Suwodaa Ayurveda Medical Centre

Suwodaa Ayurveda Medical Centre Your trusted Ayurveda Centre in Melbourne for quality treatment by truly-qualified and well-experienced doctor

සම ශරීරයේ ඇති විශාලතම ඉන්ද්‍රියයි.  සම යනු කෙනෙකුගේ ශරීර අභ්‍යන්තරයේ නිරෝගිතාව හා පරිවෘත්තිය ක්‍රියාවල සමතුලිත තාවය බාහි...
26/03/2025

සම ශරීරයේ ඇති විශාලතම ඉන්ද්‍රියයි. සම යනු කෙනෙකුගේ ශරීර අභ්‍යන්තරයේ නිරෝගිතාව හා පරිවෘත්තිය ක්‍රියාවල සමතුලිත තාවය බාහිරට විදහා පෙන්වන කැඩපතක් බව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් කර ඇත. ඒ ඒ පුද්ගලයා අනුව සමෙහි ස්වාභාවය හඳුනා ගන්නා ආකාරය හා සම රැක ගැනීමට කරන සත්කාර පිළිබඳව SBS රේඩියෝවට සවන් දෙන්න.

සම යනු ශරීරයේ විශාලතම ඉන්ද්‍රිය වන අතර එය ජලය, ප්‍රෝටීන්, මේද සහ ඛනිජ ලවණ වලින් සෑදී තිබෙනවා. එය මුළු ශරීරයම ආවරණය ක...

ශරීරයේ ප්‍රතිශක්තිය (Immunity )නිසි ආකාරයට පවත්වා ගැනීම නිරෝගී ජීවිතයක් සඳහා අත්‍යාවශ්‍යම කරුණකි. ආයුර්වේද වෛද්‍ය  විද්‍...
18/02/2025

ශරීරයේ ප්‍රතිශක්තිය (Immunity )නිසි ආකාරයට පවත්වා ගැනීම නිරෝගී ජීවිතයක් සඳහා අත්‍යාවශ්‍යම කරුණකි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙහි ප්‍රතිශක්තිය හඳුන්වා ඇති ආකාරය, එය වැඩි කර ගැනීම ආදී විස්තර ගැන සඳහන් කර ඇති ආකාරය ගැන දැනුවත් වෙමු. ඒ පිළිබඳව SBS සිංහල සේවය සමඟ මා කළ සාකච්ඡාව ...

ආයුරුවේද වෛද්‍ය විද්‍යාවට අනුව ප්‍රතිශක්තිය පැහැදිලි කරන්නේ කෙසේද? ඒ අනුව ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කර ගන්නා ආක.....

ලෝකය සුවපත් කිරීමට සෘෂි නුවණින් ලොවට දායාද කර ඇති ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙහි, රෝගියා සුවපත් කිරීමට නම් , එක දරුවකු සිටි...
14/02/2025

ලෝකය සුවපත් කිරීමට සෘෂි නුවණින් ලොවට දායාද කර ඇති ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙහි, රෝගියා සුවපත් කිරීමට නම් , එක දරුවකු සිටින මවක් තම දරුවා රැක ගැනීමට කටයුතු කරන ආකාරයට වෛද්‍යවරයා රෝගියා කෙරෙහි කටයුතු කල යුතු බව දක්වා ඇත. එවන් ආකාරයට මහත් කැපවීමකින් කටයුතු කර අවසන රෝගියා සුවපත් කළ පසු මෙවන් ඇගැයිමක් ලැබීමම ඒ වෛද්‍ය වරයාට මහත් ආශිර්වාදයකි. 🙏
මේ රෝගියකුගෙන් ලැබුණු එවන් මිල කළ නොහැකි අගැයුමකි..❤

Words won’t accurately describe how grateful I am to Dr Udeni.My son had 4 bulged lumbar discs at the really young age of 20.
I was desperately searching when I found Dr Udeni, because my son was in constant pain and as I was told there was no cure.
When Dr Udeni consulted him for the first time ,she was so confident about what can be done to cure him ,which built my trust in her immediately.
Just like she told me , by the end of the first 7 days ,his pain was almost gone and at the end of the therapy his pain has completely disappeared.
She was so kind and devoted and went out of her way even to continue my son’s therapy on the days she was not working ,so that he could be healed before he got back to work.

She has immense knowledge in her field and is gifted with a genuine passion to cure people ,which positions her way ahead of professionals who are merely after lucrative means
Thank you doctor ! You are a miracle worker!!

Suwodaa Ayurveda Melbourne https://g.co/kgs/Sf3sDdL

කටී වස්ති හා ග්‍රීවා වස්‍ති- Sciatica/සයටිකා,Disc Buldge, Disc prolapse, Disc herniation , Degenarative Disc Disease , F...
20/01/2025

කටී වස්ති හා ග්‍රීවා වස්‍ති-
Sciatica/සයටිකා,Disc Buldge, Disc prolapse, Disc herniation , Degenarative Disc Disease , Fecet Joint Atheroparhy ආදී නූතන වෛද්‍ය ක්‍රමයෙන් ශල්‍යකර්මයෙන් තොරව සුව කළ නොහැකි කොඳු ඇටපෙල ආශ්‍රිත රෝග ශල්‍යකර්ම වලින් තොරව සුවකර ගැනීමට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙහි එන මෙම කටී වස්ති ග්‍රීවා වස්ති ආදී විශේෂිත ප්‍රතිකාර ක්‍රම අත්දුටුවයි.. ප්‍රත්‍යක්ෂයි..

ගිම්හානයේදී බහුලව දැකිය හැකි රෝගයක් වන Migraine හෙවත් ඉරුවාරදය ගැන SBS සිංහල සේවය සමඟින් කළ සාකච්ඡාව ..
13/01/2025

ගිම්හානයේදී බහුලව දැකිය හැකි රෝගයක් වන Migraine හෙවත් ඉරුවාරදය ගැන SBS සිංහල සේවය සමඟින් කළ සාකච්ඡාව ..

කාලගුණික විපර්යාස ඇතුළු සාධක ගණනාවක් සදහා වඩා සංවේදී වීම නිසා Migraine හෙවත් ඉරුවාරදය ඇති විය හැකියි. මේ පිලිබදව සිංහල...

ඕස්ට්‍රේලියාව වැනි වියළි දේශගුණයක් පවතින රටවල Hay Fever රෝග තත්වය බහුලව දකින්න පුලුවන්.. ඒ රෝගයට හේතු , ප්‍රතිකාර හා වළක...
31/10/2024

ඕස්ට්‍රේලියාව වැනි වියළි දේශගුණයක් පවතින රටවල Hay Fever රෝග තත්වය බහුලව දකින්න පුලුවන්.. ඒ රෝගයට හේතු , ප්‍රතිකාර හා වළක්වාගැනීම ගැන SBS සිංහල සේවය සමඟින් මාගේ සාකච්ඡාව..

ඕස්ට්‍රේලියාවේ වසන්ත කාලයේ අපට නිතර අහන්න ලැබෙන මාතෘකාවක් තමයි hay fever කියන්නේ. අපි ජිවත් වෙන්නේ බටහිර රටක වුනත් කෙන...

වසර දහස් ගණනකට පෙර ඉන්දියාව නිජබිම්ව ඇතිවූ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පසු කලෙක ලංකාවේද ප්‍රචලිතව අද වන විට ඕස්ට්‍රේලියාව ඇ...
18/10/2024

වසර දහස් ගණනකට පෙර ඉන්දියාව නිජබිම්ව ඇතිවූ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පසු කලෙක ලංකාවේද ප්‍රචලිතව අද වන විට ඕස්ට්‍රේලියාව ඇතුලු වෙනත් දියුණු රටවලද ව්‍යාප්තව ඇත. ඒ සම්බන්ධව මා කරන ලද සාකච්ඡාවක් SBS සිංහල සේවය තුලින්.... 17/10/2024

ආයුර්වේද වෛද්‍ය විද්‍යාව මේ වන විට ලොව පුරා පැතිර පවතින වෛද්‍ය ප්‍රතිකර්ම ක්‍රමයක්. එය ඕස්ට්‍රේලියාවේද මේ වන විට...

Hay Fever යෙන් තොර සුන්දර වසන්තකයට සූදානම් වෙමු ...=============================ශීත කාලයේදී ගොඩක් අයට තියෙන අපහසුතා  තමය...
10/09/2024

Hay Fever යෙන් තොර සුන්දර වසන්තකයට සූදානම් වෙමු ...
=============================
ශීත කාලයේදී ගොඩක් අයට තියෙන අපහසුතා තමයි උණ , ප්‍රතිශ්‍යාව , නහය බර වීම වගේ පොඩි පොඩි සෙම් ආබාධ .. " අනේ මේ ශීතල කාලය කවද්ද ඉවර වෙන්නේ.." කියල බලාගෙන හිටියට, ඊළගට වසන්ත කාලය ආවම සතුටින් විනෝද වෙන්න පුළුවන් කියලා බලාගෙන හිටියට මෙල්බන් වාසී බොහොමයක් දෙනාට හරිම පීඩිත කාලය තමයි වසන්තය . ඒකට හේතුව Hey fever කියන රෝගය ... සැප්තැම්බර් ,ඔක්තෝබර් වෙද්දී බැලු බැලු අත මල් පිපිලා පරිසරය ලස්සන වී ගෙන එද්දිම Hey fever තත්වය තියෙන අයට කිවිසුම් යාම , ඇස් කැසීම , නාසය අවරෝධ වීම , හුස්ම ගැනීමේ අපහසුව වගේ අනේකවිධ ලක්ෂණ ඇතිවෙන්න පටන් ගන්නවා . මේවා සුළු තත්ත්ව සිට තරමක් සංකීරණ ලක්ෂණ දක්වාම වර්ධනය වෙන්න පුළුවන්.
බටහිර වෛද්‍ය ක්‍රමයෙන් මෙයට ඇති විසදුම අසාත්මික තාවය නැතිකිරීමට Anti Histamine වර්ගයේ ඖෂධ භාවිතා කිරීම හා අවස්ථානුකූලව රෝග ලක්ෂණ වලට පිළියම් යෙදීම පමණයි .
ඒත් ශරීරයට අහිතකර නොවන ස්වභාවික ශාකමය ඖෂධ වර්ග භාවිතයෙන් සිරුරේ ප්‍රතිශක්තිකරණ බලය ඉහළ නංවා ගෙන ආසාත්මිකතා නොමැති සුවබර දිවියකට ආයුර්වේද වෛද්‍ය විද්‍යාව මහත් පිටිවහලක් . ඒ සඳහා මනා අධීක්ෂණයකින් යුතුව මසක් දෙකක් පමණ කාලයක් ඖෂධ භාවිතා කළ යුතු වෙනවා .
ශිත කාලය නිමා වන්නට පෙර වස්සානය සඳහා සුදානම් වෙමු. ඔබත් ඒ සඳහා අද සිටම සුදානම් වෙන්න. ඔබ සැමට Hey Fever වලින් තොර වස්සානයක් හිමි කරදීම අපේ පැතුමයි ..
ශීත කාලයේදී ගොඩක් අයට තියෙන අපහසුතා තමයි උණ , ප්‍රතිශ්‍යාව , නහය බර වීම වගේ පොඩි පොඩි සෙම් ආබාධ .. " අනේ මේ ශීතල කාලය කවද්ද ඉවර වෙන්නේ.." කියල බලාගෙන හිටියට, ඊළගට වසන්ත කාලය ආවම සතුටින් විනෝද වෙන්න පුළුවන් කියලා බලාගෙන හිටියට මෙල්බන් වාසී බොහොමයක් දෙනාට හරිම පීඩිත කාලය තමයි වසන්තය . ඒකට හේතුව Hey fever කියන රෝගය ... සැප්තැම්බර් ,ඔක්තෝබර් වෙද්දී බැලු බැලු අත මල් පිපිලා පරිසරය ලස්සන වී ගෙන එද්දිම Hey fever තත්වය තියෙන අයට කිවිසුම් යාම , ඇස් කැසීම , නාසය අවරෝධ වීම , හුස්ම ගැනීමේ අපහසුව වගේ අනේකවිධ ලක්ෂණ ඇතිවෙන්න පටන් ගන්නවා . මේවා සුළු තත්ත්ව සිට තරමක් සංකීරණ ලක්ෂණ දක්වාම වර්ධනය වෙන්න පුළුවන්.
බටහිර වෛද්‍ය ක්‍රමයෙන් මෙයට ඇති විසදුම අසාත්මික තාවය නැතිකිරීමට Anti Histamine වර්ගයේ ඖෂධ භාවිතා කිරීම හා අවස්ථානුකූලව රෝග ලක්ෂණ වලට පිළියම් යෙදීම පමණයි .
ඒත් ශරීරයට අහිතකර නොවන ස්වභාවික ශාකමය ඖෂධ වර්ග භාවිතයෙන් සිරුරේ ප්‍රතිශක්තිකරණ බලය ඉහළ නංවා ගෙන ආසාත්මිකතා නොමැති සුවබර
දිවියකට ආයුර්වේද වෛද්‍ය විද්‍යාව මහත් පිටිවහලක් . ඒ සඳහා මනා අධීක්ෂණයකින් යුතුව මසක් දෙකක් පමණ කාලයක් ඖෂධ භාවිතා කළ යුතු වෙනවා .
ශිත කාලය නිමා වන්නට පෙර වස්සානය සඳහා සුදානම් වෙමු. ඔබත් ඒ සඳහා අද සිටම සුදානම් වෙන්න. ඔබ සැමට Hey Fever වලින් තොර වස්සානයක් හිමි කරදීම අපේ පැතුමයි ..

Prevention is better than cure..
27/02/2024

Prevention is better than cure..

22/12/2023

Suwodaa Ayurveda Centre is closed till Jan 6th. Merry christmas and Happy holidays to all of you..!! Stay blessed ..!!

දහස් වැනි රෝගියා සුවපත් කිරීමෙන් ලද තෘප්තිමත් සැනසීම....❤❤ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඇති අමිලණීය වූ හාස්කමත් , ඒ උත්තරීත...
08/09/2023

දහස් වැනි රෝගියා සුවපත් කිරීමෙන් ලද තෘප්තිමත් සැනසීම....❤❤
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඇති අමිලණීය වූ හාස්කමත් , ඒ උත්තරීතර වෙදකම ජනතාව අතරට නිවැරදිව ගෙනයාමට පෙර පිනකට මා ලද දක්ෂතාවත් නිසා අද මම මේ අනතිමානී සතුට විඳිමි.
ලංකාවේ රජයේ රෝහල් වල වැඩ කරද්දී දවසට රෝගීන් 70,80 ක් බලපු දවසුත් තිබුණා.. ඒත් ඊට වඩා ලොකු සැනසීමක් මෙහේ එක රෝගියකු සනීප කරලා ෆයිල් (File) එක වහලා (Close) දැම්මම ලැබෙනව කියලා මට හිතෙනවා. ඒකට හේතු ගණනාවක් තියෙනවා.
ලංකාවේදී බොහොමයක් අය උණ හෙම්බිරිස්සාව වගේ සුලු අසනීප වලටත් අපි ගාවට එනවා. සමහර ආච්චි ලා සීයලා පාලුව කාන්සිය දැනුනම දරුවන් වගේ ඉන්න අපිත් එක්ක කතා කරලා යන්නත් එනවා.. ඒ අතරේ ඇත්තටම බරපතල රෝග පීඩාවන්ට ප්‍රතිකාර ගන්නත් අපි සොයාගෙන එන අය නැතිවම නෙවෙයි. ඒ කවුරු කොහොම ආවත් අපිට බොහොමයක් වෙලේට රෝගියත් එක්ක ඉන්න ලැබෙන්නේ මිනිත්තු 10කට අඩු කාලයයි. බෙහෙත් නිකුත් කිරීම , මොනා හරි අවශ්‍ය ප්‍රතිකාරයක් ලබාදීම වෙනම පිරිසකගේ අතින් සිදුවුණ නිසා රෝගියා අපි ළග රැදුනේ රෝගය පරීක්ෂා කර ප්‍රතිකාර නියම කරන කල් විතරයි. සමහර රෝගීන්ට ඊට වඩා කාලයක් අපිත් එක්ක ගැවසෙන්න අවශ්‍ය තාව තියෙන්න ඇති. ඒත් කාලය හරස් උණා..
මෙහෙ තත්වය ඊට හාත්පසින්ම වෙනස්. අපි ළඟට එන සියලුම දෙනා වාගේ ඉතාමත්ම බරපතල රෝග වලින් පීඩා විඳින අය. බොහොමයක් දෙනාගේ රෝග ආයුර්වේදයේ සඳහන් මහා රෝග 8 ට අයිති ඒවා. එසේ පැමිණෙන සියලුම දෙනා වාගේ අවුරුදු ගණන් පීඩා විඳ බටහිර වෛද්‍ය ක්‍රමයෙන් තව දුරටත් යමක් කළ නොහැකි යයි දැනගත් විට, එහෙම නැත්නම් එකම විසඳුම ශල්‍යකර්ම යක් කිරීම යැයි දැනගත් විට ඊලඟ විසඳුම ලෙස ආයුර්වේද ප්‍රතිකාර වලට යොමු වීමට සිතූ අයයි. මේ නිසාම මේ අය අප සොයා එන්නේ තම එකම ගැලවුම් කරු ලෙස සිතා සියලුම බර අප මත තබමිනි.පැයකට වැඩි කාලයක් (1st consultation ) තුළ රෝග පරීක්ෂාව, රෝගය පිළිබඳ අවබෝධය , පිළිපැදියයුතු ආහාර විහරණ ආදී පරිපූර්ණ විස්තරයක් කියාදී , අවශ්‍ය ඖෂධ හා ප්‍රතිකාර ලබාදී ආපසු යන පුද්ගලයා ආවාට වඩා මනසින් සුවපත් කර හැරීම ඉතාම සතුටින් මවිසින් කළද එය ඉතා ලේසි කර්තව්‍යයක් නොවේ. එසේම ගෙදර ගිය රෝගියා නැවත පැමිණෙන තුරු , රෝගය හා ප්‍රතිකාර සම්බන්ධව තමාට ඇතිවන විවිධ ගැටලු වලට හිතූ හිතූ ගමන් කෝල් කිරීම හෝ මැසේජ් කිරීම සිදුවන නිසා ගෙදර ගිය රෝගියා කිසිදු මිලක් නොගෙනම බලා ගැනීමද මා අතින් සිදුවේ.. ඒ අතර ඉතාමත් සුලු පිරිසකගෙන් අවලාද අසන්නට සිදුවන අතෘප්තිකර අවස්ථා ද නැතිවා නොවේ.
මෙසේ විවිධ අත්දැකීම් ලබමින් මෙතෙක් වසර 8ක් කාලය තුළ කුමක් හෝ පින් මහිමයකට මා ලද මේ රැකියාවෙන් ජීවිතයේ මා ලබන සැනසීම කියා නිම කළ නොහැක. අද වන විට විවිධ රෝග පීඩාවන්ට මාගෙන් ප්‍රතිකාර ලැබ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ විවිධ ජාතීන් අතුරින් ශ්‍රී ලාංකික බහුතරයක් හා අනෙක් රටවල සුලුතරයක් මා හට සතුට දෙමින් ඔවුන්ද නිරෝගී සුව විඳිමින් සිටිති.
එසේ වූවන් අතර වාර්තා ගත මේ දහස්වැනි රෝගියා එල් සැල්වදෝර් නැමති රටෙහි සිට මෙරටට සරණාගතයෙක් ලෙස පැමිණ දැනට ඕස්ට්‍රේලියානු පුරවැසි භාවයද ලබා සිටින මැලේ ජාතික කාන්තාවක් වීම සුවිශේෂය. Lung Fibrosis නැමති තත්වය ඉතාමත් උග්‍ර වී මොනෑෂ් රෝහලෙහි Lung Transplant කිරීමට නියමව සිටි මැය ඉතා වෙහෙසකර ප්‍රතිකාර කාලයක් කිරීමෙන් පසු ශල්‍යකර්මයෙන් මුදවා සුව කිරීම දහස් වැනි රෝගියා වශයෙන් ඉතාමත් සුවිශේෂ වේ.🙏🙏🙏

Address

Melbourne, VIC

Opening Hours

Monday 9am - 5pm
Tuesday 9am - 5pm
Wednesday 9am - 5pm
Thursday 9am - 5pm
Friday 9am - 5pm
Saturday 9am - 5pm

Alerts

Be the first to know and let us send you an email when Suwodaa Ayurveda Medical Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category