච්චරක් නම් විශ්වාස ඇද්ද? මට සිතුණේ එපමණකි.
පසුගිය සතියේ එවැනි වීඩියෝවක් ය‍ළිත් මගේ නෙත ගැටුණි. එහි උන් අලියා පෙරහරක යන්නට හැඩට අන්දවා සිටියේය. නමුත් මහා වැස්සකි. හස්තිපාලක පෙනෙන්නට නැත. අලියා තනියම එතැන දා මේ හාදයා මොන දීපංකරේක ගියාදැයි වීඩියෝව නරඹන ඕනෑම කෙනෙකුට සිතෙයි. ඒ නමුත් ඔහු සිටියි. ඒ බැව් පෙනෙන්නේ යාන්තමිනි. ඔහු සිටින්නේ වෙන කොතැනක හෝ නොව අලියාගේ බඩ යටය. දෙවියනේ මේ යකාට අර සතා ගැන කොච්චර නම් විශ්වාස ඇද්ද? මට එවර ද සිතුණේ එයයි.
මීට දෙදිනකට පමණ පෙර ඒ වීඩියෝ දෙක මෙරට ප්‍රසිද්ධම අලි ඇතුන් කීපදෙනෙකුගේ භාරකාරිත්වය දරන මා හිතවත් කලිඳු මහේෂ් විජේසේකර මහතාට යවා ඒ සිටින අලින් දෙදෙනා කවුදැයි කියා මා ඇසුවේ නිකමටය.
“අයියෝ මේ අපේ ගාව ඉන්න දිඹුලාගල විජිත රාජානේ. වීඩියෝ දෙකේම ඉන්නේ එයා.”
ඒ පිළිතුර මට ගෙන ආවේ සතුටකි. මන්ද ධරණී පාඨක ඔබ සේම දැඩි අලි ප්‍රේමියෙකු වූ මට ඒ වනවිටත් ඒ හාදයා ගැන් යමක් හාරඅවුස්සා දැනගැනීමේ ආසාවක් ඇතිව තිබිණි. මා ඒ වග මහේෂ් මහතාට කියූ පසු ඔහු ද ඊට එකඟ විය. කතාව අවසානයේ එය හරි අපූරුම අලිකතාවක් වූ හෙයින් පාඨක ඔබට එය නොකියා ඉන්න හිත් දුන්නේ නැත. මේ දිඹුලාගල විජිත රාජාගේ ඒ හරි අපූරු කතාවයි.
“විජිත රාජාගේ භාරකාරිත්වය අද මට පැවරිලා තිබුණට හිමිකාරිත්වය තියෙන්නේ දිඹුලාගල රජමහා විහාරයට. දන්න කාලෙක ඉඳන් උතුරුමැද පළාතේ ඉන්න එකම හීලෑ අලියා විජිත රාජා. 90 දශකයේ මුල්භාගේ එවකට ජනාධිපති ආර්.ප්‍රේමදාස මහත්තයා තමයි මෙයාව පැටියා කාලේ පන්සලට පරිත්‍යාග කරලා තියෙන්නේ. අලියා බාරඅරගෙන තියෙන්නේ එවකට නායක හාමුදුරුවෝ විදියට වැඩ ඉඳපු අ

21/06/2025

කනට සතෙක් ගියොත් ඇතිවන වේදනවා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.ඒ වෙලාවේ ඇතිවන අපහසුව දරා ගන්න අමාරුයි... ඉතිං කනට සතෙක් ගියොත් මොනවද කරන්න ඕනි? ඔන්න අද කතා කරන්න හදන්නේ ඒ ගැනයි ...

කොට්න් බඩ්, ගිණිකූරු, හෝ කොණ්ඩා කටු වැනි දිගැටි උපකරණ කිසිවකින් කනෙන් සතා ඉවතට ගැනීමට උත්සාහ කරන්න එපා. එසේ කිරීමෙන්, සතා තවත් කන තුළට තල්ලුවීම සහ කනට හානිවීම සිදු වෙනවා .

විශේෂයෙන්ම, එවන් අයෙක් කුඩා දරුවෙකුගේ කනට ඇතුළු වූ සතෙක් ඉවත්කිරීමට උත්සාහ දැරීමෙන් අනතුරුව, දරුවා යලි වෛද්‍යවරයෙකුට කන පරීක්ෂා කිරීම සඳහා ඉඩ නොදෙන්නත් පුලුවන්

මුලින්ම, සතා ඇතුළු වූ කන පහතට සිටින සේ හිස හරවා උත්සාහ කරන්න පුළුවන්. ඇතැම් විට, සතාගේ දැඟලීමත් සමග ගුරුත්වය මගින් සතා කනෙන් ඉවත් විය හැකියි.

කන උඩ අතට සිටින සේ හිස හරවා කන තුළට ජලය හෝ ඔලිව් තෙල් (Olive oil) ස්වල්පයක් දමන්න පුළුවන්. එමගින්, බොහෝ විට කනට ඇතුළු වූ කෘමියා මිය යනවා. ඉන් පසු කන පහතට සිටින සේ හිස හැරවීමෙන්, කෘමියා සමග කනට ඇතුළු කරන ලද දියරය පිටතට ගලායාමට සලස්වන්න. රාත්‍රියකදී කනට සතෙක් ඇතුළු වී ඇත්නම් ජලය හෝ ඔලිව් තෙල් ස්වල්පයක් දමා සතාගේ දැඟලීම නතර වූ පසු නින්දට යන්න. පසුදින උදයේ උගුර, කන, නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් මුණ ගැසෙන්න..

කනේ ඇතුළත තුවාල වී ඇති බවට සැකයක් ඇත්නම්, කනෙන් රුධිරය හෝ වෙනත් ශ්‍රාවයක් වහනය වේ නම්සතා ඉවත්කිරීම සඳහා කන තුළට කිසිවක් දමන්න එපා. එවන් විටෙක, හැකි ඉක්මනින් වෛද්‍යවරයෙක් හමුවීම වැදගත්.

ඔබේ වෛද්‍යවරයාට ආලෝක ප්‍රභවයක් භාවිතා කරමින් කනේ අභ්‍යන්තරය පරීක්ෂා කළ හැකියි. කන තුළ තවමත් සතා සිටී නම්, වෛද්‍යවරයා විශේෂිත සිහින් දිගටි උපකරණයක් භාවිතා කර ප්‍රවේශමෙන් සතා ඉවත් කරාවි. සතා කර්ණ පටහ පටලය හෙවත් කන් බෙරයට (Ear drum) ඇලී හෝ සවි වී සිටී නම්, කන පරීක්ෂා කර කන් බෙරයට හානියක් නොවන පරිදි සතා ඉවත්කිරීම සඳහා සිහිනැති කිරීමටත් ඉඩ තිබෙනවා.

ඇතැම් විට, ඔබේ වෛද්‍යවරයා විශේෂිත සිරින්ජයක් යොදාගෙන බාහිර ශ්‍රවණ නාලය තුළින් ජලය ධාරාවක් ගලායාමට සලස්වා ප්‍රවේශමෙන් සතා ඉවත් කරන්න පුලුවන් .

20/06/2025

ලබන 30 වැනිදා සිට ජුලි මස 05 වැනිදා දක්වා දිස්ත්‍රික් 16ක සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 111ක මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

පවතින නිරිත දිග මෝසම් වර්ෂාපතන තත්ත්වයත් සමඟ මදුරු ඝනත්වය ඉහළ ගොස් ඇති බැවින් එය පාලනය කිරීම සඳහා මෙම මදුරු මර්දන සතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

මේ අතර දිවයින පුරා ඩෙංගු රෝගීන් 26,000කට අධික පිරිසක් මේ වන විට වාර්තා වි ඇති අතර, එම රෝගීන්ගෙන් 45%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇතැයි ද සමරවීර මහත්මිය පැවසුවාය.

06/06/2025

චිකුන් ගුන්යා රෝගයෙන් බේරෙමු
==============================

මේ දින වල චිකුන්ගුන්යා රෝගය නැවතත් සීග්‍රයෙන් ව්‍යාප්ත වී යයි . ඔබ ඉන් ප්‍රවේසම් නොවුණහොත් ඔබටත් ඔබේ ආදරණීයයන්ටත් බොහෝ සෞඛ්‍ය ගැටළු වලට මුහුණ පෑමට සිදු විය හැක.

‘ඊඩ්ස් ඊජිප්ටයි’ සහ ‘ඊඩ්ස් ඇල්බොපික්ටස්’ යන මදුරුවන් දෙවර්ගයම මෙම රෝගයේ වාහකයා ලෙස කටයුතු කරනවා. චිකුන් ගුන්යා වැළඳුණු රෝගියකුට දෂ්ට කළ මදුරුවෙක් සාමාන්‍ය පුද්ගලයකුට දෂ්ට කළොත් එම රෝගය සාමාන්‍ය පුද්ගලයාට වැළඳීමේ ප්‍රවණතාවයක් තියෙනවා.

චිකුන්ගුන්යා රෝගයේ රෝග ලක්ෂණ බොහෝ දුරට ඩෙංගු රෝග ලක්ෂණවලට සමානය. තද උණත් සමඟ හිසරදය, ඇඟපත වේදනාව ඇතිවන අතර චිකුන් ගුන්යා රෝගයේදී හන්දිපත් වේදනාව තදින්ම දැනෙයි. දින දෙක තුනක් ඇතුළත උණ තත්ත්වය සුව වුවද හන්දිපත් වේදනාව කලක් පවතී. ඇතැම් විට මෙම තත්වය මාස දෙකත් මාස හයත් අතර කාලයක් පවතී. මේ හේතුවෙන් රෝගය වැළඳී සුව වුවද ඇතැම් පුද්ගලයන්ට එතෙක් කරගෙන ආ සාමාන්‍ය රාජකාරි කටයුතු කරගත නොහැකිවීමෙන් බොහෝ අපහසුතාවලට මුහුණ දීමට සිදු වේ.

“අධික උණ තත්ත්වයට අමතරව ඇතැම් විට නාසයේ ඉහළ කොටස කළු පැහැ වීම, අතපය වල කළු පැහැති ලප මතුවීම සිදු වේ. ඩෙංගු රෝගය වැළඳී දින කිහිපයකින් සුවයක් ලැබුවද චිකුන් ගුන්යා වැළඳුණු රෝගියකුට කාලයක් යනතුරු දෛනික වැඩ කටයුතුවල නිරත වීමේ අමාරුකමක් ඇති විය හැකියි.

ඉහත සඳහන් ප්‍රධාන රෝග ලක්ෂණ වලට අමතරව අධික මහන්සිය, වමනය සහ ඔක්කාරය මෙන්ම ඇඟිලි පුරුක් වල හට ගන්නා අධික වේදනාවද ඇති වේ. ඇතැම් විට හන්දිපත් වේදනාවත් සමඟ දණහිස, වළලුකර ආදී ස්ථානවල යම් ඉදිමුම් තත්වයක්ද දැකගත හැකිය. මෙම රෝගය ඩෙංගු රෝග ලක්ෂණ වලට පොදුවේ සමාන වුවද රෝගියාගෙන් රෝගියාට පෙන්නුම් කරන රෝග ලක්ෂණ වෙනස් වේ. ඇතැම් රෝගීන්ට රෝග ලක්ෂණ කිහිපයක් පෙන්නුම් කළද ඇතැම් රෝගීන්ගේ පෙන්නුම් කරන්නේ රෝග ලක්ෂණ එකක් හෝ දෙකක් පමණි.

චිකුන් ගුන්යා රෝග කාරකය ශරීරයට ඇතුළු වී දින දෙකත් හතරත් අතර කාලයේදී රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. මෙම වෛරසය වැඩි වශයෙන් අප්‍රිකාව හා ආසියාව යන නිවර්තන කලාපීය රටවල්වල දක්නට ලැබෙන රෝගී තත්වයකි.

මේ වන විටත් මෙම රෝගය සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් හෝ එන්නතක් සොයාගෙන නැත. නමුත් ප්‍රධානම ප්‍රතිකාරය නම් විවේකයයි. එමෙන්ම මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමෙන්ද චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කරගත හැකිය.

“මෙහිදී මදුරුවන් බෝවන ස්ථාන වළක්වා ගැනීම අපි කළ යුතු වෙනවා. න

05/06/2025

⭕ COVID -19 වර්තමාන තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය ලේකම්වරයාගෙන් පැහැදිලි කිරීමක්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව ගෝලීයව, 2025 වසරේ පෙබරවාරි මාසයේ සිට COVID – 19 රෝගය ඇතිකරන SARS-CoV-2 වයිරසයේ ක්‍රියාකාරීත්වයේ ඉහළ යෑමක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කරයි.

ලේකම්වරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනුයේ ජාත්‍යන්තරව සිදු කරන ශ්වසන රෝග සඳහා වන ආවේෂණ පද්ධතියට අනුව පසුගිය මාස කිහිපය තුළදී විශේෂයෙන්ම ආසියාතික රටවල් කිහිපයක් ඇතුළු ලෝකයේ රටවල් ගණනාවක COVID – 19 රෝගීන්ගේ ඉහළ යෑමක් වාර්තා වී ඇති බවයි.

එම නිවේදනයේ තවදුරටත් මෙසේ සදහන් වේ,

2023 මැයි මාසයේ සිට COVID – 19 ගෝලීය වසංගත තත්ත්වය අවසන් වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිළ වශයෙන් ප්‍රකාශයට පත්කළ අතර එතැන් සිට COVID – 19 රෝගය සාමාන්‍යයෙන් පැතිර යන ශ්වසන රෝගී තත්ත්වයක් ලෙස සලකනු ලැබීය.

SARS-CoV-2 වයිරසය පැතිර යන විට යම් යම් ජාන විපර්යාස වලට භාජනය වීම සාමාන්‍ය තත්වයකි. දැනට ලෝකයේ රටවල් ගණනාවක වාර්තා වන ප්‍රභේදය 2024 වසරේදීද වාර්තා වූ ජාන ප්‍රභේදයේම අනු ප්‍රභේදයක් වශයෙන් හඳුනා ගෙන ඇත. ශ්‍රී ලංකාවේද 2024 වර්ෂයේදී මෙම ප්‍රභේදය නිරීක්ෂණය කර ඇත.

2025 වර්ෂයේ මැයි මාසයේදී වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) මගින් පරීක්ෂා කළ නියැදියද එම අනු ප්‍රභේදවලටම අයත් බව හඳුනාගෙන ඇත. එම නිසා මේවා අලුත් ජාන ප්‍රභේද නොවන අතර එමඟින් වඩා උග්‍ර රෝගී තත්ත්වයන් හෝ සංකූලතා ඇති වීමක් හෝ වාර්තා වී නොමැත.

ශ්‍රී ලංකාවේ ශ්වසන රෝග ආවේක්ෂණ පද්ධතියට අනුව 2024 වර්ෂය තුළදී ශ්‍රීලංකාව තුළ SARS-CoV-2 වයිරසය වාර්තා වීමේ සාමාන්‍ය ප්‍රතිශතය, ශ්වසන රෝග සහිත රෝගීන්ගේ නියැදියවලින් 3% ක් විය. එම වසරේ මැයි මාසයේදී එය 9.6% දක්වා ඉහළ ගියේය. මෙම වසරේ මෙතෙක් දුරට SARS-CoV-2 වයිරසය වාර්තා වීමේ සාමාන්‍ය ප්‍රතිශතය 2% පමණ වන අතර, සුළු වැඩිවීමක් මේ වන විට පෙන්නුම් කරයි.

ඒ අනුව 2024 මැයි මාසයේදී මෙන්ම 2025 මැයි මාසයේදීත් COVID – 19 රෝගීන් වාර්තා වීමේ ඉහළ යෑමක් දක්නට ලැබේ. කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව මෙම වෛරසය අනාගතයේදී හැසිරීම පිළිබඳව පූර්ව නිගමනයකට එළඹී නැති අතර ඒ පිළිබඳව නිරීක්ෂණය කිරීම තවම පර්යේෂණ මට්ටමක පවතී.

පසුගිය ගිය වසර කිහිපය හා සැසඳීමේදී පවතින කාලගුණ තත්ත්ව යටතේදී ඉන්ෆ්ලුවෙන්සාව වැනි රෝග ව

18/01/2025

*මොකක්ද මේ Human Metapneumo වෛරසය (hMPV)?*

Human metapneumovirus (hMPV) යනු සෙම්ප්‍රතිශ්‍යාව (ඉහළ ශ්වසන මාර්ගයේ ආසාදන) ඇති කරන වෛරස් වලින් එකකි. එය සාමාන්‍යයෙන් මිනිසුන්ට සුළු ලෙස රෝගාතුර කරයි, නමුත් එය සමහර පුද්ගලයින්ට ඉතා තදබල ලෙස අසනීප විය හැකිය.

මෙම වෛරසය Respiratory syncitial වෛරස් (RSV) සමඟ Pneumoviridae වෛරස් පවුලට අයත් වේ. එය 2001 දී මුලින්ම හඳුනාගෙන ඇති අතර දශක ගණනාවක් තිස්සේ මිනිසුන් අතර පැතිර ඇත. එය ලොව පුරා දක්නට ලැබේ.

අනෙකුත් සෙම්ප්‍රතිශ්‍යාව වෛරස් මෙන් එය පැතිරෙන්නේ, රෝගී පුද්ගලයෙකුගෙන් අන් අයට වාතය හරහා පැතිරෙන ආසාදිත ශ්වසන අංශු හරහාය. මෙයින් අදහස් කරන්නේ පුද්ගලයෙකු රෝගී පුද්ගලයෙකුට සමීපව සිටින විට හෝ ඔවුන් සමඟ සංවෘත ඉඩක් බෙදා ගන්නා විට වෛරසය වැළඳිය හැකි බවයි. දොර අගුළු වැනි දූෂිත මතුපිට ස්පර්ශ කිරීමෙන් පසුව ඇස්, නාසය හෝ මුඛය ස්පර්ශ කිරීමෙන් එය ශරීරයට ඇතුළු විය හැකිය.

*සාමාන්‍යයෙන් hMPV පැතිරෙන්නේ මොන කාල වලදීද?*

රටවල් කිහිපයක් පමණක් hMPV සඳහා ප්‍රවණතා නිරීක්ෂණය කර වාර්තා කරයි, එබැවින් එය සියලුම කලාප සහ දේශගුණය තුළ පැතිරෙන ආකාරය පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් අපට තවමත් නොමැත.

අධ්‍යයනවලින් පෙනී යන්නේ සෞම්‍ය කලාපවල, hMPV ප්‍රධාන වශයෙන් ශීත ඍතුවේ අග සහ වසන්තයේ දී පැතිරෙන අතර, සෘතුමය උණ සහ RSV වැනි අනෙකුත් පොදු ශ්වසන වෛරස් සමඟම පැතිරෙයි. කෙසේ වෙතත්, එය දිගටම පහළ මට්ටම්වල පැතිරෙන අතර වසර පුරා සමහර අය අසනීප වේ.

*hMPV ආසාදනයේ රෝග ලක්ෂණ සහ ලක්ෂණ මොනවාද?*

සාමාන්යයෙන්, hMPV ආසාදිත පුද්ගලයින්ට හෙම්බිරිස්සාව හෝ උණ වැනි රෝග ලක්ෂණ ඇත:

1. කැස්ස
2. උණ
3. උගුර රිදීම
4. නාසයෙන් දියර ගැලීම හෝ හිරවීම
5. ශරීරයේ වේදනාව
6. හිසරදය.
7. එය පෙනහළු ආසාදනය (නියුමෝනියාව) හෝ පෙණහලුවලට ශ්වසන මාර්ගයේ ප්‍රදාහය (බ්රොන්කයිලයිටිස්, බ්රොන්කයිටිස්) ඇති කරන කිහිප දෙනෙකුට තරමක් අසනීප විය හැක. වඩාත් දරුණු රෝගයක රෝග ලක්ෂණ වන්නේ හුස්ම හිරවීම, හුස්ම ගැනීමේ අපහසුව, පපුවේ වේදනාව, කරකැවිල්ල, දැඩි තෙහෙට්ටුව, විජලනය, හෝ නොනැවතී පවතින උණ. යමෙකුට මෙම බරපතල රෝග ලක්ෂණ කිසිවක් අත්විඳින්නේ නම්, ඔවුන් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

*hMPV ආසාදන සඳහා අවදානමක් ඇත්තේ කවුද?*

Human metapneumovirus යනු ළදරුවන් සහ අවුරුදු 5 ට අඩු ළමුන් අතර ඉහළ ශ්වසන ආසාදන සඳහා පොදු හේතුවකි. ඕනෑම කෙනෙකුට hMPV වැළඳිය හැකි ව

16/01/2025

නොමිලේ සුනඛයින් එන්නත් කිරීමේ ජලභීතිකා සුනඛ එන්නත් වැඩසටහන
2025.01.17 සිකුරාදා
මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පිටබැද්දර මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කොට්ඨාසයේ දී

පෙරවරු 9.00 -11.00
1 පහලවිල චන්ඩි මහතාගේ නිවස අසල
2 ලෙව්පොත්දෙනිය මාලිම්බඩ ගෙදර අසල
3 කොටිගහල හන්දිය අසල
4 පුවක්බඩඕවිට නාගස් හන්දිය අසල

පෙරවරු 11.30 - පස්වරු - 1.30
1 අරඹගෙදර විමලසිරි මහතාගේ නිවස අසල
2 කෝට්ටගොඩ පාර නිශාන්ත මහතාගේ නිවස අසල
3 දෙහිගස්ප මධ්‍යම බෙහෙත් ශාලාව අසල
4 කෝට්ටගොඩ පාර සාගර කඩය අසල

පස්වරු 2.30 – 4.30
1 දෙහිගස්ප 07 කණුව අසල
2 දෙහිගස්ප පියබිම ස්ටෝර්ස් අසල
3 ඉරුංගල පාර තිලක් මයා ගේ නිවස
4 මල්පුදනැල්ල හන්දිය අසල

ඔබ නිවසේ ඇතිකරනා වයස සති 04 ඉක්මවූ සුනඛයින්
මෙම මධ්‍යස්ථානයකට ගෙන ගොස් නොමිලේ එන්නත් කරවාගෙන
ඔබත් ඔබ අසල්වැසියනුත් මාරාන්තික ජලභීතිකා රෝගයෙන් ආරක්‍ෂා වන්න.

15/01/2025

නොමිලේ සුනඛයින් එන්නත් කිරීමේ ජලභීතිකා සුනඛ එන්නත් වැඩසටහන
2025.01.16 බ්‍රහස්පතින්දා
මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ සියඹලාගොඩ හා පිටබැද්දර මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කොට්ඨාසයන්හි දී

පෙරවරු 9.00 -11.00
1 හත්තොටුව විදුහල අසල
2 පරගස්තැන්න හන්දිය
3 හත්තොටුව සහන් ස්ටෝර්ස් අසල (වල්පල කඩය)

පෙරවරු 11.30 - පස්වරු - 1.30
1 එලමල්දෙණිය කැන්ටිමේ කඩය
2 එලමල්දෙණිය වී මෝල අසල
3 කූඩලුදොල හන්දිය අසල

පස්වරු 2.30 – 4.30
1 දංකොළුව දුමින්දාරාම විහාරස්ථානය අසල
2 දංකොළුව යෝගා හාඩ්වෙයාර් අසල අංක 100 නිවස
3 පිටබැද්දර සෞඛ්‍ය මධ්‍යස්ථානය

ඔබ නිවසේ ඇතිකරනා වයස සති 04 ඉක්මවූ සුනඛයින්
මෙම මධ්‍යස්ථානයකට ගෙන ගොස් නොමිලේ එන්නත් කරවාගෙන
ඔබත් ඔබ අසල්වැසියනුත් මාරාන්තික ජලභීතිකා රෝගයෙන් ආරක්‍ෂා වන්න.

15/01/2025

✳️වෝෆරීන් ( Wafarin) ප්‍රතිකාරය පිළිබඳව ඔබ දැනුවත්ද?

✳️වෝෆරීන් ඖෂධය ලබාගන්නා ජනතාව දැනුවත් කිරීමට මෙම ලිපිය වෙන් කරනවා.

✳️ඔබේ ශරීරය තුල රුධිරය කැටි නොගැසී පවත්වා ගැනීමට ස්වභාවික ආරක්ෂණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා.යම් රෝගී තත්ත්වයක් නිසා රුධිරය කැටි ගැසීමේ හැකියාව ඉහළ ගියහොත් එමගින් ඇතිවන ලේ කැටි ශරීරයේ කොතැනක හෝ රුධිර නාලයක සිරවීම නිසා අංශභාගය ,හෘදයාබාධ ,පෙනහළු වල ලේ කැටි හිරවීම,ප්‍රධාන ශිරාවල රුධිර කැටි ඇතිවීම, මරණය ආදී බරපතල තත්ත්ව ඇතිවිය හැකියි.

