11/02/2025
විවාහයට පෙර සෞඛ්‍ය පරීක්ෂණ පැකේජය
𝐏𝐫𝐞-𝐌𝐚𝐫𝐫𝐢𝐚𝐠𝐞 𝐇𝐞𝐚𝐥𝐭𝐡 𝐒𝐜𝐫𝐞𝐞𝐧𝐢𝐧𝐠 𝐏𝐚𝐜𝐤𝐚𝐠𝐞
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
මෙම පැකේජය විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින ඔබගේ සෞඛ්‍ය තත්ත්වය, ගැබ් ගැනීමේ අවදානම් සහ අනාගත දරුවන්ගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් ලබා දෙයි.
විවාහය යනු ජීවිතයේ නව පරිච්ඡේදයකි. එය ආරම්භ විය යුත්තේ සෞඛ්‍ය සම්පන්නව, දැනුවත්ව හා ආරක්ෂිතවය.
⠀
එක් එක් පරීක්ෂණයේ වැදගත්කම සහ අවශ්‍යතාව
―――――――――――――――――――――――――――――
1. සම්පුර්ණ රුධිර පරික්ෂණය - රුධිරගත රෝග සහ ඌනතා හඳුනාගැනීමට.
⠀
2. තැලිසීමියාව සඳහා පරික්ෂණය - දෙදෙනාම තැලසීමියා වාහකයන් නම්, ඔවුන්ගේ දරුවන් තැලසීමියා රෝගය සහිතව උපත ලැබීමට ඉඩ ඇත.
⠀
3. Rh සාධකය සඳහා පරික්ෂණය - දෙදෙනාගේ Rh සාධකය අනුව, ගර්භනී සමයේ මවගේ ප්රතිශක්තිකරණ පද්ධතිය දරුවාගේ රතු රුධිර සෛල වලට පහර දීමේ තත්වයක් ඇතිවිය හැක.
⠀
4. HIV සඳහා 1 සහ 2 සඳහා පරික්ෂණය - එක් සහකරුවෙකුගෙන් අනෙකාට හෝ මවගෙන් තම දරුවාට HIV සම්ප්‍රේෂණය වීම වැලක්වීමට.
⠀
5. හෙපටයිටිස් B සහ C සඳහා පරික්ෂණය - එක් සහකරුවෙකුගෙන් අනෙකාට හෝ මවගෙන් තම දරුවාට හෙපටයිටිස් B සහ C සම්ප්‍රේෂණය වීම වැලක්වීමට.
⠀
6. සිෆිලිස් රෝගය සඳහා පරික්ෂණය - එක් සහකරුවෙකුගෙන් අනෙකාට හෝ මවගෙන් තම දරුවාට සිෆිලිස් සම්ප්‍රේෂණය වීම වැලක්වීමට.
⠀
7. රුධිර ගණය පරික්ෂණය - සෞඛ්යය, ගර්භණී ආරක්ෂාව සහ වෛද්‍ය අවශ්‍යතා සඳහා වැදගත් වේ.
⠀
8. තයිරොයිඩ් ක්‍රියාකාරීත්වය පරික්ෂණය - තයිරොයිඩ් ග්‍රන්ථිය නිසි ක්‍රියාකාරිත්වය, ගැබ් ගැනීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.
⠀
9. රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ පරීක්ෂණය - ගර්භනී සමයේ පළමු මාස 3 තුළ කාන්තාවක් රුබෙල්ලා වැළඳී ඇත්නම් උපත් ආබාධ ඇති වීමට 90% ක අවස්ථාවක් ඇත.
⠀
10. ශුක්‍රාණු විශ්ලේෂණය - සාරවත් බව/දරුවන් සැදීමට හැකියාව සහතික කිරීමට.
⠀
සියලුම වාර්තා පරික්ෂා කිරීමෙන් පසු, වෛද්‍ය උපදෙස් සහ අවශ්‍ය ප්‍රතිකාර සදහා ඔබව යොමු කිරීම. සියලු පරීක්ෂණ තොරතුරු හා උපදේශනය පෞද්ගලිකව සාකච්ඡා කරන අතර, රහස්‍යභාවය සුරකිනු ලැබේ
🎁 ලඟදි විවාහ වෙන්න ඉන්න ඔබේ සමීපතමයින්ට තෑගි දෙන්න මේ පැකේජ් එකේ වවුචර් එකක් අපෙන් මිලදිගන්නත් පුළුවන්. 🤵👰
⠀
📞 අමතන්න: 025 313 44 55
📍 පැමිණෙන්න: ඇපලෝ හෙල්ත්කෙයාර්, පුබුදුපුර පාර, දහයියගම හන්දිය, නව නගරය, අනුරාධපුර
⠀