Ampara Sexual Health & STD Clinic

Ampara Sexual Health & STD Clinic Ampara Sexual Health and STD Clinic is the District branch of National Sexually transmitted diseases

අම්පාර ලිංගික සෞඛ්‍ය මධ්‍යස්ථානය යනු, සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ලිංගික සෞඛ්‍ය සායන ජාලයට අයත් සෞඛ්‍ය සායනයකි.

මේමගින් ලිංගික සෞඛ්‍ය සායනය ( කාන්තා, පිරිමි ලිංගික දුබලතා හා ගැටළු සඳහා), ලින්ගික රෝග හා එච්.අයි.වී./ AIDS ප්‍රතිකාර හා රෝග වැළැක්වීමේ සේවා,

සායන සේවා:
#ලිංගික සෞඛ්‍ය සායනය
#ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සායනය,
#එච්.අයි.වී. සාය

නය,
#ලිංගික සෞඛ්‍ය සායනය (කාන්තා, පිරිමි ලිංගික දුබලතා හා ගැටළු සඳහා),
#එල්.ජි.බි.ටී. සායන (LGBTQ) (අතරමැදි ලිංගික අනන්‍යතාවයන් ඇති අය සඳහා සායන).

දැනුවත් කිරීම
රජ්‍ය හා රජ්‍ය නොවන ආයතන වල දැනුවත් කිරීම වැඩසටහන්

රෝග වැළැක්වීමේ සේවා: දිස්ත්‍රික්කය තුල ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළැක්වීම සඳහා අවශ්‍ය කටයුතු.....

අපගේ ප්‍රතිකාර සේවා.Our treatment services1. ලිංගිකව බෝවන රෝග සඳහා ප්‍රතිකාර සහ සත්කාර සේවා.Treatment and care for sexua...
19/11/2021

අපගේ ප්‍රතිකාර සේවා.
Our treatment services

1. ලිංගිකව බෝවන රෝග සඳහා ප්‍රතිකාර සහ සත්කාර සේවා.
Treatment and care for sexually transmitted infections

2. ලිංගිකවම බෝනොවන වෙනත් ලිංගාශ්‍රිත රෝග තත්වයන් සඳහා ලිංගික සෞඛ්‍යසේවා සැපයීම.
Sexual health services for non-STI anogenital conditions.

3. යොවුන්විය ලිංගික සෞඛ්‍ය සේවා.
Adolescent sexual health services.

4. ලිංගික දුබලතාවයන් සඳහා ප්‍රතිකාර සහ සත්කාර සේවා.
Treatment and care for sexual dysfunctions

5. HIV ප්‍රතිකාර සහ සත්කාර සේවා.
HIV treatment and care.

6.පවුල් සංවිදාන උපදේශන හා සේවා.
Contraceptive counseling & services

7. ලිංගික සෞඛ්‍ය උපදේශන සේවා.
HIV post-exposure prophylaxis. health.

8. ස්ත්‍රී පුරුෂ සමාජභාවය ද්වීමය නොවන ප්‍රජා සඳහා ලිංගික සෞඛ්‍ය සේවා.(LGBTQ
සායනය)
Sexual health services for gender non binary communities (LGBTQ clinic)

9. මවගෙන් දරුවාට බෝවන ලිංගික රෝග සඳහා ප්‍රතිකාර සහ සත්කාර සේවා.
Treatment and care for mother to child transmitted STIs

10. අවදානම් ප්‍රජා සඳහා ලිංගික සෞඛ්‍ය සේවා සැපයීම.
Sexual health services for key populations.

11. වෛද්‍ය සහතික නිකුත් කිරීම.(විශේෂ අවස්ථා වලදී පමණි.
Issuing medical certificates

12. අධිකරණ වෛද්‍ය කටයුතු සඳහා රෝගී පරීක්ෂාව.
Examination for medico-legal purposes.

අපගේ රෝග වැළක්වීමේ සේවා.
Our prevention services

1. රෝග වැළක්වීමේ වැඩසටහන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම.(
දේශන,වැඩමුළු සහ ප්‍රදර්ශන)
Planning & implementation of prevention programmes ( Lectures, Workshops, Exhibitions)

2. ගුණාත්මක ලිංගික සෞඛ්‍ය සේවා ප්‍රවර්ධනය.
Promotion of quality sexual health services

3. අවදානම් ප්‍රජා සඳහා ඉලක්කගත වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
Targeted interventions for key populations

4. ලිංගික බෝවන රෝග වැළක්වීමේ සෞඛ්යමය උපාංග( කොන්ඩම්,ලිහිසිකාරක)
ප්‍රවර්ධනය සහ නොමිලේ බෙදා හැරීම.
Promotion & distribution of condoms, lubricants.

5. HIV වැළක්වීමේ පසු නිරාවරණ ප්‍රතිකාර සේවා.
HIV post exposure prophylaxis.

6. අධ්‍යාපන, පුහුණු, පර්යේෂණ සහ ධාරිතා නැංවීමේ වැඩසටහන්.
Education, training, research & capacity building

7. උපායමාර්ගික තොරතුරු කළමනාකරණය,
Strategic information management

අපගේ රසායනාගාර සේවාවන්
Our laboratory services.

1. HIV Ag/Ab ELISA
2. HIV SFD/PA
3. HIV Rapid test
4. VDRL
5. TPPA
6. Microscopy tests for STIs

විමසීම්
Contact;

අම්පාර ලිංගික සෞඛ්‍ය සහ ලිංගාශ්‍රිත රෝග සායනය
Ampara Sexual Health & STD clinic
0632224239

වෛද්‍ය සම්පත් දෙමටපක්ෂ (ආයතන භාර වෛද්‍ය නිලදාරී)
Dr. Sampath Dematapaksha(MBBS)

වෛද්ය චන්දික බන්ඩාර
Dr. Chandika Bandara

අවදානම් ලිංගික චර්යා 1.කිහිප දෙනෙකු සමග අනාරක්ෂිත  ලිංගික සම්බන්දතා  පැවැත්වීම.2.කිහිප දෙනෙකු සමග ලිංගික සම්බන්දතා පවත්ව...
18/11/2021

අවදානම් ලිංගික චර්යා
1.කිහිප දෙනෙකු සමග අනාරක්ෂිත ලිංගික සම්බන්දතා පැවැත්වීම.
2.කිහිප දෙනෙකු සමග ලිංගික සම්බන්දතා පවත්වන අයෙකු සමග අනාරක්ෂිත ලිංගික සම්බන්දයක් පැවැත්වීම.

3.නිතර නිතර ලිංගික සහකරු හෝ සහකාරිය මාරු කිරීම .
4.ලිංගික වුර්තියේ යෙදීම,
5.ලිංගික වුර්තියේ යෙද්න්නන් සමග ලිංගික සම්බන්දතා පැවැත්වීම.

එක වරක් හෝ අනාරක්ෂිත ලිංගික හැසිරීමක යෙදී ඇත්නම් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළදීමේ හැකියාවක් ඇත .

නොමිලේ රුධිර පරික්ශනයක් සදහා අප අමතන්න

අම්පාර ලිංගික සෞඛ්‍ය හා ලිංගාශ්‍රිත රෝග සයනය
Sexual Health & STD Clinic - Ampara
0632224239

18/11/2021
11/05/2021

පවතින අවදානම් තත්වය යටතේ, අම්පාර ලිංගික සෞඛ්‍ය සායනයට සහබාගී වීමට පෙර කරුණාකර අපගේ දුරකථන අංකයට කතා කරන්න. ඔබගේ අවශ්‍යතාවය වෛද්‍යවරයා සමග සාකච්චා කිරීමෙන් පසු ඔබට සායනයට සහබාගී වීම සදහා අවශ්‍ය උපදෙස් ලැබෙනු ඇත. දුරකතනයෙන් ලබාදිය හැකි ලිංගික සෞඛ්‍ය උපදෙස් ඔබට එසේ ලබාගත හැක.මෙම පියවර ගනු ලැබුයේ ඔබ අප සියලු දෙනාගේ යහපත උදෙසා බව කාරුණිකව සිහිපත් කරමු.

අමතන්න : 0632224239

Timely testing is a crucial fact for early HIV diagnosis. We should not miss the opportunity of detecting HIV in clinica...
31/03/2021

Timely testing is a crucial fact for early HIV diagnosis. We should not miss the opportunity of detecting HIV in clinical settings. Ampara Sexual Health & STD Clinic conducted series of awareness programmes for Medical officers and other staff working in the hospital settings to improve HIV testing at a lower threshold.

ගොනෝරියාව ගැන දැනගනිමු..
04/03/2021

ගොනෝරියාව ගැන දැනගනිමු..

කන්‍යාභාවය සහ කන්‍යා පටලය පිලිඹද පවතින දුර්මත....
01/03/2021

කන්‍යාභාවය සහ කන්‍යා පටලය පිලිඹද පවතින දුර්මත....

සුරතාන්තය..... සුරතාන්තය පිලිඹද බොහෝවිට ඇසෙන වැරදි මත දෙකක්....
25/02/2021

සුරතාන්තය.....
සුරතාන්තය පිලිඹද බොහෝවිට ඇසෙන වැරදි මත දෙකක්....

අපගේ සායන .....
23/02/2021

අපගේ සායන .....

ලිංගික හැගීම්, ලිංගික ආශාව සහ ලිංගික සතුට..
23/02/2021

ලිංගික හැගීම්, ලිංගික ආශාව සහ ලිංගික සතුට..

ලිංගික ඉන්නන් ගැන දැනගනිමු..
02/02/2021

ලිංගික ඉන්නන් ගැන දැනගනිමු..

08/01/2021

මේ දිනවල පවතින කොවිඩ් වසංගත තත්වය තුල වුවත්, අම්පාර දිස්ත්‍රික්කයේ ඔබ වෙත අපගේ සියලු සේවාවන් සුපුරුදු පරිදි ලබා දෙන බව දන්වනු කැමැත්තෙමි. කෙසේ නමුත්, මෙම සේවාවන් වඩා සෞඛ්යාරක්ෂිතව, අඩු අවදානම් පරිසරයක් තුල ලබා දීම සඳහා,සායනයට පැමිණීමට පෙර අපගේ දුරකථන අංකයෙන් සම්බන්දවී ඔබගේ අවශ්‍යතාවය සඳහන් කොට (අවශ්‍යනම් සායනයේ වෛද්‍යවරයකු සමග කතාකල හැක) දිනයක් සහ වෙලාවක් වෙන්කරගැනීම වඩා යෝග්‍ය බවද කාරුණිකව දන්වා සිටිමු.
අපගේ දුරකථන අංකය: 0632224239

විශේෂඥ වෛද්‍ය සම්පත් මහගමගේ
0718577349

වෛද්‍ය සම්පත් දෙමටපක්ෂ
0772619707

අම්පාර  ලිංගික  සෞඛ්‍ය මද්‍යස්ථානය  (0632224239) යනු, සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන වැඩසටහන යටතේ ක්‍රිය...
26/12/2020

අම්පාර ලිංගික සෞඛ්‍ය මද්‍යස්ථානය (0632224239) යනු, සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ලිංගික සෞඛ්‍ය සායන ජාලයට අයත් සෞඛ්‍ය සායනයකි. (මෙය මහා අම්පාර මහා රෝහලට යාබදව ආයුරවේද රෝහලට හැරෙන මාර්ගය අසල ඇත. )

මේමගින් ලිංගික සෞඛ්‍ය ගැටලු , ලින්ගික රෝග ප්‍රතිකාර හා රෝග වැළැක්වීමේ සේවා නොමිලේ සපයනු ලැබේ.

# ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සායනය-
( කාන්තා හා පිරිමි ලිංගික රෝග -ශ්‍රාවයන් පිටවීම , මුත්‍ර දැවිල්ල ,බිබිලි , තුවාල , කැසීම , ඉන්නන් ආදිය සදහා ප්‍රථිකාර )

# ලිංගික සෞඛ්‍ය සායනය -
පිරිමි - ලිංගික අප්‍රාණික බව , ක්ෂනික මෝචනය සදහා පරීක්ෂණ හා ප්‍රතිකාර
කාන්තා - සුරතාන්තයට පත්වීමේ ගැටළු , ලිංගිකව එක්වීමේදී ඇතිවන වේදනාව , ආශාව මදිකම ආදිය සදහා ප්‍රතිකාර
යොවුන්විය ලිංගික සෞඛ්‍ය සේවා- තරුණ වයසේ අය සදහා ලිංගික උපදේශ හා රෝග වලට ප්‍රතිකාර

#එල්.ජි.බි.ටී. සායනය (LGBTQ) (සම ලිංගික , විෂම ලිංගික , අතරමැදි ලිංගික අනන්‍යතාවයන් ඇති අය සඳහා සායන).

#එච්.අයි.වී. සායනය,

# ඔබ කෙදිනක හෝ අනාරක්ෂිත ලිංගික සම්බන්දයක් පවත්වූවා නම් , රෝග ලක්ෂණ මතු වීමට දිගු කලක් ගත විය හැක - නොමිලේ රුධිර පරීක්ෂාවක් මගින් එය කල් තියා හදුනා ගත හැක . ( උදා - HIV/ AIDS)

# මවගෙන් දරුවාට බෝවන ලිංගික රෝග සඳහා ප්‍රතිකාර සහ සත්කාර සේවා.

# වෛද්‍ය සහතික නිකුත් කිරීම.

දැනුවත් කිරීම -------

අවදානම් ප්‍රජා සඳහා ලිංගික සෞඛ්‍ය සේවා සැපයීම.

රෝග වැළක්වීමේ වැඩසටහන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම.(දේශන,වැඩමුළු සහ ප්‍රදර්ශන)

රජ්‍ය හා රජ්‍ය නොවන ආයතන , පාසැල් , උසස් අද්යාපන ආයතන ,වල දැනුවත් කිරීම වැඩසටහන් ( ඔබට ලිංගික සෞක්‍ය හා ලින්ගාශිත රෝග පිළිබද දේශනයක් අවශ්ය නම් අප අමතන්න )

සැ.යු : මෙය රජයේ සෞඛ්‍ය සේවා ආයතනයක් වන අතර සියලු සේවාවන් පළපුරුදු විශේෂඥ වෛද්‍ය, අනෙකුත් වෛද්‍යවරු සහ පුහුණු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් යටතේ නොමිලේ ලබා ගත හැක. සේවා දායකයාගේ පුද්ගලිකත්වය සහ තොරතුරු වල රහසිගතභාවය සුරක්ෂිතයි.

දුරකතනය හරහා වේලාවක් වෙන්කර ගත හැක.

අම්පාර ලිංගික සෞඛ්‍ය හා ලිංගාශ්‍රිත රෝග සයනය
Sexual Health & STD Clinic - Ampara
(මහ රෝහල අසල , අම්පාර )
0632224239

Address

STD Clinic/Sexual Health Centre Ampara
Ampara

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 12:00

Telephone

+94632224239

Website

Alerts

Be the first to know and let us send you an email when Ampara Sexual Health & STD Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ampara Sexual Health & STD Clinic:

Share