✳️ඔබ ලබාගන්නා වෝෆරින් පෙත්ත මගින් එවැනි අහිතකර රුධිරකැටි ඇතිවීම වළක්වාලයි.

✳️ වෝෆරින් පෙතිවල අඩංගු වන්නේ වෝෆරින් සෝඩියම් නැමැති රසායනික ද්‍රව්‍යයි.

✳️වෝෆරින් පෙත්තේ මාත්‍රාව INR නම් විශේෂ පරීක්ෂණය මත තීරණය වේ.

✳️මෙය ගබඩා කිරීමේදී තෙතමනයට හෝ අධික තාපයට නිරාවරණය නොවන පරිදි සිසිල් වියළි ස්ථානයක ළමයින්ගෙන් ඈත් වන සේ ගබඩා කරන්න.

✳️වෝෆරින් පෙත්ත නිවැරදිව ලබා ගන්නේ කෙසේද?

💊සෑම දිනයකම එකම වේලාවට ගත යුතුයි .සුදුසුම වේලාව සවස පහයි.

💊ඖෂධය ශරීරයට හොඳින් අවශෝෂණය වන්නේ ආහාර නොමැතිව ගත්විටය.

💊සාමාන්‍යයෙන් වෝෆරින් ගැනීමට පැයකට පෙර හෝ වෝෆරින් ගෙන පැයක් යනතුරු වෙනත් ආහාර ගැනීමෙන් වලකින්න.

💊නියමිත ඖෂධ මාත්‍රාව පමණක් ලබා ගන්න.නිර්දේශ ප්‍රමාණයට අඩුවෙන හෝ වැඩිවෙන ලෙස ලබා ගැනීමෙන් වලකින්න.

💊බෙහෙත් වල හැඩය පැහැය මාත්‍රාව කලින් කලට වෙනස් වන විටදී එය ඖෂධ වේදියාගෙන් විමසන්න.

💊නියම කර ඇති පරිදි INR පරීක්ෂණ සිදුකර සායනයට වාර්තාව රැගෙන යන්න.

💊සායන වලට සහභාගී නොවී ඖෂධ පාමසි වලින් ගෙන භාවිතා කිරීමෙන් වළකින්න.

💊වෛද්‍ය නියමයකින් තොරව හිතුමතේට මෙම පෙත්ත නතර කිරීම සිදු නොකළ යුතුයි.

💊යම් හෙයකින් ඔබට එක් මාත්‍රාවක් අතපසු වුවහොත් මතක් වූ සැණින් ලබා ගන්න.පසු දින වන තෙක් අතපසුවීම සිහිපත් නොවුනහොත් පසුදා මාත්‍රාව පමණක් ලබාගන්න.

✳️ වෝෆරින් පෙත්ත ලබා ගන්නා ඔබ යම් රෝගයකට බෙහෙතක් ලබා ගැනීමට වෛද්‍යවරයෙකු වෙත යන මොහොතේදී ඔබ වෝෆරින් ලබාගන්නා බව පැවසිය යුතුයි.ශල්‍ය කර්මයකට ප්‍රථම හෝ දතක් ගැලවීම වැනි අවස්ථාවලදී ඔබ වෝෆරින් ගන්නා බව පැවසීම වැදගත්ය.

✳️වෝෆරින් පෙති භාවිතයෙන් ඇති විය හැකි ගැටලු මොනවාද?

🔅ප්‍රධානතම අතුරු ආබාධය නම් අධික ලෙස රුධිර වහනය වීම ඇතිවිය හැකිවීමයි.

🔅නාසයෙන් ලේ ගැලීම
🔅තද දුඹුරු හෝ රතු පැහැයෙන් මුත්‍ර පිටවීම
🔅රතු හෝ කළ

Address


Website

Alerts

Be the first to know and let us send you an email when මාතර සුව විරුවෝ - Health News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your practice to be the top-listed Clinic?

Share