Sethsuwa Ayurveda-Avissawella

Sethsuwa Ayurveda-Avissawella සීතාවක සෙත්සුව ආයුර්වේද වෙද මැදුර- අවිස්සාවේල්ල

💜️💜️💜️ENDOMETRIOSIS 💜️💜️💜️💜️💜💛🧡💛🧡එන්ඩොමෙට්‍රියොසිස් 💛🧡💛🧡එන්ඩොමෙට්‍රියොසිස්  යනු අද සමාජයේ තරුණ කාන්තාවන් වැඩි වශයෙන් මුහ...
09/12/2025

💜️💜️💜️ENDOMETRIOSIS 💜️💜️💜️💜️💜

💛🧡💛🧡එන්ඩොමෙට්‍රියොසිස් 💛🧡💛🧡

එන්ඩොමෙට්‍රියොසිස් යනු අද සමාජයේ තරුණ කාන්තාවන් වැඩි වශයෙන් මුහුණ දී සිටින රෝගී තත්ත්වයක්.
🛑 මෙම රෝගයේ ප්‍රධානම රෝග ලක්ෂණයක් වන්නේ ඔසප් වීමේදී ඇතිවන අධික වේදනාවයි.

ඇත්තෙන්ම මෙම රෝගී තත්ත්වයේ දී සිදු වන්නේ ගර්භාෂ අභ්‍යන්තර බිත්ති සාදන පටක (Endometrial tissue ) ගර්භාෂයෙන් පිටත වෙනත් ස්ථානවල තැන්පත් වීමයි.😳😳මෙහිදී සිදුවන්නේ ගර්භාෂ අභ්‍යන්තර බිත්ති සෑදී ඇති සෛල එම ස්ථානයෙන් ගැලවී ගොස් වෙනත් ස්ථානවල තැන්පත් වී එම ස්ථානවල අසාමාන්‍ය ලෙස වර්ධනය වී ගර්භාෂ බිත්ති හා සමාන ආස්තරණයක් එම ස්ථානවල ද ඇති කරනු ලබනවා.😕😕😕

🌸 මෙසේ අසාමාන්‍ය ලෙස සෛල වර්ධනය වී ගර්භාෂ බිත්තිය හා සමාන ආස්තරණයක් සෑදූ සෑම ස්ථානයකම මාසිකව සිදුවන ආර්තවය හා සමාන ක්‍රියාවලියක් සිදු වෙනවා.සාමාන්‍ය ආර්තවය ක දී ගර්භාෂ බිත්තිය බිඳ වැටීමෙන් රුධිරය හා මාංසල කොටස් යෝනි මාර්ගය හරහා බැහැර වීමේ ඉඩකඩ පවතිනවා .

🌸මෙසේ අසාමාන්‍ය ලෙස පටක තැන්පත් වුණ ගර්භාෂයෙන් පිටත වෙනත් ස්ථාන වල ද මාසිකව මෙම පටක ආස්තරණය බිඳ වැටුණ ද මෙම පටක හා රුධිරය පිටවීමට මාර්ගයක් නොමැති හෙයින් රුධිරය එකතු වීමෙන් එම ස්ථාන වල ලේ ගෙඩි(chocolate cyst) සාදනු ලබනවා.

උදර කුහරය තුළ තුළ ඕනෑම ස්ථානයක මෙලෙස ගර්භාෂ අභ්‍යන්තර පටක සාදන සෛල තැන්පත් විය හැකියි. 👈👈👈👈👈👈👈

ප්‍රධාන වශයෙන් මෙම සෛල තැන්පත් වන ස්ථාන ලෙස ඩිම්බකෝෂ හා පැලෝපීය නාල හඳුනාගෙන තිබෙනවා. මීට අමතරව ගර්භාෂය පිටත බිත්තියේ,ගර්භාෂය ආශ්‍රිත බන්ධනී සහ උදර කුහරයේ පිහිටි ඕනෑම අවයවයක මෙලෙස තැන්පත් විය හැකියි.

☝️☝️☝️ මේ ලෙස සෛල තැන්පත් වූ ස්ථාන හරියට කොහොල්ලා ගුලි ඇලුනු ස්ථාන වගේ.ඒ නම් මෙලෙස අසාමාන්‍ය ලෙස පටක තැන්පත් වූ තැන් ඇලෙන ස්වභාවයෙන් යුක්තයි.☝️☝️☝️
එමනිසාවෙන් මෙලෙස සෛල තැන්පත් වූ ස්ථාන ඔබගේ උදර කුහරය තුළ තුල ඕනෑම අවයවයකට ඇලී(adhesions ) පැවතිය හැකියි.🥺🥺🥺🥺🥺මෙලෙස ඩිම්බ කෝෂ සහ පැලෝපීය නාල පවතින ස්ථාන වලින් වෙනස් වී වෙනත් ස්ථානවලට ඇලී පැවතීම මද සරු භාවය ඇති වීමට ප්‍රධාන කාරණාවක් වෙනවා.

💚❤️💚එන්ඩොමෙට්‍රියොසිස් රෝග තත්ත්වය ඇති වීමට හේතු මොනවද බලමු💚❤️💚

👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
මේ සඳහා නිශ්චිතව ම හේතුවක් සොයාගෙන නැති නමුත් අවදානම වැඩි කරන සාධක කිහිපයක් පිළිබඳව දැනට සොයා ගෙන තිබෙනවා

💙💙ජානමය හේතු
මෙම රෝගී තත්ත්වය ඔබගේ මව් පාර්ශවයේ යම් කාන්තාවකට වැළදී තිබුනේ නම්,ඔබට ද රෝගය වැළඳීමේ 60% පමණ සම්භාවිතාවයක් ඇත.

💙💙ආර්තව හරනය පමා වූ කාන්තාවන්(50yrs) මල්වර වූ දැරිවියන්ටද රෝගය ඇති වීමේ අවදානම ඉහළ යයි.මෙයට හේතුව නම් මෙම කණ්ඩායම් දෙකටම අයිති කාන්තාවන් දීර්ඝ කාලයක් තිස්සේ ඊස්ට්‍රජන් හෝමෝනයට නිරාවරණ වන සහ වූ අය වීමයි.

💙💙ආර්තව රුධිරය බැහැර වීමට බාධා ඇති වීමේ දී,
ආර්තව රුධිරය බැහැර වන මාර්ගයේ හෙවත් යෝනි මාර්ගයේ උපතින්ම ඇතිවන පටු වීම් සහ අවහිරතා හේතුවෙන්.(mullarian anomalies )

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙම රෝගී තත්ත්වයට හේතු ලෙස
☘️අධික ලෙස කය වෙහෙසා වැඩ කිරීම.

☘️අල්ප වශයෙන් ආහාර ගැනීම හෝ දීර්ඝ කාලීනව ආහාර නොගෙන සිටීම.
☘️රාත්‍රී නිදි මැරීම.
☘️මල මුත්‍ර පිට කිරීමට අවශ්‍ය වුවද ඒවා බැහැර නොකර දරාගෙන සිටීම.
☘️අධික මානසික ආතතිය.
☘️අධික ලෙස සිතීම, කල්පනා කිරීම.
☘️ ජලය අඩුවෙන් පානය කිරීම වැනි හේතු.

💜️💚❤️💜රෝග ලක්ෂණ ලෙස 💜️💚❤️💜️

☝️☝️🌻මෙම රෝගයේ ඇති භයානකත්වය නම් රෝගය උත්සන්න වන තුරැ රෝග ලක්ෂණ නොපෙන්වීමයි. 20%-25% ත් අතර ප්‍රමානයක් කාන්තාවන් රෝගය පැවතුනද කිසිඳු රෝග ලක්ෂණයක් බාහිරට නොපන්වයි.

☝️☝️🌻රෝගයේ ප්‍රධානම රෝග ලක්ෂණය නම් යටිබඩ ප්‍රදේශයේ ඇතිවන අධික වේදනාවයි. මෙම වේදනාව දෑලවර,පිටකොන්ද,ගුදය,කලවා ප්‍රදේශ වලද ඇතිවිය හැකියි.⁣අනින්නාක් කපන්නාක් බඳු වේදනාවක් වන මෙය දැනෙ⁣න තීව්‍රතාව රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ.

☝️☝️🌻ඔසප් වීමේදි ඇතිවන අධික වේදනාව(dysmenorrhea )
මෙම වේදනාව ඔසප් වීමට සතියකට පමණ පෙර සිට ඔසප් වීමෙන් පසුවද පසුව ද සතියක් පමණ යන තුරු රැදී පවතී.මෙම වේදනාව ඉතා තීව්‍ර වේදනාවක් වන අතර මේ හේතුවෙන් එදිනෙදා වැඩ කටයුතු වැඩ කටයුතු කර ගැනීමට පවා බාධා ඇති කරයි.

☝️☝️🌻ඔසප් වීමේදී තද දුඹුරු පැහැති කැටිති ආකාරයෙන් අධික ලෙස ඔසප් රුධිරය පිටවීම.

☝️☝️🌻අධික වේදනාව සමඟම, ඔක්කාරය ක්ලාන්ත ගතිය ,ආහාර අරුචිය, බඩ පුරවා දැමීම, අප්‍රාණික බව,වමනය වැනි ලක්ෂණද ඇතිවිය හැක.

☝️☝️🌻ලිංගිකව සම්බන්ධ වීමේදී ඇතිවන අධික වේදනාව(dyspareunia)

☝️☝️🌻මුත්‍රා පිට කිරීමේ දී ඇති වන වේදනාව (dysuria)

☝️☝️🌻මුත්‍රා පිට කිරීමේ වාර ගණන ඉහළ යාම (frequency )

☝️☝️🌻ව්‍යායාම කිරීමේ දී , එදිනෙදා වැඩ කටයුතු කිරීමේ දී ශරීරයේ ඉරියව් මාරු කිරීමේදී යටි බඩේ වේදනාවක් ඇතිවීම.

☝️☝️🌻ඩිම්බ මෝචනය වීමේ දී උදරයේ වේදනාවක් ඇතිවීම(mittelschmerz)/(දින 28 ක ඔසප් චක්‍රයක් ඇති කාන්තාවකගේ නම් 13, 14 සහ 15 වැනි දිනවලදී )

🛑 දිගින් දිගටම රොග ලක්ෂණ නොසලකා හැරීමෙන්

💚💜️ගර්භාෂ අභ්‍යන්තර බිත්ති මත තුවාල සුව වීමේ දී තැන්පත් වන පටක තැන්පත් වීම ( scar tissue )- මෙ මගින් සංසේචිත ඩිම්බ අධිරෝපණය වීම වලකයි.ඒ නම් දරුඵල අහිමි වීමට හේතු වේ.

💚💜️උදර කුහරය තුළ මෙම සෛල තැන්පත් වූ ස්ථාන එක් එක් අවයව වලට ඇලීයාම.(adhesions)- මෙය ඉතාමත් අහිතකර තත්ත්වයක් වන අතර පැලෝපීය නාළ ඩිම්බ කෝෂ මෙලෙස ස්වකීය පවතින ස්ථාන වලින් වෙනත් අවයවවලට ඇලුනු විට ඒවායේ ක්‍රියාකාරිත්වයට බාධා ඇති වේ.

💚💜️චොකලට් සිස්ට් ඇතිවීම(chocolate cyst )- ඩිම්බ කෝෂ මත ආර්තව රුධිරය එකතු වී සෑදුන ලේ ගෙඩි.

💚💜️මෙම ලේ ගෙඩි පුපුරා යාම හේතුවෙන් උදර කුහරය තුළ තුල ලේ පිරීම.

💚💜️සෛල තැන්පත් වී අසාමාන්‍ය ලෙස වර්ධනය වූ ස්ථාන සංඛ්‍යාව,(scar tissue lesions),හා අවයව එකිනෙකට ඇලී ඇති ප්‍රමාණය (adhesions),සෑදී ඇති ලේ ගෙඩි ප්‍රමාණය සහ ඒවායේ විශාලත්වය(small chocolate cyst or endometriomas) ආදී කරුණු මත රෝගයේ තීව්‍රතාවය පදනම් වේ.මෙම කරුණු මත පදනම් වූ රෝගය අවස්ථා 4 කට බෙදා වෙන් කර ඇත.

🔶Stage I (Minimal)

Findings restricted to only superficial lesions and possibly a few filmy adhesions.

🔶Stage II (Mild)

In addition, some deep lesions are present in the cul-de-sac.

🔶Stage III (Moderate)

As above, plus the presence of endometriomas on the o***y and more adhesions.

🔶Stage IV (Severe)

As above, plus large endometriomas, extensive adhesions.

👇👇👇👇රෝග නිර්ණය කිරීම,👇👇👇👇
රෝග ලක්ෂණ මත පදනම්ව කළ හැකි මුත් නිශ්චිතවම හඳුනා ගැනීම සඳහා❤️
ලැපරොස්කොපි(Laparoscopy) පරීක්ෂණයක් කිරීම සුදුසු වේ.
මීට අමතර ව ස්කෑන් පරීක්ෂණ තුළින් ද උදර කුහරය හා අභ්‍යන්තරය නිරීක්ෂණය කර රෝග නිර්ණයට එළඹිය හැකියි.❤️(ultrasound,MRI)

එන්ඩොමෙට්‍රියොසිස් වලට ආයුර්වේද ප්‍රතිකාර සාර්ථක ද??
ප්‍රතිකාර හරහා ආර්ථව චක්‍රයේ ක්‍රියාකාරිත්වය නැවත සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම තුළින් රෝග තත්ත්වය සම්පූර්ණයෙන් ම සුව කළ හැකියි.
එමෙන් ම විශේෂිත යෝග ආසන, ප්‍රාණයාම ක්‍රමද ප්‍රතිකාරයේ දී භාවිත වනවා.රෝගියාගෙන් රෝගියාට වෙනස් වන ආකාරයට පථ්‍යාපථ්‍ය ආහාර විහරණද ප්‍රතිකාර හා සමගාමීවම ක්‍රියාත්මක වෙනවා.එනම් රෝගියා පරික්ෂා කිරීමෙන් අනතුරු ව රෝගියාට අදාළ වන ආකාරයෙන් ආහාර විහරණ පාලන රටාවක් අපි ඔබට හඳුන්වා දෙනවා.

වෛද්‍ය අනුරැද්ධිකා සමරසේකර මහත්මියගෙන් ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය තොරතුරු 076 39 72 105 ඇමතීමෙන් ලබාගත හැක. Online consultation සේවාවද ලබාගත හැක.

Dr. Anuruddika Samarasekara
BAMS (Hons)University of Colombo
Tel: 076 39 72 105
සෙත්සුව ආයුර්වේද වෙද මැදුර
අවිස්සාවේල්ල

04/12/2025

ඔසප් වීමේදි ඇතිවන අධික වේදනාව සහ අපහසු තාවය

ඔසප් වීමේදි ඇතිවන අධික වේදනාව අද සමාජයේ බොහෝ කාන්තාවන් අත්විඳින ගැටලුවකි.සැබැවින් ම ශුද්ධ ආර්තවයක් හෙවත් නිරෝගී ආර්තව චක්‍රයක් ඇති කාන්තාවකගේ ආර්තවයේදී කිසිදු වේදනාවක් හෝ අපහසුතාවක් ඇතිවිය නොහැකිය.එබැවින් ආර්තවයේදී යම් වේදනාවක් ඇති වේ නම් ඒය නොසලකා සිටිය නොහැක.
මෙම වේදනාව යටි බඩ ප්‍රදේශයේ ඇතිවන අනින්නාක් බඳු වේදනාවක් වන අතර ආර්තවය පටන්ගැනීමට දිනක් හෝ දින කිහිපයකට ප්‍රථම සිට ආර්තවයේ අවසාන දිනය දක්වා වරින් වර ඇති වේ.වේදනාව අධික වූ විට යටිබඩ ප්‍රදේශය කොර වන්නාක් මෙන්ද ද දැනේ.ප්‍රධාන වශයෙන් මෙම අපහසු තාවය
🌷යටි බඩ ප්‍රදේශයේ ඇතිවන අධික වේදනාව.
🌷බඩ පුරවා දැමීම හෝ ඇල්ලූ විට තද ගතිය.
🌷උකුල පිට කොන්ද සහ කලවා ප්‍රදේශයේ ද ඇති වන වේදනාව යන ලක්ෂණ වලින් සමන්විත වේ.
වේදනාව ඉතා අධික වූ විට,
✳️ආහාර අරුචිය.
✳️වමනය.
✳️ක්ලාන්තය.
✳️ශරීරයේ අප්‍රාණික බව.
✳️දියර මල පිට වීම.
✳️මුහුණ සුදුමැලි වීම වැනි ලක්ෂණද පෙන්වයි.
⭕⭕කොහොමද මේ වේදනාව ඇති වෙන්නේ ???⭕⭕
ගර්භාශයේ ඇති මාංශපේශීන් සංකෝචනය වීමේ දී( Uterine muscle contractions)මෙම වේදනාව ඇතිවන අතර මෙහිදී මෙම පේශීන් හි අධික සංකෝචනයක්( Excessive muscle contractions)ඇති වුවහොත් සංකෝචනය වන පේශි මගින් මගින් ගර්භාෂයට රුධිරය සපයන සහ ගර්භාෂය ආශ්‍රිතව පවතින රුධිර කේශ නාලිකා සහ අනිකුත් රුධිරවාහිනී වලට පීඩාවක් ඇති කරයි.(press against nearby blood vessels)මෙලෙස පීඩාවට පත් රුධිර වාහිනී මගින් තාවකාලිකව ගර්භාෂයට සපයන රුධිර ප්‍රමාණය සහ ඔක්සිජන් ප්‍රමාණයේ අඩු වීමක් ඇති කරන අතර මෙහි දී අධික වේදනාවක් ගොඩනැගේ.
⭕⭕බොහෝ විට මෙම අධික මේ වේදනාවෙන් පීඩා විඳින කාන්තාවන්,
✔️වයස අවුරුදු 30 ට අඩු අය.
✔️අඩු වයසින් මල්වර වූ දැරිවියන්.(වයස අවුරුදු 11ට පෙර )
✔️ඔසප් වීමේදී අධික ලෙස රුධිරය වහනය වන කාන්තාවන්.(menorrhagia)
✔️දුම්පානය කිරීම හෝ දුම්පානය කරන්නන් වෙසෙන නිවසක ජීවත් වන කාන්තාවන්.primary or secondary smoking)
✔️පවුලේ ලේ ඥාතීන් අතර ද මෙලෙස ආර්තවයේදී අධික වේදනාවක් ඇති වී ඇති කාන්තාවන් සිටී නම්.(by genes)
✔️අධික කෘශ ශරීර හෝ අධික ස්ථුල ඇති කාන්තාවන්.
🔶🔶මීට අමතර ව ආර්තවයේදී ඇතිවන අධික වේදනාව වෙනත් රෝග අවස්ථා සමඟ ද සම්බන්ධ වී තිබිය හැක.🔶🔶🔶🔶
🐠 එන්ඩොමෙට්‍රියොසිස්(Endometriosis)
ගර්භාෂ අභ්‍යන්තර බිත්ති සාදන පටක (Endometrial tissue) ගර්භාෂයෙන් පිටත වෙනත් ස්ථානවල තැන්පත් වීම.
🐠 ගර්භාෂ ගත අර්බුද හෙවත්
ෆයිබ්‍රොයිඩ්(Fibroids)
🐠 ඇඩිනොමයෝ්සිස්(Adenomyosis)
🐠Pelvic Inflammatory Diseases
ගර්භාෂ අභ්‍යන්තර ඇතිවන බැක්ටීරියා ආසාදන ගර්භාෂයෙන් පිටත වෙනත් ප්‍රජනන අවයව වලට පැතිරී යාම.
🐠 Cervical stenosis(ගැබ්ගෙල පටුවීම)
🐠 දේහයේ ඊස්ට්‍රජන් හෝමෝන මට්ටම අඩු වීම තුළින් ගර්භාෂයේ පහළ කොටසේ ඇතිවන පටු වීම.(narrowing of the lower part of the uterus)
🐠 ඩිම්බ නොමේරීමේ ගැටලු හේතුවෙන්.
බොහොමයක් ගේ මෙම වේදනාව වෙනත් රෝග තත්ත්ව සමඟ සම්බන්ධ වී නොමැති නම් ආහාර සහ ජීවන රටාවේ වෙනස් කම් කිරීම සමනය කර ගතහැක.
🍀🍀ඔසප් සමයේ දී 🍀🍀🍀
🔴වෙනත් දින වලට වඩා මදක් වැඩිපුර විවේකීව සිටින්න.
🔴කෝපි තේ කහට චොක්ලට් සහ කැෆේන් (Caffeine) අඩංගු ආහාර වලින් ඉවත් වන්න.
🔴ලුණු භාවිතය අඩු කරන්න.
🔴යටිබඩ ප්‍රදේශය සෙමෙන් සම්බාහනය( simple massage) කරන්න.
🔴මද උණුසුම් වතුරෙන් පෙඟවූ රෙදි කැබැල්ලකින් යටිබඩ ප්‍රදේශය තවන්න.මේ සඳහා ඔබට එඬරු කොළ පාවට්ටා කොළ සහ පුවක් කොළ වැනි ඖෂධීය පත්‍රද භාවිත කළ හැකියි.මෙම පත්‍ර පහන් දැල්ලට අල්ලා රත් කර යටිබඩ ප්‍රදේශය තැවිය හැකියි.
🔴හොඳින් ජලය පානය කරන්න එමෙන්ම දියරමය ආහාර වැඩිපුර ආහාර වේලට එක් කර ගන්න.
🔴පෝෂදායී ආහාර වේලක් ලබා ගන්න.
🔴පැඟිරි කුලයේ ශාකවල පලතුරු,දෙළුම්,කිරි බිත්තර,කුඩා මාළු, හාල්මැස්සන්,ඉදුණු ගස්ලබු,කෙසෙල්,ඉඟුරු ඉස්ම, මී පැණි ,කොමඩු පිපිඤ්ඤා වැනි ආහාර වැඩිපුර ආහාර වේලට එකතු කර ගන්න.
🔴කබලේ නොබදින ලද කොත්තමල්ලි තම්බා පානය කිරීමෙන් ද වේදනාව යම් දුරකට සහනයක කර ගත හැක.මෙය පානය කරන වේල් ගණන සහ පානය කරන වේලාවන් පිළිබඳව පිළිගත් ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගෙන කළ යුතුයි.
🔴හැකි තරම් මේ දිනවල දී මානසික ආතතියෙන් මිදෙන්න.(stress control)
ඔබ දන්නවද මේ සඳහා ඉතා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර පද්ධතියක් පවතින බව ?? කිසිම හෝමෝනයක් ශරීරයට පිටතින් නොගෙන ස්වභාවික ආයුර්වේද ප්‍රතිකාර තුළින්ම මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම සුවකර ගන්න පුළුවන්.
ආර්තවයේදී ඇතිවන අධික වේදනාව ඇතුළු ඔසප් චක්‍රය ආශ්‍රිත ගැටලු සඳහා ඉතාමත් සාර්ථක ප්‍රතිකාර.

වෛද්‍ය අනුරැද්ධිකා සමරසේකර මහත්මියගෙන් ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය තොරතුරු 076 39 72 105 ඇමතීමෙන් ලබාගත හැක. Online consultation සේවාවද ලබාගත හැක.

Dr. Anuruddika Geethani
BAMS (Hons)University of Colombo
Tel: 076 39 72 105
සෙත්සුව ආයුර්වේද වෙද මැදුර
අවිස්සාවේල්ල

⚠️️⚠️️⚠️️ආපදාවෙන් පසුවත් සැලකිලිමත් වෙමු...!  බෝ වන රෝග වලක්වාගැනීමට සහ අනෙකුත් සෞඛ්‍ය තත්ව වලක්වාගැනීමට පහත පියවර අනුගම...
30/11/2025

⚠️️⚠️️⚠️️ආපදාවෙන් පසුවත් සැලකිලිමත් වෙමු...!

බෝ වන රෝග වලක්වාගැනීමට සහ අනෙකුත් සෞඛ්‍ය තත්ව වලක්වාගැනීමට පහත පියවර අනුගමනය කරන්න.

⚠️️ ✴️පාචනය (Diarrhea) සහ අතීසාරය(Dysentery) වළක්වාගැනීමට

✳️සෑමවිටම නටනතෙක් උණුකර නිවාගත් ජලය හෝ තහවුරු කරන ලද බෝතල් ජලය පමණක් පානය කරන්න.

✳️ගංවතුරට අසුවුන එළවලු,පලාවර්ග සහ ඔබගේ ශීතාකරණ වල තිබූ ආහාර කිසිවිටකත් ආහාරයට ගැනීමෙන් වළකින්න.
සෑමවිටම සෞඛ්‍ය ආරක්ෂිතව සකස් කළ අලුත් ආහාර පමණක් භාවිතයට ගන්න.

✳️ආහාර සෑදීමට,අනුභවයට පෙර සහ වැසිකිලි භාවිතයෙන් පසුව සෑම ඔබගේ අත් සබන් යොදා සෝදන්න.

✳️ජලය උණුකර ගැනීමට පහසුකම් නොමැතිනම් මාස 5-6ක් වයස ළදරුවන්ට මව්කිරි පමණක් ලබාදෙන්න.

✳️ගංවතුරට යට වූ ළිංවල ජලය පානයට හෝ වෙනත් ප්‍රයෝජනයකට නොගෙන,ලිං පිරිසිදු කර, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ උපදෙස් පරිදි ක්ලෝරීන් යොදා විෂබීජහරණය කරන්න.


⚠️️ ✴️මී උණ ( Leptospirosis) වළක්වාගැනීමට

✳️මී උණ රෝගය බෝ වීම සිදුවනුයේ මෙම විශබීජය ආසාදනය වූ සත්වයකුගේ ලේ,මුත්‍රා හෝ පටක කොටස් ජලයත් සමග ඔබගේ සමෙහි වූ තුවාලයක,සීරිමක් වූ ස්ථානයක,ඇසෙහි හෝ නාසයෙහි ස්පර්ශ වීමෙනි.

✳️ඔබ ගංවතුරට නිරාවරණය වුයේ නම් ඩොක්සිසයික්ලින් නමැති ඖෂධය නියමිත මාත්‍රාව එනම් මිලිග්‍රෑම් 200ක් වෛද්‍යවරයකුගෙන් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාලයෙන් හෝ මහජන සෞඛ්‍ය පරීක්ශක මහතකු වෙතින් ලබාගන්න. සතියකට වරක් එය මඩ සහිත ජලයට නිරාවරණය වන තෙක් ගත යුතුය.

✳️ගංවතුර හෝ මඩ සහිත පසෙහි ඔබට ඇවිදීමට සිදුවන්නේ නම් බුට් සපත්තු පැළදීම වැනි ආරක්ෂිත ක්‍රමවේදයක් භාවිතා කරන්න.
කුඩා දරුවන්ට ජලයේ (ගංවතුරේ) සෙල්ලම් කිරීමට ඉඩ නොදෙන්න.

⚠️️ මේ කාණ්ඩ වලට අයත් නම් වහාම රෝහල්ගත වන්න

✳️සති 36ට වැඩි ගර්භනී මවක්
✳️සති 36ට අඩු උවත් කිසියම් රෝගයකින් පෙලේ නම්
(මේ සම්බන්ධයෙන් ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියගෙන්ද විමසන්න)

✳️ දින 7කට අඩු ළදරුවන්
✳️ දින 7කට වැඩි උවත් කිසියම් බරපතල රෝග ලක්ෂණ පෙන්වන ළදරුවන්

✳️ දියේ ගිලීමට ලක්වූවන්, හදිසි අනතුරු වලට ලක්වූවන්, පැවති රෝග උත්සන්න වූවන්.

⚠️ පහත රෝග ලක්ෂණ ඇත්නම් වහාම කළ යුත්තේ කුමක්ද?

ඔබට හෝ පවුලේ අයෙකුට:

📍නොනැවතී පාචනය (බඩ බුරුලෙන් යාම)හෝ වමනය.

📍අධික උණ, දරුණු හිසරදය හෝ ඇඟපත රුදාව.

📍 කහ පැහැ ගැන්වුණු ඇස්.
වැනි රෝග ලක්ෂණ ඇත්නම්, කාලය නාස්ති නොකර වහාම ළඟම ඇති රජයේ රෝහලට යන්න.

-සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය යටියන්තොට-

23/11/2025

ඔබත් ගබ්සාවීම නිසා කිරි සිහිනය බොඳ වූ කෙනෙක්ද ??

වෛද්‍ය අනුරැද්ධිකා සමරසේකර මහත්මියගෙන් ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය තොරතුරු 076 39 72 105 ඇමතීමෙන් ලබාගත හැක. Online consultation සේවාවද ලබාගත හැක.

Dr. Anuruddika Geethani
BAMS (Hons)University of Colombo
Tel: 076 39 72 105
සෙත්සුව ආයුර්වේද වෙද මැදුර
අවිස්සාවේල්ල

19/11/2025

🌸 ඔටිසම් රෝගී තත්ත්වය සහිත දරුවන් මුල් අවස්ථාවේදීම හඳුනාගෙන නිසි ප්‍රතිකාර වෙත යොමු කරන්න පුළුවන් නම් මොන තරම් වටිනවද
🌸 මේ දෙමව්පියෝ තමන්ගෙ දරුවා ඔටිසම් රෝගියෙක් කියලා ජීවිත කාලයටම මේ දරුවෝ සනීප වෙන්නෙ නැහැ කියල සමාජයෙන් කොන් වෙලා මානසිකව පහළටම ඇද වැටිලා ඉන්න වෙලාවෙදි තමයි මේ දරුවා අපිට හමුවුණේ.
🌸 මේ තවත් වයස අවුරුදු පහක දරුවෙක් ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය තුළින් ක්‍රමයෙන් සුවය ලබන අයුරු. බලන්න මේ දෙමව්පියන්ට තියෙන සතුට සහ ප්‍රතිකාර පිළිබඳව ඇති විශ්වාසය 💚💚💚
🌸පහලින් දක්වා ඇත්තේ පොදුවේ ඔටිසම් දරුවන් තුළ දක්නට ලැබෙන රෝග ලක්ෂණ.
👉 මෙම රෝගයේ රෝග ලක්ෂණ පහසුවෙන් හඳුනාගත හැක්කේ දරුවාට මාස 12 -18 අතර කාලයේදීය
🌷සාමාන්‍යයෙන් දරුවෙකු වයස මාස 16 වන විට වචන කතා කිරීම ආරම්භ කරන අතර වයස අවුරුදු දෙකේදී පමණ වචන දෙකකින් යුතු අර්ථ සහිත වාක්‍ය කතා කරයි.නමුත් ඔටිසම් දරුවන්ගේ කථනය ආරම්භ කිරීමබොහෝ සේ ප්‍රමාද වන අතර ඔවුන්ට ඇසෙන වචන නිතර නිතර එකම ආකාරයකට කීම නැතහොත් පුනරුච්චාරණය කිරීමට පෙළඹෙයි.
🌷මොවුන්ට අන් අය සමඟ අන්තර් ක්‍රියා නැත්නම් එකිනෙකා අතර සන්නිවේදනය අපහසුවේ. එම නිසා මොවුන් එකිනෙකා අතර අන්තර් ක්‍රියා කිරීමේදී යම් යම් වෙනස්කම් අපට දැක ගත හැක.
🌷මෙම රෝගය සහිත දරුවන් ඇස් දෙස බලා ප්‍රතිචාර දැක්වීම සිදු නොකරයි.
🌷අන් අය සමඟ සබඳතා ගොඩනඟා ගැනීමේ සහ අන් අය අවබෝධ කර ගැනීමේදී ගැටලු මතුවේ.
🌷නොගැලපෙන වචන හෝ වාක්‍ය කණ්ඩ ලෙස කතා කිරීමට පටන් ගනී.
🌷ඝෝෂාකාරී බවට අකමැති වන අතර නිතර හුදකලාව සිටීමට උත්සාහ කරයි.
🌷යම් එක් දෙයක් කෙරෙහි මනස යෙදවීම මොවුන්ට අපහසුයි.
🌷තමන්ට හුරුපුරුදු නොවන ස්ථානවලට ගියයපසු මඳක් කලහකාරී ලෙස හැසිරෙන්න පටන් ගනී.
🌷එකම ආකාරයේ සෙල්ලම් බඩුවකට හෝ සෙල්ලම් කරන උපකරණවල ඇති යම් එක පුංචි කොටසක් ( උදා - වාහනවල රෝද,යතුරු)දෙස නිතර බලාසිටීමටත් නිතර ඇල්ලීමටත් කැමැත්තක්් දක්වයි.
🌷නිතර සෙල්ලම් බඩු හෝ තමන් පරිහරණය කරන වෙනත් බඩු එක පෙළට ඇසීරීමට උත්සාහ කරයි.
🌷අත් පාවල ඇඟිලි ක්‍රියා කරවීමේ යම් දුර්වලතාවයක්පවතී.
🌷මළ බද්ධය, නින්ද අඩු බව වැනි වෙනත් ශාරීරික ගැටලුවලින්දද පෙළෙයි.
🌷වෙනත් දරුවන් සමග එක්ව සෙල්ලම් කිරීමට මැලි බවක් දක්වන අතර අන් අයගේ හැඟීම් සහ මුහුණේ ඉරියව් අවබෝධ කර ගැනීමේ හැකියාව නැත.
🌸ඔබේ දරුවා තුළත් මෙවැනි ලක්ෂණ මතුවේ නම් වහාම ප්‍රතිකාර වලට යොමුවන්න

වෛද්‍ය අනුරැද්ධිකා සමරසේකර මහත්මියගෙන් ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය තොරතුරු 076 39 72 105 ඇමතීමෙන් ලබාගත හැක. Online consultation සේවාවද ලබාගත හැක.

Dr. Anuruddika Geethani
BAMS (Hons)University of Colombo
Tel: 076 39 72 105
සෙත්සුව ආයුර්වේද වෙද මැදුර
අවිස්සාවේල්ල

15/11/2025

ඔබේ උසට තිබිය යුතු නියම බර ගැන ඔබ දන්නවද ???
කොච්චර උත්සහ කරත් බර අඩු කරගන්න විදියක් නැතුව ක්‍රමයක් හොයනවද ???
එහෙනම් මේ වීඩියෝ එක බලන්න

ඔබට එකම තැනකින් වෛද්‍ය අධීක්ෂණය යටතේ උසට සරිලන බර පවත්වා ගැනීමට අවශ්‍ය
🌸ඖෂධ
🌸ආහාර සැලසුම්
🌸 ව්‍යායාම විධි කියන මේ තුනම ලංකාව තුළ සහ විදේශගතව සිටින ඕනෑම කෙනෙකුට පහසුවෙන් ලබාගන්න අවස්ථාවක්.

වෛද්‍ය අනුරැද්ධිකා සමරසේකර මහත්මියගෙන් ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය තොරතුරු 076 39 72 105 ඇමතීමෙන් ලබාගත හැක. Online consultation සේවාවද ලබාගත හැක.

Dr. Anuruddika Geethani
BAMS (Hons)University of Colombo
Tel: 076 39 72 105
සෙත්සුව ආයුර්වේද වෙද මැදුර
අවිස්සාවේල්ල

09/11/2025

ඔයාටත් මෙන්සස් හැදෙන්නේ බෙහෙත් බිව්වොත් විතරද ??? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට වැදගත් වෙයි.

වෛද්‍ය අනුරැද්ධිකා සමරසේකර මහත්මියගෙන් ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය තොරතුරු 076 39 72 105 ඇමතීමෙන් ලබාගත හැක. Online consultation සේවාවද ලබාගත හැක.

Dr. Anuruddika Geethani
BAMS (Hons)University of Colombo
Tel: 076 39 72 105
සෙත්සුව ආයුර්වේද වෙද මැදුර
අවිස්සාවේල්ල

වෛද්‍ය අනුරැද්ධිකා සමරසේකර මහත්මියගෙන් ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය තොරතුරු  076 39 72 105 ඇමතීමෙන් ලබාගත හැක. Online cons...
08/11/2025

වෛද්‍ය අනුරැද්ධිකා සමරසේකර මහත්මියගෙන් ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය තොරතුරු 076 39 72 105 ඇමතීමෙන් ලබාගත හැක. Online consultation සේවාවද ලබාගත හැක.

Dr. Anuruddika Geethani
BAMS (Hons)University of Colombo
Tel: 076 39 72 105
සෙත්සුව ආයුර්වේද වෙද මැදුර
අවිස්සාවේල්ල

08/11/2025
05/11/2025

මේ සෙත්සුව ආයුර්වේද අප වෙත ආව තවත් එක් autism රෝගී දරුවෙකුගේ කතාවක්.

දරුවා අපි ළඟට ආවේ මීට මාස දෙකකට උඩදී ඒ වන වන විටත් මේදරුවා autism නැමැති රෝගී සත්වයෙන් පෙළෙන දරුවෙක් ලෙස රෝග විනිශ්චයට ලක්වෙලා. මේ දරුවා අපි ළඟට එනකොට එක තැනක වාඩිවෙලා තත්පර දෙකක්වත් ඉන්නේ නැති තරම් අධි ක්‍රියාකාරී තත්ත්වයට පත්වෙලා තිබුණු දරුවෙක්.
දරුවාගේ දෙමව්පියන්ගේ කැපවීම සහ ආයුර්වේද ප්‍රතිකාර කෙරෙහි තිබුණු විශ්වාසවන්ත භාවය නිසාම මේ දරුවා එම වයසේ සාමාන්‍ය නිරෝගී දරුවන්ගේ මට්ටමටම අරගෙන එන්න පුළුවන් වෙලා තියෙනවා.
කිසිම වචනයක් කතා නොකර පෑනක් පැන්සලක් අතින් අල්ලන්නේ වත් නැතිවහිටපු දරුවෙක් අද වන විට වචන කතා කරන සහ පාසලේ වැඩ සහ තමන්ගේ වැඩ කරගන්න පුළුවන් වෙන මට්ටමකට ගේන්න තරම් විශ්මයජනක ප්‍රතිකාර පද්ධතියක්ආයුර්වේදය තුළ තිබීමත් භාග්‍යයක්. විශේෂයෙන් මාස දෙකක් වැනි කෙටි කාලෙක දී.
ඇත්තටම Autism(ඔටිසම්) රෝගී දරුවන් කියන්නේ සමාජයේ අද්විතිය හැකියාවන් සහිත දරුවන් කොටසක්. මේ සෑම දරුවෙකුටම ඔවුන්ට අනන්‍ය වූ විශේෂ දක්ෂතා සහ හැකියාවන් පවතිනවා. එම නිසා කළ යුත්තේ එම හැකියාවන් හඳුනාගෙන එම දරුවන්ට මඟ පෙන්වීමයි.

🌸🌸🌸ඔබ සුවපත් වීම අපගේ පැතුමයි🌸🌸🌸

වෛද්‍ය අනුරැද්ධිකා සමරසේකර මහත්මියගෙන් ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය තොරතුරු 076 39 72 105 ඇමතීමෙන් ලබාගත හැක. Online consultation සේවාවද ලබාගත හැක.

Dr. Anuruddika Geethani
BAMS (Hons)University of Colombo
Tel: 076 39 72 105
සෙත්සුව ආයුර්වේද වෙද මැදුර
අවිස්සාවේල්ල

02/11/2025

Address

Colombo Road, Awissawella , (opposite To Keels Market)
Avissawella

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94702190102

Alerts

Be the first to know and let us send you an email when Sethsuwa Ayurveda-Avissawella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Sethsuwa Ayurveda-Avissawella:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category