Laxmi Mandir

Laxmi Mandir Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Laxmi Mandir, Medical and health, Trincomalee Road, Mihintale, Anuradhapura.

ශ්‍රී ලක්‍ෂ්මී ආකර්ෂණයට විශේෂ පූජාවක්‌සර්ව ශුභවාදී දෙවඟනක්‌ ලෙස පෙනී සිටිමින් සාමය, සමෘද්ධිය, සශ්‍රීකත්වය, රූපශ්‍රීය, ධන...
21/09/2020

ශ්‍රී ලක්‍ෂ්මී ආකර්ෂණයට විශේෂ පූජාවක්‌

සර්ව ශුභවාදී දෙවඟනක්‌ ලෙස පෙනී සිටිමින් සාමය, සමෘද්ධිය, සශ්‍රීකත්වය, රූපශ්‍රීය, ධනය, සෞභාග්‍යය වැනි ශුභවාදී සම්පත් සකල ලෝකවාසී සත්ත්වයාට දානය කරන්නාවූ ශ්‍රී ලක්‍ෂ්මී දේවියගේ ඇල්ම බැල්ම යම් නිවසකට ලැබීමෙන් එකී නිවසේ ජීවත්වන්නන්ගේ සියලු දුක්‌ කරදර මඟහරවා සෞභාග්‍යය උදාවන බව සත්‍යයකි.

එකී යහපත උදාකරගැනීම පිණිස අනාදිමත් කාලයක සිට බැතිමතුන් විවිධ පුදපූජා සිදුකරන අතර ශ්‍රී ලක්‍ෂ්මී දේවියගේ ආකර්ෂණය තම නිවසට ළඟාකර ගනිමින් සහනයෙන් ජීවත්වීමට කැමති ඔබටද ඒ සඳහා මෙම පූජා ක්‍රමය අනුගමනය කළහැකිය.

බදාදා දිනවල හිමිදිරි පාන්දර මල්, පහන්, සුවඳදුම්, පැන්, කිරි ආහාර පූජාකර බුදුන්වැඳ දෙවියන්ට පිං අනුමෝදන් කරන්න. ඉන් අනතුරුව නිවසේ මධ්‍යලක්‍ෂය (හරි මැද) හෙවත් බ්‍රහ්ම පාදයේ උස්‌ ආසනයක්‌ තනා ශ්‍රී ලක්‍ෂ්මියගේ වාසභවන බෙලි වෘක්‍ෂය බැවින් බෙලි කොළ ආසනයේ අතුරා ඒ මත ඇයගේ පිළිරුවක්‌ ඊසාන දිශාවට මුහුණලා තබා නෙලුමක්‌ තම ආසනය කොටගත් බැවින් නිවසේ සාමාජිකයන් සියලුදෙනා වෙනුවෙන් නෙලුම්මල බැගින්ද සඳුන්තෙල් පහන බැගින්ද සුවඳ දුම් සමඟ පූජාකර නිරිත දිශාව බලා වන්aදනා මාන කර පිං අනුමෝදන් කර පහත සඳහන් ශ්‍රී ලක්‍ෂ්මී ගාථා ගායනා කර තම තමන් බලාපොරොත්තු වන්නා වූ අභිමතාර්ථ ඉටුකර දී නිවසේ සියලු දෙනාගේ සුබසිද්ධියත් සෞභාග්‍යයත් උදාකරදෙන ලෙස ඉල්ලා සිටීමෙන් ඔබගේ බලාපොරොත්තු ඉටුවීම පිණිස ශ්‍රී ලක්‍ෂ්මියගේ ඇල්ම බැල්ම ආකර්ෂණය නිරතුරුවම උදාවනු ඇත.

ශ්‍රී ලක්‍ෂ්මී නාම ස්‌තෝත්‍රය

ඕං මහා දේවාය නමඃ

ඕං ගරුඬා රූඩ තොලා සුර භයංකරී නමඃ

සර්ව පාපහරේ දේවි නමඃ

මහා මාතා මහා ලක්‍ෂ්මී නමඃ

සිද්ධි බුද්ධි ඥන දේවි නමඃ

බුක්‌ති මුක්‌ති ප්‍රදායිනී නමඃ

මන්ත්‍ර මූර්තෙ සදා දේවි නමඃ

ස්‌ථුල සූක්‍ෂම මහා රෞද්‍ර නමඃ

ආද්‍ය ශක්‌ති මහා මහෙශ්වරී නමඃ

මහා පාප හරේ දේවි නමඃ

පද්මාසන සථිතෙ දේවි නමඃ

නා නා ලංකාර භූෂිතෙ නමඃ

ජගන් ස්‌ථිතෙ ජගන් මාතා නමඃ

මහා මාතා මහා ලක්‍ෂ්මී නමඃ

සර්වක්‍ෂ සර්වවරදෙ නමඃ

සර්ව දෘෂ්ටි භයංකරී නමඃ

සර්ව දුක්‌ඛ හරේ දේවි නමඃ

මහා මාතා මහා ලක්‍ෂ්මී නමඃ

ශීරො මේ විෂ්ණු පන්නීච

ලලාටම මාත්‍රො භවා

චක්‌ෂුශී සුවිලාක්‍ෂී

ශ්‍රවණෝ ගාග රාම් බුජා

පූජාව අවසානයේ භක්‌තිමත් සිතින් මෙසේ කන්නලව් කරන්න.

ශ්‍රීමත් උතුම් වූ ශ්‍රී ලක්‍ෂ්මී නමෝපලක්‍ෂිත වූ ඔබ දිව්‍යාංගනාවන් වහන්සේ ශ්‍රී ලක්‍ෂ්මී, මහා ලක්‍ෂ්මී, ධන ලක්‍ෂ්මී, රූප ලක්‍ෂ්මී, නෘත්‍ය ලක්‍ෂ්මී, ප්‍රතාප ලක්‍ෂ්මී, සූර්ය ලක්‍ෂ්මී, වීර්ය ලක්‍ෂ්මී ප්‍රඥා ලක්‍ෂ්මී, සුන්දර ලක්‍ෂ්මී, සර්ව රෝග නිවාරණ ලක්‍ෂ්මී වශයෙන් දස වාරයක්‌ මෙලොව පහළවී සකල ලෝකවාසීන් වෙත දයාව කරුණාව දානය කරමින් සියලු දුක්‌ඛ දොaමනස්‌සයන් හිරු දුටු පිනි මෙන් විද්වංශනය කොට සර්ව සෞභාග්‍යය උදාකර දුන් බව සැබෑය.

ස්‌වර්ණ කුම්භයක්‌ සුරතින් දරා ස්‌වර්ණ කහවණු අත්ලෙන් වගුරුවමින් සකල ඓශ්චර්යයටත් සෞභාග්‍යයටත් අධිපතිත්වය දරමින් ලෝකවාසී සත්ත්වයා වෙත ධනය, රූපශ්‍රීය, සාමය, සමෘද්ධිය, ප්‍රේමය ප්‍රදානය කරමින් සැමගේ සිත් සතන් පුබුදු කරමින් දේශයෙන් දේශයට රටින් රටට ගමින් ගමට නිවසින් නිවසට හදවතින් හදවතම සපැමිණ සතුට ප්‍රදානය කරන්නා වූ ඔබ වහන්සේගේ පාදමූලයට නමස්‌කාර කොට පුද පඬුරු ඔප්පුකර මල් පහන් සුවඳදුම් ආදී අනේක විධ පූජෝපහාරයන් පුදකොට සැලකර අයෑද සිටින්නාවූ අපගේ අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ කරවා සියලු දුක්‌ඛ දොaමනස්‌සයන් දුරුකරවා සකල ඓශ්චර්යයත් සර්ව සෞභාග්‍යයත් ළඟාකරදී වැඩිදියුණු කරවා සියලු යස ඉසුරින් සපුරවා යහපත්වූ හෙට දවසකට අශිර්වාද කරන සේක්‌වා·

‍මෙය තවත් කෙනෙක්ට යහපතක් වනු පිනිස Share කරන්න

සියලු දොස් දුරුකර සම්පත් උදාකරන 'මහ ලක්ෂ්මී දිව්‍ය රාජ තෛලය' පවුල්වල, ව්‍යාපාරවල දියුණුව සමගිය ඉතා පහසුවෙන් ළඟා වේ.අප නො...
14/09/2020

සියලු දොස් දුරුකර සම්පත් උදාකරන 'මහ ලක්ෂ්මී දිව්‍ය රාජ තෛලය'
පවුල්වල, ව්‍යාපාරවල දියුණුව සමගිය ඉතා පහසුවෙන් ළඟා වේ.
අප නොදකින සහ අපට නොපෙනෙන විවිධ බලවේග, ඇස්වහ කටවහ දෝෂ නව ග්‍රහ, බහිරව, ප්‍රේත,දෝෂ වල බලපෑම් අපේ ජීවිත අඳුරු කර ඇත.
'මහ ලක්ෂ්මී දිව්‍ය රාජ තෛලය' එතෙර මෙතෙර බොහෝ දෙනෙකුගේ ජීවිත ආලෝකමත් කර ඇත.
⭕ පවුලට, ව්‍යාපාරයට,වෙළෙඳ සැලට බලපා ඇති සියලු දෝෂ ඉවත්කර සීග්‍ර දියුණුවක් ලබාදේ.
⭕ පවුලේ අඩදබර, අසමගිය, අනවශ්‍ය කරදර සියල්ල ඉවත් කරයි.
⭕ කරදර වලින් තොර ආර්ථිකව ශක්තිමත් ප්‍රීතිමත් ජීවිතයක් ස්ථිරවම ලබාදේ.
මහ ලක්ෂ්මී දිව්‍ය රාජ තෛලයෙන් ඔබේ නිවසේ පහනක් දල්වන්න.

ප්‍රධාන වෙදැදුරු,
R.M. සෙනරත් දිසානායක
මහ ලක්ෂ්මී ශාන්ති මන්දිරය, තිරිකුණාමලය පාර, මිහින්තලේ
වැඩි විස්තර සඳහා inbox message කරන්න

වජ්‍රායුධයේ ප්‍රවෘත්තියවජ්‍රය හෙවත් වජ්‍රායුධය යනු දෙදෙව්ලොවට අධිපති සක්‍ර දේවේන්ද්‍රයන්ගේ දිව්‍යමය ආයුධයයි. වජ්‍රයේ උපත...
13/09/2020

වජ්‍රායුධයේ ප්‍රවෘත්තිය

වජ්‍රය හෙවත් වජ්‍රායුධය යනු දෙදෙව්ලොවට අධිපති සක්‍ර දේවේන්ද්‍රයන්ගේ දිව්‍යමය ආයුධයයි. වජ්‍රයේ උපත පිළිබඳ කතා පුවත ඍජ් වේදය හා පුරාණ තුල මෙසේ සඳහන් වේ. පුරාණයේ ව්‍රිත්‍ර හෙවත් අහී නම් බලවත් අසුරයෙකු විය. ඔහු විශාල මකරෙකු වැනි සර්පයෙකුගේ වේශයක් ඇති අසුරයෙකි. ව්‍රිත්‍ර මහා බ්‍රහ්ම වන්දනා කරමින් දීර්ඝ කාලයක් උග්‍ර තපස් රැකීමෙන් මහා බ්‍රහ්මයාගෙන් වරයක් ලැබීය. එනම් මෙතෙක් ලොව ඇති කිසිදු ආයුධයකින් තමන් විනාශ කළ නොහැකි වීමටත් දැවමය හෝ ලෝහමය කිසිදු ආයුධයකින් තමන් විනාශ නොකළ හැකි විය යුතුය යන වරයයි. වරය ලැබීමෙන් මානයෙන් උදම් වූ ව්‍රිත්‍ර අසුරයා දෙවියන් සමග යුධ කර දෙව්ලොව ආක්‍රමණය කළේය. මහා බ්‍රහ්ම වෙතින් ලැබූ වරය නිසා දෙවියන් සතු කිසිදු ආයුධයකින් ව්‍රිත්‍ර හට හානි කළ නොහැකි විය. ව්‍රිත්‍ර හට දෙව්ලොව පාලනය උරුම වීමෙන් දෙව්ලොවද මනුලොවද මහත් විපතට පත් විය. දෙවියන්ටද ඍෂිවරුන් හටද හිංසා කළ ව්‍රිත්‍ර අසුරයා මිනිස් ලොවට වැසි උදාවිමද නතර කළේය. දෙවියන්ද මිනිසුන්ද පීඩාවට පත් කරනා මෙම අසුරයා විනාශ කිරීමට ඉන්ද්‍ර හෙවත් සක්‍ර දෙවියන් විෂ්ණු දෙවියන් ගෙන් උපකාර අයැද සිටියේය.

ව්‍රිත්‍ර විනාශ කිරීමට නම් මෙතෙක් ලොව ඇති කිසිදු ආයුධයකට සමාන නොවන දියමන්තියෙන් තැනූ ආයුධයක් නිර්මාණය කළ යුතු බවත් ඒ තුල දියමන්ති මෙන් දැඩි අස්ථි දරන දධිචි නම් ඍෂි වරයාගේ කශේරු අස්ථි පිහිටවිය යුතු බවත් විෂ්ණු දෙවියන් සක්‍ර දෙවියන් හට පැවසීය. සක්‍ර දෙවියන් දධිචි ඍෂි හමුවට ගොස් මේ පුවත සැලකළේය. මනුලොවත් දෙව්ලොවත් පිඩාවට පත් විපතෙන් ගලවාගැනීමට දධිචි ඍෂි වරයා එකඟ වුයේය. තමන්ගේ මරණයට පෙර ගංගා, බ්‍රහ්මපුත්‍ර ආදී ශුද්ධ වූ ගංගාවන් වන්දනාවේ ගොස් එම ජලයෙන් පිරිසිදු විය යුතු බව දධිචි ඍෂි වරයා සක් දෙවිඳු හට පැවසීය. ඒ සදහා බොහෝ කල් ගත වේ යයි සිතු සක්‍ර දෙවියන් දිව්‍යමය බලයෙන් සියළුම ශුද්ධ ගංගාවන් එක් කොට නෛමිෂ නම් වනයට රැස් කළේය. දධිචි ඍෂි වරයා ගංගාවන්ගේ ජලයෙන් පවිත්‍ර වී ධ්‍යාන බලයෙන් තම ශරීරය දහනය වීමට සලස්වා ජීවිතය අත්හළේය.

දධිචි ඍෂි වරයාගේ කශේරු අස්ථිද රැගෙන ඉන්ද්‍ර දෙවියන් විශ්වකර්ම දෙවියන් වෙත ගියේය. විශ්වකර්ම දෙවියන් දියමන්ති තුල දධිචි ඍෂි වරයාගේ බලගතු අස්ථින් බහා එතෙක් ලොව ඇති කිසිදු ආයුධයකට සම නොවන අකුණු සැර ඇති කරන වජ්‍රායුධය නිර්මාණය කළේය. වජ්‍රයද රැගෙන ව්‍රිත්‍ර අසුර සමග යුධයට ගිය සක්‍ර දෙවියන් අකුණු විදුලියෙන් පහර දී ව්‍රිත්‍ර මරුමුවට පත් කළේය. වජ්‍රය හෙවත් වජ්‍රායුධයේ උපත මෙලෙසින් සිදුවූ බව හින්දු පුරාණ සාහිත්‍යයේ සඳහන් වේ. ශ්‍රී ලංකාව තුල වජ්‍රය ප්‍රචලිත වීම මෑත කාලීනව සිදු වුවද හින්දු දහම හා වජ්‍රයාන බුදුදහම ප්‍රචලිත ඉන්දියාව චීනය ටිබේටය තායිලන්තය වැනි රට වල ඈත අතීතයේ සිටම සක්‍ර දෙවියන් සංකේතවත් කරමින් වජ්‍ර නිපදවීම හා භාවිත කිරීම සිදුවේ...

~~~සක්‍ර දේවේන්ද්‍ර වන්දනාව~~~

දෙදෙව්ලොවට අධිපති වූද
වෛජ⁣යන්ත ප්‍රාසාදයේ වැඩවසන්නා වූද
සුධර්මා දේව සභාවේ මුලසුන හොබවන්නා වූද
පාණ්ඩු කම්බල ශෛලාසනයේ විරාජමානව වැඩහිදින්නා වූද
චතුර් දන්තධාරී ධවල වර්ණ ඓරාවණ හස්තියා මතින් වඩින්නා වූද
මහා බලසම්පන්න වජ්‍රායුධය අතින් දරා සිටිමින් අකුණු සැර ඇතිකර අසුර බල බිදහෙලන්නා වූද
දිව්‍ය මනුශ්‍ය බ්‍රහ්ම තුන් ලොවකට දේවාඥාව පතුරවන්නා වුද

ඉඳු ඉඳුරැ ඉන්ද්‍ර
සක්ක ශක්‍ර සහස්සක්ක
මඝවා පුරින්දද දේවානමින්ද
සුරපති සුජම්පති තිදස්පති
සුරනිදු සහසැස් පුරදුරැ
විදුරත් වාසව වජ්‍රපානි
වජ්‍රාශ්ට වජිරන් වජ්‍රබාහු
ආදී කොට ඇති සහසක් නාමයෙන් වර ලද වුද

දහසක් දිවැස් ඇති
දෙදෙව්ලොවට අධිපති
මට ඉදුරැ දික්පති
දනෝ සක් දෙවිදු යැයි පවසති
ලෙසින් කියු හෙයින්

වජ්‍රධාරී වූ
තුන් ලොවට අධිපති වු
මහා බලයෙන් යුක්ත වු
මහා ගුණයෙන් යුක්ත වු
මහා පිනෙන් යුක්ත වු
සෝවාන් ඵලයට පැමිණ වදාළාවු
ශාසනාරක්ශක ලෝක පාලක තුන්ලෝකාධිපති
සක්‍ර දේවේන්ද්‍රයන් හට නමස්කාර වේවා

~~~ගයාත්‍රි මන්ත්‍ර~~~
ඕම් දේව රාජාය විද්මහේ
වජ්‍ර හස්තාය ධීමහි
තන්නෝ සක්‍ර‍ ප්‍රශෝදයාර්ත්

ඕම් සහස්‍ර නේත්‍රාය විද්මහේ
වජ්‍ර හස්තාය ධීමහි
තන්නෝ ඉන්ද්‍ර ප්‍රශෝදයාර්ත්

~~~මූල මන්ත්‍ර~~~
ඕම් ඉන්ද්‍රාය දේවරාජාය නමඃ

~~~ස්තෝත්‍ර~~~
ශ්‍රී මාන් දේව පුරංදිරාදි නිමලාන් - දිව්‍යාති දේවා මහං.......
යුග්මේ හස්ථක සංඛ වජ්‍ර දරනවි- සර්වාභරණ භූෂිතම්...
ශේෂ්ඨං වෛරාවනාදි නිමලාං - දිව්‍යාති දේවා මහං......
තංතේජේන භවංතු මේ සුරනිදුං- රක්ෂන්තු කූර්ව මංගලම්...............

~~~පිංදීම~~~
සම්බුද්ධසාසනවරං යතිපුඬ්ගවංච
සම්පාලනාය පටිලද්ධ වරෝ මහිද්ධි
සක්කෝති විස්සුත සුජම්පතී දේවරාජා
පුඤ්ඤානුමෝදතු සදා සුඛාමාවහන්තං

13/09/2020

Address

Trincomalee Road, Mihintale
Anuradhapura
50000

Website

Alerts

Be the first to know and let us send you an email when Laxmi Mandir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram