Kau’s Diary

Kau’s Diary Nurse by Heart�| Lawyer by Brain� A Daily Blend of Health | Law | Lifestyle & Fun

Lokey❤️
17/04/2026

Lokey❤️

සුභ මාර්තු මාසයක් වේවා!නව මාසයක්, නව ආරම්භයක්.මේ මාසය සතුට, සාර්ථකත්වය සහ ආශීර්වාද වලින් පිරී ඉතිරේවා !!ශක්තිය, ධෛර්යය ස...
01/03/2026

සුභ මාර්තු මාසයක් වේවා!
නව මාසයක්,
නව ආරම්භයක්.
මේ මාසය සතුට, සාර්ථකත්වය සහ ආශීර්වාද වලින් පිරී ඉතිරේවා !!
ශක්තිය, ධෛර්යය සහ සාර්ථකත්වය සැමවිටම අප සමඟ වේවා!!

✍ Kau's Diary

කිරියෙන් පැණියෙන් ඉතිරෙන , සියලු බලාපොරොත්තු ඉටු වන සුභම සුභ නව වසරක් වේවා !!
01/01/2026

කිරියෙන් පැණියෙන් ඉතිරෙන , සියලු බලාපොරොත්තු ඉටු වන සුභම සුභ නව වසරක් වේවා !!


ඉතින් ලස්සන ලමයෝ, අද 2025 වසරේ අන්තිම දවස. මතකයන් ගොඩක් අපේ ජීවිතයට එකතු වූ වසරක්. ගොඩක් ආදරණීය චරිත ජීවිතයට මුණ ගැසුනු ...
31/12/2025

ඉතින් ලස්සන ලමයෝ,
අද 2025 වසරේ අන්තිම දවස. මතකයන් ගොඩක් අපේ ජීවිතයට එකතු වූ වසරක්. ගොඩක් ආදරණීය චරිත ජීවිතයට මුණ ගැසුනු වගේම, සමහර දෙනා අපෙන් ඈත් වුනු වසරක්. අපේ ජීවිත වලට යාලුකම් , ආදරය බලෙන් ලබා ගන්න බෑ. රංඩු කරලා ලබා ගන්න හදන දේවල් තාවකාලිකයි. හමුවීම මගහැරීම වෙන්නෙත් අපේම හොදට.

ඉතින්, 2025 අවසානයේදි ඉතුරු වු ලස්සන මතකයන්, ආදරනීය හදවත් වලට ස්තුති කරන්න.

අමිහිරි අත්දැකීම් වලින් ජීවිතයට යමක් එකතු කර ගන්න.
ජීවිතයේ අලුත් ඉලක්ක හදා ගන්න. ඉලක්කයට වැඩ කරන්න උනන්දු වෙන්න. කාල රාමුවක් හදා ගෙන එකට වැඩ කරන්න.

මේ විශ්වය අපිට ලබා දෙන හැම දෙයටම ස්තුති කරන්න.
2026 අවුරුද්දට vision board එකක් හදා ගන්න. 2026 අරමුණු, ඉලක්ක ඒකට ඇතුලත් කරන්න.

2026 කියන්නේ ඔයාගේ ජීවිතයේ හීන හැබැ වෙන අවුරුද්ද.🌸
වැරදි අඩුපාඩු හදාගෙන අලුත් විදියට ඉලක්ක වලට වැඩ කරමු. මේ ජීවිතයේ අපිට කරන්න බැරි දෙයක් නෑ. අපි උත්සහ කරන්න උනන්දු නොවෙන එකයි ගැටලුව. මොන දෙයක්වත් කියන තරම් අමාරු නෑ ලමයෝ.

ඉතින්, අලුත් අරමුණු , අලුත් බලාපොරොත්තු එක්කම 2026 නව වසර ඔයාගේ ජීවිතේ හොදම අවුරුද්ද වේවී ❤️!!
✍ Kau's Diary

‼️මී උණ මාරාන්තිකයිමේ විශාල ආපදාවෙන්  පීඩා විදි ඔබ වෙනුවෙන් ලංකාවාසී හැම දෙනාම එකා මෙන් කැප වෙලා වැඩ කරන්වා. රාජ්‍ය පෞද්...
03/12/2025

‼️මී උණ මාරාන්තිකයි
මේ විශාල ආපදාවෙන් පීඩා විදි ඔබ වෙනුවෙන් ලංකාවාසී හැම දෙනාම එකා මෙන් කැප වෙලා වැඩ කරන්වා. රාජ්‍ය පෞද්ගලික සහන කණ්ඩායම්, උපකාර කරන්නන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. මේ වන විට ජල මට්ටම පහල ගියද අවදානම අඩු වෙලා නෑ. ඉතින්, මෙවැනි කාලයක මී උණ (Leptospirosis) රෝගය යලි හිස ඔස වන්න පටන් ගැනීමේ හැකියාවක් ඇත.
මෙම රෝගය වැලදුන සතුන්ගේ මුත්‍රා හරහා මිනිසුන්ට මෙය බෝවීම සිද්ධ වෙනවා. මේ කාලයේ, ගං වතුරෙන් පීඩා විදින අයද, සහන කණ්ඩායම් වල අයද, ගං වතුර නැරඹීමට යන අයද නැත්නම් උපකාර කල අයද මේ රෝගය වැලදීමේ අවදානමේ පසු වෙනවා. යම් විටක ඔබගේ පාද වල ඇති සියුම් සීරීමක හරහා මෙම රෝගය ඔබට වැලදිය හැක.

⭐️රෝග ලක්ශණ
තද උණ
තද හිසරදය
මස් පිඩු වේදනාව
ඔක්කාරය
ඇස් රතු වීම
අදික තෙහෙට්ටුව
ආරක්ෂාක පියවර
ආරක්ශක පාවහන් පලදින්න.
නිරාවරණය වූ සම සබන් යොදා සෝදන්න.
ගං වතුරට නිරාවරනය වීමෙන් වලකින්න. එසේ අවදානමට ලක් වුවහොත් ප්‍රතිජීවක ඖෂධ (Doxycycline 💊) ලගම ඇති MOH හෝ PHI මහත්මයා හරහා ලබා ගන්න.

ඒ වගේම ඉහත රෝග ලක්ෂණක් තිබේ නම් ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් ලබාගන්න. නිසි කලට ප්‍රතිකාර ලබා ගත නොගතහොත් හොත් ඔබගේ වකුගඩු, මොලය, අක්මාව හරහා පැතිර මාරාන්තික විය හැක.

මෙම අභියෝගාත්මක වේලාව තුළ අපි එකිනෙකා ආරක්ෂා කර ගෙන හැමෝටම උදව් කරමු.
✍ Kau's Diary

සීතල දෙසැම්බර්යවෙනදා වගේම වසරේ අවසාන මාසය උදා වෙලා. ඒත් වෙනදා නොතිබුනු අභියෝගාත්මක කාලයකට හැමෝම මුහුන දෙමින් ඉන්නේ.නැති ...
01/12/2025

සීතල දෙසැම්බර්ය
වෙනදා වගේම වසරේ අවසාන මාසය උදා වෙලා. ඒත් වෙනදා නොතිබුනු අභියෝගාත්මක කාලයකට හැමෝම මුහුන දෙමින් ඉන්නේ.නැති වූ දේ බොහොමයි. ඒත් අපේ ජනතාව වෙනුවෙන් අපි එක රැස් වෙනවා.
ඔබට ජීවීත කාලය පුරාම එක රැස් කල දේවල් ඊටත් වඩා හොදින් හදා ගන්නට ශක්තිය ලැබේවා 🙏🙏!!!
සුන්දර නත්තල සමගම අපි හැමෝටම අලුත් ජීවයක්, අලුත් බලාපොරොත්තු ලැබේවා🙏🙏 !!!
✍Kau's Diary



අපේ රටට බලපාපු ඉතාම දරුණු ආපදා සමයක් මේක.මේ අමාරු කාලයේ, අපි හැමෝම හැම දෙනාටම උදව් කර ගන්න ඕනි. ඉතින්, මේ කාලයේ ඔබට ඇතිව...
30/11/2025

අපේ රටට බලපාපු ඉතාම දරුණු ආපදා සමයක් මේක.මේ අමාරු කාලයේ, අපි හැමෝම හැම දෙනාටම උදව් කර ගන්න ඕනි.
ඉතින්, මේ කාලයේ ඔබට ඇතිවන ඕනම කායික, මානසික ගැටලුවට අපිට කතා කරන්න. මානසික සෞඛ්‍යය විද්‍යාතනයේ අපි ඔයාලා එක්ක ඉන්නවා. පැය 24 පුරාම අප එක්ක සම්බන්ධ වෙන්න පුලුවන්.
ඔයාලා කැමතිනම් ☎️ 1926 අංකය ඔස්සේ අපිට කතා කරන්න. එහෙම නැත්නම් 0755551926 ඔස්සේ SMS, whatsup කරන්න පුලුවන්.
හැමෝම පරිස්සමෙන් ඉන්න. මේ අමාරු කාලයේ ඉක්මනින්ම පහ වෙලා යාවි.
✍Kau's Diary


ඉතින් ලස්සන ළමයෝ,කොහොමද ඔයාලට? එක දිගට ඇද වැටෙන වැස්සත් එක්කම අද දවසේ වැඩ ටික ඉවර කරලා ගෙවල් වලට කඩි ගුලක් වගේ හැමෝම දුව...
26/11/2025

ඉතින් ලස්සන ළමයෝ,

කොහොමද ඔයාලට? එක දිගට ඇද වැටෙන වැස්සත් එක්කම අද දවසේ වැඩ ටික ඉවර කරලා ගෙවල් වලට කඩි ගුලක් වගේ හැමෝම දුවනවා. 🌧🌧
වැස්ස තවත් වැඩි කරන්න කලින් ගෙදරට යා ගන්නයි මේ හදන්නේ. ඉතින් අද වගේ සීතල දවසක උනුසුම් කෝපි කෝප්පයක් බොන්න අපි කොහොමත් කැමති. කෝපි වලට ගොඩක්ම ප්‍රිය නොකරන කෙනෙක් වුනත් සීතල වෙලාවට බොන්න කැමති.
කෝපි වල ඉතිහාසය දිහා බැලුවොත් මුල්ම කෝපි පැලය ඉතියෝපියාවෙන් තමයි හොයාගෙන තියෙන්නෙ. එය ඊලගට යුරෝපය හරහා ලෝකයටම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම ලංකාවට කෝපි හදුනවා දීල තියෙන්නේ 17 වෙනි

ශත වර්ශයේ. මේ වෙනකොට බොහෝ දෙනෙක් කැමති කෝපි රස ගැන්වුන් ආහාර වර්ගත් ගොඩක් තියෙන්වා.
ගතේ මහන්සි යන්නත් එක්ක්ම බොමුද උනුසුම් කෝපි කෝප්පයක් ☕?
සුභ රාත්‍රියක් හැමෝටම !

✍ Kau's Diary




Sweat November මේ අවුරුද්දෙත් සුන්දර නොවැම්බර් මාසය උදා වෙලා.  අදින් පටන් ගන්නා මේ මාසයේ ඔයාලගේ ජීවිතෙත් අලුත් කර ගන්න.ව...
01/11/2025

Sweat November
මේ අවුරුද්දෙත් සුන්දර නොවැම්බර් මාසය උදා වෙලා. අදින් පටන් ගන්නා මේ මාසයේ ඔයාලගේ ජීවිතෙත් අලුත් කර ගන්න.
වෙනස් දෙයක් ජීවිතේට එකතු කර ගන්න.
අවුරුද්ද පුරාම කරන්න හිත හිතා හිටපු දෙයක් මේ මාසේවත් පටන් ගන්න. මෙච්චර කල් වෙනස් කර ගන්න බැරි වුන නරක පුරැද්දක් අත් හරින්න. අලුත් හොද දෙයක් පුරුද්දක් එකතු කර ගන්න.
සමහර අයට අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න අඩිතාලම දාන්න පුලුවන්. විදේශ ගත වෙන්න උත්සහ කරන්න පුළුවන්. වෙනස් දෙයක් ඉගෙන ගන්න පුලුවන්. තමන්ගේ ජීවිතේ සාර්ථකත්වය උදෙසා මොනාහරි දෙයක් කරන්න පුළුවන්.සමහරවිට ඒක ඔයාගේ ජීවිතේ හැරවුම් ලක්ශයක් වේවි.
ඉතින් ලස්සන ලමයෝ, මේ නොවැම්බර් මාසය ඔයාලා හැමෝටම සුන්දර සතුටුදායක මතකයන් පිරුණු මාසයක් වේවා !!
✍️Kau's Diary


Address

Aluthgama

Website

Alerts

Be the first to know and let us send you an email when Kau’s Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share