20/01/2026
"ඔබව රවටා ස්වාභාවික ආහාර විහරන වලින් ඔබව ඈත් කර ඇත!පැණිබීම,රට බීම,පිටි කිරි,ක්ශනික ආහාර ගන්න සමහර පිරිස් නෙල්ලි,සාරණ,බෙලි...... වගේ ස්වාභාවික ආහර කන්න බොන්නත් වකුගඩු වලට ප්‍රශ්නයක් එනවද කියා අහන තත්වෙට පත්කොට ඇත!ලකාවේ මිනිසුන්ගේ මොල සෝදා ඇත!"අනෙක් කරුණ ස්වාභාවික ඖෂධ ඔස්සේ ගොඩ නැගුනු දේශීය වෙදකම ගැනද බොරුගොතා සාමජ ගත කර ඇත!බහුජාතික සමාගම් වල බසට රැවටෙන්න එපා! හැකි තරම් ස්වාභාවික ආහාර විහරන වලට යොමු වන්න!"
"රජෙක් වුණත් ලෙඩෙක් වුණොත් වැඩක් නැහැ” යන කියමන සත්‍යයක්මය. නිරෝගීකමට අකැමැති කවුරුන්ද? සියල්ලෝම නිරෝගීකම ප්‍රිය කරති. රෝග කොතරම් ඇතත්, වෛද්‍යවරු කොපමණ සිටියත් ඒ සියල්ලම දෙකොටසකි. කායික රෝග සඳහා කායික වෛද්‍යවරු සහ මානසික රෝග සඳහා මානසික වෛද්‍යවරු වෙති. දහමට අනුවද අංගුත්තර නිකායේ දුක නිපාතයේ එන රෝග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේද රෝග දෙකොටසක් වදාරා ඇත. ඒ කායික රෝග සහ මානසික රෝගයි. ඒවාට පිළියම් අනුදැන වදාළ බුදුරජාණන් වහන්සේ “සත්හට වන බව දුකට වෙදාණන්” යනුවෙන් භව දුක්ඛයටද වෛද්‍යවරයකු බව සඳහන්ය.
🌿අත්තනායක වෙදමහතා
දෙනගම වෙද නිවස
තිසරන සරනයි❤️🙏❤️