International Meditation Centre - Scotland

International Meditation Centre - Scotland කියන්නම් සෙනෙහසින් මිය නොයන් හිස් අති​න්..

To teach the original teachings of the Buddha in the
Theravada tradition
and to support the spiritual development and mindfulness

23/05/2026

වෙසක් මංගල්‍යය 2026
මහමෙව්නාව ජ්‍යාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය ස්කොට්ලන්තය

19/05/2026

නමෝ බුද්ධාය! 🙏✨
🌸 ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වෙසක් මංගල්‍යය 🌸
පින්වත්නි,
අපගේ ශාස්තෘන් වහන්සේගේ උතුම් තෙමඟුල සිදු වූ වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන්, ස්කොට්ලන්ත මහමෙව්නාව භාවනා මධ්‍යස්ථානය මඟින් සංවිධානය කරනු ලබන වෙසක් පින්කම් මාලාව සඳහා ඔබ සැමට මෙසේ මෙත් සිතින් ආරාධනා කර සිටිමු!
🗓️ දිනයන්: 2026 මැයි 30, 31 සහ ජූනි 01
📍 ස්ථානය: Kirkton Court, DD8 4JT
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
🌸 වෙසක් පින්කම් මාලාවේ කෙටි කාලසටහන 🌸
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
📅 මැයි 30 (වෙසක් පුන් පොහෝ දිනය):
• පෙ.ව. 06:00 - කිරිපිඬු පූජාව
• පෙ.ව. 08:00 - අටසිල් සමාදන් කරවීම සහ උතුම් සීල වැඩසටහනේ ආරම්භය
• පෙ.ව. 11:00 - සම්බුද්ධ පූජාව
• පෙ.ව. 11:15 - මහා සංඝරත්නය උදෙසා සංඝදානය සහ උපාසක දානය
• ප.ව. 03:00 - ගිලන්පස විවේකය
• රාත්‍රී 09:00 - මනරම් වෙසක් තොරණ, වෙසක් කූඩු සහ අනෙකුත් ආලෝක පූජාවන් ආරම්භ කිරීම
📅 මැයි 31 සහ ජූනි 01 (2 වන සහ 3 වන දින):
• ප.ව. 05:30 – 06:30 - පින්කමට සහ පහන් පූජාවලට සූදානම් වීම
• ප.ව. 06:30 - විශේෂ වන්දනාව
මැයි 31: උතුම් බෝධි වන්දනාව
ජූනි 01: උතුම් චෛත්‍ය වන්දනාව
• ප.ව. 07:30 - වෙසක් තොරණ, වෙසක් කූඩු ප්‍රදර්ශනය සහ බැති ගී ආරම්භය
• ප.ව. 08:00 - දන්සැල ආරම්භය
• රාත්‍රී 09:30 - මහා පහන් පූජාව
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
පින්වත් ඔබ සැම දෙනාම තම පවුලේ දූ දරුවන්, නෑදෑ හිතමිතුරන් සමඟ පැමිණ මේ උතුම් වෙසක් මංගල්‍යයට සහභාගි වී, පින් පුරවා ගන්නා මෙන් මෙත් සිතින් ආරාධනා කර සිටිමු.
සියලු දෙනාටම තෙරුවන් සරණයි! 🙏✨
📞 විමසීම්: 07818305734
📧 විද්‍යුත් තැපෑල: info@meditationscotland.uk

15/05/2026

🌸 YOU ARE INVITED: A Festival of Light in Kirriemuir! 🌸
Peace and blessings to our wonderful neighbours and friends. 🏴󠁧󠁢󠁳󠁣󠁴󠁿✨
The Mahamevnawa International Meditation Centre (MIMC) Scotland warmly invites you to join us for a special celebration of peace, culture, and community. Whether you are curious about meditation, interested in Sri Lankan culture, or simply looking for a beautiful evening out with the family, our doors are open to everyone.
✨ WHAT TO EXPECT:
🍴 The Grand Food Festival (Free!)
On Sunday and Monday evenings, enjoy delicious, traditional Sri Lankan street food—including "Hoppers" and "Kottu Roti." This is offered entirely free of charge as a gift to our community.
🏮 Festival of Light
Marvel at our massive, handmade "Pandol" (a giant light display) and vibrant lanterns that will illuminate the Kirriemuir night sky. A perfect sight for all ages!
🧘 Moment of Stillness
Curious about inner peace? Join a short, 30-minute guided meditation session to relax the mind. No experience is needed!
🕯️ Ceremony of Light
Join us at 9:00 PM on Sunday and Monday for a serene and beautiful candle-lighting ceremony.
🌿 EVENT DETAILS:
📅 DATES: Saturday, May 30th – Monday, June 1st, 2026
📍 VENUE: Fairlie House, Kirkton Court, Kirriemuir, DD8 4JT
🎟️ ADMISSION: Entirely FREE. All food and refreshments are offered in the spirit of kindness.
👪 ENVIRONMENT: This is a family-friendly, alcohol-free event.
SCHEDULE:
Saturday, May 30th (11:00 AM – 12:30 PM): Community Open House & Meditation.
Sunday, May 31st & Monday, June 1st: Food Festival and Light Displays (Evening).
No booking is required—just show up and enjoy the evening with us! We look forward to meeting our neighbors and sharing this special occasion with you.
May the light of peace shine upon all! 🌸
CONTACT US:
📞 Phone: 078 18305734
📧 Email: info@meditationscotland.uk
🌐 Website: www.meditationscotland.uk
Mahamevnawa International Meditation Centre Scotland is a registered charity (SC055199).

29/04/2026

ශ්‍රී බු. ව. 2570
Kirremuir වෙසක් මංගල්‍යය 2026

ස්කොට්ලන්ත වෙසක් මංගල්‍යය 2026මැයි මස 30, 31, සහ ජූනි 01 තෙදින පුරා ස්කොට්ලන්තයේ මහමෙව්නාව ජ්‍යාත්‍යන්තර භාවනා මධ්‍යස්ථා...
28/04/2026

ස්කොට්ලන්ත වෙසක් මංගල්‍යය 2026
මැයි මස 30, 31, සහ ජූනි 01 තෙදින පුරා ස්කොට්ලන්තයේ මහමෙව්නාව ජ්‍යාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ.
බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව ඔබ සැමට මෙත් සිතින් ආරාධනා !

නමෝ බුද්ධාය!!"පුත්තා වත්ථු මනුස්සානං"ස්කොට්ලන්තයේ වෙසෙන සත්පුරැෂ දරැවන් අපේක්ෂාවෙන් සිටින ගැබිණි මව්වරැනට උතුම් තුණුරැවන...
10/03/2026

නමෝ බුද්ධාය!!

"පුත්තා වත්ථු මනුස්සානං"

ස්කොට්ලන්තයේ වෙසෙන සත්පුරැෂ දරැවන් අපේක්ෂාවෙන් සිටින ගැබිණි මව්වරැනට උතුම් තුණුරැවනගේ රැකවරණය සහ අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් සෙත් පැතීම අරමුණු කරගත් විශේෂ ආශිර්වාදාත්මක වැඩසටහනක් පසුගිය සෙනසුරාදා දින එනම් මාර්තු මස 7 වන දින සවස 6.30 පටන් ස්කොට්ලන්තයේ මහමෙව්නා අසපුවේදී පැවැත්වින. පින් කැමති සියල්ලෝද මේ පිංකම දැක බලා සතුටු සිතින් අනුමෝදන් වේවා !

තෙරැවන් සරණයි!!

නමෝ බුද්ධාය!!"පුත්තා වත්ථු මනුස්සානං"ස්කොට්ලන්තයේ වෙසෙන සත්පුරැෂ දරැවන් අපේක්ෂාවෙන් සිටින ගැබිණි මව්වරැනට උතුම් තුණුරැවන...
06/03/2026

නමෝ බුද්ධාය!!

"පුත්තා වත්ථු මනුස්සානං"

ස්කොට්ලන්තයේ වෙසෙන සත්පුරැෂ දරැවන් අපේක්ෂාවෙන් සිටින ගැබිණි මව්වරැනට උතුම් තුණුරැවනගේ රැකවරණය සහ අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් සෙත් පැතීම අරමුණු කරගත් විශේෂ ආශිර්වාදාත්මක වැඩසටහනට සහභාගී වීමට එළඹෙන සෙනසුරාදා දින එනම් මාර්තු මස 7 වන දින සවස 6.30ට ස්කොට්ලන්තයේ මහමෙව්නා අසපුවට පැමිණෙන ලෙසට පින්වත් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කරමු.

තෙරැවන් සරණයි!!

*ස්කොට්ලන්ත ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ උන්නතිය සඳහා කෙරෙන ගෞරවනීය ඇරයුමයි!*නමෝ බුද්ධාය!ස්කොට්ලන්තයේ වාසය කරන සැදැහැවත...
26/02/2026

*ස්කොට්ලන්ත ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ උන්නතිය සඳහා කෙරෙන ගෞරවනීය ඇරයුමයි!*

නමෝ බුද්ධාය!

ස්කොට්ලන්තයේ වාසය කරන සැදැහැවත් පින්වතුනි, අප මධ්‍යස්ථානය ආරම්භ කර වසරක් සපිරෙන මේ මොහොතේ, පසුගිය කාලය පුරා දන්පැන් පූජා කරමින් සහ ධර්මය පුරුදු කරමින් අප සැම රැස්කරගත් පින අපමණයි. අප සැමගේ අධ්‍යාත්මික දියුණුව උදෙසා පවතින මෙම පින්බිම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මේ මොහොතේ ඔබේ සහයෝගය අවශ්‍යව පවතී.

*වත්මන් තත්ත්වය* :
විදුලි පරිපථ සංශෝධනයක්, ජල හා විදුලි බිල්පත් ඇතුළු අත්‍යවශ්‍ය හදිසි කටයුතු කිහිපයක් වෙනුවෙන් මාර්තු මාසය තුළ දළ වශයෙන් £9,500 ක වියදමක් දැරීමට සිදුව ඇත. මේ වන විට මධ්‍යස්ථානය සතු ( £4000 ක් වූ ) අරමුදලින් සපුරාගත නොහැකි වූ මෙම අනපේක්ෂිත වියදම පියවීම සඳහා හැකි අයුරකින් සහය වීමට ඔබ සැමට ආරාධනා කරමු.

*කළ හැකි උපකාර* :
මෙම විශේෂ වියදම් පියවා ගැනීමට මෙන්ම, ඉදිරියේදී මෙවැනි මූල්‍ය අභියෝග මගහරවා ගනිමින් විහාරස්ථානය ශක්තිමත් කිරීමට ඔබට ක්‍රම දෙකකින් සම්බන්ධ විය හැකිය:

*හදිසි අවශ්‍යතාවය සඳහා දායක වීම* : ඔබේ හැකියාව පරිදි අතිරේක පරිත්‍යාගයක් සිදු කිරීම.

*ස්ථාවර මාසික දායකත්වය* : ඔබ මාසිකව උපයන ධනයෙන් ඉතා සුළු මුදලක් (පැය භාගයක හෝ පැයක වැටුපක් වැනි) මාස්පතා පරිත්‍යාග කිරීම මගින් ඩන්ඩි, පර්ත්, ඇබර්ඩීන් ඇතුළු ප්‍රදේශවල වෙසෙන අප සියලු දෙනාට එකමුතුව මෙම පින්බිම පවත්වාගත හැකි වේ.

*මාසික දායකත්ව ක්‍රම* :
*සෙනසුන් පූජාව* : විහාරස්ථානයේ මාසික ණය වාරිකය වෙනුවෙන්.

*ආලෝක පූජාව* : විදුලි බිල්පත් සහ ජල බිල්පත් වෙනුවෙන්.

*සංඝෝපස්ථාන පූජාව* : ස්වාමීන් වහන්සේලාගේ වීසා ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු වෙනුවෙන්.

🔗 වැඩි විස්තර සඳහා පිවිසෙන්න: https://meditationscotland.uk/regular-donations/

මෙම පින්බිම රැකගැනීම වෙනුවෙන් ඔබ දක්වන දායකත්වය, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය බාධාවකින් තොරව අවබෝධ කර ගැනීම පිණිසම උපකාරී වේවා! 🙏

Meditation Centre

31/01/2026

නමෝ බුද්ධාය !

පින්වත් දුවේ පුතේ,
සීලය නම් ඇත්තෙන්ම සීතලයි…....ජීවිතයේ, දැවිලි, තැවිලි, ගිනි සියල්ලම නිවන්න තරම් සීලය ඇත්තෙන්ම සීතලයි.....

හෙට නවම් පුර පුන් පොහෝ දවස. උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින් උතුම් උපෝස්ථ සීලය රකින්න ඔබ මහමෙව්නාව අසපු වලට එන්න.

පින්වත් සත්පුරුශ සංඝරත්නය ඇසුරේ පින් පුරන්න ඔබ එන්න.

හෙට සිල් වැඩසටහන් වලට සියල්ල සූදානම්...☺️🙏🙏🙏🙏

31/01/2026

Address

MIMC Scotland Kirkton Court
Kirriemuir
DD84JT

Alerts

Be the first to know and let us send you an email when International Meditation Centre - Scotland posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share