04/07/2025
අපි හැමෝගෙම ඇඟේ ඉන්නවා නේද, අපි මොන දේ කරත් කටවහගෙන ඉන්න, පැමිණිලි නොකරන සේවකයෙක්... ඒ තමයි අපේ අක්මාව. ❤️
හැබැයි අපි දිගටම එයාට කරදර කළොත්? මත්පැන්, අනවශ්‍ය බෙහෙත්, වැරදි කෑම වගේ දේවල් වලින් දිගටම පහර දෙද්දී, එයාටත් තුවාල වෙනවා. අපේ හමේ තුවාලයක් සනීප වුණාම කැලලක් හිටිනවනේ. අන්න ඒ වගේ අක්මාවෙත් කැලැල් හිටිනවා.
මේ කැලැල් වැඩිවෙලා වැඩිවෙලා, අන්තිමට අක්මාව ගලක් වගේ තද වෙනවා. එයාට වැඩ කරගන්න බැරි වෙනවා. අන්න ඒ කතාවේ කණගාටුදායකම අවසානය තමයි "අක්මාවේ සිරෝසිස්" (Cirrhosis) කියන්නේ. මේක හරිම බරපතල තත්ත්වයක්. අපි අද ඒ ගැන හරියටම දැනගමු.
🤔 සිරෝසිස් කියන්නේ ඇත්තටම මොකක්ද?
කතාව මේකයි. අක්මාවේ හොඳ සෛල මැරිලා, ඒ වෙනුවට වැඩකට නැති කැලැල් පටක හැදෙන එකට තමයි සිරෝසිස් කියන්නේ. මේක තමයි අක්මාව ක්‍රමක්‍රමයෙන් අකර්මණ්‍ය වීමේ අන්තිම ස්ටෙප් එක.
මේකේ ස්ටේජ් දෙකක් තියෙනවා. මුල් කාලේදී, එයා කොහොමහරි මැනේජ් කරගෙන ඉන්නවා. අපිට ලොකුවට තේරෙන්නෙත් නෑ. ඒකට කියන්නේ 'Compensated' කියලා. ඒත් පස්සේ, එයාට තවත් බෑ කියලා අත ඇරලා දානවා. එතකොට තමයි ලෙඩ ඔක්කොම එළියට එන්නේ. ඒකට කියන්නේ 'Decompensated' කියලා.
⚠️ අක්මාව කරදරේක කියලා එයා එවන 'සිග්නල්'
ඉතින්, කොහොමද අපි දැනගන්නේ අපේ අක්මාව කරදරේක කියලා? එයා අපිට 'සිග්නල්' එවනවා.
මුලින් එන්නේ පොඩි පොඩි සිග්නල්:
➡️ නිකන්ම එන මහන්සියක්, ඇඟට පණ නැති ගතියක්.
➡️ කෑම අරුචියක්, ඔක්කාර ගතියක්.
➡️ බඩේ දකුණු පැත්තේ උඩ හරියේ වේදනාවක්.
පරක්කු වෙද්දී එන ලොකු සයිරන්! 🚨
🟡 කට්ටිය දැකල ඇතිනේ සමහරුන්ගෙ ඇස්, ඇඟ කහ පාට වෙනවා. ඒ තමයි සෙංගමාලය (Jaundice). ඒක ලොකුම රෙඩ් ලයිට් එකක්!
➡️ බඩ වතුර පිරිලා ලොකු වෙනවා, කකුල් ඉදිමෙනවා.
➡️ හම දරාගන්න බැරි තරමට කසනවා.
➡️ පොඩි දෙයක් වැදුණත් ඇඟ නිල් වෙනවා, ලේ යන එක නවතින්නේ නෑ.
➡️ වමනය හෝ මළපහ සමඟ ලේ යනවා.
➡️ හිත එක තැනක තියාගන්න බෑ, සිහිය අවුල් වෙනවා.
❓ ඉතින්, ඇයි අපේ අක්මාවට මේ වගේ දෙයක් වෙන්නෙ? ප්‍රධානම හතුරො තුන්දෙනෙක් ඉන්නවා...
🍺 මත්පැන්: මේක තමයි ලොකුම හතුරා.
🍔 මේද තැන්පතුව (Fatty Liver/NASH): වැරදි කෑම, ව්‍යායාම නැතිකම, දියවැඩියාව, කොලෙස්ටරෝල් නිසා අක්මාවේ තෙල් තැන්පත් වෙලා, ඒක ප්‍රදාහයට ලක්වීම.
🦠 හෙපටයිටිස් B සහ C: මේවා වෛරස්. ගොඩක් අය දන්නේ නෑ තමන්ට මේවා තියෙනවා කියලා.
🚨 මේක නිකන්ම නතර වෙන්නේ නෑ. බරපතල සංකූලතා ඇතිවෙන්න පුළුවන්
ඇතුළේ ලේ නහර පුපුරලා ලේ යන්න, වකුගඩු අකර්මණ්‍ය වෙන්න, දරුණු ආසාදන හැදෙන්න, අන්තිමට අක්මාවේ පිළිකාවක් වුණත් හැදෙන්න පුළුවන්. ඒකයි මේක භයානක.
🩺 හඳුනාගැනීම සහ ප්‍රතිකාර
වෛද්‍යවරයෙක් ඔයාගේ රෝග ලක්ෂණ බලලා, ලේ ටෙස්ට්, ස්කෑන් සහ අවශ්‍ය නම් බයොප්සි එකක් කරලා මේක තහවුරු කරගන්නවා.
🔄 හරි, වැදගත්ම ප්‍රශ්නේ. මේක ආපහු හොඳ කරන්න පුළුවන්ද?
කණගාටුයි, උත්තරේ 'නෑ'. 😥 සිරෝසිස් කියන්නේ ස්ථිර කැලලක්. ඒක ආපහු සුව කරන්න බෑ. හැබැයි, හොඳ ආරංචියකුත් තියෙනවා! තවත් නරක අතට යන එක නවත්තගන්න පුළුවන්! ඒකට කරන්න තියෙන්නේ ලෙඩේට හේතුව නවත්තන එකයි (උදා: මත්පැන් සම්පූර්ණයෙන්ම නැවැත්වීම), අපේ ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කරන එකයි.
❤️ අපේ අක්මාව බේරගන්න අපි මොකද කරන්නේ?
✅ කෑම බීම: තෙල්, සීනි, ලුණු අඩු කරලා, එළවළු, පලතුරු සහ මේදය අඩු ප්‍රෝටීන (Lean Proteins) (උදා: මාළු, හම ඉවත් කළ කුකුළු මස්,) බහුල ආහාර ගන්න.
✅ නරක පුරුදු: මත්පැන්, දුම්කොළ සහ අනවශ්‍ය බෙහෙත් සම්පූර්ණයෙන්ම නවත්වන්න.
✅ වෛද්‍ය පරීක්ෂණ: දොස්තර දෙන බෙහෙත් හරියටම ගන්න, චෙක්-අප් වලට හරියටම යන්න.
✅ අනිත් ලෙඩ: දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධික බර වගේ දේවල් පාලනය කරගන්න.
📌 අන්තිමට මම මේ කියන්නේ...
ඔයාගෙ ඇඟේ ඉන්න මේ නිහඬ යාළුවා ගැන හිතන්න. එයාට කරදරයක් වෙන්න කලින්, ඔයා එයාට සලකන්න. ඔයාගේ ජීවිතය බේරගන්නේ ඔයාමයි.
මේ බරපතල තත්ත්වය ගැන තවත් කෙනෙක්ව දැනුවත් කරන්න, 👉 පෝස්ට් එක Share කරන්න!
#අක්මාව #සිරෝසිස් #සෞඛ්‍ය #දැනුවත්වෙමු