Ayur Medicare by Dr.Nisansala De silva

Ayur Medicare by Dr.Nisansala De silva Be comfortable with nature

💔Broken Heart Syndrome💔 (පපුව  පැලිම    ගැන   දැන   ගන්න)✅✅✅🔅සාමාන්‍ය ව්‍යවහරයේ සමහර අය "පපුව පැලෙයි" ලෙස පවසනවා ඔබ අසා ...
01/10/2023

💔Broken Heart Syndrome💔 (පපුව පැලිම ගැන දැන ගන්න)✅✅✅

🔅සාමාන්‍ය ව්‍යවහරයේ සමහර අය "පපුව පැලෙයි" ලෙස පවසනවා ඔබ අසා තිබේද. එය අපගේ ව්‍යවහරට එකතු වූයේ අපේ මුතුන් මිත්තන් මෙම රෝග තත්වය පිලිබද අවුරුදු සිය ගණනකට පෙර දැන සිටීම නිසා විය හැක

🔅 Broken Heart Syndrome එහෙමත් නැතිනම් Takotsubo Syndrome ලෙස හදුන්වන මෙම රෝගී තත්වය ඇති වන්නේ ඔබ යම්කිසි මානසික හෝ ශරීරික පීඩනයකට මුහුණ දුන් අවස්ථාවලදීය.

🫀හදවතට මොකද වෙන්නේ ?

🔅මෙහිදී පීඩනයේ ප්‍රතිපලයක් ලෙස ඔබේ හදවතේ මාංශපේශී වල තාවකාලික දුර්වල වීමක් සිදුවේ. එම නිසා හදවතේ සමහර කොටස් වල හැඩයේ වෙනස් වීමක් සිදුවේ.

🫀ඇතිවෙන්න පුලුවන් හේතු මොනවද ?

🔅ඔබේ සිතට ඇතිවන ඕනෑම දරුණු පීඩනයක් නිසා, (ප්‍රියයෙකුගේ වෙන්වීම, ආදර සම්බන්ධතා නැතිවීම, රැකියාව, මුදල් නැතිවීම)
🔅ඔබේ ශරීරයට ඇතුවන ඕනෑම දරුණු පීඩනයක් නිසා, (දරුණු වේදනාව, දුර දිවීම, ශල්‍ය කර්මයන්)
🔅මෙය බොහෝලෙස මැදි වයසේ කාන්තාවන්ට ඇතිවිය හැක.

🫀හදුනාගන්නේ කොහොමද ?

🔅මානසික පීඩනයකට විනාඩි ගණනකට - පැය ගණනකට පසු ඇති වන පපුවේ වේදනාව
🔅දහඩිය දැමීම
🔅හුස්ම හිරවීම
🔅වමනය
🔅පපුවේ ගැස්ම ඔබට දැනීම
🔅රුධිර පීඩනය අඩු වීම

🫀මොකද කරන්න ඕනේ ?

🔅සම්පූර්ණයෙන්ම සුව කල හැකි තත්වයක් වුවත් වෛද්‍ය උපකාර අවශ්‍ය වේ. එම නිසා ඔබට දරුණු පීඩනයකට පසු මෙම රෝග ලක්ෂණ ඇති උනොත් ඉක්මනින් රෝහල් ගතවන්න.

🔅ඖෂධ මගින් සම්පූර්ණයෙන්ම සුව කල හැක.

🔯 කායික රොග පිලිබද විශේෂඥ වෛද්ය Dr Laknath Welagedara මහතාගේ ලිපියකි,

කලින් මේ පින්තුරය දැක්කම.... ඒකෙ තේරුම තේරුනේ නෑ... . කුඩා සිදුරකින් සර්පයෙකුගේ වලිගයක් එළියට එනු පූසා දැක ඇති අතර එය මී...
20/09/2023

කලින් මේ පින්තුරය දැක්කම.... ඒකෙ තේරුම තේරුනේ නෑ... .

කුඩා සිදුරකින් සර්පයෙකුගේ වලිගයක් එළියට එනු පූසා දැක ඇති අතර එය මීයාගේ වලිගය යැයි සිතා බළලාට එය ඇදගෙන එළියට එන තෙක් උසුළු විසුළු කිරීමට අවශ්‍ය වූ බව පෙනේ.

එතකොටයි මට තේරුනේ... මේ ෆොටෝ එක සුප්‍රසිද්ධ ඉතාලි චිත්‍ර ශිල්පියෙකු වන Marco Melgrati ගේ නිර්මාණයක්,

ඔහුගේ සිතුවමේ තේරුම: "ඔබ කිසි විටෙකත් අවදානම නොදැන, ඔබ සෙල්ලම් කරන්නේ කවුරුන් සමඟදැයි නොදන්නේ ය, මන්ද අපි නොදැනුවත්කම, ප්‍රදර්ශනය කිරීම, වෙහෙස මහන්සි වී වැඩ කිරීම, ඉක්මන් විසඳුම් යනාදිය වැනි අද ගුණාංග වලින් පිරී ඇත."

අද වේගවත් හා කාර්යබහුල ජීවිතය තුළ අපට පෙනෙන්නේ සත්‍යයේ ඉතා කුඩා කොටසක් පමණි.

අනෙක් අය සෞඛ්‍යයෙන් පීඩා විඳින බව අපි සමීපව දුටුවහොත්, ඔවුන්ගේ ජීවිතය අන් අය මත බර පැටවීම, බලාපොරොත්තුව පසුපස හඹා යාම, දින ගණන් කිරීම, සැමරුම් ප්‍රීතියෙන් ඈත් වීම, චමත්කාරයෙන් හා වෘත්තීයභාවයෙන් ඉවත් වීම යනාදිය.

අපි මොකද කරන්නේ ?? අපි සෞඛ්‍ය තත්වයන් මීයාගේ වලිගය ලෙස සලකන අතර බිත්තිය පිටුපස සිටින සැබෑ නාගයා යැයි කිසි විටෙකත් අනුමාන නොකරමු.

ඒ නිසා ඔබේ සෞඛ්‍යයට මුල් තැන දෙන්න.
කිසිවිටෙක ඔබේ සෞඛ්‍ය තත්ත්වය නොසලකා හරින්න එපා.
නාගයාගේ වලිගය මී වලිගය ලෙස සලකා සෙල්ලම් කරන්න එපා.
අවසාන වශයෙන්, ජීවිතය වැදගත් වේ, එබැවින් සෞඛ්යය වැදගත් වේ.

මෙම පින්තූරය මතක තබා ගන්න: ඔබට සම්පූර්ණ පින්තූරය දැකිය නොහැක. ඔබට සම්පූර්ණ පින්තූරය දැකගත හැකි නම්, අපි කුඩා යැයි සිතන දේ ඇත්ත වශයෙන්ම අපට වඩා විශාල බව ඔබට වැටහෙනු ඇත.

එබැවින් අපි ඔබේ සෞඛ්‍ය තත්ත්වයන් ගැන සැලකිලිමත් වී නිරෝගීව සිටිමු.
මෙය බෙදාගැනීමෙන් ඔබට යහපැවැත්ම පිළිබඳ දැනුවත්භාවය ගොඩනඟා ගැනීමට උපකාරී වනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

සෞඛ්‍යය මේ යුගයේ නව සුඛෝපභෝගීභාවයයි.

Copied from Dr Rathnayaka Ayush

ඔබගේ කාලීන හා අනෙකුත් රෝග සදහා ආයුර්වේද ප්‍රතිකාර Online ක්‍රමය යටතේ ලබා ගැනීමට අමතන්න WhatsApp 00393713989371
08/09/2023

ඔබගේ කාලීන හා අනෙකුත් රෝග සදහා ආයුර්වේද ප්‍රතිකාර Online ක්‍රමය යටතේ ලබා ගැනීමට අමතන්න
WhatsApp 00393713989371

🌷තරබාරු බවට ආයුර්වේදයෙන් පිලියම්නවීන ජීවන රටාව හා සම්බන්ධ වන්නා වූ; "බෝ නොවන රෝග"අතරින් වයස් භේදයකින් තොරව හමුවන රෝග තත්...
23/08/2023

🌷තරබාරු බවට ආයුර්වේදයෙන් පිලියම්

නවීන ජීවන රටාව හා සම්බන්ධ වන්නා වූ; "බෝ නොවන රෝග"අතරින් වයස් භේදයකින් තොරව හමුවන රෝග තත්වයක් ලෙස තරබාරු බව හදුනා ගැනීමට හැකිය.ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙම තත්වය ඇති වන්නේ මේදස් ධාතුවේ වෘද්ධි තත්වයක් හේතු කොටගෙනය.

ව්‍යායාම අඩු වීම හෝ ව්‍යායාම සිදු නොකිරීම,පැණි රස,තෙල් සහිත,සෙම් රෝග ඇති කරන ආහාර අධික ලෙස ආහාරයට ගැනීම,ආහාර ගැනීමෙන් පසු නිදා ගැනීම ;විශේෂයෙන් දිවා කාලයේදී නිදා ගැනීම තරබාරු බවට හේතු වන බව සංහිතාවන්හි සදහන් වේ.

තරබාරු බව විවිධ වූ සංකූලතාවයන්ට මූලික විය හැකි රෝග තත්වයකි.අධික ලෙස දහඩිය දැමීම,දඩිය දුගද වීම,ඉක්මනින් වෙහෙසට පත්වීම ආදී සරල සංකූලතාවයන්ද; අධි රුධිර පීඩනය,දියවැඩියාව,මදසරු භාවය හා හෘද රෝග ආදී සංකීර්ණ රෝග ඇතිවීමටද තරබාරු බව හේතු වේ.

ඔබ තරබාරු බව සදහා ප්‍රථිකාර ලබා ගන්නේ නම් ඔබගේ නිරෝගී බවට හානි නොවන සේ එය සිදු කල යුතුය.විශේෂයෙන් බර අඩු කිරීමේදී අම්ල පිත්ත(gastritis),සන්ධි රෝග,පෝෂණ ඌණතා ආදියට ගොදුරු නොවන සේ සිදු කල යුතුය.

☀ නිරෝගී ලෙස ඔබගේ ශරීරයේ බර අඩු කරගැනීමට උපදෙස්.

☘ උදෑසන ඔබ පානය කරන කිරි හෝ වෙනත් මෝල්ට් පානයන් සම්පූර්ණයෙන් නතර කර ඒ වෙනුවට කොළ කැද හෝ රණවරා මල් /බෙලි මල්/ඉරමුසු ආදී ඖෂධීය පානයකට හුරු වන්න.

☘ සෑම විටම සමබල ආහාර වේලකට හුරු වන්න.ඔබගේ ආහාර වේලෙහි අඩංගු පිෂ්ඨ කොටස් හැකිතාක් අඩු කර ඒ වෙනුවට එළවලු හා පලා වර්ග එකතු කර ගන්න.

☘ ඉස්සො,දැල්ලන්,කකුළුවන්,මුහුදු බෙල්ලන්, මාංශ වර්ග හා බිත්තර කහ මදය හැකිතරම් අවම ලෙස ආහාරයට ගන්න.

☘ ආහාර පිසින විට සම්පූර්ණ මිටි කිරි පමණක් භාවිතා කිරීමෙන් වළකින්න.එමෙන්ම එක් වරක් භාවතා කල තෙල් නැවත නැවතත් භාවිතා නොකරන්න.මාගරින් හෝ බටර් වර්ග තෙම්පරාදු කිරීම සදහා යොදා ගැනීමෙන් වළකින්න.

☘ රාත්‍රී ආහාරය අවම වශයෙන් නිදා ගැනීමට පැය දෙකකට වත් පෙර ලබා ගන්න.රාත්‍රී ආහරය සදහා සුප් /කොමඩු,පැපොල්/තැම්බූ එළවළු/බත් කැද ආදී සරල ආහාරයකට හුරු වන්න.නමුත් අමු එලවළු යෙදූ සලාද ගැනීමෙන් වළකින්න.

☘ අතරමැදි වේල් සදහා කෙටි කෑම/කෘතිම බීම හා ආහාර වර්ග/චීස් වර්ග /කේක්/බිස්කට් වර්ග භාවිතයෙන් වළකින්න.ඒ වෙනුවට පලතුරු/පලතුරු බීම/තැඹිලි වැනි දෙයක් භාවිතයට හුරු වන්න.

☘ ආහාර ගැනීමෙන් පසු මද උණුසුම් වතුර පානය කරන්න.උදෑසන අවදි වූ විගස මද උණුසුම් වතුර වීදුවක් පානය කරන්න.එමගින් ඔබගේ ශරීරයේ සියළුම පරිවෘතීය ක්‍රිය හොදින් සිදු වේ.

☘ දිනකට පැය භාගයක් වත් ව්‍යායාම/ යෝග සදහා කාලය වෙන් කරන්න.ඔබගේ සන්ධි වලට අහිතකර ලෙස බලපෑ හැකි ව්‍යායාම වල නිරත නොවන්න.(උදා- පඩිපෙල් නැගීම හා බැසීම)

☘ ඔබගේ ශරීරගත මේද මට්ටම අඩු කර ගැනීම සදහා ;

කරපිංචා දළු මිටක්
සූදුරු,කළු දුරු මේස හැදි 01 බැගින්
ගම්මිරිස් තේ හැදි 01
සුදු ලූනු බික් 04

මේ සියල්ල දෙහි ඇඹුලෙන් අඹරා ශීතකරණයේ තබාගෙන දිනපතා උදේ දවල් රාත්‍රී ආහාර සමග තිබ්බටු ගෙඩියක පමණ ප්‍රමාණයක් ආහාරයට ගන්න.

කළු දුරු කුඩු තේ හැදි 01ක් උණු වතුර වීදුරුවකට දමා රැයක් තබා පෙරා උදෑසන හිස් බඩ පානය කරන්න.(බඩ දැවිල්ල තත්වයක් ඇති වුවහොත් භාවිතය නවත්තන්න)

☀️සංකූලතා ඇති නොවන සේ තරබාරු බවින් මිදීමට අවශ්‍ය නම් ඒ සදහා සුදුසු ඖෂධ හා වෙනත් ප්‍රථිකාර ලබා ගැනීමට සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙක් වෙත යොමූවීම අත්‍යාවශ්‍ය වේ.

03/08/2023

ඔබත් ස්නායු තෙරපීම නිසා පීඩාවිදින කෙනෙක්ද ? බෙල්ලේ හෝ පහල කොන්දේ ස්නායු තෙරපීමක් තිබෙන්නේද??? අනිවාර්යයෙන් මෙය කියවන්න.

කොන්දේ අමාරුවට හේතුව සොයා බැලීමේදී කොන්දේ පිටුපස ස්නායු තෙරපීමක් වෙලා කියා වෛද්‍යවරයා කියනවා ඔබ අසා තිබෙන්නේද??? එයට විසදුම ලෙස ශල්‍යකර්මයක් කල යුතුයැයි කියා බොහොවිට අප අසා ඇත.

නමුත් ශල්‍යකර්මයකට නොයා මෙම තත්වය පාලනය කල හැකිද?

✅ කොන්දේ ස්නායු තෙරපීමක් සිදුවන්නේ කෙසේද ?

සරලවම කිවහොත් අපගේ කොදුඇට පෙල සෑදී ඇත්තේ කශේරුකා වලිනි. මෙම කශේරුකා අතර පීඩනය අවශෝෂණය කර ගැනීමට අන්තර් කශේරුක තැටි(ජෙලි වැනි ව්‍යූහයන්) පිහිටා ඇත. අධික වික්‍රියා බලයක්, අනතුරකින්, කොන්දට ඉතා දැඩි පීඩනයක් එල්ල වීමෙන්, අධික බර එසවීම වැනි ක්‍රියාකාරකම් වලට පසුකාලීනව වයසත් සමග කශේරුකා වල සිදුවන පිරිහීම හේතුවෙන් මෙම අන්තර් කශේරුකා තැටි ඉදිරියට හෝ පිටුපසට ලිස්සා යෑම සිදුවේ. එසේ ලිස්සා යෑමෙන් කොදුඇට පෙලේ ස්නායුවක් සම්පීඩනය විය හැකිය. බොහෝ කොන්දේ වේදනාවට පාදක වන්නේ මෙම හේතුවය.

✅ කොන්දේ ස්නායු තෙරපීමක ලක්ෂණ

සාමාන්‍යයෙන් අන්තර් කශේරුකා තැටිය ස්නායු තෙරපීමක් සිදුවුවහොත් පහල කොන්දේ හෝ බෙල්ලේ වේදනාව, කකුලේ හෝ අතෙහි වේදනාව, දුර්වලතාවය, හිරි වැටීම වැනි රෝග ලක්ෂණ ඇතුළත් විය හැකිය.

1) Lumbar herniated disc symptoms (පහළ පිටුපස) තෙරපීමක රෝග ලක්ෂණ:

🔹 මධ්‍යස්ථව හෝ අඛණ්ඩ පහල කොන්දේ වේදනාව (මෙය චලනය, කැස්ස, කිවිසුම් යාම හෝ දිගු කාලයක් සිටගෙන සිටීම මගින් වඩාත් නරක අතට හැරිය හැක

🔹පිටුපස මාංශ පේශි වල තද ස්වභාවය

🔹වේදනාව පිටුපසට හෝ කකුලට ආසන්නයෙන් ආරම්භ වී කකුලෙන් බත්කෙන්ඩට හෝ පාදයට යොමුවීම
(මෙය “sciatica” වන අතර එහි අර්ථය වන්නේ පහළ පිටුපස හා කකුල් හරහා ගමන්කරන විශාල sciatic ස්නායුව මත පීඩනය යෙදීමයි.

🔹කකුල් වල මාංශ පේශි දුර්වල වීම

🔹කකුලේ හෝ පාදයේ හිරිවැටීම

2) Cervical herniated disc symptoms බෙල්ලේ ස්නායු තෙරපීමක රෝග ලක්ෂණ:

🔹තියුණු විය හැකි බෙල්ලේ හා උරහිස් තල අතර මාංශ පේශි වේදනාව

🔹දෑත් පහළට විහිදෙන වේදනාව

🔹මාංශ පේශි කැක්කුම

🔹අත්, අත් හෝ ඇඟිලිවල හිරිවැටීම, හිරි වැටීම හෝ දුර්වල වීම

🔹මාංශ පේශි ශක්තිය ක්ෂය වීම

කෙසේ නමුත් මෙම රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ,

ස්නායු තෙරපීමේ ප්‍රතිශතය, ප්‍රමාණය හා පිහිටීම, පුද්ගලයෙකුගේ බර හෝ යෝග්‍යතාවය සහ වෙනත් සාධක මත පදනම්ව මෙය වෙනස් විය හැකිය.

✅ සමහර විට මෙම තෙරපීමෙන් සුසුම්නාවද තෙරපිය හැකිය(Spinal cord compression) එසේ වුවහොත් මෙම ලක්ෂණ ඉස්මතු විය හැකිය.

🔹 ඇවිදීමේ අපහසුතාව

🔹සමබරතා ගැටළු

🔹බොත්තම් දැමීම, අත් අකුරු ලිවීම හෝ කුඩා වස්තූන් අල්ලාගැනීම වැනි සියුම් කුසලතා වල දුෂ්කරතා

🔹අත හෝ කකුලේ දුර්වලතාවය, කැක්කුම

🔹 මුත්‍රා කිරීමේ හා මලපහ කිරීමේ දුර්වලතාවය

✅ ප්‍රතිකාර හා වැලක්වීමේ ක්‍රම

පහත දැක්වෙන වැළැක්වීමේ පියවර මගින් ස්නායු තෙරපීමක් වැළැක්වීමට හෝ ඒවා නැවත ඇති නොවීමට උපකාරී වේ:

🔹උදරයේ මාංශ පේශි ශක්තිමත් කර පිටුපසට ආධාරක වන අතර ඉරියව් වැඩි දියුණු කරන්න.

කොඳු ඇට පෙළ ශක්තිමත් කිරීම සඳහා වන ව්‍යායාම අතරට කොඳු ඇට පෙළ, වාඩිවී සිටීමේ වෙනස්කම් සහ කොඳු ඇට පෙළේ ස්ථායිතාව ලබා දීම සඳහා වෙනත් ව්‍යායාම ඇතුළත් වේ. (අපගේ පැරණි ලිපි බලන්න.)

🔹බර එසවීමේදී නිවැරැදි ඉරියව් භාවිතා කරන්න (එනම් දණහිසෙන් නැමී බර ඔසවන්න).

🔹පිටුපස ආතතියට හේතු විය හැකි ක්‍රියාකාරකම් වලින් වළකින්න.

🔹ඔබේ බර සෞඛ්‍ය සම්පන්න මට්ටමක තබා ගන්න. බර වැවිවීම් මගින් පිටුපසට යෙදෙන පීඩනය හා ආතතිය වැඩිවිය හැකිය.

✅ කොන්දේ ස්නායු තෙරපීම බරපතළ වුවහොත් බොහෝවිට එයට විසදුම ශල්‍යකර්මයක්ය. නමුත් බොහොවිට කොන්දේ ශල්‍යකර්මයකට ඇති අවදානම හා බිය නිසා බොහෝ රෝගීන් භෞත චිකිත්සා ප්‍රතිකාර සදහා යොමුවේ. ස්නායු තෙරපීම ඉතා සංකීර්ණ වීමට පෙර ආයුර්වේද ප්‍රතිකාර හා භෞත චිකිත්සා ප්‍රතිකාර කිරීමෙන් මෙය පාලනය කරගත හැකිය. නිට්ටාවටම සුව කරගත හැකිය.

Copied.

Indirizzo

Florence
50018

Orario di apertura

Lunedì 09:00 - 17:00
Martedì 09:00 - 17:00
Mercoledì 09:00 - 17:00
Giovedì 09:00 - 17:00
Venerdì 09:00 - 17:00
Sabato 09:00 - 17:00
Domenica 09:00 - 17:00

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Ayur Medicare by Dr.Nisansala De silva pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta Lo Studio

Invia un messaggio a Ayur Medicare by Dr.Nisansala De silva:

Condividi