Jeewani Osu Hala

Jeewani Osu Hala වියළි ඖෂධ,අරිෂ්ඨ,ක්වාත,තෛල වර්ග ආදී සියලූම ආයූර්වේද ඖෂධ වර්ග පූජා භාණ්ඩ හා යන්ත්‍ර මන්ත්‍ර බඩු

29/01/2026

🌿 ශීර්ෂ සම්බාහනය – මනසට සන්සුන්භාවය, ශරීරයට සුවය 🌿

ශීර්ෂ සම්බාහනය කියන්නේ පුරාණ ආයුර්වේදයේ සහ දේශීය වෙදකමේ ඉතා වැදගත් සුවකාරී ප්‍රතිකාරයකි. එය හිස, මොළය සහ ස්නායු පද්ධතිය සන්සුන් කරමින් ශාරීරික හා මානසික සුවය ලබාදෙයි.

🔹 ශීර්ෂ සම්බාහනයෙන් ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභ • මානසික ආතතිය, උණුසුම්භාවය සහ තනාව අඩු කරයි
• නින්දේ ගුණාත්මකභාවය වැඩි කරයි
• හිසරදය, මයිග්‍රේන් වැනි තත්ව අඩු කිරීමට උපකාරී
• මතක ශක්තිය සහ අවධානය වැඩි කරයි
• හිසෙ රුධිර සංසරණය හොඳ කරයි
• හිස කෙස් වර්ධනයට සහ කෙස් සෞඛ්‍යයට උපකාරී

🔹 ශීර්ෂ සම්බාහනය මගින් බලපාන ප්‍රධාන කොටස් • හිසතලය (Scalp)
• නළල (Forehead)
• කණ වටා ප්‍රදේශ
• ගෙල හා උරහිස් (Neck & Shoulders)

🔹 ආයුර්වේද දෘෂ්ටිකෝණයෙන් ශීර්ෂ සම්බාහනය මගින්
✔️ වාත දෝෂය සන්සුන් කරයි
✔️ මනස ස්ථාවර කරයි
✔️ නාඩි පද්ධතිය ශක්තිමත් කරයි
🌿 නිතරම සිදු කරන ශීර්ෂ සම්බාහනය • දෛනික ජීවිතයේ පීඩනය අඩු කරයි
• ශරීරයට සහ මනසට සමබරතාව ලබාදෙයි

⚠️ සලකුණ උණ, හිස තුවාල, අධික රුධිර පීඩනය වැනි තත්ව ඇති විට වෛද්‍ය උපදෙස් ලබාගැනීම සුදුසුය.

🌿 ශරීරය සුවකරන විට මනසද සුවවේ
🌿 සන්සුන්භාවය තමයි සැබෑ සුවය

🌿 විඩාබර දිවියට සැනසිලියක්…
ශරීරයට සුවයත්, මනසට නිදහසත් එකම ස්ථානයකින් ලබාදෙන
ලක් දෙරණ Body & Mind Relaxation Center 💆‍♂️💆‍♀️
🧠💚 මානසික සන්සුන්තාවය + ශාරීරික නීරෝගීත්වය
ආයුර්වේදීය තෛල භාවිතයෙන්,
නිසි පුහුණුව සහ ප්‍රතිකාර ක්‍රමවලින් ඔබට ලැබෙන සත්‍ය සුවය 🌿✨
💆‍♂️ පූර්ණ දේහ සම්බාහනයෙන්
ඔබේ විඩාව දුරලා
නව ශක්තියක් සමඟ දිවිය නැවත ආරම්භ කරන්න 🔄🌱
🪔 Spa නාමයෙන් පවත්වාගෙන යන ස්ථානයක් නොව
සම්ප්‍රදායික ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම අනුව
නීරෝගීත්වය වර්ධනයට කැප වූ විශ්වාසදායක සේවාවක් 🙏🌿
🦶✋🧖‍♂️
ශීර්ෂ • දෙඅත් • පාද සම්බාහන
වාෂ්ප ස්වේද ප්‍රතිකාර සමඟ
ශරීරයටත් මනසටත් සම්පූර්ණ විවේකයක් 😌💨
📍 දඹුල්ල පාර, බකමුණ
📞 074-2433385
⏰ අදම වේලාවක් වෙන්කරවාගෙන
ඔබට අවශ්‍ය පරිදි සුවය අත්විඳින්න 🌿💚
#ලක්දෙරණ



#ආයුර්වේදය
#ආයුර්වේදීයසම්බාහනය


#මානසිකසුවය
#ශාරීරිකසුවය













🌿 කොහොඹ ශාකය – ස්වභාවධර්මයෙන් ලැබුණු සුවදායක වරප්‍රසාදයක් 🌿කොහොඹ ( Azadirachta indica ) කියන්නේ ආයුර්වේදයේත්, දේශීය වෙදක...
29/01/2026

🌿 කොහොඹ ශාකය – ස්වභාවධර්මයෙන් ලැබුණු සුවදායක වරප්‍රසාදයක් 🌿
කොහොඹ ( Azadirachta indica ) කියන්නේ ආයුර්වේදයේත්, දේශීය වෙදකමේත්, ගෘහ චිකිත්සාවේත් විශාල වටිනාකමක් ඇති ශාකයක්. අපේ පරණ පරම්පරාවන් කොහොඹ භාවිතා කළේ රෝග වලින් ආරක්ෂා වීමටත්, පරිසරය පිරිසිදු තබාගැනීමටත්ය.

🔹 කොහොඹ කොළ වල ගුණ • ලේ (රක්ත) පිරිසිදු කරයි
• සමේ රෝග (කැකුළු, ඉස්ස, කැසිම) අඩු කරයි
• ප්‍රතිජීවී හා විෂ නාශක ගුණ ඇත
• කෘමි හා බැක්ටීරියා නාශනයට උපකාරී
• හිස කැස්ස, ලොකු, පීන් වැනි ගැටළු සඳහා භාවිතා කරයි

🔹 කොහොඹ පොතු වල ගුණ • වණ හා පිලිස්සුම් සුවකරයි
• දත් හා දත්මස් සෞඛ්‍යයට හොඳයි
• උණ සහ උණුසුම් රෝග අඩු කිරීමට උපකාරී
• රුධිර දූෂණය අඩු කරයි

🔹 ගෘහස්ථව භාවිතා කරන සාම්ප්‍රදායික ක්‍රම ✔️ කොහොඹ කොළ තම්බා නාන ජලයට එක් කිරීම
✔️ කොහොඹ කොළ පොඩි කර සමේ ගැටළු මත ගෑම
✔️ වියළි කොහොඹ කොළ ගබඩා තුළ තබා කෘමි නාශනය
✔️ කොහොඹ පොතු කසාය වණ සෝදා ගැනීමට
🌱 පරිසර සහ ආත්මීය වටිනාකම • කොහොඹ වායු පිරිසිදු කරන ශාකයක් ලෙස සැලකේ
• ගෘහ වටා රෝග ව්‍යාප්තිය අඩු කරයි
• නෙගටිව් ශක්ති අඩු කරන ශාකයක් ලෙස පුරාණ විශ්වාස ඇත

⚠️ දැනගත යුතු කරුණක් කොහොඹ ශාකය ප්‍රබල ගුණ ඇති නිසා, ඇතුළතට පානය කිරීම වෛද්‍ය උපදෙස් නොමැතිව නොකළ යුතුය.
ගර්භණී මව්වරුන් සහ කුඩා දරුවන් සඳහා විශේෂ අවධානය අවශ්‍යයි.

🌿 දේශීය ශාක දැනුම රැකගනිමු
🌿 ස්වභාවධර්මය සමඟ සමීප වෙමු

28/01/2026

🌿 ආයුර්වේදීය බොඩි මසාජ් – සුවය, සමාධිය, සැනසිල්ල 🌿
ඔබටත් ශරීරයටත් මනසටත් සම්පූර්ණ විවේකයක් අවශ්‍යද?
එහෙම නම් අදම අපගේ උසස් ආයුර්වේදීය බොඩි මසාජ් සේවාවන් අත්විඳින්න.
✨ දැන් ඔබේ නගරයටම
📍 බකමූණ ප්‍රදේශයේ
පාරම්පරික ආයුර්වේදීය ක්‍රමවේද යටතේ,
පළපුරුදු අත්දැකීම් සහිත සේවාවක් සමඟ
ඔබට ලැබෙන්නේ –
💆‍♂️ ශරීර සුවය
🧘‍♀️ මනසට නිදහස
🌱 ස්වභාවික සුවය
👉 ඔබත් අපගේ උසස් සේවාවන් ලබා ගැනීමට
Inbox පණිවිඩයක් අදම යොමු කරන්න 📩
#ආයුර්වේදය 🌿



#සුවය


පින්බර පොසොන් මංගල්‍යක් වේවා.....!මේ කොවිඩ් වසංගතය මුළු ලෝ තලයෙන්ම දුරු වී මුළු මහත් ලෝවැසියන්ම  සුවපත් වෙත්වා.       #2...
23/06/2021

පින්බර පොසොන් මංගල්‍යක් වේවා.....!
මේ කොවිඩ් වසංගතය මුළු ලෝ තලයෙන්ම දුරු වී මුළු මහත් ලෝවැසියන්ම සුවපත් වෙත්වා.
#2021

ඔබ සැමට බැතිබර වෙසක් මංගල්‍යයක් වේවා🙏🙏🙏🙏
26/05/2021

ඔබ සැමට බැතිබර වෙසක් මංගල්‍යයක් වේවා🙏🙏🙏🙏

රතන සුත්‍රය කියන්න සියලු කෙලෙස් වලින් දුරු වූ පරිපුර්ණ හදවතක් අද නැ. උපන්දා සිටම කෙළෙස් ගොඩක ජීවත් වෙලා තමන්ට කරදරයක් එන...
13/05/2021

රතන සුත්‍රය කියන්න සියලු කෙලෙස් වලින් දුරු වූ පරිපුර්ණ හදවතක් අද නැ. උපන්දා සිටම කෙළෙස් ගොඩක ජීවත් වෙලා තමන්ට කරදරයක් එනකොට බුදුන් මතක් උනාට ,පිරිත් මතක් උනාට පලක් නම් නැ.

මිනිසුන් ගෙ මනුස්සකම දියවෙලා ගියාම ,මිනිසුන් තුලින් අමනුෂ්‍යයන් මතුවෙනකොට ,සොභාදහම කැලඹෙනවා.

වටිනාකම හීන වෙනකොට මිත්‍යාව රජ වෙනකොට මිනිස් ජිවිත වල, තෘෂ්ණාව දෝරෙගලනකොට , ඉපදුනෙ මේ ලෝකෙට අවසාන උපත බව අමතක වෙලා, ඉතින් කොහෙද නිවනක්.

මිනිසුන් ට ආගම දහම මතක් වෙන්න නම් තමන්ගෙම ඇහින් කදුලක් වැටෙන්න ඔනි. එතෙක් කරන්නෙම තම බඩරැකගන්න,නම රැකගන්න අන් කෙනෙක්ව තලල පෙලල ,කඩාවඩාගෙන තම මල්ල පුරවගන්න බලන එකම පමනයි.

කියනවනෙ අනුන්ගෙ දුකට උණුනොවන හදවත ගලක් බව. උණුවෙන්න ඔනි තම දුකට නෙවි අන් අය වෙනුවෙන්. අපි බුදුපියාණන්ගේ දරුවන් නම් උන්වහන්සේ ලෝකෙට දෙන පනිවිඩය තමා දයාව,කරුණාව,මයිත්‍රිය ,ආදරය . ඒ නිසාමයි වසර 45 උන්වහන්සේ ඔබ අප වෙනුවෙන් ජිවත් උනේ.

මාරයා එදත් ආවා,අදත් එනවා. මිනීකදු ගොඩ ගැහෙන කොට මාරයා සාජ්ජ දානවා. මළපෙරෙතයො පිණුම් ගහනවා.කෙලෙස් වලින් වැසුන මිනිසුන් ගෙ ගද එක්කම මළපෙරෙත ගදත් වසාගන්නවා.

මිනිසුන් ට තවමත් හිතෙන්නෙ තම ගොඩ ලොකුකරගන්න නම් ඒ අවාසනාවක්මයි. අවිද්‍යාව නම් වූ වෛරසය නිසා තෘෂ්ණාව නම් වු මාරයා ඔබව වසාගෙන .අන්න මාරයා පරදනකම් ඉතින් ඔබත් මාත් මෙලෙස ගංගාවල පාවුන වාර අනන්ත වේවි මේ සංසාරගමනෙදි.

උපුටා ගැනීමකි ....

ඔබ සියලු දෙනාම මිත්‍යා දෘෂ්ටියෙන් ඈත්ව සම්‍යක් දෘෂ්ටික
ප්‍රතිපත්තියක සිට මේ උතුම් ධර්ම දීපය ව්ශාලාවක් නොවීමට උතුම් තෙරුවන් ගුණ නිතර සිහිකරමින් හැකි සෑම විටම රතන සූත්‍රය දේශනා කරමින් හෝ ශ්‍රවණය කරමින් උදේ සවස මොහොතක් හෝ සියලු ලෝ වාසීන්ට අනන්ත බුදු ගුණ බලයෙන් සෙත් වේවායි පතමින් එක් සිතිවිල්ලක් හෝ මේ මහත් විශ්වයට මුදා හරින්න...

ලෝකයේ බොහෝ දෙනා මෙලෙස සිදුකරන විට එය මහා බලයක් බවට පත්ව මේ විශ්වයම සුව පත් වනු නොඅනුමානයි....

සැමට තෙරුවන් සරණයි....අනන්ත බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ නිදුක් නිරෝගී ම වේවා ....!!! 🙏🙏🙏

ධර්ම දානය පිණිස හැකි තරම් බෙදා හරින්න ..... 🌼🌼🌼
උපුටා ගැනීමකි-

10/05/2021

පින් පව් එනවා අපි පසු පස්සේ..
නොපමාව කුසල් කරන්න....🙏🙏🙏

සූත්‍ර පිටකය » ඛුද්දක නිකායඛුද්දක නිකාය*ථේර ගාථා*19. පනස්වැනි නිපාතය50.1.1. *තාලපට තෙරුන්ගේ ගාථා*මං මේ කල්පනා කරන්නෙ දිය...
04/05/2021

සූත්‍ර පිටකය » ඛුද්දක නිකාය

ඛුද්දක නිකාය

*ථේර ගාථා*

19. පනස්වැනි නිපාතය

50.1.1. *තාලපට තෙරුන්ගේ ගාථා*

මං මේ කල්පනා කරන්නෙ දිය ඇලි ගලන වනාන්තරයකට ගිහින් හුදෙකලාවේම තණ්හාවක් නැති සිතින් කල් ගෙවන්නෙ කවදාද කියලා. ඇත්තෙන්ම මං කවදාද මේ සියලු භවයන් අනිත්‍ය වශයෙන් විදර්ශනා කරන්නෙ? මං කවදාද මගේ මේ අදහස් ඉෂ්ට කරගන්නෙ?

ඉරිච්ච සිවුරක් පොරවාගෙන ඉන්න මුනිවරයෙක් වෙලා මාත් කසාවතක් පොරවා ගන්නෙ කවදාද? මමත්වයක් තණ්හාවක් නැති සිතින් කල් ගෙවන්නෙ කවදාද? රාග, ද්වේෂ, මෝහ සිතින් ඉවත් කරලා මහා වනාන්තරයක සැනසිල්ලේ කල් ගෙවන්නෙ කවදාද?

මේක අනිත්‍ය ශරීරයක්. නොයෙක් ලෙඩ හැදිල වේදනා විඳිනවා. ජරා මරණවලින් පීඩා විඳින කැදැල්ලක් වගෙයි. ඉතින් මාත් මේ ශරීරය විදර්ශනය කරල කිසි බයක් නැතිව තනියම මහා වනාන්තරයේ කල් ගෙවන්නෙ කවදාද?

මේ තණ්හාව කියන්නෙ බිය උපදවන දෙයක්. දුක් ලබා දෙන දෙයක්. වැල්පටක් වගේ එතිල තියෙන්නෙ. ඉතින් මාත් ප්‍රඥාවෙන් හදපු තියුණු කඩුවක් අරගෙන ඒ වැල්පොට කෑලිවලට කපල දාන්නෙ කවදාද? මගේ මේ අදහස් මං ඉෂ්ට කර ගන්නෙ කවදාද?

සමථ විදර්ශනා නමින් සිංහාසනයක් තියෙනවා. රහතුන්ගේ උග්‍ර තේජස් ඇති ප්‍රඥාවෙන් හදපු ආයුධ තියෙනවා. ඉතින් මමත් ඒ සිංහාසනයේ වාඩිවෙලා ඒ ආයුධ දරාගෙන මේ මාර සේනාවට දරුණු විදිහට පහර දෙන්නෙ කවදාද? මං මේ අදහස් ඉෂ්ට කරගන්නෙ කවදාද?

මං හරි ආසයි සත්පුරුෂ ආශ්‍රයට, ධර්මය ගරු කරන සත්‍යය අවබෝධ කළ අකම්පිත සිත් ඇති ඉඳුරන් ජයගත්තු ඒ සත්පුරුෂ උතුමන් සමග මාත් එකතු වෙලා හැසිරෙන්නෙ කවදාද?

මං හරි ආසයි නිවන අවබෝධ කරගන්ට. ඉතින් මාත් කම්මැලි නැතිව, සා පිපාසා නැතිව, අව් සුළං පීඩා නැතිව, මැසි මදුරු සර්පයන්ගෙන් පීඩා නැතිව, කන්දෙ ගුහාවක නවතින්ට යන්නෙ කවදාද? මගේ ඒ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදාද?

මහා ඉසිවර බුදු සමිඳුන් විසිනුයි, මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තෙ. ඉතින් අවබෝධ කරන්ට දුෂ්කර වූ ඒ චතුරාර්ය සත්‍ය ධර්මය හොඳට සිහිය පිහිටුවා ගෙන සමාධිය ඇති කරගෙන ප්‍රඥාව දියුණු කරගෙන මාත් අවබෝධ කරගන්නෙ කවදාද? මගේ මේ අදහස මං ඉෂ්ට කර ගන්නෙ කවදාද?

සමාධියක් ඇති කරගන්ට මං හරි කැමතියි. ඉතින් ඒ සමාහිත සිතින් මේ අප්‍රමාණ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු ඔක්කොම ඇවිලුණ ගින්නක් වගේ ප්‍රඥාවෙන් දකින්නෙ කවදාද? මගේ මේ අදහස මං ඉෂ්ට කරගන්නෙ කවදාද?

නපුරු වචන අසන්ට ලැබුණොත් ඒ ගැන දුකක් නැතිව මං ඉන්නෙ කවදාද? මට ප්‍රශංසා කරද්දී ඒ ප්‍රශංසාවෙන් මං උදම් නොවී ඉන්නෙ කවදාද? මගේ මේ අදහස මං ඉෂ්ට කරගන්නෙ කවදාද?

මං තුළත්, මගෙන් බාහිරත් මේ පංච උපාදානස්කන්ධ ඔක්කොම ලී කැබලි විදිහට, තණකොළ විදිහට, නුවණින් දකින්නෙ කවදාද? මගේ මේ අදහස මං ඉෂ්ට කරගන්නෙ කවදාද?

වැස්ස කාලෙට මහ වනාන්තරයෙ රහතුන් වැඩිය මග මාත් සිවුරු දරාගෙන යන කොට ඒ වැස්සෙන් තෙමි තෙමී මං යන්නෙ කවදාද? මගේ ඒ අදහස මං ඉෂ්ට කරගන්නෙ කවදාද?

මහ වනාන්තරයෙ කඳු අතරෙ ඉන්න මොණරු නාද කරනවා. එතකොට ඒ හඬට ඇහැරිලා යහනින් නැගිටලා නිවන් අරමුණු කරගෙන මං භාවනා කරන්නෙ කවදාද? මගේ ඒ අදහස මං ඉෂ්ට කරගන්නෙ කවදාද?

ගංගා, යමුනා, සරස්වතී වගේ මහා ගංගා තියෙනවා. ඉතා භයානක ප්‍රපාත තියෙනවා. විශාල වැව් තියෙනවා. ඒවා පයින් ස්පර්ශ නොකොට මං ඉර්ධි බලයෙන් එතෙර වන්නෙ කවදාද? මගේ ඒ අදහස මං ඉෂ්ට කරගන්නෙ කවදාද?

ඇත් රැලෙන් වෙන්වෙච්ච හස්ති රාජයෙක් වගේ, මේ පංචකාමයන් තුළ තියෙන සුන්දර විදිහට පෙනෙන මේ සියලු අරමුණුවලට ඇති ආශාවෙන් වෙන්වෙලා මං භාවනා කරන්නෙ කවදාද? මගේ ඒ අදහස මං ඉෂ්ට කරගන්නෙ කවදාද?

ණයක් අරගෙන දුක් විඳින දිළින්දෙකුට නිධානයක් හම්බවුණා වගේ, මහා ඉසිවර බුදු සමිඳුන්ගේ ශාසනය අවබෝධ කරගෙන ඉතිරී ගිය සතුටින් මං වාසය කරන්නෙ කවදාද? මගේ මේ අදහස මං ඉෂ්ට කරගන්නෙ කවදාද?

ඒයි, සිත! අවුරුදු ගණනාවක් තිස්සෙ පුල පුලා බලා ඉඳලා නේද මේ ගිහි ජීවිතය අත්හැරියේ. නුඹ මට පැවිදි වෙන්ට කොයිතරම් බල කෙරුවාද? ඔන්න මම දැන් මහණ වුණා. ඒයි සිත! දැන් නුඹ භාවනා නොකරන්නෙ ඇයි?

ඒයි සිත! නුඹ මගෙන් ඉල්ලා සිටිය නේද වනාන්තරයට යන්න කියල. කඳු අතර කුරුල්ලො නාද කරද්දී දිය ඇලි ගලා බසිද්දී ගල් තලාවක් මත ඉඳගෙන භාවනා කරන්ට කීවා නේද? නුඹ ඒ ගැන ගොඩක් ආශාවෙන් ඉන්නවා කියල කීවා නේද?

ඒයි සිත! නුඹගේ ඉල්ලීමට මං ගෙවල් දොරවල් අත්හැරියා. නෑ හිත මිතුරන් අත්හැරියා. කෙළි සෙල්ලම් අත්හැරියා. හැම කාම ගුණයක්ම අත්හැරියා. මහණ වුණා. ඔන්න මං වනාන්තරයටත් ආවා. එහෙත් නුඹ දැන් මොකද මාව නිවන් මගේ යොදවල සතුටු නොකරන්නෙ?

ඒයි සිත! ඔය සිත වෙන කෙනෙකුගෙ නොවෙයි. මගේ කියලයි සලකන්ට තියෙන්නෙ. ඔන්න මං දැන් කෙලෙස් යුද්ධයට ලෑස්ති වෙනවා. දැන් මොකද නුඹ වැළපෙන්නෙ? මේ හැම දෙයක්ම නැසී යන ස්වභාවයෙන් යුක්ත බව මං තේරුම් ගත්තා. ඒ නිසයි මං අමා නිවන සොයාගෙන අභිනිෂ්ක්‍රමණය කළේ.

ඒයි සිත! නුඹ දන්නවාද? ඉතා යහපත් දේ පවසන පුරුෂෝත්තම වූ මහා වෛද්‍යවරයා වූ පුරිසදම්ම සාරථී වූ බුදු සමිඳුන් සිත ගැන වදාළ දේ. සිත කියන්නෙ චපල දෙයක්. වනාන්තරයේ හැසිරෙන වඳුරෙක් වගෙයි. රාගය දුරු නොකළ කෙනාට සිත පාලනය කිරීම ඉතාම දුෂ්කරයි.

පෘථග්ජන සත්වයා ඉන්නෙ අවිද්‍යාව තුළ. ඉතින් ඒ සත්වයා මේ විසිතුරු වූ මිහිරි වූ සිත් ඇදගන්නා වූ කාමයටම ඇලෙනවා. ආයෙමත් භවයම සොය සොයා යන ඒ ගොල්ල දුකටමයි කැමති. ඒ ගොල්ලන්ව යහපතින් වලක්වලා නිරය දක්වාම ඇදගෙන යන්නෙ මේ සිත විසිනුයි.

මහා වනාන්තරයෙ මොණරු, කොවුලො නාද කරනවා. ව්‍යාඝ්‍රයෝ, වන සතුන් ඉදිරියට මුණ ගැසෙනවා. ජීවිතය ගැන ඇති බලාපොරොත්තු අත්හරින්ට වෙනවා. මේ උතුම් අවස්ථාව අහිමි කරගන්ට එපා. ඒයි සිත! ඉස්සර මාව මේ මහණ ජීවිතයට යොමු කළේ නුඹ නොවේද?

දැන් භාවනා කරන්ට ඕනෑ. ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගන්ට ඕනෑ. බල ධර්මයන් දියුණු කරගන්ට ඕනෑ. බොජ්ඣංග ධර්මයන්, සමාධි භාවනා දියුණු කරගන්ට ඕනෑ. ත්‍රිවිද්‍යාව මේ බුදු සසුනේදී ලබා ගන්ට ඕනෑ කියල ඉස්සර මාව මහණ ජීවිතයට යොමු කළේ ඒයි සිත! නුඹ නොවේද?

අමා නිවන් මගේ පුහුණු වෙන්ට ඕනෑ. හැම දුක් නැතිකරන, හැම කෙලෙස් සෝදා හරින, නිවන කරා පමුණුවන ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්ට කියලා, ඒයි සිත! මාව මේ මහණ ජීවිතයට යොමු කළේ නුඹ නොවේද?

පංච උපාදානස්කන්ධයන් විදර්ශනා කරන්න, එය දුකක් බව අවබෝධ කරන්න, ඒ දුක හදන දෙය ප්‍රහාණය කරන්න, මේ ජීවිතයේ දී ම දුක් අවසන් කරන්න කියලා ඒයි සිත! ඉස්සර මාව මේ මහණ ජීවිතයට යොමු කළේ නුඹ නොවේද?

මේ සංස්කාර අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, ශූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්, පීඩා වශයෙන්, වධයක් වශයෙන් විදර්ශනා කරන්න කියල. මනසේ හැසිරෙන කෙලෙස් වලකන්ට කියල, ඒයි සිත! ඉස්සර මාව මේ මහණ ජීවිතයට යොමු කළේ නුඹ නොවේද?

හිස මුඩු කරගෙන, අවලස්සන වෙන්න කීවා. පාත්තරයක් අතට ගන්න කීවා. සසර දුකෙන් සාප ලද්දෙක් වගේ භික්ෂූන් අතරට යන්න කීවා. මහ ඉසිවර ශාස්තෘන් වහන්සේගේ වචනයට අනුව ජීවත් වෙන්න කියලා කීවා. ඒයි සිත! ඉස්සර මාව මේ මහණ ජීවිතයට යොමු කළේ නුඹ නොවේද?

සිත සංවර කරගන්න කීවා. පිණ්ඩපාතෙ වඩින කොට දායක පවුල් ගැන, කාමයන් ගැන, මනසින් ඇලෙන්ට එපා කීවා. පොහෝ දවසේ පෑයූ පුන් සඳක් වගේ ඉන්ට කීවා. ඒයි සිත! ඉස්සර මාව මේ මහණ ජීවිතයට යොමු කළේ නුඹ නොවේද?

වනාන්තරයෙ නවතින්ට කීවා. පිණ්ඩපාතෙන් ජීවත් වෙන්ට කීවා. අමු සොහොනෙ වාසය කරන්ට කීවා. පාංශුකූල සිවුරු පොරව ගන්ට කීවා. නිදා නොගෙන භාවනා කරන්ට කීවා. හැම තිස්සෙම ධුතාංග රකින්න කැමැති වෙන්න කීවා. ඒයි සිත! ඉස්සර මාව මේ මහණ ජීවිතයට යොමු කළේ නුඹ නොවේද?

ඒයි සිත! ගෙඩි කැමති කෙනෙක් ලවා ගස් හිටවා ගන්නවා. ඊට පස්සෙ ඒ ගස් මුලින්ම කපල දාන්ටයි කැමති වන්නේ. නුඹත් ඒ වගේ කෙනෙක්. අනිත්‍ය වූ සැලෙන්නා වූ මේ සංසාරයට ද නුඹ මාව යොදන්නට හදන්නෙ?

ඒයි රූප රහිත සිත! නුඹට දුර ගමන් තියෙනවා. තනියම ඇවිදිනවා. ඒ වුණාට මීට පස්සෙ මං නුඹේ වචනයට අවනත වෙන්නෙ නෑ. කාමයන් කියන්නෙ දුක් ගොඩක්. හරිම කටුකයි. මහ භයානක දෙයක්. මම නම් මුහුණ හරවගෙන ගමන් කරන්නෙ නිවන තියෙන දිශාවටයි.

ඒයි සිත! මහණ වුණේ වාසනාවක් නැතිව නොවෙයි. පිඬු සිඟා යන්ට ලැජ්ජා නැතිකමට නොවෙයි. චපල සිත නිසාත් නොවෙයි. ආණ්ඩුවෙන් දඬුවම් ලැබිලත් නොවෙයි. ජීවත් වෙන්ට ක්‍රමයක් නැතිවත් නොවෙයි. මං නුඹේ වසඟයට පත්වෙන්නෙ නෑ කියල ප්‍රතිඥා දීලයි ඉන්නෙ.

අල්පේච්ඡකම කියල කියන්නේ රහතුන් විසින් ප්‍රශංසා කළ දෙයක්. ගුණමකුකම නැති කරන කොට දුක සංසිඳෙනවා. ඒයි සිත! ඉස්සර මාව මේ මහණ ජීවිතයට යොමු කළේ නුඹ නොවේද? නමුත් දැන් මොකද නුඹ ආයෙමත් පරණ පුරුද්දට වැටෙන්න හදන්නෙ.

අවිද්‍යාව, තණ්හාව, ප්‍රිය, අප්‍රිය දේවල්, සුන්දර රූප, සැප විඳීම, සිත්කළු කාම ගැන, මේවා ඔක්කොම මං වමනෙ කළා. වමනෙ දාපු දෙයක් ආයෙත් ගිලින්ට මට ඕනෙකමක් නෑ.

ඒයි සිත! මං හැම තැනකදීම කළේ නුඹ කියපු දේ. ඒ නිසා බොහෝ ජාතිවලදී මං නුඹ ව කේන්ති ගැස්සුවෙ නෑ. මං තුළින්මයි නුඹ ඉපදුණේ. නුඹට කෙළෙහි ගුණයක් නෑ. ඒ නිසා බොහෝ කලක් මුළුල්ලේ මේ දුක්ඛිත සංසාරෙට මාව කැඳවාගෙන ආවෙ නුඹයි.

ඒයි සිත! එක් කාලෙක නුඹ නිසා මං බමුණෙක් වුණා. නුඹ නිසාම මං සිටුවරයෙක් වුණා. නුඹ නිසාම මං රජ වුණා. නුඹ නිසාම වෙළෙන්දෙක් වුණා. නුඹ නිසාම දාසයෙක් වුණා. නුඹ නිසාම මං දෙවියෙක් වුණා.

නුඹ නිසාම මං අසුර ලෝකෙට ගියා. නුඹ නිසාම මං නිරයටත් ගියා. නුඹ නිසා ම මං තිරිසන් ලෝකයටත් ගියා. නුඹ නිසාම මං ප්‍රේත ලෝකෙටත් ගියා.

ඒයි සිත! නුඹ මේ ආයෙ ආයෙමත් ද්‍රෝහි වන්නේ මට නේද? මොහොතින් මොහොත මායාකාරී චිත්‍ර මවල පෙන්වන්නෙ මට නේද? නුඹ මාත් එක්ක ක්‍රීඩා කරන්න හදන්නෙ පිස්සෙක් වගේ නේද? ඒයි සිත! මේ තරම් දේවල් මට කරන්ට මා විසින් නුඹට කළ වරද කුමක්ද?

ඒයි සිත! ඉස්සර නුඹ කැමැති විදිහට කැමැති කැමැති තැන්වල හිතු මනාපෙ ඇවිද ගෙන ගියා. එහෙත් අද මං ඒ හිතුවක්කාර හිත යෝනිසෝ මනසිකාරය නම් වූ හෙණ්ඩුවෙන් දමනය කරනවා. මද කිපිච්ච ඇතෙක්ව හෙණ්ඩුවෙන් දමනය කරනවා වගේ.

මගේ ශාස්තෘන් වහන්සේ මේ ලෝකය මට පෙන්නා දුන්නෙ අනිත්‍ය වශයෙන්, අස්ථිර වශයෙන්, අසාර වශයෙන්. ඒයි සිත! මාව ඒ බුදු සසුනට ඇතුල් කරපන්. එතෙර වෙන්ට කොහෙත්ම බැරි තරම් දුෂ්කර සංසාර සැඩ පහරින් මාව එතෙර කරපන්.

ඒයි සිත! දැන් තිබෙන්නේ නුඹේ ඒ පැරණි සිත නොවේ. දැන් නුඹට ඕනෑ විදිහට මාව හසුරුවන්ට බෑ. මහා ඉසිවර බුදු සමිඳුන්ගේ ශාසනයෙයි මං මහණ වෙලා ඉන්නෙ. ඒ නිසා මං වගේ අය විනාශයට පත්වෙන්නෙ නෑ.

කඳු, සාගර, ගංගා, මහ පොළොව ආදියත් මේ සතර දිශාවේ සතර අනු දිශාවේ, උඩ, යට හැම තැනකමත් සකස් වෙලා තියෙන ඔක්කොම දේවල් අනිත්‍යයි. තුන් භවයම කෙලෙස් නිසා දුකින් යුක්තයි. ඒයි සිත! නුඹ සතුටින් ඉන්ට හදන්නේ කොහේ ගිහින්ද?

ඒයි සිත! මං දැන් දැඩි විදියට වීර්ය පිහිටුවා ගෙන ඉන්නෙ. දැන් නුඹ මට කුමක් කරන්නද? ඒයි සිත! දැන් ඉතින් නුඹේ වසඟයේ මාව පවත්වන්ට බැහැ. දෙපැත්තෙම කටවල් තියෙන අශුචි පුරවපු මල්ලක් කවදාවත් අල්ලන්ට වත් කැමැති නෑ. දොරටු නවයකින් අශුචි වෑහෙන එබඳුම වූ මේ ශරීරයට නින්දා වේවා!

ඒයි සිත! වල් ඌරො, මුව පැටව්, ඇවිද ඇවිද යන කඳු බෑවුම් තියෙන, කඳු මුදුන් තියෙන ස්වභාවයෙන්ම ලස්සන, අළුත් වැස්සෙන් තෙත බරිත වෙච්ච ඒ වනාන්තරයේ ගල් ලෙනකටයි නුඹ ආවෙ. දැන් ඉතින් සතුටු වෙයන්.

තද නිල් පාට බෙල්ලක් තියෙන සුන්දර සිළු තියෙන ලස්සන පිල් කලඹක් තියෙන විසිතුරු පියාපත් තියෙන කුරුල්ලො ජාතියක් තමයි මොණරු කියන්නෙ. ආකාසය ගොරවන කොට ඒ මොණරු නාදකරනවා. ඒයි සිත! වනන්තරයෙ කුටියක භාවනා කරන නුඹ දැන් ඒ ගැන සතුටු වෙයන්.

වැස්ස කාලෙට තණකොළ වැවෙනවා අඟල් හතරක් විතර උසට. මහ වනයෙ මල් පිපෙන්ට ගන්නවා වලාකුළු වගේ. එතකොට මං ඒ කඳු අතරෙ බිම තමයි නිදාගන්නෙ. ඒ නිල් තණ බිම අළුත් යහනක් වගෙයි. හරිම මෘදුයි.

ධනවත් පුරුෂයෙක්, කීකරු සේවකයෙක් තියා ගන්නවා වගේ මං නුඹව දමනය කරනවා. සිවු පසයට මොනවා හරි දෙයක් ලැබුණොත් මට ඒ ඇති. මට කම්මැලිකමක් නෑ. බළල් හමක් හොඳට පදම් කරනවා වගේ මං නුඹව නිවනට සුදුස්සෙක් කරනවා.

ධනවත් පුරුෂයෙක්, කීකරු සේවකයෙක් තියා ගන්නවා වගේ මං නුඹව දමනය කරනවා. සිව්පසයට මොනව හරි දෙයක් ලැබුණොත් මට ඒ ඇති. මද කිපුණු ඇතෙක්ව දමනය කරන දක්ෂ ඇත්ගොව්වෙක් වගෙයි. මං වීරිය අරගෙන නුඹව දමනය කරනවා.

ඒයි සිත! නුඹ හොඳට දමනය වුණා. සෘජු ගති තිබෙන උතුම් හස්ති රාජයෙක් දමනය වුණා වගෙයි. අසුන් දමනය කරනවා වගේ මටත් ඒ සුන්දර නිවන් මගේ ගමන් කරන්ට පුළුවන් වුණා. හැමදාමත් ඒ නිවන් මග පුරුදු කළේ සිත රැකගත්තු උතුමන් විතරයි.

ඒයි සිත! ඇති රජෙක්ව යකඩ දම්වැල් වලින් කණුවක බඳිනවා වගේ මං නුඹව භාවනා අරමුණේ බැඳලයි තියෙන්නේ. ඉතා හොඳට සිහිය පිහිටුවා ගෙන හොඳින් රැකගෙන හොඳින් හසුරුවලා මේ සිත හදාගත්ත නිසා හැම භවයෙන්ම නිදහස් වුණා.

ඉඳුරන්ගෙන් අරමුණු ලැබෙන කොට ඒ ඔස්සේමයි සිත නොමග යන්නෙ. එතකොට ප්‍රඥාවෙන් ඒ නොමග වනසල දැම්මා. භාවනාවෙන් සිත සුමගට ගත්තා. මේ සසර දුකේ ඇතිවීම නැතිවීම දැකල එයින් නිදහස් වුණ බුදු සමිඳුන්ගේ දායාදය ලැබුණු කෙනෙක් වෙන්න.

ඒයි සිත! මං වසඟ වෙලා හිටියෙ මේ විදිහටයි. අශුභ දේ ශුභ විදියටයි දැක්කෙ. අනිත්‍ය දේ නිත්‍ය විදිහටයි දැක්කෙ. දුක දැක්කෙ සැප විදිහටයි. සිත විසින් මාව නොමග යැව්වෙ ගමේ ගොඩේ මෝඩ ළමයෙක්ව නොමග යවනවා වගේ. එහෙත් දැන් සියලු භව බන්ධන නැති කළ මහා කාරුණික මහා මුනිඳුන්ව නේද ඇසුරු කරන්නෙ.

එයි සිත! මේ සුන්දර වනාන්තරයෙ වැහි වළාකුළුවලින් ලස්සන වුණ කඳු වළල්ලෙ නිදහසේ ඇවිදගෙන යන මුවෙක් වගේ මමත් දැන් අවුලක් නැති සිතින් මේ කඳු වළල්ලට වෙලා ඉන්නවා. ඒයි සිත! නුඹ පැරදුණ බවට මට කිසිම සැකයක් නෑ.

ඒයි සිත! යම් ස්ත්‍රියක් හෝ යම් පුරුෂයෙක් හෝ නුඹේ කැමැත්තට හසුවෙලා ගියොත්, වසඟ වුණොත්, කාම සැපය අනුභව කරන්ට ගියොත් ඒගොල්ල ඔක්කොම අවිද්‍යාව තුළටම ඇතුල් වෙනවා. ඒගොල්ලො ඔක්කොම මාරයාගේ වසඟයට යනවා. යළි යළි උපදින්ට කැමැති හැම දෙනෙක්ම නුඹගේ ගෝලයෝ තමයි.

*මේ වනාහී ආයුෂ්මත් තාලපට නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.*

ඒ උතුම් තාලපට මහරහතන්වහන්සේට මාගේ නමස්කාරය වේවා....

උතුම් වූ ධර්මදානය පිණිස මෙම දෙසුම ඔබේ මිතුරන් අතරේ බෙදාහරින්න

*"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති"*

"දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!"

(සළායතන වර්ගය - උද්දාන ගාථා)

Address

Bakamuna

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00

Telephone

+94713277343

Website

Alerts

Be the first to know and let us send you an email when Jeewani Osu Hala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram