Dr. Gayan

Dr. Gayan Chemistry tutor

මූත්‍ර කරනකොට දැවිල්ලටික ටික මූත්‍ර යන ගතියමූත්‍ර යන්නෙ ඕනෑ උනාට මූත්‍ර යන්නේ නෑ වගේඔය ඔක්කොම එක්ක උණමේ වගේ ලක්ෂණ අපි ජී...
04/05/2025

මූත්‍ර කරනකොට දැවිල්ල
ටික ටික මූත්‍ර යන ගතිය
මූත්‍ර යන්නෙ ඕනෑ උනාට මූත්‍ර යන්නේ නෑ වගේ
ඔය ඔක්කොම එක්ක උණ

මේ වගේ ලක්ෂණ අපි ජීවිතේ එක වතාවකදී හරී අත් විදලා ඇති. ඒ මූත්‍ර ආසාදනයක ලක්ෂණ වෙන්න පුලුවන්.

මූත්‍ර ආසාදනයක් (Urinary Tract Infection - UTI) කියන්නේ මොකක්ද?
අපේ මෞත්‍ර ලිංගික පද්ධතිය හැදිලා තියෙන්නේ මූත්‍රාශය, මූත්‍ර නාල සහ වකුගඩු වලින්.
මූත්‍ර ආසාදනයක් කියන්නේ මෞත්‍ර ලිංගික පද්ධතියට ක්ෂුද්‍ර ජීවීන් ඇතුල් වෙලා ආසාදනය ඇති කරන එකට.
මූත්‍ර ආසාදන ගැහැණු පිරිමි හැමෝටම හැදෙනවා. ඒත් ගැහැණු අයට වැඩිපුර හැදෙනවා. ඇයි කියලා මම ඉස්සරහට කියන්නම්.

රෝග ලක්ෂණ මොනවද?
මූත්‍ර කරනකොට දැවිල්ලක් හෝ වේදනාවක්.
ටික ටික මූත්‍ර යාම හෝ හැම ටිකකින්ම යන්න ඕනෑ ගතිය.
මූත්‍රවල වලාකුළු පාටක්, රතු පාටක්, හෝ දුගඳක්.
උණ ගතිය(බරපතල තත්වයකදී).

මූත්‍ර දැවිල්ල හැදෙන්නේ කොහොමද?
බැක්ටීරියා මූත්‍ර මාර්ගයේ හෝ මූත්‍රාශයේ බිත්ති ආසාදනය උනාම ඒවා ඉදිමෙනවා. ඒකෙන් තමයි දැවිල්ල ඇතිවෙන්නේ.

මූත්‍ර ආසාදන හැදෙන්න හේතු මොනවද?
පිරිසිදුකම ගැන අඩු අවධානය
⚡️මූත්‍රා රඳවාගෙන ගොඩක් වෙලාවක් ඉන්න එක
⚡️ජලය අඩුවෙන් බොන එක (වතුර වැඩියෙන් බිව්වම මූත්‍රා කරන වාර ගණන වැඩි වෙනවා. එතකොට ක්ෂුද්‍ර ජීවීන් මූත්‍ර මාර්ගයෙන් ඉවත් වෙනවා)
⚡️ලිංගික ක්‍රියාකාරකම් (නිසි පිරිසිදුකමක් නැතිනම් මූත්‍ර මාර්ගයට ක්ෂුද්‍ර ජීවින් ඇතුල් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි)
⚡️වෙනත් තත්ත්ව (ගල් වකුගඩු, දියවැඩියාව, හෝ ගර්භණීභාවය)

පරීක්ෂණ මොනවද කරන්න ඕනේ?
🧪Urine Full Report : මේකෙදි මූත්‍රවල බැක්ටීරියා, රුධිර සෛල, හෝ වෙනත් ගැටලු තියෙනවද කියලා බලන්නේ.

🧪Urine Culture : මූත්‍රා වල ඉන්නේ මොන බැක්ටීරියාවද, ඒකට ගැලපෙන ප්‍රතිජීවකය(antibiotic) මොකක්ද කියලා බලනවා.

🧪Full Blood Count : උණ ගතිය තිබුණොත් ආසාදනයේ බරපතලකම බලන්න FBC කරනවා.

🧪Ultra Sound Scan : නිතර නිතර මූත්‍රා ආසාදන හැදෙනවා නම්, ස්කෑන් එකකින් වකුගඩු හෝ මූත්‍රාශයේ ගැටලු බලන්න ඕනේ.

ප්‍රතිකාර මොනවද?
මූත්‍රා ආසාදනයක් කියලා තහවුරු වෙනවා නම් ප්‍රතිජීවක ගන්න වෙනවා. හොඳම දේ වෛද්‍යවරයෙක් හමු වෙන එක.

⚠️ඖෂධ නියමිත කාලයම ගන්න, නැත්නම් ආසාදනය ආයෙත් එන්න පුළුවන්.

ඇයි ගැහැණු අයට අවදානම වැඩි?
🎈ගැහැණු අයගේ මූත්‍ර නාලය (Urethra) කෙටියි. ඒ නිසා බැක්ටීරියා ලේසියෙන් මූත්‍රාශයට යනවා. පිරිමින්ගේ මූත්‍ර නාලය සෙන්ටිමීටර 20ක් විතර දිගයි.

🎈ලිංගික ක්‍රියාකාරකම් (බැක්ටීරියා ඇතුල් වෙන්න ලේසි)

🎈ගර්භණීභාවය හෝ හෝමෝන වෙනස්කම් (මූත්‍ර මාර්ගයේ ආරක්ෂාව අඩුවෙනවා)

🎈සනීපාරක්ෂක තුවා/ටැම්පොන් නිසි ලෙස නොමාරු කිරීම.

අවදානම් තත්ව මොනවද?
ප්‍රතිකාර නොකළොත් වකුගඩු ආසාදනය (Pyelonephritis),
සෙප්සිස් (Sepsis) (රුධිරයට ආසාදනය) වගේ තත්ත්ව වලට පත් වෙලා ජීවිතයට තර්ජනයක් වෙන්න පුලුවන්.

අපි මොනවද කරන්නේ?
❤️ජලය වැඩිපුර බොන්න (දවසට ලීටර් 2-3ක් බොන්න)
❤️මූත්‍රා රඳවාගෙන ගොඩක් වෙලා ඉන්න එපා.
❤️පිරිසිදුකම පවත්වා ගන්න.

රෝග ලක්ෂණ තියෙනව නම් වෛද්‍යවරයෙක් හමුවෙන්න.

📢 ඔබේ අත්දැකීම් හෝ ප්‍රශ්න comment කරන්න. අපි කතා කරමු!

📢 සමාජය දැනුවත් කිරීම යුතුකමක් කියලා මම හිතන නිසා කාර්ය බහුල උනත් මේ වගේ දෙයක් ලියන්න වෙලාව වෙන් කරගන්නවා. මට පුලුවන් ලියලා දාන්න විතරයි. මගේ facebook පිටුවේ ඉන්නේ 12000 ක විතර followers ගානක්. ඒ අය මේක දකී. ඒත් අපි share කරොත් තවත් පිරිසක් මේක දකී. කාටම හරි වැදගත් වේවි.

වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න

,

"මේ දවස් වල අපේ ICU එකේ ඉන්නවා අවුරුදු කුමාරයෙක්.""ඒ කවුද....?""අවුරුදු කාලේ බීලා bike පදින්න ගිහින් accident වෙලා ඉන්න ...
12/04/2025

"මේ දවස් වල අපේ ICU එකේ ඉන්නවා අවුරුදු කුමාරයෙක්."

"ඒ කවුද....?"

"අවුරුදු කාලේ බීලා bike පදින්න ගිහින් accident වෙලා ඉන්න ලෙඩෙක් ඉන්නවා. අවුරුදු 20යි. අපි එයාට කියන්නේ අවුරුදු කුමාරයා කියලා. "

"Wife pregnant හැමදාම බලන්න එනවා දුවත් එක්ක. පොඩි එකී තාත්තා තාත්තා කියලා මැරෙන්න හදනවා. දුකේ බෑ."
"ඒ මූණු වල තියෙන අසරණකම......😪😪"

(අවුරුදු කාලෙට පස්සේ wife මාත් එක්ක කරපු කතා බහක්.)

අලුත් අවුරුද්ද කියන්නේ සිංහල දෙමල හැම ගෙදරකම සතුටින් බලාපොරොත්තු වෙන මොහොතක්. නැකත්, කිරි ඉතිරවීම්, අලුත් ඇඳුම්, රසකැවිලි, ගෙදර හැමෝම එකතු වෙලා හිනාවෙන සද්දේ...
මේ හැම දෙයක්ම අපේ හදවතට ලං වෙන සුන්දර මතකයන්.
ඒත්, ඔයාලා දන්නවද,
මේ ලස්සන අවුරුදු කාලෙත් එක්ක එන තවත් එක දෙයක් තියෙනවා. ඒ තමයි රිය අනතුරු.

අලුත් අවුරුද්ද කියන්නේ බීමත්ව රිය පදවන්න ලයිසන් එකක් හම්බවෙන කාලයක් නෙමෙයි. බීමත්කම නිසා, ඔයාගේ ජීවිතේ විතරක් නෙමෙයි, ඔයාට ආදරේ කරන අම්මා, තාත්තා, බිරිඳ, දරුවො විතරක් නෙවෙයි ඔයා නිසා පාරේ යන තවත් කෙනෙක්ගේ අහිංසක ජීවිත විනාශ වෙන්න පුළුවන්. එක ජීවිතයක විතරක් නෙමෙයි, ජීවිත ගොඩක හිනාව ඔයා නිසා නැති වෙන්න පුලුවන්.

අවුරුදු කාලේ රිය අනතුරු වලින් තරුණ ජීවිත විනාශ වෙනවා අපි දැකලා තියෙනවා. අම්මල සිහි නැතුව ඉන්න තමන්ගේ එකම පුතා දිහා බලන් ඉන්න හැටි, බිරිඳක් තමන්ගේ සැමියා වේදනාවෙන් ඉන්න හැටි, දරුවෙක් "තාත්තා ආපහු එයිද?" කියලා අහන හැටි.
ගොඩක් වෙලාවට මේ දේවල් වෙන්නේ බීමත්කමින් නිසා උන රිය අනතුරකින්. අපිට ඒ ජීවිත ආපසු ගන්න බැහැ, ඒත් අපිට ඒවා වෙන්න ඉඩ නොදී ඉන්න පුළුවන්.

ඉතින් මේ අලුත් අවුරුද්දේ, බෝතලේ ඉස්සර කරගන්න හිතන්නේ නැතුව, ඔයා ආදරේ කරන අය ගැන හිතන්න. ටිකක් හෙමින්, පරිස්සමට වාහන drive කරන්න.

යාලුවෝ සෙට් උනාම බොන්න ඕනේම නම්, බීලා drive කරන්න එපා. ඔයාගේ එක තීරණයකින් ජීවිත ගොඩක හිනාව රැකගන්න පුළුවන්.

අපි හැමෝම එකතු වෙලා, මේ අලුත් අවුරුද්ද ලස්සනට ගෙවමු. බීමත්කමින් තොරව, රිය අනතුරු නැතුව, ජීවිත බේරගනිමු. ඔයාගේ ආදරණීය උන් බලාගෙන ඉන්නේ ඔයාව. ඔයා තමයි එයාලගේ ලෝකය.
අලුත් අවුරුද්ද ලස්සනට ගෙවන්න...

වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න.

05/09/2023

හිතුනොත් ආයෙත් කාබනික වගාවක් පටන් ගන්නවා...😁

05/09/2023

අපේ බදු මුදල් වලින් පිනට ඉගෙන ගන්න තවත් කාලකණ්ණි set එකක් එකතු වූ වගයි....❤❤❤

Address

Anuradhapura
50000

Telephone

+94707500966

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Gayan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category