Speech & Language Therapy Balangoda

Speech & Language Therapy Balangoda HELP FOR COMMUNICATION, LANGUAGE AND EATING DRINKING PROBLEMS (ADULTS & CHILDREN)

24/02/2024

වචන දෙකක් එකතු කර කුඩා වාඛ්‍ය ඛණ්ඩයක් කීමට ඔබේ දරුවාට උදව් කරන්නෙ කොහමද ?

ඔබේ දරුවා දැනටම තනි වචන සැහෙන ප්‍රමාණයක් කියන දරුවෙක් නම් , අනේ බබා කවදා මේ වචන එකට එකතු කරල වාක්‍ය කතාකරන්න පටන් ගනීද දන්නැ කියමින් ඉන්න දෙමව්පියෙක්ද?

එහෙනම් මේ ලිපිය ඔබටයි.

ඔබේ දරුවා වචන දෙකක් එකට එකතු කර කුඩා වාක්‍ය පැවසීමට පෙර පහත දේවල් සම්පූර්ණ කර තිබිය යුතුයි.

❤️ තනි වචන 50ක් වත් තේරුමක් ඇතිව කීමට පුලුවන් වීම( සාමාන්‍යයෙන් ⁣මාස 18-24 අතර )

❤️ මාත්‍රා (syllable)දෙකක් සහිත වචන පැවසීම (ආතා,නංගී,ඩැඩා, මන්කි වැනි ශබ්ද කොටස් දෙකක් අන්තර්ගත වචන)

❤️ දරුවාගෙ වාග් මාලාවේ විවිධ වර්ගයෙ වචන ඇතුලත්ව තිබීම ( නාම පද, ක්‍රියාපද, උඩ -යට වැනි නිපාත )

❤️ දරුවා දන්නා වචනයකට අංගචලනයක් එකතු කොට අදහසක් කීම ( උඩක ඇති සෙල්ලම්බඩුවකට අතදික්කර "දෙන්න " යැයි පැවසීම )

ඔබේ දරුවා ඉහත දේවල් සපුරා ඇත්නම් , නමුත් තවමත් වචන දෙකක් එකතු කර කියන්නෙ නැත්තම් මේ ලිපියේ ඇති පහත දේවල් අනුගමනය කර බලන්න.

💙දරුවා සමග සෙල්ලම් කරන කාලයේදි / දරුවා සමග සිටින කාලයේදි දරුවා විසින් පැවසිය යුතු දේ නිරෑපණය කර පෙන්වීම.

උදා : දරුවා සමග කතා කරන විටදි
තාත්තා ගියා,
පූසා නිදි,
බෝලේ නෑ,
බායි කාර් !! වැනි කුඩා වාක්‍ය ඛණ්ඩ පැවසීම

💙දරුවා තනි වචනයක් කියු විට එයට දරුවා දන්නා තව වචනයක් හෝ කුඩා වචන දෙකක් එක්කොට නැවත පැවසීම.

උදා : දරුවා බල්ලා කියු විට -අර ලොකු බල්ලා
අක්කා කියු විට - අක්කා දොයි
බල්ලා කියු විට - බල්ලා ගියා යනුවෙන් වාක්‍ය දික් කරන්න

ඉහත සියලු උපදෙස් පොදුවෙ දරුවෙකුගෙ කතන වර්ධනයට ලබාදෙන උපදෙස්ය. නමුත් !!,

ඔබේ දරුවා මාස 24 හෝ ඊට වැඩි වයසක වුවත්, ඉහත සදහන් කර ඇති ආකාරයට කතා නොකරන්නෙ නම් දරුවාගේ කතන ප්‍රමාදයක් ඇති බව දැනගෙන දරුවාව වෛද්‍ය උපදෙස් හරහා කතන චිකිත්සනයට යොමු කරන්න .

කතන හා භාශා චිකිත්සන සේවය ඔබට රජයේ රෝහල්වලින් නොමිලයේ ලබාගත හැකි සේවයකි !!

24/02/2024

පෙර පාසල් යන වයසෙ සිටින ඔබේ කුඩා දරුවා යමක් ප්‍රකාශ කිරිමට යෑමේදි හිර වීමක් , පටැලවිමෙන් බොහොම ආයාසයකින් කියන්න උත්සහ දරන බවක් ඔබට දැනෙනවාද ?

" අම්මා බබ්.....බබ් බබ් බබාට ඕන "

සාමාන්‍ය ව්‍යවහරයේ "ගොත ගැසීම " ලෙස හදුන්වන " කතාවේ පැටලීම " කුඩා දරුවන් බොහෝමයකගෙ දැකගන්න පුලුවන් බව දෙමාපියන් අපිට කියනවා.

"හොදට කතා කර කර හිටි පුතා එක පාරටම ගොත ගහනවා වගේ කතා කරන්න ගත්තනෙ. අපි සැර කරත් එක්ක එයා හිතල එහම කතා කරනවා හිතුවා "

පෙරපාසල් යන වයසෙ සිටින කුඩා දරුවන්ගෙ (toddlers and preschoolers) මෙම කතාවේ අව්‍යක්තාවය ඇති වී ටික කාලයකට පසු නැතිවී ගිය බව දන්න දෙමව්පියනුත් ඇති.

කුඩා දරුවන්ගෙ මේ කතනයෙ පැටලවීම ගනන් ගැනිය යුතු වෙනනෙ කුමන අවස්ථාවකදීද සහ කුමන තත්වයකදීද යන්න මේ ලිපියෙන් ඔබට කියනවා.

පෙර කියු පරිදි කතාවේ පැටලීම (stuttering ) සාමාන්‍ය තත්වයක් ලෙසට ඇතිවී දරුවාගේ වර්ධනය සිදුවද්දි නැතිවී යන තත්වයක් වෙන්ම සාමන්‍ය තත්වයක් නොවෙන ඔබ ප්‍රතිකාර සඳහා දරුවායොමු කර යුතු මොකක්ද කියල අපි බලමු.

පහත වගුව සහ ඔබේ දරුවාගේ කතනයෙ පැටලීම නිරීක්ෂණය කිරීමෙන් පසු දරුවාගෙ කතනයෙ පැටලීම තව දුරටත් පැවතිය හැකි අවධානමක් ඇතැයි ඔබට සිතේ නම් දරුවාව ළමා හා මනෝ වෛද්‍යවරයෙකුට පෙන්වා නිසි උපදෙස් ගෙන කතන චිකිත්සන ප්‍රතිකාර ලබා දෙන්න. දරුවාට අපහසුවකින් තොරව කතා කිරීමට ඉඩ සලසන්න !!

❤️

24/02/2024

We believe every mom spent a lot time to find a beautiful name for thier kids. And now You probably waiting till your sweet kids say thier name alone. So here are few simple steps that every parent can try at home.

Step 1 :

🎯 Ask "what is your name " and give the answer for yor kid

Step 2 :

🎯 Ask the name and give the initial sounds of the word as a clue .

Step 3 :

🎯 Ask the name and wait to see if your kid give the answer independently

The Time you will spend on each step may vary from child to child. Be patient and stick to it. !!!

24/02/2024
29/01/2024

එදත් අදත් කවදත් කතාවෙන භාෂා දෙකක් ගෙදර කතා කරාම බබාට කතා කරන්න පරක්කු වෙනවද කියන කාරණය ගැන, පර්යේෂණවලින් නිතර කියවෙන කාරණා ටිකක් ලියන්න හිතුණා.

1. භාෂා දෙකක් නිතර ඇසීමට ලැබීම , නිවසේ භාවිත වීම, දරුවා ව්‍යාකූල තත්වයකට පත් නොකරයි . කුඩා දරුවෙකුට භාෂා දෙකක් හෝ වැඩි ගණනක් එක වර ඉගෙන ගැනීමට හැකිය.

2. භාෂා දෙකක් භාවිතවන ගෙදරක සිටින දරුවකුගේ කථන හා භාෂා හැකියාව වර්ධනය වීමට , එක භාෂාවක් පමණක් කතා කරන දරුවකුට වඩා වැඩි කාලයක් අවශ්‍ය විය හැක. ( සිංහල පමණක් පාවිච්චි වෙන නිවසක අවුරුදු තුනක දරුවකුගේ කතාව , සිංහල ඉංග්‍රීසි දෙකම පාවිච්චි කරන අවුරුදු තුනක දරුවකුගෙ කතාවට වඩා හොදින් තිබිය හැකිය)

3.භාෂා දෙකක් කතා කරන දරුවෙකුට ප්‍රමුඛත්වය දෙන එක භාෂාවක් තිබිය හැකිය (Dominant language). දරුවාට පහසු සහ කැමති භාෂාව දරුවා විසින් තෝරගනු ලැබේ. එහිදි භාෂා දෙකක් කතා කරන දරුවාගේ ප්‍රමුඛතාවය දෙන භාෂා වර්ධනය ,තනි භාෂාවක් කතා කරන දරුවාගේ භාෂා වර්ධනයට සමාන නොවිය හැකිය

( සිංහල ඉංග්‍රීසි භාෂා දෙකම කතා කරන දරුවෙක් වැඩිපුර කතා කරන්නෙ සිංහල යැයි හිතන්න( Sinhala is the dominant language here) . එම දරුවාගේ වයසේ ම සිංහල පමණක් කතා කරන දරුවාගේ කථන හැකියාව තරමටම භාෂා දෙකම කතා කරන දරුවාගේ සිංහල කථනය හොඳ නොමැති වෙන්න පුළුවන් )

3. භාෂා දෙකක් භාවිත වෙන දරුවාගේ භාෂාත්මක දැනීම ,භාෂා දෙකට වෙනස් ⁣වෙන්න පුලුවන්.

( ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු සිදුවෙන දිවාසුරැකුම් ආයතනයක සිටින දරුවා එහිදි කතා කිරීමට අවශ්‍ය වචන , වාක්‍ය ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගන්නා අතර , ගෙදරදි සිංහල භාෂාවෙන් ගෙදර අයවලුන් සමග කතා කිරීමට ඉගෙන ගනී. )

අපේ බහුතරයක් වැඩිහිටියොත් passive bilingual අය. ඒ කියන්නෙ " මට ඉංග්‍රීසිත් පුළුවන්. දෙයක් කිව්වම ඕන දෙයක් තේරෙනවා ඒත් කතා කරන්න බැහැ "කියන අය. අන්න ඒ වගේම කුඩා දරුවනුත් භාෂා දෙකෙන්ම හොදට තේරෙන, ඒත් දේවල් ප්‍රකාශ කරන්න එක භාෂාවක් වැඩිපුර පාවිච්චි කරන ( භාෂාව තේරුම් ගැනීමේ සහ කතා කිරීමේ පරතරයක් gap එකක් තියෙන ) බව පර්යේෂණවල දත්ත වල තියෙනවා.

4. භාෂා දෙකක් භාවිත වෙන දරුවන්ගෙ එක් එක් භාෂාවක වර්ධනය.

මෙය සම්පූර්ණයෙන්ම අපි දෙන ප්‍රමාණයට සිදුවෙන්නෙ. ඒ කියන්නෙ දරුවාට ඇහෙන ඉංග්‍රීසි ප්‍රමාණය 80%, සිංහල ප්‍රමාණය 20% නම් දරුවාගේ භාෂාව වර්ධනය වෙන්නෙත් ඒ ආකාරයෙන්ම තමා.දරුවා අදාල භාෂාවට නිරාවරණය වෙන කාලයට සහ ඒ ඒ භාෂාව වැඩිහිටියන් විසින් පාවිච්චි කරන ආකාරයට තමා දරුවා ග්‍රහණය කරන්නෙ.ඒ කියන්නෙ ප්‍රමාණය සහ ගුණාත්මකතාවය බලපානවා ( Quality and the Quantity matter for the development of both languages )

5.වෙනත් රටක සිටියදී ( Immigrants ⁣) ඔබගේ මව් භාෂාව භාවිත කිරීමට අධෛර්යමත් නොවන්න.

දරුවාගේ ඉදිරි ගමන පහසුවට යැයි නිවසේ අයත් අනිත් භාෂාව පමණක්ම කතා කිරීමෙන්, ⁣අනිත් භාෂාවේ වර්ධනයට ඔබට එතරම්ම උදව්වක් ලබා දිය නොහැකි බවට දත්ත වලින් පෙන්නුම් කරයි. දරුවා හා ගැටෙන අනෙකුත් පරිසරයෙන් දරුවාට එම භාෂාවට නිරන්තරෙයන් නිරාවරණය (exposure ) වීමට ඉඩ ලැබෙනු ඇත. 4 කරුණෙහි සඳහන් කළාක් මෙන් ඔබ මව්බසට දරුවා නිරාවරණය වෙන කාලය අඩු කරොත් එහි වර්ධනය අඩු වෙන්න පුළුවන්. පර්යේෂණවලින් පෙන්වන ආකාරයට වෙන රටක සිටියදිත් මව් භාෂාවත් හැකි දරුවන්ගෙ මානුෂිය සබඳතා, බැඳීම් ඉතා හොඳ මට්ටමින් පවතින්න පුළුවන්.

-------------------

ඉහත කරුණුත් සමගම දරුවෙකුගෙ භාෂා දෙකක් ග්‍රහණය කර ගැනීමේ හැකියාවට තව නොයෙකුත් සාධක තියෙනවා.

ගෙදරක ඉන්න පිරිස : අඩු පිරිසක් ඉන්න ගෙදරක දරුවාට වැඩි වෙලාවක් අවධානය දී කතා කිරීමට වඩා , වැඩි පිරිසක් සිටින නිවසක දරුවකුට කතා කිරීමට අඩු වෙලාවක් ලැබුණත් භාෂා වර්ධනය වැඩි වෙන්න පුලුවන්.

ඒ වගේම ගෙදරක නිවැසියන් කතා කරන වචන වල සරලකම,සංකීර්ණකම , පාවිච්චි කරන වාක්‍ය රටා වල ව්‍යාකරණ රීතිවල වෙනස්කම් වගේ දේවලුත් දරුවකුගෙ කථනයට බලපාන සාධක.

මවත් පියාත් දෙදනාම ඉංග්‍රීසිත් සිංහලත් කතා කරත් ⁣,දෙමව්පියන් දෙදෙනාම නිතර කතා කරන්නෙ සිංහල නම් ,බොහෝ විට දරුවාත් සිංහලම තමන්ගෙ ඩොමිනන්ට්( ප්‍රධාන) භාෂාව විදිහට පාවිච්චි කරන්න හුරු වෙන්න පුළුවන්.

ඒ වගේම වෙනත් රටක සිටින ලාංකික දෙමාපියන් දෙදෙනකු නම්, එක් කෙනකු පමණක් සිංහල පාවිච්චි කරන අවස්ථාවක දරුවා බොහෝවිටක තෝරගන්නේ දරුවා ඉන්න සමාජය පාවිච්චි කරන භාෂාව. (ඒ Community එකේ භාෂාව)

ගෙදරක වැඩිමහල් සහෝදරයන් සිටිනවානම් එතනදිත් මේ භාෂා දෙකක් කතා කරන දරුවන්ගෙ භාෂා වර්ධනයට යහපත් බලපෑමක් සිදු වෙනවා.

ඒ වගේම පාසල් හෝ පෙරපාසල් යන වයසේ දරුවන් නම් ඒ සමාජාශ්‍රයේ භාෂාව ගෙදරදිත් කතා කරන්න පෙළඹෙනවා වගේ ගෙදර ඉන්න අයවත් එයාගේ භාෂාවටම හරවගන්න උත්සාහ කරනවා 😊 . ( මේක දකින්න පුලුවන් ඉංග්‍රීසි මාධ⁣්‍යෙන් පෙරපාසල් හො දිවා සුරැකුම් මධ්‍යස්ථාන වල ඉන්න බබාලා ළඟ . එයාලා ගෙදර ඇවිල්ලත් ගෙදර අය එක්කත් ඉංග්‍රීසියෙන්ම කතා කරන්න බලනවා. ( එතනදි බබාගේ කමියුනිටි එක වෙන්නෙ ඒ පෙරපාසල් හෝදිවාසුරැකුම් ආයතනය සහ සේවක පිරිස)

* කුඩා දරුවන්ට භාෂාවන් හරි ලේසියෙන් ග්‍රහණය කරගන්න පුලුවන්.

* ස්පීච් ඩිලේ එකක් නැත්තම් කථනයේ ප්‍රමාදයක් හෝ ආබාධිතතාවයක් ගැන රෝග විනිශ්චයක් ලැබුනොත් ඔබේ දරුවාගේ කථන හා
චිකිත්සකවරයාට අනිවාර්යෙන්ම භාෂා දෙකක් භාවිත කිරීම ගැන සඳහන් කරන්න අමතක කරන්න එපා. චිකිත්සකවරයා මේ පිළිබඳව කළ යුතු දේ ගැන ඔබව හොඳින් දැනුම්වත් කරාවි.

සිංහල ,ඉංග්‍රීසි වලට විතරක් නෙවේ ලෝකේ හැම තැනම මේ ගැටලුව තියෙනවා. ඉතින් පර්යේෂණ නිරන්තරෙයන් සිද්ද වෙනවා Blingual Speech and and Language Development යටතේ ඔබට කරුණු ඕන තරම් සොයාගන්න පුළුවන් .

❤️❤️

( ඕන තැනක ශෙයා කරන්න. අහන්න අවශ්‍ය නැහැ. මිනිස්සු මේ දේවල් ගැන දැනුම්වත් නැති නිසා දැනුම්වත් වෙන්නම මේ ලිව්වෙ පැය ගාණක් මහන්සි වෙලා . පහළ තියෙන පර්යේෂණත් කියවලා බලන්න. අවශ්‍ය කෙනක් ඉන්නවනම් තවත් ලිස්ට් එකකුත් දෙන්න පුළුවන් ).

References

1. Hoff E. Language development in bilingual children. In: Bavin EL, Naigles L, editors. The Cambridge Handbook of Child Language. Cambridge, UK: Cambridge University Press; In press. [Google Scholar]

2. McCabe A, Tamis-LeMonda C, Bornstein MH, et al. Multilingual children: beyond myths and towards best practices. SRCD Social Policy Report. 2013;27(4):1–21. [Google Scholar]

3. Genesee F, Nicoladis E. Bilingual first language acquisition. In: Hoff E, Shatz M, editors. Blackwell Handbook of Language Development. West Sussex, UK: Wiley-Blackwell; 2007. pp. 324–342. [Google Scholar]

4. Lanza E. Bilingual first language acquisition: a discourse perspective on language contact in parent-child interaction. In: Cenoz J, Genesee F, editors. Trends in bilingual acquisition. Amsterdam, the Netherlands: John Benjamins Publishing Co; 2001. pp. 95–106. [Google Scholar]

5. Hoff E, Core C, Place S, Rumiche R, Señor M, Parra M. Dual language exposure and early bilingual development. J Child Lang. 2012;39(1):1–27. [PMC free article] [PubMed] [Google Scholar]

6.. De Houwer A. Parental language input patterns and children’s bilingual use. Appl Psycholinguist. 2007;28:411–422. [Google Scholar]

7.. Goodz N. Parental language mixing in bilingual families. Infant Ment Health J. 1989;10:25–44. [Google Scholar]

8. Place S, Hoff E. Properties of dual language exposure that influence
2-year-olds’ bilingual proficiency. Child Dev. 2011;82(6):1834–1849. [PMC free article] [PubMed] [Google Scholar]

9. Hoff E, Welsh S, Place S, Ribot KM. Properties of dual language input that shape bilingual development and properties of environments that shape dual language input. In: Grüter T, Paradis J, editors. Input and Experience in Bilingual Development. Amsterdam, the Netherlands: John Benjamins Publishing Co; 2013. [Google Scholar]

10.. Gathercole VCM, Thomas EM. Bilingual first-language development: dominant language take-over, threatened minority language take-up. Biling Lang Cogn. 2009;12(2):213–237. [Google Scholar]

11. Paradis J, Kirova A. English second language learners in preschool: profile effects in their English abilities and the role of home language environment. Int J Behav Dev. 2014;38(4):342–349. [Google Scholar]

Admin - Speech and Language Therapy in Sri Lanka - කථන හා භාෂා චිකිත්සාව

28/04/2023
28/04/2023

ආඝාතය ලිපියේ දෙවෙනි කොටස; අපි අද කතා කරන්නේ ආඝාතයට හේතුවන සාධක, මෙය ඇතිවන බවට සරලව හදුනාගත හැකි ආකාරය පිලිබදව හා මෙයට වැදගත්වන සෞඛ්‍ය වෘත්තීකයින් කවුද යන්නයි.
මේ සදහා බලපාන සාධක ලෙස අධි රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල් ඒ වගේම ජිවිතයේ ඇති වැරදි පුරුදු බලපායි.(අධික තරබාරුව, දුම්පානය, අධික මත්පැන් පානය). ආඝාතය සරලවම හදුනාගත හැකි අකාරය පහත රුපයෙන් මනාව පැහැදිලි වේ එසේම මෙවැනි ලක්ෂණ ඔබට ඇත්නම් ඔබ සිදු කළ යුත්තේ හැකි ඉක්මනින් ළගම පහසුකම් ඇති රෝහලකට යැමය. ආඝාතය ඇති විමෙන් පසුව රෝගියාට ශරිරයේ එක් පැත්තක් අප්‍රාණික විම (Paralysis), ආහාර ගිලිමේ අපහසුතාව (Swallowing Difficulty), අදහස් ප්‍රකාශ කිරිමේ (Expression) හා තේරුම් ගැනිමේ (Comprehension) අපහසුතාව වැනි සංකුලතා මෙන්ම තවත් බොහෝ අපහසුතා ඇතිවිමට පුලුවන එය රදාපවතිනුයේ මොළය තුල ඇති වන තුවාලයේ ප්‍රමාණය(Size of the Lesion) සහ එය සිදුවන ස්ථානය(Location of the Lesion) අනුවය. මෙය CT scan, MRI scan එකක් තුලින් මනාව හදුනාගත හැකිය. ආඝාතය සදහා ප්‍රතිකාර කටයුතු සිදු කරනු ලබන්නේ විවිධ වෘත්තීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් මගිනි මේ සදහා ස්නායු රෝග විශේෂඥ වෙද්‍යවරුන් , වෙද්‍යවරුන්, හෙදියන්, භෞතික චිකිත්සකවරුන්, කථන හා භාෂා චිකිත්සකවරුන් සහ තවත් වෘත්තීකයින් මේ සදහා දායකත්වය දක්වයි. මෙය වැදගත් යැයි ඔබට සිතෙනවා නම් ඔබේ යාලුවන්ටත් බලන්න හැකිපමණ Share කරන්න. ඔබගේ හෝ අන් අයගේ group සදහා copy, paste කිරිමෙන් වලකින ලෙස කාරැණිකව ඉල්ලනවා.

ළමුන් සහ වැඩිහිටියන් තුළ දැකිය හැකි කථනය, භාෂාව සහ ආහාර ගැනීමේ අපහසුතා සඳහා කථන සහ භාෂා චිකිත්සක සේවාව…Speech and Langua...
15/01/2023

ළමුන් සහ වැඩිහිටියන් තුළ දැකිය හැකි කථනය, භාෂාව සහ ආහාර ගැනීමේ අපහසුතා සඳහා කථන සහ භාෂා චිකිත්සක සේවාව…

Speech and Language Therapy services for difficulties with speech, language and eating drinking disorders in children and adults...

D.D.H.Dewpura
Speech & Language Therapist
(BSc. Special,UOK)
Teaching Hospital Rathnapura .
070 720 5701

Address

Balangoda
70100

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 09:00
Saturday 08:30 - 18:00
Sunday 09:00 - 17:00

Telephone

+94707205701

Website

Alerts

Be the first to know and let us send you an email when Speech & Language Therapy Balangoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Speech & Language Therapy Balangoda:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram