13/07/2023
"දැන් වෙලාව රෑ 12.00ටත් ලගයි ,තාම වැඩ ඉවරත් නැහැ,හෙට උදේ ට නැගිටින්නත් ඕනේ පොඩි අයව ඉස්කෝලේ යවන්න"
මේක තමයි අම්ම උන ගැහැණියකගේ ඇත්තම කතාව,,,පිටින් බලන ඕනම කෙනෙකුට කියන්න පුලුවන් ගැහැණිය මවලා තියෙන්නේ ඒව කරන්න කියලා ,එහෙම වෙන්නත් පුලුවන් හැබැයි එහෙම කියලා මුලු පවුලේ ම බරත් අම්මාම කරටගන්න ඕනේ කියලා නියමයකුත් නැහැ නේද
අපේ සමාජයේ ඉන්න ගොඩක් ගැහැනු ඒ කාර්ය හරියට ඉටු කරනව කිසිම ගෙවීමකුත් නැතිව හැබැයි දවස අවසානයට කෙළවර වෙනවා බැනුම් කෝටියකුත් එක්ක බෝනස් ඇනුම්පද ටිකක් එක්ක.
ගොඩක් පිරිමි හිතාගෙන ඉන්නේ ඒ ගොල්ලන්ට ගැහැණියක් ව තේරුම් ගන්න පුලුවන් කියලා,එහෙම උනානම් ගැහැණියකගේ හිත රිදෙනව වචන ඔවුන් අතින් පිට නොවන්න තිබුනා.මොකද වචනත් හරියට ඊතල වගේ පිට උනාට පස්සේ ආයෙමත් ගන්න බැහැ.හැබයි ගොඩක් පිරිමි දක්ෂයි ගලක් වගේ හිත හයිය ගැහැණියකගේ උනත් සංවේදී ම තැනට පහර දීලා සියුම් වින්දනයක් ලබා ගන්න.කොච්චර හිත හයිය ගැහැණියක් උනත් ගෑණු ජාන නිසා හිත කැමති "ඔයාට කොහොමද ?,දැන් ටිකක් විවේක ගමු" ආදරණීය වදන් පෙළකට එහෙමත් නැත්තම් ලෙංගතු වැළද ගැනීමකට,,,ඒ මොනවා නැතත් වැඩ ටික ඉවර වෙනකන් ළගට වෙලා ඉන්න එකට.
ඒත්,ගැහැණියකට ගෙදර මුලු ලෝකයම උනත් පිරිමියාට පිටස්තර ලෝකය තමා ගෙදර,,,ඒ කොටු කරලා තියෙන රාමුවෙන් මිදිලා උත්සාහ කරන්න තමාගෙම පොතේ කතුවරයා වෙන්න.පරිච්ඡේදය ඉවර කරලා තව පරිච්ඡේදයක් පටන් ගන්නේ වෙන කෙනෙකුගෙ නිර්නායකයන්ට නොවී තමාගෙම නිර්නායකයන් එක්ක.ලෝකයට වටිනා පුද්ගලයෙක් වෙන්න ,ගැහැණුකම ගැන ආඩම්බර වෙන්න,, වෙන කෙනෙකුට ආදරය කරන්න කලින් තමන්ට ආදරය කරන්න,,,ඔයාගෙ හිතත් එක්ක හුදෙකලා වී ලෙංගතු පැය කිහිපයක් ගත කරන්න.මතක තියාගන්න ඔයාට දැනෙන ශක්තියට වඩා වැඩ් ශක්තියක් ඔයාට තියෙන බව.❤️❤️❤️❤️