01/01/2026
නමෝ බුද්ධාය !
අපගේ ස්කොට්ලන්ත මහමෙව්නාව ජ්‍යාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය අරඹා වසරක් පිරෙන අද දින පින්වත් ස්වාමින් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් ඊයේ රාත්‍රීයේ පටන් නව ව්‍යවහාර වර්ෂය උදා වුන අද දින පහන් වන තුරු පවත්වන්නට යෙදුනු ඒ උතුම් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවෙන් සහ අවසන පවත්වන්නට යෙදුණු උතුම් ක්ෂීරපායාස පුජවෙන් රැස්කර ගත් පුණ්‍ය සම්භාරය පින් කැමති සියල්ලෝ සතුටු සිතින් අනුමෝදන් වේවා !
ස්කොට්ලන්තයේ වෙසෙන බෞද්ධ ඔබ සැම මහමෙව්නාව අසපුව ඇසුරේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලබමින්, පින්වත් මහ සගරුවන විෂයෙහි දන්පැන් පුදමින්, උතුම් ශීලාදී ගුණදම් වඩමින්, බුද්ධෝපස්ථාන, සංඝෝපස්ථාන කරමින්, දානමාන, දන්සැල් කරමින්, රැස්කර ගත් මහා පුණ්‍යානුභාව බලයෙන් උදා වූ ව්‍යවහාර වර්ෂ 2026 සියළු යහපත් අභිලාෂයන් සමෘද්ධිමත් වන සුබ නව වසරක් වේවා !
🛞 ස්කොට්ලන්තයේ මහමෙව්නාව ජ්‍යාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය 🛞