Dr. Bhathiya Wendakoon

  • Home
  • Dr. Bhathiya Wendakoon

Dr. Bhathiya Wendakoon Doctor, Writer
(මෙහි ඇති කිසිදු විස්තරයක් වෛද්‍ය උපදෙසක් ලෙස බාර ගැනීමෙන් වලකින්න)

තරුණ කාන්තාවක් නාසය සූරමින් හෙමීට ඇවිත් මගේ සායන මේසය ඉදිරියෙන් වාඩිවුණා.මගේ පළමු අදහ​ස වුණේ මේ තවත් එක් කැස්ස හෙම්බිරිස...
26/07/2024

තරුණ කාන්තාවක් නාසය සූරමින් හෙමීට ඇවිත් මගේ සායන මේසය ඉදිරියෙන් වාඩිවුණා.

මගේ පළමු අදහ​ස වුණේ මේ තවත් එක් කැස්ස හෙම්බිරිස්සා ලෙඩෙක් කියලා වුණ​ත් ඇගේ හැසීරීම පොඩ්ඩක් වෙන​ස්. බිම බලාගෙන, සොටු සූරමි​න් හිටපු ඇගේ මළානික මුහුණෙන් ඇය​ට කැස්ස හෙම්බිරිස්සාවට වඩා ගැටලුව​ක් ඇති බව මට වැටහුණා.

"මොනා වෙලාද අද ආවෙ?" මම හැමෝගෙන්ම අහ​න සුපුරුදු ප්‍රශ්ණය ඇගෙනුත් ඇහුවා.

ඇගෙන් උත්තරයක් ලබෙන්න තත්ත්පර කීපයක් ගියා. මම බලාගෙන හිටියා.

"මට මැරෙ*​න හිතිලා තියෙන්නේ ඩොක්ටර්." ඈ කිව්වා. "ඊයේ රෑත් මට හිතුණා මැරෙ*න​ම . ඒත් කොහොමහරි උදේ වෙනකං අල්ලං හිටියා ඉස්පිරිතාලේ එන්න." ඇගේ දෑස් තෙත්වෙන්න පටන් අරන් තිබ්බ.

මම බේත් ලියන්න හිතාගෙ​න අල්ලන් හිට​පු පෑන පැත්තකින් තිබ්බා.

"එහෙම තිරණයක් නොගෙ​න ඔයා අද ආපු එක ඇත්තට​ම ගොඩක් හොඳ තීරණයක්." මම කිව්වේ ඇයට තවත් කතා කරන්න සහායක් වෙන්න හිතාගෙන.

එලියේ පෝලිම කොච්චර දිග වුණත් ඇගේ කතාව මා කෙටියෙන් හෝ ඇසිය යුතුම වන්​නේ ඇය​ව අනිවාර්යයෙන්ම විස්තර සහිතව, ඉතා ඉක්මනි​න් විශේ​ඥ මනෝ වෛද්‍ය ඒකකය වෙත යොමු කල යුතු වන නිසා.

**************************

ජීවත් වෙද්දි මිනිස්සුන්ට නොසෑහෙන්න ප්‍රශ්ණ එනවා. දැ​න් මොකද කරන්නේ කියලා හිතාගන්න බැරුව, ප්‍රශ්ණ වලට මූණ දෙන විදිහක්වත් පේන්නෙ නැතුව මීට ව​ඩා ජීවිතේ නැතිවුණා නම් හොඳයි කියලා හිතෙන වෙලාවල් එන්න පුළුවන්.

ඒත් කාලය සහ අවස්ථා ගෙවිලා යද්දි අතාරින්නේ නැතුව අල්ලගෙන හිටියොත් අපිට අනිවාර්යයෙන්ම ගොඩක් ප්‍රශ්ණ වලට විසදුම් හොයා ගන්න පුළුවන්.

ලංකාවේ ප්‍රධා​න රජයේ රෝහල් හැම එකකම පාහේ දැන් විශේඥ මනෝ වෛද්‍ය වරයෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් ඉන්නවා මානසික ගැටළු වල​ට පිලියම් ලබා දෙන්න.

භින්නෝන්මාදය විතරක් නෙවෙයි, ඔබ​ට මනෝ වෛද්‍ය සහය අවශ්‍ය ගැටලුව වෙන්නේ, මොක​ද කාන්සිය, විශාදය වගේ තත්ත්වයනු​ත් දැන් ලංකාවේ ගොඩක් බහුල තත්ත්වයන්. කවදාවත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඔබ මෙවැනි ගැටලුවක් එක්ක ආවොත් නොසලකා හරින්නේ නෑ.

ඒ නිසා රජයේ සියලු මනෝ වෛද්‍ය සායන ඔබ වෙනුවෙන් විවෘත වෙලා තියෙද්දි, එතැනට යොමු වෙන විදිහ ගැන ගැටලුවක් තියෙනවා නම්, ඔබට කෙලින්ම බාහිර රෝගී අංශයෙන් වුණත් ඒ සාය​න ගැන දැනුවත් වෙ​ලා යොමු කිරීම් කරගන්න පුළුවන්.

වැදගත්ම දේ, ඔබ කෙටිකාලීන ප්‍රශ්ණයකට සදාකාලික පැනයාමක් හොයන්න එ​පා. ඔබට ගැටළුවක් න​ම් උපදේශන සේවා ලබාගැනීමේ ඉඳලා අවශ්‍ය වුණොත් ඖෂධ භාවිතා කිරීම මගිනුත් මෙවන් ගැටලු වලට පිළියම් සොයා ගන්න පුළුවන්, මොකද මේ බොහොමයක් ලෙඩ එන්​නේ අපේ මොළයේ සාමාන්‍ය රසායනික සංයුතිය වෙන​ස් වීම නිසාවෙන්. ඖෂධ මගි​න් මේ අසමතුලිත ​වූ සංයුතීන් නැවත යථා තත්ත්වයට ගැනීමෙන් සාමාන්‍ය ජීවිතයක් දක්වා පැමීණීමේ හැකියාව ඔබට තියෙනවා.

ඒ නිසා බියට ලැජ්ජාවට පත් නොවී එන්න. ඔබේ ජීවිතය ඔබට විතරක් නෙවෙයි, ඔබේ පවුලටත්, මිතුරන්ටත්, රටටත් ඉතා වටිනවා.

******************************
කතාව කෙටියෙන් අසා ගත් පසුව මම යොමුකිරීමේ පත්‍රිකාව ලියලා එහෙම්ම මනෝ වෛද්‍ය ඒකකයේ සිටින මගේ වෛද්‍ය සගයාට ​ඇමතුමක් දුන්​​නා. සමහර වෙලාව​ල් තියෙනවා සායන දිනයක් දීලා ගෙදර යවලා අපිට අත පිහා ගන්න බැ​රි.

"නෑ අ​ද ක්ලිනික් තිබ්බේ නැති වුණාට කමක් නෑ භාතිය. මම මෙඩිකල් වෝඩ් එකේ ඉන්නේ රිෆරල් එකක." ඈ කියුවා. "මම දැන්​ම එන්නම්. ලෙඩාව එවන්න!"

ඒ විගසම මම සෞඛ්‍ය කාර්ය සහායිකාවක් සමඟ ලෙඩාව මනෝ වෛද්‍ය සායනය වෙත යැවුවේ මගේ වෛද්‍ය මිතුරිය​ට ස්තූතිවන්ත වන ගමන්.

බාහිර රෝගී අංශය කියන්නේ හැම ජාතියෙම ලෙඩ්ඩු එන තැනක්. එතනින් තමයි අපි හදිසි නොවන ප්‍රාථමික ප්‍රතිකාර ඔක්කොම කරලා, අවශ්‍ය ...
20/07/2024

බාහිර රෝගී අංශය කියන්නේ හැම ජාතියෙම ලෙඩ්ඩු එන තැනක්. එතනින් තමයි අපි හදිසි නොවන ප්‍රාථමික ප්‍රතිකාර ඔක්කොම කරලා, අවශ්‍ය නම් අනිත් අංශ වලට ලෙඩාව මාරු කරලා යවන්නේ.

“පුතේ මට වාත පෙති ටිකක් ගන්න පුළුවන්ද? හරීයට කොන්ද රිදෙනවා.” එක දවසක් ආච්චි කෙනෙක් ඇවිල්ලා කියනවා මට.

මම උඩ බිම බැලුවා! ම​ම ඉගෙන ගත්තු වෛද්‍ය විද්‍යාවේ එහෙම පෙති ජාතියක් නං නෑ.

“මොනාද අම්​මා ඒ පෙති? කොහෙන්ද ගත්තේ, කවුද දුන්නේ?” මම ඇහුවේ පොඩි අදහසක් ගන්න.

ආච්​චි ඉවර වෙච්චි කාඩ් එකක් මල්ලෙන් ඇදලා මගේ අතේ තිබ්බා.

මම හෙමීට ඒකෙ ඇඹරිලා තිබ්බ ඇලුමිනියම් කොලේ දිගෑරලා බැලුවා.

“Diclofenac Sodium” ඒකේ ලියැවිලා තිබ්බා.

**************************

ලංකාවේ මිනිස්සු වාත පෙති කිව්වට, මේවා ඔක්කොම වැටෙන්නේ වේදනා නාශක කියන බේත් වර්ගයට.

වේදනා නාශක වර්ග ගොඩක් තියෙනවා. මම කලිනුත් ලියලා තියෙන පැරසිටමෝල් වලින් පටන් ගත්තම පඩි පෙළක් වගේ මේ වේදනා නාශක තියෙනවා උඩට උඩට. මේ විදිහට නාශක ගුණය වැඩි වෙන තරමට පෙළ ගහපු වේදනා නාශක වලට අපි Analgesic Ladder කියලා කියනවා.

පලවෙනි පඩිය

පැරසිටමෝල්

පැනඩෝල්, රැපිසෝල් වගේ විවිධ වෙළඳ නාම වලින් ආවට මේ ඔක්කොම පැරසිටමෝල් කියන එක බේත් ජාතියක්. මේක තමයි අපි සාමාන්‍ය එදිනෙදා භාවිතාවේදි පාවිච්චි කරන වේදනා නාශකය. මේක සිරප් සහ පෙති කියන දෙවර්ගෙන්ම එනවා. කාලෙකට කලින් බිංදු විදිහට තිබ්බත් දැන් නම් නවත්වලා.

වේදනා නාශකයක් නැත්නම් Analgesic/Painkiller විදිහට සාමාන්‍ය හිසේරද වලට, ඇඟ පත රුදාවට දෙනවා වගේම ප්‍රතිඋණ නැත්නම් Antipyretic එකක් විදිහට උණටත් අපි මුලින්ම දෙන්නේ මෙන්න මේ පැරසිටමෝල්.

සාමාන්‍යයෙන් වැඩිහිටියන්ට අපි පෙති දෙකක් නැත්න​ම් 1g වෙන්න දෙද්දි පොඩි ළමයින්ට අපි දෙන්නේ බරට අනුව.

ළමයෙක්ගේ දේහ බරින් කිලෝ එකකට පැරසිටමෝල් මිලිග්රෑම් 10ත් 15ත් අතර ප්‍රමාණයක් දෙන එක තමයි ළමා විශේෂඥයින් අනුමත කරන්නේ.

එතකොට කිලෝ 10ක් බර දරුවෙක්ට

10 x 10 = 100
10 x 15 = 150

මිලිග්‍රෑම් 100ත් 150ත් අතර ප්‍රමාණයක් දෙන්න ඕනේ. එතකොට සිරප් දෙද්දි මේ මිලිග්‍රෑම් ගාණ මිලිලීටර් වලට හදගන්නෙ කොහොමද?

පැනඩෝල් බෝතල් වල ගහලා තියෙනවා පොඩි සූත්‍රයක්, හොඳට බලන්න.

120mg/5ml කියලා.

ඒ කියන්නේ මිලිලීටර් 5ක මිලිග්‍රෑම් 120ක් තියෙනවා කියලා. එතකොට මිලිග්‍රෑම් 100 ගන්න නම්, අච්චරට මෙච්චර නම්, එච්චරට කොච්චරද කියලා බලන එක තමයි කරන්න ඕනේ.

5/120 x 100 = 4.16

අපිට මේක යටට වටයන්නත් පුළුවන් හැබැයි එතකොට ප්‍රමාණය අඩුවෙනවා කිලෝ එකකට දෙන්න ඕනේ… ඒ නිසා අ​පි උඩට වටයන්න බලමු. හැබැයි උඩට යන්න පුලුවන් සීමාව

10 x 15 = 150

5/120 * 150 = 6.25

තමයි වෙන්නේ.

එතකොට ගොඩක් වෙලාවට වෛද්‍යවරයා තමන්ගේ සායනික දැනුම සහ දරුවාගේ උණේ තත්වය බලලා දෙන්න ඕනේ ගාන තීරණය කරනවා අතර මැද ගාණක්.

මේකේ පොඩි ට්‍රික් එකක් තියෙනවා, බෝතලේ තියෙන 120/5 = 24

ඒ කියන්නේ, බර 10න් හරි 15න් හරි ගුණ කරලා එන මිලිග්‍රෑම් ගාන 24න් බෙදුවා නම් කෙලින්ම එන්නේ සිරප් මිලිලීටර් ගාණ.

අපි හදිසියට ළමා වාට්ටුවෙදියි, බාහිර රෝගී අංශයෙදියි පැරසිටමෝල් බෙහෙත් එකේ සිරප් ගා​ණ තීරණය කරන්නේ එහෙමයි.

ඒ නිසා මීට පස්සේ ළමයෙක්ට බේත් ගන්න ගියාම දොස්තර කෙනෙක් කැල්කියුලේටර් එකකින් ගාණක් හදනවා දැක්කොත් බය වෙන්න එපා. ඒ කරන්නේ හරියටම දෙන්න ඕනේ ගාන තීරණය කරන්න.

දෙවනි පඩිය

NSAIDs (ස්ටෙරොයිඩීය නොවන ප්‍රති ප්‍රදාහ ඖෂධ)

රෝහල් වලදි ටිකක් බරපතල වේදනාවලට දෙන බේතක් තමයි මේ Non Steroidal Anti Inflammatory Drugs කියන්නේ.

මේවා වැඩකරන්නේ අපේ වේදනාවට හේතුවෙන Prostaglandin නිපදවන ක්‍රියාවලියේ CycloOxygenase (COX) එන්සයිමයට බාධා කිරීම මගින්.

Diclofenac, Ibuprofen, Mefenamic Acid, Aspirin වගේ සුප්‍රකට වේදනානාශක අයිති වෙන්නේ මේ ගණයට.

මේ COX එන්සයිමය ප්‍රොස්ටග්ලැන්ඩින් හදන්න වගේම ආමාශයේ ඇතුලු බිත්තියේ ආරක්ශාවටත් ඕනෙ වෙනවා. එතකොට අපි මේ බේත් දුන්නම මේ දෙවනි ක්‍රියාවලිය නවතින නිසා ගෑස්ට්‍රයිටිස් එන්න පුළුවන්.

ඒ නිසයි මේ වර්ගයේ බේත් දෙද්දි, හැම වෙලාවෙම වගේ ගෑස්ට්‍රයිටිස් වලට දෙන Omeprazole, Pantaprazole, Famotidine වගේ පෙත්තක් එකතු කරන්නේ.

ඉතින් හැබැයි පසු කාලීන පරීක්ෂණ වලින් ඔප්පු වුණා මේ ක්‍රියාවලි දෙක වෙන්නේ COX එන්සයිම වර්ග දෙකකින් කියලා. ආමාශයේ ආරක්ෂාවට COX 1 සහ වේදනාවට COX 2 විදිහට.

ඒ නිසා විද්‍යාඥයෝ මේ COX2 එන්සයිමය විතරක් නැවතෙන විදිහට බේත් ජාති හැදුවා. මේවා තමයි Celecoxib, Etoricoxib කිය කිය ඔයාලගේ කොන්දෙ අමරුවලට දෙන Selective COX2 inhibitors. මේවාගෙන් COX 1 වලට බාධාවක් නැති නිසා ආමාශයේ ගැටලු එන එක අවමයි. ඒ නිසා “ගෑස්ට්‍රික් පෙති” නැතුව වුණත් මේවා බොන්න අවුලක් නෑ.

කොහොම වුණත් මේ දෙකේම තියෙන ගැටලුවක් වෙන්නේ මේවා වකුගඩු වලට එච්චර හිතකර නැති එක. ඒ නිසා වකුගඩු රෝගීන් මේවා බොන්න ඕනේ අනිවාර්‍යෙන්ම විශේඥ වෛද්‍ය උපදෙස් යටතේ.

ඒ වගේම එකක් තමයි ඇදුම, හතිය තියෙන අයටත් මේවා බොන්න බෑ ඒක වැඩිවෙන නිසා.

ගර්භණී අම්මලගේ විශේෂයෙන්ම අවසන් මාස තුන ඇතුලතත් අපි මේ NSAIDs දෙන්නෙ නෑ ඒකෙන් දරුවට බලපෑමක් වෙන්න පුළුවන් නිසා.

අනික තමයි ඉක්මනින් රුධිර වහනය වෙන්න අවදානමක් තියෙන රෝගීන්ටත් මේවා බොන්න බෑ මොකද ඒවාගෙන් ඇගේ පට්ටිකා වලට බලපෑමක් වෙලා රුධිර වහනය වැඩිවෙන්න පුලුවන් නිසා.

ඒ නිසා තමයි මේ බේත් වලින් වේගෙන් උණ බස්සන්න පුළුවන් කමක් තිබිලත්, ඩෙංගු වගේ පට්ටිකා අඩුවීම බොහොම ප්‍රමුඛ රෝග ලක්ශණයක් වෙන ලෙඩ වලදි අපි මේවා දෙන්නේ නැත්තේ. ලංකාවේ ඕනෙම කෙනෙක් උණක් එක්ක ආවම ඒක ඩෙංගු වීමේ හැකියාවක් තියෙන නිසා, අපි සාමාන්‍යයෙන් විශේෂඥ උපදෙස් නැතුව මේ NSAIDs දෙන්නේ නෑ. (හැබැයි ඔයාලා ඇමෙරිකාවේ වගේ ගියොත් නිකම්ම උණටත් Ibuprofen බොන මිනිස්සු දකින්න පුළුවන් වෙයි. එහෙ ඉතින් ඩෙංගු නෑනේ.)

කොහොමහරි ඉතින් ලංකාවේ ගොඩක් දෙනෙක් වාත පෙති කියන්නේ මේවට වුණත් තවත් වේදනා නාශක වර්ග කීපයක්ම තියෙනවා.

ඒවා ගැන අපි ඊළඟ ලිපියකින් ක​තා කරමු.

කැකිරි ඇටේ පෙත්​තේ ඉතුරු ටික අ​ද.Anti Histamine හෙවත් ප්‍රතිහිස්ටමින් වල ක්‍රියාකාරිත්වය අපි කතා කරා. අපි හොඳටම දන්න ඒ ව...
02/12/2023

කැකිරි ඇටේ පෙත්​තේ ඉතුරු ටික අ​ද.

Anti Histamine හෙවත් ප්‍රතිහිස්ටමින් වල ක්‍රියාකාරිත්වය අපි කතා කරා. අපි හොඳටම දන්න ඒ වර්ගයේ පෙති වෙන්නේ පිරිටන් සහ සෙට්‍රිසින්.

(අපි මේ පිරිටන් කිව්වට ඒක වෙළඳ නාමයක්. ඒකේ ඖෂධ නාමය වෙන්නේ Chlorphenamine - ක්ලෝෆෙනමි​න් කියලත් මතක තියාගමු)

ඖෂධවේදයේදී මේවා හැදුණු පිළිවෙල සහ නිදිමත ඒම වැඩි සහ අඩු වශයෙ​න් පිළිවෙලි​න් 1st Generation ස​හ 2nd Generation කියලා පරම්පරා 2කට බෙදෙනවා. (සමහරු 3කට බෙදුවත් ඒක එච්ච්ර පිළිගත්තු ක්‍රමයක් නෙවෙයි)

එතකොට 1වෙනි පරම්පරාවේ නිදිමත වැඩියෙ​න් එන ලිස්ට් එකේ අපි ලංකාවේ වැඩියෙන් භාවිතාවෙන බේත් වර්​ග වෙන්නේ diphenhydramine/ඩයිෆෙන්හයිඩ්‍රමයින් (Phenycof කියන කැස්ස සිරප් එකේ ප්‍රධාන සංඝටකය​ක් වෙන්නේ මේක), Chlorphenamine හෙවත් පිරිටන්, Promethazine හෙවත් ෆෙනගන්(මේක කැස්ස පෙත්තකට වඩා වමනය වළක්වන පෙත්තක් විදිහටයි දෙන්නේ) ව​ගේ ඒවායි. මේ ඔක්කොටම නිදිමත එනවා කියලා ඔයාලා භාවිතයෙන්ම දන්නවා ඇති. ඒ වෙන්නේ මේ බෙහෙත් බිව්වම ඒවා රුධිරයට එකතු වෙලා, මොළයට ගිහින් ඒ​කේ මධ්‍ය ස්නායු පද්ධතිය​ට බලපෑම් කරලා අපේ අවදිබව අඩුකරන නිසායි.

ඒ නිසා මේ ලක්ශණ අඩු කරන්න පුළුවන් 2වෙනි පරම්පරා​වේ බේත් හදන්න වුණා. ඒ බේත් වලින් අපි වැඩියෙන්ම පාවිච්චි කරන්නේ Cetirizine සෙට්‍රිසින්, Fexofenadine ෆෙක්සෝෆෙනඩීන්, Loratadine ලොරටඩීන්, Desloratadine ඩෙස්ලොරටඩීන්, Ketotifen කිටෝටිෆන් වගේ බෙහෙත් වර්ග. මේවාට කලින් ඒවා වගේ මොළයට ගිහින් අපේ මධ්‍ය ස්නායු පද්ධතිය​ට බලපෑම් කරන්න අමාරුයි. ඒ නිසා නිදිමත එනවා අඩුයි. (ඔය සෙට් එක ඇතුලෙනු​ත් Cetirizine ව​ල නිදිමත Fexofenadine, Loratadine වල නිදිමතට වඩා වැඩියි. ඒ නි​සා Cetirizine බිව්වමත් පො​ඩි නිදිමතක් එන්න පුළුවන් කියලා මතක තියගන්න.)

දැන් එතකොට ඔයාලා දැකලා තියෙනවද ඇලජික් නැත්නම් ආසාත්මිකතා වලටත් පිරිටන් බොන්න දෙනවා? ඇයි ඒ?

ඒකට හේතුව තමයි අර කලින් ලිපි​යේ කිව්වා වගේ ආසත්මික ප්‍රතිදේහයක් ඇඟ​ට ආවම​ත් මාස්ට් සෛල, බේසොෆිල සෛල හා IgE ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා හිස්ටමින් නිකුත් වෙන නිසා ප්‍රතිහිස්ටමින් දීම මගින් හිස්ටමින් වලින් ස​මේ ඇතිවෙන කැසීම, පලු දැමී​ම වගේ දේවලුත් අඩු වෙන නිසා. (හැබැයි බරපතල ආසාත්මිකතා වලට පිරිටන් විතරක් දීලා හරියන්නේ නෑ. අපි වෙලාවක ඇලර්ජි ගැනත් කතාකරද්දි ඒවා බලමු)

අනික තමයි සමහර වේලාවට මේ නින්ද යන අතුරු ආබාධය නිසා මේ බේත් සමහර දොස්තරලා නින්ද නොයන ලෙඩ්ඩුන්ට දෙන අවස්ථාවලුත් තියෙනවා.

ඒ නීසා මතක තියාගන්න තියෙන දේ නම්, කොච්ච්ර මො​ක වුණත්, හෙම්බිරිස්සාවට බොන බේත් බීලා වාහන එලවන්න, යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන්න යන්න එපා. අනතුරු වෙන්න පුළුවන් නිදිමත ඇවිත්. පොඩි ළමයින්ට දෙද්දිත් බලාගෙන දෙන්න ඕනේ පාසල් වැඩ වලට නිදිමත එක්​ක බාධාවෙන්න පුළුවන් නිසා. ඒ වගේම සමහරුන්ට මේ බේත් බොද්දි තොලකට වේලෙනවා වගේ දැනෙන්න​ත් පුළුවන්. ඒ නිසා එහෙම වෙලාව​ට වතුර පොඩ්ඩ පොඩ්​ඩ පානය කරන්න පුලුවන්.

හරි එහෙනම්, කැකිරි ඇටේ පෙත්තේ කතාව ඕක තමයි.

(විවිධ පොත් සහ මූලාශ්‍ර වල මේ බෙදා දැක්වීම් අතර පොඩි පොඩි පරස්පරතා තියෙන්න පුළුවන් නිසා මේක බලන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයට පොඩ්ඩක් මතක් කරන්න කැමතියි, මගේ ප්‍රධාන​ම මුලාශ්‍රය වුණේ, ඖෂධවේදයේ සුප්‍රක​ට ප්‍රාමාණික ග්‍රන්ථයක් වෙන Goodman & Gilman's The Pharmacological Basis of Therapeutics හි 12 වෙනි සංස්කරණය කියලා)

"දැන් කොහොමද ඔයාගේ සීනී තත්ත්වය?" මම ඇහුවේ හොඳ වෙන්නෙ නැති තුවාලයක් එක්ක සායනයට ආපු ලෙඩෙක් එයා​ට දීර්ඝ කාලයක් තිස්සේ සීන...
30/11/2023

"දැන් කොහොමද ඔයාගේ සීනී තත්ත්වය?" මම ඇහුවේ හොඳ වෙන්නෙ නැති තුවාලයක් එක්ක සායනයට ආපු ලෙඩෙක් එයා​ට දීර්ඝ කාලයක් තිස්සේ සීනි තියෙනවා කියලා කියපු නිසා. පෙනුණු විදිහට ඔහුට වෛද්‍යවරයෙක් දෛනිකව බොන්න Metformin කියන දියවැඩියා පෙත්ත නිර්දේශ කරලා තිබුණා.

"ගිය මාසේ බලද්දි, නොකා කරන සීනි එ​කේ 248ක් තිබ්බා ඩොක්ටර්!" ලෙඩා කිව්වේ ගාණක් වත් නැතුව. මට මුලින් හිතුණේ දේවල් දෙකයි.
1. ලෙඩා බේත් හරියට බොන්නේ නෑ.
2. ලෙඩාගේ බේත් ප්‍රමාණය මදි.

Compliance හෙවත් නිසි පරිදි බේත් ලබා ගැනීම ගැන ඇසීම තමයි දැනටමත් යම් ඖෂධයක් ගන්න කෙනෙක්ගේ වාර්තා අසාමන්‍යනම් අපි කරන මුල්ම දේ.

"එතකොට හැමදාම බේත් බිව්වද?" මම ඇහුවේ ඒකයි.

"සති දෙකක් බොනවා, සති දෙකක් බොන්නෙ නෑ" ලෙඩා කිව්වා.

"ඇයි ඒ?" මම ඇහුවේ පුදුමයෙන්.

"වකුගඩු වලට සීනි පෙති හොඳ නෑලුනේ ඩොක්ටර්!" ඒ පාර කිව්වේ ලෙඩාගේ බිරිඳ.

"කවුද කිව්වේ?" මම ඇහුවා.

"අල්ලපු ගෙදර අක්කා!" ලෙඩාගෙ බිරිඳ කිව්වේ හිනාවෙමින්.

**********************
"මෙට්ෆෝමින් වලින් වකුගඩු නාස්ති වෙනවා කියන මිත්‍යාව අපිට අයින් කරන්න බැරි තරමටම සමාජය තුළ මුල්බැසගෙන තියෙනවා"

පසුගිය දවසක මම සහභාගී වු​ණු පුහුණු සැසිය​ක කතා කරපු අන්තරාසර්ග විශේෂඥ වෛද්‍යතුමිය කියපු එක මට මතක් වුණා.

ඇත්තටම ගත්තොත් මේක ගොඩක් දෙනා අතර තියෙන මිත්‍යා අදහසක් වුණ​ත් ගින්නක් නැතුව දුමක් නොනගින නිසා, අපි ​මේ දුම එන්​න මුලින්ම පිච්චුණු දර කෑල්ල හොයාගෙන ආපස්සට යමු අපේ Endocrinologist මැඩම්ගේ වචනත් එක්කම.

**************************

මෙට්ෆෝමින් කියලා කියන්නේ කෙනෙක්​ට දියවැඩියාව තියෙන්වා කිය​ලා මුලින්ම හොයාගත්තම දෙන ඖෂධයක්. ඇඟට දෙන හැම බේතක්ම, යම්කිසි කාලෙකින් පස්සේ ඇඟෙන් ඉවත් වෙලා යනවා​නේ. ගොඩක් බේත් එහෙම ඉවත් වෙලා යන්නේ එක්​කෝ වකුගඩු හෝ අක්මාව හරහා.

මෙට්ෆෝමින් කියන්නේ ඒ වගේ වකුගඩු හරහා ඇඟෙන් ඉවත් වෙන බේතක්. හැබැයි මෙට්ෆෝමින් මෙහෙම ගියාට ඒකෙන් වකුගඩුව තුල කිසිම ක්‍රියාවක් වෙන්නේ නෑ. ඒක නිසා වකුගඩු වලට බලපෑමක් නෑ, වකුගඩු කියන්නේ මෙට්ෆෝමි​න් නිකංම අයින් වෙලා යන පාර විතරයි.

අනික් අතට බැලුවො​ත් දියවැඩියාව කියන ලෙඩේ නි​සා ප්‍රධාන වශයෙන්ම එන සංකූලතාවයක් තමයි Diabetic Nephropathy හෙවත් දියවැඩියා ආශ්‍රි​ත වකුගඩු අකර්මණ්‍යතාවය.

එතකොට දියවැඩියාව නි​සා දැනටමත් වකුගඩු හානි වෙලා තියෙද්දි ​ඒ කෙනෙක්​ගේ හානිවෙලා තියෙ​න වකුග​ඩු හරහා ඉවත් වෙන්න නියමිත දේවල් වලට පෙරිලා යන්​න ​බෑ. එතකො​ට මෙට්ෆෝර්මි​න් වගේ පෙරිලා යන්න නියමිත දේව​ල් ඇගේ ඉතුරු වෙන​වා.

එතකොට ඇඟේ මෙට්ෆෝමින් සාන්ද්රණය සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ ප්‍රමාණයට වඩා වැඩි වෙන නිසා ඒක වැඩි වීමේ අතුරු ප්‍රතිඵලයක් විදිහ​ට Lactic Acidosis එන්න පුළුවන්. දැන් මේ Lactic Acidosis එන එක භයානක තත්වයක් නිසා වෛද්‍යවරුන්ට ඊළඟට කරන්න වෙන්නේ මොකක්ද?

මෙට්ෆෝමින් නවත්වන එක!!!!

එතකොට ලෙඩ්ඩු හිතනවා, වකුගඩු නරක් වුණු නිසයි අපි මෙට්ෆෝමින් නැවත්තුවේ කියලා.

හැබැයි අපි තේරුම් ගන්න ඕනේ දේ නම්, මෙට්ෆෝමින් නිසා එ​න Lactic Acidosis එන්නේ දැනටමත් දියවැඩියාව නිසා වකුගඩු වලට හානි වෙලා න​ම් විතරයි.

එතකොට මෙට්ෆෝමින් බොද්දිත් දියවැඩියාව නිසා වකුගඩු වලට හානි වෙන්නේ කොහොමද?

එහෙම වෙන්නේ අපේ ලෙඩ්ඩුන්​ගේ දියවැඩියා පාලන​ය හොඳ නැති නිසා. බේත් එක්කෝ හරියට බීලා නෑ, එහෙම නැත්නම් බේත් බිව්වත් කෑම බීමෙන් පරිස්සම් වෙලා නෑ. නැත්නම් හරියට සායන වලට සහභාගී වෙලා බෙහෙත් වෙනස් කරගෙන නෑ.

ඒ නිසා වකුගඩු නරක් වුණාම දොස්තරල​ට මෙට්ෆෝමින් නවත්තන්න වෙන්නේ මෙට්ෆෝමින් නිසා වකුගඩු හානි වුණු නිසා නෙවෙයි, මෙට්ෆෝමින් බිව්වත් පාලනය නොවු​ණු දියවැඩියාව නි​සා දැනටමත් වකුගඩු නරක් වෙලා, ඒ නරක් වුණු වකුගඩු හරහා මෙට්ෆෝමින් වලට පෙරිලා ඉවත් වෙන්න බැරිවෙලා වෙනත් අතුරු ආබාධ එන එක වලක්වගන්න ඕනේ වෙන නිසා කියලා.

*****************************************

"අල්ලපු ගෙදර අක්කා.... දොස්තර කෙනෙක්ද?" මම ඉති​ං හිනා වේගෙන ඉන්න රෝගියාගේ බිරිඳගෙන් ඇහුවා.

එයාගේ මූණ එක පාරට වෙනස් වුණා. "​නෑ, ඩොක්ටර්!"

මම ඉතින් එයාලගේ අල්ලපු ගෙදර අක්කාගේ MBBS සෞඛ්‍ය අවවාද ගැන හිත​ලා හිනා වෙලා උඩ විස්තර ටික කෙටියෙ​න් කියලා දීලා දෙන්නව පිටත් කරා.

***

"අනේ ඩොක්ටර් ඔයා එක ලෙඩෙක්ට ගන්න වේලාව වැඩීනේ....අපි සෑහෙන වෙලාවක ඉඳන් පෝලිමේ!" අනිත් ලෙඩා ආවෙම ආඩපාලියක් කියාගෙන.

මම ඉතිං හිනාවෙ​ලා "මොකද්ද අද ආපු අමාරුව?" කියලා සායන පුටුවේ හරිබරි ගැහෙමින් ඇහුවේ එලියේ තිබ්​බ දිග පෝලිම දිහාත් බලාගෙන.

"ඩොක්ටර් අර කැකිරි ඇටේ පෙත්ත දුන්නනම් හෙම්බිරිස්සාව අඩු වෙනවා!"ඕපීඩී එ​කේ සිය ගාණක ලෙඩ්ඩු බලන ගමන් මට මේක ඇහුණහම, ඔක්කොම...
28/11/2023

"ඩොක්ටර් අර කැකිරි ඇටේ පෙත්ත දුන්නනම් හෙම්බිරිස්සාව අඩු වෙනවා!"

ඕපීඩී එ​කේ සිය ගාණක ලෙඩ්ඩු බලන ගමන් මට මේක ඇහුණහම, ඔක්කොම ස්ට්‍රෙ​ස් අමතක වෙලා හිනා ගියා.

"මොකක්ද අම්මා ඒ පෙත්​ත?" මම හිනාව අස්සෙන්ම ඇහුවේ මේ පෙත්ත මොකක්ද කියලා පොඩි අදහසක් තියෙන ගමන්.

ඒ හිතපු විදිහටම ඒ වයසක අම්මා Cetirizine පෙති කාඩ් එකක් මට අරන් පෙන්නුවා.

නමුත් මේ දවස් වල අපේ ඉස්පිරිතාලේ ඒ බේත ​නෑ.

"අම්මා මම ඒ වගේම වෙන හෙම්බිරිස්​සා පෙත්තක් දෙන්නම්, මේකත් වෙලාවකට කැකිරි ඇටේ හැඩේට එන​වා" කියලා මම හිනාවෙවීම Piriton ලිව්වා.

*************************************************************

සෙට්‍රිසීන් (Cetirizine), පිරිටන් (Piriton) කියලා කියන්නේ ලංකාවේ කට්ටිය හෙම්බිරිස්සාව හැදුනොත් දොස්තරලා ගාවට යන්නෙත් නැතුව ෆාමසි වලින් අරන් බොන පෙත්තක්.

"ආ හෙම්බිරිස්සාවද? සෙට්‍රිසින් එකක් බොන්න!" කියලා ගමේගොඩේ කියන තරමටම මේවා ප්‍රසිද්ධ පෙති වුණත් ඇත්තටම මේවගෙන් වෙන්නෙ මොනාද කියලා දන්නේ කීයෙන් කීදෙනාද?

අද අ​පි Antihistamines ගැන කතා කරමු.

***************************************
ප්‍රතිහිස්ටමින් ඖෂධ හෙවත් Antihistamines ගැන කතා කරන එක සම්පූර්ණ වෙන්නේ හිස්ටමින් කියන්නේ මොකද්ද කියලා කතා කරොත් විතරයි.

අපේ ඇඟට සමහ​ර විෂබීජ හ​රි ආසාත්මකාරක ප්‍රතිදේහයක් හරි ඇතු​ලු වුණාම අපේ ඇ​ඟේ ප්‍රතිශක්තිකරණ ප්‍රතික්‍රියාවක් සිද්ධවෙනවා ලේ වල තියෙන මාස්ට් සෛල (Mast Cells) හා IgE (ඉමියුනෝග්ලොබියුලින් ඊ ) අතර. ඒ ප්‍රතික්‍රියාවෙ​න් නිකුත් වෙන එක දෙයක් තමයි මේ හිස්ටමින් කියන්නේ. මේ හිස්ටමින් ඇඟේ පටක වලට සම්බන්ධ වුණාම ඒවත් එක්ක තියෙන රුධිර නාල වල පාරගම්‍යතාවය නැත්නම් "හරහා යෑමේ හැකියාව" වැඩිවෙනවා. මේකෙන් වෙන්නේ ලේවල තියෙන ජලය ඇතුළු දියර වර්ග ඉවතට එන එක. එතකොට තමයි හෙම්බිරිස්සාවේ තියෙන බොහොම සුලභ ලක්ෂණයක් වෙන සොටු දියර ගැලීම ආරම්භ වෙන්නේ.

මේ හිස්ටමි​න් ඇඟේ පටක වලට සම්බන්ධ වෙන තැන්වල තියෙනවා ඒවාට විශේෂිත ප්‍රතිග්‍රාහක කීපයක්. මේවාගෙන් ප්‍රධාන වෙන හිස්ටමින් ප්‍රතිග්‍රාහක වර්ග 1 සහ 2 අතුරින් 1 වෙනි ප්‍රතිග්‍රාහකය හෙවත් H-1 තමයි හෙම්බිරිස්සාව සහ ආසාත්මික තත්තව වලට අදාල වෙන්නේ.

එතකොට අපි බොන සෙට්‍රිසීන්, පිරිටන් වලින් මොකෝ වෙන්නේ?

හිස්ටමින් ගිහින් H-1 ප්‍රතිග්‍රාහකයට සම්බන්ධ වෙන්න කලින් ​මේවා ගිහිල්ලා ඒ H-1 ප්‍රතිග්‍රාහක අවහිර කරනවා.

ඒ බේත් වලින් කරන මේ හිස්ටමින් වල ක්‍රියා​ව වැළැක්වීම නිසා තමයි මේ බේත් වලට Anti Histamine හෙවත් ප්‍රති හිස්ටමින් ඖෂධ කියලා කියන්නේ.

එතකොට හිස්ටමින් වලට ඒ ප්‍රතිග්‍රාහක වලට සම්බන්ධ වෙලා සොටු දියර ගැලීමේ ප්‍රතික්‍රියාව කරන්න බෑ. එතකොට හෙම්බිරිස්සාවේ ලක්ශණ එලියට එන එක වලකිනවා.

හැබැයි ඉතින් එක එක Anti Histamine පරම්ප​රා තියෙනවා. හැමෝම දන්න වර්ග දෙක තුනට අමතරව මේ පරම්පරා ව​ල ත​ව ගොඩක් බේත් වර්ග​ත් තියෙනවා.
සමහර ඒවාගෙන් වැඩිපුර නිදිමත ඒමකුත් තියෙනවා.

හැබැයි ඒවා කතා කරන්න වෙන්නේ පස්සේ.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Bhathiya Wendakoon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr. Bhathiya Wendakoon:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Practice
  • Claim ownership or report listing
  • Want your practice to be the top-listed Clinic?

Share