Medical Officer of Health Office - Imbulpe

Medical Officer of Health Office - Imbulpe Government agency responsible for preventive health services in Imbulpe administrative area.

අද ලෝක පිළිකා දිනයයි !!වර්තමානය වන විට සීඝ්‍රයෙන් පිළිකාව අප ප්‍රජාව අතර වර්ධනය වෙමින් පවතී. මෙය අප මුහුණදෙන ප්‍රභල සෞඛ්...
04/02/2026

අද ලෝක පිළිකා දිනයයි !!

වර්තමානය වන විට සීඝ්‍රයෙන් පිළිකාව අප ප්‍රජාව අතර වර්ධනය වෙමින් පවතී. මෙය අප මුහුණදෙන ප්‍රභල සෞඛ්‍ය අභියෝගයකි.

ඔබ දන්නවාද???

😯 දිනකට පිළිකා රෝගීන් 100 ක් පමණ හදුනාගන්නා අතර දිනකට රෝගීන් 40-50 ක් පමණ මිය යන බව

පිරිමින් අතර මුඛ පිළිකාව බහුලව වාර්තා වේ. මෙයට හේතු ලෙස දුම්කොල , මද්‍යසාර හා ඒ ආශ්‍රිත නිශ්පාදන භාවිතය වේ. ඛේදනීය තත්වය නම් පාසල් සිසුන් අතර දුම්කොල , පුවක් හා ඒ ආශ්‍රිත නිශ්පාදන බහුලව භාවිතා වන බව දක්නට ලැබේ.

කාන්තාවන් අතර පියයුරු පිළිකාව බහුලව වාර්තා වන පිළිකාවයි. මසකට වරක් ස්වයන් පියයුරු පරික්ශාව මගින් මෙය හදුනා ගත හැකියි.

දිනකට පුද්ගලයන් 3-5 දෙනෙකු මුඛ පිළිකාව නිසා අපේ රටේ මිය යනවා.
නමුත් ඔබ දැනුවත් නම්,
මෙම මරණ වළක්වා ගත හැකියි!

🛑 ඔබ අවදානමට ලක්විය හැකි හේතු:

* බුලත් විට හැපීම (විශේෂයෙන් පුවක්, හුණු සහ දුම්කොළ).

* දුම්පානය (සිගරට්, බීඩි, සුරුට්ටු).

* අධික ලෙස මධ්‍යසාර භාවිතය.

⚠️ අවධානය යොමු කළ යුතු රෝග ලක්ෂණ:

* සති දෙකකට වඩා වැඩි කාලයක් මුඛයේ පවතින, සුව නොවන තුවාල.

* මුඛය ඇතුළත ඇතිවන මැකී නොයන සුදු හෝ තද රතු පැහැති ලප.

* කට ඇරීමට අපහසු වීම (OSMF තත්ත්වය).

* මුඛයේ හෝ බෙල්ලේ ඇතිවන අසාමාන්‍ය ගෙඩි හෝ ඉදිමීම්.

* හේතුවක් නොමැතිව දත් බුරුල් වීම.
✅ ඔබ කළ යුත්තේ කුමක්ද?

* ස්වයං පරීක්ෂාව: මසකට වරක් කැඩපතක් ඉදිරියට ගොස් ඔබේ මුඛය පරීක්ෂා කරන්න.

* පුරුදු අත්හැරීම: පුවක් සහ දුම්කොළ භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන්න.

* ප්‍රතිකාර: මුඛයේ යම් වෙනසක් දුටුවහොත් වහාම ළඟම ඇති රජයේ රෝහලේ දන්ත වෛද්‍ය සායනයට යොමු වන්න.

තවත් අයෙකුට දැනුවත් වීම සදහා මෙය Share කරන්න.

මෙම පණිවිඩය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය ඉඹුල්පේ මගිනි

මතක තබා ගන්න: මුල් අවධියේදී හඳුනා ගැනීමෙන් මුඛ පිළිකාව 100% ක් සුව කළ හැකියි!

🌙 රෑ 7ට කලින් කෑවොත් මොනවද වෙන්නෙ ? 😱අද කාලේ ගොඩක් දෙනෙක් රෑ කෑම ගන්නේ නින්දට යන්න ඔන්න මෙන්න තියලා. හැබැයි ඔබ දන්නවාද ඔ...
29/01/2026

🌙 රෑ 7ට කලින් කෑවොත් මොනවද වෙන්නෙ ? 😱

අද කාලේ ගොඩක් දෙනෙක් රෑ කෑම ගන්නේ නින්දට යන්න ඔන්න මෙන්න තියලා. හැබැයි ඔබ දන්නවාද ඔබේ රාත්‍රී ආහාර වේල සවස 7:00 ට පෙර ගැනීමෙන් සිරුරේ පුදුමාකාර වෙනසක් ඇති කළ හැකි බව?

