NK Medical Laboratories Pvt Ltd

NK Medical Laboratories Pvt Ltd We brings the reliability to your doorsteps... Feel the modern, reliable and speedy diagnostic experience...

🩺 A/L අවසන් කළ ඔබට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවක්!*  🎓 *වසර 1ක NVQ Level 4 සෞඛ්‍ය පාඨමාලාවක්*  🌍 ජාත්‍යන්තරව පිළිගත්...
18/09/2025

🩺 A/L අවසන් කළ ඔබට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවක්!*
🎓 *වසර 1ක NVQ Level 4 සෞඛ්‍ය පාඨමාලාවක්*
🌍 ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක්
💵 පුහුණු කාලය තුළ *මාසික දීමනාවක්*
✅ පාඨමාලාව අවසානයේ *රැකියා සහතිකය*
📌 *බඳවා ගැනීම් සීමිත බැවින් සම්මුඛ පරීක්ෂණ සඳහා අදම අයදුම්පත යොමු කරන්න.*
📞 *වැඩි විස්තර සඳහා අමතන්න:* 071 3330450

🩺 A/L අවසන් කළ ඔබට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවක්!*  🎓 *වසර 1ක NVQ Level 4 සෞඛ්‍ය පාඨමාලාවක්*  🌍 ජාත්‍යන්තරව පිළිගත්...
17/09/2025

🩺 A/L අවසන් කළ ඔබට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවක්!*
🎓 *වසර 1ක NVQ Level 4 සෞඛ්‍ය පාඨමාලාවක්*
🌍 ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක්
💵 පුහුණු කාලය තුළ *මාසික දීමනාවක්*
✅ පාඨමාලාව අවසානයේ *රැකියා සහතිකය*

📌 *බඳවා ගැනීම් සීමිත බැවින් සම්මුඛ පරීක්ෂණ සඳහා අදම අයදුම්පත යොමු කරන්න.*

📞 *වැඩි විස්තර සඳහා අමතන්න:* 071 3330450

12/07/2025
15/06/2025
14/06/2025

පුහුණු /නුපුහුණු රසායනාගාර සේවිකාවන් සදහා රැකියා ඇබෑර්තු ඇත.
0789867575

09/06/2025
‼️කොවිඩ් නව වෛරසය ඉතාමත් දරුණුයි... කැස්සක් නැත, උණ නැත, එය සන්ධි වේදනාව, ශරීර දුර්වලතාවය, ආහාර රුචිය නැතිවීම නව වෛරසය...
22/05/2025

‼️කොවිඩ් නව වෛරසය ඉතාමත් දරුණුයි... කැස්සක් නැත, උණ නැත, එය සන්ධි වේදනාව, ශරීර දුර්වලතාවය, ආහාර රුචිය නැතිවීම නව වෛරසයේ විශේෂත්වයයි.. මරණ අනුපාතය වැඩිය. අන්තයට යාමට අඩු කාලයක් ගත වේ. සමහර විට රෝග ලක්ෂණ නොමැත... අපි පරිස්සම් වෙමු... එය පෙනහළු වලට කෙලින්ම බලපායි. උණ නොමැති රෝගීන් ගණනාවක් මම දැක ඇත්තෙමි, නමුත් එක්ස් කිරණ වාර්තාවකින් පෙන්නුම් කරන්නේ මධ්‍යස්ථ පපුවේ නියුමෝනියාවයි. එයින් අදහස් කරන්නේ වෛරසය කෙලින්ම පෙණහලු වලට පැතිරීම වෛරස් නියුමෝනියාව හේතුවෙන් උග්‍ර ශ්වසන අපහසුතාවයක් ඇති කරන බවයි! මෙය උග්‍ර හා මාරාන්තික වීමට හේතුව පැහැදිලි කරයි...
ප්‍රවේශම් වන්න, ජනාකීර්ණ ස්ථාන වලින් වළකින්න... මුහුණු ආවරණයක් පැළඳ ගන්න... නිතරම අත් සෝදන්න..

මෙය පළමු එකට වඩා මාරාන්තිකයි. එබැවින් අපි ඉතා පරිස්සම් විය යුතු අතර * සෑම පූර්වෝපායක්ම ගත යුතුය. *

කරුණාකර මිතුරන් හා පවුලේ අය අතර සුපරීක්ෂාකාරී සන්නිවේදකයෙකු වන්න... මෙම තොරතුරු ඔබටම තබා නොගන්න, එය ඔබගේ පවුලේ අය හා මිතුරන් සමඟ බෙදා ගන්න. කරුණාකර පරිස්සම් වී ආරක්ෂිතව සිටින්න!

මාරාන්තික ඇලජික්..! ආසාධන..! 🔴👹⛔️💥 දකින දකින තැන්වලින් අපිරිසිදු කොත්තු ෆරයිඩ් රයිස් කන්න එපා.💥දකින දකින බිලීචින් ක්‍රිම...
14/05/2025

මාරාන්තික ඇලජික්..! ආසාධන..! 🔴👹⛔️
💥 දකින දකින තැන්වලින් අපිරිසිදු කොත්තු ෆරයිඩ් රයිස් කන්න එපා.
💥දකින දකින බිලීචින් ක්‍රිම් එක ඉක්මනට සුදුවෙන්න ගාන්න එපා.
💥සුවඳට කියලා බාල පර්ෆියුම් වර්ග ගාන්න එපා
💥අලුත් ඇඳුම් සොදන්නේ නැතුව අඳින්න එපා
💥ප්‍රමිතියක් නැති කිසිම බීම වර්ගයක් පානය කරන්න එපා
💥මොන ප්‍රතිලාභ දෙනවා කිව්වත් වෛද්‍ය නිර්දේශයකින් තොරව විටමින් වර්ග ගන්න එපා
💥තියෙන රෝගවලට ෆාමසියෙන් බෙහෙත් අරන් බොන්න එපා
💥අනුන්ගේ ඇඳවල් මත නිදාගන්න යන්න එපා
💥වෙනෙත් අය පාවිච්චි කරන ඇඳුම් අඳින්න එපා
💥වෙනෙත් අය පාවිච්චි කරන ඇතිරිලි පාවිච්චි කරන්න එපා.
💥විශ්වාසවන්ත එක් අයෙකු සමඟ පමණක් ලිංගිකව එකතුවෙන්න.
💥කිසිම හේතුවක් නිසා පාවිච්චි කරන බෙහෙතකට ආදේශක බෙහෙත් පාවිච්චි කරන්න එපා. වෛද්‍යවරයාගෙන් අහන්න.
💥මේ දේවල් අදම කරන්න. සුවෙන් ඉන්න.

චිකුන්ගුන්යා (Chikungunya) රෝගය විශේෂයෙන් කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල වලින් ආරම්භ වී රට පුරාම වේගයෙන් පැතිර යමින් පවතී.අපි ...
06/05/2025

චිකුන්ගුන්යා (Chikungunya) රෝගය විශේෂයෙන් කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල වලින් ආරම්භ වී රට පුරාම වේගයෙන් පැතිර යමින් පවතී.

අපි අද මේ රෝගය ගැන දැනුවත් වෙමු.

🔴 චිකුන්ගුන්යා යනු කුමක්ද?

චිකුන්ගුන්යා යනු ඒඩිස් මදුරුවන්, එනම් ඒඩිස් ඊජිප්ටයි (Aedes aegypti) සහ ඒඩිස් ඇල්බොපික්ටස් (Aedes albopictus) යන මදුරුවන් දෂ්ට කිරීම හරහා පැතිරෙන වෛරස් රෝගයකි.

ඩෙංගු උණ පතුරවන්නේ ද එම මදුරුවන්ම ය.

"චිකුන්ගුන්යා" යන නම කිමකොන්ඩේ භාෂාවෙන් (දකුණු ටන්සනියනුවන් සහ උතුරු මොසැම්බික් ජාතීන් භාවිතා කරන) "නැමෙන දේ" යනුවෙන් අර්ථයක් පවතී. මේ රෝගයේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ දරුණු සන්ධි වේදනාවන් ඇතිවීමයි.

🔴 රෝග ලක්ෂණ

සාමන්‍යයෙන් ඒඩිස් මදුරුවන් දෂ්ට කිරීමෙන් දින 4-8 (දින 2-12 දක්වා වෙනස් විය හැක) කට පසුව රෝග ලක්ෂණ මතුවන අතර, මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ:
🟢 හදිසියේම ඇතිවන අධික උණ (සාමාන්‍යයෙන් 39°C ට වැඩි)
🟢 දරුණු සන්ධි වේදනාව (විශේෂයෙන් අත් සහ පාදවල)
🟢 සන්ධි ඉදිමීම
🟢 මාංශ පේශි වේදනාව
🟢 හිසරදය
🟢 ඔක්කාරය සහ තෙහෙට්ටුව
🟢 සමේ කුෂ්ඨ (skin rash)
🟢 නාසයේ සහ අත්වල පැහැය වෙනස් වීම

චිකුන්ගුන්යා වසංගතයේ විශේෂත්වය වන්නේ, මුලින් ඇති වෙන රෝග ලක්ෂණ (එනම් උණ ,මාංශ පේශි වේදනාව) සුව වීමෙන් පසු සන්ධි වේදනාව දීර්ග කාලයක් පැවතීමයි. මෙය අවම වශයෙන් මාසයක කාලයක්වත් හෝ අවුරුදු ගණනක් පැවතිය හැකිය. මේ සන්ධි වේදනාව විශේෂයෙන් වැඩිහිටි පුද්ගලයින්ට ද දරුණුව බලපානු ලැබේ.

🔴 ප්‍රතිකාර

චිකුන්ගුන්යා සඳහා නිශ්චිත හෝ විශේෂ (ප්‍රතිවෛරස් ප්‍රතිකාරයක් හෝ එන්නතක්) ප්‍රතිකාර නොමැති අතර, රෝග ලක්ෂණ සමනය කිරීම කෙරෙහි ප්‍රතිකාර සිදු කිරීමට හැකියාව ඇත:
🟢 හොඳින් විවේක ගැනීම සහ ප්‍රමාණවත් ලෙස දියර වර්ග ගැනීම.
🟢 වේදනාව සහ උණ පාලනය කිරීම සඳහා පැරසිටමෝල් භාවිතා කිරීම.
🟢 පැරසිටමෝල් වලින් සන්ධි වේදනාව පාලනය නොවන්නේ නම් NSAIDs කාණ්ඩයේ (ඉබුප්රොෆෙන් වැනි) ඖෂධ භාවිතා කිරීම අවශ්‍ය වේ. නමුත් මේ සඳහා මෙම උණ, 'ඩෙංගු උණක් නොවන බව' තහවුරු කිරීම අත්‍යවශ්‍ය වේ. එම නිසා සුදුසුකම් ඇති වෛද්‍යවරයෙක් හමුවීම අත්‍යාවශ්‍ය වේ.
🟢 දීර්ඝ කාලීනව සන්ධි වේදනාව පැවතිය හොත් ඔබේ වෛද්‍යවරයා NSAIDs (ඉබුප්රොෆෙන් වැනි), ප්‍රෙඩ්නීසලෝන් (prednisilon) සහ භෞත චිකිත්සාව නිර්දේශ කළ හැකිය.
🟢 ඔබ රෝග ලක්ෂණ අත්විඳින්නේ නම්, කරුණාකර වහාම ඔබගේ පවුලේ වෛදවරයා හමුවන්න. රෝගය ඉක්මනින් හඳුනාගැනීමට හැකිවුනොත්, රෝග ලක්ෂණ හොඳින් පාලනය කිරීමට හැකියාව ඇත.

🔴 සංකූලතා

චිකුන්ගුන්යා රෝගය සාමාන්‍ය වෛරස් උණක් වන අතර, බොහෝ විට ස්වයං සුව වීම සිදුවෙයි. ඉතා කලාතුරකින් මාරාන්තික වීමට හැකියාවක් ඇත. විශේෂයෙන් වැඩිහිටියන්, අලුත උපන් බිළිඳුන් සහ නිදන්ගත සෞඛ්‍ය තත්වයන් ඇති පුද්ගලයින්ට මෙම බලපෑම ඇත.

චිකුන්ගුන්යා රෝගයේ සංකූලතා කීපයක් නම්:
🟢 මාස හෝ අවුරුදු ගණනක් පවතින අඛණ්ඩ සන්ධි වේදනාව
🟢 ස්නායු සංකූලතා (එන්සෙෆලයිටිස්, මෙනින්ජයිටිස්)
🟢 ඇස් දැවිල්ල
🟢 හෘද ගැටලු
🟢 වකුගඩු අකර්මණ්‍ය වීම
🟢 ආමාශ ආන්ත්‍රික ගැටළු

🔴 රෝගය වළක්වා ගත හැකිද?

තවමත් නිශ්චිත එන්නතක් නොමැති බැවින්, ඔබ අනිවාර්යෙන් මදුරුවන් දෂ්ට කිරීම් වළක්වා ගැනීම සහ මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම සිදු කළ යුතුය. මේ මගින් ඩෙංගු රෝගය පැතිරීමද පාලනය කළ හැකිය.

🔴 මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කරන්න ඔබට කළ හැකි දේ මොනවද👇

🟢 සතිපතා ජල බහාලුම් (මල් පෝච්චි, බාල්දි, ටයර්) පිරිසිදු කිරීම
🟢 ජල එකතු කරන භාජන ආවරණය කර තබන්න
🟢 අවහිර වූ කාණු පිරිසිදු කරන්න
🟢 ජලය එකතු විය හැකි අපද්‍රව්‍ය (හිස් ටින්, තැඹිලි කොම්බ, යෝගට් කප්) නිසි ලෙස බැහැර කරන්න

🔴 පුද්ගලික ආරක්ෂාව

🟢 මදුරුවන් දෂ්ට කිරීම වැළකීම සඳහා මදුරු විකර්ෂක (පැඟිරි තෙල්, මදුරු විකර්ෂක ක්‍රීම්) භාවිතා කරන්න.
🟢 මෙම මදුරුවන් වඩාත් ක්‍රියාකාරී වන විට, විශේෂයෙන් උදේ පාන්දර සහ දහවල් කාලයේදී දිගු අත් සහිත කමිස සහ දිගු කලිසම් ඇඳීම
🟢 මදුරුවන් නිවාස තුලට පැමිණීම වැලැක්වීම සඳහා හවස් වන විට ජනෙල් සහ දොරවල් වැසීම
🟢 දිවා කාලයේ නිදා සිටියදී පවා මදුරු දැල් භාවිතා කිරීම

🔴 ඔබ අසනීප නම්, ඔබගෙන් රෝගය අනිත් අයට පැතිරවීම වැළක්වීමද රෝගය ව්‍යාප්ත වීම වැළක්වීමට අත්‍යාවශ්‍ය වේ.

🟢 මේ සඳහා රෝගය වැළඳී පළමු සතිය තුළ, තවදුරටත් මදුරු දෂ්ට කිරීම් වලින් ඔබව ආරක්ෂා කරගන්න.
🟢 රෝග ලක්ෂණ ඇති වුවහොත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න

මෑත කාලීන වර්ෂාපතනය නිසා මදුරු ගහනය වැඩි වීමත් සමඟ, අප සියලු දෙනාම සුපරීක්ෂාකාරීව සිටිය යුතුය. නිසි පූර්වාරක්ෂාවන් අනුගමනය කිරීමෙන් මෙම රෝගය වළක්වා ගත හැකි බව මතක තබා ගන්න.

ආරක්ෂිතව හා සෞඛ්‍ය සම්පන්නව සිටින්න!

මෙම වසංගතයෙන් අපගේ පවුල් සහ ප්‍රජාවන් ආරක්ෂා කර ගැනීමට එක්ව කටයුතු කරමු. ඔබගේ යහළුවන් සහ හිත මිතුරන් දැනුවත් කිරීමට මේ පොස්ට් එක බෙදා ගන්න.

ඔන්න අද කියන්න යන්නේ දියවැඩියාව නිසා හම්බවෙන තවත් එක තෑග්ගක් ගැන..DIABETIC NEPHROPATHY ( ඩයබිටික් නෙෆ්‍රෝපති ) - දියවැඩි...
05/05/2025

ඔන්න අද කියන්න යන්නේ දියවැඩියාව නිසා හම්බවෙන තවත් එක තෑග්ගක් ගැන..

DIABETIC NEPHROPATHY ( ඩයබිටික් නෙෆ්‍රෝපති ) - දියවැඩියාව සමග එන වකුගඩු රෝගය

දියවැඩියාව කියන ලෙඩේ එක්ක සමහර අයට මුල් කාලෙදි ලොකුවට රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නෑනේ.අපේ ගොඩක් අය ලෙඩකට බෙහෙතක් ගන්න පෙළඹෙන්නේ දරාගන්න බැරි අමාරුවක් වේදනාවක් තිබ්බොත් විතරයි.එහෙම නැත්නම් අවුරුදු ගානක් වුනත් ඔහේ ඉන්නවා කට්ටි පැන පැන ගොඩ බෙහෙත් කර කර.

දියවැඩියාව කියන ලෙඩේ තියන කෙනෙක්ට කෙලවෙන්නෙම ඔන්න ඔතන.ඇගට එහෙමට ලොකු කේස් එකක් නෑ.මාසයක් දෙකක් බෙහෙත් අරන් නවත්තලා දානවා.

හැබැයි මේ ලෙඩේ භයානකකම තියෙන්නෙම ඔතන.දියවැඩියාව කියන්නේ එක ලෙඩක් නෙවෙයි.ලෙඩ පැකේජ් එකක් එක්ක එන ලෙඩක්.

ඔය ලෙඩ පැකේජ් එකේ එන එක ලෙඩක් තමයි මේ වකුගඩු රෝගය කියන්නේ.

වෙන්නේ මේකයි..

සාමාන්‍යයෙන් මේක දියවැඩියාව කියන රෝගය කෙනෙක්ට හදුනාගෙන අවුරුදු 10-15ක් විතර ගියාට පස්සේ තමයි වෙන්නේ.

දියවැඩියාව කියන්නේ අපේ රුධිරයේ තියෙන සිනී ප්‍රමාණය ඉහල යන එකටනේ.ඉතින් මෙහෙම කාලයක් තිස්සේ ඕන ගානට වඩා රුධිරයේ සිනී තියෙන්න තියෙන්න ඒක අපේ ගොඩක් අවයව වලට නරක විදියට බලපානවා.එයින් එකක් තමයි වකුගඩු කියන්නේ.

වකුගඩු කියන්නේ අපේ ඇගේ තියන රුධිරය ෆිල්ටර් කරන අවයවය.අපේ ඇගට ඕන දේවල් තියාගෙන ඕන නැති දේවල් ෆිල්ටර් කරලා අපේ ඇගෙන් මූත්‍රා විදියට අයින් කරලා දාන එක තමයි එයාගේ වැඩේ.
මේකට උදව් වෙන්නේ Nephron කියලා පොඩි අයිටම් එකක්.මේ nephron මිලියන් දෙකක් විතර එකතු වෙලා තමයි අපේ වකුගඩු වැඩ කරන්නේ.

ඉතින් දියවැඩියාව නිසා ටිකෙන් ටික කාලයත් එක්ක මෙන්න මේ වකුගඩු වලට ඩැමේජ් වෙනවා.එතකොට ඔය කිව්ව ෆිල්ටර් කරන වැඩේ හරියට කරගන්න බැරිවෙනවා.ඊට පස්සේ අපේ ඇගට ඕන ඒවයි ඕන නැති ඒවයි එපා ඒවයි ඔක්කොම ටික අපේ ඇගේ එකතුවෙන්න ගන්නවා.ඊට පස්සේ තමයි ඔන්න ලෙඩේ පටන් ගන්නේ.

සමාන්‍යයෙන් කාටහරි කෙනෙක්ට වකුගඩු අමාරුව තියෙනවා කියලා දැනගන්න ක්‍රම දෙකක් තියෙනවා..

1.වෙනත් රෝග සායන වලදි හෝ අහඹු ලෙස කරන මූත්‍රා හෝ රුධිර පරීක්ෂණ මගින් -
මොකද සාමාන්‍යයෙන් වකුගඩු රෝගීන් මුල් අවස්ථා වලදී රෝග ලක්ෂණ එන්නේ නෑ.ඉතින් ඒ නිසා දියවැඩියාව අධි රුධිර පීඩනය වගේ සායන වලදි මාස තුනෙන් තුනට serum creatinine / සීරම් ක්‍රියැටිනීන් කියන පරික්ෂාව කරනවා.ඒකෙන් අපට යම් අදහසක් ගන්න පුලුවන් කෙනෙකුගේ වකුගඩු වල ක්‍රියාකාරිත්වය ගැන

2.රෝග ලක්ෂණ නිසා පසුව කරන පරීක්ෂාවන් මගින් -
වකුගඩු රෝගයේදි එන රෝග ලක්ෂණ සමහරවිට ටිකක් සංකීර්ණයි.ඒ කියන්නේ විවිධ විදියට මේ රෝග ලක්ෂණ එන්න පුලුවන්..මෙන්න මේක අනිවාර්යයෙන් එනවා කියලා කියන්න අමාරුයි.මේ පහලින් කියන්නේ මූලික අවදියේදි එන්න පුලුවන් රෝග ලක්ෂණ ටිකක්...

✅කකුල් සහ මුහුණ ඉදිමීම
✅අධික මහන්සිය
✅කෑම අරුචිය
✅මූත්‍රා සමග පෙණ පිටවීම
✅සමෙහි ඇතිවන කැසීම්

ඊට අමතරව මේක අපේ ශරීරයේ තියන බහුතරයක් පද්ධති වලට සහ අවයව වලට බලපාන රෝගයක්..ඉතින් මේ නිසා වකුගඩු අමාරුව තියන අයට ගොඩක් රෝග ලක්ෂණ අමාරුකම් එන්න පුලුවන්.මේ පහලින් කියන රෝග ලක්ෂණ ගොඩක් එන්නේ වකුගඩු අමාරුවේ පසු අවදි වලදි...

✅නිතර එන ඔක්කාර ගතිය,වමනය කෑම අරුචිය
✅වකුගඩු අමාරුව නිසා ශරීරයේ රක්තහීනතාවය එන්න පුලුවන්.ඒ නිසා මහන්සිය කම්මැලිගතිය වගේ දේවල් දැනෙන්න පුලුවන්
✅හුස්ම ගැනීමට අපහසුවීම
✅සිහිමද ගතිය,අධික හිසරදය
✅සම වියලීම සහ කැසීම
✅නින්ද නොයාම
✅අස්ථි වල ඇතිවන දුර්වලතා ,කොන්ද කැක්කුම
✅මානසික ඒකාග්‍රතාවය නොමැති වීම
✅රුධිර පීඩනය වැඩිවීම

වගේ දේවල්......

මේ වගේ රෝග ලක්ෂණ ඇතිවුනාට පස්සේ වකුගඩු අමාරුව diagnosis / රෝග නිර්ණය කරගන්නේ කොහොමද ?

❎මුලින්ම රුධිර පරීක්ෂණ විදියට

S.Creatinine - වකුගඩු වල ක්‍රියාකාරිත්වය බලන්න මේ පරීක්ෂාවෙන් පුලුවන්
eGFR - මේ පරීක්ෂාවෙන් බලන්නේ වකුගඩු වල රුධිරය පෙරීමේ හැකියාව.වකුගඩු වල ක්‍රියාකාරිත්වය අඩුවෙන්න අඩුවෙන්න මේ අගය අඩුවෙනවා.වකුගඩු රෝගීන් වර්ගීකරණය කරන්නත් මේ අගය යොදාගන්නවා...

❎මූත්‍රා පරීක්ෂණ / UFR වලිනුත් මේ ගැන අදහසක් ගන්න පුලුවන් - මූත්‍රා වල ප්‍රෝටීන සහ sugar තිබීම මගින්

❎ස්කෑන් පරීක්ෂණ
උඩින් කිව්ව රුධිර පරීක්ෂණ සහ ultra sound scan එකක් යන දෙකම එකතුව විදියට අරන් තමයි හරියටම වකුගඩු රෝගය නිශ්චය කරගන්න පුලුවන් වෙන්නේ..

ඔය විදියට තමයි වකුගඩු රෝග වලට එන රෝග ලක්ෂණ එන්නේ සහ රෝගය නිශ්චය කරගන්නේ...

මෙහෙම වකුගඩු රෝගය ඇතිවෙලා කියලා දැනගත්තට පස්සේ ඒක රිවස් කරන්න ප්‍රතිකාර නෑ.කරන්න ඕන තව දුරටත් ඩැමේජ් වෙන එක අඩු කරන්න ප්‍රතිකාර කරන එකයි මේ නිසා එන සංකූලතා අඩුකරගන්න ප්‍රතිකාර කරන එකයි.ඒ ටික මම තව පෝස්ට් එකකින් ලියන්නම්.

පේනවනේ දියවැඩියාව එක්ක එන එක තෑග්ගක තරම..තව ඉවර නෑ.ලියන්න නම් බොහෝමයි.හිමීට ලියමු..

වකුගඩු අමාරු ගැන ඔයාලටත් මොනවාහරි අත්දැකීම් තියෙනවා නම් කමෙන්ට් තීරුවේ ලියාගෙන යන්න.කෙනෙක්ට ඒවා වැදගත් වෙයි.


රුධිර සීනි මට්ටම පාලනයය කරගෙන නිරොගීමත් වීමටඔබට කළ හැකි සරල පියවර කිහිපයක්:💎අධික සීනි සහිත සහ කාබෝහයිඩ්‍රේට් අවම කරන්න💎ද...
25/04/2025

රුධිර සීනි මට්ටම පාලනයය කරගෙන නිරොගීමත් වීමට

ඔබට කළ හැකි සරල පියවර කිහිපයක්:

💎අධික සීනි සහිත සහ කාබෝහයිඩ්‍රේට් අවම කරන්න

💎දිනපතා අවම වශයෙන් මිනිත්තු 30ක් ව්‍යායාම කරන්න

💎ප්‍රමාණවත් ජලය පාන කරන්න සහ හොඳ නින්දක් ගන්න

නිතර රුධිර සීනි මට්ටම පරීක්ෂා කරන්න

ඔබේ සෞඛ්‍යය ඔබේ වටිනා සම්පතයි – NiroKEM Medical Laboratories ඔබේ සෞඛ්‍යයේ හවුල්කාරයා!

#රුධිරසිනිපාලනය #සෞඛ්‍යජීවිතයක්
#මතුගම

18/04/2025

Address

Delgas Junction, Yatiyana
Agalawatta
12200

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 17:00
Saturday 07:00 - 17:00
Sunday 07:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when NK Medical Laboratories Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category