හෙළ අරණ - Hela Arana

හෙළ අරණ - Hela Arana ආතුර පරායනය සහ ස්වස්ථ පරායනය
(2)

16/10/2025

පොකුරු වද මලෙන් කැස්සයි සෙමයි දින 03න් සුවකරන හැටි...

24/09/2025

මෙහෙම ඉව්වොත් හාල් වල වස විස 90%ක් ම ඉවත්කරගන්න පුළුවන්.

16/09/2025

කුඹුක් පොතු තම්බපු වතුර බීවොත් හදවත් රෝග මගහැර ගන්න පුළුවන්....

13/09/2025

ගල් තැලුමට නොවරදින අත් බෙහෙතක්... 🌿

ඉසිවර වෛද්‍යවරු.... 🙏🌿🌱මේ ඉන්නේ අපරැක්ක රජයේ ආයුර්වේද රෝහලේ අක්ෂි රෝග වෛද්‍යවරුන්  දෙපල. මම මේ ලිපිය ලියන්න හිතුවේ වෛද්‍...
12/09/2025

ඉසිවර වෛද්‍යවරු.... 🙏🌿🌱

මේ ඉන්නේ අපරැක්ක රජයේ
ආයුර්වේද රෝහලේ අක්ෂි රෝග වෛද්‍යවරුන් දෙපල.

මම මේ ලිපිය ලියන්න හිතුවේ වෛද්‍යවරුන්ට ස්තූතිය පුදකරන්න සහ ලංකාවේ ඉන්න ඇස් රෝග වලින් පෙලෙන රෝගීන් වෙනුවෙන්,
මගේ අම්මගේ ඇස් වල ස්නායු සවුත්තුවෙලා කියල බටහිර වෛද්‍යවරුන් 3න් දෙනෙක්ට පෙන්නුව අවු 3ක් විතර ඉංග්‍රීසි බෙහෙත් කරා, ඉන්ජෙක්ෂන් ගැහුවා, ඒත් අම්මට පෙනීම ආවේ නෑ. 2025 ජනවාරි මාසේ මම අම්මව අපරැක්ක ආයුර්වේද රෝහලට එක්කගෙන ගියා, මේ වෛද්‍යවරුන් දෙන්න යටතේ මාස 2ක්, 3ක් ප්‍රතිකාර කරනකොට අම්මට ටිකෙන් ටික පෙනීම ආවා, දැනට මස 8ක් ප්‍රතිකාර කලා දැන් අම්මට හොඳටම හොදයි, අපිට මාරම සතුටුයි doctor මගේ අම්මට දැන් පේනවා මට තේරෙන්නේ නෑ doctors ලා දෙන්නට කොහොම ස්තූති කරන්නද කියල ගොඩක්ම පිං.

අන්තිමට මට කියන්න තියෙන්නේ ඒ තරුණ Doctors ලා දෙන්නෙක් කරන සේවය. අපි යන්නේ උදේ 3.30 ට Numbers ගන්න මොකද එක දවසකට රෝගීන් 150ක් විතර ඉන්නවා, වෛද්‍යවරුන් විසින්මයි බෙහෙත් හදාගෙන ඇවිත් ඒ ප්‍රතිකාර ටික කරන්නේ, ඒ Doctorsලා දෙන්නට අපගේ ගෞරවය ❤️❤

( ඡායාරූපය ගත්තේ වෛද්‍යවරුන්ගේ අවසරය මත)
වෛද්‍ය චින්තක දේශප්‍රිය හා වෛද්‍ය නිරෝෂන් ලියනාරච්චි

Distric Ayurveda Hospital - Aparekka
📞 0412 264 583

එම නේත්‍රාලෝක අක්ෂි රෝග සායනයේ දුරකථන අංකය 👇
📞 0770476254

එම අක්ෂි රෝග සායනයේ තොරතුරු පලකරන page එක 👇
Nethraloka - ආයුර්වේද අක්ෂි රෝග සායනය

