swasthi.lk

swasthi.lk මේ විශ්වයේ පවතින ශක්තින් සමඟින් ඔබව ඔ?

විවාහ කිහිපයකින්ම සැනසෙන මිතුන ලග්න හිමියෝ මිථුන ලග්න හිමියෝ නිහඬ සිත් අලවන සුළු යහපත් දක්ෂ උපදේශකවරු ය. නිර්මාණශීලීය. ප...
08/02/2024

විවාහ කිහිපයකින්ම සැනසෙන මිතුන ලග්න හිමියෝ
මිථුන ලග්න හිමියෝ නිහඬ සිත් අලවන සුළු යහපත් දක්ෂ උපදේශකවරු ය. නිර්මාණශීලීය. ප්‍රේමයට අවනත වේ. අලුත් දේ ගැන සිතා වැඩ කරයි. ආලය, ආදරය, ප්‍රේමය මෙන්ම කාමයේ ද රුසියෝ ය. ප්‍රේමය නැත්නම් ඔහුගේ ජීවිතයද පාළු බව දක්වයි. ඉතාම ප්‍රඥාවන්තයි. බුද්ධිමත්ය. දක්ෂ සංගීවේදීන්, චිත්‍ර ශිල්පීන්, නාට්‍යකරුවන්, ගීත නිබන්ඳකයින්, ලේඛකයින් මෙන්ම රුව වඩන අයද වේ.

අනුන් ගැන සිතන පතන දෑ ගැන මොවුන්ට ඉවක් තිබේ. අන්‍යයන්ගේ හැසිරීම මනාව තේරුම් ගෙන වැඩ කරයි. නිතර තරුණ බවින් සිටී. හැඩකාරියන් වීමට උත්සාහ කරයි. මිථුන ලග්න හිමි අය භෞතික මෙන්ම ආධ්‍යාත්මික ලෙසද ඉතාම සුවිශේෂී තැනක සිටී. අනුන්ගේ සතුටෙන් තමාද සතුට ලබයි. විවාහ යෙදී අනෙකාගේ තෘප්තිය ගැන වැඩි වෙහෙසක් දරයි. යහපත් යුග දිවියක් ගත කිරීමට වාසනාව ඇත. නමුත් චංචල අදහස් නිසා ප්‍රශ්න ඇති කර ගනී. ජීවිතයේ මැදිවියේ විශාල ලෙස මුදල් උපයා ගනී. මිථුන ලග්න කරුවාගේ වැඩ කටයුතුවලට අනවශ්‍ය ලෙස මුදල් උපයා ගනී. මිථුන ලග්න කරුවාගේ වැඩ කටයුතුවලට අනවශ්‍ය ලෙස ඇඟිලි ගසන්නට ඒමෙන් ඔහුව හෝ ඇයව සිතෙන් වහා ඉවත් කරයි.

සත්‍යයට හිසනමයි. අහංකාර නැත. යහපත් මනාව භක්තියකින් යුක්තයි. දරුවන්ට ආදරය කරයි. කන්‍යා, තුලා, කුම්භ ලග්න හිමි අය ඔබට ගැළපේ. වෘත්තීය දෙකක හෝ වැඩි ගණනක සේවාවන්ට එක්වේ. සමහර විට කාන්තා පක්ෂය නිසා ධන හානිවේ. ආලය, ආදරය, ප්‍රේමය ගැන වඩාත් සුන්දර හැඟීම්වලට වහල් වේ. තමා ප්‍රේම කරන අයගේ රූපය සිතෙන් මවාගෙන මානසික තෘප්තියකට එළඹෙන ගතියක් ද පිහිටා තිබේ. තරම් ගුප්තයි. දුබලකම් ලෙස දැක්විය හැක්කේ පටන් ගත් වැඩ සමහර විට තේරුමක් නැතිව අතර මඟ නවතා දැමීමයි. දවසින් දවස අදහස් වහා වෙනස් කරයි. ජීවිතයේ මැදි වියේ දී තදබල ලෝභියෙක් ද වේ.

සමහර විට විවාහ කීපයක්ද ගත කරන අයකු ද විය හැක. එයට ග්‍රහ හැසිරීම මුල්වේ. ව්‍යාපාරික පැත්තට නැඹුරු වේ නම් එයින් විශාල ලෙස සම්පත් ලබාගනු ඇත. නමුත් සමහර අවස්ථාවලදී මිල මුදල් ගැන ප්‍රශ්න ඇති කර ගනී. මිථුන ලග්න හිමියා ඇසුරු කිරීමට කිසිම බියක් ඇති නොකර ගත යුතු වේ. ඔහු එතරම් මානව දයාවෙන් ක්‍රියා කරන යහපත් මනුෂ්‍යයෙක් නිසා.

ලෝ පතල අය - වික්ටෝරියා රැජිණ, ජූඩ් ගාල්ඩන්, බොබී හෝප්, ජෝන් එප් කෙනඩි, මෙලරින් මොන්රෝ (රූ රැජිණ) ඔල්වියා රෝන්වේන් මිථුන ලග්න හිමියෝ වෙති.

ස්වස්ති සමුහය විසින් සංවිධානය කරනු ලබන හින්දු දේව ඇදහිල්ල පිළිබඳ තෙදින නේවාසික වැඩමුළුව විශේෂයෙන්ම වරම් දරුවන් මූලික  කර...
07/02/2024

ස්වස්ති සමුහය විසින් සංවිධානය කරනු ලබන හින්දු දේව ඇදහිල්ල පිළිබඳ තෙදින නේවාසික වැඩමුළුව විශේෂයෙන්ම වරම් දරුවන් මූලික කරගෙන සිදුකරනු ලබන වැඩසටහනකි. මෙහි අන්තර්ගතය තුල; හින්දු දහමේ සම්භවය සහ දෙවියන් පිළිබඳ පවතින හින්දු මතවාදයන් සහ දෙවියන් අදහන ක්‍රමවේදයන් සියල්ලක් බ්‍රාක්මන න්‍යායන් යටතේ අධ්‍යනය කිරීමත්, අභිෂේක පවත්වන ආකාරය, පහන් සහ පූජවන් පවත්වන ආකාරය සිද්ධාන්ත සහිතව විෂය නිර්දේශයකට අනුව ඉගැන්වීම සහ පුහුණු කිරීම සිදුකරනු ලබයි. ඊට අදාල මන්තර සහස්ත්‍රෝත්‍ර ලබා දීම ද හින්දු සම්ප්‍රදාය සහ හෙළ සම්ප්‍රදායේ වෙනස පිළිබඳව සාකච්චා කිරීම සිදුකරනු ලබයි. සීමිත පිරිසකට පමණක් පහසුකම් ඇති බැවින් ඔබගේ පැමිණීම පහත දුරකථන අංකයට whatsapp මඟින් සනාථ කරන්න.

0767981296 සචිත් රාජපක්ෂ.

2024.01.28 දින සමුහය විසින් සංවිධානය කරන්නට යෙදුනු කතරගම වන්දනා ගමන .
31/01/2024

2024.01.28 දින සමුහය විසින් සංවිධානය කරන්නට යෙදුනු කතරගම වන්දනා ගමන .

අපි අද කතාකරන්න යන්නේ නිමිත්තක් කියන්නේ මොකද්ද කියලා. නිමිත්තක් කියන වචනයෙන්න් සාමාන්‍යයෙන්  අදහස් කරන්නේ අනාගතය පුරෝකථන...
31/01/2024

අපි අද කතාකරන්න යන්නේ නිමිත්තක් කියන්නේ මොකද්ද කියලා. නිමිත්තක් කියන වචනයෙන්න් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ අනාගතය පුරෝකථනය කරන බවට විශ්වාස කරන ලකුණක් හෝ සංසිද්ධියකි. එය බොහෝ විට ඉදිරියේදී සිදුවීමට නියමිත දේ පිළිබඳ ධනාත්මක හෝ ඍණාත්මක ඇඟවීමක් ලෙස සැලකේ. විවිධ සංස්කෘතීන් තුළ, මිනිසුන් විවිධ සිදුවීම් හෝ සිදුවීම් පෙර නිමිති ලෙස අර්ථකථනය කර ඒවාට විවිධ අර්ථයන් අනුයුක්ත දෙනවා.

අතීතයේ සිට මානව සංහතියේ දියුණුව උදෙසා මේ නිමිති බැලීම කියන එක යොදාගෙන තියනවා. විවිධ සංස්කෘතීන් තුල ඒවාට යොදාගත් මාධ්‍යයන් ගොඩක් වෙනස්. අපි දකුණු ආසියාතික රටක්, ඒ වගේම දූපතක්. නමුත් අපගේ අතීතය තුලත් ඒ පරිද්දෙන්ම මේ නිමිති ශාස්ත්‍රය පැවතුනා ඒ කරණයට බොහෝ විට ඉන්දියානු සම්භවයන් පැවතිලා තියනවා, බලපාල තියනවා. හස්ත රේඛා ශාස්ත්‍රය ජෝතිර් වේදය පමණක් නෙවෙයි තවත් බොහෝ ක්‍රම පැරැන්නන් විසින් මේ සඳහා යොදාගත් බවයි මේ පිළිබඳව විමර්ශනයේදී අපට පැහැදිලි වුණේ.

ඇත්තටම කවුද අකමැති අපේ අනාගතය පිළිබඳව දැනගැනීමක් වර්තමානයේදී උරගා බලන්න. අපි හැමෝම කැමති. පළමුව ඒ පිළිබඳව දැනගන්න අපි කුමන මාධ්‍යයක්ද තෝරාගන්නේ කියන එක ගැන දල අදහසක් තියෙන්න ඕනේ. අපි හිතමු හඳහන බළලා මේගැන අදහසක් ගන්න ඕනේ කියල. එතකොට හඳහන වෙනස් වෙන්න එහෙම නැතිනම් වරදින්න තියන ඉඩ ගැන අපි පළමුව අපේ නුවණින්ම හිතල බලන්න ඕනේ.
හඳහන පදනම් වෙන්නේ උපන් වෙලාව අනුව. උපන් වෙලාව නෙතිනම්, උපන් වෙලාව පිලිබඳ අදහසක් නැතිනම් ඇත්තම කිව්වොත් උපන් වෙලාව වැරදිනම් සමහර විට නෙවෙයි අනිවාර්යෙන්ම ඒ පුද්ගලයා පිළිබඳව හන්දහනකින් කරන්න පුළුවන් දෙයක් නැහැ. මොකද ආරම්භයම වැරදිලා නිසා. ඇරඹුමම කඳුලක් තමයි එතකොට.

හඳහන කියල කියන්නේ විශ්ව ගමන්මර්ගයේ අපි මේ භාවය ආරම්භ කරන අවස්ථාවේදී විශ්වය හිටපු තැන. එහෙමත් නැත්නම් ලොකේෂන් එක. මේ කියන කරනවා මෙන්න මේ උදාහරණයෙන් ගමු. googalmaps වලදී අපිට කොහේ හරි යන්න ඕනනම් අපිට මුලින්ම ඒ වැඩසටහනට දෙන්න වෙනවා අපි ඉන්න තැන. අන්න ඒ වගේ. ඒ කියන්නේ අපිට සාර්ථකත්වයට යන්න අවශ්‍යනම් අපි පළමුව දෙන්න ඕනේ අපි පටන්ගත්ත තැන. පටන්ගත්ත තැන හරියටම දුන්නට පස්සේ හඳහන කිය්යන යාන්ත්‍රණයට පුළුවන් ගණිතමය ක්‍රමවේදයකට අපි දැන් ඉන්න තත්වය සහ අපට අතීතයේ පහුගිය තත්වයන් වගේම අපේ අනාගතයේ ටහ්ත්වයන් කොයි වගේද කියල කියන්න. ඉතින් මිත්‍රවරුනි මේ දේට මුලින්ම බලපාන්නේ අපි උපන් වෙලාව හරියටම හරිද කියන එක තමයි.

සමහර වෙලාවල් වලට උපන් වෙලාව හරියටම හරි ගියත් හඳහන කියවන කෙනාට එක හරියට හදාගන්න බැරි වෙන්නත් පුළුවන් අන්න එහෙම වුනාමත් මේ සේරම වරදිනවා, ඒ කියන්නේ මේක ගණිතමය ක්‍රියාවලියක් නිසා මේ දේට තියෙන්න ඕනේ හසල දනුඅමක් සහ මහා අද්දැකීම් සමුහයක්. ඒ වගේම අපි දැන් භාවිත කරන ඔරලෝසු ක්‍රමවේදයට එහෙමත් නැතිනම් මාධ්‍යයට අනුගත වීමක් හඳහන් ශාස්ත්‍රය තුල දකින්න හම්ම්බෙන්නේ නැහැ. එහි තියෙන්නේ වෙනමම ක්‍රමයක්, හඬ සහ ඉර උදාව කියන දේවල් පදනම් කරගෙන. එහෙමත් නැතිනම් පෘතුවියේ බ්‍රමණය පදනම් කරගත්ත දර්ශකයක්. එතකොට වර්තමානයේ ගොඩක් කට්ට්ටිය හඳහන් විස්වාස කරන එකෙන් බැහැර වෙලා තියෙන්නේ මෙන්න මේ මද්යන් දෙකේ පවතින වෙනස්කම නිසා වර්තමාන දිනදර්ශන සහ වෙලා මාපකයන් අතීත ක්‍රමවේදයට පරිවර්තනය කරගන්න නොහැකි වීම කියන කරනවයි.
මෙන්න මේ කරන නිසා හඳහන වරදිනවා. වැරදි හන්දහනකින අනාවැකි, නිමිති කියන්නේ කොහොමද. වරද්දාගෙන තියෙන්නේ අපිමයි. අපි අපේ තොරතුරු නිසි පරිදි ගොනු නොකර අතීතයේ ඉහලින්ම භාවිත වුනු නිමිති ශාස්ත්‍රයේ හඳහනේ පරිච්චේදයට අපි දොස් කියනවා. වැරැද්ද එම ක්‍රමවේදයේ නෙවෙයි අපි ගලපගත්ත සහ ඇතුලත්කල තොරතුරුවල. එහෙනම් නැවත පාඩමකින් හෙටත් හමුවෙමු. ඔබට සුභ දවසක්.

හොඳට හොඳ, නරකට නරක, හිමින් යාලුවෙන හෙමින් තරහ වෙන වෘෂභ ලග්න හිමියෝ.  ජෝතිශ්‍ය ට අනුව පුද්ගල ගති සොභාවන් රාශි ; එහෙමත් නැ...
31/01/2024

හොඳට හොඳ, නරකට නරක, හිමින් යාලුවෙන හෙමින් තරහ වෙන වෘෂභ ලග්න හිමියෝ. ජෝතිශ්‍ය ට අනුව පුද්ගල ගති සොභාවන් රාශි ; එහෙමත් නැතිනම් ලග්න 12 ට බෙදා වෙන්වේ. එහි දෙවන රාශිය (ලග්නය) වන්නේ වෘෂභ රාශියයි. අද දිග හැරෙන්නේ වෘෂභ රාශියේ තොරතුරු සමුහයකි.

ආලයට ශෘංගාරයට අධිපති සිකුරුගේ රාශියක් වන වෘෂභය ඉතා චමත්කාර ජනකය වෘෂභයකුගේ සංකේතයක් හිමිවන නමුත් ඉතා බුද්ධිමත් අධිෂ්ඨානශීලි ස්ථිර ගතිපැවතුම් ඇති පුද්ගලයෝ මෙයින් උපත ලබති. ලෙහෙසියෙන් නොරැවටෙන එමෙන්ම සකසුරුවම් චරිතයකි. සෙනසුරු කාට වින කළත් වෘෂභ ලග්න හිමියාට නම් ඉටු ‍ෙදවියෙකි. විචිත්‍ර වර්ණ සහ දම් පැහැය වාසනාව ගෙන දේ. ආදරය හමුවේ තම සහකරු හෝ සහකාරිය වෙනුවෙන් ජීවිතය පරදුවට තබා කැපවෙයි. එහෙත් ආදරය හමුවේ අනෙකා වංචාවක් කළ හොත් පන්න පන්නා පලිගනී.

වෙහෙස නොබලා ඕනෑම කටයුත්තක යෙදීමේ හැකියාවෙන් අනූනය. ආගම ධර්මය මෙන්ම සංගීතය චිත්‍ර නැටුම් ආදී විෂයන්ට අධික ඇල්මක් දක්වයි. වෘෂභ ලග්නයෙන් ස්ත්‍රීන් මවුවත් ගුණයෙන් පිරිපුන් වන අතර ඉතා ඉක්මනින් සතුටට පත්වේ. උපන් වෘෂභ රාශිය රාශි මණ්ඩලයේ දෙවන රාශියයි. ගොනෙකුගේ ස්වරූපයට විහිදුනු තාරකා මණ්ඩලයකින් සැදුනේ වෙයි. එය ද පිටින් උදාවන ආකාරයක් පෙන්වයි. එහෙයින් පිටින් උදාවන රාශියකි. ස්ථීර රාශියකි. රාත්‍රී බල රාශියකි. ස්ත්‍රී රාශියකි . පෘථිවි රාශියකි

වෘෂභ රාශියෙහි උපන්නවුන්ගේ බෙල්ල මහත්ය. තරමක් ස්ථූල වූ ශරීරයෙකි. වැගිරෙන ස්වරූපය ඇත. සෙම් අධිකය. වෘෂභය අයිති සිකුරාටය. සිකු‍රුගේ ඇතැම් ගති ලක්ෂණ පිහිටයි.

වෘෂභ ලග්නයේ උපන් අය ශරීරය මෙහෙයවා කටයුතු කිරීමට දක්ෂ නැත. එසේ නොකරයි. සිකුරු ග්‍රහයා මෙන් විසිතුරුව ඇඳීමට පැළැදීමට ජේත්තුවට සිටීමට කැමති වේ. සැප විඳීමට ප්‍රිය වේ. එහෙත් තමන්ට කැමති දෑ ලැබෙන තෙක් එය කරගෙන යාමට දක්ෂ වේ. ඉක්මණින් නොනැමෙ‍න අදහස් ඇති වේ. යමක් හිතේ තබාගෙන සිටීමට දක්ෂය. එය වේලාවට එළියට දැමීමට ද දක්ෂය. මිල මුදල් සම්බන්ධයෙන් ඉතා සකසුරුවම් සහිතය. ඇතැම්විට ලෝභී යි කීව ද වරදක් නොවේ. එහෙත් වෛවාරණ ඇඳුම් පැළඳුම් වලට ද ගේ දොර ලස්සනට පිළියෙල කිරීමටද මල් වැවීමට ද ලෝභි නැත.

ඒ සදහා වියදම් කරයි. අනෙකුත් කටයුතුවලදී ලෝභී වෙයි. අන්‍යයන් සඳහා වියදම් කිරීමට ලෝභී වේ. පහසුවෙන් යහළුවන් ඇති කර නොගනී. තමා නොදන්නා බව පිළි නොගනී. දන්නා අයෙක් සේ කථා කරයි. ස්වභාව සෞන්ධර්යට ප්‍රිය වේ. එහෙයින් නගරබද වාසයට, ගංඟා, කඳු ගස්වැල් සහිත ප්‍රදේශවල වාසයට ප්‍රිය වේ. තම අදහස් ලෙහෙසියෙන් අත් නොහරී. නොනැමෙන සුළුය. අනුන්ගේ අදහස්වලට අනුව කටයුතු කිරීමට කැමති නැත. විරුද්ධ කාරයින් ඉදිරියේ හිස නැමීමට සූදානම් නැත. එහෙත් කවුරුත් සමඟ සිනහ මුවින් කථාකරයි. ප්‍රීතියෙන් සිටියි. සටනට එතරම් කැමැත්තක් නොදක්වයි. කාටත් කරුණාවන්තව සිත් ඇදී යන ආකාරයට කථා කරයි. මෙහි ඇති දුර්වලකම නම් ප්‍රමාණයට වඩා සැප සම්පත්වලට ගරු කිරීමත් අගය කිරිමත්.

තරමක් ලෝබී වීමෙන් අනවශ්‍ය වියදම් ඇති වීමත් ය. අනවශ්‍ය සතුරන් ඇති කර ගැනීමත්ය. මෙහිදී සෙම් රෝග පහසුවෙන් ඇති වේ. උගුරෙ වායු ගෙඩි, සෙම් ගෙඩි, නිතැතින්ම ඇති වේ. දූෂිත වීම නිසා ඇතිවන රෝග ද වෙයි. ඇතිවන රෝග බලා ප්‍රතිකාර කල යුතුය.

අපේ කව්ද අකමැති සතුටින් ඉන්න. මානව සංහතියේ සෑම ශිෂ්ටාචාරයකම එකම අරමුණ වුණේ මානව සංහතියේ තමන්ගේ කණ්ඩායමේ සතුට සහ සෞභාග්‍ය...
31/01/2024

අපේ කව්ද අකමැති සතුටින් ඉන්න. මානව සංහතියේ සෑම ශිෂ්ටාචාරයකම එකම අරමුණ වුණේ මානව සංහතියේ තමන්ගේ කණ්ඩායමේ සතුට සහ සෞභාග්‍ය සපිරි ජීවිතය. ඒ උදෙසා තමයි අපි යුද්දකලේ. ඒ උදෙසා තමයි එදා මෙදාතුර සියලුම මානව දැනුම් පද්ධතිය ගොඩ නැගෙන්නේ. පවතින සියලු විද්‍යාවන්, පවතින සියලු දැනුම් පද්ධති බිහිවෙන්නේ තමන්ගේ වර්ගයාගේ දියුණුව සහ පැවැත්ම කියන කරනවා සපුරා ගන්න.

වර්තමානය ගත්තහම වත්මන් සියලු විද්‍යාවන් සහ සියලුම දේ පවතින්නේ අපේ යහපතට සහ සතුට වෙනුවෙන් නේද? එය භාවිත කරන ක්‍රමය තීරණය කරන්නේ පුද්ගලයා සතු අද්දැකීම් සහ විෂය පිළිබඳව තියන දැනුම විතරක් නෙවෙයි ඒ පුද්ගලයාගේ අධ්‍යාත්මික ගුණවගාව සහ අධ්‍යාත්මික යහපැවැත්ම මත.

අතීතයේ පැවති සියලු යුද්ධ, අමාරු අවස්ථාවල ගන්න සිද්ධවෙච්ච බැරෑරුම් තීරණ, මේ වගේ අවස්ථාවල නිමිති ශාස්ත්‍රය ඒ ඒ ශිෂ්ටාචාරවල එක එක මාධ්‍ය තුලින් භාවිත කරන්නට යෙදුන. අද වුනත් භාවිතාකරන සමහර සමීක්ෂණ වාර්ථා පෙන්වා දෙමින් සම්භාවිතාවීය තත්වයන් විමසීම තුලින් මැතිවරණ, ජනමතය, දිනුම, පැරදුම මේ වගේ දේවල් ආර්ථික, දේශපාලනික, සමාජීය, සහ පාරිසරීක තත්වයන් තුල අනාවැකි ලබාගැනීම අයිති වෙන්නෙත් නිමිති බැලීම කියන එකට.

ඉතින් ඔබත් උත්සහ කර බලන්න. ලැබුනොත් අවස්ථාවක් ඔබගේ ජීවිතය සහ තවම සිදු නොවුණු අනාගතය පිළිබඳ නිමිත්තක් බලන්න. අපි අද දින සිට ඔබට අතීතයේ පැවති විවිධ සම්ප්‍රධායන් (යුරෝපීය හා ආසියාතික) තුල ඔබගේ ජීවිතයේ දිශානතිය සොයාගැනීමට උපකාර කරන්නෙමු.

ජෝතිශ්‍ය ට අනුව පුද්ගල ගති සොභාවන් රාශි ; එහෙමත් නැතිනම් ලග්න 12 ට බෙදා වෙන්වේ. එහි පළමු රාශිය (ලග්නය) වන්නේ මේෂ රාශියයි...
31/01/2024

ජෝතිශ්‍ය ට අනුව පුද්ගල ගති සොභාවන් රාශි ; එහෙමත් නැතිනම් ලග්න 12 ට බෙදා වෙන්වේ. එහි පළමු රාශිය (ලග්නය) වන්නේ මේෂ රාශියයි. අද දිග හැරෙන්නේ මේෂ රාශියේ තොරතුරු සමුහයකි.

මේෂ ලග්න හිමියෝ යමක් කිරීමට සිතුවොත් එය කෙසේ හෝ කරයි. උනන්දුවෙන් හා උත්සාහයෙන් යුක්තය, නිර්භීතය. තරමක් ආඩම්බරය. ඔවුන්ට උසස් අදහස් ද ඇත. ඉවසීම අඩුය. එබැවින් රණ්ඩුවලට පැටලීමට කැමතිය. කොයි දේටත් ඉක්මන් වේ. ප්‍රශංසා ලැබීමට, ප්‍රසිද්ධියට කැමැති නිසා ඕනෑම අමාරු වැඩකට වුවද ඉදිරිපත් වෙයි. පටන් ගත් වැඩක් අතරමග නතර නොකරන අතර අවසානය දක්වාම උත්සාහය අත් නොහරී.

වැඩ කටයුතු අතපසු කිරීමට අකැමැති අතර කළ යුතු දේ එවේලේම කිරීමට සිතයි. කරන කියන හැම දෙයකින්ම ජය ගැනීමට කෙසේ හෝ උත්සාහ කරයි. කිසිවෙකුට යටත් වීමට කැමැති නැති අතර, අනුන් වෙනුවෙන් කැපකිරීමටද අකැමැතිය. හැමවිටම කැපී පෙනීමට, ප්‍රමුඛස්ථානය ගැනීමට තම බලය, ශක්තිය යොදයි.

නිතරම ආහාර අවශ්‍ය අතර ශරීර ශක්තිය ගැනද සැලකිලිමත් වෙයි. බාහිර අලංකාරයට, විනෝදයට කැමැති අතර පිරිසිදුකමද අගය කරයි. කාමාශාව අධික බැවින් විවාහ සහකරුට හෝ සහකාරියට ඉතා ලැදි වේ. ඔහුගේ හෝ ඇයගේ අදහස් ගැන සැලකිලිමත් වෙයි. තමාගේ දුර්වලකම් අන්‍යයන්ට නොපෙන්වන අතර ආත්ම වර්ණතාවට කැමැති බැවින් තමාගේ ගුණ කියන්නට ඉතා ලැදිවේ. මේෂ ලග්නකරුවන් යුක්තිගරුක අය වන අතර කෙළෙහිගුණ සළකන්නෙක්ද වෙයි. ඔවුන් හැමවිටම තමා ගැන විශ්වාසය තබයි.

හිසේ අමාරු, මොළයේ ආබාධ, ලේ දෝෂයෙන් සෑදෙන සමේ රෝග, නින්ද නොයාම කැක්කුම් ගෙන දෙන රෝග පහසුවෙන් වැළඳේ.

මේෂ ලග්න හිමි කේන්ද්‍රයක ලග්නභාවයේ හෙවත් පළමු වැනි කොටුවේ රවි පිහිටීම ශරීර ශක්තිය, නිරෝගී බව, කීර්තිය උදාර සිතුවිලි ජන්මියාට ලබාදෙයි.

අප්‍රේල් හෝ මැයි මාසයේ උදෑසන උපත ලද අයෙකුට මෙම පිහිටීම ඇති වේ. සඳු ලග්නගත වී සුබ දෘෂ්ටි ලදොත් යහපත් වන අතර පාපී ග්‍රහ දෘෂ්ටි ලැබීම ඉක්මන් කෝපයට හා පහත් ක්‍රියා කිරීමට හේතු වෙයි.

කුජ ලග්නගත වීමෙන් රුචක යෝගයද යෙදී ජන්මියා ප්‍රතාපවත් අයෙකු බවට පත් වෙයි. බුද ලග්නයේ නම් ඉගෙනීමට දක්‍ෂ වන අතර පුළුල් දැනුමක් ඇති අයෙකු බවට පත් වේ. ගුරු ලග්නගත වීම මේෂ ලග්න හිමියන්ට කදිම පිහිටීමකි. එමඟින් ජන්මියා ප්‍රසන්න පෙනුමැති, ආගමට ලැදි, සමාජයෙන් ගරු බුහුමන් ලබන, හොඳ අවබෝධ ශක්තියක් ඇති, පවුලට ළැදි, උගත්, ශ්‍රේෂ්ඨ අයෙකු බවට පත් වේ.

මේෂ ලග්න හිමියන්ගේ ලග්නයේ සිකුරු පිහිටා සුබයින්ට පෙනේනම් හොඳ ආදරවන්තයකු හෝ ආදරවන්තියක මේ ලග්නගත සිකුරු නිර්මාණශීලී කලාකාමීන් බිහි කරයි.

සෙනසුරු ලග්නයේ නම් දුක දරාගෙන දියුණුවීමට පුළුවන. කේතු මේෂ ලග්නගතවීමෙන් බෝ වන රෝග, ලේ විෂවීමෙන් සෑදෙන රෝග සෑදිය හැකිය. මේෂ ලග්නයට රාහු සුබ ග්‍රාහියෙකු නොවේ.

මේෂ ලග්නයේ සංකේතය එළුවෙකුගේ රූපයයි. මධ්‍යම ප්‍රමාණයේ සිරුරක්ද හතරැස් මුහුණක්ද ඇති මේෂ ලග්න හිමියෝ බොහෝ දුරට නිරෝගීමත්ය, මඳක් ඉදිරියට නැමී ගමන් කරයි. මේෂ ලග්නය පුරුෂ රාශියක්ද, තේජෝ රාශියක්ද, උත්තර රාශියක්ද, වඳ රාශියක්ද, දිවා - රාත්‍රී සම රාශියක්ද චර රාශියක්ද වේ.

සියල්ලම සැලසුමකට අනුව සිද්දවෙන දේවල්. සමහර වෙලාවට අපි හිතනවා හැමදෙයක්ම අපේ පාලනයේ තියෙන්නේ කියල. නමුත් ක්‍රමිකව විශ්වය ප...
31/01/2024

සියල්ලම සැලසුමකට අනුව සිද්දවෙන දේවල්. සමහර වෙලාවට අපි හිතනවා හැමදෙයක්ම අපේ පාලනයේ තියෙන්නේ කියල. නමුත් ක්‍රමිකව විශ්වය පිළිබඳව දල අදහසක් හරි ලැබුනහම අපි ඒ තුල මොනතරම් පුංචි පිරිසක්ද කියල තේරෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. කොහොම හරි කරනවා, මොනවා හරි කරනවා කියල අපේ තරුණයන් තරුණියන් දඟලන දැඟලිල්ල ඒ කාටවත් සාර්ථකත්වය ලැබිල නැහැ. අපිට හොයාගන්න පුලුවන්නම් විශ්වය තුල අප පිළිබඳව පවතින සැලැස්ම, අපිට යන්න තියන පාර, හරි වටිනවානේද?. ගමනක් යනකොට googalmaps පාවිචිකරනවා වගේ වැඩක් තමයි ජන්මපත්‍රය පිළිබඳ අවධානය යොමු කිරීම. "ස්වස්ති ලයිෆ්" අපි දශකයකට ආසන්න කාලයක සිට ඔබට එම සේවාව විශ්වාසයෙන් ලබාදෙන සමුහයක්. ආරාධනා කරනවා ඔබට; ඔබ උදෙසාම පවතින විශ්වීය සැලැස්ම අප සමඟින් පරික්ෂා කරගෙන ජීවිතේ සාර්ථක කරවගන්න.

රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහැර මංගල්‍ය 2023
30/06/2023

රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහැර මංගල්‍ය 2023

Address

Sri Abhinawaramaya, Mohottiwaththa
Balapitiya
80550

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30
Saturday 08:30 - 16:30
Sunday 09:00 - 16:30

Telephone

+94771883829

Alerts

Be the first to know and let us send you an email when swasthi.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to swasthi.lk:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

ස්වස්ති

අපිරිමිත විශ්වයේ විශ්ව ශක්තිය සමඟින්ද , අප අවට ඇති අපගේම මානසික ශක්තින් මත පදනම්ව ප්‍රේමය සහ ආලෝකය, දැනුම සහ දෘශ්‍ය සුන්දරත්වය පැතිරවීමෙන්…ඔබ ඔබේම ජීවන මාවත ඔස්සේ ගමන් කරන විට විඥානය ඉහළ නැංවීම, ආදරය, දයානුකම්පාව සහ දැනුවත්භාවය සමඟ ඔබව පෙලඹවීමයි….

ස්වස්ති යනු අප කවුරුන්ද යන්න මතක තබා ගැනීමයි ...

මා සමඟ ගැඹුරින් අනුනාද වන ආනුභාව ලත් ලිපි සහ උපුටා දැක්වීම්, විශේෂයෙන් සබඳතා, ආදරය සහ පරිශුද්ධ සම්බන්ධතා / මානසික ශක්තින් අවදි කරගැනීම / පුද්ගලයන් සමඟින් අප දක්වන සම්බන්ධතාවන් සමඟින් ඇතිවන මානසික ශක්තින් ප්‍රසාරණය කරගැනීම / ලිංගික ශක්තිය තුල පවා සමබර වීමයි..

"අපගේ සමීප සම්බන්ධතාවය ... එක් මිනිසෙකු තවත් අයෙකු සමඟ සම්බන්ධ කිරීම ... චිත්තවේගීය හා අධ්‍යාත්මික වර්ධන ජීවිතය සඳහා අපට ඇති හොඳම වාහනයයි. එහි කබොල්ල තුළ සෑම පැරණි තුවාලයක්ම නැවත සලකා බලනු ලැබේ, සුවපත්කරනු ලැබෙයි, සෑම නිශ්චිතභාවයක්ම අභියෝගයට ලක් වේ, සෑම හොඳ ගුණාංගයක්ම අපගේ පැවැත්මට අපගේ සීමාවන් ඉක්මවා ව්‍යාප්ත වීමට බල කෙරී ඇත. අපි එය නිවැරදිව කළහොත්, අපි අනිවාර්යයෙන්ම වඩා ආදරණීය හා බුද්ධිමත් මනුෂ්‍යයන් බවට පරිවර්තනය වෙමු. ඒ උතුම් තත්වයට සන්තෝෂය පෙරදැරිකරගෙන ඔබව පෙළඹවීම අපගේ ගමන්මයි.