General Hospital Ampara

General Hospital Ampara At present, General Hospital Ampara Provides tertiary care to the entire Ampara district which has a 780000 population.

2025 සැප්තැම්බර් මස 19 දින, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්...
22/09/2025

2025 සැප්තැම්බර් මස 19 දින, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගිවිය.

මෙම අවස්ථාවේදී, පසුගිය කාලයේ ආරම්භ කර, නතර කර තිබූ හදිසි අනතුරු ඒකකය (A & E) සහ කැතීටකරණ ඒකකයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කෙරුණි. එමෙන්ම, රෝහලේ අභ්‍යන්තර මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම ආරම්භ කරන ලද අතර නවීන පහසුකම් සහිත ගිලන් රථයක් හා ජංගම පරීක්ෂණාගාර රථ‍යක් නිළ වශයෙන් රෝහලට ප්‍රදානය කිරීමද සිදු විය.

මෙම ප්‍රවර්ධන කටයුතු මගින් රෝහලේ සේවා මට්ටම වැඩි දියුණු කිරීම සහ රෝගීන්ට නවීන හා වේගවත් සෞඛ්‍ය සේවාවන් ලබා දීම අරමුණ වේ.

අම්පාර මහ රෝහලේ සර්ව ආගමික කමිටුවේ සංවිධානයෙන් සෑම පුර පසළොස්වක පොහොය දිනකම සිදුකරනුු ලබන සද්ධර්ම දේශනය මෙවර උතුම් වූ බි...
14/09/2025

අම්පාර මහ රෝහලේ සර්ව ආගමික කමිටුවේ සංවිධානයෙන් සෑම පුර පසළොස්වක පොහොය දිනකම සිදුකරනුු ලබන සද්ධර්ම දේශනය මෙවර උතුම් වූ බිනර පුන් පොහොය දිනයේදී උහන මාලිගාතැන්න සුදර්ශනාරාම විහාරාධිකාරී පූජ්‍ය උහන සුමන ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් සිදු කරන ලදී.

2025 ජනාධිපති පරිසර සම්මානයට සමගාමීව පාසල් පරිසර නියමුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මාලාවේ පළමු වැඩසටහන 2025.08.25 වන දින...
03/09/2025

2025 ජනාධිපති පරිසර සම්මානයට සමගාමීව පාසල් පරිසර නියමුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මාලාවේ පළමු වැඩසටහන 2025.08.25 වන දින අම්පාර මහ රෝහලේ අධ්‍යක්ෂතුමන්ගේ මග පෙන්වීම යටතේ අම්/ සද්ධාතිස්ස ජාතික පාසල් සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් රෝහල් පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී.

අම්පාර මහ රෝහලේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් පැවැත්වූ සතිමත් භාවය පිළිබඳව පුහුණු වැඩසටහන් 2025/08/12,13,14 දිනයන්හි හෙද විදුහල්...
25/08/2025

අම්පාර මහ රෝහලේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් පැවැත්වූ සතිමත් භාවය පිළිබඳව පුහුණු වැඩසටහන් 2025/08/12,13,14 දිනයන්හි හෙද විදුහල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වුණි. ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය නීලමනී සන්ධ්‍යා රාජපක්ස හේවාගීගන මහත්මිය සහ අම්පාර මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය රංග චන්ද්‍රසේන මහතා සහභාගීත්වයෙන් අම්පාර මහ රෝහලේ සතිමත් භාවය පිළිබඳ පුහුණු කණ්ඩායම විසින් සිදු කරන ලදී.

2025 රාජ්‍ය සේවා බැඩ්මින්ටන් තරඟාවලියේදී අම්පාර මහ රෝහල් කන්ඩායම අනුශූරතාවය තහවුරු කරයි 🎉️🎉️
23/06/2025

2025 රාජ්‍ය සේවා බැඩ්මින්ටන් තරඟාවලියේදී අම්පාර මහ රෝහල් කන්ඩායම අනුශූරතාවය තහවුරු කරයි 🎉️🎉️

අම්පාර මහ රෝහලේ සර්ව ආගමික කමිටුවේ සංවිධානයෙන්, සෑම මසකම පෝය දිනයට යෙදෙන ධර්ම දේශනා මාලාවේ ඊළඟ සත්කාරණීය අවස්ථාවක් ලෙස, ...
11/06/2025

අම්පාර මහ රෝහලේ සර්ව ආගමික කමිටුවේ සංවිධානයෙන්, සෑම මසකම පෝය දිනයට යෙදෙන ධර්ම දේශනා මාලාවේ ඊළඟ සත්කාරණීය අවස්ථාවක් ලෙස, අම්පාර සේනාගම තිස්සාරාම විහාරාධිපති බිහිරි සොරොව්වෙ උපාලි ස්වාමීන්වහන්සේ විසින් 2025 පොසොන් පෝය දින පැවැත්වූ ධර්ම දේශනය...

"පවිත්‍ර දෑත් – සුවසන් දිවියකට පදනමක්!"ලෝක දෑත් පවිත්‍රතා දිනය  සමගාමීව 2025 මැයි මස 20 වන දින  ක්ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද...
22/05/2025

"පවිත්‍ර දෑත් – සුවසන් දිවියකට පදනමක්!"

ලෝක දෑත් පවිත්‍රතා දිනය සමගාමීව 2025 මැයි මස 20 වන දින ක්ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍යතුමාගේ මග පෙන්වීම යටතේ හා ආසාදන පාලන ඒකකයේ ක‍්‍රියාශීලී සංවිධානයෙන් නිර්මාණ ප්‍රදර්ශනයක් හා අධ්‍යාපනීය නාට්‍යයක්
අම්පාර මහ රෝහලේ බාහිර රෝගී අංශයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව තුළ, රෝහලට පැමිණි රෝගීන් හා සාමාන්‍ය ජනතාව වෙත දෑත් පවිත්‍රතාවයේ වැදගත්කම ගැන අවධානය යොමු කරවමින් ඒ පිළිබඳව දැනුවත් කරන ලදී.

2025 වෙසක් පුර පොහෝ දිනය සමරමින් පැවැත්වු අම්පාර මහ රෝහලේ මඤ්ඤොක්කා දන්සැල....වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් අම්පාර මහ ...
15/05/2025

2025 වෙසක් පුර පොහෝ දිනය සමරමින් පැවැත්වු අම්පාර මහ රෝහලේ මඤ්ඤොක්කා දන්සැල....

වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් අම්පාර මහ රෝහල් කාර්‍ය මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ මඤ්ඤොක්කා දන්සැල රෝහල් කාර්ය මණ්ඩලයේ සහ ජනතාවගේ සහභාගීත්වයෙන් 2025 මැයි 13 වැනිදා අම්පාර මහ රෝහල් පරිශ්‍රය ඉදිරිපිටදී සාර්ථකව පැවැත්විණි.

රෝහල් කාර්ය මණ්ඩලයේ සහයෝගීතාවයෙන් සංවිධානය වූ මෙම උත්සවය, සියලු දෙනා එක්ව කුසල් සම්පාදනය කිරීමේ අවස්ථාවක් බවට පත් විය.

අම්පාර මහ රෝහලේ සර්ව ආගමික කමිටුවේ සංවිධානයෙන් සෑම මසකම පොහොය දිනයට යෙදෙන ධර්ම දේශනා මාලාවේ තවත් පිළිවෙතක් ලෙස, වවුනියාව...
13/05/2025

අම්පාර මහ රෝහලේ සර්ව ආගමික කමිටුවේ සංවිධානයෙන් සෑම මසකම පොහොය දිනයට යෙදෙන ධර්ම දේශනා මාලාවේ තවත් පිළිවෙතක් ලෙස, වවුනියාව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, අම්පාර බුද්ධංගල විහාරවාසී අම්පාරේ සංකිච්ච ස්වාමීන් වහන්සේ විසින් 2025 වෙසක් මස පුර පසළොස්වක පෝය දින පැවැත්වූ ධර්ම දේශනය

02/05/2025
සතුට සහ එකමුතුව රැඳි අවුරුදු සැමරුමක් 🌸අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ කාර්‍යාලීය කාර්‍ය මණ්ඩලය විසින් වර්ෂ 2025 බක් මස 27 ව...
01/05/2025

සතුට සහ එකමුතුව රැඳි අවුරුදු සැමරුමක් 🌸

අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ කාර්‍යාලීය කාර්‍ය මණ්ඩලය විසින් වර්ෂ 2025 බක් මස 27 වැනි දින සතුටු සිනාවන් මැදින් සාර්ථකව අවසන් කළ අවුරුදු උත්සවය

අම්පාර මහ රෝහලේ මානසික සුවතා ඒකකය හා අනුබද්ධ වාට්ටු අංක 11 මගින් සංවිධානය කරන ලද "අවුරුදු උත්සවය 2025" බක් මස 10 වන දිනද...
11/04/2025

අම්පාර මහ රෝහලේ මානසික සුවතා ඒකකය හා අනුබද්ධ වාට්ටු අංක 11 මගින් සංවිධානය කරන ලද "අවුරුදු උත්සවය 2025" බක් මස 10 වන දිනදී සාර්ථකව පැවැත්විණි.

Address

Ampara
32000

Telephone

+94632222261

Alerts

Be the first to know and let us send you an email when General Hospital Ampara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to General Hospital Ampara:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category