(Copied)

ආයුර්වේද වෛද්‍යවරියක් ලෙස ජ්‍යෝතිශය සහ හස්ත රේඛා ශාස්ත්‍ර මැනවින් ප්‍රගුණ කර මා ලබාගත් හසල දැනුමින් දහස් ගණනකගේ ජීවිතය ක...
04/09/2025

ආයුර්වේද වෛද්‍යවරියක් ලෙස ජ්‍යෝතිශය සහ හස්ත රේඛා ශාස්ත්‍ර මැනවින් ප්‍රගුණ කර මා ලබාගත් හසල දැනුමින් දහස් ගණනකගේ ජීවිතය කියවා ඔවුනට අවශ්‍ය නිවැරදි මාවත පෙන්වීමට හැකිවීම ගැන මා නිහතමානීව ආඩම්බර වෙනවා.

ජීවිතයේ ගලාගෙන යන රටාවක් තුළ ඔබ හරි පාර දන්නවනම්, ඔබට ඔබේ ගමනාන්තය ගැන ඉඟියක් හෝ තිබෙනවා නම් ඔබට ඒ ගමනේ සුව පහසුව වඩා හොදින් දැනෙන්න ගන්නවා.

කිසි විටෙක ජ්‍යෝතිශය ශාස්ත්‍රය ලෝක ධර්මතා ඉක්මවා යන්නෙ නෑ. බෞද්ධ දර්ශනයට කිසිම පටහැනි බවක් නෑ. ලෞකික ජීවිතයක් ගත කරන අයට මෙන්ම ආධ්‍යාත්මය සොයා යන අයට තමා කවුද? තම දක්ෂතා මොනවාද? අනාගතයේ කුමන අභියෝගයන් වලට තමාට මුහුණ දීමට සිදුවේද යන්න දැන ගැනීමට මෙම විෂය මනා පිටුවහලක් වෙනවා.

ජෝතිෂ්‍ය යනු ජිවිතයට මඟ පෙන්වන ආලෝකයක්.

එහි ගැඹුරු බව සොබාදහමේ නීතියට අනුව පෙන්වා දෙන්න මා නිතරම සූදානම්..😊

කේන්දරය අතට ගන්න ඕනෙ මඟුල්තුලා වලට විතරක් නෙවෙයි. ඒක ඊට එහා ගිය පෘතුල ශාස්ත්‍රයක්.. හෙට වහිනවා කියලා තාක්ෂණයෙන් අද කියන්න පුළුවන් වගේ, ඉදිරි කාලයේ ජීවිතය තුළ වෙන්නෙ මොනවද කියලා කලින්ම පෙන්වන තුන්වෙනි ඇසින් ලොවට බිහි වූ අසමසම තාක්ෂණයක්. ඉතින් වැස්සට තෙමෙන්න කලින් කුඩය ගන්න එක ඔබේ බුද්ධිමත්කම, තථාගත දහම තුළින් කිසිම වැස්සකට නොතෙමෙන විදිහට ජීවිත කුටිය සෙවිලි කරගන්න එක ඔබේ ප්‍රඥාවන්තකම... 🙏

මනෝවිද්‍යා උපදේශක හා මනෝචිකිත්සක උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය දිනුෂි හංසනී ධර්මසූරිය (BAMS - University of Colombo)

Join 👇
Hela Arana - Astro Counseling Service

📞 0721640437

02/09/2025

මුහුණට වගේම මුළු සිරුරටම කළ හැකි ඖෂධීය සත්කාරයක්....🌿🌱

- කුළු හරකුන් දමනය කල වරකඹය (වරමද්ද) -අතීතයේ අපේ ගොවි ගෙදරක අනිවාර්යෙන්ම තිබුණු උපකරණයක්.අතීතයේ මිනිසුන් කුළු හරකුන් ඇල්...
30/08/2025

- කුළු හරකුන් දමනය කල වරකඹය (වරමද්ද) -

අතීතයේ අපේ ගොවි ගෙදරක අනිවාර්යෙන්ම තිබුණු උපකරණයක්.අතීතයේ මිනිසුන් කුළු හරකුන් ඇල්ලීම සඳහා මෙන්න මේ #වරකඹය නොහොත් #වරමද්ද භාවිතා කළා. ගමේ ගෙදර හරක් පට්ටියේ ඉඳලා,හිමිකරුට සොයාගත නොහැකිව කැලෑවෙ අතරමං වූ,වසර ගණනාවක් මිනිසුන්ගේ ග්‍රහණයෙන් මිදී,ආහාර වලින් ඉතා පුෂ්ටිමත් ව හැදුනු ශරීරයකින් යුත් ඉතා ශක්තිමත් එමෙන්ම මිනිසුන්ට ඉතා කුළු ගවයින් ,කුළු හරකුන් යැයි කියනවා.

මෙන්න මේ වගේ කුළු හරකුන් අතීතයේ කැලෑවල,ඉතා විශාල රංචු වශයෙන් සිටි බව කියවෙනවා.ඉතින් මේ විශාල ශක්තියකින් යුත් හරකුන්,අල්ලා ගැනීමට අල්ලාගෙන මිනිසුන්ට හීලෑ කර ගැනීමට මෙන්න මේ වර කඹය උදව් වෙනවා.බැලූ බැල්මට කඹයක් යයි පෙනෙන මේ වර කඹය, ගෝනුන් තිහකගේ සහ මීමින්නන් සියයකගේ හම යොදාගෙන තමයි වියලා තියෙන්නේ.කුළු හරකෙකු මෙල්ල කිරීමට මෙච්චර ශක්තියක් අවශ්‍ය කුමටදැයි දැන් ඔබට වැටහෙනවා ඇති.

මෙම වර කඹයේ එක් කෙරවලක දෙබලක් ආකාරයෙන් ඇති ගෝන අඟක් සහ,අනෙක් කෙළවරේ මන්ඳක් සහිත වෙනවා.ගමේ ගෙදර හරක් පට්ටියේ සිටින,මිනිසුන්ට ඉතා හීලෑ ගව ළඳක් තමයි මේ සඳහා යොදා ගන්නේ.කුළු හරකුන් ඉන්නා ඉසව්වට මෙම හීලෑ මීදෙන සමග, වර කඹයත් රැගෙන මිනිසුන් යනවා.තනිවුනු කුළු හරකෙක් ඉන්නා ඉසව්වට මෙම එළදෙන රැගෙන යාම මෙම එළදෙනගේ භාරකරුගේ දක්ෂතාවය මත තීරණය වෙනවා.

නාඹර වයසේ මීදෙනක් එනවිට කුළු හරකා කිසිම ලෙසකින් කුලප්පු වන්නේ නැහැ.එළදෙනට මුවාවී වර කඹයත් රැගෙන යන මිනිසා හීලෑ එලදෙන සමඟ මුවාවී කුළු හරකාට ඉතා සමීපයටම මේ මීදෙන මෙහෙයවනවා.කුළු හරකාට ඉතා සමීප වූ පසු මිනිසා වරකඹයේ ඇති මද්ද කුළු හරකාගේ කකුලට ඉතා පරිස්සමෙන් දමා හිර කරනු ලබනවා(මෙම හිර කිරීමේදී මන්තරයක් සමග හිර කරන බව පැරැන්නන්ගේ මතයක් සහ පැරැන්නන්ගේ කතාවක් තිබෙනවා)කකුලට මන්ද හිර වූ ගමන් කුළු හරකා ඉතා කලබල වී ඉතා වේගයෙන් දුවන්නට පටන් ගන්නවා.

මිනිසා විසින් තමාගේ දෑතේ තිබු වර කඹය මුදාහරිනු ලබනවා.කැලෑවේ බොහෝදුර කකුලට හිර වූ මද්දත් සමග පිටුපසින් ඇදෙන දෙබලක් වැනි ගෝන අගත් සමග කුළු හරකා දිව යනවා.කුඩා ගසේ සිට විශාල ගස දක්වා තමා පිටුපසින් ඇදෙන මෙම ගෝන අග පොඩි පොඩි ගස් උදුරාගෙන කුළු හරකාගේ ශක්තිය හීනවී යන තුරු ඇදී යනවා.කකුලට හිර වූ මන්දද එන්න එන්නම හිරවෙනවා.පිටුපසින් ඇදෙන දෙබල කුළු හරකාගේ ශක්තිය හීන වූ පසු කොහේ හෝ ගසක පැටලී කුළු හරකා මෙල්ල වෙනවා.හීලෑ මීදෙනත් සමග කුළු හරකාගේ මාර්ගය පිටුපස, ඇදුනු ගෝන අගේ උදව්වෙන් මිනිසා විසින් සොයා ගන්නවා.

සමහර විට මෙයට දින දෙකක වගේ කාලයක් ගත වනවා වන්නට පුළුවන. ඉතා දුබල වී සිටින කුළු හරකා හීලෑ මීදෙන ගේ කරේ බැද මිනිසා විසින් තමාගේ ගැමි ගෙදරට අරගෙන එනවා. ඔන්න ඔය දේ තමයි මෙන්න මේ වරකඹයෙන් සිදුවන්නේ...මෙයටම *පය මන්ද* කියා ද කියනවා... වචන වල වැරදි තියෙන්න පුළුවන් එසේ වීනම් සමාවෙන්න .. මෙයින් දෙයක් ඉගෙන ගත්තා නම් එය මට සතුටක්🙏🙏මේ මගේම නිවසේ මගේ පියා විසින් ඉතා පරිස්සමෙන් සංරක්ෂණය කරන ලද වරකඹයයි...

(කතෘ නොදනි)

17/08/2025

සතියට දවස් දෙක තුනක් කෑවොත් අර්ශස්, මලබද්ධය සදහටම නැති කරගන්න පුළුවන්...

14/08/2025

හිස්හොරි වදෙන් ඔබව සදහටම මුදවන සරල ආයුර්වේදීය සත්කාරයක්....🌺🌿☘️

01/08/2025

කාලයේ වැලි තලාවට යටවුන අපේ විශ්මිත හෙළ වෙද රහස්....🌿

වෛද්‍යවරයා සම්බන්ධ කරගැනීම සඳහා 👇

අක්ෂි හා සර්වාංග රෝග පාරම්පරික වෛද්‍ය
මාරප්පුලිගේ රංජිත් සමරසේකර වෙද මහතා
(මාතර අංගම්පොර වෙද මහතා)

📞 071 - 5672655

29/05/2025

දියවැඩියාව තියෙන අය "කුරක්කන්" කෑවට කමක් නැත්ද?

Address

Aluthgama
12080

Alerts

Be the first to know and let us send you an email when හෙළ අරණ - Hela Arana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to හෙළ අරණ - Hela Arana:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

අපගේ අරමුණ

අපටම ආවේණික වූ, අප සතු වූ අපේ ජීවන සංස්කෘතිය, ආහාර සංස්කෘතිය, හෙළ සිරිත් විරිත්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, කෙම් ක්‍රම, සටන් ක්‍රම, හෙළ තාක්ෂණය, හෙළ වෙදකම, ආදී අපේ හෙළ විද්‍යාවන්ගේ ද, ආයුර්වේද වෙදකම, ජ්‍යෝතිෂ්‍යය, නක්ෂත්‍රය, යෝග දර්ශණය ආදී වූ පෙරදිග විද්‍යාවන්ගේ ද පහස ඔබට ලබාදෙමින් ඔබව සුවපත් කර මතු පරපුර උදෙසා සයිබර් අවකාශය තුළ එම සියලුම දැනුම සංරක්ෂණය කිරීම අපගේ අරමුණයි.