සෙත් චමර් - Ayurvedic Center

සෙත් චමර් - Ayurvedic Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සෙත් චමර් - Ayurvedic Center, Medical and health, තිස්ස මාවත, පැරනි නගරය, Anuradhapura.

12/01/2025

♦️දවසට එනසාල් ඇට දෙකක් ආහාරයට ගැනීමෙන් 80% කින් මොළයේ ලේ කැටි සැදීම වළකන බව ඔබ දන්නවාද?

✭ විවිධ ආහාර හා රසකැවිලි සඳහා සුවඳ සහ රසය වැඩි කරගන්නට කුළු බඩුවක් විදියට අපි නිතර එනසාල් භාවිතා කරනු ලබනවා. එනසාල් සැබැවින්ම කුළු බඩුවකට එහා ගිය විස්මිත ඖෂධීය ගුණ රාශියකින් සමන්විතයි. ඒ නිසාම දවසින් දවස එනසාල් සඳහා ඇති ඉල්ලුම වැඩි වෙනවා. මිලෙන් ඉතා ඉහළ වාණිජමය වශයෙන් ඉතා ඉහළ ආදායමක් ලබා ගන්නට හැකි වගාවක් ලෙසටත් එනසාල් වැදගත් ස්ථානයක් හිමි කරගනු ලබනවා. ඒ නිසාම මේ එනසාල් හෙවත් කරදමුංගුවලට කුළු බඩු අතරින් ඉතා ඉහළ වටිනාකමක් හිමි වෙනවා. ඒ නිසාම එනසාල් පාරාදීසයේ බීජය හෙවත් කුළුබඩු රැජිණ යන නාමයෙන් ද හඳුන්වනු ලබනවා. දකුණු ඉන්දියාවේ සදාහරිත වර්ෂා වනාන්තරවල සම්භවය වූ බවට සැලකෙන එනසාල් සමාන දේශගුණ සහිත ලෝකයේ විවිධ ප්‍රදේශවල පැවතුණා. මීට වසර ගණනාවකට පෙර සිටම එනසාල් සතු විශිෂ්ඨ ගුණ පිළිබඳව ජනතාව දැන සිටියා. Zingiberaceae කුලයට අයත් වන එනසාල් ශ්‍රී ලංකාවේ, ඉන්දුනීසියාව,ඉන්දියාව ආදී රටවල වගා කරනු ලබනවා.

✭ එදා පැරණි ඊජිප්තු වැසියන් මෘතදේහ කල්තබා ගන්නට පවා මේ එනසාල් භාවිතා කළ බව සඳහන් වෙනවා. ආයුර්වේදයේ සහ යුනානි ඖෂධ ක්‍රමය තුළත් ඖෂධයක් ලෙසට භාවිතයට ගනු ලබනවා. සුවඳ විලවුන් වර්ග හා ඕඩිකොලොන් වර්ග නිෂ්පාදනයට එනසාල් තෙල් අත්‍යවශ්‍ය වෙනවා. ඒ හැරුණාම බුලත් විට සකස් කිරීමේදි පවා අත්‍යවශ්‍ය අංගයක් ලෙසටත් එනසාල් ඈත අතීතයේ සිටම අද දක්වාම භාවිතා කරනු ලබනවා.

✭ මේ එනසාල් බේකරි කර්මාන්තයේ දී අත්‍යවශ්‍ය කුළුබඩුවක් ලෙස භාවිතයට ගනු ලබනවා. පාන්, බනිස්, පේස්ට්‍රි වර්ග, කේක්, කුකීස් ආදී නිෂ්පාදනවලදී වගේම සොසේජස් හැම්බර්ගර් වැනි ආහාර පදම් කර ගැනීමටත් එනසාල් නැතිවම බැහැ.කටගැස්ම වර්ග, මසාලා කෑම, පලතුරු සලාද, අයිස් ක්‍රීම්, පුඩින් වර්ග, ජෙලි වර්ග ඇතුළු බොහෝ අතුරුපස නිෂ්පාදනයේදී සූපවේදීන්ට අත්‍යවශ්‍ය කුළු බඩුවක් වෙන්නේ ද එනසාල්. මේ නොයෙක් ප්‍රයෝජනයන් අතරේ බොහෝ අය නොදන්නා මහඟු ඖෂධීය ගුණයන් රාශීයක් ද මේ එනසාල් සතු වෙනවා. ඒ නිසාම ක්‍රි. පූ 400 දී පමණ පැරණි වෛද්‍යවරුන්ගේ ශල්‍යගාර ජීවානුහරණය සඳහා එනසාල් යොදා ගෙන ඇත්තේ.

✭ ඒ වගේම ක්‍රි .පූ. 720 සිටි බැබිලෝනියානු රජවරුන්ගේ උයන්වල එනසාල් තිබූ බව සඳහන් වෙනවා. ඒ විතරක් නොවෙයි එදා ඈත අතීතයේ සිටම අරාබි ජාතිකයන් අමුත්තන්ට සංග්‍රහ කිරීම සඳහා කෝපිවලට එනසාල් එකතු කළා. එදා ජනතාව එනසාල් එකතු කළ මේ පානය තුළින් ශරීරාංග උත්තේජනය වී ශරීරය සෞඛ්‍ය සම්පන්න වන බව දැන සිටියා. ඒ වගේම ඉන්දීය ආයුර්වේදය තුළ එනසාල් ශරීරයේ තරබාරුව මට්ටු කරන මහඟු ඔසුවක් ලෙසත් සිරුර අභ්‍යන්තරය පිරිසිදු කරන ඔසුවක් ලෙසටත් භාවිතයට ගත්තා. ඉතින් ඈත අතීතයේ සිටම එනසාල් සතු මහඟු ඔසු ගුණ බොහෝ ජාතීන් දැන සිටියා. ලංකාවේ වගා කරන එනසාල් සතු විස්මිත ගුණයන් පිළිබඳව ලාංකීකයන් විදියට දැන සිටීම ඉතා වැදගත් නිසාවෙන් ඒ ගුණ මොනවද කියලා විමසා බලමු.

🟢එනසාල් සතු ඖෂධීය ගුණ🟢

✭ශරීරය සිසිල් කීරීමේ ගුණයෙන් සමන්විතයි.
✭අජීර්ණයට ගුණදායකයි.
✭ආම වාත දුරු කරයි.
✭කෑම රුචිය වර්ධනය කරයි.
✭සමේ රෝග සඳහා ගුණදායකයි.
✭සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ සඳහා සුවය ගෙනදෙයි.
✭ආහාර ජීර්ණ පද්ධතියේ සියලු රෝග දුරු කරයි.
✭ඔක්කාරය දුරලයි.
✭හානිකර බැක්ටීරියා මගින් ඇතිකරන ✭දත් කුහර වළක්වයි.
✭පෙනහළු තුළ රුධිර සංසරණය වැඩි දියුණු කරයි.
✭සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, බ්‍රොන්කයිටීස් ආදී ස්වසන අපහසුතා සමනය කරයි. ✭සෙම ඉවත් කර පපුවේ සෙම හා තදබදය දුරලයි.
✭ආහාර ජීර්ණය හොඳින් සිදු කර ✭මලබද්ධය වළක්වයි.
✭වකුගඩු හරහා ශරීරයේ අපද්‍රව්‍ය හොඳින් පිට කිරීමට උපකාරී වෙයි.
✭බඩ පුරවා දැමීමට ගුණදායකයි.
✭එනසාල් සතු විටමින් C යකඩ සහ නියසීන් රක්තහිනනතාවය දුරු කරන්නට උපකාරී වෙයි.
✭නොසන්සුන්භාවය, කාංසාව වැනි නින්දට බාධා කරන ගැටලු ඉවත් කර සුවදායි නින්දක් ලබා ගන්නට උපකාරී වෙයි.
✭හෘදයාබාධ ඇතිවීම වළකයි.
✭ප්‍රතිශක්තිය වැඩි දියුණු කරයි.
✭සම වියළීම වළක්වා සම ආරක්ෂා කරයි.
✭හිසකෙස් පෝෂණය කරයි.
✭මානසික ආතතිය සඳහා ගුණදායකයි.
✭රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් පාලනයට උපකාරී වෙයි.එමගින් මොළයේ රුධිර කැටි ඇතිවීම වළක්වනු ලබයි.
✭ලිංගික බෙලහීනතාවය ඇති අයට ඉතාම ගුණදායකයි.
✭මුඛයේ දුර්ගන්ධය නැති කරයි.
✭මුඛයේ තුවාල සුව කරයි.
✭තරබරුව මට්ටු කරයි.
✭මුත්‍රා හොඳින්ම පිට කිරීමට උපකාර කරයි.
✭වකුගඩු, මුත්‍රා මාර්ගය හොඳින් පිරිසිදු කර ආරක්ෂා කරනු ලබයි.
✭පිළිකා සෛල විනාශ කර පිළිකා ඇතිවීමේ අවදානම දුරු කරයි.
✭දියවැඩියා රෝගයට ඉතා ගුණදායකයි.
✭දිලීර හා බැක්ටිරීයා ආසාදනවලින් ආරක්ෂා කරයි.
✭බඩේ වේදනාව සමනය කරයි.
✭අධි රුධිර පීඩනය දුරු කරයි.

♦️ඖෂධීය භාවිතයන් ♦️

⭐සෙම්ප්‍රතිශ්‍යා උණ සඳහා එනසාල් ඉඟුරු හා සමාන ගුණයෙන් අන්තරගත නිසා මේ උණ සඳහා එනසාල් ස්වල්පයක් තම්බා පානය කිරීම ගුණදායකයි.

⭐මුඛයේ ඇතිවන රෝග සඳහා එනසාල් තම්බා ගත් වතුරෙන් දිනකට දෙවතාවක් කට සේදීමෙන් සුවයක් ලබාගත හැකියි.

⭐බඩේ වේදනාව සඳහා කෝපිවලට අඹරන ලද එනසාල් එකතු කර පානය කිරීම සුදුසුයි.

🛑මිලෙන් වගේම ගුණයෙන් ඉතා ඉහළ එනසාල් දෛනිකව අහාර සඳහා එකතු කර ගැනීමෙන් ලෙඩ රෝග බොහොමයකින් ආරක්ෂා වී සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරන්නට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම ඉහළ සංවේදීතාවයක් ඇති අයට පපවේ තද ගතිය,හුස්ම ගැනීමේ අපහසුතාවය වැනි ආසාත්මිකතාවයන් ඇති කරන්නට හේතු විය හැකි නිසා එවැනි අපහසුවක් ඇතිවුණොත් එනසාල් භාවිතය නතර කරන්න.

උපුටා ගැනීමකි.
ස්තුතියි මුල් හිමිකරුට .

Healthy & Glowing SkinFace pack.______________________කුරැලෑ, ලප කැලැල් ඔබට මානසික වදයක් වෙලාදසමෙහි බිබිලි සහ කැසිම් ස්ව...
18/12/2024

Healthy & Glowing Skin
Face pack.
______________________

කුරැලෑ, ලප කැලැල් ඔබට මානසික වදයක් වෙලාද
සමෙහි බිබිලි සහ කැසිම් ස්වභාවයන් නිසා ඔබත් පීඩා විදිනවාද
කොපමන ප්‍රතිකාර ක්‍රම භාවිතා කළද තවම සුවයක් ලබා නැතිද
එසේනම් මෙන්න හොදම විසදුම .
100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය වලින්ම සමන්විත ආයුර්වේදීය නිශ්පාදනයකි.
Anti acne face pack
Rs: 1600/=

----------------------------------------------------------------------------

1.කුරැලැ ආසාදන සුව වු පසුව සමෙහි ඇතිවන වෙනස්විම් තත්ව සුව කරයි.
2.ලප කැලැල් සුව කර සම දිප්තිමත් කරයි.
3.සමෙහි රැලිවැටුණු ස්වභාවයන් ඉවත් කර සම පෝෂණය කරයි.
4.සමෙහි වියළි ස්වභාවය ඉවත් කරයි.
100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය වලින්ම සමන්විත ආයුර්වේදීය නිශ්පාදනයකි
Anti aging pack
Rs:1600/-
--------------------------------------------------------------------------------

අඩංගු ද්‍රව්‍ය
වැල්මී
වෙනිවැල්ගැට
සුදු හදුන්
වැල්මදට,
වැනි ස්වභාවික ඹෟෂධ වලින් නිශ්පාදනය කර ඇත. ආයුර්වේද වෙෙද්‍ය අධීක්ෂණය යටතේ නිශ්පාදනය කරනු ලබයි.
දේශීය ආයුර්වේදීය නිශ්පාදනයක් බැවින් අසාත්මිකතා ඇතිවීම ඉතාම අවම වේ.
භාවිතා කරන පළමු සති 3 තුළ සමෙහි විශාල සුවපත්භාවයක් ඇති වේ.
කාන්තා/පිරිමි දෙපාර්ශ්වයටම භාවිතා කළ හැක.
ඕනෑම සමකට යෝග්‍ය වේ.

෴භාවිතයට උපදෙස්෴

අවශ්‍ය ඹෟෂධ කුඩු ප්‍රමාණය පිරිසිදු භාජනයකට දමා ජලය ප්‍රමාණවත් තරම් එකතු කරමින් තලපයක් සේ අනාගන්න.
සබන් හෝ face wash යොදා පිරිසිදු කළ සම මතුපිට සදාගත් ආලේපය උඩු අතට ආලේප කර වියලිමට නොදී පැය 1/2 ක් පමණ තබා සෝදා හරින්න.

සේදිමට
face wash,
body wash භාවිතා නොකරන්න.

වෙෙද්‍ය උපදෙස් අවශ්‍ය නම් 071-8989097 දුරකථන අංකයට ඇමතුමක් ලබාදී, විමසිමක් කරන්න.

ඇණවුම් කිරීමට පහත සදහන් දුරකථන අංකයට වට්ස්ඇප් පනිවිඩයක් යොමු කරන්න
072-9386660

*****Free delivery*****

15/09/2024
11/09/2024

දණහිස් අමාරුවට එක එක තැන් වලින් බෙහෙත් කරලා, එක එක ජාති ගාලා තවමත් අඩුවක් නැහ නේද?
Online order කරපු බෙහෙත් වර්ග,
දණහිස් ආවරණය කරන වෙලුම්පටි වර්ග,
වැඩක් නෑ නේද..?
එන්න මාසෙන් අපි ප්‍රතිඵල පෙන්නනවා..

https://www.facebook.com/share/p/ofwm7ujcWQTza7QQ/?mibextid=oFDknk

05/09/2024
දණහිස් වෙිදනාවට එක එක තැන් වලින් බෙහෙත් කලාට තාම අඩුවක් නෑ නේද?දණහිස් ඇතුළු සන්ධිවල ගෙවීගිය කාටිලේජ් නැවත වර්ධනය කර වේදන...
04/09/2024

දණහිස් වෙිදනාවට එක එක තැන් වලින් බෙහෙත් කලාට තාම අඩුවක් නෑ නේද?

දණහිස් ඇතුළු සන්ධිවල ගෙවීගිය කාටිලේජ් නැවත වර්ධනය කර වේදනා සමනයට

දේශීය ආයුර්වේදයේ එන රහස් බෙහෙත් වට්ටෝරු බාවිතයෙන් සැකසුනු සාර්ථක ආයුර්වේදීය ප්‍රථිකාර ...

විශේෂිත තැවුම් පොට්ටනි වලින් තැවීම් සිදුකරමින්, ක්‍රමානුකූලව බෙහෙත් තෙල් වර්ග ගල්වමින් සම්භාහනය⁣ කර, කාටිලේජ වර්ධනය වෙනුවෙන්ම සැකසුනු විශේෂිත පත්තුව බැඳ, නිවරදි කාල පරාසයන් තුල ප්‍රථිකාර සිදුකරමින්, ඔබගේ කාලාන්තරයක් පුරා පැවති දණහිස් වේදනාව සමනය කිරීමට..

වැදගත් :-
අඛන්ඩව දින 30ක් ප්‍රථිකාර කටයුතු අනිවාර්යයෙන්ම සිදුකලයුතුවේ.. දිනපතා පැමිණීමට අපහසු අය වෙනුවෙන් සතියකට ප්‍රමාණවත් බෙහෙත් ලබාදෙනු ඇත.

බොහෝ රෝගීන් පිරිසක් ප්‍රථිකාර සඳහා පැමිණෙන බැවින්, ඔබගේ පහසුව වෙනුවෙන් පහත සඳහන් දුරකථන අංකයට ඇමතුමක් ලබාදී වෙලාවක් වෙන්කරවා ගන්න.

071-8989097

සෙත් චමර් ආයුර්වේද ප්‍රථිකාර..අනුරාධපුර    #ආයුර්වේද  #සෙත්චමර්
01/09/2024

සෙත් චමර් ආයුර්වේද ප්‍රථිකාර..
අනුරාධපුර

#ආයුර්වේද #සෙත්චමර්

31/08/2024
සෙත් චමර්, ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය.අනුරාධපුර..
31/08/2024

සෙත් චමර්, ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය.
අනුරාධපුර..

නිරෝගීකම රැකගනිමින් ලස්සන වෙන්න, දේශීය ආයුර්වේදයේ එන හෙළ රහස්..
28/09/2023

නිරෝගීකම රැකගනිමින් ලස්සන වෙන්න, දේශීය ආයුර්වේදයේ එන හෙළ රහස්..

Address

තිස්ස මාවත, පැරනි නගරය
Anuradhapura
50000

Opening Hours

Monday 17:00 - 12:00
Tuesday 17:00 - 12:00
Wednesday 17:00 - 12:00
Thursday 17:00 - 12:00
Friday 17:00 - 12:00
Saturday 17:00 - 12:00
Sunday 17:00 - 12:00

Telephone

+94718989097

Website

Alerts

Be the first to know and let us send you an email when සෙත් චමර් - Ayurvedic Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share