19/12/2024
තවත් වසංගතයක් 😟☓
👉 කාන්තාවකගේ තරුණ පෙනුම අන් අයගේ ආකර්ෂණයට ලක්වන්නක්. වියපත් වුවත් සුන්දර පෙනුමක් ලබා ගන්න කාන්තාවන් උත්සාහ කරන්නේ මේ නිසයි. ආකර්ෂණීයත්වය යනු පැහැපත් සමක්, සුන්දර මුහුණක්, වටිනා ආභරණ, වටිනා ඇඳුම් පැලඳුම් ආදී දේවල්වලින් පමණක් තීරණය වන දෙයක් යැයි බහුතරය විශ්වාස කරනවා. කෙසේ වෙතත් සම සුදු පැහැ ගන්වන ආලේපනවලට අද ශ්‍රී ලංකාව තුළ මෙතරම් ඉල්ලුමක් තිබෙන්නේ ආකර්ෂණීයත්වය රැඳී ඇත්තේ සුදු පැහැති සමකයැයි බොහෝ දෙනා සිතාගෙන සිටින නිසා වන්නට ඇති බවයි මගේ මතය. නමුත් ඇත්තටම කාන්තාවකගේ ආකර්ෂණීය බව තීරණය වන්නේ කෙසේද? ඇඳුම්, පැලඳුම්, පෙනුමට අමතරව ප්‍රධාන වශයෙන්ම ඇයගේ සාරධර්ම, විනය හා අධ්‍යාපනය බලපානවා තව ඇය සතුව ඇති හැසිරීම් රටා හා ශක්තීන් ආදී මේ සියල්ලම ආකර්ෂණීයත්වය තීරණය කිරීමට හේතු වනවා.
👉 මේවා කෙසේ වෙතත් වර්තමානයේ මේ ඔක්කොම පැත්තකට දාලා ලංකාවේ කාන්තාවන් සම සුදු පැහැ ගන්නවන විෂ රසායනික ද්‍රව්‍ය ශරීරයේ ගල්වාගන්නට ඇති කැමැත්ත ද උන්මාදයක් බවට පත්වෙලා තියෙනවා. මේ සටහන මම අද තබන්නේ වර්තමානය වනවිටමේ පිළිබදව පිළිගත හැකි පර්යේෂණ පත්‍රිකා කිහිපයක තොරතුරු බොහොම සාරාංශ කරලා සටහනක් තියන්නයි.
👉 ඉතින් අපේ සමේ වර්ණය තීරණය වන්නේ මෙලනින් වර්ණකය අනුවය. විශේෂයෙන්ම දකුණු ආසියාතික රටවල් වල මිනිස්සුන්ගේ දුඹුරු පැහැයට හේතුවෙන්නේ මේ වර්ණකය. ඒත් මේ ආලේපන මඟින් සමේ මෙලනින් වර්ණකය නිපදවීමට බාධා ඇති කර, මෙලනින් වර්ණකයේ සාන්ද්‍රණය අඩු කර දමනවා. එමඟින් ඉතා කෙටි කාලයක් තුළ සම සුදු පැහැ ගැන්වුනත්, අතුරු ප්‍රතිඵල රැසක් පැන නඟිනවා. ඉන් කිහිපයක් පමණක් මම මේ විදිහට පෙළගස්වන්නම්. හැබැයි සතියක් උනත් විස්තරාත්මකව කියවන්න පර්යේෂණ පත්‍රිකා වල තියෙනවා.
1. හිරු එළියෙන් නිකුත් වන uv කිරණ වලින් ඔබේ සම ආරක්ෂා කිරීමට,බාහිර ලෙඩ රෝග වලින් ඔබේ සම ආරක්ෂා කිරමට මෙලනින් වර්ණකය උපකාරී වෙනවා. නමුත් මේ ආලේපන නිසා ඔබේ සමට මෙලනින් මඟින් සැපයෙන ආරක්ෂාව අහිමි වී පහසුවෙන්ම රෝගා බාධ වලට ගොදුරු වෙනවා. ස්වභාවික ආරක්ෂාවක් නොමැති වීම හේතුවෙන් සමේ පිළිකා ඇති වීමේ අවදානම ඉහල යනවා. 🔆⚠️
2. මේවා අඩංගු ආලේපන දිගින් දිගටම ගල්වන විටදී ඒවා සම තුලට කෙමෙන් කෙමෙන් කා වදින්නට පටන් ගන්නවා. ඒවා ඔබේ මුහුණේ ඇති සියුම් මාංශ පේශි වල සම්බන්ධක පටක වලට දැඩි ලෙස හානි ඇති කරනවා. එහි ප්‍රතිඵල ලෙස සම ඉක්මනින් වියපත් වීම, සමේ පිළිකා ඇති වීම සිදු විය හැකියි. 🚫
3. තවද භයානකම ප්‍රථිපලය නම් යම් රෝගීතත්වයක් වැලදෙන්නුයේ මෙහි අතුරු ප්‍රථිපලයක් වශයෙන් බව වෛද්‍ය විද්‍යාත්මකව පවා අනාවරණය කරගැනීමට අපහසුතාවයකට පත්වනවා 😟
4. තවද හෝමෝන වල වෙනස්වීම් නිසා ඔසප් චක්‍රයන් වෙනස්වීම, සරුබාවයන් බිදවැටීම හා නීරෝගී දරු උපත් සිදු කිරීමට ඇති හැකියාව බිදවැටීම, හිසරදය හා මානසික නිදහස බිදවැටීම. පෙන්වන්න පුළුවන් තවබොහෝයි.
👉 අවාසනාවකට මෙම ආලේපන ප්‍රවර්ධනය සිදු කරන්නේද සම සෞඛ්‍ය පිළිබද තියා අවම වශයෙන් උ.පෙ හෝ ඇතැමුන්ට සා.පෙ පවා අවමත් නමුත් සමාජ මාධ්‍යජාලාවලින් වැඩි ඉඩක් සලසා ගන්නාලද අය වීම හේතුවෙන් මෙය වසංගත යක්ව පැතිරීයාමයි. තවද අවාසනාවක මහත නම් ඔබත් මමත් ජීවත්වන මුතු ඇටේ මෙම අහිතකර නිෂ්පාදයනය හා වෙලදාම යාමනය කිරීම සදහා ප්‍රමාණවත් තරම් නීති රීති ද ශක්තිමත් නොවීමයි. ඉතින් ඔබ සිතනවා නම් මෙම වටිනා අදහස් තවත් කෙනෙක්ට කියවීම වටිනවා කියල මේක Share කරන්න.
මම,
වෛද්‍ය ශිෂ්ය,
Bhanuka Hettiarachchi