Miracle L

Miracle L Dedicated to providing Speech & Language Therapy & Hearing solutions for children and adults

This Diwali, light up lives with kindness and joy. 🌟Happy Diwali from all of us at Miracle L! 🪔
20/10/2025

This Diwali, light up lives with kindness and joy. 🌟

Happy Diwali from all of us at Miracle L! 🪔

අප මීට පෙර ලිපි වලින් පාකින්සන් (Parkinson's) තත්ත්වය, එහිදී පැනනගින ගැටලු සහගත තත්වයන් මෙන්ම එහිදී කථන චිකිත්සාවෙහි වැද...
18/10/2025

අප මීට පෙර ලිපි වලින් පාකින්සන් (Parkinson's) තත්ත්වය, එහිදී පැනනගින ගැටලු සහගත තත්වයන් මෙන්ම එහිදී කථන චිකිත්සාවෙහි වැදගත්කමද කෙසේද යන්න සාකච්ඡා කර තිබේ.

ඔබේ පව්ලේ අයෙක් හෝ නැතිනම් කුමන හෝ පාකින්සන් තත්ත්වය සහිත පුද්ගලයෙකු සමග සන්නිවේදනය කිරීමේදී වඩාත් ඵලදායී ලෙස සන්නිවේදනය කරගන්නේ කෙසේද යන්න සාකච්ඡා කර බලමු.

01. කතා කිරීම ආරම්භ කිරීමට පෙර අවධානය අප වෙත ගන්න.
එහිදී දෙපාර්ශවයම මුහුණ මුහුණ බලා සිටීම වඩා වැදගත් වන අතර කතා කිරීමට පෙර පුද්ගලයාගේ නම කියා හෝ අත අල්ලා අප වෙත අවධානය පවත්වා ගැනීමද වැදගත් වේ. මෙහිදී පසුබිමින් ඇසෙන ඝෝෂාකාරී ශබ්ද (රූපවාහිනිය, රේඩියෝ, විදුලි පංකාව) අඩු කිරීම මගින් සන්නිවේදනය වඩාත් ඵලදායී වේ.

02. පැහැදිලිව සහ උස් හඩින් කථා කිරීමට දිරිමත් කරන්න.
“තව ටිකක් සද්දෙන් කියන්න පුලුවන්”, “හොද හුස්මක් අරගමු" ලෙස දිරිමත් කිරීම කල හැකි අතර අප එය අසා සිටින බව සහ අපට එය තේරුම් ගැනීමට හැකි බව පැවසීම “ඔව්, මට ඇසෙනවා” හෝ "කනට අතක් තබා ඉඟි කිරීම" මගින් ඔහුව හෝ ඇයව කතාව සදහා දිරිමත් කල හැකිවේ. එමෙන්ම පැහැදිලිව කතා කළ විට ප්‍රශංසා කිරීම “ඒක හොඳින් ඇසුණා!” මගින් තව තවත් හොදින් සන්නිවේදනය කිරීම සදහා දිරිමත් වේ.

03. අමතර කාලයක් ලබා දෙන්න.
පාකින්සන් තත්වය නිසා කථනය හා සිතුවිලි වේගය මන්දගාමී විය හැක. බල කිරීමෙන් හෝ හදිසි කරවීමෙන් වැලකී සිටීම මගින් සිදුවන අපහසුතාවයන් මග හරවා ගත හැකි අතර පිළිතුරක් ලැබෙන තෙක් කාලය ලබා දීම වැදගත් වේ.

04. විවිධ ඉගි භාවිතා කරන්න.
මෙහිදී මුහුනේ හැගීම් ප්‍රකාශනය, body language භාවිතා කිරීම මගින් වඩාත් ඵලදායී ලෙස සන්නිවේදනය කල හැකි අතර අපහසු දෑ පිංතූර මගින් මෙන්ම ලියා පෙන්වීම මගින්ද පහසු කර ගත හැක. මෙහිදී “ඔයා කිව්වේ Park එකට යන්නද?” වැනි ප්‍රශ්න කිරීම මගින් කියූ දෑ තහවුරු කර ගැනීමද වඩා ඵලදායී වේ.

05. නිවැරදිව සන්නිවේදනය නොවූ විට එය පාලනය කරන්න.
ඇසුණේ නැත්නම්:
“දැන් තව ටිකක් සද්දෙන් කියමු” ලෙස ඉල්ලා සිටීම,ඔබට ඇසුණු කොටස නැවත කියා තහවුරු කර ගැනීම හෝ එය ඔව්/නැහැ ප්‍රශ්න භාවිත කර අර්ථය තහවුරු කරගැනීම මගින්ද වඩාත් උසස් ලෙස සන්නිවේදනය කර ගත හැක.

06. වැදගත් සංවාද සඳහා සුදුසු කාලය තෝරා ගන්න.
ඒ පුද්ගලයන්ගේ ඖෂධ ක්‍රියාකරන (“on” time) වේලාවට වැදගත් සාකච්ඡා යොදා ගැනීම,
නිහඬ හා ආලෝකවත් ස්ථානයක් ඒ සදහා යොදා ගැනීම මෙන්ම එකවර වැඩ කිහිපයක් නොකර සංවාදයට පමණක් අවධානය යොමු කිරීම මගින්ද සංවාදයේ ගුනාත්මකභාවය වැඩි කර ගත හැක.

07. ගෞරවය හා විශ්වාසය රඳවා ගන්න.
කථනයේදී පුද්ගලයාගේ සමානාත්මතාවය අගය කරමින්, ඉවසීමෙන්, ඇස් සම්බන්ධතාවය පවත්වා ගනිමින් හා ධෛර්යයමත් කිරීම මගින් අනෙකාට කතාව සදහා පහසු හැගීමක් දැනවිය හැකිය.

08. පාකින්සන් තත්ත්වය සම්බන්ධයෙන් අවබෝධය වැඩි කරගන්න.
මෙහිදී ඔවුන්ගේ ශබ්දය අඩුවීම, වචන පැහැදිලි මදිවීම මෙන්ම මුහුණේ ප්‍රකාශනය වෙනස් විය හැකි බව තේරුම් ගැනීම, වචන අමතක වන බව අවබෝධ කර ගැනීම මගින් වඩාත් ගුනාත්මක ලෙස සන්නිවේදනය සිදු කර හැක.

09. අමතර උපකරණ භාවිත කරන්න.(අවශ්‍ය නම්)
ශබ්ද වැඩි කිරීමේ උපකරණ, ලිවීමේ පුවරු, හෝ ජංගම දුරකතන යෙදුම් (Applications) භාවිතයට ගන්න. (මෙහිදී කථන භාශා චිකිත්සකවරයෙකුගේ සහාය ලබා ගැනීම වැදගත් වේ.)

නිවැරදි අවබෝධයක් තුලින් ඵලදායී ලෙස සන්නිවේදනය කරමු.

සදුනි කුමාරසිංහ
කථන හා භාශා චිකිත්සක
Miracle L Speech & Hearing Center
☎️0761838484

🎉 We’ve Reached 5,000 Followers! 🎉A big thank you to every one of you who has supported Miracle L Speech & Hearing Cente...
17/10/2025

🎉 We’ve Reached 5,000 Followers! 🎉

A big thank you to every one of you who has supported Miracle L Speech & Hearing Center on this journey! 💜

Your likes, shares, and kind messages inspire us every day to help more children and adults find their voice and improve their communication skills. 🗣️✨

We started with a simple goal — to make a difference in the lives of those facing speech, language, and hearing challenges — and today, with your trust, we’re stronger than ever. 🙏

Let’s continue this journey together toward more miracles in communication! 🌟

දරුවන්ගේ ඇතිවන කථන සහ භාෂා ප්‍රමාදයන් ගැන සැලකිලිමත් වී ඒ සම්බන්ධව ඉක්මනින්ම කටයුතු කරන්න...කථන සහ භාෂා ප්‍රමාදයන් ඇතිවී...
06/10/2025

දරුවන්ගේ ඇතිවන කථන සහ භාෂා ප්‍රමාදයන් ගැන සැලකිලිමත් වී ඒ සම්බන්ධව ඉක්මනින්ම කටයුතු කරන්න...

කථන සහ භාෂා ප්‍රමාදයන් ඇතිවීමට හේතු රාශියක් පවතින බැවින් ඔබේ දරුවා අනිත් දරුවන් සමග සැසඳීමෙන් වළකින්න..

ඕනෑම කථන සහ භාෂාව අපහසුතාවයක් සඳහා කථන සහ භාෂා චිකිත්සකවරයෙකු (Speech & Language Pathologist) හමුවී ඔවුන්ගේ සහයෝගය ලබා ගන්න...

අදම අමතන්න Miracle L Speech & Hearing Center
☎️Call / 🟢Whatsapp
🟢 0761 83 84 84
🌎 Web Site https://speechandhearing.lk
Battaramulla | Gampaha| Ambalangoda | Kurunegala

💜 Happy Children’s Day to all our little stars! 💜Your smiles bring joy, your curiosity inspires us, and your dreams ligh...
01/10/2025

💜 Happy Children’s Day to all our little stars! 💜
Your smiles bring joy, your curiosity inspires us, and your dreams light up the future.

Stay happy, stay playful, and keep shining bright! ✨

🔴 දරුවන්ගේ කථන සහ භාෂා හැකියාවන් වර්ධනය කරන ගමන අප එක්ව ආරම්භ කරමු... 🗣👩‍⚕‍🔰 Autism/ඔටිසම්🔰 Delayed speech/ කථන ප්‍රමාදය...
24/09/2025

🔴 දරුවන්ගේ කථන සහ භාෂා හැකියාවන් වර්ධනය කරන ගමන අප එක්ව ආරම්භ කරමු... 🗣👩‍⚕‍
🔰 Autism/ඔටිසම්
🔰 Delayed speech/ කථන ප්‍රමාදයන්
🔰 Stuttering /ගොතය
🔰 Pronunciation difficulties / උච්චාරණ අපහසුතා
🔰 Downs Syndrome / ඩවුන්ස් සින්ඩ්‍රෝම්
🔰 ADHD/ අධි ක්‍රියාකාරී

ඇතුළු ඕනෑම කථන සහ භාෂා අපහසුතාවන් සඳහා ප්‍රතිකාර කිරීමට
අපේ 👩‍⚕‍ කථන හා භාෂා චිකිත්සකවරුන් නිරතුරුවම සූදානම්. 👨‍👩‍👧
අදම අමතන්න Miracle L Speech & Hearing Center
☎️Call / 🟢Whatsapp
🟢 0761 83 84 84
🌎 Web Site https://speechandhearing.lk

Battaramulla | Gampaha| Ambalangoda | Kurunegala

Aphasia (ඇෆේසියා) කියන්නේ ආඝාතය නිසා මොළයේ සෛල වලට හානි වීම නිසා සිදුවන භාෂා අපහසුතාවක්. මෙය කතා කිරීම, අවබෝධය, කියවීම හ...
20/09/2025

Aphasia (ඇෆේසියා) කියන්නේ ආඝාතය නිසා මොළයේ සෛල වලට හානි වීම නිසා සිදුවන භාෂා අපහසුතාවක්. මෙය කතා කිරීම, අවබෝධය, කියවීම හෝ ලිවීම අපහසු කරයි.

නමුත් ඇෆේසියා ඇති අය හෝ ඔවුන්ගේ පවුලේ අය කිසිවිටෙකත් මේ ගැන කලකිරී ප්‍රතිකාර ආරම්භ කිරීම ප්‍රමාදකරන්න, දැන් අපි වයසයි ඕවා ඕන නැහැ ආකාරයෙන් කිසිවිටකවත් හිතන්න එපා.

සුවය දිගු මගක් වුවත්, සෑම දවසකම සහ සෑම සැසියකමත් ලොකු වෙනසක් කරන්න පුළුවන්

කථන චිකිත්සාවෙන් ගත හැකි ප්‍රයෝජන:
✔ නැති වූ භාෂා දක්ෂතා යළි ගොඩනගා ගැනීම
✔ දෛනික ජීවිතයේ සන්නිවේදනය වර්ධනය කිරීම
✔ අමතර සන්නිවේදන ක්‍රම (හස්ථ සංඥා, ලිවීම, Apps) භාවිතා කිරීම
✔ ආත්මවිශ්වාසය වැඩි කර ගැනීම හා අපහසුතා අඩු කර ගැනීම
✔ පවුලේ අය සරලව සහ හුරුපුරුදු ලෙස උදව් කිරීම ඉගෙන ගැනීම

වැදගත්ම දෙය – කථන චිකිත්සාව ( Speech Therapy)පටන්ගෙන චිකිත්සකවරයාගේ උපදෙස් වලින් තොරව එය අතරමග නවත්වන්න එපා!

🔹 පළමු මාස කිහිපය තුළ වේගයෙන් ප්‍රගතියක් දැකිය හැකි වුවත්, දිගටම සැසි කරගෙන යාමෙන් අරමුණු තව තවත් ඉහලට ගෙන යා හැක.
🔹 නතර කළොත්, දැනටමත් ලබාගත් දක්ෂතා අමතක වීමට හෝ අඩු වීමට හැක.
🔹 නිතර පුහුණුවෙන් මොළයේ තිබෙන ස්නායු නව සම්බන්ධතා ගොඩනගා ගනී – එය සුවය සඳහා අත්‍යවශ්‍යයි.
🔹 දිගටම කථන චිකිත්සාව ( Speech Therapy) භාෂාව පමණක් නෙවෙයි – දෛනික ජීවිතයේ සහ පවුලේ සම්බන්ධතා නැවත ගොඩනගන්න පුළුවන්.

එම නිසා ඔබේ මව පියා හෝ සොයුර/ සොයුරිය වෙනුවෙන් ඔබේ කාර්යය වන්නෙ:
* ඔවුන්ට කතා කිරීමට කාලය දෙන්න
* මේ අවස්ථාවේදී රෝගියා මානසිකව කඩා වැටීමකට පවා ලක්වෙනවා එයට එක් හේතුවක් වන්නේ ඔවුන් පෙර ජීවත් වූ ආකාරය සහ දැන් ජීවත් වෙන විදිය අතර සිතිමෙන් එනිසා පවුලේ උදවියට මෙහිදී ලොකු කාර්යභාරයක් තිබෙනවා.
• කතාවේ අපහසුතා වුවත් නවත්වන්න එපා, උත්සාහය උදෙසා ප්‍රශංසා කරන්න
* ඔවුන්ට ලොකු වේදනාවක් දැනෙන විට දිරි ගන්වන්න
• "ඔබට පුළුවන්" කියන විශ්වාසය නැවත ගොඩනගන්න
* චිකිත්සකවරයාගේ උපදෙස් අනුව නිවසේදී අදාල වන්නා වු පුහුනුවීම නිතරම කරන්න.

සරල උදාහරණයක් සලකමු:
Prof . පෙරේරා කියන්නෙ මහාචාර්යවරයෙක්. නමුත් ඔහුට හදිසියේම ඇතිවූ Ischemic stroke ( මොලයේ ලේ කැටියක් හිරවීම) නිසා අඩපන වූ මොලයේ ක්‍රියාකාරිත්වයට අනුව පේරේරා මහාචාර්යතුමාට සරල වචන කිවීමට අපහසු වුණා. නමුත් පවුලේ සහය සහ නිතර කථන චිකිත්සාව ( Speech Therapy) ඔහු දිරි ගෙන, කෙටි වාක්‍ය භාවිතා කරන්නත්, රූප භාවිතා කරන්නත්, ආත්මවිශ්වාසයෙන් කතා කරන්නත් හැකි වුණා. අද ඔහුට තම දරුවන් සහ මිතුරන් සමග කතා කිරීමට අවශ්‍ය විශ්වාසය හා සතුට නැවත ලැබී තිබෙනවා.

සුවය සඳහා කාලය ගත විය හැකි නමුත් සෑම සැසියක්ම ඉදිරියට යන තවත් පියවරක්.
කථ චිකිත්සාව වචන ගැන විතරක් නොවෙයි, එය සම්බන්ධතා, ආත්මවිශ්වාසය සහ ජීවිතයේ ගුණාත්මකභාවය නැවත ගොඩනගා ගැනීමේ මාර්ගයයි.

සටහන
දුලංගි පණ්ඩිතසේකර
කතන හා භාශා චිකිත්සක
Miracle L Speech & Hearing
0761838484

ඔටිසම් තත්ත්වය හා දරුවන්ගේ කතාව පරක්කුවීම  දෙක අතර ලොකු වෙනසක් තිබෙනවා.දෙමාපියන් විදිහට ඔබ මේ වෙනස ගැන දැනුවත් වීම වටිනව...
13/09/2025

ඔටිසම් තත්ත්වය හා දරුවන්ගේ කතාව පරක්කුවීම දෙක අතර ලොකු වෙනසක් තිබෙනවා.

දෙමාපියන් විදිහට ඔබ මේ වෙනස ගැන දැනුවත් වීම වටිනවා. නැත්නම් සාමාන්‍යයෙන් දරුවා කතාකරන්න ප්‍රමාදවූ විට දරුවාට ඔටිසම් තත්වයක් කියල බොහෝ දෙමාපියන් බය වෙනවා හෝ ඇත්තටම දරුවට ඔටිසම් තත්ත්වයක් තිබිලත් දෙමාපියන් හිතෙනවා මේක කථන ප්‍රමාදයක් විතරක් කියල.
මේ කුමන අවස්ථාවක් වුණත් ඔබේ දරුවාට කථන චිකිත්සාව ලබාදීම අත්‍යාවශ්‍ය දෙයක් වෙනවා.

ඔටිසම් සහිත ළමයෙකු,

1.භාෂා භාවිතය/සංවර්ධනය අඩු කම ⁠
2.සමාජ සම්බන්ධතා ඇතිකරගැනීමේ අපහසුතා
3.චර්යාවන්, රුචිකත්වයන්, සහ/හෝ සංවේදී ඉන්ද්‍රීයන් ආශ්‍රිතව පවතින වෙනස්කම් ප්‍රධානව දකින්න පුලුවන්.

🛑 ඔබ ඔබේ දරුවාගේ වෙනස්කම් රටාවක් දුටුවහොත්, ඔටිසම් ඇගයීමක් සිදු කර ගැනීම අනිවාර්යයි.

රෝග විනිශ්චය තුළින් ළමයාට මෙන්ම දෙමාපියන්ට ඔවුන්ගේ මොළය ක්‍රියාකරන ආකාරය සහ ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කිරීමට සහය දැක්විය ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දෙනු ඇත.

කථන හා භාෂා ප්‍රමාදය සහිත දරුවන්

1.සම වයසේ ළමයින්ට වඩා අඩු වචන මාලවක් භාවිතා කරයි. ඇතැම් විට අඩුවෙන් තේරුම් ගනී.

2.සාමාන්‍යයෙන් මේ දරුවන් ඉතාමත් හොදින් ක්‍රියාකාරකම් වලදී අවධානය යොමු කිරීමක් (joint attention) පවතී.

3.අංග චලන, විවිධ මුහුණේ ඉරියව් භාවිතා කරමින් සන්නිවේදනයේ යෙදෙයි. (ඇඟිල්ල දික් කර පෙන්වීම, විස්තර කිරිම, එක එක දේවල් ඉස්මතු කර පෙන්වීම ආදිය).

4.හොඳ භාෂා අවබෝධයක් සහ වයසට අදාල ලෙස සෙල්ලම් කිරීම, චාලක කුසලතා , එදිනෙදා කටයුතු, සිතීමේ කුසලතා මෙන්ම සමාජීය කුසලතා වර්ධනය වෙයි.

ඔටිසම් සහිත ළමයින්

* දරුවාට ඇසෙන දෙයක් ඒ අකාරයෙන්ම නැවත නැවත කියයි (තේරුමක් රහිතව). සමහර විට සෑම විටම සින්දු කියමින් (තේරුමක් රහිතව) කාලය ගත කරයි.

* භාෂා භාවිතයේ ප්‍රමාදය මෙන්ම කලින් භාවිතා කරන ලද වචන මාලාවේ අඩු වීමක් පෙන්වයි.

* කතා කරන වචනයක් වුවද එය නැවත නැවත භාවිතයට නොගනී. .

* දරුවාට අවශ්‍ය දේවල් ඉල්ලීමට වචන භාවිතා කිරීම වෙනුවට ඔවුන් වැඩිපුර කැමති දේවල් (Alphabet, numbers, colours) පමණක් නම් කිරීමට භාෂාව භාවිතා කරයි.

* බොහෝ විට තනියම සෙල්ලම් කිරීමට කැමැත්තක් දක්වයි.

* අනිත් අයගේ අවධානය ලබා ගැනීමට අසාමාන්‍ය ආකාරයේ හැසිරීම් තුළින් උත්සාහ කරයි.

* බොහෝ විට ඇසට ඇස අවධානය( Eye contact) පවත්වා ගැනීම සිදු නොකරයි.

* සංවේදී ඉන්ද්‍රියන්ගේ විවිධ සංවේදන සම්බන්ධව ගැටලු පවතී

* බොහෝ විට දරුවා කැමති චර්‍යා රටාවේ වෙනසක් සිදු වෙනවාට අකමැත්තක් දක්වයි.

* දරුවා සම වයසේ හෝ පවුලේ අය හෝ සමඟ සම්බන්ධ වීමට (social skills) අකමැත්තක් දක්වයි. තනිව සිටීමට ප්‍රිය තාවයක් දක්වයි.

* තේරුමක් නැතිව නැවත නැවත සිදු කරන ක්‍රියා රටාවන් පවතී ( උදා:- අතක් සෙලවීම, යම් දෙයකට තට්ටු කිරීම , යම් කිසි දෙයක් දෙස ඇසට ළං කර හෝ ඇසේ පැත්තකින් බලයි)
*ඉහත කී ලක්ෂණ දරුවාගෙන් දරුවාට වෙනස්විය හැකි.

දරුවාට කථන ප්‍රමාදයක් හෝ ඔටිසම් තත්ත්වය ඇතිවිට මේ සදහා අනිවාර්යයෙන්ම කථන චිකිත්සාව හා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුයි. එමගින් දරුවාගේ කථන සහ භාෂා හැකියාව වර්ධනය කර ගත හැකි.

ඔබේ දරුවා ඔටිසම් තත්ත්වයක ලක්ෂණ පෙන්නුම් කරනවද කියා සැක හැර දැනගැනීමට පහල Comment එකේ තිබෙන Check List එක පුරවන්න...

සටහන
කථන හා භාෂා චිකිත්සක,
මලින්දි දිල්හාරා
0761838484

කුරුණෑගල  අවට සිටින ඔබට දැන් ඉතා පහසුවෙන්  කථන හා භාෂා චිකිත්සක ප්‍රතිකාර ලබාගන්න පුළුවන්...ප්‍රතිකාර සඳහා වේලාවක් වෙන්ක...
09/09/2025

කුරුණෑගල අවට සිටින ඔබට දැන් ඉතා පහසුවෙන් කථන හා භාෂා චිකිත්සක ප්‍රතිකාර ලබාගන්න පුළුවන්...

ප්‍රතිකාර සඳහා වේලාවක් වෙන්කර ගැනීමට අදම අමතන්න
☎ Call : 0761 838484
🌎Website : www.speechandhearing.lk

සුභ ආරංචියක්! Miracle L Speech & Hearing Center හි නවතම ශාඛාව කුරුණෑගලදී ළඟදීම විවෘත වෙයි...
04/09/2025

සුභ ආරංචියක්!
Miracle L Speech & Hearing Center හි නවතම ශාඛාව කුරුණෑගලදී ළඟදීම විවෘත වෙයි...

The Power of Speech Therapy in Parkinson’s Disease Parkinson’s disease is widely recognized for its effects on movement ...
24/08/2025

The Power of Speech Therapy in Parkinson’s Disease

Parkinson’s disease is widely recognized for its effects on movement - tremors, stiffness, and balance issues. But did you know it can also significantly impact on speech and communication?
Many people living with Parkinson’s experience speech difficulties such as:
🔴 Soft or hoarse speech
🔴 ⁠Reduced loudness
🔴 Slurred or mumbled words
🔴 Monotone voice (lacking pitch variation) and
🔴 Difficulty in swallowing (dysphagia)
These challenges can affect confidence, relationships, and overall quality of life. That’s where speech therapy steps in.

Why Speech Therapy Matters:
✅Improves Voice Quality
People with Parkinson’s often speak more softly without realizing it. This happens because the disease affects the muscles that control voice and breath. Over time, their speech may become too quiet or hard to understand.
Speech therapy helps by practicing exercises to strengthen those muscles, increase vocal loudness and speak with a stronger, clearer voice through repeated practice.

✅ Enhances Clarity of Speech
Parkinson's can cause slurred or rushed speech due to changes in muscle coordination. This makes it harder for others to understand the person.
Speech therapists work on articulation by helping patients move their lips, tongue, and jaw more deliberately.
They also practice strategies to slow down speech, take proper pauses, and focus on clear pronunciation.

✅ Boosts Confidence and Social Connection
When speech becomes difficult, many people with Parkinson’s withdraw from conversations or avoid social situations altogether. This can lead to isolation, frustration, and even depression.
Improving communication through therapy and the partner training strategies introducing by the therapists help individuals feel more confident and stay socially connected, which is vital for emotional and mental well-being.

✅ Supports Safe Swallowing
Parkinson’s doesn’t just affect speech. It also weakens the muscles involved in swallowing. This can lead to choking, coughing while eating or drinking, or food going down the wrong pipe (aspiration) which is life threatening.
Speech language pathologists assess swallowing safety and practice exercises or techniques to make swallowing easier and safer, like posture changes, modified food textures or alternative methods .

It’s Never Too Early (or Too Late)

Even in the early stages of Parkinson’s, speech therapy can make a major difference. The sooner therapy begins, the better the outcomes.

If you or a loved one is navigating Parkinson’s, consider speaking to a speech language pathologist about starting a therapy plan.

Communication is more than talking - it’s connecting. And everyone deserves to be heard.

Call us for more details 0761 838484

මව්පියන්ගේ උනුසුම් ප්‍රතිචාරයන් දරුවාගේ සමාජ සම්බන්ධතාවය හා කථනය වර්දනයට  බලපාන අයුරුදෙමව්පියන් වශයෙන්, ඔබේ දරුවා සමඟ ශක...
16/08/2025

මව්පියන්ගේ උනුසුම් ප්‍රතිචාරයන් දරුවාගේ සමාජ සම්බන්ධතාවය හා කථනය වර්දනයට බලපාන අයුරු

දෙමව්පියන් වශයෙන්, ඔබේ දරුවා සමඟ ශක්තිමත් අන්තර්ක්‍රියාවක් සහ සම්බන්ධතාවයක් (social interaction and attachment) ගොඩනැගීම ඔවුන්ගේ සංවේදීතාවය, සමාජ සංවර්ධනය සහ කථන හා භාෂා නිපුණතා වර්ධනය සඳහා ඉතා වැදගත්ය. දරුවෙක් තම කථන, භාෂාව වගේම අනිකුත් සියලු දෑ සඳහා අඩි තාලම දමා ගන්නෙ නිවසේදීය. ඉතින් මව්පියන් වන ඔබ එය නිවැරදිව ඔවුන්ට ලබා දිය යුතුයි.
එසේ නම්, මව්පියන් වශයෙන් ඔබ කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් පිළිබඳ සරල දේවල් කිහිපයක් සලකා බලමු.

✅ ඔබ කළ යුතු දේවල්:

01 දරුවාට සංවේදී වන්න
මෙහිදී අනවශ්‍ය ලෙස දරුවාට සංවේදී වීම නොව, දරුවාගේ සංවේදක ප්‍රතිචාර වලට ඔවුන්ටම පිළිතුරු දක්වමින් අද්දැකීම් ලබා ගැනීමට ඉඩ දිය යුතුය.

• දරුවාගේ ඇඟවීම්, සිනහවන් සහ හඬට උණුසුම් ලෙස ප්‍රතිචාර දක්වන්න.
• දරුවාට අද්දැකීම් ලබා ගැනීමට ඉඩ දෙන්න.

02 පැහැදිලිව කතා කරන්න

* දරුවාට කතා කරන්න, ඔහු හෝ ඇය තවම කතා නොකලද ඔබට ඔවුන් සමඟ සරල ලෙස කතා කල හැකියි.
* ඔබ කරමින් සිටින දේ විස්තර කරන්න: “දැන් අපි අත් සෝදනවා.”
* සරල සහ පැහැදිලි භාෂාව භාවිතා කරන්න.

03 ඇස් දෙස බලා කතාකිරීම

* දරුවාගේ ඇස් මට්ටමේ සිටින්න ( Eye Contact)
* දරුවාගේ ඇස් දෙස බලා දරුවාට කතා කරන්න.

04 දරුවාට සවන් දෙන්න

* දරුවාට ප්‍රතිචාර දීමට අවස්ථාව ලබා දෙන්න.
* ඔවුන් හඬින් හෝ සංඥා මගින් ප්‍රතිචාර දක්වයි නම්, එය සන්නිවේදනයක් ලෙස පිළිගන්න.
* ප්‍රතිචාර දැක්වීමට දරුවා දිරිමත් කරන්න.

05 එක්ව ක්‍රීඩා කරන්න

* මවාපෑම් සෙල්ලම් කිරීම, ක්‍රීඩා ආශ්‍රයෙන් සෙල්ලම් කරන්න.
* දරුවාගේ කැමැත්ත අනුව සෙල්ලම් තෝරා ගැනීමට සලස්වන්න.

06 භාවයන් නම් කරන්න

* දරුවාගේ හැඟීම් නම් කරන්න: “ඔබට දුකයි නේද? කාර් එක කැඩුනා නෙහ්?”
* මෙය දරුවාට හැඟීම් වචන වලින් පළ කිරීමට උදව් වේ.

07 සංවිධානය සහ නියමිත රටාවන්
* දෛනික රටාවන් අනුව සංවිධානාත්මක හැකියාව වර්ධනය වීමට උදව් වේ (දෛනික කාල සටහන ).
* විශ්වාසයෙන් පිරුණු පරිසරයකට දරුවා විවෘතව කතා කරයි.

08 පිළිවෙලින් කතා කිරීම කියා දෙන්න

* ඔබ කතා කළ පසු පොඩි විරාමයක් දී, ළමයාට ප්‍රතිචාර දක්වන්නට ඉඩ දෙන්න.

❌ ඔබ නොකළ යුතු දේවල්:

* දුරකථන/ තිර උපකරණ වලට වඩාත් යෙදීම.
* කතා බහ වෙලාවට ඔබ දරුවා සමඟ කතා කරමින් වෙනත් වැඩවලට අවධානය ලබා නොදෙන්න.
* හැම විටම භාෂාව නිවැරදි කිරීමට උත්සාහ නොකරන්න
නිවැරදි කිරීමට උත්සාහ නොකර, නිවැරදි වචනය උදාහරණයක් වශයෙන් භාවිතා කරන්න.
(ළමයා: “බෝ” → ඔබ: “ඔව්, බෝලෙ!”)
* ළමයාට කතා කිරීමට අධික ආතතියක් නොදෙන්න
කතා කිරීමට අවස්ථාව, කාලය, සහ සාමකාමී පරිසරයක් ලබාදෙන්න.
* දරුවාට හැම විටම “බබා” ලෙස කතා නොකරන්න
ඔහුගේ/ඇයගේ නම ඒ සඳහා භාවිතා කරන්න.
* දරුවා අඩන නිසා දේවල් ඉල්ලීමට පෙර එය ලබා නොදෙන්න
දේවල් ඉල්ලිමට දරුවාට අවස්ථාව ලබා දෙන්න.

මව්පියන්ගේ උණුසුම්, ප්‍රතිචාරක සහ විශ්වාසවන්ත සබඳතාවක් දරුවාගේ භාෂා සහ සමාජ සංවර්ධනය සඳහා මූලික පදනමක් වේ. ඔබේ කටහඬ, වචන, හැඟීම් සහ ක්‍රියා හරහා දරුවා සන්නිවේදනය, හැඟීම් තේරුම් ගැනීම සහ සමාජ අන්තර්ක්‍රියාව ඉගෙන ගනී.
ඔබ ගත කරන සරල කාලය තුළත් දරුවාගේ මනා සංවර්ධනයට විශාල උදව් වේ. එමනිසා පලමුව ඔබ, ඔබේ දරුවා සමඟ ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩ නගන්න. දරුවාට දෙමව්පියන් වන්න.. ඒ තුළින් දරුවා අන් අය සමඟ සහ සම්බන්ධතාවය ගොඩ නගා ගැනීමට උත්සාහ දරාවි...!!

සටහන -
කථන හා භාෂා චිකිත්සක
Miracle L Speech & Hearing
දුලංගි පන්ඩිතසේකර
☎️ 0761838484

Address

472/1, Kaduwela Road, Ganahena
Battaramulla
10120

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94761838484

Alerts

Be the first to know and let us send you an email when Miracle L posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Miracle L:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram