01/10/2025
උපුටා ගැනීමකි
ඔයා ඔයාගේ ඇගේ අවශ්‍යතාවයට වඩා කෑම නැත්තං කැලරි ප්‍රමාණයක් ගන්න කොට වැඩිපුර තියෙන ග්ලූකෝස් ග්ලයිකොජන් බවට පත්වෙලා මාංශ පේශී වල සහ අක්මාවේ තැන්පත් වෙනවා. මේ ග්ලයිකොජන් ඩිනෝවෝ ලිපෝජනසිස් කියන ක්‍රියාවලිය හරහා මේදය බවට පත්කරනව. එතකොට වැඩිපුර ගන්න කාබෝහයිඩ්‍රේට තෙල් බවට පත්කරනව මේ තෙල් සමහරක් අක්මාව ඇතුලෙම තියෙනවා. සමහර ඒවා ට්‍රයිසරයිද විදිහට VLDL කියන ආකාරයට අක්මාවෙ ඉඳන්ම මාංශ පේශී වලට, විශේෂයෙන්ම බඩ ආශ්‍රිත, කකුල් ආශ්‍රිත තෙල් විදියට තැන්පත් වෙනවා.
ඉතිං අක්මාවේ මෙහෙම ටික ටික මේදය තැන්පත් වෙන්න පටන් ගන්නකොට මුලදි අක්මාව ඒක බැලන්ස් කරගන්න ට්‍රයි කරත්, කාලයක් යනකොට එයාට ඒක කරගන්න අමාරු වෙනවා. මේ Stress එක නිසා අක්මාව ආශ්‍රිතව තියෙන Kupffer Cells කියන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛල ක්‍රියාකාරී වෙලා අක්මා සෛල වලටම ප්‍රහාර එල්ල කරන්න පටන් ගන්නවා. මේක නිසා Inflammation එකක්, එහෙම නැත්නම් ප්‍රදාහක තත්ත්වයක් ඇතිවෙනවා. මේකට තමයි අපි කියන්නෙ NASH (Non-Alcoholic Steatohepatitis) කියලා. ඉතින් මේ අක්මාවෙ සෛල දිගින් දිගටම මෙහෙම ප්‍රදාහක තත්ත්වයකට පත්වෙලා තියෙනකොට එයා එයාවම හොඳ කරගන්න ට්‍රයි කරනවා. නමුත් ඩැමේජ් එක Full Repair කරනවා වෙනුවට අක්මාවේ තියෙන්න ඕන පටක වෙන වෙන පටක වලින් Replace කරනවා. ඒවට අපි කියනවා Scar Tissues කියලා. නිකන් හිතන්න අක්මාව ඔයාගේ ගෙදර කුස්සිය වගේනම්, ගෙදර කුස්සියේ බිත්තියේ ඇති වෙලා තියෙන ඩැමේජස් වලට ඔයා සිමෙන්තියෙන් ෆික්ස් කරනවා වෙනුවට ගම් ටේප් වගේ අලවලා ඒ ඩැමේජස් ටික වහන්න හදනවා. ඩැමේජ් එක කවර් කරනවා උනාට ප්‍රශ්නය හරිගස්සන්නෙ නෑ.
Scar Tissues නිසා ඇතිවෙන Fibrosis කියන තත්ත්වය නිසා අක්මාවේ තද ගතියක්, ඒ කියන්නේ Stiffness එකක් ඇතිවෙනවා. ඒ වගේම කාලයක් යනකොට අක්මාවට එන රුධිර සැපයුමත් අඩුවෙනවා. දැන් ඉතින් අර කුස්සියේ තැන් තැන්වල මෙහෙම ඩැමේජ් ඇති වෙනකොට හරියටම වැඩ කරගන්න බැරිවෙලා යනවා. ඒ වගේ තමයි අක්මාව තැන් තැන්වලින් එහෙම ඩැමේජ් වෙන්න ගන්නකොට අක්මාවේ ප්‍රධාන වැඩ ටික ටික අඩුවෙලා යනවා. ඔහොම ගිහිල්ලා අක්මාව හොඳටම ඩැමේජ් උනාට පස්සේ අන්තිම අවදියට අපි කියනවා සිරෝසිස් (Cirrhosis) කියලා. අක්මාවට හරියට විෂ හරණය කරගන්න බැරිවෙනවා (Detoxification), ලේ කැටි ගහන්න අවශ්‍ය ප්‍රෝටීන හදාගන්න බැරි වෙනවා සහ තෙල් හරියට මැනේජ් කරගන්න බැරිවෙනවා. මේ දේවල් ඔක්කොම නිසා අක්මාව ටික ටික ඩැමේජ් වෙලා යනවා. නැත්නම් අක්මාව Fail වෙනවා.
කොහොමද ෆැටි ලිවර් අදියර වලට බෙදන්නේ? (Grading of Fatty Liver)
ෆැටි ලිවර් ප්‍රධාන අදියර හතරකට බෙදනවා, අක්මාවේ තැන්පත් වෙලා තියෙන මේද ප්‍රමාණය අනුව. මේක හරියට විභාගෙකට ලකුණු දෙනවා වගේ. මේදය වැඩි වෙන්න වැඩි වෙන්න අදියරත් දරුණු වෙනවා. මේක දැනගන්න අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් (Ultrasound Scan), CT ස්කෑන් (CT Scan), MRI ස්කෑන් (MRI Scan) වගේ පරීක්ෂණ කරන්න පුළුවන්.
පළවෙනි අදියර (Grade 1): තමයි සරළම අවස්ථාව. අක්මාවේ පොඩ්ඩක් විතර මේදය තැන්පත් වෙලා තියෙනවා.
දෙවෙනි අදියර (Grade 2): අදියරේදී අක්මාවේ ටිකක් වැඩිපුර මේදය තැන්පත් වෙලා තියෙනවා.
තුන්වන අදියර (Grade 3): මේකෙදි අක්මාවේ දැන් නම් සෑහෙන්න මේදය තැන්පත් වෙලා.
හතරවන අදියර (Grade 4): මේක තමයි දරුණුම අවස්ථාව. අක්මාව සම්පූර්ණයෙන්ම මේද තට්ටුවකින් වැහිලා. මේ අදියරේදී අක්මාවේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා සිරෝසිස් (Cirrhosis) වගේ දරුණු තත්වයන් ඇති වෙන්න පුළුවන්
මේ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ වලට අමතරව අක්මා පටක පරීක්ෂාවක්, එහෙමත් නැත්නම් Liver Biopsy එකක් මගින් අක්මාවේ තත්වය වඩාත් නිවැරදිව නිර්ණය කරන්න පුළුවන්.
゚viralシ