Maheshayurveda

Maheshayurveda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Maheshayurveda, Medical and health, Brisbane.

දැන්වීමයි.======නොවැලැක්විය හේතුවක් නිසා කුරුණෑගල මහේෂායුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය ජනවාරි මස 22(බදාදා) සහ 23(බ්‍රහස්පතින්...
18/01/2025

දැන්වීමයි.
======

නොවැලැක්විය හේතුවක් නිසා කුරුණෑගල මහේෂායුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය ජනවාරි මස 22(බදාදා) සහ 23(බ්‍රහස්පතින්දා) යන දින වලදී වසා තැබේ.

එම දින වලදී ප්‍රතිකාර සදහා පැමිනීමෙන් වලකින්න.

ජනවාරි 24 වන දින සිට වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර කටයුතු සාමාන්‍යය පරිදි සිදු කෙරේ.
අංක වෙන් කිරීමේදී 24 සහ 25 දින වලට අදාල අංක වෙන් කිරීම සිදු කරන ලෙස ඉල්ලා සිටිමි.

වැඩි විස්තර සදහා 037 222 79 29 අංකයට හෝ 0719 84 00 84 යන අංක වලට අමතා විස්තර ලබා ගන්න.
ඔබට ඇතිවන අපහසුතා පිලිබදව කණගාටුව පල කරමි.

ස්තූතියි...!

මීට ආයුර්වේද වෛද්‍ය මහේෂ් ජයතිලක ඇතුළු මහේෂායුර්වේද කාර්‍යමණ්ඩලය.

නිසි ආයුර්වේද ප්‍රතිකාර මගින් කොලෙස්ටරෝල් සුව කල හැක.====================================රෝගියෙකුගේ රුධිරගත සම්පූර්ණ ලිප...
16/12/2024

නිසි ආයුර්වේද ප්‍රතිකාර මගින් කොලෙස්ටරෝල් සුව කල හැක.
====================================

රෝගියෙකුගේ රුධිරගත සම්පූර්ණ ලිපිඩ පරීක්ෂාවකින් හදුනාගත හැකි කොලෙස්ටරෝල් මට්ටම ඇතුළු අනෙකුත් වෙනස්වීම් ආයුර්වේද ප්‍රතිකාර මගින් සුව කල හැක. එහිදී ඉන්දියානු මූලික ආයුර්වේද ග්‍රන්ථ වල සදහන් මූලධර්ම අනුව රෝගියාටම අනන්‍ය ප්‍රතිකාර පද්ධතියක් සැලසුම් කරන අතර එමගින් ඉතා සාර්ථකව එම විෂමතා නිවැරදි කල හැක.
ඒ අතරම අක්මා ක්‍රියාකාරී පරීක්ෂණයක් මගින් අක්මාවේ විෂමතා හදුනාගැනීමෙන් පසු අක්මාවේ ක්‍රියාකාරීත්වයද නිවැරදි කරන නිසා මෙලෙස කොලෙස්ටරෝල් අඩු කිරීම ඉතාම ඵලදායී වේ.

මේ ඔබට පහලින් දිස්වන්නේ එලෙස සති 2ක පමණ කාලයක් කල ප්‍රතිකාර වලින් අනතුරුව ලබාගත් ප්‍රතිඵල සටහනක්.

ඔබ කොලෙස්ටරෝල් වැඩිවීමකින් පීඩා විදින කුරුණෑගල අවට රෝගියෙක් නම් මහේෂායුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පැමිනෙන්න පුළුවන්.
වැඩි විස්තර සදහා 0372227929 ට ඇමතුමක් ලබා දෙන්න.

ඔබ දුරබැහැර නම් 071840084 අංකය ඔස්සේ online සායන සදහා සහභාගී වෙන්න.

මෙම ප්‍රතිකාර සදහා රහස් ඖෂධ කිසිවක් භාවිතා කොට නැති බැවින් ලංකාව පුරා වෙසෙන ඕනෑම BAMS උපාධිදාරී ආයුර්වේද වෛද්‍යවරයෙකු හමුවී ඔබේ ප්‍රතිකාර කටයුතු සැලසුම් කරගන්නත් පුළුවන්.
වැඩි විස්තර දැනගැනීමට ලගම ඇති රජයේ ආයුර්වේද රෝහලට හෝ ලගම සිටින BAMS උපාධිදාරී ආයුර්වේද වෛද්‍යවරයෙකු හමුවන්න. ඔවුන් ඉතා කාරුණිකව ඔබේ රෝගය සුව කරගැනීමට උපදෙස් දෙනු ඇත.

ඕනෑම වෛද්‍ය කරුණක් සම්බන්ධව තොරතුරු දැනගැනීමට 0372227929, 0719840084, 0719840085, 0719840086 යන අංක වලට කථා කරන්න.

29/11/2024
යුෂ්මතාගේත් අතපය, කොන්ද, ඇගපත රිදෙනවා ද ?ආයුර්වේද සුව දන්සැල....❤️
29/11/2024

යුෂ්මතාගේත් අතපය, කොන්ද, ඇගපත රිදෙනවා ද ?

ආයුර්වේද සුව දන්සැල....❤️

මහේෂායුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය විසින් පවත්වන ආයුර්වේද සුව දන්සැල...2024 දෙසැම්බර් 14 දින දහවල් 12 සිට රාත්‍රී 9 දක්වා ප...
29/11/2024

මහේෂායුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය විසින් පවත්වන ආයුර්වේද සුව දන්සැල...

2024 දෙසැම්බර් 14 දින දහවල් 12 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ.
බාහිර ප්‍රතිකාර සදහා කිසිදු අය කිරීමක් නොකෙරේ.

ඔබේ රෝගී තත්වයන් සදහා අවශ්‍ය තෙල් වර්ග නොමිලේ ලබා දේ.

19/11/2024

අනතුරක් ඕනෑම අවස්ථාවක වෙන්න පුළුවන්. එහෙම වෙලා අතක් පයක් ඕනෑම අවස්ථාවක කැඩෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ වෙලාවක ආයුර්වේද ප්‍රථිකාර වලට යොමු වීම ඉතාම සුලබ දෙයක්. ඉතිං ඒ වගේ රෝගියෙකුට මහේෂායුර්වේදයේ අපි ප්‍රතිකාරයක් සැලසුම් කරන ආකාරය ගැන පොඩි හැදින්වීමක් කරන්න හිතුවා. මේ තියෙන්නේ ඒ video එක.ඒ වගේම අස්ථි බිදීමකදී රෝගියා වෛද්‍යවරයා වෙත ප්‍රවාහනය කරන විට එම බිදීමට ලක් වූ ස්ථානය නොසෙල්වෙන පරිදි ලෑල්ලක් මත තබා රැගෙන යන්න.කිසිදු සන්ධි වැදීම්, තැලීම්, කෙටීම්, කැඩීම් ආදි අවස්ථා ඇදීමෙන් වලකින්න.එම ස්ථානයේ වේදනා නාශක බාම් හෝ තෙල් වර්ග ගැල්වීම, අතගෑම නොකරන්න.වේදනාව අඩු වීමට කියා රෝගියාට මත්පැන් පෙවීමෙන් වලකින්න.සැමවිටම රෝගියාට නිසි සිහියෙන් සිටීමට ඉඩ සලසා දෙන්න.රෝගියාගේ බිය තුරන් වන පරිදි කටයුතු කරන්න.අස්ථි බිදීමක් යනු බිය වීමට අවැසි කාරණාවක් නොවන බවත් නිසි ප්‍රතිකාර සහ නිසි ‍රෝග කළමණාකරනය මගින් සම්පූර්ණයෙන්ම පෙර තිබූ පරිදිම සුව කල හැකි බවත් රෝගියාට පැහැදිලි කරන්න.

30/09/2024

ඔබ දැන් කරමින් සිටින්නේ ඔබට ගැලපෙන රැකියාවක් ද...?ඔබට හැදෙන්න පුළුවන් රෝගාබාධ මොනවාද...?ඔබට ගැලපෙන ආහාර මොනවාද..?

06/08/2024

උදේම නැගිටිනකොට විළුඹ රිදෙනවා නම්,
එතකොට ඇදෙන් බැහැලා අඩිය තියනකොට කැක්කුමක් එන නිසා කොර ගහ ගහ වාගෙ අමාරුවෙන් අමාරුවෙන් විනාඩි කීපයක් ඇවිදින්න ඕන වුනත් ඊටපස්සෙ ඒක අඩු වෙලා යනවා නම්,
ආයෙත් කෑම කන්න හරි ටීවි එක බලන්න වගේ relax එකේ ඉදගෙන ඉදලා ආයෙත් නැගිටලා අඩිය තියන්න හදනකොට කැක්කුම එනවා නම්,

බයවෙන්න එපා, ආයුර්වේද බෙහෙත් වලින් ඔය රෝග තත්වය හොදටම හොද කරන්න පුළුවන්.

හොද වෙන්න ගතවෙන කාලය රෝගියාගේ ශරීර ස්වභාවය අනුව වෙනස් වෙන නමුත් හොද කරන්න පුළුවන්.

එනකොට විළුඹේ xray එකක් අරගෙන ලගම තියෙන මහේෂායුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය වෙත එන්න.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගැනත් ආයුර්වේද ශල්‍ය විද්‍යාව ගැනත් හදාරලා රජයේ ආයුර්වේද රෝහල් වල සීමාවාසික වෛද්‍ය පුහුණුව සම්පූර්ණ කරපු සහ වෛද්‍ය මහේෂ් ජයතිලක සමග කාලයක් සේවය කරලා අත්දැකීම් සමග ඒ ප්‍රතිකාර පලපුරුද්ද ලබාගෙන ඉන්න දක්ෂ වෛද්‍යවරුන් තමා මහේෂායුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන වල රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ. මහේෂායුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන වල වෛද්‍යවරුන් සුවිශේෂී වන්නේ ඒ නිසයි.
ඒ නිසා වෛද්‍ය මහේෂ් ජයතිලක විසින් සිදුකල ප්‍රතිකාර ඒ විදියටම තාමත් මහේෂායුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන වලදී ලබාගන්න පුළුවන්.

වැඩි විස්තර සදහා පහත අංක වෙත අමතන්න.

කුරුණෑගල ප්‍රධාන ශාඛාව: 037 222 79 29
තිහාරිය ශාඛාව: 071 9 84 00 85

Whatsapp: +94 71 9 84 00 84

Medical & health

24/07/2024

හිස පුපුරන්න වගේ එන ඔළුවේ කැක්කුම හොද කරන්න පුළුවන්.

මුලින්ම ඔළුවේ කැක්කුම ඇති වෙන්න බලපාන හේතු මොනවාද කියලා මහේෂායුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් විසින් හොයලා බලනවා. ඊටපස්සෙ ඒ හේතුවට අදාලව ප්‍රතිකාර ආරම්භ කරනවා.

වර්ථමානයේ සුලභ රෝගයක් වන මෙම රෝගයට සාර්ථක ප්‍රතිකාර ආයුර්වේද ප්‍රතිකාර වල තිබෙනවා.

නිවැරදිව වෛද්‍ය උපදෙස් පිලිපැදීමත් නිසි ප්‍රතිකාර ගැනීම මගිනුත් ඉරුවාරදය රෝගය සාර්ථකව සුව කරගැනීමට පුළුවන්.

සියළු ප්‍රතිකාර මෙහෙයවීම කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය සහ ශල්‍යවේදී උපාධිය ලත් ආයුර්වේද වෛද්‍යවරුන් විසිනි.

ප්‍රමිතියෙන් ඉහල සෞඛ්‍යාරක්ෂිතව සැකසූ ඖෂධ සියල්ලම වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලබාදෙන බැවින් ඖෂධ සෙවීම පිලිබදව ඔබට වද වීමට අවශ්‍ය නෑ.

මහේෂායුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
වැල්ලව පාර,
මුත්තෙට්ටුගල,
කුරුණෑගල.
0719840084
037 222 7929

මහේෂායුර්වේද මෙඩිකෙයා
වාරණ පාර,
තිහාරිය,
නිට්ටඹුව.
0719840085

Medical & health

උදේ පාන්දර ඉදන් උදේ 10 විතර වෙනකං කිඹුහුම් ගිහින් උදේ 10 වගේ වෙනකොට කිඹුහුම් යන එක ඉබේම නතර වෙන එක තමා පීනස රෝගයේ මූලිකම...
17/07/2024

උදේ පාන්දර ඉදන් උදේ 10 විතර වෙනකං කිඹුහුම් ගිහින් උදේ 10 වගේ වෙනකොට කිඹුහුම් යන එක ඉබේම නතර වෙන එක තමා පීනස රෝගයේ මූලිකම ලක්ෂණය. ඊට අමතරව හුස්ම ගැනීමෙ අපහසුතාවය, හිසකෙස් සුදු වීම වැනි බොහෝ ලක්ෂණ දකින්නට ලැබෙනවා.

සෙම්ප්‍රතිශ්‍යාව තත්වයකදී සෙම ගතිය මුළු දවස පුරා තිබුනත් පීනස තත්වයේදී මෙම සෙම තත්වය පවතින්නේ උදේ වරුවේ පමණයි.

වර්ථමානයේ සුලභ රෝගයක් වන මෙම රෝගයට සාර්ථක ප්‍රතිකාර ආයුර්වේද ප්‍රතිකාර වල තිබෙනවා.

නිවැරදිව වෛද්‍ය උපදෙස් පිලිපැදීමත් නිසි ප්‍රතිකාර ගැනීම මගිනුත් පීනස රෝගය සාර්ථකව සුව කරගැනීමට පුළුවන්.

සියළු ප්‍රතිකාර මෙහෙයවීම කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය සහ ශල්‍යවේදී උපාධිය ලත් ආයුර්වේද වෛද්‍යවරුන් විසිනි.

ප්‍රමිතියෙන් ඉහල සෞඛ්‍යාරක්ෂිතව සැකසූ ඖෂධ සියල්ලම වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලබාදෙන බැවින් ඖෂධ සෙවීම පිලිබදව ඔබට වද වීමට අවශ්‍ය නෑ.

මහේෂායුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
වැල්ලව පාර,
මුත්තෙට්ටුගල,
කුරුණෑගල.
0719840084
037 222 7929

මහේෂායුර්වේද මෙඩිකෙයා
වාරණ පාර,
තිහාරිය,
නිට්ටඹුව.
0719840085

කුරුණෑගල මහේෂායුර්වේද ප්‍රධාන ශාඛාව දැන් සතියේ දින 7ම විවෘතයි.ඔබට විශ්වාසනීය ආයුර්වේද ප්‍රතිකාර සැපයීම අපගේ බලාපොරොත්තුව...
17/07/2024

කුරුණෑගල මහේෂායුර්වේද ප්‍රධාන ශාඛාව දැන් සතියේ දින 7ම විවෘතයි.

ඔබට විශ්වාසනීය ආයුර්වේද ප්‍රතිකාර සැපයීම අපගේ බලාපොරොත්තුවයි.

29/06/2024

"Om Namo Bhagavate Vasudevaya
Dhanvantraye Amritakalasha Hastaya
Sarvamaya Vinashanaya Trailokyanathaya "

අමරණීයත්වයේ අමෘතය අඩංගු බඳුනක් ගෙන යමින් ඔහුගේ දිව්‍යත්වය තුලින් දිලිසෙන ගිනි දැල්ලක් මෙන් සියලු රෝග විනාශ කරන්නා වූ ඒ භාග්‍යවත් ධන්වන්තරී දෙවියන් හට මාගේ නමස්කාරය වේවා!…✨️

************

ආයුර්වේදයේ ආරම්භක වෛද්‍ය ධන්වන්තරී වෛද්‍යතුමන් සිහිකොට මහේෂායුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේදී සිදුකරන පලමු ධන්වන්තරී පූජාව ජූලි 06 වන සෙනසුරාදා දහවල් 12.00 ට කුරුණෑගල මහේෂායුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේදී පැවැත්වේ...!

වැඩි විස්තර සදහා 0372227929 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

රෝග පීඩා දුරු වී,
ඔබ සැම සුවපත් වේවා...!

Medical & health

Address

Brisbane, QLD
4000

Opening Hours

Tuesday 11am - 9pm
Wednesday 11am - 9pm
Thursday 11am - 9pm
Friday 11am - 9pm
Saturday 11am - 8pm
Sunday 11am - 8pm

Telephone

+94372227929

Website

Alerts

Be the first to know and let us send you an email when Maheshayurveda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Maheshayurveda:

Share