Unani Medicare

Unani Medicare Contact for unani treatment and counselling in liverpool by experienced and registered Ayurvedic doctor from Srilanka.

As well as cupping therapy, chiropractice and massage available for ladies.

26/01/2026
19/01/2026
10/01/2026
08/01/2026
01/01/2026
21/12/2025
09/12/2025
09/12/2025
15/11/2025

Learning styles

Dengue
15/11/2025

Dengue

පුංචි දිනිතිට උණ ගැනිලා දවස් දෙකක් විතර වුණා. අම්මයි තාත්තයි දිගටම පැරසිටමෝල් දුන්නා. තුන්වෙනි දවස වෙද්දි හිටිහැටියේම දිනිතිගේ තද උණ බැස්සා. දෙමව්පියන්ට ලොකු සහනයක් දැනුණා. "හම්මේ... දැන් නම් දරුවට සනීපයි, උණත් නෑනේ" කියලා ඔවුන් හිතුවා.
ඒත් එදා හවස දිනිති අමුතු විදියට නිහඬ වුණා. වතුර තිබහයි කිව්වා, ඒත් බොන වතුර ටික එවලේම වමනය කළා. "බඩ රිදෙනවා අම්මේ" කියලා කෙඳිරි ගෑවා. රෑ වෙද්දි දරුවාගේ ඇඟ අයිස් කැටයක් වගේ සීතල වෙලා, දාඩිය දාන්න පටන් ගත්තා. අම්මා හිතුවේ උණ බැහැපු නිසා ඇඟ නිවෙනවා කියලා.එක එක වෙනස් ගැලපෙන්නේ නැති දේවල් කියවන්න ගත්ත දිනිති
පැය කිහිපයකට පස්සේ සිහිය නැති තත්වයට පත් වුනා. රෝහලට දුවගෙන යද්දිත් ප්‍රමාද වැඩියි. දරුවාගේ රුධිර පීඩනය (Blood Pressure) මැනගන්න බැරි තරමටම වැටිලා. නාඩි වැටෙන්නේ (Pulse) හරිම අඩුවෙන්. දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරු, හෙදියෝ අනික් හැමෝම පැය ගණනක් සටන් කළත්, ඩෙංගු මාරයා දිනිතිව අරගෙන ගියා.
දෙමව්පියන්ගේ විලාපය මැද ඉතිරි වුණේ එකම එක ප්‍රශ්නයක් විතරයි...

"උණ බැස්සට පස්සේ නේද දරුවා අසාධ්‍ය වුණේ?"

ඔබ දන්නවාද? ඩෙංගු රෝගයේ භයානකම අවස්ථාව එන්නේ උණ බැස ගිය පසුවයි. බොහෝ දෙනා රැවටෙන්නේ මෙතැනදීය.

💁‍♀️ඩෙංගු කම්පන තත්ත්වය (Dengue Shock Syndrome - DSS) යනු කුමක්ද?
ඩෙංගු රෝගයේ "අවදානම් අවධියේදී" (Critical Phase) රුධිර නාල වලින් පිටතට රුධිර ප්ලාස්මාව කාන්දු වීම (Plasma Leakage) සිදු වේ. මෙය අධික ලෙස සිදුවන විට රුධිර පීඩනය වේගයෙන් පහත වැටී, සිරුරේ ඉන්ද්‍රියයන්ට රුධිරය සැපයීම අඩාල වේ. මෙය කම්පන තත්ත්වයයි (Shock).

💁‍♀️ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතු අනතුරු ඇඟවීමේ ලක්ෂණ (Warning Signs)

👉උණ බැස ගියද රෝගියාට සුවයක් නොදැනීම සහ අධික නිදිමත හෝ නොසන්සුන් බව.
👉 දිගින් දිගටම පවතින වමනය (පැයක් තුළ 3 වතාවකට වඩා).
👉තදබල උදර වේදනාව (බඩේ කැක්කුම).
👉අත් පා අයිස් මෙන් සීතල වීම (Cold extremities) සහ ඇලෙනසුළු දාඩිය දැමීම.
👉විදුරුමස් වලින්, නාසයෙන් හෝ වමනය/මලපහ සමඟ රුධිරය පිටවීම.
👉මුත්රා පිටවීම අඩුවීම හෝ මුත්රා පිට නොවීම.

🔴අවධානයට
💁‍♀️උණ දින 2කට වඩා පවතී නම්, තුන්වන දිනයේදී අනිවාර්යයෙන්ම සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් (FBC) සිදු කරන්න.
💁‍♀️උණ බැස යන විට රෝගියා අලස නම්, කෑම බීම ප්‍රතික්ෂේප කරයි නම් වහාම රෝහල් ගත වන්න.
🤷‍♂️වෛද්‍ය උපදෙස් මත පමණක් දියර වර්ග ලබා දෙන්න. (නිකම්ම වතුර පමණක් බීම සුදුසු නැත, ජීවනි හෝ කැඳ වර්ග වඩාත් සුදුසුයි).

මේ පණිවිඩය ඔබේ ආදරණීයයන් සමඟ බෙදාගන්න. එක Share කිරීමකින් තව එක ජීවිතයක් බේරාගන්නට ඔබට හැකි වේවි. අපි කැමති නෑ ඔයාලා ලෙඩ වෙනවට❤️ ඔයාලගේ කඳුලු බලන්න අපි කැමති නෑ. ඒ නිසා පරිස්සමෙන් ඉන්න. වෙන්න පුලුවන් දේ දැනගෙන ජීවිත්වෙන්න.😊

ස්තූතියි.
-හෙදියකගේ දිනපොත-

Address

272, Upper Parliament Street
Liverpool
L87QE

Opening Hours

Monday 9am - 3pm
Tuesday 9am - 3pm
Wednesday 9am - 3pm
Thursday 9am - 3pm
Saturday 10am - 3pm
Sunday 9am - 5pm

Telephone

+447309102716

Website

Alerts

Be the first to know and let us send you an email when Unani Medicare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Unani Medicare:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram