31/07/2022
Your V***a 101
Your v***a one-on-one කියන්නේ ගෑල්ලමයින්ගේ එක ගැන විස්තරාත්මකව කතා කරන්න හිතාන මාධවීතුමී ලියන ලිපි පෙළක්. මේ ටිකට මම one-on-one කියලා නම දැම්මට මොකෝ ගෑල්ලමයින්ගේ එකේ හැම තැනක් ගැනම කතා කරන්න අදහසක් නැහැ. මම ඉන්නේ ලංකාවේ ගෑල්ලමයින්ට වැඩියෙන්ම ප්‍රශ්නකාරී උනා කියලා හිතන, ගෑල්ලමයි යාලු කරගෙන හෝ බැඳගෙන ඉන්න පිරිමි පරාණවලටත් වැදගත් වෙයි කියලා හිතෙන මූලික කාරණා ටිකක් මාතෘකා කිහිපයකින් කතා කරන්න. ඒ මාතෘකා ටික තමයි Your v***a, the Cl****is, The Big O - ඒ කිව්වේ සුරාන්තය, Va**nal conditions, Va**nal tests සහ Va**nal treatments. ඔක්කොම පෝස්ට් 06 ක්. ආයේ එකක් දාලා හත් අවුරුද්දකුයි තව දහඅට මාසෙකට පස්සේ නෙවෙයි අනිත් එක දාන්නේ. සති තුනක් වගේ ඇතුළත මේ පෝස්ට් ටික දානවාමයි සත්තයි. හරි එහෙනම් නමෝ විත්තියෙන් පටන් ගමු.
01.Your V***a 101 - V***a and Va**na
📌📌 පටන් ගමු ස්ත්‍රි යෝනිය තේරුම් ගැනීමෙ ඉදන්…
දැන් මොකද්ද මේ v***a? ස්ත්‍රි යෝනියට කියන්නේ va**na නෙවෙයිද? නෑනේ සුදූ. V***a කියන්නේ යෝනිය. Va**na කියන්නේ යෝනි මාර්ගය. තව කියනවානම් v***a කියන එක තමයි “අනේ චුට්ටක් පෙන්නනකෝ බබා” කිව්වම “බලලා ඩිලිට් කරන්න අයියේ” කියලා සමහරු ෆොටෝ එකක් ගහලා යවන්නේ. Va**na එක එහෙම නෙවෙයි. “Show me your va**na babe” කිව්වට va**na එක එහෙම ලේසියෙන් පෙන්නන්න බෑ බඩ කපාගත්තොත් මිස.
දැන් මේ කියන v***a එකට අයිතියි ශරීරයේ බාහිරින් ඔය අවයවය ආශ්‍රිතව තියෙන ඔක්කොම. කියවලා ඉවර වෙලා පහළ තියෙන ඉමේජ් එක බලන්න. ඔන්න තියෙනවා බාහිර යෝනි තොල් (l***a majora) තව එතකොට අභ්‍යන්තර යෝනි තොල් (l***a minora) කියලා ස්ථර දෙකක්. ඕවටම කියනවා outer l***a සහ inner l***a කියලත්. සමහරු කියනවා මේවා මල් පෙති දෙකක් වගේ තියෙන්නේ කියලා. මම එහෙම කියන්නේ නෑ මොකද බාහිර යෝනි තොල් සමහරුන්ගේ පිටතට විහිදිලා තියෙන්න පුලුවන්, සමහරුන්ගේ එහෙම නැති වෙන්න පුලුවන්, තවත් සමහරුන්ගේ පැත්තකින් චුට්ටක් එලියට ඇවිත් තියෙන්න පුලුවන් ආදී වශයෙන් විවිධයි විෂමයි. මේවා තියෙන එකේ අරමුණ ඇතුළට වෙන්න තියෙන විවර සහ වෙනත් සංවේදි කොටස් ආවරණය කරලා බාහිරින් එන හානිකර දේවලින් ඒවා ආරක්ෂා කරන එක. එතකොට ඔය බාහිර යෝනි තොල් දෙකට යටින් යෝනිය උඩ පැත්තට වෙන්න (බුරි හාමි පැත්තට...) අභ්‍යන්තර යෝනි තොල් දෙක එකතු වෙන තැන (මේකට කියනවා front juncture of l***a minora කියලා) හැංගිලා වගේ තියෙනවා ක්ලිටෝරිසය කියන පුංචි ගැටිත්තක්. මෙයා ගැන කතා කරනවා The cl****is කියන චැප්ටර් එකේදි. තව ක්ලිටෝරිස් එක ඇඳගෙන ඉන්න රේන් කෝට් එක වගේ ඒක වටේට තියෙන ක්ලිටෝරල් ආවරණයත් (cl****al hood) අයිති v***a එකටමයි. තව එතකොට ඕකේ ඇතුලට වෙන්න තියෙනවා විවර දෙකක්. ඒවා තමයි යෝනි විවරය (va**nal opening) සහ ගෑල්ලමයි චූ කරන තැන (urinary meatus / urethral opening). එතකොට ඔය අභ්‍යන්තර යෝනි තොල්වල ඉදන් යෝනි විවරය / මුත්‍රා විවරයට තියෙන සුමට මාංශමය කොටසට අපි කියනවා v***al vestibule කියලා. ඔය සෙට් එකම පිහිටලා තියෙන්නේ ශ්‍රෝණි ප්‍රදේශය - සිංහලෙන් නම් pelvic floor කියලා අපි කියන මාංශපේශි මත.
තව එතකොට යෝනියට අයිති කොටස් දෙකක් තියෙනවා බාතොලින්ස් ග්‍රන්ථිය සහ ස්කෙනිස් ග්‍රන්ථිය කියලා. බාතොලින්ස් ග්‍රන්ථිය තියෙන්නේ යෝනි මාර්ගය පටන් ගන්න තැනම චුට්ටක් යටට වෙන්න තියෙන පුංචි ඇට දෙකක් වගේ ග්‍රන්ථි දෙකක එකතුවකින්. මෙයාගේ වැඩේ තමයි සෙක්ස් කරද්දි යෝනිය සහ යෝනි මාර්ගය පටන්ගන්න තැනට ස්වභාවික ලිහිසිකාරක ශ්‍රාවය කරන එක. සෙක්ස් කරද්දි එතන සමහර වෙලාවට ගංවතුර වගේනම් ඔන්න මෙයා තමයි වගකියන්න ඕන. එතකොට සෙකනීස් ග්‍රන්ථිය කියන්නේ මුත්‍රා විවරයට යටින් තියෙන සිදුරු දෙකක් වගේ සියුම් ග්‍රන්ථි දෙකක්. මේවයෙන් ශ්‍රාවය කරන දියර වර්ගවලින් මුත්‍රා මාර්ගය අවට වියළීම වලක්වන්නේ. ඒ වගේම ඒ ශ්‍රාවය විවිධ ක්ෂුද්‍රජීවි කණ්ඩායම් එක්ක ෆයිට් කර කර Urinary Tract Infections වගේ ලෙඩ රෝග වලක්වනවා.
අපේ ශරීරයේ බාහිරට නිරාවරණය වන එහෙම නැත්නම් බාහිර දේවල් අභ්‍යන්තරයට ඇතුල් වෙන්න පුලුවන් හැම තැනකම වගේ තියෙනවා බැක්ටීරියා කොලනි (human flora). ස්ත්‍රි යෝනියේ මේ විදියට ඉන්න බැක්ටීරියා විශේෂ 20 ක් විතර තියෙනවා (va**nal flora). ඔය යෝගර්ට් වගේ කිරි ආහාරවල ඉන්න ලැක්ටෝබැසිලස් කියන බැක්ටීරියාව යෝනි මාර්ගයේ සුලබයි. එයාලා එහෙම ඉදන් ඇමයිනෝ ඇසිඩ් නිෂ්පාදනය කරනවා (පිරිමි ළමයි නව් යූ නෝ ද රීසන් ෆෝ දැට් අමුතු රස). ඒ නිෂ්පාදනය කරන ඇමයිනෝ ඇසිඩ් යෝනිය සහ ඒ අවට නිශ්චිත pH අගයක් පවත්වගෙන යනවා. මෙන්න මේ pH අගය නිසා ඇතිවෙන ආම්ලික තාවය නිසා ශරීරයට සහ යෝනියට / යෝනි මාර්ගයට අහිතකර බැක්ටීරියාවලට ඒ පැත්ත පළාතෙවත් එන්න ලැබෙන්නේ නෑ. ඒ වගේම යෝනිය ඇතුලේ ඉන්න බැක්ටීරියා සෙට් එක වැඩියි එලියෙන් එන ආගන්තුක සෙට් එකට වඩා. ඒ නිසාත් බාහිරින් එන අහිතකර බැක්ටීරියා පාලනය වෙනවා. යෝනි මාර්ගයෙ නිෂ්පාදනය වන දියරවල අන්තර්ගත අම්ල සහ බැක්ටීරියා ආදිය ඔය විදියට ඒ අවට නිශ්චිත pH අගයක් පවත්වාගෙන යාම නිසා යෝනි මාර්ගය සහ යෝනිය ඉබේ පිරිසිදු වෙනවා (self cleaning). ඒ නිසා මතක තියාගන්න ඔය එක එක විදියේ සබන් වර්ගයි, විෂබීජ නාශකයි අරවයි මෙව්වයි ඔතන උලන්න ගියාම ඇත්තටම වෙන්නේ එතන pH බැලන්ස් එක වෙනස් වෙලා ඔය කියපු self cleaning වැඩේ අවුල්වීම. බොහෝ වෙලාවට ඒ අවටින් එන අමුතු body order එකට හේතුව එහෙම pH අගය අවුල්වීම. ඒ නිසා පිරිසිඳු වතුර සහ pH අගය ඉතාම අඩු සබන් වර්ග තමයි ඔතනට ගැලපෙන්නේ.
📌📌 ගෑල්ලමයි පිරිමි ළමයි හැමෝම මේ අවයවය නිවැරදිව තේරුම් ගමු...
ගෑල්ලමයි ප්ලීස් ජීවිතේ එක වතාවක් හරි නාලා කරලා ටවල් එක පිටින් කාමරේට ආවම පොඩි කණ්ණාඩියක් අරගෙන එතනට තියලා මේක දිහා බලන්න. මේක අදුරගෙන හායි හලෝ කියලා ඉන්න. උපන් දවසේ ඉදන්ම මේක ඇඟට හයි වෙලා තියනවා...අනේ ඒක මගේ නෙවෙයි වගේ අපිත් ඉන්නවා. ජීවිතේට මේක හරියට බලලා තේරුම් අරගෙන නැත්නම් දවසක පවුල් පන්සල් වෙලා ගිය දවසක ලිංගිකත්වය කියන එක විඳින්න වෙන්නේ බාගෙට කියලා කැට තියලා උනත් මාධවීතුමීට කියන්න පුලුවන්. ගොඩාක් අය නිතර එනවා ප්‍රශ්න අරගෙන මහත්තයත් එක්ක ඇතුළේ කරනකොට මට දැනෙන්නේ නෑ මට ලෙඩක්ද කියලා. එයාලා තමන් ගැනම කලකිරීමෙන්. මම අහනවා ඔයා දන්නවද ලෝකේ ගැහැණුන්ගෙන් 75%කට වැඩි ප්‍රමාණයකට සුරාන්තයක් ලැබෙන්නේ අභ්‍යන්තර් සංසර්ගයෙන් නෙවෙයි ක්ලිටෝරිසය උත්තේජනය වගේ දේවලින් කියලා. එතකොට එයාලා මගෙන් අහනවා ක්ලිටෝරිසය කියන්නේ මොකද්ද කියලා? නැත්නම් අහනවා මොකද්ද සුරාන්තයක් කියන්නේ ඒකෙදි වෙන්නේ මොකද්ද කියලා. ඒ නිසා තමන්ගේ අත් දිහා, මූණ කට දිහා බලනවා වගේම සාමාන්‍ය විදියට මේක දිහාත් බලන්න. මේක උඩින් අතක් තිබ්බාම ඇගිල්ලක් තිබ්බාම දැනෙන විදිය තේරුම් අරගෙන ඉන්න.
පිරිමි ළමයි මතක තියාගන්න යෝනිය කියන්නේ ඔය ඔයාලා හිතේ තියාගෙන ඉන්න එක නෙවෙයි. මොකද්ද හිතේ තියාගෙන ඉන්නේ. සුදුම සුදු….චුට්ටක් විතර රෝස පාට...දැක්කම කන්න හිතෙන එකක් නේ? නෑ කියන්න එපා අපි දන්නවා. එහෙම එව්වා තියෙනවා මියා කළීෆා, සනී ලියෝන්ස්, දැහැමි ඩැනියෙල්ස් වගේ අක්කලට. ඉරිසියාවට නෙවෙයි මේ කියන්නේ ඇත්තටම එයාලා ඒවා දොස්තරලට කියලා හදව ගන්නවා. ge***al cosmetic surgery, l***aplasty, l***a lightining procedure කියලා අටෝ රාශියක් එව්වා තියෙනවා සල්ලි ගෙවලා කරගන්න පුලුවන්. ස්ත්‍රි යෝනිය කිව්වාම ලෝකේ ගොඩාක් පිරිමි හිතේ තියාගෙන ඉන්නේ popular culture - විශේෂයෙන්ම පෝර්න්වලින් එයාලගේ ඔලුවට හලලා තියෙන මේ විදියට perfect කරපු image එක. ඒවයේ තියෙන්නේ asymmetrical - ඒ කිව්වේ සමමිතික යෝනි - අඩි රූලක් අරන් පෑනකින් හරි මැදට වෙන්න ඉරක් ගැහුවම l***a majora එක හරියට දෙපැත්තට නෙලුම් පෙත්ත වගේ තියෙනවා, රෝසම රෝස පාටයි නැත්තම් චීස් කෑල්ල වගේ, බාහිර යෝනි තොල් පුංචියි, වටේ කැලෑව දශමෙට කපලා අයින් කරලා එහෙම නැත්නම් පොඩි ආර්ට් එකක් තියෙන්න ට්‍රිම් කරලා, ක්ලිටෝරිස් එක එහෙම අදුරගතෑකි හැතැම්මයක් විතර ඈතින් ඉදන් උනත්. මේ එදිනෙදා ඔෆිස් ගිහින්, ඉගෙන ගෙන කරගෙන පාඩුවෙ ඉන්න ගොඩක් ගෑනුන්ගේ ඒවා එහෙම perfect නෑ. මොකෝ දැන් ඔහේලට කියලා තියෙන්නේ හොද ලස්සන ඒවද? නැත්නම් නිකන් බතල අලයක් වගේ ඒවද? නිකමට බලමුද ඕක ජොනී සින්ස්ගේ එක ලගින් තියලා? කාන්තාවන්ගේ වැඩිවිය පැමිණීමත් එක්ක මේ ප්‍රදේශ ආශ්‍රිතව එකතු වෙන හෝමෝන නිසා (ඔයිස්ට්‍රජන් වගේ හෝමෝන) කොහොමත් ඕක අඳුරු පැහැ වෙනවා. හැඩයෙන් සමමිතික නැහැ, උඩින් පැහැදිලි කරපු තරම් ලේසියෙන් යෝනියේ කොටස් අදුරගන්න අමාරුයි. තව එතකොට ගොඩාක් ගෑල්ලමයි ඒ අවට රෝම ඉවත්කිරීම කරන්නේ නෑ. කරත් සති දෙක තුනකට සැරයක් වගේ නිසා සමහර දවස්වලට වැලි කොල සනීපයි.
ගෑල්ලමයිනුත් මතක තියාගන්න යෝනියට සාමාන්‍ය හැඩයක්, සාමාන්‍ය පාටක්, සාමාන්‍ය සයිස් එකක් කියලා දෙයක් නැහැ නැහැමයි (nothing is normal everything is unique). ඉන්ටර්නෙට් එකේ ඕන තරම් ආර්ටිකල්ස් තියෙයි මෙච්චර types of va**na අච්චර types of va**na අනන් මනන් කියලා. ඒත් මම කියන්නේම ගැහැණු යෝනි අපේ ඇඟිලි සලකුණු තරම් එකිනෙකින් වෙනස්. ගැහැණු සීයක් ගත්තොත් එතන එකිනෙකට පැහැදිලිවම වෙනස් එව්වා සීයක්. ඒ නිසා මගේ එක කැතයිද ලොකුයිද ඇදයිද? කොල්ලෙක්ගේ ඇහැ ගැටුණ මතු යම් දවසක ඒකාට මට බෑ දෙයියනේ කියලා හිතෙයිද වගේ එව්වා කල්පනා කරලා වද වෙන්න එපා. සඳුනිට නම් ලස්සන එකක් ඇති ඒකි කොහොමත් සුදුයිනේ කියලා ළතැවෙන්න එපා. කොයි ගැණිත් ලස්සනයි ඒ ලස්සන දකින පිරිමියෙක් හම්බුනාම කියලා පුරාණ පුස්කොල පොත්වල තියෙන්නේ ඔන්න ඔය අවයවය ගැනත් එක්ක කියලමයි මාධවීතුමීගේ නම් කල්පනාව.
📌📌 ඊලගට යෝනි මාර්ගය ගැන...
දැන් එතකොට who is va**na ? එයා යෝනි මාර්ගයනේ. මාර්ගය කිව්වට ඒක පොඩි පහේ නලයක් වගේ එකක්. ඕක පටන්ගන්නේ කෙලින්ම අර කලින් කියපු යෝනි විවරයට යටින් ඇඟ ඇතුලෙන්. එහෙම පටන් අරගෙන ඒක යනවා cervix එක - ඒ කිව්වේ ගැබ්ගෙල දක්වා. එතකොට ඔය කියපු va**na එක තමයි ගර්භාෂය බාහිර ලෝකයට සම්බන්ධ කරන පාර. ඩිස්ටි ඩිඩින් කරලා එයා ඇතුලෙම යවන අර සුදු පාට එව්වට එහෙ මෙහෙ රස්තියාදු ගහන්න නොදී ඩිම්බය පැත්තට යවන්නෙත්, මාසික ඔසප් වීමෙදි රුධිරය පිට වෙන්නෙත්, දවසක බබෙක් එළියට එන්නෙත් ඔන්න ඔය පාරෙන්ම තමයි. චූ කරනකොට ඒවා මේ පාරට ලීක් වෙන්නේවත් නෑ. ඒවා එන්නේ සම්පූර්ණයෙන්ම වෙනම තියෙන මුත්‍රා මාර්ගය දිගේ හොඳේ.
ඔය va**na එක හැදිලා තියෙන්නේ මූලිකවම mucosal පටකවලින්. ඒ කිව්වේ අපේ තල්ල, නහය ඇතුලේ, තව එතකොට ආහාර මාර්ගයේ තියෙනවා වගේ ලිස්සන සුලු පටකවලින්. ඒ mucosal පටක ස්ථරයට යටින් තියෙනවා කොලැජන් තන්තු, ඉලාස්ටින් තන්තුවලින් හැදුන ඇදෙන සුලු සෛල ස්ථරයක්. ඔය ස්ථරවලට පුලුවන් සමහර එව්වා උරා ගන්න. ඒ කිව්වේ අපි ඇතුල් කරන ඖෂධ, හොමෝනමය ප්‍රතිකාර තව එතකොට හෝමෝනමය උපත් පාලන ඖෂධ වගේ එව්වා. තව එතකොට හංසයට දියෙන් කිරි වෙන්කරගන්නවා වගේ පිරිමි ළමයින්ගේ ශුක්‍රාණුවලින් ඔක්සිටොසින් වගේ හෝමෝන, එතනින් ගියාම ශුක්‍රාණුවල තියෙන anti-depression properties එහෙම ඇගට උරා ගන්න යෝනි මාර්ගයට පුලුවන්. අර ඔක්සිටොසින් උරා ගන්න නිසා තමයි ඩිස්ටි ඩිඩින් වලට පස්සේ මර නින්දක් එන්නේ (අසරණ ඇඟට වෙන දස වද නිසා ඇති වෙන මහන්සියත් හේතුවක්). යෝනි මාර්ගය හැදෙන්න ඉලාස්ටින් සහ කොලැජන් තන්තු දායක වෙලා තියෙනවා කියලා කිව්වනේ. ඒක නිසා එයා හරිම stretchy. ඔයාලා දැන් මේක කියවද්දි ඔය කියන යෝනි මාර්ගය හැකිලිලා ඉංග්‍රිසි හෝඩියේ W අකුර වගේ තියෙන්නේ. සාමාන්‍ය තත්ත්වයෙදි දිගින් අඟල්ම 3 ක් 4 ක් විතර. ඕක දෙගුණයක් විතර දික් වෙනවා සෙක්ස් කරනකොටයි තව සරු කාලවලදියි. ඒවා ගැන පස්සේ කියන්නම්.
📌📌 Va**na එකට සහ v***a එකට කාලෙන් කාලෙට වෙන වෙනස්කම්…
Va**na එකවත් V***a එකවත් ජීවිත කාලෙම එකම විදියට තියෙන්නේ නෑ. ඉස් ඉස්සෙල්ලාම පීරියඩ්ස් වීමේ ඉදන් (menarche) වයසට ගිහින් පීරියඩ්ස් නතර වෙලාම යන ආර්ථවහරණය (menopause) දක්වා කාලය තුළ - ඒ කිව්වේ reproductive years වලදි va**na එක බොහෝම ශක්තිමත්, ක්‍රියාශීලි සහ වේගයෙන් අලුත් වෙන මාංශ පේශි ස්ථර වලින් හැදිලා තියනවා. ඒ ඉතින් ඕක ඇතුලට දවසක හස්බන්ඩා එහෙම එක එක එව්වා දාලා කරන කෙලිවලට ඔරොත්තු දෙන්නයි තව එතකොට බබාලා හම්බෙද්දි ඕක ගොඩක් පළල් වෙනවනේ - ඒවට ඔරොත්තු දෙන්නයි. ප්‍රෙග්නන්ට් කාලෙදිත් දරු ප්‍රසූතියට ආසන්න වෙද්දිත් va**na එකයි v***a එකයි දෙකම ගොඩක් වෙනස්කම්වලට ලක් වෙනවා. එහෙම වෙන එක වෙනස්කමක් තමයි යෝනිය අවට මාංශ පේශිවලට සිදුවෙන රුධිර සැපයුම වැඩිවීම. ඒකෙන් මේ ප්‍රදේශ අවට ටිකක් අඳුරු එහෙම නැත්නම් තද පාටක් ගන්න ඉඩ තියෙනවා. තව එතකොට යෝනි මාර්ගයේ විවිධ පටක එකිනෙක සම්බන්ධ කරලා තියන සම්බන්ධක පටක ටික ටික ඇදීමකට ලක්වෙලා යෝනි මාර්ගය පළල් වෙනවා බබාට එළියට එන්න පහසු වෙන්න. දරු ප්‍රසූතියෙන් පස්සේ යෝනිය සහ යෝනි මාර්ගය ඉස්සරට වඩා ගොඩාක් පළල් තත්ත්වයෙන්ම තියෙනවා. ඒවා ආපහු කලින් තිබ්බ තත්ත්වෙටම එන්න (prepregnancy) සති 6 - 12 ක් විතර කාලයක් යාවි හොඳේ.
එතකොට දෙන්නෙක් සෙක්ස් කරද්දි මේ කියන v***a එක සහ va**na එකට වෙන්නෙ මොනාද? පිරිමි ළමයි හෙම විශේෂයෙන් දන්නවා ඇති ඇතුළට දාගන්න ගියාම හම්බෝ බලන්න එපැයි ඒවයෙ ගණකම කියලා හිතෙන තරම් තද ගතියක්. මේ තද ගතිය එන්නේ ගෑල්ලමයගේ යෝනිය වෙන අයට වඩා චූටි නිසා නෙවෙයි. ඒ තද ගතිය එන්නේ යෝනිය අවට තියෙන pelvic floor එකේ මාංශපේශිවලින්. ඒක නිසා තමයි යෝනි මාර්ගය අසාමාන්‍ය විදියට තද ගතියක් තියෙන නෝනලාට අපි pelvic floor exercise හෙම නිර්දේශ කරන්නේ. තව එතකොට සෙක්ස් කරද්දි යෝනි මාර්ගය දිගහැරිලා ඒකේ සාමාන්‍ය දිග වගේ දෙගුණයක් විතර ලොකු වෙනවා. මේකට කියනවා va**nal tenting එහෙම නැත්නම් ballooning කියලා. මෙහෙම ඒක දික්වෙන්නේ ඒකෙ අනිත් කෙළවර තියෙන ගැබ් ගෙල තව තවත් යෝනියෙන් ඈත් වෙන නිසා. එහෙම ඈත් වෙන්නේ ඇයි? ඈත් උනේ නැත්නම් යෝනියට ඇතුළ් වෙන ශුක්‍රාණු යෝනිය සහ ගැබ්ගෙල අතර තියෙන අඟල් දෙක තුනක දුර සුටුස් ගාලා දුවලා ඩිම්බය හොයාගෙන යනවනේ. ඒ වැඩේ හරියන්නේ නෑ. ශුක්‍රාණු යෝනි මාර්ගයේ තියෙන තරල එක්ක මිශ්‍ර වෙලා, නියමිත වයසට ඇවිත් පරිණත වෙලා එනවා අර දෙගුණයක් දික් උන යෝනි මාර්ගය දිගේ ලතාවකට යනකොට.
එතකොට ඔය තරමට වඩා ලොකු එකකින් සෙක්ස් කරාය කියලා හෝ, ලිංගික සහකරුවෝ ගොඩාක් එක්ක කරාය කියලා හෝ, උදේ දිවා රෑ නොකා නොබී මහත්තයා එක්ක ඩිස්ටි ඩිඩින් කරාය කියලා යෝනියවත් යෝනි මාර්ගයවත් පලල් වෙලා කඩුගන්නාවේ බිංගේ වගේ වෙන්නේ නෑ. ඒවා හැදිලා තියෙන්නේ ප්‍රත්‍යාස්ථ මාංශ පේශි වලින්. ඇතුලට දාලා තියෙන එක එලියට ගත්ත ගමන් ටුස් ගාලා bounce back වෙනවා සාමාන්‍ය තත්ත්වෙට. මේ වැලන්ටයින් දවසෙත් මම දැක්කො සමහර වසල කොල්ලෝ ශෙයාර් කරනවා අම්මිගේ චූටි දෝනිලාට තියෙන්නේ ලොකු දෝණා වගේ ඒවය කියලා. ඒ ඉතින් ඒ අසරණයන්ගේ නොදන්නාකම සහ ඇහේ ඉදන් නැට්ටට යනකන්ම නලියන ගැහැණු පාච්චල්කිරීමේ ආසාව වෙන්න ඇති.
📌📌 යෝනියේ තියෙන එක එක දියර වර්ග…
දැන් ඔය v***a හෙවත් යෝනියෙන් කාලෙන් කාලෙට විවිධ හේතු නිසා එන විවිධාකාරයේ දියර තියෙනවා. මේ කියන්නේ සැරින් සැරේට ගිහින් කරලා එන නම්බර් 1 සහ මාසෙකට සැරයක් එන menstrual blood වලට අමතරව. මේ විදියේ එව්වාට අපි පොදුවේ කියනවා secretion එහෙම නැත්නම් va**nal fluid කියලා. Medical term එක va**nal discharge හොඳේ. ඔන්න එහෙම එක ජාතියක් තමයි Normal va**nal fluids කියලා කියන්නේ. තව “බබා එතන wet වෙලා..හ්” කියලා කියනකොට බැලුවම පෙනෙයි එතනින් ඇවිත් තියෙන්නේ arousal fluids කියල ජාතියක්. අන්තිමට තියෙනවා වර්ගයක් එව්වට අපි කියන්නේ abnormal va**nal fluids කියලා. ටක් ටක් ගාලා මේවා මොනාද කියලා බලමු...හාද ? හා..
Normal va**nal fluids කියන්නේ වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම සාමාන්‍ය ඕනම නිරෝගි ගැහැණියකගේ යෝනියෙන් ශ්‍රාවය වෙන දියරයක්. උඩිනුත් කිව්වා යෝනි මාර්ගයේ නිෂ්පාදනය වෙන දියරයක් නිසා යෝනිය සෙල්ෆ් ක්ලීන් වෙනවාය කියලා. ඒව අයිති වෙන්නේ මේ වර්ගයට. මේවා නිෂ්පාදනය වෙන්නේ යෝනි මාර්ගයේදි හෝ ගැබ් ගෙල ආශ්‍රිතව. යෝනි මාර්ගය සහ ගැබ්ගෙල ආශ්‍රිතව තිබිලා ඉවත් වෙන සෛල, මියුකස් පටල, මියගිය බැක්ටීරියා හෙම ජලයත් එක්ක මිශ්‍ර වෙලා මෙහෙම පිට වෙනවා. යෝනිය අවට pH අගය පවත්වාගෙන යන්න අවශ්‍ය බැක්ටීරියා ගහණ අදාළ තැන්වලට ට්‍රැවල් කරන්නෙත් මේ අවර්ණ fluid එකෙන්මයි. මේවා විශේෂ ගන්ධයක් නැති දියරයක්. තව එතකොට කලිනුත් කිව්වි ස්කෙනිස් ග්‍රන්ථියෙන් ශ්‍රාවය වෙන දියර ගැන. ඒ දියරත් අයිති වෙන්නේ මේ කියන normal viaginal fluids වලටම තමයි. මේ කියන දියර වර්ග හැමදාම එනවද කොයි වෙලාවටද එන්නේ වගේ දේවල් අහන්න එපා. එහෙම විශේෂත්වයක් නෑ. ආවත් එන්නේ තේ හැදි භාගයක් විතර වගේ නිසා ආවා කියලා දන්නේ නැති වෙන්න තියෙන ඉඩ වැඩියි.
තව ඔය කියන විදියේම සාමාන්‍ය va**nal fluid එකක් තියෙනවා cervical fluid (cervical mucus) කියලා. මේවා නිෂ්පාදනය වෙන්නේ මාසික ඔසප් චක්‍රයට සමානුපාතිකව ශරීරයේ හැදෙන ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන දෙක නිසා. මෙව්වා සාමාන්‍යයෙන් අවර්ණ හෝ බිත්තර සුදට හුරු පාටක් තියෙන්නේ. හැබැයි මේවායේ වර්ණය වෙනස් වෙන්නයි නිෂ්පාදනය වෙන ප්‍රමාණය වැඩි වෙන්න පුලුවන් මාසික ඔසප්වීම් ආසන්න වෙද්දි. මේවා ඇයි හැදෙන්නේ? කාන්තාවන්ගේ සරු කාලෙදි යෝනි මාර්ගයට ඇතුල් වෙන ශුක්‍රාණු බබාලා පරිස්සමින් බලාගන්න ඕන. එයාලා ඩිම්බය අහලකටවත් යන්න කලින් හොඳට පරිණත වෙන්නත් ඕන කියලා කලිනුත් කිව්වනේ. ආන්න ඒ පරිණත වෙනකන් පීන පීන ඉන්නයි, එහෙම පරිණත වෙන්න අවශ්‍ය හෝමෝනමය පෝෂණය සපයන්නයි තමයි මේ දියරය නිෂ්පාදනය වෙන්නේ.
ඊලගට arousal fluids කියන්නේ ලිංගික උත්තේජනය නිසාම නිර්මාණය වෙන දියරයක්. මොළයට ලිංගික උත්තේජනයක් ලැබුනාම මොළය ක්ෂනිකව යෝනියට ලඟම හන්දියට වෙලා බලාන ඉන්න බාතොලින්ස් ග්‍රන්ථියට (Greater Vestibular Glands) ටෙක්ස්ට් එකක් යවනවා හලෝ මේ ඒ පැත්ත වේලිලා වගේනේ චුට්ටක් තෙත් කරලා ගන්න නැත්නම් මේ දෙන්නට අමාරු වෙයි කියලා. මේ තෙත්කිරීම කරන්නේ යෝනිය ආශ්‍රිත වියළි ස්වභාවයක් තියෙනවානම් ඒක නැති කරලා ලිංගික කාර්යය පහසු කරන්න. තව සමහර පර්යේෂකයෝ කියනවා මේ දියරයේ තියෙන ඇතැම් ගති ලක්ෂණ නිසා යෝනිය තුළ අමුතු සංවේදන (කැසීම්, ලිස්සන සුලුබව) ඇති වෙනවාය, ඒවා නිසා යෝනිය අල්ලලා බලන්න තවත් උත්තේජනය කරන්න ආශාවක් වගේ හැඟීමක් ගෑල්ලමයින්ට එනවාය කියලා. මේ දියරය බෙහෝ වෙලාවට අවර්ණ,, ඇලෙන සුලු දියරයක්. විශේෂ ගන්ධයක් හෙමත් නෑ කියලා දන්නෝ දනිති.
ඔන්න ඔය කීව දෙජාතියටම වඩා වෙනස් එව්වා හිටපු ගමන් යෝනියෙන් එළියට ශ්‍රාවය වෙන්න පුලුවන්. ඒවා තමයි abnormal va**nal fluids. ඇයි වෙනස් එව්වා කිව්වේ. වෙනස් වෙන්න පුලුවන් පාටින්. ඒ කිව්වේ කහ පාට, කොළ පාට, දුඹුරු පාට වගේ අනේ පාට අමුතුයිනේ කියලා දැක්ක සැණින් තේරුම් ගන්න පුලුවන් පාටවලින් ශ්‍රාවය වෙන්න පුලුවන්, තව එතකොට විශේෂ ගන්ධයක් නෑ කිව්ව එවා පොඩි දුගඳක් එක්ක - අපි කියන්නේ unpleasant fishy smell එකක් එක්ක යන්න පුලුවන්, තව එතකොට සාමාන්‍ය වෙලාවට නැති වේදනාවක්, කැසීමක් වගේ දෙයක් එක්ක යනවා වෙන්න පුලුවන්, ඒ වගේම වෙනදට වඩා ඝනයි හෝ කැටිති වගේ පේන්න පුලුවන්. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ bacterial vaginosis තව එතකොට yeast infection වගේ විවිධ අසනීප (Va**nal conditions) නිසා. මේවා ගැන ඉදිරියේදි කතා කරන්නම් විස්තර ඇතුව. දැනට මතක තියාගන්න ගෑල්ලමයි තමන්ගේ යෝනිය ආශ්‍රිතව මේම දෙයක් දැක්කොත් ඔයාගේ පළවෙනිම පළවෙනි ප්‍රතිචාරය වෙන්න ඕන වහාම ගිහින් OB-GYN ව, ඒ කිව්වේ ප්‍රසව සහ නාරිවේද වෛද්‍යවරයෙක් (obstetrician-gynecologist) හමුවෙන එක. VOG කෙනෙක් ලගට ගිහින් හරියන්නේ නැද්ද හෙම කියලා අහන්න එපා VOG කියන්නෙත් එයාලාම තමයි (Visiting Obstetrician-Gynecologist). පිරිමි ළමයිත් මතක තියාගන්න තමන්ගේ නෝනා හෝ ගෑල්ලමයා මේ වගේ තත්ත්වයක ඉන්නවා කියලා දැනගත්ත වහාම කනෙන් ඇඳගෙන යන්න ඩොක්ටර් ලඟට.
මේ මදෑ. සෙස්ස පස්සට. හෙට අනිද්දා දිහාවේ අපි කියවමු ක්ලිටෝරිස් එක ගැන. ටටා…
මම මාධවී. මේ මගේ bedroom talks