Family Dental Clinic-Dr Thushara Fonseka

Family Dental Clinic-Dr Thushara Fonseka For you all dental treatment needs

This is a modern well equipped Dental clinic located at Balangoda town serving the high quality Dental treatment needs of a wide range including Digital Dentistry at reasonable cost.

රෑට නිදා සිටින විට දත් කැක්කුම් වැඩි වන්නේ ඇයි?මෙය රෝගින්ගේ  ඉතා සුලභ තත්වයකි.මෙය දත් කැක්කුම් වලට පමණක් නොව කන් කැක්කුම...
22/04/2026

රෑට නිදා සිටින විට දත් කැක්කුම් වැඩි වන්නේ ඇයි?

මෙය රෝගින්ගේ ඉතා සුලභ තත්වයකි.මෙය දත් කැක්කුම් වලට පමණක් නොව කන් කැක්කුමට(Middle ear infections) හා ඇතැම් හිසේ කැක්කුම් වලටද පොදු තත්වයකි.මෙයට හේතුව කුමක්ද මහ රෑ උහුලන්න බැරි දත් කැක්කුමක් ආවොත් එය අවම කර ගැනීමට නිවසේදී කලහැකි යමක් වේද?

මෙලෙස රෑ නිදා සිටින විට දත් කැක්කුම් වැඩි වීමට හේතු කීපයක් තිබේ.
ඉන් ප්‍රධානතම හේතුව වැතිර සිටින විට හිසට රුධිර සැපයිම වැඩි වී දත් තුල රුධිර පීඩනය වැඩි වේ.දතේ ඇතුලත ආසාදනයක් පවතින විට මෙම අමතර පීඩනට ස්නායු මත අමතර සන්වේදන ඇතිකර අධික වේදනාවක් ඇති කල හැක.දත තුල පීඩනය වැඩි වුවහොත් එය ආවරණය වූ කුහරයක් බැවින් බොහෝ සෙසු පටක මෙන් පීඩනය පිටකිරීමට කිරීමටද නොහැක.
එසේම රාත්‍රියේදී ශරීරයේ cortisol හෝමෝන මට්ටම අඩුවේ.එය ප්‍රදාහ පාලන (Anti inflammatory hormone )හෝමෝනයකි.එබැවින් ප්‍රදාහ මට්ටම වැඩි වීමට එයද හේතුවකි.එබැවින් වේදනාව වැඩි වේ.
තවද රාත්‍රියේදී අපට ලැබෙන බාහිර සන්වේදක උත්තේජන (Sensory inputs ) අඩු නිසා මොලය මෙවැනි වේදනාවකට දෙන ප්‍රමුඛත්වය හා අවධානය වැඩි වීම මතද වේදනාව වැඩිපුර දැනේ.සරලව කිවහොත් දහවලට වඩා මොලයේ සන්ව්දන බාහිකයට (sensory cortex ) රාත්‍රියට වැඩ අඩු ය.
රාත්‍රියේ ඇති සාපේක්ෂව අඩු උෂ්ණත්වයද වේදනාව පහඩුවෙන් උත්තේජනය කරයි.

රාත්‍රියේදී මෙසේ ඇති වන කැක්කුම ඉහිලීමට අපහසු තරම් විය හැකි අතර එසැනින් ව්‍යෛදවරයෙකු හමු වීමටද නොහැකි විය හැක.
මෙවැනි අවස්ථාවක අපට කල හැකි දේ මොනවාද ?

හිස මදක් ඔසවා තැබීමෙන් හිසේ රුධිර පීඩනය අඩු වී සහනයක් ලැබේ.
එලෙසම දත් වල කුහර හෝ කැක්කුම් ඇති විට නින්දට පෙර අධික උණුසුම් හෝ අධික සීතල ආහාරපාන වලින් වැලකී සිටීම යෝග්‍ය වේ.
ඔබ සතුව සරල වේදනා නාශක පෙත්තක් තිබේ නම් .උදා Paracetamol වැනි over the counter pain killer,එයට ආසාද්මිකතා නොවේ නම් එය භාවිතා කල හැක.
එසේම බොහෝ දත් කැක්කුම විශබීජනාශක මුඛ සෝදන දියරයකින් (Anriseptic mouth wash)කටසේදීමෙන් හෝ එවැන්නක් නොමැති නම් ලුණු වතුරෙන් කට සේදීමෙන් ද යම් පමණකට සමණය වේ.
ශරීර්යේ බාහිරින් ගල්වන බාම් වර්ග දත් හෝ විදුරුමස්වල ගැල්වීම නොකර යුතු අතර එවිට වේදනාව උත්සන්න වීමට හා මුඛයේ මෘදු පටක වලට හානිවීමට හැක.

දීමට හැකි වැදගත්ම උපදේශය නම් සතියකට දෙකකට වරක්වත් කණ්නාඩියකින් හොදට ආලෝකය ඇති තැනකට ගොස් ස්වයo මුඛ පර්‍ර්ක්ෂාවක් ඔබම කරගන්න .දත් වල හෝ මුඛයේ සෙසු පටකවල යම් වෙනසක් නිරීක්ෂණය වුවහොත් ඔබගේ දන්ත වෛද්‍යවරයා නොපමාව හමුවන්න.දත් කුහර වැනි දෑ ප්‍රතිකාර කිරීම මුල් අවස්ථාවේදී ම කර ගත් යුතු අතර ඒවා වෙනත් රෝග මෙන් ඉබේ සුව නොවේ.ප්‍රමාද වීමෙන් වන්නේ වේදනාව හා ප්‍රතිකාර වල සoකීර්ණතාව ඉහල යාම පමණි.
ඊට අමතරව මාස හයකට වරක් වෛද්‍යවරයකු හමුවී පූර්ණ මුඛ පර්‍රක්ශාවක් කර ගැනීම ඉතාම සුදුසු වේ.

-දන්ත ශල්‍ය වෛද්‍ය තුෂාර ෆොන්සේකා-

31/12/2025
28/09/2025

Smile tranformation just after 8 months of Othodontic treatment!

Smile transformation !
18/05/2025

Smile transformation !

මියුකෝසීල්ස් (Mucocele) ගෙඩිමුඛය හා විශේශයෙන් තොල් ආශ්‍රිතව මෙවැනි ගෙඩි හටගැනීම සාපේක්ෂව සුලභ තත්ත්වයකි.කල් පවතින ලක්ෂණය...
09/01/2025

මියුකෝසීල්ස් (Mucocele) ගෙඩි

මුඛය හා විශේශයෙන් තොල් ආශ්‍රිතව මෙවැනි ගෙඩි හටගැනීම සාපේක්ෂව සුලභ තත්ත්වයකි.කල් පවතින ලක්ෂණය නිසාම බොහෝ අය පිළිකා කියා වරදවා වටහාගන්නා හා පිළිකා කියා බිය වන මේවා ඇතැම් විට අඩු වැඩි වීම් සිදුවේ.ලමයින්ගේද නිතර හටගන්නා මේවා ක්‍රමයෙන් විශාල විය හැක.
මේවා හට ගන්නේ කෙසේද ?
ශ්ලේෂ්මල පටක වල ඇති කුඩා ඛේට ග්‍රන්ථි (Minor salivary glands)අවහිර වීම මෙහිදී සිදුවේ.
හදිසි අනතුරු වලින් පසුව,තැලීම් වලින් පඩුව හා වෙනත් ආකාරයේ ඛේට ග්‍රන්ථි අවහිරවීම් නිසා මේවා හට ගනී.ඇතැම්විට කලක් තිස්සේ තියුණු දත් කොටස් මගින් මුඛ පටල හානි වීමෙන් (Chronic irritation)ද මේවා හට ගත හැක.
ප්‍රතිකාර ලෙස බොහෝ විට සිදුකරනු ලබන්නේ ශල්‍යකර්ම මගින් අවහිර වූ ග්‍රන්ථින් ඉවත් කිරීමයි.මෙය කෙටි කාලයකින් එම ස්ථානය පමණක් හිරිවට්ටා කල හැහි ශල්‍යකර්මකි.ඊට අමතරව ලේසර් ප්‍රතිකාරද සිදුකරනු ලබයි.දින කීපයකින් සම්පූර්ණ සුවය ලැබේ.නමුත් මෙලෙස හානි වූ ග්‍රන්ථි පූර්ණ වශයෙන්ම ඉවත් කිරීම සිදු කල යුතුය .නැත්නම් නැවට හට ගනී.
මේවාට වෛද්‍ය උපදෙස් වලින් තොරව විවිධ ආලේපන ගැල්වීම හෝ අත්බෙහෙත් කිරීම මගින් වෙනත් සන්කූලතා ඇතිවිය හැක.
සුදුසුම දෙය නම් ඉක්මනින්ම ඉවත් කරවා ගැනීමයි!

-වෛද්‍ය තුෂාර ෆොන්සේකා

හදිසි අනතුරකින් මුඛයේ හ මුහුණට සිදුවූ හානි නැවත සකස් කර ප්‍රකෘති පෙනිමක් ලබා දීම.
05/01/2025

හදිසි අනතුරකින් මුඛයේ හ මුහුණට සිදුවූ හානි නැවත සකස් කර ප්‍රකෘති පෙනිමක් ලබා දීම.

Changing destiny!
28/07/2024

Changing destiny!

Smile makeover in just one hour!
24/07/2024

Smile makeover in just one hour!

Outcome after treating with Fixed Orthodotic treatments just over one year!😊😊
23/03/2024

Outcome after treating with Fixed Orthodotic treatments just over one year!😊😊

මේ තුවාල මොනවාද? .ජීවිතයේ කවර දිනකදී හෝ ඔබ බහුතරයක් දෙනා මෙම තත්වයට මුහුණ දී ඇති බවට සැකයක් නැතවෙනදාට වඩා බහුලව හමුවන තත...
14/03/2024

මේ තුවාල මොනවාද? .
ජීවිතයේ කවර දිනකදී හෝ ඔබ බහුතරයක් දෙනා මෙම තත්වයට මුහුණ දී ඇති බවට සැකයක් නැත
වෙනදාට වඩා බහුලව හමුවන තත්ත්වයක් ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ උෂ්ණ බිබිලි තුවාල ලෙස හදුන්වන වෛද්‍ය විද්‍යාත්මකව Apthous ulcerations ලෙස හැදින්වෙන මෙම තුවාල හැදින්විය හැක..ඉතාම වේදනාකාරී මෙන්ම සන්වේදී තුවාල වන මේවා ඇතැම් විට වෙනත් රෝගී තත්ව සමග පටලවා හදුනා ගන්නා අවස්ථා සුලභව ඇත.(උදා Herpes හා වෙනත් වෛරස රෝග,ආසාද්මිකතා,ආන්ත්‍රික රෝග,පිළිකා,චර්ම රෝග.) .එම නිසා පළමුකොටම මේවා නිවරදිව හදුනාගැනීම වැදගත් වේ.

මේවා හටගන්නේ ඇයි?
මුඛ ශ්ලේෂ්මලය තුවාල වීම,
මානසික ආතතිය,
ප්‍රතිශක්ත්තිය දුර්වල වීම,
විටමීන ඌනතා ,
ඇතැම් ආහාර හා ඖෂධ ආසාද්මිකතා හා ප්‍රතික්‍රියා
ආදිය මේවාට හේතු වේ!

මේවා ඇතැම්විට වේදනාවක් පමණක් දී සති කීපයකින් සුවවන මුත් ඇතැම් විට උත්සන්න වේ.එවිට අධික වේදනාවට අමතරව ගිලීමේ අපහසුතා,ආහාර මුඛයට ගැනීමේදී අධික වේදනාව,ආසාදනය වීම,මුඛ හා ගෙල ආශ්‍රිතව වසා ග්‍රන්ථි ඉදිමීම ආදිය සිදු වී එදිනෙදා ජීවිතය පීඩාවට පත් වේ.

මේවා ප්‍රධාන ආකාර තුනක් ඇති අතර minor ,major හා herpetiform යන එම තත්ව අතුරින් major type වලදී විශාල තුවාල ඇතිවීමත් herpetiform type වලදී කට පුරා කුඩා තුවාල විශාල ප්‍රමාණයක් ඇති වීමත් සිදු වේ.

පීඩාකාරී අවස්ථා වල හා සුව වීම ප්‍රමාද විට දන්ත ශල්‍ය වෛදවරයකු වෙත යොමු වීම වැදගත් වේ.එවිට ප්‍රතිකාර මගින් පහසුවෙන් මෙම තත්ත්වය පාලනය කරගත හැක.

පොදුවේ ඔබ සියලු දෙනා මේවා පිලිබදව නිවරදිව දැන සිටීම වැදගත් නිසා මෙම දැනුවත් කිරීම ඉදිරිපත් කලෙමි.

---------------------
වෛද්‍ය තුෂාර ෆොන්සේකා
දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරී

Address

Near Clock Tower, Barns Rathwaththa Mawatha
Balangoda

Telephone

+94777764906

Website

Alerts

Be the first to know and let us send you an email when Family Dental Clinic-Dr Thushara Fonseka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Family Dental Clinic-Dr Thushara Fonseka:

Share

Category