නව ජන්ම ළදරු ඒකකය, අනුරාධපුර ශීක්ෂණ රෝහල - NICU, TH Anuradhapura

  • Home
  • Sri Lanka
  • Anuradhapura
  • නව ජන්ම ළදරු ඒකකය, අනුරාධපුර ශීක්ෂණ රෝහල - NICU, TH Anuradhapura

නව ජන්ම ළදරු ඒකකය, අනුරාධපුර ශීක්ෂණ රෝහල - NICU, TH Anuradhapura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from නව ජන්ම ළදරු ඒකකය, අනුරාධපුර ශීක්ෂණ රෝහල - NICU, TH Anuradhapura, Hospital, Anuradhapura.

ජාත්‍යන්තර නොමේරූ ළදරු දිනය 2023නොවැම්බර් 17ත් වන දිනට යෙදුණු ජාත්‍යන්තර නොමේරූ ළදරු දිනය නිමිති කොටගෙන අනුරාධපුර නව ජන්...
21/11/2023

ජාත්‍යන්තර නොමේරූ ළදරු දිනය 2023

නොවැම්බර් 17ත් වන දිනට යෙදුණු ජාත්‍යන්තර නොමේරූ ළදරු දිනය නිමිති කොටගෙන අනුරාධපුර නව ජන්ම ළදරු ඒකකය විසින් සංවිධානය කරනලද
ජාත්‍යන්තර නොමේරු ළදරු දින සැමරුම, ඓතිහාසික රුවන්වැලි මහා සෑ විහාරාධිකාරී ධූරන්ධර, ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ කුලපති ශාස්ත්‍රපති පණ්ඩිත අතිපූජ්‍ය ඊතලවැටුනුවැවේ ඤාණතිලක නායක මාහිමිපාණන් වහන්සේගේ සහ අනුරාධපුර ජයන්ති විහාරාධිපති උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද මාහිමියන්ගේ මූලාසනයෙන්ද හින්දු, ඉස්ලාම්, කිතුණු සර්ව ආගමික නායකකාරකාදීන්ගේ ආශිර්වාදයෙන් වෛද්‍ය, හෙද , පරිපූරක වෛද්‍ය සේවා කාර්යයමණ්ඩල ද අපගේ ආදරණීය ප්‍රාග් පරිණත ළදරුවන් හා ඔවුන්ගේ දෙමාපියන්ගේ ගෞරවනීය සහභාගීතිවයෙන්, අති උත්කර්ෂවත් අන්දමින් ශික්ෂණ රෝහල් මහාචාර්ය ඒකක ශ්‍රවණාගාරයේදී පවත්වන්නට යෙදුණි.

මීට සමගාමීව, අනුරාධපුර ශික්ෂණ රෝහලේ නව ජන්ම දැඩි සත්කාර ඒකකයේ දියුණුව හා අප ඒකකයේ ප්‍රතිකාර ලබන දරුවන්ගේ අභිවෘධිය උදෙසා "බිලිඳු සුව" අරමුදල දියත් කිරීමත් සිදු කරන ලදී. මෙම අරමුදල දියත් කරමින් ප්‍රථම පරිත්‍යාගය සිදුකරන ලද්දේ ඓතිහාසික රුවන්වැලි මහා සෑ විහාරාධිකාරී අතිපූජ්‍ය ඊතලවැටුනුවැවේ ඤාණතිලක නායක මාහිමිපාණන් වහන්සේගේ සුරතිනි.

International Prematurity day 2023 was celebrated at TH Anuradhapura on the 17th of November 2023

The event was presided over by the Chief Incumbent of Ruwanwela Maha Seya, Chancellor of the Rajarata University of Sri Lanka, Most en. Eethalawetunuwewe Gnanathilaka Thero and was graced by clergy, Doctors, Nursing staff and ancillary services of TH Anuradhapura as well as our special guests, the Preterm Neonates who where once under our care.

Concurrent to the Celebrations the "Bilindu Suwa" Fund was launched to enhance NICU facilities and Neonatal care at Teaching Hospital Anuradhapura. the first donation was ceremoniously handed over by Most en. Eethalawetunuwewe Gnanathilaka Thero.

We cordially invite all well wishes to reach out to us via facebook if you wish to make contributions towards uplifting neonatal care in the North Central Province of Sri Lanka.

Team NICU

අද ජාත්‍යන්තර ප්‍රාග් ප්‍රථමික ළදරුවන්ගේ දිනයයි Today is the International Prematurity day17th November 2023
17/11/2023

අද ජාත්‍යන්තර ප්‍රාග් ප්‍රථමික ළදරුවන්ගේ දිනයයි
Today is the International Prematurity day
17th November 2023

Certificate Programme in Neonatal Life Support conducted by the NICU team at TH Anuradhapura and the Sri Lanka College o...
11/10/2023

Certificate Programme in Neonatal Life Support conducted by the NICU team at TH Anuradhapura and the Sri Lanka College of Paediatricians on 11th October 2023

We wish to thank the participants and resource persons

අප දැඩිසත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන අපගේ  පුංචි සූර වීර හපනුන්ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරන්නෙමු.ඔවුන් හා  ලෝ වැසි සියලුම දර...
30/09/2023

අප දැඩිසත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන අපගේ පුංචි සූර වීර හපනුන්ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරන්නෙමු.ඔවුන් හා ලෝ වැසි සියලුම දරුවන්ට සුභ ජාත්‍යන්තර ළමා දිනයක් වේවා!

Happy International children’s day all youngsters worldwide, especially the tiny little heroes in our care at the NICU. We wish you all good health and prosperity.

Team NICU

අනුරාධපුර රෝහලේ නව ජන්ම දැඩි සත්කාර ඒකකයට අත්‍යවශ්‍ය ඖෂධ සහ පරිභෝජන ද්‍රව්‍ය  පරිත්‍යාගශීලින්  විසින් අප වෙත ලබා දෙන ලදී...
05/09/2023

අනුරාධපුර රෝහලේ නව ජන්ම දැඩි සත්කාර ඒකකයට අත්‍යවශ්‍ය ඖෂධ සහ පරිභෝජන ද්‍රව්‍ය පරිත්‍යාගශීලින් විසින් අප වෙත ලබා දෙන ලදී .

මෙම උතුම් ක්‍රියාවට අපගේ අවංක කෘතඥතාව පළ කිරීමට කැමැත්තෙමු!

A well wisher and his family, all the way from Australia donated us essential medication and consumables to the Neonatal Intensive Care Unit of TH Anuradhapura.

We wish to express our sincere gratitude towards this most meritorious act!

Thank you
Team NICU

The Department of Neonatology of TH Anuradhapura conducted a Neonatal Resuscitation Certification Programme for the Nurs...
01/09/2023

The Department of Neonatology of TH Anuradhapura conducted a Neonatal Resuscitation Certification Programme for the Nursing staff of TH Anuradhapura and private and State hospitals of the North Central Province.

Team NICU.

මව්කිරි දීමේ සතිය අගෝස්තු 01-08!"වැඩට යන දෙමාපියන්ට සහනදායී වෙනසක්-මව්කිරි දෙන්න සවියක්" යන තේමාව යටතේ මව්කිරි දීමේ සති...
06/08/2023

මව්කිරි දීමේ සතිය අගෝස්තු 01-08!

"වැඩට යන දෙමාපියන්ට සහනදායී වෙනසක්-මව්කිරි දෙන්න සවියක්" යන තේමාව යටතේ මව්කිරි දීමේ සතිය තුළ දැනුවත්කිරීම් වැඩසටහන් සංවිධානය කොට ඇත. මේ හා සමගාමීව අනුරාධපුර ශික්ෂණ රෝහලේ නවජසූති ජන්ම ළදරු ඒකකය සහ මව්කිරි කළමනාකරණ ඒකකය එක්ව සංවිධානය කළ සෞඛ්‍ය කාර්යයමණ්ඩල දැනුවත්කිරීම් වැඩසටහනක් අගෝස්තු 03 වන දින නැ.නු.ප සෞඛ්‍ය වෛද්‍යනිලධාරී කාර්යයාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී මව්කිරි දීම සම්බන්ධ සෞඛ්‍ය කාර්යය මණ්ඩල විසින් සිදුකරන ලද කාව්‍ය සහ චිත්‍ර නිර්මාණ ඇගයීමට ද ලක්කෙරිණි

The Department of Neonatology, Teaching Hospital, Anuradhapura, Sri Lanka, marked the International Breast Feeding Week with several programmes aimed to enhance healthy breastfeeding practices amongst working mothers in the North Central Province

Let’s make breastfeeding and work, work!

