New Eiffel pharmacy & Mini super

New Eiffel pharmacy & Mini super Every ill can be cured by a pill....�.

19/07/2025

Quality food made in Italy is now available at your Eiffel pharmacy.

Place your order today
ඉතාලියේ නිශ්පාදිත ගුණාත්මක බවින් යුතු ආහාර සදහා දැන්ම අමතන්න.
අපි අයිෆල් ෆාමසි & මිනි සුපර්.
අභයපුර, අනුරාධපුර.

නින්ද කොච්චර වටිනවද ?                මේ ලිපිය කියවලාම බලන්න ..!ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය කෑවම හැදෙන ලෙඩද?...
13/07/2025

නින්ද කොච්චර වටිනවද ?
මේ ලිපිය කියවලාම බලන්න ..!

ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය කෑවම හැදෙන ලෙඩද?

ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය කෑවම හැදෙන ලෙඩලු නේද?

තෙල් වැඩිය නොකන ඒත් මේ තත්වයන් තියෙන අය කොපමණ ඉන්නවාද?

තමන්ගේ හදවතට තට්ටු කරලා බලන්න තෙල් අඩුවෙන්ම කන අයට තමයි මේ ලෙඩ අන්තිමට ඇවිල්ලා තියෙනනේ. වැඩිපුර පරිස්සම් වෙන්නේ එයාලනේ. ඉතිං තෙල් තියෙන තැනකින් වත් යන්නේ නැහැ. ඒත් කවදාවත් මේ ලෙඩේ හොද වෙන්නෙත් නැහැලු. සමහර අයගේ ජාන වලත් තියෙනවාලු. සාමාන්යයෙන් සොයාගන්න බැරි ලෙඩක් වැටෙන්නේ මේ ජාන කැටගරි එකට තමයි.

මෙයත් අපගේ ශරීරයේ ඇති ස්වභාවික ක්රියාවලියක් වැරදියට වටහා ගැනීමක් නිසා ඇතිවී තියෙන තත්වයක්. අපි මේ කාරණා එකින් එක දිග හැර බලමු.

ඔබ දන්නවාද ඌරා කියන සතා කන තෙල් මොනවාද කියලා. ඌ කන්නේ බොහෝ විට එළවලුනේ. මස් මාංශ කන්නෙත් නැහැනේ. ඒත් උගේ ශරීරයේ කොපමණ තෙල් තියෙනවාද? කොහෙන්ද මේවා ආවේ. ඒ සතා කන දේවල් උගේ ශරීරයේදී ඌට අවශ්ය ආකාරයට පෙරලල හදා ගන්නවා.

අපිත් එහෙමයි. අපි මොනවා කෑවත් මේදය අවශ්ය නම් මේදය නිපදවනවා. එය වෙනස් කරන්න අපට බැහැ. අපි තෙල් සහිත ඒවා නොක ඉදලා ශරීරයේ ඇති මේදය අඩු කරගන්න හදනවා. වෙජිටේරියන් අයට ෆැටි ලිවර් අවේ කෙසේද කියා සොයා බලන්න.

අපි කෙලින්ම මාතෘකාවට බහිමු. වටේ යන්නේ මොකටෙයි. අපි දැන් ඉස්සර වගේ නෙවෙයි. හරියට වස විස කනවා. වස විස කියන්නේ මොනාද? අපි කන යම් දෙයක් නිසා අපගේ ශරීරයේ යම් කොටසකට හානියක් කළ හැකි දේකට අපි කියනවා වස විස කියලා. දැන් අපි මේවා කන එක අනිවාර්යයි කියන එකත් දන්නවානේ.

එලවලු ටිකේ කෘෂිරසායන, බොන වතුරේ ක්ලෝරීන්. ගෙදර ගේන ෆ්රයිඩ් රයිස් එකේ අජිනමොටෝ. කාල බොන පැණී බීම එකේ තවත් විෂ. රිෆයින් කරපු සීනි සහ පාන් පිටි වලත් විෂ එක්වෙලා තියෙනවා. මාගරින් වලත් තියෙනවා. ඒ මදිවට හවස දාන ෂොට් එකත් වස විස, දැන් මේ වස විස ඔක්කොම අපේ මුඛය ඇතුලට ගොස් ආමාෂයේ ටික වේලාවක් තිබිලා ටික ටික කුඩා බඩවැල තුලට ගමන් කරනවා. දැන් මේවා අංගුලිකා වලින් ටික ටික අවශෝෂනය කරනවා. මේ අතර අර විෂද තියෙනවා. දැන් මේ පෝෂ්ය කොටස් සහ විෂ ලේ වලට එක්වෙලා මුල්න්ම යනවා ෆිල්ටර් කරන්න. ඒ ෆිල්ටරය තමයි අක්මාව.

අක්මාව කරන්නේ මෙකක්ද අර වස විෂ ටික තමන්ගාව තියාගෙන ඉතිරි අත්යවශ්ය කොටස් ටික රුධීරයට මුදා හරිනවා. දැන් අක්මාව බෝම්බයක් බැදගෙන ඉන්න කෙනෙක් වගේ. ඒත් කරන්න දේයක් නැහැ. එයාගේ කාර්ය්යනේ.

දැන් අක්මාව මේ ටික සල්ෆර් අංශු සමග එක් කරල බැදලා අක්මාවෙන් පිටකරනවා. දැන් මේවා අපගේ බහිශ්රාවීය පද්ධති මාර්ගයෙන් පිට කල හැකියි. මේසල්ෆර් නිසා තමයි අපගේ දහදිය එහෙම දුගද හමන්නේ. ඒ කියන්නේ දහදිය ගද අය දැනගත යුතුයි තමන්ගේ ආහාර වල වස විෂවැඩි බව. ඒ නිසා අපේ දෛනික ආහාර වේලට යම් සල්ෆර් නැත්නම් ගෙන්දගම් සහිත ආහාරයක් එක් කරගන්න අපි දැනගන්න ඕනි. මොනවද ඒ ආහාර.

ගෝවා.

නොකෝල්.

රාබු.

බ්රොකෝලි.

කෝලිෆ්ලවර්.

සුදුලූණු.

මේ වගේ ආහාර සල්ෆර් බහුලයි. මේවගේ යම් සමාන බවක් දකින්නේ නැද්ද? මේවා නරක් වුනාම ගදයි නේද? ඒ සල්ෆර් නිසා. මේන්න මේ මිනරල් එක් අපි අනිවාර්යයෙන් ආහාරයට එක් කර ගත යුතුයි.

තෛරොයිඩ් ගැටලු තියෙන අය ගෝවා වෙනුවට සුදුලුණු චීස් වගේ ඒවාගෙන් මේ තම ගැටලුව නිරාකරණය කරගත යුතු වෙනවා.
දැන් ඉතින් වහ කෑවට ගැටලුවක් නැහැ. මොකද අක්මාව ඒ ටික තියාගන්නවා පස්සේ සිරුරින් බැහැර කරනවා. හරි ශෝක් නේද? වැඩේ තියෙන්නේ අක්මාවත් වැඩ කරන්නේ අකුරට. එයා තමන් සන්තකයේ තියෙන විෂ ඉවත් කරන්නේ රාත්රී කාලයේ අපි නින්දේ ඉන්නවා නම් විතරයි. ඒකත් රෑ 11 ත් පාන්දර 2ත් අතර අපි තද නින්දේ ඉන්න ඕනි. නැත්නම් මොකද වෙන්නේ. අක්මා මේකා හෙටවත් නිදා ගනීවි නේ කියලා අර විෂ ටික තියාගෙන ඉන්නවා. අනේ මේ මෝඩයා මේක දන්නවා යෑ. පහුවදාත් පාන්දර තුන විතර වෙනකම් නිදි වරනවා. මේ විදිහට අක්මාව තුව වස විෂ එකතු වෙනවා. ඉතිං අක්මාවෙන් කෙරෙන වැඩ කරන්න බැහැ.

මේ විෂ කියන්නේ මොනවාද? විෂ කියන්නේ අපගේ ශරීරයේ සෛල වලට යම් හානියක් කල හැකි විනාෂයක් කල හැකි රසායනිකයකට. කෘමියන්ව විනාෂ කරන්නේ මේ ආකාරයෙන්මයි. උන්ගේ ශරීරයේ සෛල වලට හානි සිදු කර උන්ව මරා දමනවා. දැන් මේවා අපේ ශරීරයට ඇවිල්ලා. ප්රශ්නය තියෙන්නේ දැන්මේ බෝම්බට තියෙන්නේ අක්මාවේ.

අක්මාවේ සෛල වලට මෙයාල දැන් ටික ටික හානි කරනවා. අක්මාවත් ඉන්නවා විද දරාගෙන රෑ වෙනකම් විතරයිනේ උඹට නටන්න පුලුවන් කියලා. ඒත් රෑටක් අපේ අය ඒ විවේකය දෙන්නේ නැහැ අක්මාවට. ඉතිං පහුවදාටත් අර සංතෑසියමයි. එදා ගන්න ආහාර වල තියෙන වස විෂ ටිකත් දැන් එකතු වෙනවා. දැන් හානිය ඩබල්.

අපේ සිරුරේ තියෙනවා හරි අපූරු උපක්රමයක්. අපේ සිරුරේ යම් පඨකයටකට හානියක් වුනොත් ඒ තැනට ප්ලාස්ටර් එකක් දාන ක්රමයක්. මා මින් පෙර ලියා ඇති කොලෙස්ටරෝල් සම්න්ධ ලිපි කියවලා තියෙනවා නම් මෙය තේරුම් ගන්න ලේසියි. දැන් මේ හානි වුන තැන්වලටත් ඒ ප්ලාස්ටර් එක දානවා. මොකද නැත්නම් තවත් හානි වෙනවානේ. අන්න ඒ ප්ලාස්ටර් එකට තමයි ෆැටි ලිවර් කියන්නේ. මේවා අපි කන කෑම වල තියෙන ෆැට් එක නෙවෙයි. කන කෑම වල තියෙන විෂ නිසා අපගේ සිරුරෙන්ම නිපදවන ෆැට් එක.

දැන් මේක මෙහෙම කිව්වට ටිකක් දැනුම් තේරුම් තියෙන අයට මේක ගැටලුවක්. ඒ නිසා තවත් ටිකක් විග්රහ කරන්න වෙනවා. මේ විෂ කියන ඒවා ක්රියා කරන්නේ කෙසේද මේවා වැඩ කරන්නේ ෆ්රී රැඩිකල් ආකාරයට. නැත්නම් මුක්ථ ඛණ්ඩක විදිහට. මේවා ධන අයන ලෙසයි පවතින්නේ. ඉතිං මෙම ධන අයන යම් මාධයයකට ආවම ඒ මාධ්යයේ ඇති ඍණ අයන සමග එක්වෙලා ස්ථායි වෙන්න බලනවා. මෙන්න මේ ක්රියාවලියේදී අදාල ස්ථානයේ ඇති පරමාණු අස්ථායි වෙලා එම අස්ථායී බාවය නැති කරගන්නට වෙර දරණවා. මේ අයුරින් මේක චේන් එකක් ආකාරයට අපගේ ශරීරය තුල ක්රියාත්මක වෙනවා. මෙයයි අක්මාව තුලත් වෙන්නේ.

මේ ක්රියාවලිය ධමණියක් ඇතුලත වුවහොත් එතනටත් ෆැට් එක ඇවිල්ලා කවර් කරගන්නවා. ඒකට අපි කියනවා කොලෙස්ටරෝල් කියලා. මේ කතාවම අක්මාවේ වුනාම කියනවා ෆැටි ලිවර් කියලා. එකම හේතුවක් නිසා හටගන්නා වර්ග දෙකක්.

මේ මුක්ථ කණ්ඩක සොයන්නේ මොනවාද? එයාල සොයන්නේ ඉලෙක්ට්රෝන. ඉතිං හත්දෙයියනේ අපි ඉලෙක්ට්රෝන ආහායට ගත්තා නම් ඉවරයිනේ නේද? ඒත් ඉතිං කරන්ට් වයර් එකක් කටේතියා ගන්න ඇයි නේද? මොකක්ද මේකට තියෙන පිලිතුර. මේ ධන අයන වලින් සිදු කරන ක්රියාවලියට අපි කියනවා ඔක්සිකරණය කියලා. අපේ පරිසරය මේකට හරියන විකල්පයක් නිර්මානය කරලා තියෙනවා. ඒකට කියනවා ප්රතිඔක්සිකාරක කියලා. ප්රති ඔක්සිකාරක සහිත ආහාර අපි දෛනික ආහාර වේලට එක් කරගත්තා නම් දැන් ඉතිං ඒ ගැටලුවත් ඉවරයි නේද? එයාල සොයන්නේ ඉලෙක්ට්රෝන නම් ඉලෙක්ට්රෝන වැඩියෙන් තියෙන ප්රතිඔක්සිකාරක සහිත ආහාර ලබාදුන්නා නම් වැඩේ අහවරයිනේ. නේද? ඒත් ඉතිං අපි දැනගෙන ඉන්න ඕනි මොනවාද මේ ආහාර කියලා.

ප්රති ඔක්සිකාරක ප්රමාණය මණින ඒකකයක් තියෙනවා ORAC ( Oxygen Radical Absorbance Capacity ) කියලා. අන්තර්ජාලය පරීක්ෂා කර බලන්න ORAC අගය වැඩි ආහාර මොනවාද කියලා. ඔබට පුදුම හිතෙයි අපේ රටේ තමයි ලොව හොද ORAC අගයක් තියෙන ආහාර තියෙන්නේ. අපට සාමාන්යයෙන් දවසකට ORAC points 20,000 ක පමණ අගයක් ඇති ආහාර ප්රමාණයක් ගන්න ඕනි. ඒ මොකටද අර අපි දෛනිකව ගන්නා වස විෂ වල ඇති ෆ්රී රැඩිකල් ටික උදාසීන කරගන්න. දැන් ෆැටි ලිවර් හෝ කොලෙස්ටරෝල් ඇති අයෙක්කරන්න තියෙන්නේ මොකක්ද? මේ අගය ටිකක් වැඩි කරලා ගන්න එකයි.

දැන් කෙනෙක් අහන්න පුලුවන් මේවා වැඩි වුනොත් මොකද වෙන්නෙ කියලා. ඔබ නිවසට විදුලිය ගන්නා විට කොළ පාට වයර් එකක් පොලොවට යට කරනවා දැකලා තියෙනවාද? අපි ඒකඑ කියනවා Earth වයර් එක කියලා. මේක තියෙන්නේ වැඩි විදුලියක් ආවොත් පොලොවට එක් කරන්න. ඒ කියන්නේ වැඩියෙන් ඉලෙක්ට්රෝන තියෙනවා නම් ඔබට පොලොවේ පය ගහලා ඇවිදින්න විතරයි තියෙන්නේ. නිකන්ම වැඩේ කෙරෙනවා. හරිම සරලයි. දවසකට ORAC අගය ලක්ෂ දෙකක් ගත්තත් ගැටලුවක් නැහැ. අපි සිංගප්පූරුවේ මේවාගේ අයට දෙන සප්ලිමන්ට් එකක් තියෙනවා 100%ක් ස්වභාවික. එහි ORAC අගය දවසකට ගන්නා මාත්රාව තුල 180000 ක් තියෙනවා. ඉතිං කොලෙස්ටරෝල් ෆැටිලිවර් පලාතක තියෙන්නේ නැහැ. පහත පින්තූරයේ තියෙන ආහාර වල ORAC අගය දෙස බලන්න. එහි ඇති සහ නොමැති අපට ඉතාමත් පහසුවෙන් ලබා ගත හැකි ආහාර කිහිපයක් දක්වන්නම්.

කුරුදු කුඩු. 100g ක ඇති ORAC points ගණන 240,000
වියලිමුරුංගා කොළ කුඩු. 100g ක ඇති ORAC points ගණන 157,000
කිඩ්නි බීන් කප් එකක ඇති ORAC points ගණන 17,500
ග්රීන් ටී කප් එකක ඇති ORAC points ගණන 3,000

දැන් ඔබම ගණන් හදලා බලන්න 20000 කියන්නේ මොනතරම් පහසු අගයක්ද කියලා.

මේ ගැටලුව ඇතිකරණ තවත් එක් මාර්ගයක් තමයි වේදනා නාශක. වේදනා නාශක වල තියෙන ඇසිටොමිනොෆින් වලින්ද මේ කාර්ය්යම කෙරෙනවා. ඒ කියන්නේ අක්මාවට හානි වෙනවා. ඉතිං ඒ තත්වය නැති කරගන්නට නම් වේදනා නාශක වලින් මිදෙන්නට වෙනවා. අවශ්ය නම් මේ ගැන දීර්ඝවකතා කල හැකියි.

තවත් කාරණාවක් තමයි ෆැට් බර්නිං මේනියා එක. මහත වැඩියි කියලා සතියෙන් දෙකෙන් කෙට්ටුවෙන්න යන අය ඉන්නවා නේද? අන්න ඒ අය මේ ටික කිහිප සැරයක් කියවා ගන්න.

වස විෂ ජලයේ දියවෙන්නේ නැහැ. ඒවා බොහෝ විට මේදයේ තමයි දිය වෙන්නේ. අපි කන අහාර වල තියෙන විෂ අක්මාවේ විතරක් නොව සිරුරේ මේද පටක වලත් තැන්පත් වී තියෙන්නට පුලුවන්. අක්මාවට තමන්ගේ වැඩ කොටස හරියට කරගන්න බැරි වුනාම වස විෂත් ලේ වලට එක් වෙනවා. ඉතිං ඒ විෂ සිරුරේ ඇති වෙනත් මේද පටක වල තැන්පත් වෙනවා. ඉක්මනින් කෙට්ටු වෙන්න හදන අය පරිවෘතීය ක්රියා වේගවත් කර මේදය දවාලන්නට කරන උත්සාහයේදී මේ විෂ නැවතත් රුධිරයට එක්වෙනවා. ඉතිං නැවතත් මේ විෂ අක්මාව වෙත ගෙනයනවා ඉවත් කරන්නට. දැන් සතියක් දෙකක් වගේ කෙටිකාලයක් ඇතුලත විෂාල විෂ තොගයක් අක්මාව වෙත එනවා. මේනිසා අක්මාවට විෂාල ලෙසට හානි වෙනවා. එවැනි අය තම අක්මාවේ තත්වය චෙක් කරගත්තාට කමක් නැහැ.

ඉතාමත් දිග මාතෘකාවක් ඉතාමත් කෙටියෙන් කතා කලේ. තවත් කෙනෙකුගේ නිරෝගීතාවය වෙනුවෙන් මේ ලිපි ෂෙයාර් කර ඒඅයටත් දැනුම බෙදා දෙන්න.

පෝෂණවේදී - නයන තේනුවර

උපුටා ගැනීමකි.
ස්තූතියි ලිපියේ මුල් හිමිකරුට.

28/04/2025

අනුරාධපුර අභයපුර අපගේ ෆාමසියේ සේවයට පුහුණු නොපුහුණු ඖෂධවේදීන් බදවා ගනු ලැබේ...!!!
New Eiffel Pharmacy & mini super
Air-port Road,
Abhayapura,
Anuradhapura..

+94 (71) 774 8739

බොහෝ මව්වරුන්ගේ බලවත් ඉල්ලීම මත ඉතාලියේ නිශ්පාදිත ළදරු ආහාර ගෙන්වීම හා බෙදාහැරීම නැවතත් ආරම්භ කලවග ඉතා සතුටින් දැනුම් දෙ...
02/10/2024

බොහෝ මව්වරුන්ගේ බලවත් ඉල්ලීම මත ඉතාලියේ නිශ්පාදිත ළදරු ආහාර ගෙන්වීම හා බෙදාහැරීම නැවතත් ආරම්භ කලවග ඉතා සතුටින් දැනුම් දෙමු•••••

#ඉතාලියෙන්ආනයනයකරනලදබේබ්පැස්ටා.

••••••• පිළියෙල කිරීමට ගතවන කාලය අඩුයි.
••••••• ගුණාත්මක බවින් ඉහලයි.
••••••• දරුවාගෙ රුචිය අනූව වෙනස් රසයන්ගෙන් පිළියෙල කල හැක.
••••••• අවශ්‍යතාවය අනූව මස්,මාලු, බිත්තර හෝ චීස් යොදා ආහාරයට ගත හැක.

••••••• දිවයින පුරා බෙදාහැරීම්

නිව් අයිෆල් ෆාමසි & මිනි සුපර්.
අභයපුර,
අනුරාධපුර,

Whatsapp: 076 -4415798 යමුනා.

27/10/2023
භාවිතා කර පුළුස්සා දමන හෝ පසට දිරාපත් වන්නට හරින  ඔබගේ ශරීරයට තවත් බොහෝ මිනිසුන් සුවපත් කරන්නට උපකාර කළ හැකි නම්.... !!!...
08/09/2023

භාවිතා කර පුළුස්සා දමන හෝ පසට දිරාපත් වන්නට හරින ඔබගේ ශරීරයට තවත් බොහෝ මිනිසුන් සුවපත් කරන්නට උපකාර කළ හැකි නම්.... !!!

කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ අධ්‍යන කටයුතු සදහා මෘත ශරීර විච්ඡේදනය මගින් ලබා ගන්නා දැනුම අත්‍යවශ්‍ය ය. ඔබගේ ශරීරය ඔවුන්ට විශ්ව කෝෂයක් බදුය.

මෘත ශරීර පරිත්‍යාග කිරීම සදහා අවශ්‍ය අයදුම්පත සහ උපදෙස් පත්‍රිකාව රාජගිරියේ පිහිටි කොළඹ විශ්වවිද්‍යාලීය දේශීය වෛද්‍ය විද්‍යා පීඨයෙන් ලබා ගත හැකියි.

(පහත link එක ඔස්සේද ඔබට එම උපදෙස් පත්‍රිකාව සහ අයදුම්පත Download කරගත හැකියි )👇

https://drive.google.com/file/d/1pFSxYX-Wofq1c9-7Pbiz8nHMjMSV-8o8/view?usp=drivesdk)

එවිට මෙහි දක්වා ඇති සහතිකය එම මොහොතේ ම හෝ තැපෑලෙන් ඔබ වෙත ලැබීමට සලස්වනු ඇත.

වැඩිදුර තොරතුරු සදහා
0112692385
0112694308
අමතන්න.

සමාජ සත්කාරයක් සේ සලකා මෙය බෙදා හැරීමට කාරුණික වන්න 🙏🏻

ලක්වැසි ඔබ සැමට, මේ ලැබුවාවූ නව වසර සාමය සතුට පිරි, නිදුක් නීරෝගීබව පිරි, ආදරය, සෙනෙහස පිරි සුභ නව වසරක් වේවා !!!!!🙏🙏🙏
14/04/2023

ලක්වැසි ඔබ සැමට, මේ ලැබුවාවූ නව වසර
සාමය සතුට පිරි,
නිදුක් නීරෝගීබව පිරි,
ආදරය, සෙනෙහස පිරි
සුභ නව වසරක් වේවා !!!!!🙏🙏🙏

"අපගේ පාරිභෝගික ඔබ සැමට අනගි අවස්ථාවක්.ඔබට අවශ්‍ය දෑ දැන් එක කෝල් එකකින් ඇනවුම් කරන්න. දින 10 ක් ඇතුලත එතෙර සිට ඔබේ නිවස...
22/03/2023

"අපගේ පාරිභෝගික ඔබ සැමට අනගි අවස්ථාවක්.
ඔබට අවශ්‍ය දෑ දැන් එක කෝල් එකකින් ඇනවුම් කරන්න. දින 10 ක් ඇතුලත එතෙර සිට ඔබේ නිවසටම.
අයිෆල් අපගේ තවත් වැඩක්"

Join with party……
10/09/2022

Join with party……

නහර ගැට ගැහෙන අය කියවන්න
08/06/2022

නහර ගැට ගැහෙන අය කියවන්න

ඕ වයසින් අවුරුදු 65 ක පමණ කාන්තාවක්. මා හමුවට ආවේ කකුලේ තිබුණ තුවාලයකට බෙහෙත් දා ගැනීමට...

ඉතින් මා ඇගෙන් විස්තර විමසනවා...

ඩොක්ටර් මගේ මේ තුවාලය දැන් අවුරුදු 7ක් විතර. කොච්චර බෙහෙත් දැම්මත් හොඳ වෙන්නෙ නෑනෙ... ඒ මදිවට කකුලෙ ඇස්වටේ කලුවෙලා කසනවත් එක්ක. දැන් නම් මට ඇති වෙලා තියන්නෙ.

වැඩි දුර පරීක්ෂා කිරීමේදී මා දකින්නේ ඇගේ කකුලේ නහර ගැට ගැසී ඇති බව.

මෙම තත්වය ඇතිවිට කකුලේ තුවාල ඇති වීම සාමාන්‍ය දෙයක්. ගැට ගැසුනු නහර ප්‍රකෘති තත්ත්වයට පත් කරන තුරු තුවාල සුව නොවන තරම්.

ඉතින් මා ඒ බව ඈ හට පැවසුවෙමි...

අම්මා ඔයාගේ කකුලේ ගැට ගැහිලා තියෙන නහර අයින් කරනකම් ඔය තුවාලෙ හොඳ වෙන්නෙ නෑ... කැමති නම් අපේ ඉස්පිරිතාලෙ ඔපරේෂන් සායනයට එන්න. අපි scan කරලා බලලා ඕකට බෙහෙත් කරමු.

වැඩක් නෑ මහත්තයෝ මෙයා ඉස්පිරිතාලෙ clinic එකට ගියා. නහර ගැට ගැහිච්ච එකේ දරුණුම තත්ත්වෙ තියන්නෙ කියල ඔපරේෂන් කරන්න දිනේකුත් දුන්නා. ඒත් මෙයා ඔපරේෂන් කරගන්න කැමති නෑනෙ...

පසෙක සිටි ඇගේ සැමියා මට එසේ කියනවා...

එහෙනම් ලබන සතියේ clinic එකට එන්න. අපි ඔපරේෂන් කරන්න දිනයක් දාගමු.

මා එසේ කීවත් ඈ කිසි දිනෙක අපේ සායනයට පැමිණියේ නැහැ.

නමුත් තුවාලයට බෙහෙත් දා ගැනීමට නම් ඈ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට නිතරම පැමිණෙනවා.

ඒ එන හැම වරකම මා ඈ හට පවසා සිටින්නේ සායනයට පැමිණෙන ලෙස. නමුත් ඈ නොවේ කිසි දිනෙක සායනයට පැමිණෙන්නේ...

නමුත් පසුගිය දිනෙක අහම්බෙන් මෙන් ඈ හමුවන්නේ මා සේවය කරනා ශල්‍ය වාට්ටුවේදී...

ඔපරේෂන් එක කරගන්නද ආවෙ?

නෑ මහත්තයෝ... මං ටික දවසක් ගෙදර හිටියෙ නෑ. ඒ ටිකට තුවාලෙට පණුවො ගහල. තුවාලෙ ගැන හිතලම ද කොහෙද දැන් මෙයාගෙ සිහි කල්පනාවත් එච්චරම හොඳ නෑ වගේ...

ඉතින් අපි ඇගේ කතාව මදකට පසෙකින් තබමු...

ඉහළට ඉලිප්පී දඟර ගැසුණු රුධිර නාළ සහිත අය ඔබ බොහෝවිට දැක ඇති.

මෙසේ වන්නේ පාදයේ ඇති ශිරා රුධිර නාළ වල ඇතිවන දුර්වලතා හේතුවෙන්. එවිට එම නාළ වල ඇති රුධිරය ආපසු ගමන් කිරීම වළක්වන වෑල්ව හරි හැටි ක්‍රියා කරන්නේ නැති අතර රුධිර නාළ වල රුධිරය එකතුවීම සිදුවනවා. මෙම තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වනවිටයි නහර ඉළිප්පී ගැට ගැසී ඇති ලෙස පිටතට පෙනෙන්නේ...

වයසට යාම

පවුලේ ආරයට

ගර්භනීවීම

නිතරම හිටගෙන සිටීම, මෙසේ නහර ගැට ගැසීම ඇති කිරීමට සුලභව හේතු වනවා.

මීට අමතරව

ගර්භාශයේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි

ඩිම්බකෝෂ වල ගැටිති/පිළිකා

මෞත්‍ර ලිංගික පද්ධතියේ ඇතිවන පිළිකා

පාදයේ ශිරා වල ඇතිවන ලේ කැටි සිරවීම්

වැනි විවිධ හේතුන් නිසා පාදයේ රුධිර ගමනාගමනය අවහිර වූ විට ද මෙසේ නහර ගැට ගැසීම ඇති වනවා...

මේ කුමන ආකාරයකින් හෝ නහර ගැට ගැසීම ඇතිවූ විට සහ ප්‍රතිකාර නොලදහොත් පාදයේ වළලුකර ආශ්‍රිතව කලු පැහැ වීම,

කකුල ඉදිමීම

නිතරම කසන සුළු වීම

හම ඝනකම් වීම

සුව නොවන තුවාල ඇතිවීම

සහ ගැට ගැසුණු දුර්වල රුධිර නාළ පිපිරී ලේ යාම

සිදුවනවා.

එසේ නොවීමට නම් නිසි කලට ප්‍රතිකාර ගැනීම වැදගත්.

ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ගේ පාදයේ රුධිර නාළ ආශ්‍රිතව scan පරීක්ෂණයක් සිදුකර නහර ගැට ගැසීම කුමන අවධියේ තිබේ දැයි සොයා බැලෙනවා.

මුල් අවධියේ ඇති නහර ගැට ගැසීමක් නම්

පාදයේ නහර තදවන ලෙස මේස් දැමීම( compression stockings),

ඉළිප්පුණු නහර හැකිලවීමට ඒවාට ඖෂධ එන්නත් කිරීම,

ලේසර් කිරීම

වැනි ප්‍රතිකාර විධි සිදු කළ හැකියි.

නමුත් නහර ගැටගැසීම පසු අවධීන් වල තිබේනම් ගැට ගැසුණු නහර ඉවත්කිරීමට ශල්‍ය කර්මයක් සිදුකළයුතු වනවා. එය කොන්දට එන්නතක් විද ඉණෙන් පහළ හිරිවට්ටවා සිදුකරන්නක්.

ඉතින් ඔබත් දන්නා අයෙකුගේ පාදයේ නහර ගැටගැසී ඇත්නම්, සුව නොවන තුවාල ඇත්නම්, නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම වැදගත්.

එවන් අයගේ තුවාලයට සුව වීමට නම් බෙහෙත් දැමීම පමණක් ප්‍රමාණවත් නොවන බව තේරුම් කරවන්න.

ඒ වගේම ඔබටත් පාද වල නහර ගැට ගැසීම ඇත්නම් රෝගය උත්සන්න වනතුරු නොසිට ඉක්මන් ප්‍රතිකාර ලබාගැනීම වැදගත්.

මොකද ඔපරේෂන් එක සිදු කළත් පාදයේ ඇතිවූ වෙනස් කම් (හම ඝනකම් වීම, කළු වී යාම ආදිය ) 100%ක් ම යථා තත්ත්වයට පත්වෙන්නේ නැති තරම්...

අදට ඇති.
සුව නොවන තුවාල 2 ලිපියෙන් හමුවෙමු.

මම වෛද්‍ය නවෝද්. ( SHO Surgery - Base hospital Elpitiya )

පෝස්ට් එක වැදගත් නම් තව කෙනෙක්ට බලන්න share කරගෙන ම යන්න අමතක කරන්න එපා. හැබැයි පෝස්ට් එක copy paste කරලා ඔයාගේ වගේ දාන්න නම් එපා.
මේ වගේ පෝස්ට් තව කියවන්න like කරලා තියාගන්න මගේ facebook පිටුව, ඩොකාගේ ඩයරිය.

කලින් ලිපි පොතක් විදියට කියවන්න කැමති නම් ග්‍රන්ථ .lk එකෙන් ගෙදරටම ගෙන්නගන්න පුළුවන්. මෙන්න link එක. දැන් ආයෙත් stock තියෙනවා.
https://cutt.ly/oxXG78C
මගේ travel youtube channel එක පැත්තටත් එන්න.
https://youtu.be/hB4yqO1yDNA

Address

Airport Road, Maha Paladikulama
Anuradhapura

Opening Hours

Monday 08:30 - 22:00
Tuesday 08:30 - 22:00
Wednesday 08:30 - 22:00
Thursday 08:30 - 22:00
Friday 08:30 - 22:00
Saturday 09:00 - 17:00
18:00 - 19:00
Sunday 09:00 - 17:00

Telephone

+94773979100

Website

Alerts

Be the first to know and let us send you an email when New Eiffel pharmacy & Mini super posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to New Eiffel pharmacy & Mini super:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram