සුවායු - Suwaayu Medi Care

සුවායු - Suwaayu Medi Care �සුවපත් දිවියකට�
Ayurveda & Traditional Medicine for better life

චිකුන්ගුන්යා යනු වෛරස් ආසාදනයකින් ඇතිවන රෝගයකි. මෙහිදී ඩෙංගු උණට සමාන රෝග ලක්ෂණ ඇතිවේ. මෙහිදී හන්දිපත්වල දීර්ඝ කාලයක් කල...
24/06/2025

චිකුන්ගුන්යා යනු වෛරස් ආසාදනයකින් ඇතිවන රෝගයකි. මෙහිදී ඩෙංගු උණට සමාන රෝග ලක්ෂණ ඇතිවේ. මෙහිදී හන්දිපත්වල දීර්ඝ කාලයක් කල්පවත්නා ලෙස වේදනාවක් හටගනී. රෝගයේ මුල් අවස්ථාවලදී හටගන්නා උණ දින දෙකේ සිට පහ දක්වා කල්පවතී. නමුත් උණත් සමග ඇතිවෙන හන්දිපත් වේදනාව සති ගණනක් හෝ මාස ගණනක් පැවතිය හැකිය.

රෝග කාරකයන් ශරීරයට ඇතුළු වු අවස්ථාවේ සිට රෝග ලක්ෂණ ඇතිවීම සඳහා ගතවන කාලය (බිජෞෂණ සමය) දින දෙකක් හෝ හතරක් වේ. සෙල්සියස් අංශක 39 දක්වා වුවද ඇතිවිය හැකි උණ (පැරන්හයිට් අංශක 102.2) සිරුරේ කඳ කොටසෙහි හෝ ඇතැම් විට අත්පා වල ඇතිවන ලේ පැහැති පැල්ලම්, හන්දි කිහිපයක ඇතිවන හන්දිරුදාව හෝ හන්දියක් ආසාදනය වීම මෙහි රෝග ලක්ෂණ වේ. හිසරදය, ඇස්වල ඇතිවන රතුපැහැති බව සහ ආලෝකය දෙස බැලීමෙදී ඇස්වල ඇතිවන වේදනාව අනෙකුත් සුළු රෝග ලක්ෂණවේ. සාමාන්‍යයෙන් උණ දින දෙකක් පමණ කල්පවත්නා අතර ඉන්පසුව ක්ෂණිකවම සුව අතට පත්වේ. නමුත් හන්දිපත් කැක්කුම, තදබල හිසරදය, නින්ද නොයාම සහ සිරුරේ ඇතිවන අනිකුත් අපහසුතාවයන් දින පහක් හෝ හතක් වැනි කාලයක් පවතී. රෝගියාගේ වයස අනුව ඔහුගේ හෝ ඇයට හන්දිපත් රුදාව ඇතිවන කාල සීමාව විවිධ වේ.

ඔබත් චිකුන්ගුන්‍යා රෝග ලක්ෂණවලින් පීඩා විඳිනවාද...

ඒ සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර පවතින බව ඔබ දන්නවා ද...

ආයුර්වේද ප්‍රතිකාර සඳහා විමසීම් - 0715831841

📌️Location
https://maps.app.goo.gl/CSLDbUhunBGrbdmT9

🍀වේලාවක් වෙන්කර පැමිණීම අත්‍යාවශ්‍ය වේ

🍀වේලාව වෙන්කර ගැනීමට watsap පණිවිඩයක් යොමුකරන්න

Kati wasthi ( කටී වස්ති ) treatment for back pain📌️Locationhttps://maps.app.goo.gl/CSLDbUhunBGrbdmT9🍀වේලාවක් වෙන්කර පැමි...
22/06/2025

Kati wasthi ( කටී වස්ති ) treatment for back pain

📌️Location
https://maps.app.goo.gl/CSLDbUhunBGrbdmT9

🍀වේලාවක් වෙන්කර පැමිණීම අත්‍යාවශ්‍ය වේ

🍀වේලාව වෙන්කර ගැනීමට watsap පණිවිඩයක් යොමුකරන්න 0715831841

Distal radius fracture
21/05/2025

Distal radius fracture

02/05/2025

Treatment for calcaneal spur

📌️Location
https://maps.app.goo.gl/CSLDbUhunBGrbdmT9

🍀වේලාවක් වෙන්කර පැමිණීම අත්‍යාවශ්‍ය වේ

🍀වේලාව වෙන්කර ගැනීමට watsap පණිවිඩයක් යොමුකරන්න 0715831841

Unexpected gift from a patient.. Thank u very much.. 😍😍We always wish your health 🙏💖
26/04/2025

Unexpected gift from a patient.. Thank u very much.. 😍😍
We always wish your health 🙏💖

ලබන්නා වූ නව වසර සියලු දෙනාටම සාමය සතුට සපිරි සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවන සුභ ම සුභ නව වසරක් වේවා!!! 🙏❤️සුවායු අපේ පැතු...
13/04/2025

ලබන්නා වූ නව වසර සියලු දෙනාටම සාමය සතුට සපිරි සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවන සුභ ම සුභ නව වසරක් වේවා!!! 🙏❤️
සුවායු අපේ පැතුමයි....
හිතායු සුඛායු දීඝායු....

A patient express his happiness of healing.. Thank u very much..We always wish your recovery and good health..හිතායු සුඛ...
05/03/2025

A patient express his happiness of healing.. Thank u very much..

We always wish your recovery and good health..

හිතායු සුඛායු දීඝායු 🙏💖

05/11/2024
දියවැඩියාව තුරන් කරමු
05/11/2024

දියවැඩියාව තුරන් කරමු

⛑️  පුළුවන් නම් මේක ඉවර වෙනකන් කම්මැලි කම අත් ඇරල කියවන්න බලන්න මොකද මේක ඔයාලගෙ ජීවිතය වගේම තම ආදරණීයන්ගෙ ජීවිතය බේරා ගැ...
28/10/2024

⛑️ පුළුවන් නම් මේක ඉවර වෙනකන් කම්මැලි කම අත් ඇරල කියවන්න බලන්න මොකද මේක ඔයාලගෙ ජීවිතය වගේම තම ආදරණීයන්ගෙ ජීවිතය බේරා ගැනීමට මනා පිටුවහලක් වේවී...

💥 අපේ ශරීරයට නොගැලපෙන දෙයක් අපේ ශරීරය ඇතුලට ආවම එක්කො ඒක බැක්ටීරියාවක් ..කෙමිකල් එකක්..දිලීරයක් ..නොගැලපෙන ප්‍රෝටීන් එකක්..අාහාරයක් ..කඩියෙක්..කුහුඹුවෙක්..මීමැස්සෙක්..බඹරෙක්..ආදී වශයෙන් ඕනම දෙයක් වෙන්න පුළුවන් ..ඉතින් මේ දෙයක් අපේ ශරීරය ඇතුලට ආවම අපේ ඇගේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිසා අපේ ශරීරය විසින්ම හදාගන්නව Antibodies කියල ජාතියක් ( ප්‍රතිදේහ ) ඉතින් මෙහෙම හදාගන්න ප්‍රතිදේහ වර්ග පහක් විතර තියෙනව අපේ ශරීරයේ ...මේ ඇන්ටි බොඩි වලට කියන තව නමක් තමයි immunoglobullin ( Ig ) ...

💥 ඉතින් සමහර කෙමිකල් ඇගට වැටුනම අපේ ශරීරයේ හැදෙනව Ig ජාතියක් ඒකට කියන්නෙ IgE කියල ඒක ඉතින් වෙරි හාම්පුල් ඇන්ටි බොඩි එකක් කරුමෙට හැදෙන අපිට විරුද්ධ ඇන්ටි බොඩි එකක් ..

💥 ඉතින් අපි හිතමු අපි බීව penicillin කියල බෙහෙතක් හරි ඒ සිලීන් කාන්ඩයේ බෙහෙතක් හරි කියල...මම ඉහත කියපු ඕනම දෙයක් නිසා කෙමිකල් එකක් හරි Toxic දුලක දෙයක් හරි අපි බීව හරි ඉන්ජෙක් කලා හරි ඇගට ඇතුල් උනා හරි කියල හිතන්න අන්න එතකොට අපේ ශරීරයේ ඒකට විරුද්ධව හැදෙනව IgE කියන ඇන්ටිබොඩි එක අන්න ඒ ඇන්ටි බොඩි එක ගිහිල්ලා බැදෙනව අපේ ශරීරයේ තියෙන mast cells වල....

💥 ඔන්න පලමු වතාවට අපිට දෙනව penicillin හරි ඒ කාණ්ඩයේ එකක් හරි මොකක් හරි ..එක්කො කඩියෙක් හරි මොකෙක් හරි කනව පලමු වතාවට ආහාරයක් හරි ...ඉතින් ඔන්න ඔය දෙයක් අපේ ඇගට දීල හෝ කාල ඇතුල් උනාම IgE කියන ඇන්ටි බොඩි එක නිශ්පාදනය වෙලා අර mast cells වල බැදිල බලන් ඉන්නව ....ඉතින් පළමු සැරේ මෙහෙම බෙහෙතක්වත් මොකක්වත් ඇතුල් උනා කියල ප්‍රශ්නයක් නෑ මුකුත්ම හානියක් නෑ ඒ කෙනාට....

💥 ඔන්න දෙවන සැරෙත් අපිට දෙනව penicillin කියල ඖෂධය හරි ඒ කාණ්ඩයේ එකක් හරි සතෙක් කාල හරි ඉහත කියපු ඔනම එකක් හරි දීල හෝ කාල ඇතුල් වෙනව...ඔන්න ඔතනදි ඒවට විරුද්ධව අපේ ශරීරයේ හැදිල තිබුන IgE කියන Antibody එක ඇවිල්ල ඇටෑක් කරගන්නව මොකද ශරීරය හිතන්නෙ මේක ශරීරයට නුසුදුසු දෙයක් ඒක විනාස කරල දාන්න ඕන කියල ඔන්න ඔය Antibody antigen reaction එකේ ප්‍රතිපලයක් විදිහට අර මම කියපු mast cells වලින් IgE ගැලවිලා යනකොට mast cells වලින් පිටකරන්න ගන්නව ....කෙමිකල් class වගයක්
එකක් තමයි Leukotriene අනෙක් දෙක Histamine සහ Heparin ......

💥 ඉතින් මේ පිට කරන කෙමිකල් class වල Amount එක අනුව ශරීරයේ එක එක කන්ඩිෂන් එනව ..අපි හිතමු Leukotrine වැඩි ප්‍රමාණයක් පිට උනා කියල අන්න එතකොට අපිට එනව Respiratory track එකේ defect ඒ කියන්නෙ ශ්වසන පද්ධතියේ ආබාධ ..එතකොට ඔන්න ටිකක් Asthma වගේ ඇවිල්ල ටිකක් හුස්ම ලග ලග වැටෙන්න ගන්නව..අපි හිතමු Histamine චුට්ටක් රිලීස් උනා කියල අන්න එත⁣කොට හොටු දියර ගලන්න ගන්නව..තොල් ඉදිමෙනව..කිවිසුම් යනව..ඇග රස්නෙයි වගේ දැනෙනව චුටි චුටි රතු ලප දානව කසන්න පටන් ගන්නව තොල් ඉදිමෙනව ඇස් ඉදිමෙනව ඔන්න එතකොට අපි කියනව ඇලජික් එකක් වෙලා කියල සාමාන්‍යයෙන් ඉතින් මේක මැනේජ් කර ගන්න පුළුවන් තත්වයක් ගොඩක් දුරට ඒකට ගොඩක් දෙනෙක් ඔය හිස්ටමීන් ස්‍රාවය නවත්තල දාන්න තමයි Anti histamine drgs කාණ්ඩයට වැටෙන piriton ..citirazen ..වගේ ඖෂධ පාවිච්චි කරන්නෙ ඒක හොද ක්‍රියාවක් යම් කිසි දුරකට මේ තත්වය මැනේජ් කර ගන්න පුළුවන් වෛද්‍ය වරයෙකුට පෙන්වනකන් හරි නමුත් හිතන්න...

💥 Histamine large amount එකක් blood වලට එකතු උනා කියල අන්න එතනයි තියෙන ලොකුම බයානක කම ..මොකද අර ඉහත කියපු ලක්ෂණ පොඩියට ආවට සමහර වෙලාවට අපිට ඒ වෙලාව කියන්න බෑ වැඩි ප්‍රතිශතයකින් හිස්ටමීන් වැඩි ප්‍රමාණයක් රුධිර සංසරණ පද්දතියට එකතු උනොත් ඒකෙ ප්‍රතිපලයක් විදිහට blood vessels dilate වෙන්න ගන්නව ඒ කියන්නෙ රුධිර නාල එක පාරටම තියෙන ගානට වැඩිය විස්තාරනය වෙන්න ගන්නව...සාමාන්‍යයෙන් අපේ ශරීරයේ රුධිර නාල වල තියෙන සාමාන්‍ය විස්තාරනය අනුව blood pressure බැලුවම සාමාන්‍ය අගයක් ගන්නව ..නමුත් මේව විස්තාරනය වෙච්චි ගමන් ඇග පුරා තියෙන රුධිරය අර රුධිර නාල වල පිරෙනව එතකොට ඉතින් හාට් එකට රුධිරය නෑ එතකොට මොකද වෙන්නෙ blood Pressure හොක් ගාල drop වෙනව ඒ කියන්නෙ රුධිර පීඩනය ක්‍රමයෙන් සෑහෙන්න අඩු වෙනව....රුධිර පීඩනය අඩුවෙනකොට මොලේට රුධිර සැපයුම නවතිනව ඒ වගේම තමයි..ඉතින් මේ දේ මුලු ශරීරයටම within seconds වෙනව ...

💥 දෙවන එක තමයි මේ Histamine කියන Chemical class එක large amount එකකින් release වෙනකොට bronchi එක narrow වෙනව ඒ කියන්නෙ අපි මේ හුස්ම ගන්න හුස්ම බටේ ඇතුලතින් ඉදිමිලා සිදුර හොදටම කුඩා වෙනව...එතකොට ඉතින් හුස්ම ගන්නත් බෑ ලේ වලට ඔක්සිජන් දෙන්නත් බෑ මොලේට රුධිරය ගෙනියන්නත් බෑ සියලුම තැන්වලට මේ හේතුව නිසා ඔක්සිජනුත් නෑ...මේන්න මේ හේතුව නිසා රෝගියා within second මැරෙන්න පුළුවන් ..නැත්නම් සිහිය නැතිව බිමට ඇදගෙන වැටෙන්න පුළුවන් සමහර අය දැකපු අය ඇති මේ ඇලජික් වෙලා මේ හොදට ඉන්න කෙනා ඊලග මොාහාතේ බලන් ඉද්දි bad වෙනව මැරෙනව.....ඇලජික් එකක් මෙන්න මේ කන්ඩිෂන් එකට ආවට පස්සේ තමයි අපි කියන්නෙ Anaphylaxis shock එකක් කියල....මේක ඉතාමත් භයානක තත්වයක් වගේම medical emergency එකක් ⛑️

💥 ඒකයි බොහෝ දුරට ගොඩක් රට වල කඩියෙක් කුහුඹුවෙක් කෑවත් ⁣මැ⁣රෙන්න අමාරු වෙන ලමයින්ට පවා ලග තියාගන්න පෑනක් වගේ උපකරණයකට ඇඩ්‍රනලීන් කියන අපේ ඇගේ හැදෙන ස්වාභාවික හෝමෝනය බෙහෙතක් විදිහට තමාටම ශරීරයේ කොහේ හෝ මසල් එකකට විද ගන්න ලගට දීල තියෙන්නෙ...

💥😭 විශ්වාස කරන්න ලංකාවේ Government hospital වල විතරක් මාසෙකට දස දෙනෙක් විතර මිය යනව මේ හේතුව නිසා medical staff එක උනත් සෑහෙන්න ට්‍රයි කරනවලු මේ ගාන අඩු කරගන්න නමුත් ඒක හරි අමාරු කන්ඩිෂන් එකක් . මොකද අපිට කියන්න බෑ කාට මොකක් කොයි මොහොතේ ඇලජික් වෙයිද කියල මොකද අද ඇලජික් නොවුනු දේ හෙට වෙන්න පුළුවන් .

💥 උදාහරණයකට බලන්න ලංකාවේ හිටපු ස්‍රප්‍රසිද්ධ ගායිකාවක් වන මාලනී බුලත්සිංහල එයා ලංකාවේ අවුරුදු ගානක් පාවිච්චි කරපු Hiar ඩයි එක ඇමරකාවෙ ගිහිල්ලා එක දවසයි ගෑවෙ ඇලජික් උනා හරි හැටි මැනේජ් කර ගන්න බැරි උනා සුලු වෙලාවයි ප්‍රමාද උනේ ජීවිතේ පවා අහිමි උනා...

💥 .හරිම අවදානයෙන් පලපුරුදු දක්ෂ මෙඩිකල් ස්ටාෆ් එකක් හිටියොත් සහ ගෙදර අයගෙ මනා දැනුම මත හරි විදිහට ඉක්මනින්ම රෝහලට ගෙන ආවොත් මේ ප්‍රතිශතය ටිකක් හරි අඩු කරගන්න පුළුවන් ...මොකද සමහර වෙලාවට බෙහෙත් වලට පවා අහන්නෙ නැති වෙලාවල් එනව..😪 දෙන බෙහෙත් පවා ස්ටාෆ් එකේ පැණික් එකට හරහට හිටිනව

💥 ලංකාවේ 2010 දි ලමයි පස්දෙ⁣නෙක් මැරිල තියෙනව කඩියො කාලම ...ගිය අවුද්දෙ බෙහෙත් විස වෙලා සෑහෙන්න මැරුනා තරුණ මහලු ලමයි මේ කන්ඩිෂන් එක නිසා...මම දැක්ක මේ ඊයේ පෙරේදත් පොඩි දරුවෙක් නැති වෙලා තියෙනව...😪

💥 ඔය ගොඩක්ම ඇලජික් රී ඇක්ෂන් එන්න පුළුවන් පෙනිසිලීන් කියන ඖෂධ කාණ්ඩ වලින් ඒව ගොඩක් ඇන්ටිබයටික්..ඒක නිසා වදින්නම් ඔයාල කරන ලොකුම වැරැද්දක් තමයි හිතුමතේ මේව දරුවන්ට අරන් දෙනව ෆාමසි වලින් ඒ වගේම තමන්ට දුන්න බෙහෙත අනෙකට දෙනව අල්ලපු ගෙදර කෙනාට දෙනව...අඩුම මේකෙ බයානක කම දන්න කෙනා තව කෙනෙකුට පැනඩෝල් පෙත්තක් දෙන්න ඉස්සර වෙලා අහනව ඔයාට මීට ඉස්සර වෙලා මොනාටම හරි ඇලජික් වෙලා තියෙනවද කියල ...පුළුවන් තරම් වෛද්‍ය වරයෙකුගේ අනු දැනුම පරිදි බෙහෙත් ගන්න බලන්න .....ඒ වගේම තමයි තමන්ට කෑමකට හෝ ඖෂධයකට ඇලජික් එකක් තියෙනවනම් වහාම එය හංගගෙන ඉන්නෙ නැතිව වෛද්‍ය වරයට පවසන්න...පුළුවන් නම් ඒව ඩොකියුමන්ට වල තියා ගන්න අතක වලල්ලක හෝ ගසාගෙන තියා ගන්න ඒක තමන්ගේ ජීවිතයේ ආරක්ෂාව වෙනුවෙන් ඉතාමත් වැදගත්......පුළුවන් නම් සෑම ගෙදරකම පාහේ පිරිටන් පෙති කිහිපයක් citizen පෙති කිහිපයක් තියා ගන්න මොකද සමහර වෙලාවට ඒක ඇති වෛද්‍ය වරයෙක් ගාවට යනකන් හරි ජීවිතය ආරක්ෂා කර ගන්න ...

💥 ඇති නේ දිග වැඩියි කියවයිද දන්නෙත් නෑ...සැහෙන්න මහන්සියි ටයිප් කරලම..⁣ඔයාලට මේක සරලව කියල දුන්නට කවදාකවත් මේකෙ භයානක කම දකින්නෙ නෑ ඒකයි මෙහෙම විස්තර කරල විද්‍යාත්මකව පැහැදිලි කරල දෙන්න උත්සහ කලේ......

💥 ඔය ඔයාල දකින දකින වල් පල් හැම එකක්ම shear කරන එකේ මේ වගේ මිනිහෙකුගෙ ජීවිතයක් බේරගන්න පුළුවන් දෙයක් දැනගන්න සලස්වන්න....ඒක මට වගේම ඔයාලටත් ලොකු පිනක් වේවි නැත්නම් තමන් විතරක් බලල අනිකට හෙන ගැහුවත් කමක් නෑ මම දැනුවත් උනානේ මතේ ඉන්න එපා...

💥 මම හිතන්නෙ නෑ මෙච්චර ගැඹුරින් ඔයාලට වෛද්‍ය වරයෙක්වත් හෙද හෙදියක්වත් වෙන කවුරුත් මීට ඉස්සර වෙලා මේ විදිහට පැහැදිලි කරල දීල ඇති කියල ඒකෙන් උපරිමය ප්‍රයෝජනය ගන්න බලන්න තව අය දැනුවත් කරන්න එතකොට හැකි වේවී අපිට මේ මරණ සංබ්‍යාව තව දුරට යම් කිසි මට්ටමකට හරි අඩු කරන්න .......මේ සදහ වෛද්‍ය වරුන් විසින් කරන ප්‍රතිකාර ක්‍රම මොනවාද ඒ වෙලාවට ගන්න ක්‍රියාමාර්ග මොනාද කියල දැන ගන්න ඕනනම් නැවත ලිපියකින් දැනුවත් කරන්නම්.....

✍️ සේනක නලින්

ක්ෂණික නූඩ්ල්ස් ගැන ඔබ නොදත් දේ........ක්ෂණික නූඩ්ල්ස් කියන්නේ අපි හැමෝම ගොඩක් ආසාවෙන් කන්න කැමති දෙයක්. විශේෂයෙන්ම කුඩා...
06/10/2024

ක්ෂණික නූඩ්ල්ස් ගැන ඔබ නොදත් දේ........

ක්ෂණික නූඩ්ල්ස් කියන්නේ අපි හැමෝම ගොඩක් ආසාවෙන් කන්න කැමති දෙයක්. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ ප්‍රධාන ආහාරයක් බවටත් අද වෙනකොට මේ ක්ෂණික නූඩ්ල්ස් පත්වෙලා ඉවරයි. විවිධ රස වලින් වෙළදපොළේ තියන මෙම ක්ෂණික නූඩ්ල්ස් වලට කුඩා දරුවන් වගේම කාර්ය බහුල වැඩිහිටියනුත් ගොඩදෙනෙක් අද වෙනකොට ඇබ්බැහි වෙලා ඉවරයි. අද මම කියන්න හදන්නේ ක්ෂණික නූඩ්ල්ස් වල ගොඩාක් අය නොදැකපු පැත්තක් ගැන.

සාමාන්‍ය නූඩ්ල්ස් වලින් ක්ෂණික නූඩ්ල්ස් වෙනස් වන ප්‍රධාන සාධකය තමයි ඒවාගෙ අඩංගු වෙන රස කාරක පැකට්. ක්ෂණික නූඩ්ල්ස්වල රස කාරක පැකට් 2ක් හෝ කිහිපයක් අඩංගුවෙනවා. ක්ෂණික නූඩ්ල්ස් වල අලුත්ම සාමාජිකයා තමා කප් නූඩ්ල්ස් කියන්නේ. කාර්ය බහුල ගෘහණියන් බොහෝ වෙලාවට කුඩා පාසල් දරුවගේ කෑම පෙට්ටියට පිසින ලද ක්ෂණික නූඩ්ල්ස් පැකට් එකක් දාන්න පුරුදු වෙලා තියෙනනේ උදේට ගෘහණියන්ගේ කාර්යබහුලත්වය නිසා වගේම කුඩා ලමුන් ක්ෂණික නූඩ්ල්ස් වලට දක්වන දැඩි කැමත්ත නිසා.

ක්ෂණික නූඩ්ල්ස් මේ තරමටම අපේ ජීවිත වලට සමීප වුන නිසා නොදැනුවත්වම අපිට සමීප වුන නරක ප්‍රතිඵලත් එමටයි. අද වෙනකොට විවිධ රට වල සිදුකල පර්යේෂණ වලින් අපි මේතරම් සමීප කරගත්ත ක්ෂණික නූඩ්ල්ස් අපිට කොච්චර කරදර ගේනවද කියල ඔප්පු කරල තියනවා. පෝෂණවේදීන් ක්ෂණික නූඩ්ල්ස් හදුන්වන්නේ බාල තත්වයේ ආහාරයක් ( junk food ) විදිහට. ඒකට හේතුව ක්ෂණික නූඩ්ල්ස් වල තියන අධික පිටි ගතිය , ලුණු ගතිය , තෙල් ගතිය සහ විවිධ ආකලන වර්ග ( additives ).
අපි ගන්න ක්ෂණික නූඩ්ල්ස් වලට අම්ල යාමක ( acid regulators) , රස උත්දීපක ( flavor enhances) , ආහාර පරිරක්ෂක ( preservatives) , ප්‍රති කැටිකාරක (anticaking agents) වැනි කෘතිම ආකලන එකතුකරනවා. මෙම ආකලන බොහෝමයක සෝඩියම් අඩංගුවෙනවා. ලංකාවේ වැඩිහිටි පුද්ගලයෙකුට දිනකට ගතහැකි උපරිම සෝඩියම් ප්‍රමාණය 2000 mg ( එක තේ හැන්දක්) වුනාට සමහර ක්ෂණික නූඩ්ල්ස් එක පැකට් එකක සෝඩියම් 2000 mg ට වඩා තියෙනවා. කප් නූඩ්ල්ස් වල තියන සුප් ගතිය නිසා ඒවගේ තියන සෝඩියම් ප්‍රමාණය නූඩ්ල්ස් පැකට් වල තියන ප්‍රමාණයට වඩා වැඩියි. මේ විදිහට අධික ලෙස සෝඩියම් පරිභෝජනය කලාම අධි රෑධිර පීඩනය , ආඝාතය , වකුගඩු නරක් වීම සහ පිලිකා වගේ දරැණු රෝගවලට තියන අවදානම වැඩිවෙනවා. විශේෂයෙන්ම වකුගඩු වර්ධනය වෙම්න් පවතින අවධියේ ඉන්න කුඩා ලමයින්ට වකුගඩු රෝග වැළදෙන්න ලොකුම හේතුවක් තමා මේ ක්ෂණික නූඩ්ල්ස්.

ක්ෂණික නූඩ්ල්ස් වල රැලි එකිනෙක ඇලෙන එක වැලක්වීමට වැක්ස් වර්ගයක් භාවිතාකරනවා. ඒ වැක්ස් තමා ක්ෂණික නූඩ්ල්ස් වලට උණු වතුර දැම්මාම තෙල් තට්ටුවක් පාවෙනවා වගේ අපිට පේන්නේ .ඒ වැක්ස් වර්ග ක්ෂණික නූඩ්ල්ස් හදනකොට උණු වතුර දැම්මාම උණු වතුරේ දියවෙලා අපේ ශරීරයට උරාගැනීමට ලේසි තත්වයකට පත්වෙනවා.මෙම වැක්ස් වර්ග අපේ ශරීරයට උරාගෙන අක්මාව සහ වකුගඩු වල තැන්පත්වෙලා එම අවයව වලට හානි කරනවා.

ක්ෂණික නූඩ්ල්ස්වල රස වැඩි කරන්න මෙනොසෝඩියම් ග්ලූටාමේට් ( monosodium glutamate ) නැතහොත් MSG බහුලව භාවිතාකරනවා. MSG වලින් කුකුලු මස් රස නූඩ්ල්ස් වල රස වඩා කුකුලු මස් රස කරනවා. ඉස්සෝ රස ක්ෂණික නූඩ්ල්ස්වල රස වඩා ඉස්සෝ රස කරනවා. ආහාර වලින් දීර්ඝකාලීනව MSG ශරීරයට ලැබුනාම විවිධ ආසාද්මිකතා වලට , පපුව දැවිල්ලට , හිසරදය සෑදීමට , මතක ශක්තිය අඩුවෙන්න වගේම ක්ෂණික නූඩ්ල්ස් කෑවට පස්සේ අධික පිපාසයටත් හේතු වෙනවා. ලංකාවේ දැනට තියන නීතියට අනුව අවුරුදු 3ට අඩු ලමයි වෙනුවෙන් සකස් කරලතියන ආහාර වලට MSG දානඑක තහනම්. ඒතරම් MSG දරුවන්ට අහිතකර වුනාට ලංකාවේ ගොඩක් අම්මලා තමන්ගේ දරුවට අවුරුද්දක් සම්පූර්ණ වුනගමන් ක්ෂණික නූඩ්ල්ස් කවනවා. ඒවගේම ලංකාවේ නීතිය අනුව වියලි නූඩ්ල්ස්වලට MSG දානඑක තහනම්. ඒ හින්ද තමයි නූඩ්ල්ස් පැකට් ඇතුලේ වෙනමම තියන රසකාරක පැකට් එකේ MSG අඩංගුවෙන්නේ.

කප් නූඩ්ල්ස් සෑදීමේදී උණු ජලය ප්ලාස්ටික් භාජනයට දැම්මහම ඒ තුනී ප්ලාස්ටික් භාජනයේ අඩංගු පිලිකා කාරක සංඝටක උණු ජලයේ දියවෙලා නූඩ්ල්ස්වලට මිශ්‍ර වෙනව කියල නිරීක්ෂණය කරල තියනවා. එම පිළිකා කාරක නිසා විශේෂයෙන්ම ආහාර ජීරණ පද්ධතිය අශ්‍රිතව පිළිකා ඇතිවීමේ අවධානම වැඩිවෙනවා. ආසියාවේ රටවල්වල ක්ෂණික නූඩ්ල්ස් පරිභෝජනය ගොඩක් වැඩී. ඒක නිසා ක්ෂණික නූඩ්ල්ස්වල අහිතකර බලපෑමත් අපේ රටවල්වලට ගොඩක් වැඩී. ඒවගේම ක්ෂණික නූඩ්ල්ස්වල අහිතකර බලපෑම් වැඩිපුරම එල්ලවෙන්නේ කාන්තාවන්ට කියලත් විද්‍යාඥයින් සොයාගෙන තියනවා. ඔවුන් කියන විදිහට සතියකට දෙපාරක් හෝ ඊට වැඩි වාර ගානක් ක්ෂණික නූඩ්ල්ස් ආහාරයට ගැනීම හෘද රෝග සහ පිළිකා සදහා අවධානම් සාධකයක්.

ක්ෂණික නූඩ්ල්ස්වල තියන තෙල් දීර්ඝ කාලයක් නරක් නොවි තියාගන්න එම තෙල් හයිඞ්‍රජනීකරනය කියන ක්‍රියාවලියට ලක්කරනවා. එම ක්‍රියාවලියේදී හැදෙන ට්‍රාන්ස් මේදය ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් වැඩි කරන්න හේතුවෙනවා. මෙම තෙල් නිසා ක්ෂණික නූඩ්ල්ස්වල ශක්ති ප්‍රමානය අධික වෙලා දීර්ඝකාලීන ක්ෂණික නූඩ්ල්ස් පරිභෝජනය තරබාරු වීමටද හේතු වෙනවා. ක්ෂණික නූඩ්ල්ස් වල තියන අධික ආහාර ආකලන ප්‍රමානය කුඩා ලමයින්ගේ ශරීරවල තැන්පත්වීම හින්දා, ක්ෂණික නූඩ්ල්ස් නිතර ආහාරයට ගන්න අවුරුදු 5 ට අඩු කුඩා ළමයින්ගේ විටමින් සහ ඛනිජ ලවන උරාගැනීමේ හැකියාව අඩුවෙනවා කියලා තහවුරු වෙලා තියනවා. එය දරුවන්ගේ බුද්ධි වර්ධනය අඩාල වෙන්න වගේම ඇස් පෙනීම දුර්වල වීමටද හේතු වෙනවා.

දැන් ඔබට තේරෙනවා ඇති අපි කොච්චර ආසාවෙන් ක්ෂණික නූඩ්ල්ස් කෑවත් ඒවා හරිම ලේසියෙන් පිළියෙල කරන්න පුලුවන් වුනත් ඒවගේ තියන භයානක ප්‍රතිපල අති විශාලයි කියලා. ලංකාව වගේ දියුණුවෙමින් පවතින රටවල් වල ආහාර රටාව වේගයෙන් බටහිරකරනය වෙනවා. ඒකනිසා දවසින් දවස ක්ෂණික නූඩ්ල්ස් පරිභෝජනය වැඩිවෙනවා. ඒකේ ප්‍රතිඵලය වෙන්නේ කුඩා දරුවන්ගේ පොෂණ මට්ටම සහ ස්‍යෙඛ්‍යය මට්ටම පිරිහෙන එක. එහෙම වුනාම ඉස්සරහට අපේ රටේ පිලිකා රෝගීන්, දියවැඩියා රෝගීන් , හෘද රෝගීන් සහ තරබාරැ පුද්ගලයන්ගෙ ගණන තව තවත් වැඩිවෙනවා. මේ භයානක තත්වය තේරැම් අරගෙන අපි උත්සාහ කරන්න ඔනේ මේ ක්ෂණික නූඩ්ල්ස් කියන භායානක හතුරගෙන් ගැලවෙන්න.
ඒසදහා පෝෂණවේදීන් ක්‍රම 2ක් යෝජනා කරල තියනවා. පළෙවෙනි එක තමයි ක්ෂණික නූඩ්ල්ස් වෙනුවට තමන්ගේ ගෙදර දි රස කාරක අඩංගු නැති සාමන්‍ය නූඩ්ල්ස් පිළියෙල කරන එක. එතකොට අපිට පුලුවන් තෙල් අඩුවෙන් , රස කාරක නැතිව , එළවලු වැඩිපුර එකතුකරලා , කුඩා ළමයින්ටනම් බිත්තරයක් හරි මස් හරි මාළු එකතුකරල පෝෂණ ගුණය වැඩිකරලා පිලියෙල කරන්න. ඉලග යොජනාව තමයි ක්ෂණික නූඩ්ල්ස් කනකොට ප්‍රමාණය පාලනය කරනඑක. ඔබ වෙනදට ක්ෂණික නූඩ්ල්ස් පැකට් එකක් තනියම කනවනම් අද ඉදන් කාත් එක්කහරි බෙදාගෙන කන්න පුරුදුවෙන්න.
මේ ලිපිය කියවන ඔබත් අනිවාර්යයෙන් ක්ෂණික ක්ෂණික නූඩ්ල්ස්වලට ආස කරන කෙනෙක් වෙන්න ඇති. දැන් ඔබත් කල්පනා කරන්න ක්ෂණික නූඩ්ල්ස්වල රස බලලා ඡීවිතේ ලෙඩරෝග වලට බිලිදෙනවද නැතිනම් ක්ෂණික නූඩ්ල්ස්වලින් ඈත් වෙලා බොහෝ කාලයක් නිරෝගීව සතුටින් ජීවත්වෙනවද කියලා. ඔබ හොදින් මතක තියාගන්න අපි ගන්න ආහාරයක් ක්ෂණික වෙන තරමට එකෙන් ශරීරයට තියන අහිතකර බලපෑමත් වැඩිවෙනව කියලා.

ප්‍රදීප් පියතිලක,
සන්නිවේදන සහ මාධ්‍ය නිලධාරී,
ජාතික මූලික අධ්‍යයන ආයතනය.

ලොකු පොඩි කාටත් ගුණ දායක කුරක්කන් කැඳ කුරක්කන් වල තියන පෝෂණ ගුණය නිසාම ගොඩක් රටවල් වල කුරක්කන් හරිම ප්‍රසිද්ධ කෑමක්. කුර...
07/09/2024

ලොකු පොඩි කාටත් ගුණ දායක කුරක්කන් කැඳ

කුරක්කන් වල තියන පෝෂණ ගුණය නිසාම ගොඩක් රටවල් වල කුරක්කන් හරිම ප්‍රසිද්ධ කෑමක්. කුරක්කන් අපිට නිරෝගීව ඉන්න විවිධ ආකාරයෙන් උදවු වෙනවා. අස්ථි ශක්තිමත් කරන්න, ශරීරයේ කොලෙස්ටෙරෝල් ප්‍රමාණය අඩු කරන්න වගේම අපේ ලේ වල තියන සීනි ප්‍රමාණය අඩු කරන්නත් කුරක්කන් වලට පුළුවන්. ඒ විතරක් නෙමේ කුරක්කන් කියන්නේ නිර්මාංශ අයට ප්‍රෝටීන් බහුලව ලබා ගන්න පුළුවන් කෑමක්. මහත අයට කෙට්ටු වෙන්නත් කුරක්කන් උපකාර වෙනව කියල ඔයාල දන්නවද.

ඒවගේ ම කුරක්කන් කියන්නෙ තන්තුමය පදාර්ථය ඉතා ඉහල කැල්සියම් , යකඩ, පොටෑසියම්, සින්ක්, මැග්නීසියම් හා විටමින් වර්ග අන්තර්ගත පෝෂණ අතිරේකයක්. මේ නිසා මලබද්ධය වලක්වා ගැනීම සඳහා ඉතාම හොඳ ආහාරයක් වගේම යකඩ අඩංගු නිසා රක්තහීනතාව සඳහා ද ගුණදායකයි.

කෙසේ නමුත් තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත රෝග, මුත්‍ර ගල් හා වකුගඩු අකර්මණ්‍ය රෝග තත්ත්වයන් පවතින පුද්ගලයින් හට කුරක්කන් එතරම් නිර්දේශ කරන්නෙ නෑ.

ඉතින් ඔන්න ඔයාලට පුලුවන් සතියට දවසක් වගේ කුරක්කන් කැද එකක් බීල දවස පටන් ගන්න..
☺️☺️☺️

මේ වගේ විස්තර බෙදාගන්න සුවායු - Suwaayu Medi Care එක්ක එකතු වෙන්න..💖😍

Address

Suwaayu Ayurweda Medical Center
Battaramulla
10120

Opening Hours

Monday 09:00 - 15:00
Tuesday 09:00 - 15:00
Wednesday 09:00 - 15:00
Thursday 09:00 - 15:00
Friday 09:00 - 15:00
Saturday 09:00 - 15:00
Sunday 09:00 - 15:00

Telephone

+94715831841

Website

Alerts

Be the first to know and let us send you an email when සුවායු - Suwaayu Medi Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram