12/06/2018
දෙවියන් මිනිසාට තිළිණ
කළ බහු කාර්ය ශාකය මුරුංගා - (Moringa oleifera)
උපතෙහි සිට මරණය දක්වා නිරෝගී වූත් සාර්ථක වූත් ජීවිතයක් ගතකිරීමට මිනිසාට මග පෙන්වීමට දෙවියන් දුන් තිළිණයක් සේ මුරුංගා හැඳින්වෙනවා.
එය කිසිදු රසායනික පොහොරක් හෝ පලිබෝධ නාශකයක් නැතිවම නිසරු පෙදෙසක වුවත් නියං කාලයක වුවත් පහසුවෙන් වැවෙන්නක් වේ.
ඉන්දියාව මුරුංගාවල නිජබිම යි. ශ්‍රීලංකාව බුරුමය පිලපීනය වැනි ආසියානු රටවල මෙන්ම අමෙරිකානු අප්‍රිකානු රටවල ද වගා කෙරෙනවා.
ඇස් රෝග සුවකිරීමේ සුවිශේෂ හැකියාව නිසා අක්ෂිව නම්න් හඳුන්වනු ලබනවා.පාරම්පරික ඇස් වෙදකමේ වම්පයෙහි මාපටැඟිල්ලට බෙහෙත් බැඳ දකුණු ඇසට වෙදකම් කරන විස්මිත පිළියම් ක්රමයෙහි ප්‍රධාන ඖෂධය මුරුංගායි.
මුරුංගාවල ඇති ආශ්චර්යවත් ගුණ නිසා බටහිර වැසියන් එය Miracle plant ලෙස හඳුන්වනවා.
ඊටම සරිලන විශේෂ ගුණවලින් යුතු අතර මස් මාංශවල අඩංගු සිරුරට අත්‍යවශ්‍ය සියලු ඇමයිනෝ අම්ල ඇති එක ම එළවළුව ලෙස සඳහන් වෙනවා. එනිසා එය නිර්මාංශිකයන්ට
මාංශ ආහාර වෙනුවට ගත හැකි වටි නා ආදේශකයක්.
විටමින් A B C යකඩ, කැල්සියම්, පොස්පරස් ප්‍රෝටීන්, මැග්නීසියම්, තඹ කොපර් ඛනිජ ලවණ පෝෂක ගණාවකින් හා ප්‍රතිඔක්සිකාරක ගුණවලින් යුක්තයි . ප්‍රතිශක්තිය වර්ධනය කරනවා.
ආහාර රුච් ය වඩවනවා . දිරවීම පහසු කරනවා,රුධිරගත සීනි පාලනය කරනවා. ලේ පිරිසිදු කරනවා. සම පැහැපත් කරනවා.
විෂනාශක ශක්තියෙන් යුතු මුරුංගා අතීතයේ ජලය පිරිසිදුකිරීම සඳහා යොදාගත් බව ද සඳහන්.
එය අසාත්මික තා දුරුකරන හා සත්ත්ව විෂ පළවා හරින ගුණයෙන් යුක්තයි.
ආයුර්වේදයේ රෝග අවස්ථා 300කට පමණ මුරුංගා යොදාගන්නා බවට සටහන් වෙනවා. එහි මල් කොළ කරල් පොතු, මුල්, ලාටු යන සියලු කොටස් ඖෂධ සඳහා යොදාගන්නවා.
මුරුංගා නිතර ආහාරයට ගැනීමෙන් ම බොහෝ රෝගවලින් වැළකීමට හැකියි.
මල් කොළ හා කරල්, වෑංජන මැල්ලුම් බැදුම් හොදි සුප් කොළ කැඳ , කොළ කුඩු තේ, ආදි විවිධ ක්‍රමවලින් ආහාරයට සකසා ගත හැකියි .
වඩාත්ම ගුණදායක කොටස මුරුංගා කොළයි. කොළ යුෂ කෝප්පයක කිරිකෝප්ප 80 ක, දොඩම් ගෙඩි 6 ක කෙසෙල් ගෙඩි 8 ක ගුණ පවතින බව කියවෙනවා.කොළ යුෂ කිරි සමග මිශ්‍ර කරගත් විට එය රසවත් පානයක්.
කොළ කුඩු තේ, ව්‍යායාම කිරීමෙන් පසු සිරුර ප්‍රකෘති තත්ත්වයට පත්කර දෙන්නක්.
මුරුංගාවල ඇති අස්ථී වර්ධන හැකියාව නිසා කුඩාකාලයේ සිටම ආහාරයට ගැන්මෙන් වියපත්වන විට ඇතිවන ඔස්ටියෝ පොරෝසිස් රෝගයෙන් වැළකිය හැකියි, A විටමින් ඌණතාවෙන් ඇතිවන රෝගවලින් ද වැළකිය හැකි බව පර්යේෂණවලින් තහවුරුව තිබෙනවා.
නිතර ආහාරයට ගැන්මෙන් හදවත් රෝග හා මුත්‍රා රෝගද වළකිනවා.
මුරුංගා පොතු වියළා දිනපතා වෑන්ජනවලට කුළුබඩුවක් ලෙස එක්කිරීමෙන් එය ඇදුම කැස්ස පණු රෝග අස්ථි රෝග ශ්‍රවණාබාධ වලට එරෙහිව ක්‍රියාකරන බව සඳහන්.
පොතු තැම්බුම් හොදි, අච්චාරු සඳහාත් යොදා ගන්නවා. කොළ ඉස්සන් දැල්ලන් මය්යොක්කා ආහාරයට සැකසීමේදී සැර අඩුකිරීමට යොදාගන්නවා.
පිළිකා ප්‍රතිකාරවලට අවශ්‍ය ම ඖෂධයක් සේ සැළකෙන අතර ඒ සඳහා මුල් හා පොතු යොදාගනු ලබනවා.
ඉදිමුම් ගෙඩි ආදියට .මුල් කොළ හා පොතු යොදා ගන්නවා. මුත්‍රාගල් ඉවත් කිරීමට මල් ( සුදු වර්ගය) කෂාය සකසා දෙනවා.
ඇට වලින් තෙල් සිඳ වේදනා නාශකයක් සේ ප්‍රයෝජනයට ගන්නවා.
සමෙහි ගෙඩි, තුවාල, ඉදිමුම් , සඳහා මෙන්ම අජීර්ණ, අම්ල පිත්ත, කාන්තා රෝග, වකුගඩු සෙම් වාත රෝග ආදියටද පිළියම් කිරීමට මුරුංගා උපකාරි වනවා.
ගැබිණි මවුවරුන්ට බෙහෙවින් හිතකරයි. නීරක්තිය දුරුකරමින් සිරුර ශක්තිමත් කරනවා. දරු උපත පහසුකර දෙනවා.
මාස හයේදී ළදරුවන්ට ඝන ආහාර දෙන්නට පටන් ගත්විට අස්ථිවර්ධනය හා වෙනත් පෝෂක ලබාදීම සඳහා මුරුංගා කොළ එක්කිරීම ඉතා පලදායකයි .
වැඩුණු අය සඳහා ස්වාභාවික වාජීකරණයක් සේ ක්‍රියාකරමින් ලිංගික ශක්තිය වර්ධනය කර දෙනවා.
මුරුංගාවල ඇති සැපොනින් රසායනය ලිංගික උද්දීපනය ඇතිකරන ටෙස්ටෙස්ටරෝන් මට්ටම ඉහල නංවන බව නූතන පර් යේෂණවලින් තහවුරුවී තිබෙනවා.
මුරුංගාවලින් අත් බෙහෙත්
* සුනඛයන් සපා කෑවිටමුරුංගා දලු කොටා හුණු සමග මිශ්‍රකර කෑ මුඛයෙහි ගෑම
*ගෝනුසු බමර දෙබර මීමැසි විසට
මුරුංගා පොතු දෙහි ඇඹුලෙන් අඹරා ගෑම
*කුරුලෑ ලප කැළැල් හා අව පැහැවීම් වලට
මුරුංගා කොළ යුෂ දෙහියුෂ සමග ඇල්දියට දමා මුහුණ සේදීම
*මුත්‍රා දැවිල්ලට
කැකිරි හෝ පුහුල් යුෂ සමග කොළ යුෂ තේ හැඳි දෙකක් දමා පානය කිරීම
*අම්ල පිත්ත රෝගයට
කොළ මිටක් අඹරා මුදවපු කිරි මේස හැඳි පහක් මිශ්‍රකර උදේ හිස්බඩ ආහාරයට ගැනීම
*ඇදුමට කැස්සට
මද උණුසුමේ වියළා කුඩුකර තේ මෙන් සකසා බීම
*සැරව ගලන තුවාල වලට
තල තෙල් හා එළඟිතෙල් සමග කොළ අඹරා ගෑම (දින කීපයක්)
(මූලාශ්‍ර- වෛද්යාලේඛන හා අන්තර්ජාලය, උපුටා ගැනුමකි.)
දැන් කාර්යබහුල ඔබට මුරුංගා කොළ කැප්සුවල් ලෙස මිලදී ගත හැකියි.
# # # # # අවශ්‍ය අය විමසන්න -0711-800759 # # # # #