24/01/2026
❤️❤️💚💚ඩිම්බ කෝෂ කෝශ ආශ්‍රිත ග්‍රන්ථි හෙවත් ගෙඩි සදහා ආයුර්වේද ප්‍රතිකාර ❤️❤️💚💚
🔴 ඩිම්බ කෝෂ යනු කාන්තාවන්ට පමණක් හිමි කාන්තාවන්ගේ ප්‍රධානම ප්‍රජනන අවයවයයි. සෑම කාන්තාවකටම උපතේදීම ඩිම්බ කෝෂ යුගලක් හිමි වන අතර ඒවා ආමන්ඩ් ඇට වල හැඩය සහ ස්වරූපය ගනී.මෙම ඩිම්බ කෝෂ මඟින් මගින් මසකට වරක් මාරුවෙන් මාරුවට පරිණත ඩිම්බ පිට කරනු ලබන අතර මෙම ඩිම්බ පිට කිරීමත් සමග ඔසප් චක්‍රය ක්‍රියාත්මක වේ. මෙම ක්‍රියාවලිය සෑම කාන්තාවක් තුළ ම මල්වර තුළ ම මල්වර වීමේ සිට ආර්තව හරනය වන තෙක් සිදු වන්නකි.
🌸🌸 ඩිම්බ කෝෂ කෝෂ ආශ්‍රිත ග්‍රන්ථි යනු
ඩිම්බකෝෂයක් මත හෝ ඒ ඇතුළත ඇතිවන ඇති වන ගෙඩි විශේෂයකි. මේවායින් බොහෝමයක් ඉතා කුඩා ප්‍රමාණයේ ගෙඩි වන අතර ප්‍රතිකාරයකින් තොරව ඉබේ ම වියළී යයි. නමුත් කලාතුරකින් මේවා ඉතා විශාල ගෙඩි දක්වා වර්ධනය විය හැකි අතර එසේ ම මෙම ගෙඩි පුපුරා යාමෙන් මරණය පවා ළඟා කර දිය හැකියි.
🌸🌸ඩිම්බ කෝෂ ආශ්‍රිත ග්‍රන්ථි හෙවත් ගෙඩි ආකාර කිහිපයකට වර්ග කළ හැකියි.
🔴 Functional cyst (ක්‍රියාකාරී ග්‍රන්ථි)
මේවා ඇති වන්නේ ඔසප් චක්‍රය ක්‍රියාත්මක වීමේ දී ඇති වන අතුරුඵල ආකාරයෙනි.
✳️✳️ සාමාන්‍ය යෙන් කාන්තාවන්ගේ ඩිම්බ පවතින්නේ ඩිම්බ කෝෂ තුළ ඇති තරල පිරුණු කෝෂ හෙවත් ස්යුනිකා (follicles) තුලයි. මෙම ස්‍යුනිකා මගින් ඩිම්බ මෝචනය කිරීම සඳහා අවශ්‍ය වන්නා වූ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් නමැති හෝමෝන නිපදවනු ලබයි.මෙම ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන එක්තරා නිශ්චිත අගයන් වලට පැමිණි පසු ස්‍යුනිකා පිපිරී ගොස් ඩිම්බය පැලෝපීය නාලය වෙත මුදා හැරීම හෙවත් ඩිම්බ මෝචනය සිදු වේ. නමුත් කලාතුරකින් සමහර අවස්ථාවලදි මෙලෙස ස්‍යුනිකා පිපිරී නොයා තව දුරටත් ස්‍යුනිකා තුළ තරල එක් රැස් වෙමින් වර්ධනය වීමට පටන් ගනී. මේවා ක්‍රමයෙන් විශාල ගෙඩි දක්වා වර්ධනය වීමෙන් එක් වර්ගයක ක්‍රියාකාරීන් ග්‍රන්ථි ඇති වේ.
අනෙක් ක්‍රියාකාරී ග්‍රන්ථි විශේෂය නම්
✳️✳️ ස්‍යුනිකා පිපිරි ගොස් ඩිම්බ මුදා හැරීමෙන් පසුව ඉතිරි වන ඩිම්බය නොමැති කෝෂ කොටස (corpus lutium ) තුල තරලය එක් රැස් වීමෙන් ඇතිවන්නා වූ ගෙඩි විශේෂයයි.
මෙම ක්‍රියාකාරී ග්‍රන්ථයේ බොහෝවිට අවිහිංසක ග්‍රන්ථි විශේෂයක් වන අතර කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා ඔසප් වීම් දෙක තුනක කාලයකදී ඉබේම වියලී යයි. නමුත් ඉතාම කලාතුරකින් මේවා විශාල ප්‍රමාණයේ ගෙඩි දක්වා වර්ධනය විය හැකියි එසේ වුව හොත් රෝග ලක්ෂණ පෙන්වීමට පටන් ගන්නා විගස ම ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි.
🌸🌸අනෙකුත් හිංසාකාරී ග්‍රන්ථි විශේෂ නම්
♻️ ♻️Dermoid cyst -
මේවා ඉතාමත් පිළිකුල් සහගත ග්‍රන්ථි විශේෂයකි. එනම් මෙවැනි ගෙඩි තුළ ඇත්තේ මිනිස් සිරුරේ පටක විශේෂයි. උදාහරණ ලෙස කෙස් , ලොම් ,නිය, දත් ,හා මාංශ කොටස් වේ.
මේවා කලාතුරකින් පිලිකා දක්වා වර්ධනය වීමේ හැකියාව පවතී.
♻️♻️Cystadenomas -
මෙම ගෙඩි ඇති වන්නේ ඩිම්බ කෝෂ වල මතුපිට පෘෂ්ඨය මතයි. මෙම ගෙඩි තුළ අන්තර්ගත වන්නේ ජලය සහ ශ්ලේශ්මල පදාර්ථයි.
♻️♻️Endometriomas- මේවා ඇති වන්නේ ගර්භාෂය අභ්‍යන්තර බිත්ති සාදන පටක සෛල ගැලවී ගොස් ඩිම්බ කෝෂ මත තැන්පත් වීමෙනි.මේ වැනි ගෙඩි බොහෝ විට ලේ ගෙඩි ලෙස හඳුන්වන අතර මේවා ඇති වන්නේ ඵන්ඩොමෙට්‍රියෝසිස් නැමැති රෝග තත්ත්වයෙන් පෙළෙන කාන්තාවන් තුළයි. මෙම ග්‍රන්ථි විශේෂය සුව කිරීම බොහෝ අපහසු යි. ඔබ එන්ඩොමෙට්‍රියෝසිස් නැමැති රෝග තත්ත්වයෙන් පෙළෙන්නේ නම් මෙම ග්‍රන්ථි ඇති වීමේ අදියරයන් දක්වා රෝගය දරුණු වීමට ප්‍රථම ප්‍රතිකාර වෙත යොමු විය යුතු යි. මෙම තත්ත්වය නොසලකා හැරීමෙන් බොහෝ විට ඩිම්බකෝෂ ඉවත්කිරීමට පවා සිදුවිය හැක.
📣📣ඩිම්බ කෝෂ තුල ගෙඩි පවතින බව හඟවන රෝග ලක්ෂණ මොනවද
🔴බොහෝ විට කුඩා ප්‍රමාණයේ ගෙඩි [< 5cm] කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි.
🔴ක්‍රමයෙන් ගෙඩි විශාල වත්ම
🔴යටි බඩ ප්‍රදේශයේ ඇතිවන වේදනාව.( වම් හෝ දකුණු පාර්ශවයේ ගෙඩියක් පවතින ප්‍රදේශය අනුව).
🔴මාස් ශුද්ධිය සමග වේදනාවක් ඇතිවීම
🔴ලිංගික එක්වීමේ දී වේදනාවක් ඇතිවීම
🔴බඩේ පිරුණු ස්වභාවයක් දැනීම සහ ආහාර රුචිය වෙනස් වීම
🔴යටි බඩ විශාල වීම (ඉදිමීම)
🔴දරු ඵල පමා වීම
🔴මුත්‍රා පිට කිරීමේ දී හෝ මල පහ කිරීමේ දී අපහසුතාවක් හෝ වේදනාවක් ඇතිවීම
🔴නිතර නිතර බඩ පෙරලෙන ස්වභාවයකින් යුක්ත වීම.
🚫🚫ඔබ වෛද්‍යවරයෙකු වෙත වහාම යොමු විය යුත්තේ 🚫🚫🚫🚫🚫🚫🚫🚫
📌️හදිසියේ ඇතිවන තද බල උදරයේ වේදනාව.
📌️උනත් සමග ඇතිවන වමනය.
📌️ඇඟ සුදුමැලි වීම.
📌️ශ්වසන වේගය වැඩි වීම.
📌️අත පය සීතල වීම.
🌸🌸මෙවැනි ගෙඩි ඇති වීමට හේතු ❓❓
👆👆 ඩිම්බ කෝෂ ආශිත ගෙඩි ඇති වීම සඳහා නිශ්චිතව ම හේතුවක් සොයාගෙන නොමැති මුත් පහත කාරණා මගින් ගෙඩි ඇති වීමේ අවදානම ඉහළ නංවන බව දැනට සොයාගෙන ඇත.
💥කාන්තා හෝමෝන ආශ්‍රිත රෝග තත්ත්වයන්
උපත් පාලන පෙති දීර්ඝ කාලීනව ගැනීම.
💥ඔසප් චක්‍රය ආශ්‍රිත රෝගී තත්ත්වයන් සඳහා භාවිත කරන ඖෂධ දීර්ඝ කාලයක් තිස්සේ ගැනීම.
💥ගර්භනී භාවය - ගර්භනී කාලය තුළ දී නිපදවන ඩිම්බ පිට නොවීම හේතුවෙන්.
💥උදර කුහරය තුළ ඇතිවන දරුණු ආසාදිත තත්ත්වයන්.
💥එන්ඩොමෙට්‍රියොසිස් රෝග තත්ත්වය.
💥කලින් ඩිම්බ ඩිම්බකොශ ආශ්‍රිත ග්‍රන්ථි ඇති වූවන්.
🔴🔴🔴ඩිම්බ කෝෂ ආශ්‍රිත ග්‍රන්ථි නොසලකා හැරීම තුළින් 🔴🔴
❌ඉතා විශාල ප්‍රමාණයෙන් වර්ධනය වූ ගෙඩි පුපුරා යාමෙන් ශරීරය අභ්‍යන්තර රුධිර වහනය වීම නිසා අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානි වීම සහ මරණය පවා ගෙන දිය හැකියි.
❌පාලනය කළ නොහැකි මට්ටම් දක්වා වර්ධනය වූ ගෙඩි ඩිම්බ කෝෂ සමගම ඉවත් කිරීමට සිදුවීම. මේ හේතුවෙන් සදාකාලික වඳභාවයට ලක්විය හැක.
මේ සඳහා ආයුර්වේද ප්‍රතිකාර සාර්ථක ද❓❓
🌐ඩිම්බ කෝෂ ආශිත ග්‍රන්ථි සඳහා ශල්‍යකර්ම නියම කළ ද ශල්‍යකර්ම කිරීමකින් තොරව ආයුර්වේද ප්‍රතිකාර තුළින් සුව වූ රෝගීන් බොහෝ සංඛ්‍යාවක් සිටිනවා.
🌐බාහිර අභ්‍යන්තර විශේෂ ප්‍රතිකාර පද්ධතියක් තුළින් ක්‍රමයෙන් ගෙඩිවල වල ප්‍රමාණය අඩු කර අවසානයේ සම්පූර්ණයෙන්ම සුව කරනවා.
ප්‍රතිකාර අතරතුර දී ලබා ගන්නා ස්කෑන් පරීක්ෂණ තුළින් ක්‍රමයෙන් ගෙඩි වල ප්‍රමාණය අඩු වීම ඔබටම දැක ගත හැකියි.
🌸🌸මෙවැනි ඩිම්බ කෝෂ ආශිත ගෙඩි ඇති වීම වළක්වා ගන්නේ කෙසේද ?
💥ප්‍රථම කොටම සෑම කාන්තාවක්ම තමන්ගේ ඔසප් චක්‍රය පිළිබඳ ව සහ ඒ ආශ්‍රිත ශරීරයේ ඇති වන වෙනස්වීම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුය.
💥ඔබ දැනටමත් මෙවැනි රෝග තත්වයකින් පෙළෙන්නේ නම් හෝ එවැනි රෝග තත්වයන් ඇති වීම වළක්වා ගැනීමට නම් නිවැරදි ආහාර විහරණ පද්ධතියක් අනුගමනය කළ යුතුම ය. එහිදී තරබාරුව නිසැකවම පාලනය කරගත යුතු ය. මෙහිදී, ක්‍රමවත් ව්‍යායාමය හා යෝග අභ්‍යාස ඉතා වැදගත් ය. ඊට අමතරව,
1️⃣කොළ පැහැති නැවුම් එළවළු ආහාරයට වැඩි පුර එකතු කර ගන්න.
2️⃣. අලිගැට පේර, දොඩම්, නෙල්ලි වැනි පළතුරු වර්ග ආහාරයට එකතු කර ගන්න.
3️⃣.ශුද්ධ නොකළ ධාන්‍ය වර්ග (කුරහන්, මෙනේරි වැනි) ආහරයට එකතු කරන්න.
4️⃣. මාළු සාමාන්‍යය ප්‍රමාණයකින් ද මස් ඉතා අඩු ප්‍රමාණයකින් ද ලබා ගන්න. සකස් කළ මස් ආහාරයට ගැනීම නවතන්න.
5️⃣. ගැඹුරු තෙලේ බැදි ආහාර නවතන්න. කෙටි කෑමවලින් ඈත් වන්න.
6️⃣. කෝලා බීම අත් හරින්න. ඒ වෙනුවට නිල් කටරොලු මල් පානය, බෙහෙත් වදමල් පානය.ඉරමුසු පානය,රනවරා පානය වැනි ඖෂධීය ගුණයක් ඇති පානයන් වලට යොමු වන්න.
7️⃣.සීනි පිටි මේදය අධික කෑම වලින් ඉවත් වන්න.
8️⃣.ඔබ පිසින ආහාර වලට නිවසේදීම සකස් කරගත් පිරිසුදු කහ එකතු කර ගැනීමට හුරුවන්න.
9️⃣, දැනටත් ඔබ රෝගී තත්ත්වයෙන් පෙළෙන්නේ නම් රෝගය ගැන පසුතැවීමෙන් නොසිට යහපත් මානසික මට්ටමක් ඇති කරගන්න.
🔟️. මෙවැනි ඩිම්බ කෝෂ ආශ්‍රිත ග්‍රන්ථි ඇති වුවන් ඔබගේ ලේ ඥාතීන් අතර සිටී නම් නිතර නිතර නිතර පරීක්ෂණ වලට යොමු වීම සහ ඒ පිළිබඳ අවබෝධයෙන් සිටින්න.
වෛද්‍ය අනුරැද්ධිකා සමරසේකර මහත්මියගෙන් ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය තොරතුරු 076 39 72 105 ඇමතීමෙන් ලබාගත හැක. Online consultation සේවාවද ලබාගත හැක.
Dr. Anuruddika Samarasekara
BAMS (Hons)University of Colombo
Tel: 076 39 72 105
🟤සෙත්සුව ආයුර්වේද වෙද මැදුර
අවිස්සාවේල්ල
🟤සෙත්සුව ආයුර්වේද වෙද මැදුර
රත්නපුර අවිස්සාවේල්ල පාර
මීන්නාන