Dr. Sidath Wijesekera

Dr. Sidath Wijesekera A consultant oncologist
MBBS(Col), MD Clinical Oncology

📌️📌️📌️Hidden risk of whitening cream - සුදුවෙන්න ක්‍රීම් ගාපු නංගිලා අක්කලා ඇන්ටිලා ඉන්නවනං ශෙයා කරන්න 📌️📌️📌️
18/07/2025

📌️📌️📌️Hidden risk of whitening cream - සුදුවෙන්න ක්‍රීම් ගාපු නංගිලා අක්කලා ඇන්ටිලා ඉන්නවනං ශෙයා කරන්න 📌️📌️📌️

🔬 සම පැහැගැන්වීමේ ක්‍රිම් වල සැඟවුණු අනතුරු | Hydroquinone සහ පිළිකා අවදානම – පිළිකා විශේෂඥයකු විසින් විස්තර කරයිඔබ සම සු...

📌️📌️ Are you from SriLanka?📌️📌️Are you from SriLanka?😗😗😗😗😗😗😗😗😗😗පහුගිය දවසක මේ රටේ කාන්තාවක් මගෙන් ඇහුවා...මම ආයෙත් ඇහුව ...
14/06/2025

📌️📌️ Are you from SriLanka?📌️📌️

Are you from SriLanka?
😗😗😗😗😗😗😗😗😗😗
පහුගිය දවසක මේ රටේ කාන්තාවක් මගෙන් ඇහුවා...
මම ආයෙත් ඇහුව කොහොමද හරියටම ලංකාවෙමද කියල ඇහුවෙ කියල. ගොඩක් වෙලාවට අහන්නෙ ඉන්දියාවේ ද කියලනෙ. ..මට හම්බ උන උත්තරේ තමයි you srilakans are always with a smile and cheerful ...
මං ඉතින් අහසින් බහින්න සෑහෙන වෙලාවක් ගියා. ඉතින් හිතාදර විදේශවාසී සිරිලාංකිකයනි...හිතට වද දෙන ප්‍රශ්නයකින් බේරෙන්න...හිනාවෙලා ඉන්න.😊😊😊😊

"වාලම්පූරි" - බැලුවට පාඩු නෑ.......පහුගිය දවසක වාලම්පූරි බලන්න Brighton ඉදන් London ගිය එක පාඩු නෑ. Quality production එ...
14/06/2025

"වාලම්පූරි" - බැලුවට පාඩු නෑ.......

පහුගිය දවසක වාලම්පූරි බලන්න Brighton ඉදන් London ගිය එක පාඩු නෑ. Quality production එකක්.....
ගිහිල්ලා බලන්න ..ආස හිතෙයි...

25/05/2025
💕With deepest respect and heartfelt gratitude, we remember and honor the brave men and women who served and sacrificed f...
18/05/2025

💕With deepest respect and heartfelt gratitude, we remember and honor the brave men and women who served and sacrificed for the peace and unity of our beloved Sri Lanka.
Your courage in the face of unimaginable adversity, your unwavering commitment to protect the nation, and the sacrifices you and your families made will never be forgotten. Because of your strength and dedication, generations today and tomorrow can live in freedom and hope.
We salute the fallen heroes, the wounded, and every soul who stood in defense of our land. You are not just part of our history—you are the heart of our nation.

ලංකාවේ අපි කොතනද 🤔🤔🤔===================================මේ එංගලන්තෙ සාමාන්‍ය පොඩි පාරක්. මේකෙ දෙපැත්තෙ ලොකු අවදානම් පල්ලම...
16/05/2025

ලංකාවේ අපි කොතනද 🤔🤔🤔
===================================
මේ එංගලන්තෙ සාමාන්‍ය පොඩි පාරක්. මේකෙ දෙපැත්තෙ ලොකු අවදානම් පල්ලමක් නැහැ. පොඩි කන්ඩියකින් ගොල්ෆ් පිට්ටනිය වෙන් වෙනව. මේ පාර වාහන දෙකක් අමාරුවෙන් මාරු වෙන්න පුලුවන් . වැදගත් දේ තමයි මේ වගේ පොඩි පාරක උනත් කණු ගහල මායිම හොදට පේන්න හදල තියන එක. රියදුරන්ට ආරක්ශාකාරී විදිහට වාහන මාරු කරගෙන යන්න ලොකු උදවුවක් වෙනව. රෑට මේ කණු තියන එක රියදුරන්ට ලොකු උදවුවක් වෙනව පාරෙ සීමාව බලාගන්න. අනිත් වැදගත් දේ ඕනැම රියදුරෙක් මෙතෙනදි වාහනේ වේගෙ අඩු කරලා තමයි ගන්නෙ. ඒක මං හිතන්නෙ මෙහෙ driving exam එකේදිම හදන මානසිකත්වය. එහෙම නැතුව ඒක පාස්වෙන්න අමාරුයි . මේ වගේ පොඩි දේවල් අපිට අපේ රටවල් වලත් හදාගන්න පුලුවන් නං ලොකු අනතුරු වෙලා වෙන කණගාටුදායක සිද්ධි නවත්තගන්න පුලුවන් වෙයි.

03/01/2025

ඇට මිදුලු බද්ධය ලංකාවේ කල හැකිද????
=========================

ඊයේ අපේක්ෂා රෝහලේ ලමා ඇටමිදුලු බද්ධකිරීමේ ඒකකය විවෘත කිරීමේදී සෞඛ්‍ය ඇමතිවරයා කල කතාව සම්බ්න්ධයෙන් මේ වන විට සයිබර් සමාජයේ ලොකු කතාබහක් ඇතිවෙලා තියනවා. ඒකෙ ප්‍රතිපලයක් විදිහට සමහරු අදහස් දක්වලා තිබුනා මේ කියන ලමා ඇට මිදුලු බද්ධය කරන්න මේ කියන ගොඩනැගිලි විතරක් මදි අවශ්‍යා පහසුකම් නෑ කියන එක. ඇත්තටම කිවුවොත් මේක අමු බොරුවක්. ඊයෙ විවෘත කරපු ඒකකයේ සහ රෝහලේ පිලිකා රෝගී දරුවන්ගේ ඇට මිදුලු බද්ධ කිරීමට අවශ්‍ය පහසුකම් සියල්ල තියනවා. සරලව ගත්තොත් ඉන්දියාවෙ ගිහිල්ලා ලක්ශ දෙසීයක් විතර දීල කරන ඇටමිදුලු බද්ධය නොමිලේ කරන්න පුලුවන් . එහෙනම් මොකක්ද මේ බෑ කියන HLA පටක පරීක්ශාව. ඔය බෑ කියන පරීක්ශාව දැනටත් ලංකාවෙ කරනවා. වැඩිහිටි රෝගීන්ගේ ඇටමිදුලු බද්ධ කිරීම අපේක්ශා රෝහලේ ආරම්භ කරල වසර ගනනාවක්. ඒහි සාර්තක ප්‍රතිශතය ඉතා ඉහල අගයක්. ඒ වගේම අදටත් ලංකාවේ පුද්ගලික අංශයේ දරුවන්ගේ ඇටමිදුලු බද්ධ කිරීම කරනවා. ඔය කියන සියලු ප්‍රතිකාර වල HLA පරීක්ශාව සිදු කරන්නේ ලංකාවෙමයි. එහෙනං ඇයි ඔය බෑ කියන්නෙ. පැහැදිලිවම ඔය කතාව යවන්නේ එකේක වියාපෘතිවල අතකොලු. මොකද ඇටමිදුලු බද්ධයකට ඉන්දියාවේ යවනව කියන්නෙ ලොකු බිස්නස් එකක්. මේක ලංකාවේ නොමිලේ කරන එකෙන් තමන්ගෙ බිස්නස් පාඩුවෙන අය නිකම් ඉදී කියල හිතන්න අමාරුයි.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේ අපේක්ශා රෝහලේ ඉදි කරපු ඒකකයේ ඇටමිදුලු බද්ඩයට අවශ්‍ය පහසුකම් විතරක් නෙවෙයි වසර ගණනාවක් මේ සම්බන්ධයෙන් එංගාන්තේ පුහුණුව ලබපු ලමා පිලිකා රෝග විශේෂඥ වයිද්‍යවරියක්ද සිටිනවා. ඒ හින්ද එකේක බිස්නස් කාරයින්ගෙ කටකතා වලට රැවටෙන්න එපා...

අඹයට පොලු ගැසීම=============================ආණ්ඩුවට  චන්දේ දුන්නැති ගොඩක් දෙනා උදේ හවස සමාජ මාධ්‍යවල ආන්ඩුවට පහර ගහන එක ...
30/12/2024

අඹයට පොලු ගැසීම
=============================

ආණ්ඩුවට චන්දේ දුන්නැති ගොඩක් දෙනා උදේ හවස සමාජ මාධ්‍යවල ආන්ඩුවට පහර ගහන එක දැන් බහුලව දැකිය හැක. ඔවුන්ගේ ඒකායන බලාපොරොත්තුව වන්නේ ගෝටාබය ආණ්ඩුව මෙන් මේ ආන්ඩුවද ඉක්මනින් පෙරලීම බව නොරහසක්. නමුත් ගැටලුව වන්නේ පෙරලා බලය ලබා ගැනීමට සංවිධානාත්මක විපක්ශයක් ඔවුනට තිබේද යන්නය. මගේ උගත් මිත්‍රයන්ට කීමට ඇත්තේ පලමුව හොද නායකත්වයක් යටතේ සංවිධානය වන ලෙසය . නැතහොත් කොහෙන් හෝ පැමිනෙන විකල්පයකට බලය ගිය විට් කට ඇරගෙන් බලා සිටීම හැර කල හැක්කක් නොමැති වනු ඇත. අඹ ගෙඩියට හතර වටෙන් පොලු ගැසීමට පෙර වැටෙන් අඹ ගෙඩිය අල්ලා ගැනීමට ක්‍රමයක් හදාගත යුතුය. නැතහොත් කොහෙන් හෝ පැමිණි කොල්ලෙක් වැටෙන අඹගෙඩිය පැහැරගෙන දුවනු ඇත...

ජනතාව වෙනස් වී ඇත - බලය පාර්ලිමේන්තුවෙන් එලියට ගොස් ඇත...=========================කතානායකගේ ආචාර්‍ය පට්ටම ප්‍රශ්න කිරීමට...
13/12/2024

ජනතාව වෙනස් වී ඇත - බලය පාර්ලිමේන්තුවෙන් එලියට ගොස් ඇත...
=========================
කතානායකගේ ආචාර්‍ය පට්ටම ප්‍රශ්න කිරීමට ලක් කිරිම මෙන්ම එහි අවසන් ප්‍රතිපලය ලබා දෙන පණිවුඩයද පැහැදිලිය. ජනතාව පාලකයන් ප්‍රශ්න කිරීමට පටන්ගෙන ඇත. වසර පහකට බලය දී කරන ඕන කුණුහරපයක් ඉවසා බලා සිටීම ජනතාව නතර කලේ මීට වසර ගණනාවකට පෙරය. ඒ වෙනස්කම සිදුවීමට පටන්ගත්තේ 2015 සිටය. නමුත් මෙතෙක් බිහිවූ පාලකයන් ජනතාවගේ සිදුවූ වෙනස්කම එය තේරුම් නොගැනීමේ ප්‍රතිපලය අත්විදිමින් පවතී. බලය ඉහට ගැසීමෙන් ජනතා පණිවුඩය තේරුම් නොගැනීමේ රෝගී තත්වය මාලිමාවේ ඇතැම් ලොක්කන්ට වැලඳී ඇති නමුත් ජනාධිපති අනුර දිසානායකට හොඳින් තේරුම් යාම සුභදායකය. ජනබලයේ සුලිය මෙතෙක් දියයට කැලඹෙමින් තිබූ බැවින් අධිකරණයෙන් මිනීමැරුමකට වරදකරු වූවෙක්ට ඒහිභික්ඛු භාවයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීකම් ලබා දීමට දඩුවම් දීමට කල් ගතවූවද සුලිය මතුපිටට පැමිණ ඇති මොහොතේ නොපමාව ප්‍රතිපල ලැබෙන බව තේරුම් ගැනීම බලයේ සිටින හෝ බලයට ඒමට සිටින කාගෙත් හිතසුව පිණිස වන්නේය. ජනතාව වෙනස් වී බලය පාර්ලිමේන්තුවෙන් එලියට ගෙන ඇත. එය තේරුම් ගැනීම කාගෙත් හිතසුව පිණිස වන්නේය....

ආණ්ඩුව කොයිබටද?====================සම්පූර්ණයෙන් බලය අරන් මාසයක් වගේ කාලයක් ගතවෙන කොට ආණ්ඩුව කොයි පැත්තටද යන්නෙ කියන එක ග...
07/12/2024

ආණ්ඩුව කොයිබටද?
====================
සම්පූර්ණයෙන් බලය අරන් මාසයක් වගේ කාලයක් ගතවෙන කොට ආණ්ඩුව කොයි පැත්තටද යන්නෙ කියන එක ගන අදහසක් ගන්න පුලුවන් දේවල් කීපයක් පේනවා. මිනිස්සු මේ පෙරලිය කලේ තිබුණු දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න කියන එක ආණ්ඩුව තේරුම් අරන් කියන එක කාරණා කීපයකින් පේනවා.

*බදු නීතිය හැමෝටම එකවගේ ක්‍රියාත්මක කරන එක කලින් ආණ්ඩු වලට පුලුවන් කම තිබුනත් ඕන කමක් උන්නෑ. වෘත්තිකයාගේ සිට කම්කරුවා දක්වා මිරීකා බදු ගන්න ගමන් ප්‍රකෝටිපති යාලුවන්ට බදු ආතල් ගන්න දුන්න එක නවත්තපු එක මෙන්ඩිස් සමාගම සීල් තියපු එකෙන් වගේම ජීවිතේට බදු ගෙවයි කියල නොහිතපු ජොනී බදු ගෙවීමෙන්ම පේනවා. මිනිස්සුන් ට ඕන අන්න ඒ සංස්කෘතික වෙනස.

*කුඩු අල්ලන එක මිලිග්‍රෑම් ගානෙ ඉදන් කිලෝ දෙසීය තුන්සීය වෙනකං වැඩි උන එකත් සැලකියයුතු දෙයක්. මේ ගැන කියන්න තාම ඉක්මන් වැඩි උනත් යන පාර හරි කියල පේනවා.

* මනූජ් වීරසිංහ ඖශධ අධිකාරියේ සභාපති කරපු එක පැහැදිලිවම ආණ්ඩුවේ අරමුණ පෙන්නුම් කරන එකක්. විශාලම මාෆියාවක් එක්ක උඩුගම් බලා පීනන්න ලෑසිතියි කියන එක මේකෙන් පෙන්නනව.

මේ ඔක්කොම කියන්නෙ ජනතාවට ඕන උන හැමෝටම එක නීතිය ක්‍රියාත්මක වෙන සංස්කෘතිය ක්‍රියාත්මක වෙන දිශානතියට ආණ්ඩුව ගමන් කරනව කියලා. ඔය අතරෙ වෙලදපල , මාධ්‍ය ඇතුලු දහසකුත් එකක් ප්‍රශ්න වලින් හොදදේ වැහෙන එක ආණ්ඩුවේ ප්‍රචාරණ යාන්ත්‍රණයේ දුර්වලකමක් කියලත් කියන්නම වෙනවා. ඒක හරියට කරෙ නැත්තන් කොච්චර හොද උනත් නාන එක නවත්තන්න බෑ.
දැනට ඔහොම යං..අපි බලන් ඉමු..

Address

Richmond Road
Seaford
BN251EY

Alerts

Be the first to know and let us send you an email when Dr. Sidath Wijesekera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr. Sidath Wijesekera:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category