Mahamevnāwa Buddhist Monastery Saskatoon

Mahamevnāwa Buddhist Monastery Saskatoon Kiribathgoda Gnanananda Thero on August 14th, 1999. The ‘dissemination of the Dhamma’ started by the founder of the Mahamevnawa Buddhist Monasteris, Ven.

-The beginning of the Mahamevnawa Buddhist Monastery-
With a genuine intention of hoping ‘to create a group of people who would brighten the Order of the Gautama Buddha’ the meritorious premises named ‘the Mahamevnawa Buddhist Monastery’ was originated for the wellbeing of both human and deity worlds since the foundation stone was laid by the hands of Most Ven. The Mahamevnawa became one of the famous Buddhist monasteries in Sri Lanka and as well as in other countries around the world, only within twelve years of short time period since the monastery was started. Kiribathgoda Gnanananda Thero, with his thirty years of experience as a Buddhist monk was wide spread throughout the country in a very short period of time. As a result of describing the Buddha’s Dhamma in a comprehensible language pattern, devotees of all ages started to join Venerable Thero’s meditation programs. Because of his talent in presenting the meditations in a way so that one’s mind will get easily surrendered, these programs became accommodating for many people who were looking for meditation classes. Activated by His innovating style of presenting the Dhamma to elevate the faith towards the Buddha, humans’ hearts started to open to perceive the taste of the contents in the discourses that have been preached by the Gautama Buddha. Specially, the effort to bring the Tripitaka Dhamma to the devotees in its original form was the distinguishing quality of the Mahamevnawa. Consequently, a collection of young people who listen to the Dhamma and practice meditation was created around the world. More people who are fond of the Dhamma and observing virtue were also formed. Together with these two groups, another group of elderly people was also formed to practice the Dhamma with an aim of realizing the Four Noble Truths revealed to the world by the Supreme Buddha. Presently, there are more than 800 young disciple Bhikkhus, more than 75 young disciple Bhikkhunis, hundreds of thousands of lay disciples, and more than 60 local and foreign branches of the monastery were created in twelve years of short time period as a result of this effort. Mahamevnāwa Buddhist Monastery Saskatoon (MBMS) is a non-profit organization dedicated to the practice and teachings of Buddha Gothama known as Theravada Buddhism. MBMS is the saskatoon SK (Canada) branch of Mahamevnawa Buddhist Monastery of Sri Lanka. Our organization is run by the generous donations of the lay devotees and well-wishes. If you wish to make a donation please do so through the link below. You can specify your contribution towards monks needs (i.e. medicine, transportation), utility of the monks’ house (electricity, water, heating, telephone), or even make a genaral contribution. If you’re donating to commemorate a special occasion or to share merits with a loved one, please indicate that and we will make sure to share blessings with you and your loved ones. https://www.mahamevnawasaskatoon.com/donations.html

02/06/2026

ගුජරාටයෙන් ලක්දිවට වැඩමකළ දේව්නිමෝරි ධාතු විස්තරය

-- සේරුවිල මංගල රාජමහා විහාරාධිපති පූජ්‍යපාද අලුදෙණියේ සුබෝධි මහාස්ථවිර

දෙව්නිමෝරි පුරාවිද්‍යා ස්ථානය පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ උතුරු ගුජරාටයේ අරවල්ලි දිස්ත්‍රික්කයේ (Aravalli district) ශම්ලාජි නගරයට (Shamlaji) කිලෝමීටර් 2ක් පමණ දුරිනි. එය පුරාණ බෞද්ධ විහාර සංකීර්ණයක් වන අතර ක්‍රි.ව. 3 - 4 සියවස්වලට කාලනිර්ණය කොට තිබේ. එම ස්ථානය අතීත වෙළඳ සහ ගැල් මාර්ග සමඟ බද්ධ වී පිහිටා තිබේ. එම මාර්ග ඔස්සේ වෙළඳාමේ යෙදෙන්නන්ගේ සහ ප්‍රදේශවාසී සැදැහැවතුන්ගේ වන්දනාවට එකල එම පින්බිම නිරතුරු පාත්‍රවන්නට ඇත.

මෙම පූජනීය ස්ථානය පිහිටා ඇත්තේ කිලෝමීටර් 16ක් දිග හා කිලෝමීටර් 2ක් පළල සතර අතින් කඳුවලින් වට වූ නිම්නයකය. ඒ මැදින් මෙශ්වෝ ගංගාව ගලායන අතර එය මෙම නිම්නයෙන් ඉවතට බැස යන්නේ බටහිර දෙසින් කඳුවැටි අතර පිහිටි මීටර් 150ක් පමණ පළලැති කුඩා ඉඩකිනි. ශම්ලාජී ප්‍රදේශයේ ජල හිඟයට විසඳුමක් ලෙස එහි මධ්‍යම ප්‍රමාණයේ වේල්ලක් බැඳ ජලාශයක් තැනීමට ගුජරාට් ප්‍රාන්ත රජය 1950 දශකයේ දී සැලසුම් කළේය. නමුත් 1936 දී ශ්‍රී පී.ඒ. ඉනම්දාර් (Shri P. A. Inamdar) සහ ඉන්පසු ආචාර්ය එච්. ගොයෙට්ස් (Dr. H. Goetz) ආචාර්ය යූ.පී. ශාහ් (Dr. U. P. Shah) සමඟ සිදු කළ පුරාවිද්‍යා ගවේෂණ මඟින් මෙම දේව්නි-මෝරි නිම්නයේ පුරාවිද්‍යා අවශේෂ විශාල ප්‍රමාණයක් තිබෙන බව වාර්තා කොට තිබූ නිසා ජලාශය තැනීමට පෙර එම භූමියේ මුදාගැනීමේ කැණීමක් සහ පුරාවිද්‍යාත්මක වාර්තාකරණයක් සිදුකරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් ගුජරාට් රජයට දැනුම් දී තිබුණි. ඒ අනුව බරෝදා හි මහාරාජා සයාජිරාඕ විශ්වවිද්‍යාලයේ (Maharaja Sayajirao University of Baroda) පුරාවිද්‍යා අධ්‍යයන අංශය වෙත මෙම වගකීම පැවරුණු අතර මහාචාර්ය බී. සුබ්බරාඕ (Prof. B. Subbarao), ආචාර්ය ආර්. එන්. මෙහෙතා (Dr. R. N Mehta) සහ ශ්‍රී එස්. එන්. චවෞද්‍රි (Shri S. N. Choudhary) ඇතුළු කණ්ඩායම 1959 සිට 1965 දක්වා මුදාගැනීමේ කැණීමක් (rescue excavation) ලෙස දෙව්නි-මෝරි කැණීම් සිදු කළෝය.

_භෝජ රජුගේ කඳු ගැටය_

එහි පැරණි ගඩොල් විසිරීගිය අඩි 120ක් අරයැති සහ අඩි 40ක් උසැති අර්ධ කේතුආකාර කඳුගැටයක් බඳු ස්ථානයක් තිබූ අතර එය ප්‍රදේශවාසීන් හැඳන්වූයේ ‘භෝජ්රාජා නො ටෙක්රෝ’ (Bhojrajā no Tekro) හෙවත් ‘භෝජ රජුගේ කඳු ගැටය’ නමිනි. 1960 දශකය වන තුරුම සියවස් ගණනක් පුරා ප්‍රදේශවාසීන් සිය නිවෙස් ඉදිකිරීමේ දී මෙම ස්ථානයෙන් ගඩොල් ගෙනගොස් තිබුණි. එහෙත් තවමත් ඉතිරිව තිබූ මෙම අර්ධ කේතුආකාර කුඩා කඳුගැටයක් බඳු ස්ථානයේ කැණීම් සිදුකරන විට එය බෞද්ධ ස්තූපයක් බව හඳුනාගත් අතර එහි තිබී ශෛලමය ධාතු මංජුසා දෙකක් හමුවිය. එම ධාතුමංජුසා දෙකම විශාල මැටි භාජන තුළ තැන්පත් කොට තිබූ අතර එම මැටිභාජන මහා ස්තූපය මධ්‍යයේ වූ ගඩොල් අතර මැනැවින් සථානගත කොට තිබුණි.

_මංජුසා අංක 1_

මෙම මංජුසාව කොළ පැහැයට හුරු ශිස්ට් (chlorite schist) පාෂාණයෙන් නිමවා ඇත. එය 12cm උසැති සහ ඉහළ දී 1.5cm ගණකමැති සිලින්ඩරාකාර මංජුසාවකි. නියන් පහරවල සලකුණු එහි ඇතුළත හා පිටත දක්නට ලැබෙන අතර එය මැනැවින් නිම කොට නැත. නමුත් එහි පියන හොඳින් නිමවා ඇති අතර එය කැබලි වී තිබුණි. මෙම මංජුසාව තුළ අළු පුරවා තිබුණි. එය වටකොට තිබූ කලුපැහැ මැටි ද මංජුසාව තුළට පැමිණ තිබුණි.

_මංජුසා අංක 2_

මෙම මංජුසාව කොටස් තුනකට නිමවා තිබුණි. ඒ පියනේ අල්ලුව (k**b of the lid), පියන හා බඳ ලෙසයි. පියනේ අල්ලුව අඟල් 0.65 උසැති අඟල් 1.1 විශ්කම්භයැති වටකුරු වූ එකක් වන අතර එය පියනේ මැද පිහිටි සිදුරට සවිවන කොටස සතරැස් (අඟල් 0.5) ය. අල්ලුවෙන් අල්ලා පියන කරකැවීමේ දී එය පියනට හොඳින් සවිවී තිබීමේ උපක්‍රමයක් ලෙස මෙසේ යට කොටස සතරැස්ව සකසන්නට ඇත. පියන අඟල් 6.7 විශ්කම්භයැති අඟල් 1.05 උසැති අඟල් 0.75 ගණකමැති රවුමක් වන අතර පොට කරකැවීමෙන් මංජුසාවේ බඳට හොඳින් සවිවන සේ නිමවා තිබේ. එය නිර්මාණය කිරීමේ දී ලේත් යන්ත්‍රයක් භාවිත කොට ඇති බව පෙනෙන අතර ඒ සඳහා එය මැඳ තිබූ කුඩා රඳවන (small pivot) කොටස පසුව කඩා ඉවත් කොට ඇත. අඟල් 6.8ක් විශ්කම්භයැති මංජුසා බඳ සිලින්ඩරාකාරය. එය අඟල් 2.9ක් උස වන අතර අඟල් 0.4ක් ගණකම් ය.

_මංජුසාවේ ලියා තිබූ අපූරු පුවත_

එම සිලින්ඩරාකාර හැඩැති අංක 2 ගල් මංජුසාවේ පියනෙහි, බඳෙහි සහ අඩියෙහි පුරාණ අක්ෂර සහිත අභිලේඛන දක්නට ලැබේ. ඒවා බටහිර වර්ගයේ දකුණු බ්‍රාහ්මී අක්ෂර (Western variety of Southern Brāhmī script) වේ. එහි පියනේ මතුපිට සහ ඇතුළත දෙපසම පාලි බසින් පටිච්චසමුප්පාද ධර්මය සටහන් කොට තිබූ අතර එහි බඳෙහි හා පත්ලෙහි මෙම ස්තූපය තැනීම සහ ධාතුනිදානය පිළිබඳ තොරතුරු සංස්කෘත බසින් සටහන් කොට තිබුණි. එයට අනුව මෙම මහා ස්තූපය තනවා ධාතුනිදානය ශ්‍රී රුද්‍රසේන රජුගේ රාජ්‍ය සමයේ උදා වූ කතික රජවරුන්ගේ 127 වන වර්ෂයේ බද්‍රපාදයේ 5 වන දිනයේ දී සිදුකරන ලද්දකි. සියලු ජනයාට අනුග්‍රහ කැමති ශාක්‍ය භික්ෂූන් දෙනමක් වූ අගිනිවර්මන් සහ සුදර්ශන නම් හිමිවරුන් මෙම ස්තූපය ඉදිකළ බවත් පාශාන්තික සහ පද්ද යන ශාක්‍ය භික්ෂූන් දෙනම එම චෛත්‍ය කර්මාන්තයට උපදේශකත්වය දැරූ බවත් සේනගේ පුත් වූ වරාහ විසින් මෙම අලංකාර ශෛලමය මංජුසාව තැනූ බවත් දසබලයන් වහන්සේගේ ශාරීරික ධාතූන්ට විවේක ස්ථානයක් වූ (daśabalaśarīranilaya) එය (ස්තූපයේ) පාදමෙහි පිහිටවන බවත් සුගතයන් වහන්සේ කෙරෙහි චිත්තප්‍රසාදය පතමින් මහාසේන භික්ෂුව ධර්මයේ සහ සංඝයාගේ සමෘද්ධිය කැමතිව මෙම වටකුරු මංජුසාව තැනවීමට ඇණවුම් කළ බවත් එහි දැක්වේ.
සංස්කෘත බසින් රචිත ගාථා සයකින් යුතු මෙම විස්තරය ආරම්භ වන්නේ ‘සර්වඥයන් වහන්සේට නමස්කාර වේවා! ජනයාට අනුකම්පා ඇති කරුණාව දරන (ප්‍රඥාවෙන්) ප්‍රභාවත් වූ, පරවාද නැමති අඳුර දුරුකළ සූර්යයා බඳු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!’ යන අදහසින් යුතු නමස්කාර පාඨයකිනි. මෙම චෛත්‍ය කර්මාන්තයේ යෙදුණු භික්ෂූන්ගේ ශ්‍රද්ධාව එම නමස්කාර පාඨයෙන් පෙනේ. මෙහි ඇතුළත් ‘දශබලශරීරනිලය’ යන පාඨය අභිලේඛනඥයින් පරිවර්තනය කොට ඇත්තේ ‘the resting place for the relics of the one endowed with the ten powers’ හෙවත් ‘දසබලයන් වහන්සේගේ ශාරීරික ධාතූන්ට විවේක ස්ථානයක් වූ’ ලෙසයි. ත්‍රිපිටක පාලියේ හමුවන ‘දසබල’ යන වදන බුදුරජාණන් වහන්සේට පර්යාය පදයකි. ‘දසබලසමන්නාගතෝ භික්ඛවේ, තථාගතෝ’ ආදි ලෙස තථාගතයන් වහන්සේ දසබලයෙන් සමන්නාගත බව දසබල සූත්‍රය, දුතිය දසබල සූත්‍රය වැනි සූත්‍ර දේශනාවල හමුවේ. ඒ අනුව බලන කළ මෙම ධාතු මංජුසාව තනා ඇත්තේ සම්බුද්ධ ධාතූන් වහන්සේලා නිදන් කිරීම පිණිසය.

_ධාතු නිදන් කළ වර්ෂය_

කතික රජවරුන්ගේ 127 වන වර්ෂය ගැනත් එයට සමකාලීන ශ්‍රී රුද්‍රසේන රජුගේ රාජ්‍ය කාලය ගැනත් මෙහි කියැවෙයි. රුද්‍රසේන නම ඇති බටහිර ක්ෂත්‍රප (Western Kṣatrapas) රජවරු සතර දෙනෙකු ගැන සාධක තිබේ. ඩී.සී. සිර්කාර් මෙම ‘කතික රජවරුන්ගේ වර්ෂ’ යන්න සක වර්ෂ ක්‍රමයට ආදේශ කොට ඒ අනුව මෙහි සඳහන් වර්ෂය ක්‍රි.ව. 205-206 විය හැකි බව පෙන්වා දෙන අතර මෙහි සඳහන් රුද්‍රසේන යනු ක්‍රි.ව. 200-222 අතරට ගැනෙන I වන රුද්‍රසේන රජු බව පෙන්වා දෙයි. නමුත් වී. වී. මිරෂි එම ‘කතික රජවරුන්ගේ වර්ෂ’ යන්න කාලචූරි වර්ෂ ක්‍රමයට (Kalacuri) ආදේශ කොට මෙහි සඳහන් වර්ෂය ක්‍රි.ව. 375 විය හැකි බව පවසයි. මෙම අභිලේඛනයෙන් හෙලිවන පුරාඅක්ෂර විද්‍යාත්මක කරුණු, සම්භාව්‍ය සංස්කෘත යොදාගෙන ඇති ආකාරය, ‘ශාක්‍යභික්ෂු’ යන වදනේ භාවිතය සහ අනෙකුත් භාෂා විද්‍යාත්මක කරුණු සලකා බොහෝ පර්යේෂකයෝ මෙම මංජුසාව III රුද්‍රසේන රජුගේ (ක්‍රි.ව.348-378?) හෝ IV රුද්‍රසේන රජුගේ (ක්‍රි.ව.384-388) කාලයට අයත් බව පවසති. එම කාල නිර්ණය මෙම ස්තූපයේ ගෘහනිර්මාණ ලක්ෂණ සමඟ සැසදෙන අතර මෙහි දක්නට ලැබෙන සතරැස් මණ්ඩප ද්විත්වයක් මත නිර්මාණය වූ ස්තූප සම්ප්‍රදාය ගන්ධාර කලාවේ සහ තුන්වන සහ සතරවන සියවස්වලට අයත් බටහිර ඩෙකෑන් ප්‍රදේශයේ ගල්පර්වත සාරා සාදන ලද ආරාම සංකීර්ණවල ද දැකිය හැකිය. පුරාවිද්‍යා කැණීමේ දී මෙම මංජුසාවට යටින් හමුවූ බටහිර ක්ෂත්‍රප කාසි අටක් සහිත මැටි බඳුන මෙහිදී ඉතා වැදගත් වේ. එහි තිබූ කාසි ක්‍රි.ව. 200 සිට 313 දක්වා කාලාවලියකට අයත් I වන රුද්‍රසේන, විශ්වසේන සහ II වන රුද්‍රසිංහ රජවරුන්ගේ කාලයෙහිලා ගැනේ. පුරාවිද්‍යාත්මක ස්ථරායනය (archaeological stratigraphy) සැලකූ කළ මෙම ස්තූප ගර්භයේ ධාතු මංජුසා සහ කාසි පිරවූ මැටිබඳුන හමු වූ කොටස පසුකාලීන මැදිහත් වීම්වලට ලක් වූ බවට සාධක නොමැති නිසාත් අංක 2 ධාතු මංජුසාවට යටින් තිබූ සන්ධර්භයක තිබී කාසි පිරවූ මැටිබඳුන හමු වූ නිසාත් මෙම ධාතු නිදානය II වන රුද්‍රසිංහ රජුට (ක්‍රි.ව.305-313) සමකාලීනව හෝ පසුකාලීනව සිදු වූවක් බවට නාණක විද්‍යාත්මක දත්ත මත අනුමාන කළ හැකිය. නමුත් මංජුසාවේ අභිලේඛනය පවසන අයුරින් එය සිදුවූයේ රුද්‍රසේන රජෙකුගේ කාලයේ නිසා එය II වන රුද්‍රසිංහ රජුගේ කාලයට අයත් නොවන අතර එයට පසුකාලීන කාලයක දී සිදු වූවක් විය යුතුය. ඒ අනුව බලන කළ මෙම මංජුසාවේ දැක්වෙන වර්ෂය ක්‍රි.ව. 375 වසර විය හැකි බවට වී.වී. මිරෂි පවසන අදහස වඩාත් පිලිගත හැකි අතර එම මංජුසාවේ දැක්වෙන ශ්‍රී රුද්‍රසේන රජු යනු බටහිර ක්ෂත්‍රප රජකු වන III රුද්‍රසේන රජු (ක්‍රි.ව.348-378?) වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

_තඹ මංජුසාවක් හා රන් මංජුසාවක්_

අංක 2 ශෛලමය මංජුසාව විවෘත කළ විට ඒ තුළ තිබී 4cm උසැති සහ 6cm විශ්කම්භය ඇති සිලින්ඩරාකාර තඹ මංජුසාවක් හමු විය. එය බොහෝ මලබැඳී විවෘත කිරීමට අපහසු තත්ත්වයෙන් තිබූ අතර පළමුව ඒක්ස් රේ ඡායාරූපයක් ගෙන අභ්‍යන්තරයේ ඇති දෑ පිළිබඳ අදහසකින් යුතුව ඉතා සියුම්ව සිදු කළ ක්‍රියාවලියකින් අනතුරුව එම තඹ මංජුසාව විවර කළ හැකි විය. එය තුළ වූයේ රිදීමිශ්‍ර ලෝහයකින් සෑදූ රන් ආලේපිත ඕවලාකාර මංජුසාවක් සහ කුඩා රෙදි බන්ඩල පහකි. එම රන් ආලේපිත ඕවලාකාර මංජුසාව තුළ අලු සහ ධාතූන් වහන්සේලා වැඩ සිටියහ. එම ධාතූන් වහන්සේලා එම රන් ආලේපිත මංජුසාව තිබූ අංක 2 ශෛලමය මංජුසාවේ සඳහන් විස්තරයට අනුව දසබලයන් වහන්සේගේ හෙවත් සම්බුදු රජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාය. එහි තිබූ කුඩා රෙදි බන්ඩල පහ මුල් ධාතු නිදාන අවස්ථාවේ සුවඳ කවා පූජා පිණිස තැන්පත් කළ ඒවා වීමට ඉඩ තිබේ.

_ගුජරාටයෙන් ලක් දෙරණට වඩින ධාතූන් වහන්සේ_

මෙම කැණීමෙන් පසු ගුජරාටයේ බරෝදා හි මහාරාජා සයාජිරාඕ විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ආරක්ෂිත කුටියක මෙතෙක් වැඩසිටි එම ධාතූන් වහන්සේලා ඉන්දියානු රජයේ සහ ශ්‍රී ලංකා රජයේ මැදිහත් වීම මත ශ්‍රී ලංකාවට වඩමවා පෙබරවාරි මස 04 දින සිට 10 වන දින දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වඩා හිඳුවා සිව්දිගින් පැමිණෙන සැදැහැවතුන් හට වන්දනා කරගැනීමට අවකාශ සලසා දී තිබේ. පුරාවිද්‍යා කැණීමෙන් සොයාගැනීමෙන් අනතුරුව මෙම ධාතූන් වහන්සේලා මෙසේ මහජන වන්දනාවට විවෘත වන ප්‍රථම අවස්ථාව මෙය වන අතර මේ වනතුරු එම විශ්වවිද්‍යාල භූමියෙන් බැහැරට වඩමවා නොමැත. එනිසා මෙම දුර්ලභ අවස්ථාවෙන් බොහෝ සැදැහැවතුන් පිරිසකට උතුම් ධාතූන් වහන්සේලා දැකබලා සිත් පහදවාගෙන වන්දනා කර ගැනීමට අවකාශ සැලසෙනු ඇත.

_බුදුපිළිම වහන්සේලා 26 නමක් සහ විහාර මන්දිර_

එහි ස්තූපය ආශ්‍රිතව ටෙරාකොටා බුදුපිළිම 26ක අවශේෂ හමු වී තිබේ. ඒවායින් 12ක් හානියක් නොවී සම්පූර්ණ ලෙස ශේෂ වී ඇති අතර අනෙකුත් පිළිම 14 කැබලි වලට කැඩීගොස් ඇත. එයින් පිළිම 8ක් ස්තූප ගර්භයේ තැන්පත් කොට තිබූ අතර අනෙකුත් පිළිම ස්තූපයේම බාහිර සැරසිලි ලෙස ස්ථාපනය කොට තිබූ ඒවා හෝ සැදැහැවතුන් විසින් තැන්පත් කරන ලද ඒවා හෝ වීමට ඉඩ ඇති බවට මත පළ වී තිබේ. එම පිළිම සෑදීමට භාවිත කළ මැටි ඒ ආසන්නයෙන් ගලන මෙශ්වෝ ගංගාවේ ඉවුරු දෙපස ඇති මැටි තැන්පතුවලින් (from the alluvial beds of the nearby River Meshvo) ලබාගන්නට ඇති බව සැලකේ. ඇතැම් පිළිමවල ශරීරය අතින් සාදා අච්චුවක් භාවිතයෙන් සැකසූ ශීර්ෂය එහි සවිකොට ඇති බව පෙනේ. එනිසා මෙම ස්ථානය නටඹුන් බවට පත්වන විට එම පිළිමවල යට කොටස කැඩී ගිය ද ශීර්ෂය ශේෂ වී ඇත. මෙම පිළිම ගන්ධාර හා මථුරා කලා සම්ප්‍රදායන්හි සම්මිශ්‍රනයක් ලෙස කලා ඉතිහාසඥයින් විසින් හඳුනාගෙන තිබේ. චතුස්සාලා සම්ප්‍රදායට ගොඩනැඟූ විහාරයක්, චෛත්‍ය ශාලාවක්, කුඩා වන්දනා ස්තූප ඇතුළු බෞද්ධ වාස්තු විද්‍යාත්මක අංග ගණනාවක් මෙම පුරාවිද්‍යා භූමියෙන් සොයාගෙන තිබේ. ස්තූපය අවට පැරණි විහාර අවශේෂ හමුවන අතර මැටිබඳුන් කැබලි, ලෝහ භාණ්ඩ අවශේෂ සහ කාසි ආදි පුරාවිද්‍යාත්මක සාධක ගණනාවක් මෙම කැණීමේ දී සොයා ගැනීමට හැකි විය.

_ජලයෙන් යට වූ උරුමය_

ගුජරාට් රජය 1972 වන විට දේව්නි-මෝරි නිම්නයේ යෝජිත වේල්ල බැඳ මෙශ්වෝ ගංගාව හරස් කර ජලාශයක් ඉදිකළ අතර එය මෙශ්වෝ ජලාශය ලෙස හඳුන්වනු ලැබේ. මෙම ජලාශයේ ජල කඳට දේව්නි-මෝරි මහා ස්තූපය සහ පුරාණ ආරාම සංකීර්ණය මුළුමණින්ම යට වී ගියේය. ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයේ බෝවතැන්න ජලාශයට යටවීමටම නියමිතව තිබූ නාලන්දා ගෙඩිගෙය සංවර්ධන ක්‍රියාවලියට ද බාධා නොවන පරිදි සංරක්ෂණ මූලධර්ම අනුව වෙනත් සුදුසු උස ස්ථානයකට විතැන් කළ අයුරින් මෙම පුරාවිද්‍යාත්මක ස්ථානයේ වාස්තු විද්‍යාත්මක අංග වෙනත් සුදුසු තැනකට නිසිපරිදි විතැන් කිරීමට බලධාරීන් අපොහොසත් වී තිබේ. එනිසා මේ වන විට එම ආරාම සංකීර්ණය දැකිය නොහැකි අතර පුරාවිද්‍යා කැණීමෙන් සොයාගත් දෑ බරෝදා හි මහාරාජා සයාජිරාඕ විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය භාරයේ පවතී. එම පුරාණ ආරාම සංකීර්ණය තිබූ ස්ථානයේ ජලාශය මැද හඳුනාගැනීමේ සලකුණක් ලෙස කණුවක් සිටුවා ඇති අතර එම ප්‍රදේශයට පැමිණෙන බෞද්ධයන් එම ජලාශය භාර බලධාරීන්ගෙන් අවසර ගෙන ඔරුපාරුවල නැඟී එම කණුව අසලට විත් එහි බෞද්ධ ධජ පළඳා වන්දනා කරනු කලින් කලට දැකිය හැකිය.
බටහිර ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට වැඩම කරන දේව්නි-මෝරි ධාතූන් වහන්සේලාට උපහාර පිණිස එම ධාතූන් වහන්සේලාගේ අතීත පුවත සහ වත්මන් පුවත පුරාවිද්‍යා කැණීම් වාර්තා සහ ඒ පිළිබඳ පළ වූ පර්යේෂණ පත්‍රිකා අධ්‍යයනය කොට මෙම ලිපිය රචනා කරන ලදී. මෙම උතුම් ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවට වඩමවා වන්දනා කිරීමට සැලැස්වූ සියලුදෙනාට අපගේ පුණ්‍යානුමෝදනාව හිමිවේ.

https://youtu.be/U9jzSjB0nJQ?si=nS0piKUk3dxsnTnP
02/05/2026

https://youtu.be/U9jzSjB0nJQ?si=nS0piKUk3dxsnTnP

2026 පෙබරවාරි 01 නවම් පුන් පොහෝ දා අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සංයුත්ත නිකායේ අභිසමය සංයු.....

https://youtu.be/J-cr5ws5YNk?si=GTwts1SKw05aeXA6
02/03/2026

https://youtu.be/J-cr5ws5YNk?si=GTwts1SKw05aeXA6

#සද්ධාසීල_ස්වාමින්_වහන්සේ මෙලොව සැපසේ දිවිගෙවා පරලොවත් හොඳ තැනක යන අතූපනායික දහම් ...

https://youtu.be/ZxnOyY-FJEQ?si=4NrfykvJdg7TUdI5
01/31/2026

https://youtu.be/ZxnOyY-FJEQ?si=4NrfykvJdg7TUdI5

#ජාතකකතා #සූත්‍ර #දේශනා අපගේ නවතම සමාජ මාධ්‍ය පිවිසුම හා සම්බන්ධ වන්න....

01/30/2026
https://youtu.be/O-vs3lAsqZI?si=Jf4lhggT8lo3P_Z_
01/30/2026

https://youtu.be/O-vs3lAsqZI?si=Jf4lhggT8lo3P_Z_

#ජාතකකතා #සූත්‍ර #දේශනා අපගේ නවතම සමාජ මාධ්‍ය පිවිසුම හා සම්බන්ධ වන්න....

https://youtu.be/Zo0-PGyFXoo?si=aHIUNNW3Ld-a65Vy
01/28/2026

https://youtu.be/Zo0-PGyFXoo?si=aHIUNNW3Ld-a65Vy

#සම්පසාදිනී #දේශනා #සූත්‍ර #සූත්‍ර_දේශනාජීවිතයේ ඇති දොස් දුරලමු | සම්පස...

https://youtu.be/TQD6Si_OQyE?si=h3rU5agLecI2hFI2
01/28/2026

https://youtu.be/TQD6Si_OQyE?si=h3rU5agLecI2hFI2

#ජාතකකතා #සූත්‍ර #දේශනා අපගේ නවතම සමාජ මාධ්‍ය පිවිසුම හා සම්බන්ධ වන්න....

Address

Box 99D Rue R. 3 LCD Main
Saskatoon, SK
S7K3J6

Alerts

Be the first to know and let us send you an email when Mahamevnāwa Buddhist Monastery Saskatoon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Mahamevnāwa Buddhist Monastery Saskatoon:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram