Sarathie

Sarathie 24 වසරක අධ්‍යාත්මික මෙහෙවර.

ජ්‍යොතිෂය ආධ්‍යාත්මික ශාස්ත්‍රයකි. ජ්‍යොතිෂය ගණිතය මත පදනම් වූවද ජ්‍යොතිෂවේදියෙකු සතුව මනා අධ්‍යාත්මික ශක්තියක් තිබය යුතුය. වර්තමාන භවය තුළ සිදු කරනු ලබන ක්‍රියාවන්ගේ ප්‍රතිඵල හෙවත් දිට්ඨධම්මවේදනීය කර්ම විපාක කේන්දරය තුළ සටහන් නොවේ. ඒ පිළිබඳව දැනගැනීමේ හැකියාව ලැබෙනුයේ අධ්‍යාත්මික ශක්තිය තුලිනි. සේවාලාභීන්ගේ ගැටළු කරදර මඟහරවාලමින්, පරාජිත සිත් තුළ ජයග්‍රාහී සිතුවිලි පුබුදුවමින් ඔවුන් සැනසිලිදායක මාවතකට යොමු කළ හැකි වන්නේ ආධ්‍යාත්මික ශක්තියෙන් යුතු උපදේශකයෙකුට පමණි. එවන් ජ්‍යොතිෂවේදීන් විරළ ය. සංජීව කුළුපන බණ්ඩාර මහතා එවන් ජ්‍යොතිෂවේදියෙකි. ඔහු ජ්‍යොතිෂවේදියෙකුටත් වඩා ආධ්‍යාත්මවේදියෙකි.

ගමේම වෙනත් දිශාවක,සටන් ශූර සීතාවක රාජසිංහ රජුගේ රාජ සමය හා බැඳුණු ස්ථාන රැසක් අදටත් සුරැකිව පවතින ඓතිහාසික ප්‍රදේශයක...2...
08/12/2025

ගමේම වෙනත් දිශාවක,

සටන් ශූර සීතාවක රාජසිංහ රජුගේ රාජ සමය හා බැඳුණු ස්ථාන රැසක් අදටත් සුරැකිව පවතින ඓතිහාසික ප්‍රදේශයක...

2025.12.06 සෙනසුරාදා...

ඇස්වත්තේ.

ඇස්වත්තේ.2025.11.15
17/11/2025

ඇස්වත්තේ.
2025.11.15

වතුරුගම.2025.11.04
09/11/2025

වතුරුගම.
2025.11.04

සැඟව පවතින බොහෝ දේ වටින්නේය. වටිනා බොහෝ දේ ඇත්තේ සැඟවීගෙනය. වටිනා දේ සැඟව පවතින තැන් භයානක තැන් බවට ද විශ්වාසයක් පවතී. න...
22/10/2025

සැඟව පවතින බොහෝ දේ වටින්නේය. වටිනා බොහෝ දේ ඇත්තේ සැඟවීගෙනය. වටිනා දේ සැඟව පවතින තැන් භයානක තැන් බවට ද විශ්වාසයක් පවතී. නිධාන් ගැන ඇත්තේ ද එවැනි විශ්වාසයකි. එවැනි තැන් මාරක ස්ථාන ලෙස සැළකේ. කේන්දරයේ අටවැන්න ද එවැනි තැනකි. අටවැන්න මරණයේ නිවස ලෙස සැළකේ. ඒ අටවැන්නෙන් මරණය ගැන කියැවෙන බැවිනි. මරණය ගැන කියැවෙන්නේ අටවැන්නෙන්ම නොවන බව සත්‍යයකි. උපත යනු ආරම්භය නොවන්නා සේම මරණය යනු අවසානය ද නොවන්නේ ය. ජීවිතය ඉපදෙන්නේ හෝ මියයන්නේ නැත. අටවැන්න දොරටුවකි. එය පරිවර්තනයේ දොරටුවයි. පරිවර්තනයක් සිදුවන සෑම විටම මරණයක් ද සිදුවේ. තමන් සිටින සංඛ්‍යාතයෙන් මිදී ඉහළට එසවෙන හෝ පහළට බැස යන සෑම අවස්ථාවකදීම පෙර සිටි තමන්ගේ මරණය සිදුවේ. අහිංසක මරණයට පත්ව අංගුලිමාල වන්නේද, අංගුලිමාල මරණයට පත්ව උතුම් අරහත් තත්වයට පත්වන්නේද ඒ ආකාරයට ය. මුනිවරු පවසන්නේ ඔබ ඔබව මරා දැමිය යුතු බවය. එනම් මමත්වය දුරු කළ යුතු බවය. තමන් යැයි යමෙක් නැති තත්වයට පත් විය යුතු බවය. එය පරිවර්තනයකි. ද්විත්වය අතුරුදන්ව ඒකීයතත්වයට පත් වන්නේ එවිටය. මේ සියලු පරිවර්තනයන් හෙවත් මරණයන් ගැන වඩාත් වැදගත් කරුණු කියැවෙන්නේ කේන්දරයේ අටවැන්නෙනි. අටවැන්න දොරටුවක් යැයි සැළකෙන්නේ එබැවිනි.

අටවැන්න හා මනස අතර ඇත්තේ ගසයි පොත්තයි තරමේ සබැඳීයාවකි. එය එසේ විය යුතුය. ඇතැම් පරිවර්තයක් මනස තුළමය ඇතැම් පරිවර්තයන් මනසින් ඔබ්බටය. ඔබ්බට යන්නේද මනස තුලින්ය. දෙකටම මනස සම්බන්ධය. අටවැන්න නිකම් දොරටුවක් නොව විශ්ව දොරටුවකි. තවත් අතකින් එය විශ්ව සුරක්ෂිතාගාරයකි. ඒ, මිල කළ නොහැකි තරමේ වටිනා රහස් එහි සැඟව පවතින බැවිනි.

හතරවටින් එල්ල වන දුක් ගැහැට කරදර පීඩා හමුවේ බිමට සමතලා වී නැවත උපදින මිනිසුන් ඇත. දැඩි සත්කාර ඒකකවල දින සති ගණන් ජීවිතයත් මරණයත් අතර සටන් වැද නැවත උපදින්නෝ ද වෙති. කිසිදු බැබලීමකින් තොර දැලි වැදුණු ජීවිත අනපේක්ෂිත ලැබීමකින් දළුලා උපදින අවස්ථා ඕනැ තරම් ඇත. ඒ,අටවැන්නේ බලයයි. ඇමෙරිකානු රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරියක් මෙන්ම කතුවරියක් හා මාධ්‍ය හිමිකාරිනියක් ද වන ඔප්රා ගේල් වින්ෆ්‍රේ ගේ ජීවිත කතාව කියවා බලන්න. අන්ත දිළිඳු තත්වයක සිටි ඇය බිලියනපතිනියක් බවට පත්වීමට හේතු වූයේ කේන්දරයේ අටවැන්නේ බලයයි.

සඳු අටවැන්නේ සිටින්නවුන් ස්වභාවයෙන්ම සංවේදීය. හැඟුම්බරය.සිතුවිලි බහුලය. ඔවුන් සියල්ලෝම පාහේ එම සංවේදී බව සුරැකිව තබාගෙන දිවි ගෙවති. අධිසංවේදී බව ඉහළ අධ්‍යාත්මික තත්වයක් කරා පරිවර්තනය කිරීමට තරම් අවබෝධයක් නොමැති බැවිනි. මාර්ගය පෙන්වා දිය යුත්තේ කේන්දරය පරීක්ෂා කරන ජ්‍යොතිර්වේදියා ය. මාර්ගය පෙන්වා දීමට නම් මාර්ගය දැන සිටිය යුතුය.

චන්ද්‍ර මෝහන් රාජ්නීශ් හෙවත් මුනිවර ඕෂෝ ගේ වෘෂභ ලග්න කේන්දරයේ අටවැන්නේ ග්‍රහයින් පස් දෙනෙකි. ඒ සඳු,කුජ,බුධ,සිකුරු හා ශනි ය. එතුමන් අවබෝධයට පත් වූවා යැයි පවසන 1953.03.21 දින පුරසඳු ලග්න භාවයේය. ගත කරමින් සිටියේ සඳු මහ දශාවේ සිකුරු අන්තර් දශාවයි. බුධ හිමි භද්‍රිකා යෝගිනි දශාවේ ශනි හිමි උල්කා අන්තර් දශාවයි. උපතේදී අටවැන්නේ සිටි මමත්වය මරා දමන ශනි ලග්නාධිපති සිකුරු සමග සම සප්තමව සිටි අවස්ථාවයි. වැදගත් කරුණු සියල්ල ගොණුවී ඇත්තේ ලග්නයයි අටයි ඇසුරේ ය.

අප මෙතෙක් කොපමණ ජීවිත සංඛ්‍යාවක් ගත කළේ දැයි කිව හැකි කිසිවෙක් නැත. එම ජීවිත තුළ සිදු වූ පරිවර්තනයන් මෙපමණයි කියා කිව හැකි අයෙක්ද නැත. පෙර භවයන් තුළ ගොඩනගාගත් සුවිශේෂ හැකියාවන්, තත්වයන් මෙන්ම ලැබූ දැනුම් පද්ධති සමග සම්බන්ධ වීමේ හැකියාව පෙන්වන්නේ අටවැන්නෙනි. ගුප්ත ශාස්ත්‍ර පිළිබඳ නිපුණත්වයට අටවැන්න වැදගත් වන බවට හේතුව ද එයයි. ගුප්ත ශාස්ත්‍ර පමණක් නොව ඕනෑම දෙයක ඉහළම නිපුණත්වය පෙර භවයන් තුළින් වර්තමාන භවයට සම්බන්ධ කරන දොරටුව අටවැන්නයි. ගුරුදේව් රබීන්ද්‍රනාත් තාගෝර් ගේ මීන ලග්නය හිමි කේන්දරයේ අටවැන්නාධිපති සිකුරු රවි හා බුධ සමග දෙවැන්නේය.එමෙන්ම අටවැන්නාධිපති තමන්ගේම නැකතකය. තුලා නවාංශකයේය.ක්ෂේත්‍ර ගණනාවක නිපුණත්වය සමග සාංසාරික හපන්කම් කොතෙකුත් මුසුව ඇති බව පැහැදිලිය.

ඇතැමුන්ට සිදුවීමට නියමිත විශේෂ සිදුවීම් හෝ අනතුරු විපත් ආදිය කල් තියා දැනෙන ශක්තියක් පවතී. එය විශ්වයෙන් කරන දැනුම්දීමක් ලෙසද විශ්වාස කෙරේ. එය සැබෑවැකි. එය මනසට ඔබ්බෙන් සිදුවන්නක් බැවින් විශ්වයෙන් ලැබෙන යමක් ලෙස සැළකීම සාධාරණය. කෙසේ වෙතත්, මෙවන් අයගේ අටවැන්න සුවිශේෂී බලයකින් යුතුය.

දොරටුවෙන් බැහැරව ගිය හෙවත් ජීවිතයෙන් සමුගත් අයෙකුගේ ධනය,දේපළ හෝ වෙනයම් වස්තුවක් උරුම වීමටද අටවැන්න ශක්තිමත් විය යුතුය. ඇතැමුන් ඒවා උරුම කර ගැනීමට නොයෙක් උපාය මාර්ග යොදන නමුත් නොලැබී යන්නේ උරුම ශක්තිය අටවැන්නේ නොමැති බැවිනි.

අවධියට පත් මුනිවර ඇසුර ලැබීමේ වාසනාව ද අටවැන්න හරහා හිමි වේ. ඇසුර හිමි වීමම ප්‍රමාණවත් නොවේ. එතුළින් ජීවන පරිවර්තනයක් සිදු වීම හෝ නොවීම තීරණය වන්නේ අටවැන්නේ බලය ශක්තිය මතය.

ඥාති වරම්, අභ්‍යන්තර වරම්, බාහිර වරම්, සිහි වරම්, නේත්‍රා වරම් ආදී වශයෙන් වරම් විවිධාකාරය. වරම කුමක් වූවත් ඊට සම්බන්ධ වන්නේ අමනුස්සයෙකි. අමනුස්සයාද විශ්වව්‍යාපී ශක්තියකි. එවන් ශක්තීන් සමග ගණුදෙනු කිරීමට, එවන් ශක්තීන් හරහා ධනය හෝ වෙන යම් උපකාරයක් ලැබීමට ඊට අනුරූප ග්‍රහ බලයක් අටවැන්න සමග සම්බන්ධව තිබිය යුතුය.

බොහොමයක් දෙනා තුළ අටවැනි භාවය පිළිබඳව ඇත්තේ එතරම් සතුටුදායක අදහසක් නොවේ. අටවැන්න, අටවැන්නාධිපති,අටවැන්නේ ග්‍රහයින් වින කටින, අවාසනාව කැන්දන ග්‍රහයින් බව විශ්වාස කරන්නෝ බොහෝය. විසිදෙවෙනි දෙර්කාණාධිපති ගැන කිව යුත්තේ ද එයමය. ඇතැම් විට අටට සම්බන්ධ ග්‍රහයින් අමිහිරි කටුක බලපෑම් එල්ල කළ හැක. තිඹිරිගෙයින් ඇසෙන්නේ වේදනාබර විලාප හඬය. ඉවසා සිටිය යුතුය. මොහොතකට පසුව නව ලොව එළිය දකින බිළිඳෙකුගේ මොළකැටි හඬ ඇසෙනු ඇත.

ආධ්‍යාත්මික ජ්‍යොතිෂවේදී

සංජීව කුළුපන බණ්ඩාර

ශාන්තිකර්මයක්ම නොවෙයි...මාසයකට වැඩි කාලයක් අමනුස්සයින් තිදෙනෙකුගේ ග්‍රහණයට හසුව පාසල් ගමන ද අහිමිව සිටි වයස අවුරුදු 14 ක...
02/10/2025

ශාන්තිකර්මයක්ම නොවෙයි...
මාසයකට වැඩි කාලයක් අමනුස්සයින් තිදෙනෙකුගේ ග්‍රහණයට හසුව පාසල් ගමන ද අහිමිව සිටි වයස අවුරුදු 14 ක දියණියකට සහනය ලබා දෙමින්, කාලාන්තරයක් පුරා ප්‍රේත ලොව අනේක දුක් විඳිමින් සිටි ප්‍රේතයින් දෙදෙනෙකුට සහ ප්‍රේතියකට යහ මග පෙන්වීමට හැකි වුණු මහත්ඵල මහානිසංස පුණ්‍යකර්මයකි.
නොපෙනෙන සම්පත් පසුපස හඹා ගිය පියාගේ අමනෝඥ ක්‍රියාවක් හේතුවෙන් දැරිය අමනුස්ස ග්‍රහණයට හසුව තිබුණි. දෙමාපියන්ට පවා පරුෂ වචනයෙන් බැන වදිමින් ඉතාමත් ප්‍රචණ්ඩව හැසිරෙන බවත් හය හත් දෙනෙකුටවත් ඇය අල්ලා මෙල්ල කිරීම අපහසු බවත් මා සමග පැවසුවේ ඒ ආසන්නයේ වෙසෙන හිතවත් මහත්මයෙකි. ඒ වන විට මලයාලි ගුරුන්, වරම්කරුවන්, දේවාල වෙත මෙන්ම වෛද්‍යවරු වෙත ද දැරිය යොමු කොට තිබුණු නමුත් මුදල් වියදම් වීම හැර සාර්ථක ප්‍රතිඵලයක් අත්ව නොතිබුණි.
ඒ අසල වෙසෙන මා හිතවත් මහත්මාගේ ඉල්ලීම පරිදි 2025.09.29 වෙනි සඳු දින සැන්දෑ යාමයේ එම නිවසට ගොස් අමනුස්ස බලපෑම් ඉවත් කොට එම අමනුස්සයින් කුසලයට යොමු කොට දැරිය සුවපත් කළෙමි.
මෙය එම අමනුස්සයින්ගේ ද යම් පිනක් හේතුවෙන් ඔවුන් ලද අවස්ථාවකි.දීර්ඝ කාලයක් මුළුල්ලේ ප්‍රේත ලොව අනේක දුක් විඳිමින් සිටි ඔවුන්ට මුනිවර පිළිසඳරක් පැවැත්වීමට අවස්ථාව එළඹීම මොන තරම් වාසනාවක්ද...දැරියට සහ එම පවුලට වඩාත් කරදර ඇති කර තිබුණු ප්‍රේතිය තම පිපාසාව නිවා ගැනීමට ඉල්ලා සිටියේ බොර ජලයයි. බොර ජලය තිබෙන ස්ථානයද ඇය විසින්ම දන්වා සිටියාය. ප්‍රේත ලෝකය මොන තරම් කටුකද....
ඔවුන් සියලු දෙනාටම යහපතක්ම වේවා!
(ඡායාරූප වීඩියෝ පටයෙන් ලබාගත් ඒවා බැවින් පැහැදිලිතාවය අඩුය)
සංජීව කුළුපන බණ්ඩාර.

මීගහවත්ත.2025.09.23
25/09/2025

මීගහවත්ත.
2025.09.23

සීමා මායිම් රහිත...අනන්ත ආශිර්වාදය.2025.09.13ඉංගිරිය.
15/09/2025

සීමා මායිම් රහිත...
අනන්ත ආශිර්වාදය.
2025.09.13
ඉංගිරිය.

ඇස්වත්තෙ.2025.08.16
18/08/2025

ඇස්වත්තෙ.
2025.08.16

නිහඬතා වර්ග දෙකකි.වගා කරන නිහඬතාවය සහ ඇතුලාන්තයෙන් පැමිණෙන නිහඬතාවය යි.වගා කරන නිහඬතාවය යනු මර්දනය කරනු ලබන ශබ්දය මිස අන...
16/08/2025

නිහඬතා වර්ග දෙකකි.

වගා කරන නිහඬතාවය සහ ඇතුලාන්තයෙන් පැමිණෙන නිහඬතාවය යි.

වගා කරන නිහඬතාවය යනු මර්දනය කරනු ලබන ශබ්දය මිස අන් කිසිවක් නොවේ. ඔබට නිහඬව වාඩි වී සිටිය හැකි අතර එසේ දිගු වෙලාවක් වාඩි වී දින සති මාස ගණන් පුහුණු වුවහොත් ඇතුලාන්ත ඝෝෂාව මුළුමනින්ම පාලනය කිරීමට හැකි වනු ඇත. එහෙත් ඔබ ගිනි කන්දක් මත වාඩි වී සිටිනු ඇත. එය ඕනෑම මොහොතක පුපුරා යා හැකිය.මෙය සැබෑ නිහඬතාවය නොවේ. පනවන ලද නිහඬතාවය කි.

ලොව පුරා සිදුවන්නේ මෙයයි. නොයෙක් අයගෙන් භාවනා ඉගෙනගන්නන්, ඊනියා මධ්‍යස්ථානවල භාවනා පුහුණුවන්නන් තමන් වෙත නිහඬතාවයක් පනවමින් සිටියි. නමුත් එය තමන් රවටාගැනීමක් මිස වෙන කිසිවක් නොවේ.

නිශ්ශබ්දතාවය ඔබේ පැවැත්මෙන්ම පැනනැගිය යුතුය. එය පිටතින් ඇතුළට පැනවිය යුතු නොවේ. එය ඇතුලාන්තයේ සිට ඉහළට නැගී, මධ්‍යයේ සිට පරිධිය දෙසට විහිදී යා යුතුය.
ඔබ බලහත්කාරයෙන් නිහඬ නම්, ඔබ ඔබේ මනස මර්දනය කර ඇත්නම් භාවනා කිරීම වෙනුවට ඔබ මනස සමඟ සටන් කරමින් සිටියි. ඔබට මනස නිශ්ශබ්ද කිරීමට බල කළ හැකිය. නමුත් කිසිදු ප්‍රබෝධයක් නොලැබෙනු ඇත. එය සොහොන් පිටියක නිශ්ශබ්දතාවයක් මිස මලින් පිරි උයනක නිශ්ශබ්දතාවය නොවේ. එය නිස්සාර හිස් බවක් මිස පිරී ඉතිරි යන්නක් නොවේ.
ඇතුලාන්තයෙන් පැමිණෙන නිහඬතාවය හිස් අත්දැකීමක් නොවේ. එය පිරී ඉතිරි ගිය ධනාත්මක නිශ්ශබ්දතාවයකි. නිශ්ශබ්දතාවයෙන් පිරී ඉතිරි යාම නම් "ප්‍රමෝදය" යි.
සැබෑ නිශ්ශබ්දතාවය පැමිණෙන්නේ මනස දියවී ගිය විට පමණි. උත්සහයකින් නොව අවබෝධය හරහා ය. පුහුණුවක් හරහා නොව ඇතුලාන්ත දැනුවත්භාවයක් හරහා ය.

ඔබට ඕනෑම මන්ත්‍රයක් භාවිතා කළ හැකිය. නිරන්තර පුනරාවර්තනය ඔබට නිශ්ශබ්දතාවයේ ව්‍යාජ හැඟීමක්, ව්‍යාජ නිශ්ශබ්දතාවයක් ලබා දෙනු ඇත. මන්ත්‍රයක නිරන්තර පුනරාවර්තනය ඔබව මෝහනයට පත් කරයි. ඔබට අඳුරු බවක් දැනෙන්නට පටන් ගනී, ඔබේ දැනුවත්භාවය නැති වී යයි, ඔබ වඩ වඩාත් නිදිමත වේ. එම නිදිමත තුළ ඔබ නිහඬ වී ඇති බව ඔබට දැනෙන්නට පුළුවන, නමුත් එය නිහඬතාවයක් නොවේ. නිශ්ශබ්දතාවය යනු අවබෝධය තුළින් මනස දියවී යාමයි.
මනසට නිශ්චලව සිටිය නොහැක. එයට අඛණ්ඩ චින්තනය, කනස්සල්ල අවශ්‍ය වේ.

මනස බයිසිකලයක් මෙන් ක්‍රියා කරයි; ඔබ එය පැදවීම දිගටම කරගෙන ගියහොත්, එය දිගටම පවතී. ඔබ නතර වූ මොහොතේ, මනස අතුරුදහන් වේ.

ආධ්‍යාත්මවේදී,
සංජීව කුළුපන බණ්ඩාර.

සිංහ ධේනුවක් කඳුගැටයක සිට තවත් කඳුගැටයකට පනිමින් සිටින අතර තුර පැටවෙක් බිහි වුණා. පැටවා වැටුණේ බැටළුන්  සමූහයක් ගමන් කරම...
15/08/2025

සිංහ ධේනුවක් කඳුගැටයක සිට තවත් කඳුගැටයකට පනිමින් සිටින අතර තුර පැටවෙක් බිහි වුණා. පැටවා වැටුණේ බැටළුන් සමූහයක් ගමන් කරමින් සිටි පාරකට. සිංහ පැටවා බැටළුවන් සමඟ මුසු වුණා. බැටළුවන් සමඟ ජීවත් වුණා. බැටළුවෙක් වගේ හැසිරුණා. තමන් සිංහයෙක් බව පැටවා සිහිනෙන්වත් දැන සිටියේ නෑ. ඔහු කිසි විටෙකත් සිංහයෙක් මෙන් ගර්ජනා කළේ නෑ. කිසි විටෙකත් සිංහයෙක් මෙන් තනිව සිටියේද නෑ. බැටළු සමූහය තුළටම වී සිටියා.

සිංහ පැටවා ටිකෙන් ටික වැඩෙන්නට පටන් ගත්තා. ඔහු බැටළුවෙකු ලෙස මානසිකව හඳුනාගෙන සිටියත් ජීව විද්‍යාව හඳුනාගැනීම අනුව යන්නෙ නෑ වගේම සොබාදහම කිසිවෙක්ව අනුගමනය කරන්නෙත් නෑ. ඔහු තරුණ සිංහයෙක් බවට පත් වුණා.

සියල්ල ඉතා සෙමින් සිදුවූ බැවින් බැටළුවන් සිංහයාට හුරු වුණා. සිංහයා බැටළුවන්ට හුරු වෙමින් සිටින අතරෙ බැටළුවන් සිතුවෙ ඔහුට තරමක් පිස්සු කියලයි. ඔහුගේ හැසිරීම තුළ ස්වභාවික බැටළු ගතිය නෑ. තණකොළ කන විදිය, හැසිරෙන විදිය, නිදියන විදිය ස්වභාවික නෑ. නමුත් බැටළුවන් මේ වෙනස්කම් එතරම් ගණන් ගත්තෙ නෑ.

"ඌ ටිකක් ලොකුයි...සිංහයෙක් වගෙයි පෙන්නෙ..." බුද්ධිමත් බැටළුවෙක් කිව්වා.
" ඒක සොබාදහමෙ විකාරයක්...ඉඳලා හිටලා එහෙම දේවල් වෙනවා..." බැටළුවො එහෙම හිතුවා.
"ඔහුගෙ ස්වභාවය වෙනස්. ශරීරය වෙනස්. අසාමාන්‍යයි. එහෙම වුණා කියලා ඔහු සිංහයෙක් බව අදහස් කරන්න බෑ. සොබාදහමෙ විකාරයක් පමණයි...බිය නොවන්න.අපි ඔබව රැක බලා ගැනීමට මෙහි සිටින්නෙමු..." බැටළු මනෝ විශ්ලේෂකයින් ඔහුට පැහැදිලිකිරීම් ලබා දුන්නා.

දිනක් මහලු සිංහයෙක් බැටළු රංචුවට මඳක් ඈතින් ගමන් කරනවා. බැටළුවන් අතර සියලු බැටළුවන්ට වඩා උසින් යුතු තරුණ සිංහයව ඔහුට දකින්න ලැබෙනවා. ඔහුගේ ඇස් අදහගන්න බැරි වුණා. ඔහු කිසිදා එවැනි දෙයක් දැක තිබුණේ නෑ. මුළු ඉතිහාසයේම සිංහයෙක් බැටළුවන් සමූහයක් මැද සිටි බවක්, කිසිම බැටළුවෙක් සිංහයෙකුට බිය නොවූ බවක් ඔහු අසා තිබුණේ නෑ. සිංහයා බැටළුවන් මෙන් තණකොළ කමින් ඇවිදිමින් සිටියා.

මහලු සිංහයාට ඇස් අදහාගන්න බැරි වුණා. ඔහු තම උදෑසන ආහාරය වෙනුවෙන් බැටළුවෙක් අල්ලාගැනීමට යන බවත් අමතක වුණා. ඔහු මේ තරුණ සිංහයා අල්ලාගැනීමට උත්සාහ කළා. නමුත් ඔහු මහලුයි. තරුණ සිංහයා පලා ගියා.කෙසේ හෝ අවසානයෙදි මහලු සිංහයා තරුණ සිංහයව අල්ලාගත්තා.
" මට සමාවෙන්න...මම අසරණ බැටළුවෙක්...තරුණ සිංහයා බියෙන් අඩන්න පටන් ගත්තා.

"මෝඩයා...ඕක නවත්තලා මාත් එක්ක පොකුණ ළඟට එන්න." මහලු සිංහයා ඔහුව අසල තිබුණු පොකුණක් ළඟට කැඳවාගෙන ගියා. තරුණ සිංහයා ගියේ කැමැත්තෙන් නෙමෙයි. ඔහු පසුපසින් නොගියොත් ඔහු තමන්ව මරාදමයි කියල හිතුවා. බැටළුවෙක් සිංහයෙකුට එරෙහිව කුමක් කරන්නද...

මහලු සිංහයා කිව්වා. " බලන්න මගේ මුහුණ දිහා. ඊළඟට ඔබේ මුහුණ දෙස බලන්න. මගේ ශරීරය දෙස බලා ජලයෙහි ඔබේ ශරීරය දෙස බලන්න..."
තත්පරයකින් මහා ඝෝෂාවක් ඇති වුණා. සියලු කඳු එය ප්‍රතිරාවය කළා. බැටළුවා අතුරුදන් වුණා. ඔහු තමාව හඳුනා ගත්තා.බැටළුවන් සමඟ තමාව හඳුනාගැනීම යථාර්ථය නොවෙයි, එය සංකල්පයක් පමණයි. දැන් ඔහු යථාර්ථය දුටුවා.
මහලු සිංහයා පැවසුවා. " දැන් මට කිසිවක් කියන්න අවශ්‍ය නෑ. ඔබ තේරුම්ගන්න."

තරුණ සිංහයාට කිසිදා නොදැනුණු අමුතු ශක්තියක් දැනෙන්නට වුණා. එය නිද්‍රාශීලීව තිබුණාක් මෙන් ඔහුට අති මහත් බලයක් දැනෙන්නට වුණා. බැටළුවෙකු සතුව තිබුණු දුර්වලකම, බියසුලු බව, නිහතමානීකම සැණෙකින් වාෂ්ප වී ගියා.

ඔබේ මනස ස්වභාවධර්මයෙන් නිර්මාණය වී නැත. ඔබේ මොළය ස්වභාවධර්මයෙන් නිර්මාණය වී ඇත. මොළය ශරීරයට අයත් යාන්ත්‍රණය යි. නමුත් ඔබේ මනස ඔබ ජීවත් වන සමාජය විසින් නිර්මාණය කර ඇත. ආගම, ආගමික ස්ථාන, දෙමාපියන්ගේ දෘෂ්ටිවාදය, අධ්‍යාපන ක්‍රමය, ගුරුවරු ආදිය මීට අයත් වෙයි. මොළය ස්වාභාවිකයි. මනස නිර්මාණය කරන ලද්දකි. එය රඳා පවතින්නේ ඔබ අයත් වන්නේ කුමන බැටළු රැළටද යන්න මත ය.

මෙය මුනිවරයා හා ශ්‍රාවකයා සම්බන්ධ පැරණි උපමා කතාවකි. මුනිවරයාගේ කාර්යය වන්නේ ශ්‍රාවකයාට තමා කවුදැයි දැකීමටත් ඔහු විශ්වාස කරන දේ සත්‍ය නොවන බව පෙන්වීමටත් සැලැස්වීම පමණි.

ආධ්‍යාත්මවේදී,
සංජීව කුළුපන බණ්ඩාර.

Address

Avissawella
0094

Alerts

Be the first to know and let us send you an email when Sarathie posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Sarathie:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram