Nojili Ayurveda Hospital

Nojili Ayurveda Hospital සියළුම සර්වාඅංග රෝග සඳහා දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත හැකිය. දින 365 විවෘතව පවතී

මෙතෙක් අප සමග සම්බන්ධ වී සිටි ඔබ සැමට ස්තුතියි.
මෙතැන් සිට අපගේ ආයුර්වේද රෝහල පියවරක් ඉදිරියට ගැනීමට අප කටයුතු කලෙමු.
1. October 01 සිට විශේෂ වෛද්‍ය සේවාවක් ඇරඹීම (භාහිර රෝගී අංශයට අමතරව).
2. උදෑසන 8 සිට රාත්‍රී 9 තෙක් අප ආයතනය විවෘතව තැබීම.
3. ඉරිදා, සදුදා දින සහ පෝය දින තුලද අප ආයතනය විවෘතව තැබීම සිදුවේ.

ඉදිරියටත් අප සමග සම්බන්ධ වී සහයෝගය ලබා දෙන මෙන් ඉල්ලා සිටින්නෙමු.

නොජිලි ආයුර්වේද රෝහල
පළපුරුදු ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සහ සුහදශීලී සේවය

කැඩුම් බිදුම් හා සන්දි රෝග
ස්නායු ආබාධ/පක්පාතය
දියවැඩියාව
අධිරුධිපීඩනය
ගුද රෝග(අර්ශස්,භගන්දර,ගුදමාර්ගයේ රෝග, ගුද මාර්ගයේ පහත් වීම්)
ගල්තැලුම
කුෂ්ඨ
සුදුකබර
පොතුකබර
ගලගණ්ඩය
මුත්‍රාගල ඇතුළ මුත්‍ර ආබාධ
ලිංගික දුබලතා/ මදසරු බව
පංචකර්ම ප්‍රතිකාර
කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝග
ශීර්ෂ රෝග පීනස් සෙම රෝග
කොලෙස්ටෙරෝල්
අම්ල පිත්තය
ගෙඩි හා කල්ගතවූ තුවාල
නහරග ගැටගැසීම
අළුහම්/උදුගොව්වන් කෑම
අධික තරබාරුව
කාන්තා හා ළමා රෝග
ආයුර්වේ රූපලාවණ්‍ය ප්‍රතිකාර
මානසික රෝග උපදේශණය

ඛණිජ ප්‍රතිකාර
පාෂාණ හා මැටි ප්‍රතිකාර
ලාවා ප්‍රතිකාර
ස්වාභාවික වී දහයියා ප්‍රතිකාර
ආයුර්වේ ඉවුම් පිහුම පන්ති

ඔබ සැමට ආරාධනා!
02/06/2025

ඔබ සැමට ආරාධනා!

පිංබර වෙසක් මංග්‍යයක් වේවා!
12/05/2025

පිංබර වෙසක් මංග්‍යයක් වේවා!

ඔබත් අතේ ඇති වූ පහත සඳහන් රෝග ලක්ෂණ එකකින් හෝ කිහිපයකින් පීඩා විඳිනවාද ? → අතේ ඇඟිලි සියල්ලේම හෝ කිහිපයක ඇතිවන වේදනාව සහ...
30/04/2025

ඔබත් අතේ ඇති වූ පහත සඳහන් රෝග ලක්ෂණ එකකින් හෝ කිහිපයකින් පීඩා විඳිනවාද ?

→ අතේ ඇඟිලි සියල්ලේම හෝ කිහිපයක ඇතිවන වේදනාව සහ/හෝ හිරිය
→ රාත්‍රියට අතේ ඇඟිලි හිරි වැටීම
→ ඇඟිලි වෙහෙසවන ක්‍රියාකාරකම් වලින් පසුව අතේ ඇඟිලි හිරි වැටීම සහ/හෝ වේදනාව
→ අතින් යමක් ග්‍රහණය කරගැනීම දුර්වල වීම
→ මැණික් කටුවේ සිට අතේ ඇඟිලි දෙසට විහිදෙන වේදනාව

එසේනම් , ඔබට බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව Carpal Tunnel Syndrome නමින් හඳුන්වන රෝගී තත්වය වැළඳී තිබිය හැකිය. ( මෙසේ රෝග නීර්ණය ක්‍රමවත් වෛද්‍ය පරීක්ෂාවකින් පසුව සිදු කළ යුතුය. )

මෙහිදී සිදුවන්නේ කුමක්ද ?

→ ඔබේ අත්ල ප්‍රදේශයට ස්නායු සැපයුම ගෙනයන ස්නායුවක් මැණික් කටුව ප්‍රදේශයේදී අවහිරයට ලක්වීම නිසා මෙම තත්වය ඇති වෙයි.

ඒ සඳහා ,
→ දිගින් දිගටම සිදුවන අත්ලේ ක්‍රියාකාරකම් නිසා මැණික් කටුවේ ඇති ඛණ්ඩරා ප්‍රදාහයට ලක් වීම
→ ආතරයිටීස් රෝගයෙන් දිගු කලක් පීඩා විඳීම
→ කලක් තිස්සේ දියවැඩියා රෝගයෙන් පීඩා විඳීම
→ අධික ස්ථුල බවෙන් පෙළීම
→ තයිරොක්සීන් ඌනතා මෙන්ම
→ මහලු විය ද
සාධක ලෙසින් ක්‍රියාකරයි.

මේ තත්වය හඳුනාගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම සුදුසු වේ. ආයුර්වේද මතානුකූලව,
→ තෛල අභ්‍යංගය
→ ස්වේද කර්ම සහ
→ පත්තු ප්‍රතිකාර
මඟින් මේ තත්වය සුව කිරීමට කටයුතු කෙරේ.

එසේම ඔබ,
→ පරිගණක යතුරු ලියනය , මවුසය භාවිතා කිරීම , ජංගම දුරකථනය භාවිතා කිරීම , ලිවීම , මැහුම් ගෙතුම් කටයුතු , බර එසවීම , අත් මෙවලම් භාවිතය ආදියේ දිනකට අධික හෝරා ගණනක්, දිගු කාලයක් පුරාවට යෙදෙන අයෙක් නම් ,

→ වැඩ අතර විවේක ගැනීම ,
මනා ඉරියව් පවත්වා ගැනීම වැනි දෑ පිළිබඳව සැලකිලිමත් වීමෙන් මේ තත්වය පාලනයට උත්සහ ගත හැකිය.

M.G.H.K.Gamachchige
BAMS (UoC)

ආතරයිටිස් කියන්නේ කුමක්ද?ආතරයිටිස් යනු සන්ධි එකක් හෝ කිහිපයක ඇතිවෙන ඉදිමීම සහ දැඩි බවකි. එහි ප්‍රධාන ලක්ෂණ වනුයේ සන්ධි ව...
29/04/2025

ආතරයිටිස් කියන්නේ කුමක්ද?

ආතරයිටිස් යනු සන්ධි එකක් හෝ කිහිපයක ඇතිවෙන ඉදිමීම සහ දැඩි බවකි. එහි ප්‍රධාන ලක්ෂණ වනුයේ සන්ධි වේදනාව සහ තද ගතිය වන අතර, වයසට යාමත් සමග මෙය වැඩි විය හැක. මෙහි ප්‍රධාන ආකාර දෙක වන්නේ ඔස්ටියෝ ආතරයිටිස් සහ රූමැටොයිඩ් ආතරයිටිස්ය.

පොදු ලක්ෂණ

සන්ධි වේදනාව
තද ගතිය
ඉදිමීම
රතු පැහැය
චලනයේ සීමාව

ඔස්ටියෝ ආතරයිටිස්

මෙය වයසත් සමඟ ඇතිවන ආතරයිටිස් ආකාරයයි. මෙහිදී සන්ධියේ කාටිලේජයේ (අස්ථි කෙළවර ආවරණය කරන පටකය) හැඩය හා කාර්යය නැතිවී යයි. කාටිලේජය හානි වීමෙන්, අස්ථි එකිනෙක ගැටීමෙන් වේදනාව සහ චලන පරාසය අඩුවීම ඇතිවේ. කාලයත් සමඟ හෝ තුවාලයකින් පසුව මෙය දියුණු විය හැක. මෙම තත්වය සන්ධිවල වෙනස්කම්, පටක පිරිහීම, හා ඉදිමීමද ඇති කරයි.

රූමැටොයිඩ් ආතරයිටිස්

මෙය ප්‍රතිශක්තිකරණ රෝගයකි. ශරීරයේ ආරක්ෂක පද්ධතිය සන්ධි තුළ ඇති සයිනෝවියල් පටලය (ශ්ලේෂ්මල පටලය) වෙත පහර දෙන අතර එමඟින් සන්ධියේ ඉදිමීම සහ දැවිල්ල ඇතිවේ. දිගු කාලීනව මෙම තත්වය පැවතීම කාටිලේජය සහ අස්ථි විනාශ කිරීමට හේතු විය හැක.

ආතරයිටිස් සඳහා අවදානම් සාධක (Risk Factors)

1. පවුල් ඉතිහාසය – ඔබේ මවට, පියාට හෝ සහෝදරයන්ට ආතරයිටිස් තිබේ නම්, ඔබටත් එය ඇතිවීමේ අවදානම වැඩි වේ.

2. වයස – වයස වැඩිවීමත් සමඟ ආතරයිටිස් ඇතිවීමේ හැකියාව ද ඉහළ යයි.

3. ස්ත්‍රී පුරුෂ භාවය – පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ට රූමැටොයිඩ් ආතරයිටිස් තත්වය බහුලව පවතින අතර, පිරිමින්ට මෙමගින් රක්තවාත වැනි තත්වද ඇතිවිය හැක.

4. පෙර සන්ධි තුවාල – පෙර සන්ධියකට සිදු වූ තුවාලයක් (උදාහරණයක් ලෙස ක්‍රීඩාවකදී), එම සන්ධියේ ආතරයිටිස් ඇතිවීමට ඉඩක් ලබා දේ.

5. අධික බර – තරබාරුකම සන්ධිවලට (විශේෂයෙන් දණහිස, උකුල්, කොඳු ඇට පෙළ) අමතර ආතතියක් ගෙනදෙමින් ආතරයිටිස් ඇතිවීමේ අවදානම වැඩි කරයි.

ආයුර්වේද ප්‍රතිකාරය සහ ආතරයිටිස්

ආයුර්වේදයට අනුව, ආතරයිටිස් වාත දෝෂය නිසා උත්පාදනය වන අතර, මෙහිදී ප්‍රතිකාර මගින් ශරීරයේ වාතය සමබල කිරීම, සන්ධිවල ගතිකතාවය වැඩි කර ගැනීම, වේදනාව සමනය කිරීම සිදුකෙරේ.
ආයුර්වේදය තුළ, පංචකර්ම (ශෝධන ක්‍රම) ක්‍රමය ,ශරීරයේ ආමය ඉවත් කිරීම, විකෘතිකාරී තත්වය පාලනය කිරීම සහ සන්ධිවල ගතිකතාවය වැඩි කිරීම සඳහා භාවිතා කෙරේ.
ප්‍රතිකාර ක්‍රමයන් වන තෛල අභ්‍යංග, ස්වේද ප්‍රතිකාර සහ පත්තු ප්‍රතිකාර වලින් සන්ධිවල දැවිල්ල හා වේදනාව පාලනය කිරීම අරමුණ කෙරේ.

එසේම ආයුර්වේදයට අනුව, මෙම රෝගය සුව කිරීම සඳහා ශරීරයේ වාත දෝෂය ඇතුලු ත්‍රිදෝෂ පාලනය කිරීමට සහ පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය වන ආහාර විහරණ ආදිය පිළිපදිමින්, මනෝභාවය සාමකාමී තත්වයක පවත්වා ගැනීම ද වැදගත් වේ.
මෙම ප්‍රතිකාර සමඟ, ස්වයං-කළමනාකරණ මාර්ග ඔස්ටියෝ ආතරයිටිස් කළමනාකරණය සඳහා උපකාරී වේ. එම ආකාර මගින්, පුද්ගලයින්ගේ වේදනාව සහ ආබාධිතභාවය අඩු කරමින්, වැදගත් ක්‍රියාකාරකම් කිරීමට හැකි වන පරිදි ඔවුන්ගේ සෞඛ්‍යය පාලනය කළ හැකිය.
ශාරීරිකව ක්‍රියාශීලී වීම, මධ්‍යස්ථ ක්‍රියාකාරකම් සඳහා යෙදීම, ඇවිදීම, පිහිනීම හෝ බයිසිකල් පැදීම වැනි අඩු බලපෑම් සහිත ක්‍රියාකාරකම් හෘද රෝග, ආඝාතය, දියවැඩියාව වැනි රෝගවල අවදානම අඩු කිරීමට සහ ආතරයිටිස් කළමනාකරණයට උපකාරී වේ.
එසේම අධික බර හෝ තරබාරු අය සඳහා, බර අඩු කිරීම මඟින් සන්ධි මත පීඩනය අඩු කරයි. සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීමෙන් වේදනාව අඩු කර, ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමේ හැකියාව ලැබේ.

W.M.S. Samadinie
BAMS (UoC

සමේ රෝග පිළිබඳ ආයුර්වේද මතය කුමක්ද ? පළමුව අපි සමේ රෝග යනු කුමක්ද කියා වටහා ගනිමු.ආයුර්වේදයට අනුව, සමේ රෝග යනු සමේ ඇතිවන...
29/04/2025

සමේ රෝග පිළිබඳ ආයුර්වේද මතය කුමක්ද ?

පළමුව අපි සමේ රෝග යනු කුමක්ද කියා වටහා ගනිමු.

ආයුර්වේදයට අනුව, සමේ රෝග යනු සමේ ඇතිවන විවිධ තත්වයන්ට අදාල රෝගයන්ගේ සමූහයකි. මෙය වාත, පිත්ත, කඵ යන ත්‍රිදෝෂයන්ගේ අසමතුලිතතාවය හේතුවෙන් ඇතිවෙයි.

සමේ රෝග ඇතිවීමට හේතු :

➡ අසාත්මීය ආහාර පරිභෝජනය: තෙල්, අධික මිරිස්, අධික ලුණු සහිත ආහාර

➡ අසංයෝගී ආහාර: විරුද්ධ ආහාර එකට පරිභෝජනය

➡ මානසික ආතතිය: දෝෂයන්ගේ අසමතුලිතතාවයට හේතු වේ.

➡අපිරිසිදු ජීවන රටා: පිරිසිදුව නොසිටීම, අපිරිසිදු ඇඳුම් පරිභෝජනය.

➡ පරිසරය: දූෂිත වායු, දූෂිත ජලය.

මේ තත්වයට කළ හැකි ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම ගැන දැන් විමසා බලමු.

1. ශෝධන චිකිත්සාව

විරේචන : පිත්ත දෝෂය සමනය කිරීම.

රක්ත මෝක්ෂණ : රුධිරය පිරිසිදු කිරීම.

2. ශමන චිකිත්සාව
අභ්‍යන්තර ඖෂධ මෙන්ම බාහිර ප්‍රයෝග ලෙස තෙල්, ලේප, සහ ස්වේද කර්ම සිදු කෙරේ.

3. ආහාර සහ ජීවන රටාවේ ඇති කරගත යුතු වෙනස්කම්

➡ සාත්මීය ආහාර පරිභෝජනය

➡ මානසික සන්සුන්භාවය පවත්වා ගැනීම : භාවනා, යෝගා වැනි ක්‍රියාවලියන් මඟින්

➡ පිරිසිදුව සිටීම, පිරිසිදු ඇඳුම් පරිභෝජනය.

සමේ රෝග ආයුර්වේදයට අනුව ත්‍රිදෝෂයන්ගේ අසමතුලිතතාවය හේතුවෙන් ඇතිවෙයි. නිවැරදි ආහාර, ජීවන රටා, සහ ආයුර්වේද ප්‍රතිකාර මඟින් මෙම රෝගයන් පාලනය කළ හැකිය.

M.G.H.K.Gamachchige
BAMS (UoC)

අධි රුධිර පීඩනය (Hypertension) අධි රුධිර පීඩනය යනු රුධිරයේ සාමාන්‍ය පීඩනයට වඩා ඉහල පීඩනයක් පවතින තත්ත්වයක් වේ. ආයුර්වේදය...
29/04/2025

අධි රුධිර පීඩනය (Hypertension)

අධි රුධිර පීඩනය යනු රුධිරයේ සාමාන්‍ය පීඩනයට වඩා ඉහල පීඩනයක් පවතින තත්ත්වයක් වේ. ආයුර්වේදයේදී මෙය සෘජුවම "අධි රුධිර පීඩනය" ලෙස නම් නොකළද, ත්‍රිදෝෂයන්ගේ අසමතුලිත බවක් ලෙසින් පැහැදිලි කරයි.

අයුර්වේදයට අනුව අධි රුධිර පීඩනයට මූලික හේතු වන්නේ ආහාර, විහරණ සහ මානසික සාධක වේ.
➡අධික ලුණු සහ තෙල් සහිත ආහාර,
➡අධික කෝපය,
➡ අධික කාර්යබහුල ජීවිතය
➡ නිසි විවේකයක් නොමැති වීම ආදී කරුණු මෙම තත්ත්වයට මඟ හරවයි.

අධි රුධිර පීඩනය සඳහා අයුර්වේද ප්‍රතිකාර තුන් ආකාර වේ.
➡ ආහාර
➡ විහාර
➡ ඖෂධ ලෙසිනි.

අධි රුධිර පීඩනය පාලනය කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතුය. නිතරම ත්‍රිදෝෂය සමව පවත්වා ගැනීම, තේජෝගුණය වැඩි කරන කටුක හා උෂ්ණාධික ආහාර වලින් වැළකීම, මනෝ සාම්‍යය පවත්වා ගැනීම, සහ නිසි විවේකය අත්‍යවශ්‍ය වේ. කුඩා වයසින්ම සෞඛ්‍යවත් ජීවිත ශෛලියකට හුරු වීම අධි රුධිර පීඩනය වැළැක්වීම සඳහා ඉවහල් වේ.

අවසන් වශයෙන්, ආයුර්වේදානුකූලව අධි රුධිර පීඩනය නම්, ජීවිතයේ සමතුලිතභාවය බිඳවැටීමකි. එම නිසා ආහාර, විහාර, මානසික සන්සුන්භාවය සහ ස්වභාවික ඖෂධ භාවිතය යන අංග හරහා නැවත ශරීරයට සහ මනසට සාමය ලබාදීම අතිශය වැදගත්ය.

M.G.H.K.Gamachchige
BAMS (UoC)

Nojili Ayurveda Hospital and International Training Institute✅ පෝෂණාත්මක වාසිප්‍රෝටීන් සපයයි – කුකුල් මස් යහපත් ප්‍රෝටීන...
02/04/2025

Nojili Ayurveda Hospital and International Training Institute

✅ පෝෂණාත්මක වාසි
ප්‍රෝටීන් සපයයි – කුකුල් මස් යහපත් ප්‍රෝටීන් මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරමින් පේශි වර්ධනයට සහ ශක්තියට උපකාරී වේ.

මදසාර සහිත හෘදය සෞඛ්‍යය – අලිගැටපේර හි අඩංගු මෝනෝසැචුරේටඩ් මදසාර හෘදය සෞඛ්‍යයට හිතකර වේ.

පෝෂණය සහ විටමින් C වැඩිවීම – තක්කාලි සහ එළවළු වලින් ඇන්ටි-ඔක්සීඩන්ට් සහ විටමින් C ලබා ගත හැක.

දිරාපත්කම සහ ආහාර ජීරණය ඉහල දැමීම – ඇවොකැඩෝ සහ ලෙටස් වල ඇති ආහාර ගුනලත්ජන්‍ය දියරය (fiber) ජීරණය වැඩි කරයි.

දිගු කාලීන පෝෂණාත්මක උපයෝගීතාවය – වඩාත් සෞඛ්‍ය සනීපකාරී පිළිවෙලක් ලෙස මෙම ව්‍රැප් එකක් පෝෂණාත්මක ආහාර වේලක් විය හැක.

🍽️ පහසුකම් සහ වැනි අංග
✅ ලාභදායී සහ රසවත් ආහාර වේලක් වේ.
✅ උදේ, දහවල් හෝ රාත්‍රි භාජනයට ගැලපේ.
✅ ගමන් බිමන් යන විට කෑමට පහසුයි.
✅ සාමාන්‍ය කැලරි ප්‍රමාණයකින් යුක්තය.

1. සැල්දිරි (Celery)පෝෂණය: විටමින් K, විටමින් C, පොටෑසියම්, හා ඇන්ටිඔක්සිඩන්ට්.ලාභ:ශරීරය පිරිසිදු කරයි (detoxification)....
31/03/2025

1. සැල්දිරි (Celery)
පෝෂණය: විටමින් K, විටමින් C, පොටෑසියම්, හා ඇන්ටිඔක්සිඩන්ට්.

ලාභ:

ශරීරය පිරිසිදු කරයි (detoxification).

ලෙවර් සෞඛ්‍යයට සහාය දේ.

රුධිර පීඩනය යටිතලයේ තබා ගැනීමට උපකාරී වේ.

2. දෙහි (Lime/Lemon)
පෝෂණය: විටමින් C, සයිට්‍රික් අම්ලය, හා ඇන්ටිමයික්‍රෝබියල් ගුණ.

ලාභ:

ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කරයි.

ජලශෝෂ (hydration) වැඩි කරයි.

ජීර්ණ ක්‍රියාවලි නියමිත කරයි.

3. කැරට් (Carrot)
පෝෂණය: බීටා-කැරටීන්, විටමින් A, හා තන්තු.

ලාභ:

දැක්මට සහ සමේ නිරෝගිතාවට සහාය දේ.

ඇන්ටිඔක්සිඩන්ට් ගුණ ඇති බැවින් ප්‍රභෝදය වැඩි කරයි.

ජීර්ණය සහ වේගවත් කිරීම සහ මලබද්ධතාවය වළක්වයි.

4. ඉගුරු (Ginger)
පෝෂණය: ඇන්ටි-ඉන්ෆ්ලමටරි ගුණ, ජීර්ණයට වාසිදායක සංයෝග.

ලාභ:

ආසාදන වලට ප්‍රතිරෝධයක් ලබාදේ.

ජීර්ණය වඩාත් ක්‍රියාවලිගත කරයි.

උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව අඩු කරයි.

මෙම පානයේ ප්‍රධාන වාසි
✅ ශරීරය පිරිසිදු කරයි (Detox)
✅ ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කරයි
✅ ජීර්ණය හොඳ කරයි
✅ ශරීරයේ ඉන්ෆ්ලමේෂන් (සැරයුක්ත ගතිය) අඩු කරයි

මෙය උණසුම් හෝ සිසිල් ලෙස පානය කළ හැකි අතර, දිනපතා එක ග්ලාස් එකක් අතින් සෞඛ්‍ය සදහා වඩාත් හිතකර වේ! 😊🍵

🥥 1. කුරුම්බා ජලයේ වාසි✅ ජලශෝෂය (Hydration) වැඩි කරයි – පරිපූර්ණ ස්වභාවික එළවළු බීමකි.✅ ප්‍රභෝදය (Energy) වැඩි කරයි – එය...
31/03/2025

🥥 1. කුරුම්බා ජලයේ වාසි
✅ ජලශෝෂය (Hydration) වැඩි කරයි – පරිපූර්ණ ස්වභාවික එළවළු බීමකි.
✅ ප්‍රභෝදය (Energy) වැඩි කරයි – එය ස්වභාවිකයි, සැහැල්ලු කාබෝහයිඩ්‍රේට් සහිතයි.
✅ මුත්‍රාශ්‍රය පිරිසිදු කරයි – මූත්‍රාශ්‍රයෙහි ආසාදන වලට වඩාත් ප්‍රතිකාරාත්මකයි.
✅ උණ, රුධිර පීඩනය, හා ත්‍රිග්ලිසෙරයිඩ් මට්ටම අඩු කරයි.
✅ සෙරටොනින් නිපදවීම දිරිමත් කරයි – කාලික කෙලෙසු සහ තෙරපියාවට (Therapeutic) වාසිදායකයි.


1. ඔලිව් ගෙඩිපෝෂණය: හොඳ ශාකසාර (healthy fats), විටමින් E, යන්ත‍්‍රක (antioxidants) සහ මලබද්ධතාවය වැළැක්වීම සඳහා.(පෝෂණය):...
31/03/2025

1. ඔලිව් ගෙඩි
පෝෂණය: හොඳ ශාකසාර (healthy fats), විටමින් E, යන්ත‍්‍රක (antioxidants) සහ මලබද්ධතාවය වැළැක්වීම සඳහා.

(පෝෂණය): හෘද රෝග අවදානම අඩු කිරීම, සමේ නිරෝගිතාවයට සහාය දීම, සහ ප්‍රෝටීන දියුණුවට උපකාරය.

2. චීස්
පෝෂණය: කැල්සියම්, ප්‍රෝටීන්, B12, සහ හොඳ තරබාරුමට උපකාරී ශාකසාර.
පෝෂ්ටික ආහාරයක් ලෙස බලශක්තිය වැඩි කිරීම, හා මස්පිණ්ඩ නඩත්තු කිරීම.

3. තක්කාලි
පෝෂණය: විටමින් C, විටමින් A, ලයිකෝපීන් (lycopene - ප්‍රබල යන්ත්‍රකයක්).

පෝෂණය: සිත් ගන්නා සුළු සමක් සඳහා හොඳයි, ප්‍රතිශක්ති පද්ධතියට සහාය දේ, හා පිළිකා අවදානම අඩු කරයි.

4. බිත්තර
පෝෂණය: ප්‍රෝටීන්, විටමින් D, B12, සහ කොලීන් (choline - මොළයේ කාර්ය සාධනයට වැදගත්).

සන්ධාන: මස්පිණ්ඩ ශක්තිමත් කිරීම, මතකය සහ මොළයේ ක්‍රියාවලිදියුණු කිරීම, සහ ප්‍රභෝදය වැඩි කිරීම.

🍌 කෙසෙල් (Banana) ගුණ✔️ ශක්තිය සහ ශරීර බර පවත්වා ගැනීමට උපකාරී වේ.✔️ ජීර්ණය පහසු කරයි, අම්ලතාවය අඩු කරයි.✔️ පෝටේශියම්, ක...
28/03/2025

🍌 කෙසෙල් (Banana) ගුණ

✔️ ශක්තිය සහ ශරීර බර පවත්වා ගැනීමට උපකාරී වේ.
✔️ ජීර්ණය පහසු කරයි, අම්ලතාවය අඩු කරයි.
✔️ පෝටේශියම්, කැල්සියම්, මැග්නීසියම්, විටමින් B6, සහ විටමින් C ප්‍රචූරයි.
✔️ සිත සන්සුන් කරයි, මානසික පීඩනය අඩු කරයි.
✔️ රුධිර පීඩනය පාලනය කිරීමට සහ මාංශ පේශි ශක්තිය වැඩි කිරීමට උපකාරී වේ.

🫚 ඉගුරු (Ginger) ගුණ

✔️ ප්‍රබල ප්‍රතිශක්තිකාරකයක් වන අතර ආසාදන වලට ප්‍රතිරෝධය දක්වයි.
✔️ ජීර්ණය සහ ආමාශය සුවපත් කරයි, අම්ලතාවය අඩු කරයි.
✔️ සන්ධි වේදනාව සහ ඇටදඩු වේදනාව අඩු කරයි.
✔️ ශරීරයේ උණුසුම පවත්වා ගැනීමට සහ ශීතල, කැස්ස, සහ උණ වලක්වා ගැනීමට උදව් කරයි.
✔️ රුධිර සන්චාරය වැඩි කරයි, ශරීර ශක්තිය වැඩිකරයි.

🍋 දෙහි (Lemon) ගුණ

✔️ විටමින් C ප්‍රචූරව ඇති නිසා ප්‍රතිශක්තිකරණය වැඩි කරයි.
✔️ රුධිරය පිරිසිදු කරයි, ලෙදෑරුම් පාලනය කරයි.
✔️ ජලශෝෂය (dehydration) වළක්වයි, ශරීරය ප්‍රබල කරයි.
✔️ ආමාශය සහ ජීර්ණ ක්‍රියාවලිය සඳහා උදව් කරයි.
✔️ බර අඩු කර ගැනීමට සහ හෘද රෝග වලක්වා ගැනීමට උපකාරී වේ.

🟡 කහ (Turmeric) ගුණ
✔️ ප්‍රබල ප්‍රතිජීවක (Antioxidant) සහ ප්‍රතිදිනුන (Anti-inflammatory) ගුණ ඇතිවීම්.
✔️ හෘද රෝග වලක්වා ගැනීමට සහ රුධිර සන්චාරය වැඩි කිරීමට උපකාරී වේ.
✔️ යකඩ සහ කුශලය පිරිසිදු කරයි, ශරීරයේ විෂ නසයි.
✔️ සමේ දෝෂ මැඩපවත්වයි, වියළි සම සහ පැලි වැටීම වළක්වයි.
✔️ මානසික ශක්තිය වර්ධනය කරයි, මතකය වැඩි කරයි.

🍹 කෙසෙල්, ඉගුරු, දෙහි, කහ මිශ්‍ර පානයේ ගුණ

✔️ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයි, ආසාදන වලට ප්‍රතිරෝධය දක්වයි.
✔️ ජීර්ණය පහසු කරයි, ආමාශය සන්සුන් කරයි.
✔️ ශරීරයේ අමතර මේදය (fat) කැපෙමින් බර අඩු කිරීමට උපකාරී වේ.
✔️ ශරීරයේ රුධිර සන්චාරය වැඩි කරයි, හෘද රෝග වලක්වයි.
✔️ මානසික සන්සුන්භාවය ලබාදෙමින්, ශක්තිය හා මතකය වර්ධනය කරයි.
✔️ ශරීරයේ වේදනා සහ ඉදිමුම් අඩු කරයි, සන්ධි රෝග වලට ප්‍රතිකාරයක් විය හැක.

මෙම පානය පිණිස කෙසෙල්, අළුසූදු ඉගුරු, නැවුම් දෙහි සහ කහ එකට මිශ්‍ර කර, උණුසුම් වතුර සමඟ බීන්නේ වඩාත් ප්‍රයෝජනවත් වේ.

🥑 අලිගැට පේර (Avocado) ගුණ✔️ හෘද සෞඛ්‍යය වැඩිදියුණු කරයි.✔️ හොඳ කොලෙස්ටරෝල් (HDL) වැඩි කරයි, නරක කොලෙස්ටරෝල් (LDL) අඩු ක...
27/03/2025

🥑 අලිගැට පේර (Avocado) ගුණ
✔️ හෘද සෞඛ්‍යය වැඩිදියුණු කරයි.
✔️ හොඳ කොලෙස්ටරෝල් (HDL) වැඩි කරයි, නරක කොලෙස්ටරෝල් (LDL) අඩු කරයි.
✔️ සමේ යොවුන්භාවය පවත්වා ගැනීමට උදව් කරයි.
✔️ විටමින් E, C, K, B, පැලන්ත තෙල් සහ ප්‍රෝටීන් ප්‍රචූරයි.
✔️ ජීර්ණය පහසු කරයි, ජීවලේන් දියුණුවට උදව් කරයි.

🍋 දෙහි (Lemon) ගුණ
✔️ විටමින් C ප්‍රචූරව ඇති නිසා ප්‍රතිශක්තිකරණය වැඩි කරයි.
✔️ රුධිරය පිරිසිදු කරයි, ලෙදෑරුම් පාලනය කරයි.
✔️ ජලශෝෂය (dehydration) වළක්වයි, ශරීරය ප්‍රබල කරයි.
✔️ ආමාශය සහ ජීර්ණ ක්‍රියාවලිය සඳහා උදව් කරයි.
✔️ බර අඩු කර ගැනීමට සහ හෘද රෝග වලක්වා ගැනීමට උපකාරී වේ.

🍌 කෙසෙල් (Banana) ගුණ
✔️ ශක්තිය සහ ශරීර බර පවත්වා ගැනීමට උපකාරී වේ.
✔️ ජීර්ණය පහසු කරයි, අම්ලතාවය අඩු කරයි.
✔️ පෝටේශියම්, කැල්සියම්, මැග්නීසියම්, විටමින් B6, සහ විටමින් C අඩංගුය.
✔️ සිත සන්සුන් කරයි, මානසික පීඩනය අඩු කරයි.
✔️ ශරීරයේ පානිය ප්‍රතිසන්ධානය සහ පුනරුත්පාදනය සඳහා වඩාත් හිතකරයි.

🥑 Avocado Benefits
✔️ Improves heart health by increasing good cholesterol (HDL) and reducing bad cholesterol (LDL).
✔️ Rich in healthy fats, vitamins E, C, K, B, and proteins.
✔️ Supports digestion and helps in nutrient absorption.
✔️ Promotes youthful and glowing skin.
✔️ Boosts brain function and overall energy levels.

🍋 Lemon Benefits
✔️ High in vitamin C, strengthens the immune system.
✔️ Purifies blood and helps regulate blood pressure.
✔️ Prevents dehydration and refreshes the body.
✔️ Aids digestion and reduces acidity.
✔️ Supports weight loss and improves heart health.

🍌 Banana Benefits
✔️ Provides instant energy and helps maintain body weight.
✔️ Supports digestion and reduces acidity.
✔️ Rich in potassium, calcium, magnesium, vitamin B6, and vitamin C.
✔️ Calms the mind and reduces stress.
✔️ Helps in hydration and muscle recovery.

Address

1167/D/5/3, Jayanthipura, Dammodhaya Road
Battaramulla
10120

Alerts

Be the first to know and let us send you an email when Nojili Ayurveda Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Nojili Ayurveda Hospital:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram