Dinu Divi Medical Center

Dinu Divi Medical Center Dinu Divi Ayurveda Center is located in a calm and tranquil surrounding just away from crowd and rush

Good morning Thursday…❤️🙏
30/04/2026

Good morning Thursday…❤️🙏

15/04/2026
15/04/2026
For a fresh start! ❤️💐🙏
14/04/2026

For a fresh start! ❤️💐🙏

Calm Sunday…🙏❤️
11/04/2026

Calm Sunday…🙏❤️

Shirodhara for a pleasant mind…sound sleep.. and a great relaxation…❤️🙏💆
31/03/2026

Shirodhara for a pleasant mind…sound sleep.. and a great relaxation…❤️🙏💆

My wealth is.. this love from world!❤️🙏🫡
13/02/2026

My wealth is.. this love from world!❤️🙏🫡

Under the sky full of tears, humanity that is not alone... 🇱🇰💔🤝For you who stretched your hands across the ocean like li...
01/12/2025

Under the sky full of tears, humanity that is not alone... 🇱🇰💔🤝

For you who stretched your hands across the ocean like literally "friends" in this moment of disaster... Our heartfelt tribute! 🙏

We are indebted to all countries around the world including India 🇮🇳, Pakistan 🇵🇰, America 🇺🇸, Japan 🇯🇵, China 🇨🇳 who strengthened us.

Even in the darkest night, a lamp will not go off, you made us a side.

Thank you, for not leaving us alone. ❤️

Relatives who came as a light to our sad nation... 🕯️🤝

Our heartfelt thanks to the hands that helped us during this time when our country is suffering from the natural disaster. 🙏

We are forever grateful to India 🇮🇳, Pakistan 🇵🇰, America 🇺🇸, Japan 🇯🇵, China 🇨🇳 and all the countries of the world that helped us. The hope you gave me in this darkness is never forgotten.

Thank you for not giving up on us! ❤️

A Light in Our Darkest Hour... 🇱🇰🌏✨

When the storm took so much from us and left our nation in tears, the world stood by our side.

To our friends across the ocean who reached out when we needed it the most—India 🇮🇳, Pakistan 🇵🇰, USA 🇺🇸, Japan 🇯🇵, China 🇨🇳, and every nation that offered a helping hand—Thank you. 🙏

Your support is more than just aid; it is hope. Thank you for proving that even in the devastating disasters, humanity stands together.

We will rise again. ❤️

Copied
Suresh L Bamunusinghe

චීන කටු චිකිත්සාව ලෙස පසු කලෙක ලොව පතල වූ අපේ ලාංකීය නිල විදුම් චිකිත්සාව. දේශීය වෙදකම යනු අනාදිමත් කාලයක පටන් ශ්‍රී ලාං...
28/10/2025

චීන කටු චිකිත්සාව ලෙස පසු කලෙක ලොව පතල වූ අපේ ලාංකීය නිල විදුම් චිකිත්සාව.

දේශීය වෙදකම යනු අනාදිමත් කාලයක පටන් ශ්‍රී ලාංකීය ස්වදේශිකයන් විසින් පාරම්පරිකව පවත්වාගෙන එනු ලබන ප්‍රතිකාර ක්‍රමවේදයකි. එය පදනම් වනුයේ ශීත, උශ්ණ වශයෙන් ප්‍රභේද කොට දක්වා ඇති දෛහික තත්වයන් විකෘති වී යාමෙන් හටගන්නා රෝග සුව කිරීම සඳහා චන්ඳ්‍ර සහ සූර්‍ය ඝන ඖෂධ යොදා ගැනීමේ ප්‍රතිකර්ම ක්‍රමවේදයක් ලෙසය. ශ්‍රී ලංකාවට බුදු දහම දායාද වීමත් සමග අවුරුදු තුන්දහසක් පමණ ඉතිහාසයක් තුල ඉන්දීය සම්ප්‍රදාය තුල විකාශනය වූ ආයුර්වේදය ලාංකීය දේශීය චිකිත්සා ක්‍රමයට සම්බන්ධ වීමෙන් දේශීය වෙදකම තවදුරටත් ආයුර්වේදීය ආභාශය තුල පෝෂනය විය. ඒ. අනුසාරයෙන් දේශීය චිකිත්සාව තුලද උශ්ණ ශීත දෛහිකත්වයනට අමතරව වාත, පිත, කඵ යන ත්‍රිදෝෂය මූලිකත්වයෙන් රෝග නිර්ණය හා ප්‍රතිකාර කිරීම තවදුරටත් වැඩිදියුණු විය. එසේම ඖෂධ සංස්කරණය සහ තෝරා ගැනීමද චන්ඳ්‍ර, සූර්‍ය ඝනයන්ගේ සීමාවෙන් ඔබ්බට වර්ධනය වී විධිමත් සහ පුළුල් විභජන පරාසයක් තුල දෝෂ තත්ව ඉලක්ක කරගනිමින් ප්‍රතිකාර කිරීම පිණිස යොදා ගැන්ම ඇරඹිනි. එසේම ශාකමය, සත්වමය සහ පාර්තීව (minerals) වශයෙන් ඖෂධමය වටිනාකමින් යුත් ද්‍රව්‍යයන්හී ඖෂධීය ගුනය නිර්ණය පිණිස ( evaluting herbal benefits) රස, ගුන, වීර්‍ය, විපාක සහ ප්‍රභාව වශයෙන් පැහැදිලි විමර්ශනයක් යටතේ ගනනය කර භාවිතා කිරීම ඇරඹිනි. මෙසේ වරින් වර විදේශීය බලපෑම් වලට ලක්වූ ලාංකීය දේශීය වෙදකම අද වන වන විට උතුරු ඉන්දියානු ආයුර්වේද වෛද්‍ය සම්ප්‍රදාය, දකුණු ඉන්දීය සිද්ධ වෛද්‍ය සම්ප්‍රදාය , අරාබි යුනානි වෛද්‍ය සම්ප්‍රදාය සහ ශ්‍රී ලාංකීය දේශීය වෛද්‍ය සම්ප්‍රදාය යන සියළු වෛද්‍ය ක්‍රම වල සම්මිශ්‍රණයක් ලෙස වඩාත් දියුණු සහ පරිණත වෛද්‍ය ක්‍රමයක් ලෙස විකාශනයට පත්ව ඇත. මේ පිළිබඳව ඓතිහාසික සාක්ශි ලෙස මහාවංශය වැනි ග්‍රන්ථයන්ද සයවන මිහිඳු රජු විසින් කරවන ලද මැදිරිගිරිය පුවරු ලිපිය, සිව් වන දප්පුල රජු විසින් කරවන ලද බවට සැලකෙන දෙවන දොරබාවිල ටැම් ලිපියද පෙන්වා දිය හැක. එසේම මිහින්තලය, මැදිරිගිරිය, ආලාහන පිරිවෙන, රිටිගල යන ස්ථානයන්ගෙන් සොයා ගන්නා ලද රෝහල් සංකීර්ණයන්ගේ නටඹුන් සහ ඉපැරණි වෛද්‍ය යන්ත්‍ර සහ ශස්ත්‍රයන්ද ශ්‍රී ලාංකීය ආයුර්වේදීය වෙදකමෙහි ඉතිහාසය කෙරෙහි සාක්ශි දරයි. එම සාක්ශි වලට පදනම්ව දේශීය වෙදකම තුල හුදෙක් මුඛ මාර්ගයෙන් ලබා දෙන ඖෂධ පමණක් නොව, තෛල අවගාහ, අභ්‍යංග, පත්තු හා මැලවුම් යෙදීම ආදී බාහිරව යෙදෙන චිකිත්සා ක්‍රමද භාවිතා වී ඇති බවට බෙහෙත් ඔරු වැනි සාක්ශි වලින් පැහැදිලි වේ.තවද නස්‍ය කර්ම වැනි අභ්‍යන්තර ශෝධන කර්ම සිදු කර ඇති බවද ශල්‍ය කර්ම ප්‍රතිකාර ලෙස යොදා ගත් බවද කැනීම් වලින් හමුව ඇති ශලාකා යන්ත්‍ර, ශල්‍ය ශස්ත්‍ර සහ නස්‍ය උපකරණ මගින් විද්‍යාමාන වේ.
මෙසේ අනාදිමත් කාලයක පටන් පැවත එන අතීත වර්ථමාන අනාගත යන කාලත්‍රයෙහිම එක සේ සුවහසක් රෝගීන්ගේ රෝග සුව කිරීම පමණක් නොව නිරෝගී පුද්ගලයන්ගේ රෝගී බව සංරක්ෂණය කරගැනීම පිණිසද මග පෙන්වන ජීවන දර්ශනයයකි. ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයෙහි මූලික පරමාර්ථ දෙක ලෙස ඉහත සඳහන් කරුණු ක්‍රියාත්මක වේ. එම ප්‍රධාන අරමුණු සාක්ශාත් කිරීම සඳහා ආයුර්වේදීය චිකිත්සා පද්ධතිය ප්‍රධාන අංග අටකින් සමන්විත වන අතර ඒවා මෙසේය.

- [ ] ශල්‍ය තන්ත්‍රය හෙවත් ශල්‍යකර්ම මගින් ප්‍රතිකාර කිරීම,
- [ ] ශාලාක්‍ය තන්ත්‍රය හෙවත් දසරුවෙන් උඩ එනම් උගුර,කන, නාසය, හිස යන උරස් කුහරයට ඉහලින් ඇති අංග සඳහා චිකිත්සාව,
- [ ] කාය චිකිත්සාව හෙවත් වාත රෝග ඇතුලු සර්වාංග රෝග චිකිත්සාව,
- [ ] කෞමාර භෘත්‍යය හෙවත් ළඳරු රෝග චිකිත්සාව,
- [ ] රසායන චිකිත්සාව හෙවත් වයස්‍ථාපන චිකිත්සාව,
- [ ] වාජීකරන චිකිත්සාව හෙවත් ධාතු ප්‍රසාධන හා පරිණතිය පිළිබද චිකිත්සාව,
- [ ] අගධ තන්ත්‍රය හෙවත් විශ චිකිත්සාව,
- [ ] භූත තන්ත්‍රය හෙවත් පාර භෞතික හා පාර මානසික චිකිත්සාව.

මීට අමතරව දේශීය වෙදකමට සම්බන්ධ නිල වෙදකම, දැවුම් පිලිස්සුම් වෙදකම, ගෙඩි වන පිලිකා වෙදකම, කැඩුම් බිඳුම් චිකිත්සාව, චර්ම රෝග චිකිත්සාව, මානසික රෝග චිකිත්සාව ආදී වශයෙන් විශේෂිත චිකිත්සා පද්ධති ගනනාවක් පවතී. ඉන් නිල වෙදකම හෙවත් මර්ම චිකිත්සාව ආයුර්වේදය ලංකාවට විකාශනය වීමට ප්‍රථමයෙන් පවා පැවති අතිශය දරුණු සහ සුව කිරීමට අපහසු රෝග සුවකිරීමෙහිලා සමත්කම් පෑ චිකිත්සා ක්‍රම වේදයකි. ඇතැම් හදිසි රෝග අවස්ථාවන්හී පවා එක් නිල තෙරපුමකින් ජීවිත හානිය පවා වලක්වා ගත හැකි ප්‍රතිකාර ක්‍රමයක් ලෙසද සියළු සර්වාංග රෝගයන් පාලනය පිනිස පහසුවෙන් යොදාගත හැකි ප්‍රතිකාර ක්‍රමයක් ලෙසද නිල චිකිත්සාව අතිශය වැදගත් ස්ථානයක් හිමි කර ගනී.
දේශීය වෙදකම තරම්ම හෝ ඊටත් ඉපැරණි මෙම නිල වෙදකම ලංකාවේ පැවති බවට ඓතිහාසික සාක්ශි පාහියන් නම් චීන ජාතික බෞද්ධ භික්ෂුව ඇසුරින් හමුවේ. හෙතෙම කල ලංකා සංචාරයේදී අත්දුටු අති දක්ෂ නිල වෙදකම පිළිබඳව රූපසටහන් සහිතව ලියන ලද සටහන් චීනයට ගෙන ගොස් ඇත. කාලයත් සමග තවත් වැඩිදියුණු චිකිත්සා පද්ධතියක් ලෙස සකස් වූ ලාංකීය නිල වෙදකම පසුව ජපානය, කොරියාව වැනි රටවල ව්‍යාප්ත වූ ආකාරය පාහියන් භික්ෂුව සඳහන් කර ඇත. බැමිනිතියා සාගතය වැනි ස්වභාවික විපත් මෙන්ම නොයෙකුත් ආක්‍රමනයන්හීදී සිදු වූ විනාශයන් හේතුවෙන් ලංකාවෙන් නැසී ගිය නිල වෙදකම දකුණු ආසියාවෙහිම වෙනත් රාජ්‍යයන්හී ස්ථාපනය වී විකාශනය වී අද වන විට පවතින නිල විදුම් චිකිත්සාව දක්වා දියුණුවට පත්ව භාවිත වේ. ලාංකීය ඉපැරණි නිල වෙදකම තුල ප්‍රධාන වශයෙන් ඇඟිලි තුඩින් නිල තෙරපීම මගින් රෝග සුව කිරීම පැවතියද අවශ්‍ය අවස්ථවන්හී ලෝහ වලින් කරන ලද තියුණු උල් සහිත් උපකරණ භාවිත කර ඇති බවට සාක්ශි හමුව ඇත. කෙසේ වතුදු නිල හැදින්වීමට භාවිත කරනු ලබන නම් රටින් රටට, භාෂාවෙන් භාෂාවට වෙනස් වුවද එම නිල වල ප්‍රතිකාරමය අගය හෝ ස්වභාවය නොවෙනස්ව පවතින බව කිව යුතුය. වත්මනේ භාවිතා කෙරෙන කටු චිකිත්සාව හෙවත් නිල විදුම් චිකිත්සාවෙහි ඉතිහාසය සැකෙවින් එසේ වන අතර කෙසේ හෝ ලාංකීය නිල වෙදකම කොතැනක හෝ රැකී තිබී ලොවට දායාද වීම මානව වර්ගයාගේ භාග්‍යයකි.
නිල විදුම් චිකිත්සාව සර්වාංග රෝග නිවාරණයෙහි ලා බාහිර සහ අභ්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන ප්‍රතිකාරයකි. ශරීරය මතුපිට සමෙහි ඇති කරන ව්‍යධනයක් හෝ තෙරපුමක් ඔස්සේ ශරීර අභ්‍යන්තර පටක අවයව සහ පද්ධතීන් උත්තේජනය කොට ජීව ශක්තිය (vital energy) අවධි කර ජීව ශක්ති ප්‍රවාහය (vital force) කෙරෙහි පවතින අවහිරතා මග හැර එය ක්‍රමානුකූල කිරීම තුලින් ශරීරය තුල ජීව ශක්තිය සමතුලිත කිරීම මෙහිදී සිදු වේ. ( මෙම ජීව ශක්තිය ශරීරය පුරා ගලා යන ශක්ති ධාරා හෙවත් ශක්ති පථ යම් නිජ හෝ ආගන්තුජ වශයෙන් ඇති වන යම් අවහිරතාවන් හේතුවෙන් එම ගලා යන ජීව ශක්තිය නිදහස්ව ගලා යාමෙන් මිදී අවහිරව එක් රැස්ව පවතීද, එම ශක්ති ගලනය අවහිර වීමෙන් ශරීරයේ යම් පටක කොටසකට, අවයවයකට හෝ පද්ධතියකට අවශ්‍ය පරිදි ගලා නොපැමිණේද එය යම් රෝගයක හෝ රෝග ලක්ෂණයක මූලාරම්භය වේ) සංවිධිත නිල විදුම් චිකිත්සා පද්ධතියට අනුව ශරීරය තුල ජීව ශක්තිය සංසරණය කෙරෙන ශක්ති පථ දහ හතරක් පිළිබඳව සඳහන් වේ. ඒ එක් එක් ශක්ති පථයට අදාල ඉන් පෝෂනය වන සහ සෘජුවම සම්බන්ධ වන අවයව සහ පටක පවතී. (pertaining organs, tissues act..) තවද එම සම්බන්ධිත් අවයව හා යුගල වන අවයව හා පද්ධතීන් වේ. ( coupled organs and systems) යම් රෝගියෙකු පෙන්වන බාහිර රෝග ලක්ෂණ සහ අභ්‍යන්තර සෛල, පටක හා තරල පරික්ෂණයන්ගෙන් ලැබෙන ප්‍රතිඵල ඇසුරෙන් ලබා ගන්නා රෝග නිර්ණයන්ට අනුකූලව අවහිර වී ඇති ජීව ශක්ති පථ කවරේද, කිනම් නිල උද්දීපනය කිරීමෙන් එම අවහිරතා දුරු වී ශක්ති ධාරාව සමතුලිතව සංසරණය කල හැකිද යන්න තීරණය කිරීමෙන් පසුව මනාව ශාස්ත්‍රය ප්‍රගුණ කල නිල විදුම් චිකිත්සකයා හෝ වෛද්‍යවරයා විසින් අවශ්‍ය නිල උද්දීපනය සිදු කරනු ලබයි. මෙහිදී විනාඩි විසි පහේ සිට තිහ දක්වා කාලයක් සියම් ලෝහමය ඉදි කටු විශේෂයක් නිල සිදුරු කොට නිලස්ථානයෙහි රඳවා තැබීම සිදු කරයි. රෝගියා සයන ඉරියව්වෙන් හෝ හිඳ සිටින ඉරියව්වෙන් ශරීරය ලිහිල්ව තැබෙන සේ මෙම කාල පරාසය තුල තැබිය යුතු වන අතර රෝගියා පෙනෙන අවකාශයෙන් දුරට යාම චිකිත්සකයා විසින් සිදු නොකල යුතුය. පසුව ඉතා මෘදු ලෙස කපු පුළුන් රොදක් උපයෝගී කරගනිමින් චිකිත්සා කටු ශරීරයෙන් ගලවා ඉවත් කල යුතුය.

නිල විදුම් චිකිත්සාවේදී උපයෝගී වන නිලස්ථාන සංඛ්‍යාවෙන් 386කි. භාවිත වන මූල ධර්මයන් ලෙස "යින් යැන්ග්", "පංච භූත (අප්, තේජස්,වායු,පඨවි, ආකාශ)වාදය" (Five element theory) හා ත්‍රිදෝෂ ( වාත, පිත, සෙම)වාදය, පදනම් වේ. දෛහිකත්වයද, රෝගද, නිලස්ථාන, අවයව, පටක, පද්ධති යන මේ සියල්ලම මෙම මූලධර්මයනට අනුව වර්ග කොට නිල චිකිත්සාවේදී පැහැදිළි කරයි.

නිල විදුම් චිකිත්සාව පිලිබදව තව දුරටත් සාකච්ඡා කිරීම ඉදිරි ලිපි පෙලෙන් බලාපොරොත්තු වන්න.

Address

Katugahawatta Junction, Imaduwa Road
Ahangama
80300

Opening Hours

Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94773517536

Website

Alerts

Be the first to know and let us send you an email when Dinu Divi Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dinu Divi Medical Center:

Share

Category