Medicare Thissa Wewa, Anuradhapura

Medicare Thissa Wewa, Anuradhapura For providing updated personalised medical care for you.

@ Thisawewa, Anuradhapura
13/11/2022

@ Thisawewa, Anuradhapura

https://youtu.be/G5Q9qdgOMu8
06/11/2022

https://youtu.be/G5Q9qdgOMu8

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය | சுகாதார மேம்பாட்டு பணியகம் | Health Promotion Bureau |

පිළිස්සීමකදි ලබා දිය යුතු ප්‍රථමාධාරවිවිධ ආලේපන ගැල්වීම සුදුසුද?
08/10/2022

පිළිස්සීමකදි ලබා දිය යුතු ප්‍රථමාධාර
විවිධ ආලේපන ගැල්වීම සුදුසුද?

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය (HPB) යනු සෞඛ්‍ය අධ්‍යාපනය, සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ සෞඛ්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සඳහා ශ්‍...

ළඟම ඉන්න කෙනෙකුට සර්පයකු දෂ්ඨ කළොත් දිය යුතු ප්‍රථමාධාර
08/10/2022

ළඟම ඉන්න කෙනෙකුට සර්පයකු දෂ්ඨ කළොත් දිය යුතු ප්‍රථමාධාර

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය (HPB) යනු සෞඛ්‍ය අධ්‍යාපනය, සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ සෞඛ්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සඳහා ශ්‍...

ළඟම ඉන්න කෙනෙකුට වලිප්පුව හැදුනොත් මොකද කරන්නේ?
08/10/2022

ළඟම ඉන්න කෙනෙකුට වලිප්පුව හැදුනොත් මොකද කරන්නේ?

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය (HPB) යනු සෞඛ්‍ය අධ්‍යාපනය, සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ සෞඛ්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සඳහා ශ්‍...

අධික රුධිර වහනය විටකදී කල යුත්තේ කුමක්ද?
08/10/2022

අධික රුධිර වහනය විටකදී කල යුත්තේ කුමක්ද?

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය (HPB) යනු සෞඛ්‍ය අධ්‍යාපනය, සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ සෞඛ්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සඳහා ශ්‍...

නිවසේදී රුධිර පීඩනය මැන ගන්නේ කෙසේද?
08/10/2022

නිවසේදී රුධිර පීඩනය මැන ගන්නේ කෙසේද?

නිවසේදි අදි රුදිර පීඩනය මෑනගන්නෙ කෙසේද || සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය | Health Promotion Bureau | සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය (HPB) යන.....

ශ්‍රී ලංකාවේ පිරිමින් අතර බහුලම පිළිකා වර්ගය - මුඛ පිළිකා ?
08/10/2022

ශ්‍රී ලංකාවේ පිරිමින් අතර බහුලම පිළිකා වර්ගය - මුඛ පිළිකා ?

ස්වයං මුඛ පරීක්ෂාව | Self mouth examination | Health Srilanka | Sinhala | Health Promotion Bureauසෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය (HPB) යනු සෞඛ්‍ය අධ්‍යාපනය, සෞඛ්‍...

 #මුඛ පිළිකා වළක්වා ගමු. කල්තියා හඳුනා ගැනිමෙන් මරු - කටින් බේරේමු.
08/10/2022

#මුඛ පිළිකා වළක්වා ගමු. කල්තියා හඳුනා ගැනිමෙන් මරු - කටින් බේරේමු.

මරු - කටින් ගැලවූ මිතුරා ( සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)
—--------------------------------------------------------

"ඇත්තටම මේ අමාරුව මට දැනෙන්න අරගෙන මාස දෙක හමාරක් විතර වෙනවා. මුලින්ම යටි තොලේ වම් පැත්තේ උෂ්ණ බිබිලක් වගේ දෙයක් මතු වුණා. ඒක සනීප වෙන්න කල් ගත වුණ නිසා ඩිස්පෙන්සරියකින් වතාවක් බෙහෙතුත් අරගත්තා. ඊට පස්සෙ කාලයක් ගොඩ වෙදකම් කළා. ඒ කිසිම දේකින් තුවාලෙ නිට්ටාවට සනීප වුණේ නෑ. ඒ වෙලාවෙ ඔෆිස් එකේ යාළුවෙක් තමා කිව්වෙ, අපි මේක ඩෙන්ටල් එකට පෙන්නමු කියලා. අපි ගමේ ඉස්පිරිතාලේ ඩෙන්ටල් එකට ගියා. එතනින් ලොකු ඉස්පිරිතාලේ විශේෂඥ දන්ත සායනයට යැව්වා. එතනදි තුවාලෙන් කොටසක් ටෙස්ට් කරන්න අරගත්තා. රිපෝට් එක ගන්න මට ආපහු එන්න කියල පණිවිඩයක් එව්වා. රිපෝට් එකේ හැටියට මේක මුඛ පිළිකාවක්. ඇඟේ අනිත් තැන් වලටත් පැතිරෙන්න ඉඩ තියෙන නිසා ඉක්මනින් ඔපරේෂන් කරන්න ඕනෙ බව මම දැනගත්තෙ ඒ වෙලාවෙ"

ඊලඟ දවසේ ශල්‍යකර්ම ලැයිස්තුවේ මුලටම ඇතුළත් වෙලා ඉන්න 44 වියැති සුරේෂ්, මහ රෝහලේ වාට්ටුවක දි අපට හමුවුණ වෙලාවෙ තමන්ගෙ කතාව විස්තර කරන්න පටන්ගත්තේ ඒ විදිහට.

“මම පුද්ගලික ආයතනයක අයකිරීමේ නිලධාරී විදියට වැඩ කරන කෙනෙක්. අරක්කු සිගරට් නිසා මේ වගේ දේ වෙන්න පුළුවන් බව මම දැනගෙන හිටියා. ඒ හින්දා මම සිගරට් බිව්වේම නෑ. අරක්කු බීමත් හරිම කලාතුරකින්. ඒ වුණාට මම අවුරුදු විස්සෙ විතර ඉඳන් බාබුල් කියන විට කනවා. ඒවා ගෙදර ගෙනැත් තියාගෙන හැමදාම හවසට ටික ටික කෑවා. ටික කාලයක් මෙහෙම යනකොට පොඩි සැර දෙයක් කෑවත් කට දන්න පටන්ගත්තා. කොටින්ම මට කෑම කන්න වුණේ සුදට හදලා විතරයි. නෝනා පෙරැත්ත කළත් මේ පුරුද්ද මම මුලදී නැවැත්තුවේ ම නැහැ. නෝනගෙ ඉල්ලීම පිට පස්සේ නතර කරල දැම්මත්, දැන් පේන විදිහට ඒකේ බලපෑම දිගටම තිබිල තියෙනවා. බාබුල්වල තියෙන පුවක් දුම්කොළවලින් මෙච්චර විනාශයක් වෙන්න පුළුවන් කියලා මම හිතුවෙ නෑ”.

එහෙම කියලා සුරේෂ් මොහොතක් කල්පනාවට වැටුනා. ලෙඩ්ඩු බලන වෙලාව පටන්ගෙන, නැවතිලා ඉන්න අයගේ නෑදෑ හිතවත්තු එක්කෙනා දෙන්නා වාට්ටුවට එන්න පටන් ගනිද්දි, සුරේෂ් ආයෙම කතාව පටන්ගත්තා.

"මට ඉස්කෝලෙ යන වයසෙ දුවල දෙන්නෙක් ඉන්නවා. එයාල බය වෙයි කියල තාම ඇත්ත කතාව කිව්වෙ නෑ. ඉස්පිරිතාලෙන්, නෝනට ඇත්ත විස්තරේ කියන්න කියනකොටත් එයා රිපෝට් එක අඳුනන ඩොක්ටර් කෙනෙකුට පෙන්නලා මේක පිළිකාවක් බව දැනගෙන තිබුණා. යාළුවගෙ පෙරැත්තෙට එදා ඉක්මණින් මෙතනට නාවානම් මොනවයින් මොනවා වෙයි ද කියන්න බෑ. පවුලෙ රස්සාවක් කරන්නෙත් මම විතරයි". දිග සුසුමක් හෙළන ගමන් ඔහු එහෙම කිව්වා.
මගේ වාසනාවට මුඛ පිළිකාවේ මුල් අවස්ථාවේදීම ආපු නිසා ඔපරේෂන් එකෙන් පස්සේ එන්න පුළුවන් ප්‍රශ්න අඩුයි කියලා දොස්තර මහත්තය කිව්වා.

හෙට ශල්‍යකර්මය 100% ක්ම සාර්ථක වෙලා, මුඛ පිළිකාව නිට්ටාවටම සුව වෙන්න ප්‍රාර්ථනා කරන ගමන් මරු - කටින් යාන්තමින් ගැලවුනු ඔහුගේ කතාව ඔබට කියන්න අවසරයත් අරගෙනම අපි සුරේෂ්ට සමු දුන්නා.
…………….
මුඛ පිළිකාවට ප්‍රධාන හේතූන් ලෙස හඳුනාගෙන තිබෙන්නේ දුම්කොළ හෝ පුවක් සමඟ බුලත් විට සැපීම, දුම් බීම සහ මත්වතුර භාවිතයයි. සාම්ප්‍රදායික බුලත්විටට අමතරව විවිධ ආකාරයෙන් සැකසූ බාබුල් වැනි පුවක් සහ දුම්කොළ නිෂ්පාදනත් පිළිකාකාරක ලෙස ක්‍රියා කරනවා.

මුඛ පිළිකා යනු ශ්‍රී ලංකාවේ පිරිමි අය අතර සුලබම පිළිකා වර්ගයයි. සෑම දිනකම ශ්‍රී ලාංකිකයින් තුන් දෙනෙකු මුඛ පිළිකාව නිසා මියයනවා. සෑම දිනකම හය දෙනෙකු මුඛ පිළිකා රෝගීන් ලෙස හඳුනා ගැනෙන අතර වඩාත් කනගාටුවට කරුණ වන්නේ ඒ අතරින් 70% ක් පමණ දෙනා රෝහලට පැමිණෙන විටත් තුන්වන හෝ හතරවන මට්ටමට වර්ධනය වූ සුව කිරීමට අපහසු අවසාන අවස්ථාවල පසුවීමයි. අවසාන අවස්ථාවල දී ප්‍රතිකාර කලත් මුහුණේ විකෘතිතා ඇති වන අතර, ආහාර ගැනීමේදී සහ කතා කිරීමේදී ඇති වන අපහසුතා ජීවිත කාලය පුරාවටම අත් විදීමට සිදුවෙනවා. ඒ වගේම තම රැකියාව පවා කර ගෙන යාමේ දුෂ්කරතා මතු වෙනවා.

මෙලෙස ඔබේත් ඔබගේ ආදරණීයයන්ගේත් ජීවිත අඳුරට ඇද දමන ඉහත කී භයානක පුරුදු වලින් නොපමාව අත්මිදීම මඟින් මුඛ පිළිකාවට ඇති අවදානම අඩු කරගන්න ඔබට හැකියාව තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ අවදානම් හැසිරීම්වල යෙදෙන ඔබේ ආදරණියයන් එක්ක මේ පණිවිඩය බෙදාගෙන ඒ අයවත් ගලවාගන්න ඔබ කටයුතු කරාවි කියලත් අපි බලාපොරොත්තු වෙනවා. ඔබට යම් මුඛ සෞඛ්‍ය ගැටලුවක් ඇත්නම්, කල් නොයවා දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකු හමු වී උපදෙස් ලබා ගැනීමත් ඉතා වැදගත්. ඔබ සැමට නිරෝගී දිවියක්!

08/10/2022

ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න නම්…

ලොව පුරා මිනිසුන් මේ වනවිට පසු කරමින් සිටින්නේ ඉතාමත් තීරණාත්මක කාල වකවානුවක්. රටක් ලෙස ශ්‍රී ලංකාව ආර්ථික සහ දේශපාලනමය අර්බුදකාරී තත්වයකට මුහුණ දෙන අතර තුර මුළු මහත් ලෝකයම අඩපණ කල කොවිඩ්-19 සහ වසංගතය, රටවල් අතර වර්ධනය වන යුධමය තත්වයන්, දේශගුණ විපර්‍යාස වල බලපෑම වැනි හේතු කාරණා පදනම් කරගෙන බරපතල ආර්ථික සහ සාමාජයීය ගැටලු වලට මුහුණ දෙන්නට බොහෝ රටවලට මේ වනවිට සිදු වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඇතිවී පවත්නා ආර්ථික අර්බුදය හමුවේ අපේ පෝෂණයට ඇතිවිය හැකි බලපෑම ගැන නොයෙක් පුරෝකථනයන් ඔබ දැනටමත් දැක ඇතිවාට සැක නැහැ.
මෙවන් ආර්ථික වශයෙන් අර්බුදකාරී වකවානුවක ස්වභාවිකවම ලැබෙන පෝෂණ ප්‍රභවයක් ලෙස මව්කිරිවල ඇති වටිනාකමත් ඔබට අවධාරණය කරන්නට අප කටයුතු කලා ඔබට මතක ඇති. ළදරුවාගේ පළමු මාස හය සම්පූර්ණ වන තුරු මව් කිරි පමණක් ලබාදීම තුලින් අවශ්‍ය සම්පූර්ණ පෝෂණය ලබාගැනීමේ ඇති හැකියාවත්, කායික වර්ධනයට මෙන්ම මානසික සංවර්ධනයටත් එහි ඇති වැදගත්කමත් අප ඔබ සමඟ සාකච්ඡා කරනු ලැබුවා. එම සටහනෙහිම දිගුවක් ලෙස පළමු මාස හය සම්පූර්ණ වූ දරුවෙකුගේ පෝෂණය රැකගැනීම සඳහා මේ අභියෝගාත්මක වකවානුවේ අපට කලහැකි දෑ පිළිබඳව විමසා බැලීමටයි අපගේ මේ උත්සාහය.

ළදරුවාට මාස 6 සම්පූර්ණ වීමෙන් පසුත් අමතර ආහාර සමඟ මව්කිරි ලබාදීම අවුරුදු දෙක තෙක් හෝ ඊට වැඩි කාලයක් කළ යුතු බව ඔබ දන්නවා.

මාස 6 සිට පළමු වසර සම්පූර්ණ වන තෙක්, දිවා කාලයේ දී තුන් හතර වතාවක් සහ රාත්‍රී කාලයේදී එක් වතාවක් වශයෙන් මව් කිරි ලබාදිය හැක. එමෙන්ම පළමු වසර සම්පූර්ණ වීමේ සිට අවුරුදු 2 වන තෙක් දිවා කාලයේ දෙතුන් වතාවක් මව්කිරි ලබා දීම සුදුසු වනවා. වයස අවුරුදු දෙකෙන් පසුවත් දිවා කාලයේ දී මෙලෙස ම මව්කිරි ලබා දීමට හැකියි. ඉහත කී පරිදි මව්කිරි ලබන දරුවන්ට වෙනත් කිරි ආහාර ලබා දීම අත්‍යවශ්‍ය නැහැ. මේ අයුරින් මව්කිරි ලබාදීම කළමනාකරණය කරගැනීමට ඔබට හැකියාවක් පවතී නම් වෙනත් කිරි වර්ග සඳහා වැයවෙන විශාල මුදල ඉතිරි කර ගැනීමට එය රුකුලක් වනු නොඅනුමානයි.
වැඩිහිටියෙකු සමඟ සැසඳූ විට කුඩා දරුවෙකුට දිනකට අවශ්‍ය ආහාර ප්‍රමාණය කුඩා වුවත් එහි අඩංගු පෝෂණය වයසට ගැලපෙන පරිදි පවත්වාගැනීම ඉතාම වැදගත්. ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ඔබ ඉතිරි කරගන්නා මුදල් සකසුරුවමින් පරිහරණය කරමින් දරුවන්ට අවශ්‍ය වන කුඩා ආහාර ප්‍රමාණය පෝෂ්‍යදායී ලෙස ලබා දෙන්නේ කෙසේ දැයි දැන් අප සාකච්ඡා කරන්නට සූදානම්.

හැකි සෑම අවස්ථාවකදී ම නිවසේදී ආහාර වේල සකසාගැනීම, මුදල් ඉතිරි කරගැනීමේ මඟක් මෙන්ම ආහාර වේලේ සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කරගැනීමට ගත හැකි ප්‍රධානතම ක්‍රියාමාර්ගයක්.

මාස හයේ සිට පළමු වසර සම්පූර්ණ වන තෙක් ඔබේ දරුවාට ලබාදෙන ආහාර වේල සකසා ගැනීමේ දී ඔබේ ගෙවත්තෙන් හෝ වෙළඳපොළෙන් අඩු මිලට ලබා ගත හැකි කොළ පලා වර්ග (උදා: මුරුංගා , කතුරු මුරුංගා) , දේශීය කහ පැහැති එළවළු සහ පලතුරු වර්ග ලබා දිය හැකිය.

ප්‍රෝටීනමය ආහාර ලෙස කුඩා මාළු, වේලා කුඩුකරගන්නා ලද හාල්මැස්සන් , කූනිස්සන්, වැව් මාළු, බිත්තර, පරිප්පු , සෝයා වැනි ආහාර සුදුසුයි.

පිෂ්ටමය ආහාර ලෙස නිව්ඩු සහල්, බතල, දේශිය අල වර්ග, කොස්, දෙල්, මේද සංඝටක ලෙස පොල් සහ තෙල් වර්ගද යොදාගැනීමේ හැකියාව තිබෙනවා.

පොල් කිරි හෝ තෙල් ස්වල්පයක් එකතු කිරීම, ඔබ සකසන ආහාරයේ ශක්තිජනක අගය වැඩි කරගැනීමේ උපක්‍රමයක්.
ආහාර එක් වර්ගයකින් කුඩා ප්‍රමාණවලින් ඇති විට ඒවා කලවම්කර තනි ආහාරයක් වුවද පිස ගැනීම (උදා- මිශ්‍ර ව්‍යංජන, කලවම් බත්) කල හැකියි. එමෙන්ම මේ වකවානුවේ විශේෂයෙන් ම ආහාර අපතේ යැවීම අවම කරගැනීම වැදගත්. මේ සඳහා, මිරිකා ගත් පොල් විසි නොකර අඹරාගෙන ව්‍යංජන වලට එකතු කිරීම, කොස් ඇට / කොට්ටම්බා ආදී පෝෂ්‍යදායී ඇට වර්ග ඉවත නොදමා භාවිතයට ගැනීම, ඉතිරි වන බත් හොඳින් වියළා කුඩු කර කෙටි ආහාර නිවසේදීම සකසා ගැනීමට හුරුවීම ආදිය මෙන්ම සහ තවත් නිර්මාණශීලී පිරිමැසුම් උපක්‍රම ඔබට යොදාගත හැකියි.

වයස අවුරුද්දක් වනවිට දරුවා පවුලේ අනෙක් අය ගන්නා ආහාර වලට හුරු කල යුතු අතර , නිවසේ සියලු දෙනා එක්ව ආහාර ගැනීම තුලින් දරුවාට ආහාර ගැනීමේ හොඳ පුරුදු ඉගෙනගැනීමටත් හැකියාව ලැබෙනවා.

අප අතරින් බොහොමයකට ආර්ථික වශයෙන් දුශ්කර මේ අවස්ථාවේ, දරුවාට වයසට අවශ්‍ය නිසි පෝෂණය නොඅඩුව ලබා දෙන්නට ඔබ දරන උත්සාහයට මෙම කරුණු යම් උපකාරයක් වන්නට ඇතැයි අප අපේක්ෂා කරනවා. මේ දැනුම ඔබේ සමීපතමයන් හා බෙදා හදා ගන්නටත් ඔබ නොපැකිල කටයුතු කරනු ඇතැයි අප අපේක්ෂා කරනවා.

08/10/2022

Address

Thissa Wewa
Anuradhapura
50000

Opening Hours

Monday 06:00 - 08:00
16:00 - 20:00
Tuesday 06:00 - 08:00
16:00 - 20:00
Wednesday 06:00 - 08:00
16:00 - 20:00
Thursday 06:00 - 08:00
16:00 - 20:00
Friday 06:00 - 08:00
16:00 - 20:00
Saturday 07:00 - 08:00
17:00 - 20:00
Sunday 07:00 - 08:00
17:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when Medicare Thissa Wewa, Anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Medicare Thissa Wewa, Anuradhapura:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category