හෙළ අරණ - Hela Arana

හෙළ අරණ - Hela Arana ආතුර පරායනය සහ ස්වස්ථ පරායනය
(3)

ලංකාවේ ආයුර්වේද වෙදකම සදහා බොහෝ ජනි ජනයා යොමු වන්නෙ ඇතැම් ප්‍රතිකාර වලින් රෝගය සුවවිමේදි බොහෝ අතුරුආබාධ ඇතිවෙන නිසාත් එම...
10/01/2026

ලංකාවේ ආයුර්වේද වෙදකම සදහා බොහෝ ජනි ජනයා යොමු වන්නෙ ඇතැම් ප්‍රතිකාර වලින් රෝගය සුවවිමේදි බොහෝ අතුරුආබාධ ඇතිවෙන නිසාත් එම රෝගය සම්පුර්ණයෙන්ම සුවකර ගැනිමේ අපේක්ෂාවත් ඇතිවය.
මේ සදහා වෛද්‍යවරුන් තෝරා ගැනිමේදි ⁣සොයා බලන්නෙ බොහෝවිට ජනමාධ්‍ය හරහා ඇති දැනුවත් කිරිම් මගින්.
ඔබ එසේ මොන අයුරින් සොයාගත්තද එහි සත්‍ය අසත්‍ය සොයා බලන්න.
❄️ කෙනෙකු සුවවුවා යැයි වීඩියෝ කර දමන්නට කාටද බැරි..
❄️ නමුත් එහි සත්‍යතාව කොතරම්ද ඔබ දන්නවාද ?
❄️ රගපාන්න නම් නළු නිලියෝම අවැසි නොවේ..
❄️ඇතැමුන්ගෙ රැකියාවම එම හොරුන් ප්‍රසිද්ධ කර විඩියෝ හෝ දැන්වීම් පල කිරිමයි.
❄️ඔබ දැනටත් එසේ අසු වි රෝග උත්සන්න වි අවසානයට දෙවියන්ගෙ පිහිට පතාද භාරහාර වි තොවිල් ද නටා ඒත් රෝගය එසෙමද ?
⭐⭐ ලංකාවේ පාරම්පරිකව පැවත එන ප්‍රෞඩ ඉතිහාසයක් ඇති වෙද පරම්පරාවෙ පුරුක් ඔබ හොදින් හදුනනවා ඇති. සමහර විට ඒ අය රජයෙ ලියාපදිංචිය සදහා ඉල්ලා නැතුව ඇති.. ඒ හැර..
⭐⭐ ඔබේ ප්‍රදේශයේ කුමන නමකින්..ප්‍රතිකාර කලද..
ආයුර්වේද වෛද්‍ය සභාවෙ ලියාපදිංචි වෛද්‍යවරුන් හැර..
🦋හෙල වෙද සභාව
🦋ස්වදේශිය වෙද සභාව
🦋රාවනා වෛද සභාව
🦋සංරක්ෂණසභාව
සංරක්ෂණය කිරිමේ සභාව
🦋සිංහල වෙද සභාව..
මෙවැනි ප්‍රෝඩාකාරි ව්‍යාජ වෙද සභාවලින් එන ප්‍රමිතියක් නැති ව්‍යාජ වෙද්දු ලගට ගොස්..
රෝගය වැඩිවෙලා
අතපය සවි විම වැරදිලා
වෙනත් රෝග වැලදිලා
හොද නොවෙන්නෙ කොඩිවින නිසා, අපලනිසා , යක්ෂ පෙරෙත බැල්ම නිසා කියලා තොවිලුත් කරන්න වෙනවද..
🦋 එය තමයි ව්‍යාජත්වය
(අපේ වෙදකමට අනුව භුත විද්‍යාව එක කොටසක්.එහි ආරුඩ නෙවෙයි.යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර විද්‍යාවයි )
❄️ මෙය දකින ඔබ ආයුර්වේද වෛද්‍ය ක්ෂෙත්‍රයට පා තබන්න ඉන්න කෙනෙක් නම් ඉහත ව්‍යාජ වෛද්‍ය සභා වලට හසු නොවන්න.ඔවුන්ට අවශ්‍ය මුදල් ලබාගෙ හොරුන්⁣ බෝ කිරිම පමනයි.මෙවැනි ආයතන රජයෙ අනුමැතියක් නැ. ඔබ අමාරුවෙ වැටෙන්න ..
🔥ඔබේ කාලයද මුදලද විනාශ වේ..
🔥 නිවැරදි අධ්‍යාපන ආයතන නිවරදි පාරම්පරික වෙදවරු යටතෙ පුහුණු ව විෂය කරුණු රැස් කරගෙන විභාගවලට සුදානම් වෙන්න..
🔥🔥 ප්‍රතිකාර සොයන ඔබ..
නිවැරදි වෛද්‍ය වරයා සොයා ගන්න. අඩුම තරමේ රජයෙ සුදුසුකම් ලද වෛද්‍ය සහතිකය / අංකය පරික්ෂා කරන්න.
එයින් වෙදකමත් ඔබත් ආරක්ෂා වෙයි..

Copied

මට ඕක කියලා දුන්නෙ ගොඩාක් වයසක සීයා කෙනෙක්. මං ඔහුව පෞද්ගලිකව හඳුනන්නෙ නෑ. මගෙ පහල මායිමේ කොස්ගස් බර ගානක් තියනවා, ඒක දැ...
01/12/2025

මට ඕක කියලා දුන්නෙ ගොඩාක් වයසක සීයා කෙනෙක්. මං ඔහුව පෞද්ගලිකව හඳුනන්නෙ නෑ. මගෙ පහල මායිමේ කොස්ගස් බර ගානක් තියනවා, ඒක දැකලා එයා මට කියනවා මහත්තයො ඔය ගෙඩි පුරෝල තියෙන්නෙ මහා විනාසයක් ළඟ ළඟම එන්න කියල. එහෙම ගෙඩි පිරෙන්නෙ මහත්තයට මේ ගහ තියන ආදරේට බඩගින්නෙ නොතියන්නලු...

"දිට්වා" ස්වභාවික විපතක් පමණක් ද? "දිට්වා" සුළි කුණාටුව, මියගිය ජීවිත සහ ලංකාවේ ආපදා චක්‍රයේ විද්‍යාත්මක පසුබිම:========...
29/11/2025

"දිට්වා" ස්වභාවික විපතක් පමණක් ද?

"දිට්වා" සුළි කුණාටුව, මියගිය ජීවිත සහ ලංකාවේ ආපදා චක්‍රයේ විද්‍යාත්මක පසුබිම:
===================================

මේ මොහොතේ අපේ රට ඉතා ඛේදජනක තත්වයකට මුහුණ පා සිටිනවා. බෙංගාල බොක්කේ නිර්මාණය වූ අඩු පීඩන අවපාතය, "දිට්වා" සුළි කුණාටුව දක්වා වර්ධනය වීමත් සමඟ ඇද හැලෙන මහා වර්ෂාවෙන් ජීවිත 35 ක් පමණ අපට අහිමි වී තිබෙනවා. තවත් 15 දෙනෙක් පමණ අතුරුදහන්. මේ සංඛ්‍යා ලේඛන හුදු ඉලක්කම් නොව, අපේම සහෝදර ජනතාවගේ ජීවිතයි.
නමුත් කාලගුණය සහ පරිසර විද්‍යාව පිළිබඳ දත්ත විශ්ලේෂණය කරන විට පෙනී යන්නේ, මෙය හුදෙක් "ස්වභාවික විපතක්" (Natural Disaster) පමණක් නොවන බවයි. මෙය දශක ගණනාවක් තිස්සේ, පියවරෙන් පියවර නිර්මාණය වූ "මානව ක්‍රියාකාරකම් නිසා තීව්‍ර වූ ආපදාවක්" (Human-induced Disaster Amplification) ලෙස හැඳින්වීම වඩා නිවැරදියි.
ඇයි අපට මෙහෙම වුනේ? අපි විද්‍යාත්මකව සහ ඓතිහාසිකව මේ දෙස බලමු.

1. යටත් විජිත උරුමය සහ පාංශු අස්ථාවරත්වය (Colonial Legacy & Soil Instability)
වර්තමාන නායයාම් වල මූලාරම්භය සියවස් ගණනක් ඈතට දිව යන්නක්. යටත් විජිත සමයේ ඉංග්‍රීසින් මධ්‍යම කඳුකරයේ තිබූ ජල පෝෂක වනාන්තර (Cloud Forests) එළිපෙහෙළි කර කෝපි, තේ සහ රබර් වගාව ආරම්භ කළා. මෙම ස්වභාවික වනාන්තරවල මූල පද්ධතිය මගින් පස බැඳ තබා ගැනීම (Soil Cohesion) සහ ජලය භූගතව රඳවා ගැනීම සිදු කළා. එදා සිදු වූ දැවැන්ත වන විනාශය නිසා කඳුකරයේ පසෙහි ස්වභාවික ශක්තිය නැති වී ගියා. අද අධික වර්ෂාවකදී කඳු කඩා වැටෙන්නේ එදා දුර්වල වූ පස් ස්ථරයන්ට වර්තමාන ජල බර දරාගත නොහැකි නිසයි.

2. අවිධිමත් සංවර්ධනය සහ "Impervious Surfaces" (ජලය උරා නොගන්නා මතුපිට)
නිදහසින් පසු බලයට පැමිණි සෑම රජයක්ම අනුගමනය කළේ අන්තනෝමතික සංවර්ධන පිළිවෙතක්. නාගරීකරණයත් සමඟ පොළොවට ජලය උරා ගන්නා මතුපිට ප්‍රමාණය අඩු වී, කොන්ක්‍රීට් සහ තාර දැමූ බිම් (Impervious Surfaces) වැඩි වුනා.

ප්‍රතිඵලය: වර්ෂා ජලය පසට උරා ගැනීමට නොහැකිව, ඉතා වේගයෙන් මතුපිටින් ගලා ගොස් (Surface Runoff) පහත් බිම් යට කර දමනවා. අපේ කාණු පද්ධති නිර්මාණය කර ඇත්තේ දශක ගණනකට පෙර තිබූ අඩු වර්ෂාපතන දත්තවලට අනුවයි. ඒවාට වර්තමාන ජල ධාරිතාව දරාගත නොහැක.

3. ගංගා ද්‍රෝණි විනාශය සහ වැලි මාෆියාව
ගංගා ආශ්‍රිතව සිදුවන නීතිවිරෝධී වැලි ගොඩදැමීම නිසා ගංගා පතුල අනවශ්‍ය ලෙස ගැඹුරු වී ඉවුරු අස්ථාවර වී තිබෙනවා. මෙයින් ගංගාවේ ස්වභාවික ගලා යාමේ වේගය සහ රටාව (Hydrological Pattern) වෙනස් වී ඇති අතර, අධික වැස්සකදී ජලය පිටාර ගැලීම පාලනයකින් තොරව සිදු වෙනවා.

4. තෙත්බිම් විනාශය (Loss of Wetlands)
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ගංවතුරට ප්‍රධානම හේතුවක් වන්නේ මුතුරාජවෙල ඇතුළු තෙත්බිම් ගොඩකිරීමයි. තෙත්බිම් යනු ස්වභාවික "ස්පොන්ජ්" (Sponges) වර්ගයක්. අතිරික්ත ජලය රඳවා ගැනීමට තිබූ එම පරිසර පද්ධති විනාශ කිරීමේ වන්දිය අපි අද ගෙවමින් සිටිනවා.

5. දේශගුණික විපර්යාස (Climate Change) සහ සාගර උෂ්ණත්වය
සුළි කුණාටු ලංකාවට අලුත් දෙයක් නොවුනත්, ඒවායේ තීව්‍රතාවය වැඩි වීමට හේතුව දේශගුණික විපර්යාසයි.
ඉන්දියන් සාගරයේ උෂ්ණත්වය ඉහළ යාම නිසා වායුගෝලයට එකතු වන ජල වාෂ්ප ප්‍රමාණය අධිකයි.
මේ නිසා "කෙටි කාලයක් තුළ අධික වර්ෂාපතනයක්" (High Intensity Rainfall) ලැබීමේ ප්‍රවණතාව වැඩි වී තිබෙනවා. (උදා: පැයක් තුළ මි.මී. 100 ඉක්මවූ වර්ෂා). අපේ යටිතල පහසුකම් මේ හදිසි ජල ප්‍රහාරයට ඔරොත්තු දෙන්නේ නැහැ.

අනාගතය වෙනුවෙන් අප කළ යුත්තේ කුමක්ද?
මේ විනාශයෙන් ගැලවීමට නම් අප සම්ප්‍රදායික රාමුවෙන් මිදී විද්‍යාත්මක විසඳුම් වලට යා යුතුයි:

විද්‍යාත්මක ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය (Scientific Land Use Policy): කඳුකරයේ අංශක 60ට වඩා වැඩි බෑවුම් සහිත ප්‍රදේශවල ඉදිකිරීම් සහ වගා කිරීම් වහාම නතර කර, පාංශු සංරක්ෂණය සඳහා නැවත වන වගාව (Reforestation) ආරම්භ කිරීම.

සොබාදහම පදනම් කරගත් විසඳුම් (Nature-based Solutions): ගංගා ඉවුරු ආරක්ෂා කිරීමට කොන්ක්‍රීට් බැමි වෙනුවට උණ බම්බු, කුඹුක් වැනි ශාක වැවීම සහ කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කිරීම.

තෙත්බිම් නීතිය දැඩි කිරීම: ඉතිරි වී ඇති තෙත්බිම් සියල්ල රක්ෂිත ලෙස නම් කර ආරක්ෂා කිරීම.

Resilient City Planning (ආපදා ඔරොත්තු දෙන නගර සැලසුම්): දේශගුණික විපර්යාස දත්ත පදනම් කරගෙන අපගේ ජලාපවහන පද්ධති සහ නගර සැලසුම් නැවත සකස් කිරීම.
අප මේ මොහොතේ ආපදාවට පත් වූවන්ට සහන සලසන අතරම, මේ යථාර්ථය තේරුම් නොගතහොත්, සෑම වසරකම අපට සිදු වන්නේ මළ සිරුරු ගණන් කිරීමට පමණි.

අවධානය සඳහා -
ඉතිහාසය තුළ පාලකයන් දිගින් දිගටම සිදුකළ අන්තනෝමතික අවිදිමත් සංවර්ධන ක්‍රියාවලි නිසා අද රටක් ලෙස අපි සියලු දෙනාම වින්දිතයන් බවට පත්වී තිබේ. දැන්වත් රජයේ පාලකයන් සහ පරිසර වේදීන් ඇතුලු සත්‍යය තේරුම් ගත හැකි ජනතාවගේ ඇස් ඇර බැලිය යුතු කාලය එළඹ තිබෙන බව මේ ලිපිය තුලින් දන්වමි.

මියගිය සහ විපතට පත් සියලු ශ්‍රී ලාංකිකයින්ට මාගේ බලවත් ශෝකය!

මූලාශ්‍ර සහ දත්ත:
Department of Meteorology Sri Lanka - Weather Reports & Cyclone Tracking (2024/2025).
National Building Research Organisation (NBRO) - Landslide Risk Assessment Guidelines.
IPCC Sixth Assessment Report (Climate Change 2021: The Physical Science Basis) - South Asia Projections.
"Land Use Changes in the Central Highlands of Sri Lanka" - Research on Colonial Impact.
Disaster Management Center (DMC) Situation Reports - November 2025.

උපුටා ගැනීමකි...

28/11/2025

මගේ රටට සියලු රැකවරණ වේවා! 🙏🙏

වසර 125 ක් පැරණි බෙන්තර පාලම ,දකුණු රටේ ඓතිහාසික ගේට්ටුව මහ වැසි හමුවේ අවසන් ගමන් යයි......😢
27/11/2025

වසර 125 ක් පැරණි බෙන්තර පාලම ,දකුණු රටේ ඓතිහාසික ගේට්ටුව මහ වැසි හමුවේ අවසන් ගමන් යයි......😢

16/11/2025

සෙම් රෝග නසන දිව්‍යමය පානය... 😍

15/11/2025

බිත්තර කන්න කලින් මේ කතාව අනිවාර්යයෙන්ම අහන්න..

14/11/2025

"පුස් වැලක් හැදෙනකොට අවට ගස් 10ක් බයවෙනවා" කියන කතාවෙ ඇත්තම තේරුම...

29/10/2025

තැලෙන තරමට රස ගුණ දෙන උගුරැස්ස ගැන ඔබ මෙතෙක් නෑසු ඔසු ගුණය... 😍

16/10/2025

පොකුරු වද මලෙන් කැස්සයි සෙමයි දින 03න් සුවකරන හැටි...

24/09/2025

මෙහෙම ඉව්වොත් හාල් වල වස විස 90%ක් ම ඉවත්කරගන්න පුළුවන්.

Address

Aluthgama
12080

Alerts

Be the first to know and let us send you an email when හෙළ අරණ - Hela Arana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to හෙළ අරණ - Hela Arana:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

අපගේ අරමුණ

අපටම ආවේණික වූ, අප සතු වූ අපේ ජීවන සංස්කෘතිය, ආහාර සංස්කෘතිය, හෙළ සිරිත් විරිත්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, කෙම් ක්‍රම, සටන් ක්‍රම, හෙළ තාක්ෂණය, හෙළ වෙදකම, ආදී අපේ හෙළ විද්‍යාවන්ගේ ද, ආයුර්වේද වෙදකම, ජ්‍යෝතිෂ්‍යය, නක්ෂත්‍රය, යෝග දර්ශණය ආදී වූ පෙරදිග විද්‍යාවන්ගේ ද පහස ඔබට ලබාදෙමින් ඔබව සුවපත් කර මතු පරපුර උදෙසා සයිබර් අවකාශය තුළ එම සියලුම දැනුම සංරක්ෂණය කිරීම අපගේ අරමුණයි.