MOH Office -Nuwaragam Palatha Central Anuradhapura

MOH Office -Nuwaragam Palatha Central Anuradhapura Dewanampiyathissapura ,Anuradhapura .

03/12/2023
02/12/2023
30/11/2023
14/11/2023
01/11/2023

10/10/2023
09/10/2023
 # ඉදිරි වැසි සමයත්  සමගම දිස්ත්‍රික්කය පුරා මදුරුවන් බෝවීමේ අවදානම වැඩි වන අතර ඒ සමගම ඩෙංගු වසංගත තත්වයක් ඇති වීමේ අවදා...
09/10/2023

# ඉදිරි වැසි සමයත් සමගම දිස්ත්‍රික්කය පුරා මදුරුවන් බෝවීමේ අවදානම වැඩි වන අතර ඒ සමගම ඩෙංගු වසංගත තත්වයක් ඇති වීමේ අවදානම ද ඉහල යනු ඇත.

# එම ඩෙංගු අවදානම අවම කිරීම පිණිස මෙම සතිය තුල එනම් ඔක්තෝබර් 9 සිට 13 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක් අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක වේ.

# එම සතිය තුල ඔබ ජීවත් වන වටපිටාව මදුරුවන් බෝ නොවන ආකාරයෙන් පිරිසිදුව පවත්වාගෙන යාම අපේක්ෂා කෙරේ.

# ඔබගේ සේවා ස්ථානය, ව්‍යාපාරික ස්ථානය, වැඩ බිම, කර්මාන්ත ශාලාව, කඩ මණ්ඩිය, හෝටලය, නවාතැන්පොල, මෙන්ම ඔබගේ නිවස සහ අවට පරිසරය පිරිසිදු කිරීම් කටයුතු සිදු කරන්න.

# එමෙන්ම පාසල, පන්සල, පෞද්ගලික උපකාරක පන්ති, සුසාන භූමි, ක්‍රීඩා භූමි, බස් නැවතුම්, අත්හැර දැමූ ඉඩම්, පොදු කාණු පද්ධති ආදී පොදු ස්ථාන ද පිරිසිදු කිරීමේ සාමූහික වගකීම ඔබ සතුවේ.

# විවෘත පරිසරයේ ඇති බඳුන්, ටින් , බූලි, ටයර්, වැහිපීලි, අක්‍රමවත්ව බැහැර කල කසල, පොලිතින්, ෂොපින් බෑග් , අවහිර වූ කාණු, වතුර ටැංකි, ආදී ජලය එක්රැස් විය හැකි සියළු ස්ථාන පරීක්ෂා කර ඒවා ඉවත් කිරීමට කටයුතු කරන්න.

# ඔබගේ නිවස හෝ ගොඩනැගිලි තුල ඇති කූඹි උගුල්, මල් බඳුන්, භාවිතා නොකරන වැසිකිලි, පොකුණු, ටැංකි, ආදියේ ද මදුරුවන් බෝවිය හැකි බැවින් ඒවා ද ඉවත් කරන්න.

# මෙම කටයුතු සඳහා ඔබ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක, ග්‍රාම නිලධාරි සහ පොලිස් නිලධාරීගේ උපදෙස් හා අධීක්ෂණය ලබා ගත හැක.

# ඉදිරි දින කීපය තුල සෞඛ්‍ය බලධාරීන් ඔබ පරිශ්‍රය පරීක්ෂා කිරීමට පැමිණෙන අතර නිසි පරිදි පිරිසිදු කිරීම් නොකර මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයින් සහ ආයතන වලට විරුද්ධව දැඩිව නීති මගින් කටයුතු කරනු ලැබේ.

# ඩෙංගු මාරාන්තිකයි. මීළඟ ඩෙංගු ගොදුර ඔබ, ඔබේ ආදරණීය දරුවා හෝ ඔබේ සමීපතමයෙකු වීමට ඉඩ නොතබමු.
අපි සියලු දෙනා අප සතු වගකීම ඉටු කරමු. අදම අපගේ වටපිටාව පිරිසිදු කර ගනිමු.

ස්තුතියි.

09/10/2023

2023.10.09
අද දින අනුරාධපුර ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ ක්‍රීඩා වෛද්‍ය ඒකකය ස්ථාපිත කරනු ලැබුවා..(Sports Medical unit.).
ක්‍රීඩා කිරීමේ දී ඇති වන ගැටලු සහ තුවාල අස්ථි බිඳීම් පේශි තැ ලීම් වලට එම වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබාගත හැක...
තවද අද සිට ක්‍රීඩා සම්බන්ධ වෛද්‍ය පරීක්ෂණ ද සිදු කරනු ලැබේ. උපුටාගැනීම Dr Hema Weerakoon

09/10/2023

Address

Dewanampiyathissapura
Anuradhapura Town
50000

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 12:00

Telephone

+94252223400

Website

Alerts

Be the first to know and let us send you an email when MOH Office -Nuwaragam Palatha Central Anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to MOH Office -Nuwaragam Palatha Central Anuradhapura:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram