STD Unit - Mahiyanganaya

STD Unit - Mahiyanganaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from STD Unit - Mahiyanganaya, Medical and health, Base Hospital Mahiyanganaya, Badulla.

Awareness programme Done by STD Unit BH Mahiyanganaya
21/01/2025

Awareness programme
Done by STD Unit BH Mahiyanganaya

01/12/2024

🌍 World AIDS Day 2024: Take the Rights Path 🌈

We can end AIDS by 2030 – but only by protecting the human rights of everyone living with or at risk of HIV.

This year’s theme, “Take the Rights Path,” calls us to action: foster inclusion, gender equality, and acceptance while eliminating stigma and discrimination.

03/12/2023

ලිංගාශ්‍රිත බෝවන රෝග

🔺ලිංගාශ්‍රිත රෝගයක් යනු ලිංගික ඇසුරක් නිසා ශරීරයට ඇතුල්වන රෝගකාරක ක්ෂුද්‍ර ජීවීන් මඟින් ඇතිවන රෝගී තත්වයකි. දැනට ශ්‍රී ලංකාවේ වසරකට ලිංගාශ්‍රිත රෝගීන් 15,000-20,000 අතර වාර්තා වේ.
ඒ අතරින් බහුතරය,
🔸ලිංගික හර්පීස්
🔸ක්ලැමීඩියා
🔸ලිංගික ඉන්නන්

🔺රෝග සම්ප්‍රේෂණය

🔺ලිංගික සම්ප්‍රේෂණය:

රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන් අඩංගු ලිංගික තරල ඇති පුද්ගලයෙකුවෙනත් අයකු සමඟ යෝනි සංසර්ගයේ, මුඛ සංසර්ගයේ, අධෝමුඛ සංසර්ගයේ යෙදීමෙන් මෙය සිදු වේ.

🔺ඉතා සුළු වශයෙන් අනාරක්ෂිත:

🔸මත්ද්‍රව්‍ය එන්නත් කරගැනීම
🔸පච්ච කෙටීම, මඟින්ද රෝග වැළඳිය හැක.
🔸තවද රෝගී මවකගෙන් දරුවාට ගර්භනී කාලයේදී, ප්‍රසූතියේදී හා මවුකිරි ලබාදීමේදී බෝවිය හැක.

🔺ශ්‍රී ලංකාවේ බහුතරයකට රෝගය වැළඳෙන්නේ,
සමාජ මාධ්‍ය භාවිතයේදී, ගමන් බිමන් යාමේදී කෙටි කාලීනව ඇතිකර ගන්නා පුද්ගල සම්බන්ධතා මත පවත්වන අනාරක්ෂිත අනියම් ලිංගික ඇසුර (Casual S*x) නිසාය.

ලිංගාශ්‍රිත රෝගයක රෝග ලක්ෂණ;

බොහෝ ලිංගාශ්‍රිත රෝග වැළඳීමෙන් පසු රෝග ලක්ෂණ මතුවීමට යම් කාලයක් ගතවන අතර, කාන්තාවන්ට රෝගය වැළඳී තිබුනත් එම රෝග ලක්ෂණ මතු නොවී තිබිය හැක.

🔸පිරිමි පුද්ගලයෙකු නම්,
1. ශිෂ්ණයෙන් ශ්‍රාවයන් පිටවීම
2. මුත්‍රා දැවිල්ල
3. වෘෂණ කෝෂවල වේදනාව හා ඉදිමීම
4. ලිංගේන්ද්‍රියේ තුවාල, බිබිලි හා ඉන්නන් ඇතිවීම

🔸කාන්තාවක් නම්,
1. අසාමාන්‍ය ගන්ධ හා වර්ණ සහිත ශ්‍රාවයන් යෝනි මාර්ගයෙන් නිකුත් වීම
2. ලිංගික සංසර්ගයේ ඇතිවන වේදනාව
3. යටි බඩේ වේදනාව
4. ලිංගේන්ද්‍රියේ ඇතිවන තුවාල හා ඉන්නන්

🔸පුද්ගලයෙකු ලිංගාශ්‍රිත රෝග පරීක්ෂාවකට යොමුවිය යුත්තේ ඇයි?
ලිංගාශ්‍රිත රෝගයක රෝග ලක්ෂණ ඇත්නම් හෝ
අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීමෙන් පසු

🔴අනාරක්ෂිත ලිංගික සම්බන්ධයක් යනු විශ්වාසවන්ත නොවන සහකරුවෙකු සමඟ ආරක්ෂිත කොපු නොහොත් කොන්ඩම් භාවිතා නොකර ලිංගිකව එකතු වීමය.
මෙවැනි සම්බන්ධතාවයක් පවත්වා රෝග ලක්ෂණ නොපෙන්වන විට සති 2 මාස 3 අතර කාලයක් තුළ සායනික පරීක්ෂාවකට භාජනය වීමෙන් බොහෝ විට රෝගය සඳහා වන නිරීක්ෂණ සිදුකරගත හැකිය.

🔸ලිංගික රෝගවලින් ආරක්ෂා වන්නේ කෙසේද?

1. විශ්වාසවන්ත එක් සහකරුවෙකුට පමණක් ලිංගික ඇසුර සීමා කිරීම.
2. ආරක්ෂිත කොපු නොහොත් කොන්ඩම් යොදාගෙන වගකිව යුතු ලිංගික ඇසුරක යෙදීම. වගකිව යුතු ලිංගික හැසිරීම යනු ලිංගික ක්‍රියාවලියෙන් පසුව ලිංගාශ්‍රිත රෝග බෝ නොවීමත් අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගැනීමත්‍ ය.
3. ගර්භනී කාලයේදී ලිංගාශ්‍රිත රෝග වලට අදාළ පරීක්ෂණ නිසි කලට වේලාවට සිදු කිරීම.
4. රෝග වළක්වා ගැනීමට අවශ්‍ය එන්නත් ලබාගැනීම.
5. විධිමත් සෞඛ්‍ය අධ්‍යාපනයක් ලබාදීම.

මෙම ලිපියේ අරමුණ ලිංගාශ්‍රිත රෝග පිළිබඳව මූලික අධ්‍යාපනය ලබාදීම අතර ඔබගේ ඕනෑම ගැටළුවක් අප වෙත යොමු කරන්න.
ඉදිරියේදී එක් එක් රෝග පිළිබඳව වෙන වෙනම කතා කරමු.

භාරත දිසානායක
වෛද්‍ය නිලධාරී
ලිංගාශ්‍රිත රෝග සායනය
මූලික රෝහල - මහියංගනය

Address

Base Hospital Mahiyanganaya
Badulla
90700

Website

Alerts

Be the first to know and let us send you an email when STD Unit - Mahiyanganaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram