Life with Care by Anju

Life with Care by Anju Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Life with Care by Anju, Medical and health, Dubai.
(57)

Providing compassionate care and support for individuals with disabilities – dignity, respect, and love every step of the way.
👨‍👩‍👧‍👦 නිරෝගී පරපුරක් වෙනුවෙන් සෞඛ්‍ය දැනුම සරලව.
🌸 Life with Care by Anju - ඔබ වෙනුවෙන්මයි.

රෝගී මුහුණක සිනහවක් දකින්න, වෙහෙස නොබලා කැපවෙන දෑත්වලට උපහාරයක් වේවා!💗​වෘත්තියට එහා ගිය මනුෂ්‍යත්වයේ සේවය අගය කරන ලෝක හෙ...
12/05/2026

රෝගී මුහුණක සිනහවක් දකින්න,
වෙහෙස නොබලා කැපවෙන
දෑත්වලට උපහාරයක් වේවා!💗

​වෘත්තියට එහා ගිය මනුෂ්‍යත්වයේ
සේවය අගය කරන ලෝක හෙද දිනය අදයි.
මා සමඟ සේවය කරන සියලුම හෙද
සහෝදර සහෝදරියන්ටත්,
ලොව පුරා ඉන්න හෙද වීරයින්ටත්
සුභ හෙද දිනයක් වේවා! ❤️

​(ඔයාලා රෝහලකට ගිය වෙලාවක ඔයාලට හමු වුණු හොඳම හෙදිය ගැන මතකය මොකක්ද? පහලින් Comment එකක් දාගෙන යමු. 👇)

මගේ හදවතට සමීප ඔයාලා හැමෝම වෙනුවෙන් කරන ආදරණීය ඉල්ලීමක්! ❤️​අද "Life with Care" මේ මට්ටමට එන්න ලොකුම ශක්තිය වුණේ මගේ පෝස...
11/05/2026

මගේ හදවතට සමීප ඔයාලා හැමෝම වෙනුවෙන් කරන ආදරණීය ඉල්ලීමක්! ❤️

​අද "Life with Care" මේ මට්ටමට එන්න ලොකුම ශක්තිය වුණේ මගේ පෝස්ට් බලන, ඒවට කමෙන්ට් කරන ඔයාලා. ඔයාලා මට නිකම්ම "Fans" ලා නෙවෙයි, මගේ ගමනේ ඉන්න වටිනාම සම්පත්. මට කවදාවත් ඔයාලට අසාධාරණයක් කරන්න බැහැ.🤗
සමහර වෙලාවට මම ඔයාලගේ ප්‍රොෆයිල් එකටම ගිහින් බලද්දී තමයි දකින්නේ කොච්චර පෝස්ට් ප්‍රමාණයක් මට මිස් වෙලාද කියලා. මට ඇත්තටම ඒ වෙලාවට ගොඩක් දුකයි.
​අපේ මේ බැඳීම මග ඇරෙන්න දෙන්න එපා... 🤝

​ ඒ නිසා අපි මේ එකමුතුකම රැකගන්න පුංචි දෙයක් කරමු. ඔයාලා මොන පෝස්ට් එකක් දැම්මත් ඒකේ කමෙන්ට් එකක් විදිහට සහ වගේ දාන්න. එතකොට ඔයාලගේ පෝස්ට් මගේ Wall එකේ උඩටම එනවා, මට එකක්වත් මග හැරෙන්නේ නැහැ.

​අපි මේ ගමන ආවේ එකමුතුකමින් සහ යාළුකමින්. ඒ බැඳීම එහෙමම තියාගමු. මට ඔයාලව මග ඇරෙන්න දෙන්න එපා! ❤️
​ආදරෙයි හැමෝටම!
゚viralシfypシ゚

11/05/2026

නිතරම ඇඟට මහන්සිද? නින්ද යන්නේ නැද්ද? 🤔

​අපේ සිරුරේ සිදුවන ජෛව රසායනික ක්‍රියාවලීන් 300කට වඩා වැඩි ප්‍රමාණයකට මැග්නීසියම් (Magnesium) අත්‍යවශ්‍යයි. නමුත් අද කාලේ අපේ වැරදි ආහාර රටාවන් නිසා බොහෝ දෙනෙක් මැග්නීසියම් ඌනතාවයෙන් පෙළෙනවා.

​ඔබටත් මේ ලක්ෂණ තියෙනවාද? 👇
✅ නිතරම දැනෙන තෙහෙට්ටුව සහ අලස බව.
✅ රාත්‍රියට නින්ද නොයාම (Insomnia).
✅ මාංශ පේශි පෙරළීම හෝ නිතර ඇතිවන ඇඟේ පතේ වේදනාව.
✅ මානසික ආතතිය සහ නිතර කේන්ති යාම.

​🎇 මැග්නීසියම් සිරුරට මෙතරම් වැදගත් වන්නේ ඇයි? (විද්‍යාත්මක පැහැදිලි කිරීම)

​මැග්නීසියම් අපේ සිරුරේ සෛල මට්ටමින් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනවා:

🔖​ශක්තිය නිපදවීම (Energy Production): අප ගන්නා ආහාර ශක්තිය බවට පත් කරන ATP (Adenosine Triphosphate) අණුව සක්‍රීය කිරීමට මැග්නීසියම් අත්‍යවශ්‍යයි. මැග්නීසියම් අඩු වූ විට සිරුරට අවශ්‍ය ශක්තිය නිපදවීමට නොහැකි වී ඔබට අධික මහන්සියක් දැනෙන්න ගන්නවා.

🔖​ස්නායු සහ මාංශ පේශි පාලනය: මාංශ පේශි හැකිලීම සහ ලිහිල් කිරීම (Contraction & Relaxation) පාලනය කරන්නේ මැග්නීසියම් මගින්. මැග්නීසියම් අඩු වූ විට මාංශ පේශි අනවශ්‍ය ලෙස තද වීම සහ පෙරළීම (Cramps) සිදු වෙනවා
🔖​ස්නායු පද්ධතිය සන්සුන් කිරීම: මොළයේ ඇති GABA නම් ස්නායු සම්ප්‍රේෂකය (Neurotransmitter) නියාමනය කරමින් ස්නායු පද්ධතිය සන්සුන් කිරීමට මැග්නීසියම් උදව් වෙනවා. මෙය සුව නින්දකට සහ මානසික ආතතිය අඩු කිරීමට ඉතා වැදගත්.

🔖​හෘද ස්පන්දනය නියාමනය: හදවතේ රිද්මය නිවැරදිව පවත්වා ගැනීමට කැල්සියම් සහ මැග්නීසියම් අතර සමබරතාවය අත්‍යවශ්‍යයි.

​🌿 මැග්නීසියම් බහුල ආහාර වර්ග:
👍​නිවිති වැනි තද කොළ පැහැති පලා වර්ග.
👍​කජු, වට්ටක්කා ඇට සහ සූරියකාන්ත ඇට.
👍​ඕට්ස් (Oats) සහ කුරක්කන්.
​කෙසෙල් සහ අලිගැටපේර.

​➡️දිනකට අවශ්‍ය මාත්‍රාව:
නීරෝගී වැඩිහිටියෙකුට දිනකට මැග්නීසියම් මිලිග්‍රෑම් 310mg - 420mg අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ.

​✅ මතක තබාගන්න:
ඔබත් නිතරම මහන්සියෙන් හෝ මානසික ආතතියෙන් ඉන්න කෙනෙක් නම්, ඔබේ ආහාර වේල ගැන ආයෙත් පාරක් හිතලා බලන්න. සරල වෙනසකින් ඔබේ ජීවිතයට ලොකු සහනයක් ලබාගන්න පුළුවන්. 🤗

​මේ වගේ සෞඛ්‍යමය තොරතුරු තවත් දැනගන්න අපේ පිටුව Follow කරන්න! ඔයාලගේ අදහස් පහළින් කමෙන්ට් කරන්න. ❤️

Good morning ...📣📣       ゚viralシfypシ゚
11/05/2026

Good morning ...📣📣
゚viralシfypシ゚

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉 සිත් අහස, Lahiru Sadaruwan, A M Jayantha...
10/05/2026

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉 සිත් අහස, Lahiru Sadaruwan, A M Jayantha Kusumsiri, Nirosha Wedagedara, Chandima Athauda, Thilini Hansi, Hansika Hansika, Krishan Erosh Bandara, Upeka Lakmini, Rm Janaka Kumara Ranaweera, Gimani Nisansala, Ravindi Lakmini, Has Wijewarnakula, Nihara Haseem, Yaara Windy, චතුරංග ගමගේ, Karunaratne Dissanayake, Nuwan Chamara, කාංචනා සඳමාලි, Seetha Aththanayaka, Rosman Mallika, Anton Silva, Tharanga Sujani

10/05/2026

බිඳුණු හදවතේ කතාව:💗 Broken Heart Syndrome

​ඇය නමින් සාරා. ඉතාමත් ප්‍රීතිමත්, ජව සම්පන්න තරුණියක්. නමුත් ඇය කිසිසේත් බලාපොරොත්තු නොවූ මොහොතක ඇයට සමීපතම කෙනෙකුගේ හදිසි වියෝව ඇයව දැඩි මානසික කම්පනයකට ඇද දැමුවා. ඉන් දින කිහිපයකට පසු ඇයට හදිසියේම දැඩි පපුවේ වේදනාවක් සහ හුස්ම ගැනීමේ අපහසුවක් ඇති වූ අතර, ඇයව වහාම රෝහල් ගත කෙරුණා.
​පරීක්ෂණ කළ වෛද්‍යවරුන් පැවසුවේ ඇයට වැළඳී ඇත්තේ සාමාන්‍ය හෘදයාබාධයක් නොව "Broken Heart Syndrome" හෙවත් "බිඳුණු හදවතේ රෝගය" බවයි.

​🔖 මොකක්ද මේ අසනීපය?🤔

​මෙම රෝගය වෛද්‍ය විද්‍යාවේදී Takotsubo Cardiomyopathy ලෙස හැඳින්වේ. මෙහිදී සිදුවන්නේ දැඩි මානසික කම්පනයක් නිසා හෘදයේ ප්‍රධාන රුධිරය පොම්ප කරන කුටීරය (Left Ventricle) තාවකාලිකව අඩපණ වී, බැලූනයක් මෙන් ඉදිමී හැඩය වෙනස් වීමයි.

​🔖 ශරීරයට සිදුවන දේ:
​අප දැඩි කම්පනයකට හෝ ආතතියකට පත් වූ විට, ශරීරය මගින් ඇඩ්‍රිනලින් (Adrenaline) වැනි ආතති හෝමෝන විශාල ප්‍රමාණයක් එකවර මුදා හරියි. මෙම හෝමෝන මගින් හෘදයේ මාංශ පේශිවලට "විෂ සහිත" බලපෑමක් ඇති කර, හෘදයේ ස්පන්දනය අක්‍රමවත් කර රුධිරය පොම්ප කිරීමේ හැකියාව තාවකාලිකව නතර කරයි.

🔖 රෝග ලක්ෂණ

⬆️​හදිසියේ ඇති වන තද පපුවේ වේදනාව (Heart Attack එකක් මෙන් දැනේ).
⬆️​හුස්ම ගැනීමේ අපහසුව.
​සිරුරට පණ නැති ගතිය සහ ක්ලාන්තය.
⬆️​අක්‍රමවත් හෘද ස්පන්දනය.

​🔖ඇති වීමට හේතු

⚠️️​ආදරණීයයෙකුගේ මරණය.
⚠️️​ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම හෝ දික්කසාදය.
⚠️️​දැඩි බියක්, කෝපයක් හෝ මූල්‍යමය පාඩුවක් වැනි මානසික ආතතියක්.
⚠️️​සමහර විට ඉතාමත් ප්‍රීතිමත් ආරංචියක් (උදා: ලොතරැයියක් දිනීම) නිසාද මෙය ඇති විය හැක.

​🔖 ප්‍රතිකාර (බෙහෙත්)

✅​හෘදයේ ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීමට Beta-blockers, ACE inhibitors වැනි ඖෂධ වෛද්‍යවරුන් නිර්දේශ කරයි.
✅​මනෝවිද්‍යාත්මක උපදේශනය (Counseling) මගින් මානසික කම්පනය පාලනය කිරීම ඉතා වැදගත් වේ.

​🔖 ඇති විය හැකි අවදානම

​නිසි කලට ප්‍රතිකාර නොගතහොත් හෘදයේ ක්‍රියාකාරිත්වය අඩපණ වීම (Heart Failure), පෙනහළු තුළ ජලය පිරීම (Pulmonary Edema) හෝ කලාතුරකින් මරණය පවා සිදුවිය හැක. නමුත් බොහෝ දෙනෙක් සති කිහිපයකින් සම්පූර්ණ සුවය ලබයි.

​අද සමාජයට පණිවිඩයක්: දැනුවත් වෙමු! බෙදා ගනිමු!👍👍
​අද වේගවත් සමාජයේ අප බොහෝ දෙනෙක් මානසික ආතතිය සාමාන්‍ය දෙයක් ලෙස සලකා නොසලකා හරිමු. නමුත් මතක තබා ගන්න, "හිතේ දුක හදවත නවත්වන්න පුළුවන්" තරම් ප්‍රබලයි.

​විශේෂයෙන්ම තරුණ තරුණියන් සහ කාන්තාවන් අතර මෙම තත්ත්වය වැඩිපුර දක්නට ලැබේ. ඔබේ හිතවතෙකු දැඩි මානසික පීඩනයකින් සිටිනවා නම්, ඔවුන්ව තනි නොකරන්න. පපුවේ වේදනාවක් දැනුණු සැනින් එය "දුකට ඇති වූ දෙයක්" යැයි නොසිතා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට යොමු වන්න.🤗🤗

​මෙම තොරතුරු හැකිතාක් Share කර අපේ ආදරණීයයන් දැනුවත් කරමු!👍👍




10/05/2026

සඳුනිගේ කතාව සහ සොරයිසිස් (Psoriasis) යනු කුමක්ද? 🤔🤔

​සඳුනි කියන්නෙ හරිම ලස්සන, හිනාවෙලා ඉන්න කැමති ලමයෙක් . ඒත් මීට කාලෙකට කලින් ඇගේ ඇඟේ තැනින් තැන පොඩි රතු පාට බිබිලි දාන්න ගත්තා. මුලින් හිතුවේ සාමාන්‍ය අසාත්මිකතාවයක් කියලයි. ඒත් මොන තරම් බෙහෙත් කළත් ඒ බිබිලි අඩුවුණේ නැහැ. ටික කාලයක් යද්දී මේ තත්ත්වය හිසට වගේම මුළු ඇඟ පුරාම පැතිරුණා. 😔
​හම රළු වෙලා, කොරල වගේ ගැලවෙන්න ගත්ත නිසා සඳුනි හරිම අපහසුතාවයකට පත්වුණා. "කට්ටිය මගේ දිහා කොහොම බලයිද? මගේ හම හරිම කැතයි..." කියලා හිතපු සඳුනි කාමරයටම කොටු වුණා. ඇය මානසිකව වැටිලා, ලැජ්ජාව නිසා සමාජයට මුහුණ දෙන්න බය වුණා. 🏠💔

​ඇත්තටම මේක සඳුනිගේ විතරක් නෙවෙයි, තවත් බොහෝ දෙනෙක් මුහුණ දෙන ප්‍රශ්නයක්. මේ ලෙඩේ නම "සොරයිසිස්" (Psoriasis).
​මොකක්ද මේ සොරයිසිස් කියන්නේ? 🤔🤔😱

​බොහෝ දෙනෙක් හිතන්නේ සොරයිසිස් කියන්නේ අනුන්ගෙන් බෝවෙන හමේ රෝගයක් කියලා. ඒත් ඒක සම්පූර්ණ වැරදි මතයක්! 🚫

🔼​විද්‍යාත්මකව බැලුවොත්, සොරයිසිස් කියන්නේ අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ (Immune System) ඇතිවන වෙනසක් නිසා ඇතිවන තත්ත්වයක්. සාමාන්‍යයෙන් අපේ හමේ සෛල අලුත් වෙන්න දින 28ක් විතර යනවා. ඒත් මේ රෝගයේදී ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අධි ක්‍රියාකාරීත්වය නිසා දින 3-4ක් වැනි කෙටි කාලයකදී ඉතා වේගයෙන් හමේ සෛල නිපදවනවා. ඒ නිසා හම මතුපිට කොරල වගේ තට්ටු එකතු වෙන්න ගන්නවා. 🧬

🔼​සොරයිසිස් ඇති වෙන්නේ ඇයි? 🤔
🔖​ජානමය හේතු:
පවුලේ කාට හෝ තිබීම බලපාන්න පුළුවන්.
🔖​ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දෝෂ
: ශරීරයේ සෛලවලට එරෙහිව ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියා කිරීම.
🔖​පාරිසරික සාධක:
දැඩි හිරු රශ්මිය, හමට සිදුවන තුවාල හෝ ඇතැම් ආසාදන.

🔼​මානසික තත්ත්වය සහ සොරයිසිස් 🧠📉
​මේ රෝගය වැඩි වෙන්න ප්‍රධානම හේතුවක් තමයි මානසික ආතතිය (Stress). සඳුනි වගේ මානසිකව වැටෙනකොට, සිරුරේ ඇතිවන හෝමෝන වෙනස්කම් නිසා මේ රෝගී තත්ත්වය තවත් දරුණු වෙනවා. ඒ නිසා රෝගය පාලනය කරන්න නම් මනස සන්සුන්ව තබා ගැනීම ඉතාම වැදගත්.

🔼​ප්‍රතිකාර සහ පාලනය
​සොරයිසිස් මුළුමනින්ම සුව කළ නොහැකි වුවත්, නිසි වෛද්‍ය උපදෙස් මත එය ඉතා හොඳින් පාලනය කළ හැකියි.

✅​බාහිරින් ආලේප කරන ඖෂධ: වෛද්‍යවරුන් නිර්දේශ කරන ක්‍රීම් වර්ග සහ ලෝෂන්.
✅​පොටෝතෙරපි (Phototherapy): විශේෂිත ආලෝක කිරණ මගින් ප්‍රතිකාර කිරීම.
✅​ඖෂධ:
ශරීරයේ ප්‍රතිශක්තිකරණය පාලනය කරන ඖෂධ ලබා ගැනීම
👍​ආහාර රටාව:
වළක්වා ගත යුතු දේ 🍎🚫

​ඇතැම් ආහාර නිසා රෝගය වැඩි වීමට ඉඩ ඇති බැවින් මේවා ගැන සැලකිලිමත් වන්න:

⚠️️​අධික ලෙස සීනි සහ පැණිරස කෑම. 🍩
⚠️️​මද්‍යසාර සහ දුම්වැටි භාවිතය.
⚠️️​කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර.
⚠️️​සමහර අයට රතු මස් (Red Meat) සහ කිරි නිෂ්පාදන නිසා රෝගය වැඩි විය හැකියි.

🤗​සොරයිසිස් කියන්නේ ලැජ්ජා විය යුතු දෙයක් නෙවෙයි. මෙය ස්පර්ශයෙන් බෝවන රෝගයක් නොවන නිසා, සඳුනි වැනි රෝගීන්ව හුදෙකලා නොකර ඔවුන්ට ආදරය සහ සහයෝගය ලබා දෙමු. ❤️🤝

👍​ඔබටත් මෙවැනි ලක්ෂණ ඇත්නම්, වහාම සුදුසුකම් ලත් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයකු (Dermatologist) හමුවන්න.

🙏ඔබේ ආදරණීයයන්වත් මේ ගැන දැනුවත් කරන්න අමතක කරන්න එපා. ලෙඩ රෝග ගැන නිවැරදි විද්‍යාත්මක දැනුම බෙදාගනිමු! 🤝

09/05/2026

Give them some time to speak freely.
🤗Listen to them as well.👍💗

ආදරේ කියන්නේ ජීවිතේම නෙවෙයි… ජීවිතේ ලස්සන කොටසක් විතරයි ❤️ඒ කොටසත් ආදරෙන් පරිස්සම් කරගෙන, තමන්වත් අහිමි නොකරගෙන ඉස්සරහට ...
08/05/2026

ආදරේ කියන්නේ ජීවිතේම නෙවෙයි… ජීවිතේ ලස්සන කොටසක් විතරයි ❤️
ඒ කොටසත් ආදරෙන් පරිස්සම් කරගෙන, තමන්වත් අහිමි නොකරගෙන ඉස්සරහට යන්න ඕනේ…🥺✨
ආදරේ ජීවිතේම කරගත්ත මිනිස්සු ගොඩක් වෙලාවට තමන්වම නැති කරගෙන දුක් විඳිනවා…
හැබැයි ආදරේ ජීවිතේ කොටසක් විතරක් කරගෙන, තමන්ගේ හීන, සතුට, ජීවිතේත් එක්ක balance කරගෙන ගිය අය අද ජීවිතේ ජය අරන් ඉන්නවා 🌸❤️
ජීවිතය කියන මහා පොතේ, ආදරය කියන්නේ එක සුන්දර පරිච්ඡේදයක් විතරයි... 📖❤️
මුළු පොතම ඒ පරිච්ඡේදයට කැප නොකර, ඉතිරි පිටුත් ලස්සනට ලියන්න.

Shout out to my newest followers! Excited to have you onboard! MA Lee, Dilini Shashiprabha, Dilshan Leema, Wipula Kelum,...
08/05/2026

Shout out to my newest followers! Excited to have you onboard! MA Lee, Dilini Shashiprabha, Dilshan Leema, Wipula Kelum, Buddhika Disanayake, Kelum Disanayaka, Hemali Seeladasa, Malinda Keerthi Bandara, Hasitha Nuwan Aberathna, Prasad Laksh*tha, Dilini Dil, Nadeesha Lakmal, Lakmal Madusanka, Lakshani Gunathilaka, Sampath Mathusanka, Nadeesha Dulanjalie, Wathsala Ranaweera, Chalani, Akkmal Hussain, Sureni Galagedarage, Lasantha Ruwan, Thanuja Chathurangani, Vishmitha Sampath, Hashini Ranaweera, Samudika Dulanjali, Ricky Kasun, Kaushadi Malika, Asho Thennakoon, Deepthi Suganthi Fonseka, Ramani Disanayaka, Sewwandi Ishara, Asanga Kumara de Silva, Diana Wiggin, Sandu Mayanthi, Rasika Gayan, Sudara Fernando, Chamila Nisha, Tharuka Thushani, Nisansala Sarangi, Bajo Rao, Amila Madhusanka, Prasanna Vidanapathirana, Anjani Chamoda, Supun Hasitha, Sevanthi Chethika, Rasanjali Warnakuladuriya, Shashi Udayangi, Chama Maxx, Neerosha Charuni Perera, Upeksha DM

08/05/2026

හමෝටම CM දීලා මාර්ක්ස් අයියා
එතකොට ..අපි ඔටුවොද🤔🤔🤔

Address

Dubai

Website

Alerts

Be the first to know and let us send you an email when Life with Care by Anju posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Featured

Share