
22/03/2023
❤️අක්කපාන. ❤️
අක්මාවේ එකතු වූ විශ කොටස් දිය කර හරින අක්කපාන කොළ පානය..
ඔන්න අක්කපාන සලාද කන්න අකමැති අයට අළුත් අදහසක්..
මේ මම අද උදේ බිව්ව තේ එක..
එක් අයෙකුට නටන උණු වතුරට අක්කපාන කොළයක් කඩා පොඩි කර දමා විනාඩි 2 ක් පමණ වසා තබා පෙරා බීමට ගන්න..
මේ තේ එකේ පාටෙ ලොකු වෙනසක් නැති වුුනත් රසය නම් ටිකක් ඇඹුල් ගතියෙන් යුක්තයි..
මෙමගින් ලැබෙන අනෙකුත් ප්‍රයෝජන..
* මුත්‍රාශයේ හා පිත්තාශය ආශ්‍රිතව හට ගන්නා ගල් දිය කර හරී,
* බඩ දැවිල්ල සහ අම්ලපිත්ත රෝගයට සහනය ගෙන දේ,
* බඩ පිපීම නැති කරයි,
* පිෂ්ඨය අඩංගු ආහාර වැඩිපුර ගැනීම නිසා ඇතිවන ආහාර ජීර්ණ පද්ධතියේ දෝෂ වලට ගුණ දේ,
* අර්ශස් රෝගයට ගුණ දේ.
කිසිදු රෝගයක් නැති ඔබ මෙය පාවිච්චි කළ යුත්තේ සතියකට දිනක් පමණයි,
රෝගී ඔබ වෛද්‍ය උපදෙස් මත නිතර පාවිච්චියට ගන්න..
ගැබිණි මව්වරුන් හා ආහාර ජීර්ණ පද්ධතියේ දෝෂ ඇති අය මෙය පාවිච්චියෙන් වලකින්න..
මම නම් ඉඳහිට මේ තේ එක බිව්වත් අක්කපාන සලාදය නම් මාසෙකට දින දෙකක් අනිවාර්යයෙන්ම ආහාරයට ගන්නවා..
නිවසේ ඉතා සුළු ඉඩක හෝ පෝච්චියක මෙවැනි වටිනාකම් රාශියක් ඇති ඔසු වර්ග වවාගෙන ප්‍රයෝජන ගනිමු..
ස්තූතියි..!