Emil Rohan

Emil Rohan අතීතයත් අනාගතයත් අත් හැර
වර්ථමානයේ ජීවත් වන
《නිදහස් මාධ්‍ය වේදයේ ක්‍රියාකරුවෙක්》
■ ○□○□○□○□○□●
(1)

වෙරළට පාවී පැමිණි කෝටි 03කට අධික හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් විශේෂ කාර්ය බලකාය භාරයට..
05/11/2025

වෙරළට පාවී පැමිණි කෝටි 03කට අධික හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් විශේෂ කාර්ය බලකාය භාරයට..

ඒ උනාට අනුරට තිව්වෙ දිනේෂ් ටත් ටටා පාරක් දාන්නපෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට වසර 150ක් පිරීම නිමිත්තෙන් කැලණිය විද්‍යාලං...
05/11/2025

ඒ උනාට අනුරට තිව්වෙ දිනේෂ් ටත් ටටා පාරක් දාන්න

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට වසර 150ක් පිරීම නිමිත්තෙන් කැලණිය විද්‍යාලංකාර ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා (02) දින පැවති 'යෙළසිය අබිමන්' සැමරුම් උළෙල සඳහා ජනාධිපති අනුර කුමාර සහභාගී විය. මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු අගමති දිනේෂ් ගුණවර්ධන, හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය මහතා ද එක්ව සිටියේය.

එහිදී ඔවුන් දෙදෙනා අතර කෙටි, සුහද කතාබහක් ඇති විය.

තමන්ට අයවැය සම්බන්ධ කටයුතු කිහිපයක් ඇති බැවින් පිටත්ව යා යුතු බව ජනාධිපතිවරයා රවීන්ද්‍ර රන්දෙණිය මහතාට දැනුම් දුන්නේ "බජට් එකේ වැඩ වගයක් තියෙනවා, එහෙනම් අපි ගිහිල්ලා එන්නම් රවී" යනුවෙනි. ඊට ප්‍රතිචාර දක්වමින් රන්දෙණිය මහතා, "අද පාර්ලිමේන්තු නෑ නේද? බජට් එක තියෙන්නේ හත්වෙනිදා නේද?" යැයි විමසීය. ඊට පිළිතුරු දුන් ජනාධිපතිවරයා, "ඔව්, ඒ වුණාට බජට් එක සම්බන්ධයෙන් තවත් සාකච්ඡා කිහිපයක්ම තියෙනවා" යැයි පවසමින්, එම සාකච්ඡා සඳහා සහභාගී වීමට පිටත්ව යන බව සුහදශීලීව දන්වා සමුගත්තේය.
මෙම කතාබහ ඇතුළත් ඡායාරූපය මේ වනවිට අන්තර්ජාලයේ සාකච්ඡාවට ලක්වෙමින් පවතී. හිටපු අගමැති දිනේෂ් කෝපයෙන් අහක බලා සිටීම, රවින්ද්‍ර වෙතම පැමිණ ජනපති කතා කිරීමේ නිහතමානීත්වය විදහාපාන්නක් විය

මීටියාගොඩ ප්‍රදේශයේදී මීට පෙර ඝාතනය වූ 'මහදුම නලීන්' නැමැත්තාගේ ඝාතනයට පළිගැනීමක් ලෙස, අම්බලන්ගොඩ ප්‍රදේශයේදී ඊයේ (04) ව...
05/11/2025

මීටියාගොඩ ප්‍රදේශයේදී මීට පෙර ඝාතනය වූ 'මහදුම නලීන්' නැමැත්තාගේ ඝාතනයට පළිගැනීමක් ලෙස, අම්බලන්ගොඩ ප්‍රදේශයේදී ඊයේ (04) ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ඝාතනයෙන් අනතුරුව, විදෙස්ගතව සිටින මහදුම නලීන්ගේ පුත්‍රයා වන 'ඉසුරු' නැමැත්තා, ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයාගේ පුත්‍රයාට දුරකථන ඇමතුමක් ලබා දී ඇත. "උඹේ තාත්තාව මැරුවේ මමයි. ඒ මගේ තාත්තා මරපු පළිය ගත්තා" යනුවෙන්

ඔහු එහිදී ප්‍රකාශ කර ඇති බව විමර්ශන අංශ අනාවරණය කරගෙන තිබේ.

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා බිරිඳව ඝාතනය කරයිඊච්චන්කුලම පොලිස් වසමේ කල්මඩු ප්‍රදේශයේදී පවුල් ආරවුලක් හේතුවෙන් ස්ව...
05/11/2025

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා බිරිඳව ඝාතනය කරයි

ඊච්චන්කුලම පොලිස් වසමේ කල්මඩු ප්‍රදේශයේදී පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා විසින් බිරිඳව ඝාතනය කර තිබේ.

ඊයේ (04) උදෑසන කාලයේදී මෙම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, පුම්පුකාර්, කල්මඩු ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි කාන්තාවකි.

ඊයේ උදෑසන කාලයේ කල්මඩු ප්‍රදේශයේ නිවසක කාන්තාවක් හිසෙහි තුවාල සහිතව මියගොස් ඇති බවට ඊච්චන්කුලම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් ලැබී තිබුණි.

ඒ අනුව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය ස්වාමිපුරුෂයා විසින් සිදු කර ඇති බවය.

ඝාතනය සිදුකළ 33 හැවිරිදි ස්වාමිපුරුෂයා තම දියණිය සමඟ නිවසින් පිටව ගොස් එරාවූර් පොලිස් ස්ථානය වෙත භාර වී ඇත.

මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර ඊච්චන්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

කවුද මේ ‘කන්‍යා දෙව්දුව’ ?නේපාලයේ, ජීවමාන කන්‍යා දෙව්දුව හෙවත් ‘කුමාරිය’ ලෙස අවුරුදු දෙකයි මාස අටක් වයසැති ආර්යතරා ශාක්‍...
05/11/2025

කවුද මේ ‘කන්‍යා දෙව්දුව’ ?

නේපාලයේ, ජීවමාන කන්‍යා දෙව්දුව හෙවත් ‘කුමාරිය’ ලෙස අවුරුදු දෙකයි මාස අටක් වයසැති ආර්යතරා ශාක්‍යා නම් දැරිය නම් කර තිබුනා.

නව කුමාරියක් පත්කිරීමට සිදුව තිබෙන්නේ මීට පෙර කුමාරිය ලෙස නම් කර සිටි ගැහැණු දරුවා වැඩිවියට පත් වීමත් සමගය.

නේපාල සංස්කෘතියේ ජීවමාන ආත්මය කන්‍යා දෙව්දුව හෙවත් කුමාරියයි. 17 වන සියවසේ දී විධිමත් ව ආරම්භ කළ මෙම චාරිත්‍රය නේපාල ජාතිකයන්ගේ නෙවාරී සංස්කෘතියේ ආධ්‍යාත්මය පිළිබිඹු කරයි. තලේජු භවානි හෝ දුර්ගාගේ භූමිකවේ ප්‍රකාශනයක ස්වරූපය ගත් ගැහැණු දැරිවියක් වන ඇය පුරාවෘතයක් වනවා.

කුමාරිය තෝරා ගැනීමට ජ්‍යෙෂ්ඨ බෞද්ධ පූජක මණ්ඩලයක් අධීක්ෂණය කරන ඉතා සූක්ෂම නිර්ණායක වන ˝දෙතිස් පරිපූර්ණත්වයන්” වැදගත්ය. නොකැළැල් සමක් සහ නිශ්චිත ශරීර හැඩයක් වැනි භෞතික ගුණාංග ඉන් මූලික වෙයි.

දශේන් හි සුබ කල්රාත්‍රි සමයේදී පවත්වනු ලබන අවසාන තේරීමට, තෝරාගත් කුමාරියගේ පාරිශුද්ධභාවය සහ අධ්‍යාත්මික නිරූපණය සහතික කිරීමට දැඩි චාරිත්‍ර වාරිත්‍ර සහ පරීක්ෂණ ඇතුළත් වෙයි.

කුමාරිය දිව්‍යමය කාන්තා ශක්තියේ ජීවමාන ප්‍රතිමූර්තිය ලෙස ගෞරවයට පාත්‍ර කරයි. එයින් සංකේතවත් කරන්නේ තලේජු භවානි හෙවත් දුර්ගාගේ ප්‍රබල බලයයි. ඇයගේ පැමිණීම ආශීර්වාද ගෙන දෙන බවත් කැමැත්ත ඉටු කරන බවත් බැතිමතුන්ගේ විශ්වාසයයි. මරණීය ලෝකය සහ දිව්‍ය ලෝකය අතර බැදීම ඇයගේ භූමිකව තුළින් නිරූපණය කරයි.

තෝරාගැනීමෙන් පසුව, කුමාරි ඝාර් හි වාසය කරයි. එය කත්මණ්ඩු හි ඩර්බාර් චතුරශ්‍රය තුළ පූජනීය වාසස්ථානයකි. එයින් ඇගේ ජීවිතය හුදකලා වෙයි. ඇය දැඩි චාරිත්‍ර වාරිත්‍ර සහ තහනම් කිරීම් වලට යටත් වෙයි.

කුමාරිගේ බලපෑම දශේන් සහ ඉන්ද්‍ර ජත්‍ර වැනි උත්සව වලදී ප්‍රබල වෙයි. එහිදී ඇය කත්මණ්ඩු හරහා රන් පලංචියකින් පෙරහැරේ ගෙන යයි. මෙම අවස්ථාව නේපාල සංස්කෘතිය තුළ ඇය නිරූපණය කරන ඉතා වැදගත් භූමිකාවකි. ඇයගේ දිව්‍යමය පැවැත්ම සියසින් දැක බලා ගැනීමට එම අවස්ථාවට බැතිමතුන් සහ සංචාරකයන් විශාල පිරිසක් එක් වෙයි.

ජීවමාන දේවතාවිය වන කුමාරිය ඇයගේ සේවා කාලය පුරාම බ්‍රහ්මචාරීව සිටිය යුතු අතර, ඇගේ දිව්‍යමය භූමිකාවට පාරිශුද්ධත්වයට විවාහය අකැපය. යම් ලෙසකින් ඇය විවාහ වුවහොත් කුමාරිවරුන්ගේ කලත්‍රයන් තරුණ වියේදී මිය යන බව පොදු විශ්වාසයයි.

සාමාන්‍ය පාසල් ජීවිතයක් නොලබන කුමාරිය තම දිව්‍යමය භූමිකාව ඉටු කරන අතරතුර, උපදේශකයින් ඇය සිටින නිවසට පැමිණ පෞද්ගලිකව අධ්‍යාපනය ලබා දෙනවා.

කුමාරියට ඇගේ පවුල හමුවිය හැකිය. නමුත් ඇගේ ජීවිතය තරමක් හුදකලා වන අතර, ඇය වැඩි කාලයක් ඝාර් හි භාරකරුවන් සමඟ ගත කරයි.

සම්ප්‍රදාය හා හින්දු විශ්වාසයන් මත පදනම් වුවද, කුමාරිය තෝරා ගැනීමේ ක්‍රියාවලියට බෞද්ධ පූජකවරු සම්බන්ධ වෙයි. නමුත් මෙමගින් නේපාලයේ ආගමික පිළිවෙත් මිශ්‍රණය පිළිබිඹු කරයි.

කුමාරි සම්ප්‍රදාය හින්දු ආගමේ සහ බුද්ධාගමේ මිශ්‍රණයක් වන්නේ කුමාරි හින්දු දේවතාවියක් (තලේජු භවානි) නියෝජනය කළද, තෝරා ගැනීමේ ක්‍රියාවලිය සහ චාරිත්‍ර වාරිත්‍ර බෞද්ධ පිළිවෙත් සහ බෞද්ධ පූජකවරුන්ගේ මැදිහත්වීමෙන් සිදු කරන බැවිනි.

කුමාරිය‌ගේ ජීවිතය තනිකම සහ සීමා සහිත විය හැකිය. ඇය දැඩි නීති රීති අනුගමනය කළ යුතු අතර පිටත සෙල්ලම් කිරීම වැනි බොහෝ සාමාන්‍ය ක්‍රියාකාරකම් වලින් ඈත් කර තබනවා.

කුමාරිය සම්ප්‍රදාය නේපාලයේ ගැඹුරු සංස්කෘතික හා අධ්‍යාත්මික උරුමය නියෝජනය කරන බැවින් රටේ ආගමික උත්සව සහ ජාතික අනන්‍යතාවයේ වැදගත් කොටසකි.

කුමාරිගේ සාම්ප්‍රදායික පරිපූර්ණත්වයේ දෙතිස් (32) ලක්ෂණ වන්නේ,

හංකු කටුවක් වැනි බෙල්ල

නුග ගසක් වැනි ශරීරය

එළදෙනක් වැනි ඇහිබැමි

මුවෙකු වැනි කලවා

සිංහයෙකු වැනි පපුව

තාරාවෙකුගේ මෙන් මෘදු හා පැහැදිලි කටහඬ

කැළැල් නැති සම

තනි දත් දෙපළ

කළු, දිලිසෙන හිසකෙස්

මෘදු, තෙතමනය සහිත අත් සහ පාද

කුඩා, හොඳින් සමානුපාතික දිව

ඒකාකාරව සකසා ඇති දත්

විශාල, කළු ඇස්

සිනිඳු, රැළි නැති ඇහි බැම

සිහින් ඉණ

නොකැඩූ දත් හතළිහක්

කුඩා, හොඳින් අවපාත වූ ලිංගික ඉන්ද්‍රිය

අත් සහ පාද සියුම් ලෙස මෘදු හා තෙතමනය

කුඩා සහ පරිපූර්ණ හැඩැති දිව

ඒකාකාර සහ සමමිතික ශරීර හැඩය

නොකැළඹුණු කෙස් කළඹ

ශරීරයේ කිසිදු සලකුණු, කැළැල් හෝ කැළැල් නොමැත වීම

ස්වභාවයෙන් සන්සුන් හා නිර්භීත වීම

ලේ තිබියදී පවා බිය නොපෙන්වීම

සිසිල්, සංයමයෙන් යුත් හැසිරීමක්

පීඩනය යටතේ වුවද ඉවසීම

අභියෝගාත්මක අවස්ථාවන්හිදී නිර්භීතකම

සමබර හා අවධානය යොමු කළ පෞරුෂයක්

ත්‍යාගශීලී, දයානුකම්පිත හදවත

බරපතල රෝග ඉතිහාසයක් නැත

ශරීර ගන්ධයකින් තොර වීම

මෙම ගුණාංග කුමාරියගේ දිව්‍යමය ස්වභාවය සංකේතවත් කරන භෞතික ලක්ෂණ සහ සංකේතාත්මක ගුණාංගවල මිශ්‍රණයක් වන අතර, ඇය තලේජු භවානි දේවතාවියගේ උතුම් ප්‍රතිමූර්තියක් බව ඉන් නිරූපණය වනවා.

කුමාරිය ඇගේ පවුලේ අය සහ ඝාර්හි භාරකරුවන් කණ්ඩායමක් රැකබලා ගනියි. දිව්‍ය භූමිකාව වටා ඇති චාරිත්‍ර වාරිත්‍ර පිළිපදින ඇයට නිසි පෝෂණය, වෛද්‍ය ප්‍රතිකාර ලැබෙන බවට ඔවුන් සහතික වෙනවා.

නේපාල ජනතාවගෙන් වැඩි පිරිසක්, විශේෂයෙන් ම නෙවාරී සංස්කෘතික ප්‍රජාව කුමාරියට ඔවුන්ට ආශීර්වාද කිරීමට සහ ආරක්ෂා කිරීමට ඇති බලය තදින් ම විශ්වාස කරයි. විශේෂ අවස්ථාවන් වලදී ඔවුන් දෙස බැලීමෙන් හෝ ඇගේ පාද ස්පර්ශ කිරීමට ඉඩ දීමෙන් කුමාරි මිනිසුන්ට ආශිර්වාද කරයි. ඇගේ ආශිර්වාදය වාසනාව සහ ආරක්ෂාව ගෙන දෙන බව ඔවුන්ගේ විශ්වාසයයි.

කුමාරිය වැඩිවියට පැමිණ ඔසප් වීම සිදුවන විට දේවතාවිය කුමාරිය හැර යන බැවින් ඇය වහාම සාමාන්‍ය දරුවෙකු ලෙස සලකමින් ඇයගේ දෙමාපියන්ට ආපසු භාර දෙනවා. ඉන් පසුව ඇයට කුඩා සංකේතාත්මක විශ්‍රාම වැටුපක් ප්‍රදානය කරයි. විශ්‍රාම ගැනීමෙන් පසුව, හිටපු කුමාරිය සාමාන්‍ය ජීවිතයකට නැවත පැමිණෙ අතර නව ජීවන රටාවකට හැඩගැසීමට සිදු වෙයි. දේවතාවිය ලෙස සිටි කාලය ඉතා චාරිත්‍රානුකූලව ගත වූ බැවින් සාමාන්‍ය ජීවිතයකට හැඩගැසීම හිටපු කුමාරිවරුන්ට අභියෝගාත්මක විය හැකිය. නමුත් බොහෝ දෙනෙක් තෘප්තිමත් ජීවිත ගත කරන අවස්ථා ද තිබෙනවා.

නමුත් කුමාරි සම්ප්‍රදාය විවේචනයට ලක්ව තිබෙනවා. විශේෂයෙන් ම ළමා මනෝවිද්‍යාඥයන් තර්ක කරනනේ, කුඩා ගැහැණු ළමයින් හුදකලා කිරීම සහ ඔවුන්ගේ කුමාරි ජීවිතවලට පනවා ඇති සීමාවන් හේතුවෙන් ඔවුන්ගේ පුද්ගලික නිදහස සහ ළමා මනසේ සංවර්ධනයට එය විශාල බලපෑමක් වන බවයි.

කාන්තාවක් සහ දරුවෙක් පැහැරගෙන ගොස් කාන්තාවට අමානුෂික ලෙස පහර දීම... මහනුවර ප්‍රධාන වාහන සේල් එකක් හිමි ව්‍යාපාරිකයෙකුගේ ...
04/11/2025

කාන්තාවක් සහ දරුවෙක් පැහැරගෙන ගොස් කාන්තාවට අමානුෂික ලෙස පහර දීම... මහනුවර ප්‍රධාන වාහන සේල් එකක් හිමි ව්‍යාපාරිකයෙකුගේ බිරිය, පුතා සහ ලේලිය අත් අඩංගුවට...

දරුවා පාසැලට රැගෙන යමින් සිටි අවස්ථාවක මවක් සහ දරුවෙක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් නිවසක සිරකොට පහරදුන් බවට චෝදනා ලද මහනුවර ප්‍රධාන රථ වාහන අලෙවි ව්‍යාපාරයක හිමිකරුවෙකුගේ බිරිය, ඔහුගේ පුත්‍රයා සහ ලේලිය අද (04) පැමිණ මූලස්ථාන පොලිසියට භාර වී තිබේ.
මේ තිදෙනා පොලිසියට මග හරිමින් සිටීමෙන් අනතුරුව මෙසේ භාර වී ඇත.

©¥වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය
________________________________

පසුගිය 31 දා කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි කාන්තාවක තම කුඩා දරුවා පාසලට රැගෙන යමින් සිටි අවස්ථාවේ මැදිවියේ කාන්තාවක් සහ ඇයගේ පුත්‍රයා මෙම කාන්තාව සහ දරුවා බලහත්කාරයෙන් වාහනයක දමාගෙන පැහැර ගෙන ගොස් තිබේ.

අනතුරුව අනිවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාව සිර කරගෙන ඇයට අමානුෂික ලෙස පහර දී ඇත්තේ සිය දරුවා ඉදිරියේ ඇයව නිරුවත් කරමිනි. මෙම පහර දිමට හේතුව වී තිබුණේ මෙම කාන්තාව සහ ඉහත වාහන ව්‍යාපාරිකයා අතර තිබූ බව කියන #අනියම්_සම්බන්ධතාවයක් හෙළිදරවු වීමක් බව කියැවිනි.

සිය බිරිය හා පුතා එක්ව තමන් හා හාදකම් පවත්වන කාන්තාව නිවසක සිරකරගෙන පහර දෙමින් ඇති බව ව්‍යාපාරිකයාට සැල වන්නේ ඒ අතරය. ඔහු කෙලින්ම එම ස්ථානයට යන විට කාන්තාව දැඩි ලෙස පහර කා සිටින ආකාරයත් කෝපයෙන් වියරු වැටුනු සිය පුතා තමන්ට පහර දෙන්නට සැරසෙන ආකාරයත් නිරීක්ෂණය වී තිබේ. ව්‍යාපාරිකයා සිදුකර ඇත්තේ බිරිය සහ සිය පුතාගෙන් කාන්තාව බේරා ගෙන තමන්ට ද ආරක්ෂාව සසලසා ගැනීම සඳහා අහසට වෙඩි තැබීමය.

ඉන් පසු ඔහු කාන්තාවද වාහනයට නන්වාගෙන පිටවී ගොස් තිබේ. පහර කෑ කාන්තාව මහනුවර ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ගනිද්දී සිද්ධිය සම්බන්ධයෙන් මූලස්ථාන පොලිසිය විමර්ශනයක් ආරම්භ කරන්නේනේය. ඒ අවස්ථාවේ දී ව්‍යාපාරිකයාගේ බිරිඳ හා පුත්‍රයා ප්‍රදේශයෙන් පලා ගොස් සිටියේය.

පසුව ඔවුන් පොලිසිය වෙත භාර වී තිබිණි. ව්‍යාපාරිකයා අහසට වෙඩි තබා තිබුණේ සිය බලපත්‍ර සහිත පිස්තෝලයෙනි. එම ගිනි අවියද පොලිසිය සිය භාරයට ගෙන ඇත. පොලිසියට බාර වූ ව්‍යාපාරිකයාගේ , බිරිය, පුත්‍රයා මෙන්ම එම අවස්ථාවේ නිවසේ සිටි ලේලියද ගෙන්වා ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු ඔවුන් මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිසිය පැවසුවේය. .

මධ්‍යඹ පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ, මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මනගේ උපදෙස් මත මහනුවර මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් විසින් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

පරිවාස භාරයේ සිටි දැරියන් දෙදෙනෙකු ලිංගික අපරාධ කිරීමේ චෝදනාවට දෙහිඅත්තකන්ඩිය පරිවාස නිළධාරියා අත් අඩංගුවට...අම්පාර දෙහි...
04/11/2025

පරිවාස භාරයේ සිටි දැරියන් දෙදෙනෙකු ලිංගික අපරාධ කිරීමේ චෝදනාවට දෙහිඅත්තකන්ඩිය පරිවාස නිළධාරියා අත් අඩංගුවට...

අම්පාර දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ළමා නිවාසයක සිටි 15 හැවිරිදි දැරියන් දෙදෙනෙකු දුෂණය කල පරිවාස නිළධාරියෙකු අම්පාර දිස්ත්‍රික්කයේ ළමා සහ කාන්තා කාර්යංශය සහ අම්පාර විශේෂ අපරාධ විමර්ශණ කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අම්පාර දිස්ත්‍රික් ළමා හා කාන්තා කාර්යංශයට ලැබුනු තොරතුරක් අනුව අම්පාර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා දයානි ගමගේ සහ අම්පාර විශේෂ අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සෞම්‍ය බාලසුරිය යන නිළධාරින් විසින් ඊයේ ( 03 ) රාත්‍රියේදී මහියංගණය ප්‍රදේශයේදි සැකකරු අත්අඩංගුවට ගත් බව දෙහිඅත්තකන්ඩිය පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු දෙහිඅත්තකන්ඩිය රිදීඇල ප්‍රදේශයේ පදිංචි, අවුරුදු 35 ක් වයසැති පුද්ගලයෙකි. ඔහු දෙහිඅත්තකන්ඩිය පරිවාස කාර්යාල‍යේ පරිවාස නිලධාරිවරයා ලෙස රාජකාරිය කටයුතු කරන බවද පොලිසිය පවසයි.

දැනට කරන ලද විමර්ශණ වලදි මෙම පුද්ගලයා විසින් එක දැරියක් ලිංගිකව දුෂණය සිදුකර ඇති අතර අනෙක් දැරිය ලිංගික අපයෝජනයට ලක්කර ඇත.

ලිංගික හිංසනට වු දැරිය ම් පිලිබඳව තම මිතුරියටකට පවසා ඇති අතර ඇය හරහා නිවාස පාලිකාව දැනුවත් වි තිබේ.

පසුව නිවාස පාලිකාව විසින් දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත. විමර්ශන ආරම්භ වී ඇත්තේ ඒ අනුවය.

පොලිසිය විසින් පරික්ෂණ ආරම්භ කිරිමෙන් පසුව සැකකාර පරිවාස නිළධාරියා ප්‍රදේශය මගහැර සිටි අතර 03 රාත්‍රියේදි මහියංගණය ප්‍රදේශයේදි ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.

සැකකාර පරිවාස නිලධාරියා අද ( 04 ) දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිතිඥ වරුණ ජයසුන්දරගේ නියමය පරිදි අම්පාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල ගේ නියෝගය අනුව.අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රදිප් කුමාර මහතාගේ සම්බන්ධිකරණය යටතේ .මහඔය කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරි සුමිත් ප්‍රියන්ත බංඩාරගේ මෙහෙයවීමෙන් අම්පාර කොට්ඨාස කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා දයානි ගමගේ අම්පාර විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සෞම්‍ය බාලසුරිය දෙහිඅත්තකණ්ඩිය පොලිස් කාන්තා කාර්යංශයේ ස්ථානධිපතිනිය කාන්තා උප පොලිස් පරීක්ෂක චන්ද්‍රිකා ඇතුළු කණ්ඩායම වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අද දින වෙඩික්කරුවන් විසින් රතු පැහැති කාර් රථයකින් පැමිණ සොබනා හන්දි ජයලත් ද සිල්වා නොහොත් කරන්දෙණිය සුද්දාගේ සහ සොබනා හ...
04/11/2025

අද දින වෙඩික්කරුවන් විසින් රතු පැහැති කාර් රථයකින් පැමිණ සොබනා හන්දි ජයලත් ද සිල්වා නොහොත් කරන්දෙණිය සුද්දාගේ සහ සොබනා හන්දි සනත් සිල්වා නොහොත් STF රාජු යන අයගේ මස්සිනා වන අම්බලන්ගොඩ මෝදර දේවාලයේ හිටපු සභාපති වන මිරන්ත වරුෂ විතාන යන අය හට අද උදෑසන වෙඩි තබා ඇති අතර ඔහු රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්විය.

වෙඩික්කරුවන් පැමිණි KL-3519 දරණ රතු පැහැති කාර් රථය මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති අතර වෙඩික්කරුවන් රථය මග දමා පැනගොස් ඇති බවට වැඩිදුරටත් තොරතුරු අනාවරණය වු අතර රථයේ හිමිකාරිත්වය No 33, ST Michaels road, Colombo 03 හි පිහිටි Fairfirst Insurance limited සතුව ඇති බවටද අනාවාරණය වේ

ඝාතනයට හේතු වශයෙන් අනාවාරණය වී ඇති කරුණු

කරන්දෙණිය සුද්දා පාර්ශවය මගින් ඝාතනය කරන ලද මහදුර නලින් වසන්ත වන තම පියාගේ ඝාතනයට පළිගැනීමක් ලෙස පුතාලා වන ඉසුරු විසින් තවත් පුද්ගලයකු සමග සිදු කර ඇති අතර මොහුගේ අනෙක් සහෝදරයා වන ඩුබායිහි සැගවී සිටින නිමල්ෂ ද මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වේ

මහදුර නලීන් ඝාතනය සැකවින්,

2025.05.03 වන දින පැය 2230 ට පමණ මීටියාගොඩ පොලිස් වසමේ මානම්පිට පාර, එරනවිල ප්‍රදේශයේ පිහිටි 86 නම් අවන්හල තුල මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් පිරිසක් ඉලක්කකොට ගෙන යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයින් කණ්ඩායමක් විසින් එල්ල කරන ලද වෙඩි තැබීමකින් තුවාල ලබූ පහත සඳහන් පුද්ගලයින් දෙදෙනා බලපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

වරදිවෙල ගෙදර සරත් චමින්ද උදයකුමාර
මානම්පිට පාර, එරනවිල,
මීටියාගොඩ
ජා.හැ.අ. 783431033V

මහදුර නලීන් වසන්ත
එරනවිල, මීටියාගොඩ
ජා.හැ.අ. 730852037V

මෙම වෙඩි තැබීමට ලක් වූ මහදුර නලීන් යන අය 2015 වර්ෂයේදී පුද්ගලික ආරවුලක් මත ගිනි අවියකින් වෙඩිතබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධව සැකකරුවෙකු වන අතර එම සිදුවීමෙන් පසු පාතාල ක්‍රියාවන්හි නිරත වී නොමැති බවත් නි.වි.ම. ජාවාරම් වල නිරත වී සිටි බවත් අනාවරණය වේ.

තුවාල ලැබූ චමින්ද උදයකුමාර යන අය ප්‍රදේශයේ වඩු මඩුවක් පවත්වාගෙන යන ලද පුද්ගලයෙක් බවටද අනාවාරණය වී ඇත

ක්ලබ් වසන්ත ඝාතනයේ රැදවුම් භාරයේ සිටින සැකකරුවකු වන ලොකු පැටී යන අයගේ මුදල් පාලනය කරනු ලැබූ දිනේෂ් කුමාර නැමති ගන්දර කපුවා අත් අඩංගුවට පත් වීමට පාවා දීම සම්බන්ධව ඇති සැකයක් බවටද අනාවාරණය වී ඇත

පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කපුවා ප්‍රධානත්වය දරන මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා ලෙසද ඔහු කටයුතු කර ඇති බවත් මිය ගිය පුද්ගලයා විසින් මොහුව පාවාදී ඇති බවට සැකයක්ද මතුව තිබු බවටත් තොරතුරු අනාවරණය වේ

මීට දින කිහිපයකට පෙර මිටියාගොඩ වෙඩි තැබිමට ගත් උත්සහයක් ව්‍යර්ථ වී ඇති බවට අනාවාරණය වී ඇති අතර එම වැඩි තැබීමට උත්සාහ කර ඇත්තෙ නලින්ගේ පුතා වන ඉසුරු බවටත් ඔහු තම පියාගේ ඝාතන සිදුවීමේ සිටින "ශාන්" නැමති පුද්ගලයා ඝාතනයට ද උත්සාහ කර ඇති බවටද තොරතුරු අනාවරණය විය

මියගිය පුද්ගලයාගේ බිරිදගේ සහෝදරයා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ වූවත් මියගිය පුද්ගලයා එවැනි ක්‍රියාකාරකම් වලට සම්බන්ධතාවයක් නොමැති බවටත් වැඩිදුරටත් තොරතුරු පරීක්ෂාවේදී අනාවාරණය විය

04/11/2025

බොගක් සෙට් වෙලා වගේනෙ පොර අධිකරණයෙන් පැනල දිව්වෙ ඇවිල්ලහාක්වෙලා 😱😱😱😱😱😱😱
වෙනස් කතා තියේනං කොටන්න

දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකාර තනතුරු සඳහා කාන්තාවන් බඳවා ගැනී...
04/11/2025

දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකාර තනතුරු සඳහා කාන්තාවන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය!

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරීන් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

වසර 165ක පමණ දුම්රිය ඉතිහාසයේ මුල්ම වරට පිරිමි නිලධාරින්ට පමණක් සීමා වූ දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති තනතුරු ඒ අනුව මේ ලෙස කාන්තාවන්ට විවෘත වනු ඇත.

දුම්රිය අධීක්ෂණ කළමනාකරු තනතුරු සඳහා මින් පෙර 2012 සහ 2015 වසරවල පමණක් කාන්තා නිලධාරින් බඳවාගෙන තිබිණි.

රජයේ නව ආර්ථික ප්‍රතිපත්ති අනුව රාජ්‍ය අංශයේ මෙතෙක් කාන්තාවන් බඳවා නොගත් තනතුරු සඳහා කාන්තාවන් බඳවා ගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසා දීමට කටයුතු කරමින් සිටින බව කැබින්ට මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද කැබිනට් තීරණ දැනුම් දෙමින් පැවසුවේය.

ඒ අනුව, වැඩ බලන ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, දැනට අනුමත බඳවා ගැනීම් පටිපාටිය තුළ කාන්තා නිලධාරින් බඳවා ගැනීමට ප්‍රතිපාදන සැලසී නොමැති බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 ව්‍යවස්ථාවේ (1) අනුව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි අමාත්‍ය මණ්ඩලය වෙත පැවරී ඇති බලතල අනුව දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු වලට කාන්තා නිලධාරින් බඳවා ගැනීම පිණිස ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දීමට තීරණය කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

04/11/2025

November 4: honor to those who defend Italy and Italians, every day.

අම්බලන්ගොඩදී වෙඩි වැදී මියගිය මිරන්තට පාතාල ඥාති සබඳතා අද (4) දින පෙරවරු 10.30ට පමණ අම්බලන්ගොඩ නගර සභා පුස්තකාලය ආසන්නයේ...
04/11/2025

අම්බලන්ගොඩදී වෙඩි වැදී මියගිය මිරන්තට පාතාල ඥාති සබඳතා

අද (4) දින පෙරවරු 10.30ට පමණ අම්බලන්ගොඩ නගර සභා පුස්තකාලය ආසන්නයේදී ධීවර ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මෙම ව්‍යාපාරිකයාට, මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලාගොස් ඇති බව පොලිසිය වාර්තා කළේය. මෙම ඝාතනය සඳහා 9mm වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට විමර්ශනවලදී තහවුරු වී ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අම්බලන්ගොඩ, පෝරඹ, පාළුවත්ත පාරේ පදිංචිව සිටි 55 හැවිරිදි වරුසවිතාන මිරන්ත නමැති දෙදරු පියෙකි. වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඔහු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර, ඔහුගේ පපුව ප්‍රදේශයට වෙඩි උණ්ඩ තුනක් වැදී තිබූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. සිද්ධිය වන අවස්ථාවේ ඔහු අසල බැංකුවක සිට අම්බලන්ගොඩ ධීවර වරාය බලා යමින් සිටි බවට තොරතුරු වාර්තා වේ.

ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා අම්බලන්ගොඩ ධීවර වරායේ බහුදින ධීවර යාත්‍රා දෙකක හිමිකරුවෙකි. ඊට අමතරව, ඔහු අම්බලන්ගොඩ මෝදර දේවාලයේ දේවාල කමිටුවේ සභාපතිවරයා ලෙසත්, අම්බලංගොඩ සමූපකාර මහා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසත් කටයුතු කර තිබේ. දේශපාලනික වශයෙන්ද ක්‍රියාකාරී වූ මොහු, පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ අම්බලන්ගොඩ නගර සභාව සඳහා ඉදිරිපත් කළ අතිරේක නාම යෝජනා ලැයිස්තුවටද ඇතුළත්ව සිටි අයෙකි.

මියගිය පුද්ගලයා, විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන සොබනාහන්දි ජයලත් හෙවත් 'කරන්දෙණිය සුද්දා' නැමැත්තාගේ මස්සිනා (වැඩිමහල් සොහොයුරියගේ ස්වාමිපුරුෂයා) බවට පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය කරගෙන තිබේ. වෙඩි තැබීම සඳහා පැමිණි සැකකරුවන් ගමන් කළ මෝටර් රථය, පසුව කරන්දෙණිය, එගොඩවිල මංසන්ධියේ අතහැර දමා ගොස් තිබියදී අහුංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

Indirizzo

Milan
20121

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Emil Rohan pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Condividi

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Digitare