මෙන්න ඒ සෞඛ්‍ය ප්‍රතිලාභ කිහිපයක්:
✅ 1. බර අඩු කර ගැනීම වඩාත් පහසු වේ (Weight Loss)

රාත්‍රී කාලයේදී අපේ ශරීරයේ පරිවෘත්තීය වේගය (Metabolism) අඩුයි. වේලපහින් ආහාර ගැනීමෙන් සිරුරේ තැන්පත් මේදය දහනය කිරීමට වැඩි කාලයක් ලැබෙන අතර, අනවශ්‍ය බර වැඩිවීම පාලනය වේ.

✅ 2. සුවබර නින්දක් (Better Sleep)

බඩ පිරී තිබියදී නින්දට යාමෙන් නින්දට බාධා ඇති වේ. වේලපහින් කෑම ගැනීම නිසා ආහාර ජීර්ණය වීමට ප්‍රමාණවත් කාලයක් ලැබෙන බැවින් ඉතා ගැඹුරු සහ සුවදායක නින්දක් හිමිවේ.

✅ 3. හදවතේ සෞඛ්‍යයට ඉතා ගුණදායකයි

ප්‍රමාද වී ආහාර ගැනීම රුධිර පීඩනය (Blood Pressure) සහ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාමට බලපායි. සවස 7ට පෙර ආහාර ගැනීම හෘදයාබාධ අවදානම අඩු කරයි.

✅ 4. ගැස්ට්‍රයිටිස් සහ පපුවේ දැවිල්ලට තිත! (No More Acid Reflux)

නින්දට යාමට පැය 2-3 කට පෙර ආහාර ගැනීමෙන් ආහාර ආපසු උගුරට ඒම (Acid Reflux) සහ ගැස්ට්‍රයිටිස් අපහසුතා සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැකියි.

✅ 5. දියවැඩියාව පාලනය කරයි

සිරුරේ ඉන්සියුලින් කාර්යක්ෂමතාව වැඩි කරන නිසා රුධිරයේ සීනි මට්ටම නිසි ලෙස පාලනය කිරීමට මෙය මහඟු පිටුවහලකි.

මෙම රාත්‍රී ආහාරය කාබෝහයිඩ්‍රේට් අඩු ප්‍රෝටීන වැඩි ආහාර වේලක් ගැනීමෙන් යහපත් සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගත හැක.

ඔබත් අද සිටම මේ සෞඛ්‍ය සම්පන්න පුරුද්දට හුරු වෙන්න. වෙනස අත්විඳින්න! 💪✨

ඩෙංගු රෝගය මර්ධනය සදහා ධූමායන වැඩසටහනක් සබරගමුව විශ්ව විද්‍යාලය අවට , පඹහින්න පොලීසිය අවට හා රෝහල අවට 2026/01/26 දින සිද...
26/01/2026

ඩෙංගු රෝගය මර්ධනය සදහා ධූමායන වැඩසටහනක් සබරගමුව විශ්ව විද්‍යාලය අවට , පඹහින්න පොලීසිය අවට හා රෝහල අවට 2026/01/26 දින සිදු කරන ලදී.

📌 රුධිර පරීක්ෂණ වාර්තාවක් (Blood Report) කියවලා තේරුම් ගන්නේ කොහොමද? 🤔🩸ඔබේ රුධිර පරීක්ෂණ වාර්තාවේ තියෙන ඉංග්‍රීසි කෙටි ය...
24/01/2026

📌 රුධිර පරීක්ෂණ වාර්තාවක් (Blood Report) කියවලා තේරුම් ගන්නේ කොහොමද? 🤔🩸

ඔබේ රුධිර පරීක්ෂණ වාර්තාවේ තියෙන ඉංග්‍රීසි කෙටි යෙදුම් ඔබට කවදා හරි ගැටළුවක් වෙලා තියෙනවද?

ඔබේ සෞඛ්‍යය ගැන නිවැරදි අවබෝධයක් ලබාගන්න, මේ වැදගත් කරුණු ටික කියවලා බලන්න 👇

1️⃣ සම්පූර්ණ රුධිර ගණනය (Full Blood Count – FBC) 🧬
🔹 Hb / HGB (Hemoglobin): ලේ තුළ ඔක්සිජන් රැගෙන යන ප්‍රමාණය. අඩු වුණොත් ලේ අඩුකම (Anaemia) ඇති බව පෙන්වයි.

🔹 WBC (White Blood Cells): ශරීරයේ ප්‍රතිශක්තිකරණ තත්ත්වය පෙන්වයි.

🔹 PLT / Platelets: ලේ කැටි ගැසීමට උදව් කරන සෛල. (ඩෙංගු රෝගයේදී ඉතා වැදගත්යි)

🔹 HCT: රුධිරයේ ඝනත්වය / උකු බව මැනීමට භාවිතා කරයි.

2️⃣ ආසාදන හඳුනාගැනීම (WBC Differential & Markers) 🌡️
🦠 Neutrophils: බැක්ටීරියා ආසාදනවලදී වැඩි වේ.

🦠 Lymphocytes: වෛරස් ආසාදනවලදී වැඩි වේ.

🧪 CRP & ESR: ශරීරයේ කොතැනක හෝ ආසාදනයක් හෝ ඉදිමීමක් තියෙන බව පෙන්වන ලක්ෂණ.

3️⃣ දියවැඩියාව පරීක්ෂා කිරීම (Blood Sugar Tests) 🍬
🔸 FBS (Fasting Blood Sugar): පැය 8–10ක් නිරාහාරව සිට කරන සීනි පරීක්ෂාව.

🔸 HbA1c: පසුගිය මාස 3 තුළ ඔබේ සීනි මට්ටම සාමාන්‍යයෙන් පාලනය වී තිබුණාද කියලා පෙන්වයි.

4️⃣ වකුගඩු සහ අක්මාවේ ක්‍රියාකාරිත්වය 🩺
🩸 Creatinine & Urea: වකුගඩු හොඳින් ක්‍රියාකරනවාද කියලා මැන බැලීමට භාවිතා කරයි. (වැඩි වීම අවදානම්)

🧬 SGPT / ALT: අක්මාවට හානි වී තිබේද කියලා හඳුනාගන්න භාවිතා කරන ප්‍රධාන එන්සයිමය.

5️⃣ කොලෙස්ටෙරෝල් (Lipid Profile) – හොඳද නරකද? ✨
💚 HDL (High Density Lipoprotein ): හිතකර කොලෙස්ටෙරෝල් – වැඩි වීම සෞඛ්‍යයට හොඳයි.

⚠️ LDL (Low Density Lipoprotein ): අහිතකර කොලෙස්ටෙරෝල් – රුධිර නාල අවහිර කර හෘදයාබාධ ඇති කළ හැක.

🍟 Triglycerides (TG): අධික පැණි රස, තෙල් සහ කැලරි වැඩි ආහාර නිසා වැඩි වන මේද ප්‍රමාණය.

VLDL (Very Low-Density Lipoprotein)
​මෙය තවත් අහිතකර කොලෙස්ටෙරෝල් වර්ගයකි. මෙහි ප්‍රධාන වශයෙන් අඩංගු වන්නේ ට්‍රයිග්ලිසරයිඩ් (Triglycerides) ය. මෙයද රුධිර නාල අවහිර වීමට දායක වේ.

මේ තොරතුරු සාමාන්‍ය දැනුවත් කිරීම සඳහා පමණි. ඔබේ වාර්තාව පිළිබඳ අවසන් තීරණය ලබාගන්න වෛද්‍ය උපදෙස් අත්‍යවශ්‍යයි 👨‍⚕️👩‍⚕️
👉 මේ post එක ඔබට ප්‍රයෝජනවත් නම්, මිතුරන්ටත් දැකගන්න Share කරන්න 💙

22/01/2026

School Medical Inspection

අම්මා...❤️❤️   #අම්මා
22/01/2026

අම්මා...❤️❤️

#අම්මා


21/01/2026

A beautiful Location Situated within Imbulpe Moh office area..


ප්‍රවේශම්වන්න! කිරි පිටි භාවිතයෙන් වළකින්න ....  🗨️🗯️ඔබ දන්නවාද ? කිරි පිටි භාවිතය නිසා පහත අන්තරායන් වලට ඔබ නොදැනුවත් ව...
19/01/2026

ප්‍රවේශම්වන්න!

කිරි පිටි භාවිතයෙන් වළකින්න ....

🗨️🗯️ඔබ දන්නවාද ?
කිරි පිටි භාවිතය නිසා පහත අන්තරායන් වලට ඔබ නොදැනුවත් වම ගොදුරු වන බව

ඔබේ දරුවා👶
* ඇදුම
*ආසාත්මිකතාවන්
*කනේ ආසාදන
*අධි රුධිර පීඩනය සහ හෘදයාබාධ
*කනේ ආබාධ
*බුද්ධි මට්ටම් අඩු වීම
*ස්ථුලතාව

ඇතුලු ආබාධ ගණනාවකට කිරි පිටි නිසා අත වනන බව

එබැවින් දැන්ම ළදරු වියේ ,මැදි වියේ , මහලු වියේ පසුවන සියලු දෙනා කිරි පිටි භාවිතයෙන් වළකින්න!!

මෙම පණිවිඩය අන් අයගේද දැනුවත් වීම සදහා බෙදා හරින්න..

゚viralvideo

ඔබ දැනුවත් විය යුතුම ප්‍රථමාධාර කීපයක්
18/01/2026

ඔබ දැනුවත් විය යුතුම ප්‍රථමාධාර කීපයක්


Safe Before Welcome
17/01/2026

Safe Before Welcome

27/08/2024

Address

Medical Officer Of Health Office, Naluwela
Balangoda
70100

Opening Hours

Monday 08:00 - 15:30
Tuesday 08:00 - 15:30
Wednesday 08:00 - 15:30
Thursday 08:00 - 15:30
Friday 08:00 - 15:30
Saturday 08:00 - 13:30

Telephone

+94452287046

Website

Alerts

Be the first to know and let us send you an email when Medical Officer of Health Office - Imbulpe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Medical Officer of Health Office - Imbulpe:

Share