1. More than half a billion working women are not given essential maternity protections in national laws
2. Just 20% of countries require employers to provide employees with paid breaks and facilities for breastfeeding or expressing milk
3. Fewer than half of infants under 6 months of age are exclusively breastfed

Source - WHO
Family Health Bureau
World Health Organization (WHO)
WHO Sri Lanka

An interactive Workshop on care of Preterm Neonates by the Department of Neonatology, THA on 19th June 2023Medical Offic...
19/07/2023

An interactive Workshop on care of Preterm Neonates by the Department of Neonatology, THA on 19th June 2023
Medical Officers nursing officers, midwives and medical students were in attendance.

The Department of Neonatology, THA Conducted a interactive training programme in Neonatal Resuscitation for the Doctors,...
19/07/2023

The Department of Neonatology, THA Conducted a interactive training programme in Neonatal Resuscitation for the Doctors, Nurses & Midwives of Base Hospital Medirigiriya on 18th July 2023

We thank the Medirigiriya Clinical Forum, the Medical Superintendent, Dr Sudarshana Bandara, Acting Consultant Paediatrician, BH Medirigiriya and their staff for the warm welcome and enthusiastic participation.

The Department of Neurosurgery and Anesthesiology of THA breaking boundaries!
27/06/2023

The Department of Neurosurgery and Anesthesiology of THA breaking boundaries!

සිනහවකින් සහ පුංචි පියවරකින් සැබෑ වෙනසක් සිදුකළ හැක! කැන්ගරු සත්කාර ක්‍රමය අලුත උපන් බිළිඳුන් ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කෙරෙහ...
24/06/2023

සිනහවකින් සහ පුංචි පියවරකින් සැබෑ වෙනසක් සිදුකළ හැක!

කැන්ගරු සත්කාර ක්‍රමය අලුත උපන් බිළිඳුන් ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කෙරෙහි උපකාරී වන ඉතාමත් පහසු සහ ආර්ථිකමය වශයෙන් ඉතා ලාභදායී සත්කාරක ක්‍රමයකි.
එය මව හෝ පියා සමඟ දරුවාට ඇති බැඳීම වර්ධනය වීම, මවගේ මව්කිරි නිෂ්පාදන ක්‍රමවත් වීම, බිළිඳාගේ ශරීර උෂ්ණත්ව යාමනය ක්‍රමානුකූල වීම ආදී සෞඛ්‍යමය ප්‍රතිලාභ රාශියක් ලබා දේ.

නිසි කැන්ගරු මව් සුරැකුම් ක්‍රමය ගැන ඔබගේ රෝහලේ නව ජන්ම ඒකකයෙන්, මව්කිරි කළමනාකරණ ඒකකයෙන් හෝ ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් විමසන්න

-අනුරාධපුර ශික්ෂණ රෝහලේ නවජසූති ජන්ම ළදරු ඒකකයේ පණිවිඩයකි.

The Department of Neonatology, THA conducted a successful training programme in breastfeeding and newborn care for doctors, nurses and midwives on 22nd June 2023.

We are happy to see the knowledge that was disseminated being put into practice the very next day!

ඇස් වහ  යන්න කියලා අතේ බඳින වහ! අම්මලා තාත්තලා  වැඩි ආදරේට ඇස් වහ යන්න  අතේ බඳින මේ පබළු වැල් දරුවාව මරණයටම ගෙනියන්න පුළ...
19/06/2023

ඇස් වහ යන්න කියලා අතේ බඳින වහ!

අම්මලා තාත්තලා වැඩි ආදරේට ඇස් වහ යන්න අතේ බඳින මේ පබළු වැල් දරුවාව මරණයටම ගෙනියන්න පුළුවන් බව ඔබ දන්නවාද?

පුංචි නූලකින් අමුණපු මේ පබළු ඔබේ කිරිකැටියා අත කටට දාද්දි ගැලවිලා ගියොත් නතර වෙන්නේ පෙනහළු වල. එතනින් එහාට වෙන දේ තවත් කියන්න අවශ්‍ය නෑනේ...

ඒ නිසා ඔබේ දරුවාගේ යහපැවැත්ම වෙනුවෙන් මේ වගේ අනාරක්ෂිත පුරුදු අද සිට නවත්වමු!

-අනුරාධපුර ශික්ෂණ රෝහලේ නවජසූති දැඩිසත්කාර ඒකකයේ පණිවිඩයකි

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when නව ජන්ම ළදරු ඒකකය, අනුරාධපුර ශීක්ෂණ රෝහල - NICU, TH Anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category