Psychological Facts

Psychological Facts මානසික සුවයට මනෝවිද්‍යාව 💆‍♂️💆‍♀️~~~

10/03/2025

මානසික රෝග වර්ග

ලෝකයේ විවිධ හේතු සාධක නිසා විවිධ වර්ගයේ මානසික රෝග පුද්ගලයන්ට වැළඳේ. මෙම මානසික රෝග ගණනාවක් පිළිබඳව ඉහත සඳහන් කරන ලද වර්ගීකරණයන් තුළ විස්තර කොට ඇත (පෙර ලිපියේ). ඒවා මෙලෙස දැක්විය හැකිය. මෙම මානසික රෝගවල ඇති විවිධ ලක්ෂණ අනුව මේවා තවත් අනු කාණ්ඩ වලට වර්ගීකරණය කරයි.

ඩිමෙන්ෂියාව (Dementia )

අමතක වීම ප‍්‍රධාන රෝග ලක්ෂණය වේ. එය අසාමාන්‍ය තත්ත්වයකි. මහලූ වයසේ පසුවන පුද්ගලයන්ට මෙම රෝගය බහුල වශයෙන් ඇත. අංශභාගය වැනි රෝග ඇති පුද්ගලයන්ගේ මොළයට සිදුවන බලපෑම සහ හානිය නිසා ද මෙම රෝග තත්ත්වය ඇති වීමට ප‍්‍රවණතාවක් ඇත. මොළයට දැඩි ලෙස හානි සිදුවීම නිසා ද මෙම තත්ත්වය ඇති විය හැක. Vascular Dementia යනු අංශභාගය වැනි රෝග තත්ත්වයන්ගේ බලපෑම නිසා ඇති වන අමතක වීමේ Dementia තත්ත්වයයි.

Substance Abuse

මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානය සඳහා අධික ලෙස ඇබ්බැහි වූ පුද්ගලයන්ට මෙම රෝගය ඇති විය හැකිය. මෙහි බලපෑම කොතෙක් ද යත් ඔවුන්ට මත්ද්‍රව්‍ය සහ මත්පැන් නොමැතිව සිටිය නොහැකිය. එය පාලනය කර ගත නොහැකි තත්ත්වයකි. මත්ද්‍රව්‍ය සහ මත්පැන් නොමැතිව සිටීමෙන් බියට පත් වී කෑ ගැසීම, වෙව්ලීම, බොරු කීම, ප‍්‍රචණ්ඩකාරි ලෙස හැසිරීම සහ අමතක වීම වැනි ලක්ෂණ ඇති වේ. Dependence Syndrome, Delirium Syndrome, Amnestic Syndrome යනු Substance Abuse ගණයට අයත් අනෙක් රෝගයන්ය.

භින්නෝන්මාදය (Schizophrenia)

දරුණුම මානසික ආබාධයකි. මායාවන් ඇති වීම, කලකිරීම, සැකය, දුක, සියදිවි නසා ගැනීමට තැත් කිරීම, හිස් බව, ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම සහ අධික සතුට ආදිය ප‍්‍රධාන ලක්ෂණ වේ. මෙහි රෝග තත්ත්වයන් ගණනාවකි. Schizophrenia අධික සැකය ඇති වීම, Hebephrenic Schizophrenia අධික සතුට සහ ජීවිතය අසාර්ථක බව Catatonic Schizophrenia බොහෝ වේලාවක් එකම ඉරියව්වෙන් සිටීම, Post schizophrenic Depression වලදී දැඩි කලකිරීම සහ නිතරම කල්පනා කිරීම ප‍්‍රධාන ලක්ෂණයන්ය. Persistent Delusional Disorder වල ප‍්‍රධාන ලක්ෂණය වන්නේ අනෙක් අය පිළිබඳව ඇති දැඩි සැකයයි. මෙලෙස රෝග ලක්ෂණ අනුව තව දුරටත් මෙම රෝගය වර්ගීකරණය කර ඇත.

Mood Disorders

මෙම රෝගයේ ප‍්‍රධාන කොටස් දෙකකි. Manic Episode වල ප‍්‍රධාන ලක්ෂණ වන්නේ මෙම රෝගය ඇති පුද්ගලයන් එක් කාලයක දී එක දිගට එක කාර්යයක නිරත වන අතර අධික කි‍්‍රයාකාරිත්වයෙන් යුක්ත වේ. එමෙන්ම ඉතාම සතුටින් කාලයක දි ජීවත් වෙයි. නමුත් මෙම රෝගයේ අනෙක් අන්තය වන විට එක් කාලයකදී එම රෝගීන් ඉතාම දුකෙන් ජීවත් වෙයි. මුලින් පැවති කි‍්‍රයාකාරී බව අඩු වේ. නිතරම කල්පනා කිරීම සිදු කරයි. එම තත්ත්වය නිසා විශාදය සෑදීමට ප‍්‍රවණතාවක් ඇත. මෙම රෝගයේ අන්ත දෙකක් ඇති නිසා එය Bipolar Diseases යනුවෙන් ද හඳුන්වයි.

Dissociative Disorders

මෙම රෝගයේ ප‍්‍රධාන ලක්ෂණය වන්නේ පුද්ගලයාගේ යටි සිතෙහි ඇතිවන කි‍්‍රයාකාරිත්වය සහ මතකය නැති වීම නිසා තමා කවුද යන්න පිළිබඳ පවා අමතක වී තමාගේ අනන්‍යතාවය පවා හඳුනා ගැනීමට නොහැකි වීමයි. මෙහිදී එවැනි රෝගී තත්ත්වයක් ඇති පුද්ගලයන් විවිධ අවස්ථාවන්වල විවිධ පුද්ගලයන් වශයෙන් හැසිරේ. නිදසුනක් වශයෙන් මෙම රෝගය ඇති වෛද්‍යවරයෙකු වන අයෙක් කාලයකදී අතුරුදන් වී වෙනත් ස්ථානයක අත් උදව්කරුවෙකු වශයෙන් සේවය කිරීම. මෙම රෝගය ඇති පල්ලියක සේවය කරන එක්තරා පූජකයෙකු සම්බන්ධ කතාවකට අනුව ඔහු එක් කාලයකදී පල්ලියෙන් අතුරුදහන් වේ. එහිදී ඔහු වෙනත් ප‍්‍රදේශයකට ගොස් වෙළෙඳ සලක අත් උදව්කරුවෙකු වශයෙන් සේවය කරයි. එහි දී ඔහුට තමන් පූජකයෙකු බව මුළුමනින්ම අමතක වේ. මෙය එම රෝගයේ ස්වභාවයයි.

Somatoform Diseases

අනෙක් අයගේ අවධානය ලබා ගැනීමට නිතරම කටයුතු කරයි. තමාට ඇත්තටම රෝගයක් නොමැති වුවද කුමන හෝ රෝගයක් ඇති බවට අඟවා ඒ තුළින් අනෙක් අයගේ අවධානය ලබා ගැනීමට උත්සාහ කරයි.

Eating Disorders

මෙම රෝගයේ වර්ග රාශියක් ඇත. ඇතැම් පුද්ගලයන් ආහාර සම්බන්ධ කරුණුවල දි මානසික රෝගයන්ගෙන් පීඩා විඳින බව ඔබ දන්නවා ද? Anorexia Nervosa යන රෝගයේ දී ඉතාම කෙට්ටු පුද්ගලයන් තමා ඉතා මහත බව සිතා ආහාර පාලනය සිදු කරයි. තරුණ කාන්තාවන්ට මෙම තත්ත්වය වැඩි වශයෙන් පවතින බව සොයාගෙන ඇත. Bulimia Nervosa යන රෝගයේ දී වැඩියෙන් ආහාර ගෙන තමා ආහාර ගත්තා වැඩි යැයි සිතා එම ආහාර වමනය කිරීම සිදු කරයි.

Sleeping Disorders

නින්දේ ඇතිවන අක‍්‍රමිකතා සහ මානසික ව්‍යාකූලත්වය යටි සිතෙහි ඇති වියවුල් සහගත බවල මානසික කම්පනය වැනි තත්ත්වයන් මෙම රෝගී තත්ත්වයට හේතු වේ. මෙහි ප‍්‍රධාන කාණ්ඩ කිහිපයකි. ඒ අනුව රෝග ලක්ෂණ වෙනස් වේ.

Insomnia - නින්ද නොයෑම ප‍්‍රධාන ලක්ෂණය වේ

Hypersomnia - නිතරම නිදා ගැනීම ප‍්‍රධාන ලක්ෂණය වේ.

Sleep Walking -නින්දෙන් ඇවිදීම මෙය දරුණු රෝගයක් නොවේ. නමුත් එහිදී එම පුද්ගලයාට අනතුරක් සිදුවීමේ අවදානමක් ඇත.

Night Mares - නින්දෙන් අවදි වීම, භය වීම, හීනෙන් කතා කිරීම ප‍්‍රධාන ලක්ෂණ වේ. කුඩා ළමුන්ට මෙම තත්ත්වය බහුලව ඇත.

Night Terrors - මෙය ඉතාම දරුණු තත්ත්වයකි. නින්දෙන් අවදි වීම සහ ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම, ඇතැම් විට මනුෂ්‍ය ඝාතන සිදු කිරීමට ද යොමු වේ.

Sexual Disorders

ලිංගිකත්වය මත ඇතිවන මානසික රෝගයන්ගෙන් ඇතැම් පුද්ගලයන් පීඩා විඳියි. මෙම රෝග තත්ත්වය පිරිමි පුද්ගලයන් අතර බහුලවම දැකිය හැකිය. මෙම රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන්ගෙන් සමාජයට බෙහෝ කරදර සිදු වේ. කුඩා දරුවන් සහ සෑම වයස් මට්ටමකම පසුවෙන කාන්තාවන්ට මෙවැනි පුද්ගලයන්ගේ කි‍්‍රයාවන් නිසා දැඩි ලෙස අපහසුතාවන්ට ලක් වේ. මෙම මානසික රෝගයන්ගෙන් පෙළෙන ඇතැම් පුද්ගලයන් මනුෂ්‍ය ඝාතන පවා සිදු කිරීමට පෙළඹේ. එමෙන්ම පවුල් ජීවිත අසාර්ථක වීමට ද මෙවැනි රෝග තත්ත්වයන් බලපායි. මෙවැනි රෝගීන් ඉතාම දරුණුය. මෙවැනි රෝග සඳහා මානසික ප‍්‍රතිකාර ක‍්‍රම ඇත. රෝග ලක්ෂණ අනුව මෙහි වර්ග කිහිපයකි.

Lack of Desire - ලිංගික කි‍්‍රයාවන්ට දැඩි ලෙස අකමැති වීම මෙහි ප‍්‍රධාන ලක්ෂණයකි.

Vaginismus - ලිංගික කටයුතු සඳහා උනන්දුවක් නොමැති වීම. අතවරවලට ලක් වීම වැනි වේදනාකාරී ලිංගික අත්දැකීම් ඇති බොහෝ කාන්තාවනට මෙම තත්ත්වය ඇත.

Dysperenia - ලිංගික කාර්යයේදී දරුණු ලෙස හැසිරීම. බොහෝ පිරිමි පුද්ගලයන් අතර මෙම තත්ත්වය දැකගත හැකිය.

මීට අමතරව Failure for Sexual Arousal, Or****ic, Preamture Ej*******on, Excessive Sexual Desire යනුවෙන් මෙම වර්ගයේ තවත් රෝග ඇත. මෙම රෝග බොහොමයක්ම අසාමාන්‍ය ලිංගික ආශාවන් සහ අසහනයන් නිසා හෝ ලිංගික කටයුතු සඳහා අකමැති වීම නිසා ඇතිවන රෝග තත්ත්වයන් වේ.

Personality Disorders (පෞරුෂ ආබාධ)

පුද්ගලයාගේ පෞරුෂයේ ඇතිවන විවිධ ආබාධ නිසා මෙම මානසික රෝගී තත්ත්වය ඇති වේ. සුවිශේෂිත රෝග ලක්ෂණ අනුව පෞරුෂ ආබාධ වර්ග කිහිපයකි.

Obsessive Compulsive Disorder (OCD)

අධික පිරිසිදු බව අධික පිළිවෙළ සහ එකම කි‍්‍රයාව නැවත නැවත සිදු කිරීම නැවත නැවත එකම දේ පිළිබඳව සිතීම ඒ නිසා මානසික වශයෙන් ඇති වන අසහනකාරී බවක් ඇති වේ. නමුත් අනෙක් මානසික රෝග මෙන් ජීවිතයට එතරම් බලපෑමක් ඇති නොවේ. මෙම රෝග තත්ත්වය ලංකාවේ මිනිසුන්ගෙන් 7%කට පමණ ඇත. මෙහිදී එකම සිතුවිල්ල නැවත නැවත සිතීම නිසා එකම කි‍්‍රයාව කිහිප වරක් කිරීම දැකිය හැකිය. (Obsession ), (Compulsion)¡. අනිවාර්යෙන්ම මෙම රෝග ලක්ෂණයන්ගෙන් එකක් තිබිය යුතුය. මොළයේ සිදුවන කි‍්‍රයාකාරිත්වයේ ඇතිවන අසමතුලිතතාවයන් මොළයේ ඇතිවන ව්‍යුහාත්මක වෙනස්කම් සහ ජානමය හේතු සාධක මෙම රෝග තත්ත්වය ඇති වීමට බලපායි. ඖෂධ ප‍්‍රතිකාර සහ මනෝ උපදේශනය යන ප‍්‍රතිකාර ක‍්‍රම දෙකම මෙහිදී ලබාදිය යුතුය. Medication Psychotherapy, CBT, Exposure and Response Prevention යන ප‍්‍රතිකාර ක‍්‍රම ද මෙම රෝගය සඳහා නිර්දේශ කරයි. Exposure and Response Prevention යන ප‍්‍රතිකාර ක‍්‍රමය මගින් රෝගියා එකම කි‍්‍රයාව නැවත නැවත සිදු කරන වාර ගණන අඩු කිරීම සිදු කරයි.

Paranoid Personality Disorder - අනෙක් අය නිතරම සැක කිරීම

Anti Social Personality Disorder ප‍්‍රචණ්ඩකාරි ලෙස හැසිරීම ප‍්‍රධාන ලක්ෂණය වේ. ඔවුන් නිතරම සමාජයේ ජීවත් වේ. මත්පැන් සහ මත් ද්‍රව්‍ය අධික ලෙස භාවිත කිරීම ස්තී‍්‍ර දූෂණය මිනිස් ඝාතන සිදු කිරීම සොරකම් කිරීම මත් ද්‍රව්‍ය ජාවාරම් සිදු කිරීම වැනි සමාජ විරෝධී කි‍්‍රයාවන් වල මෙවැනි පුද්ගලයන් නිරත වන අතර ඔවුන්ට තමන් කරන වැරදි පිළිබඳ පසුතැවීමක් ද නොමැත. සමාජය පිළිගත් සම්මතයන්ට පටහැනි චර්යාවන් මෙම පුද්ගලයන් තුළ දැකගත හැකිය.

Borderline Personality Disorder - නිතරම ආවේගශීලි ලෙස හැසිරීම සහ පුද්ගල සම්බන්ධතා පවත්වා ගැනීමේ ඇති වන දුෂ්කරතා ප‍්‍රධාන ලක්ෂණය වේ. මෙම පුද්ගලයන්ට ඇත්තේ තාවකාලික සම්බන්ධතාවන්ය.

මීට අමතරව කුඩා ළමුන්ට ඇති මානසික ආබාධයන් කිහිපයක් ද ඇත.

ADHD - අධි කි‍්‍රයාකාරී දරුවන් ආවේගශීලි හැසිරීමල වැඩි වෙලාවක් අවධානය රඳවා තබා ගැනීමට නොහැකි වීම මෙහි ප‍්‍රධාන ලක්ෂණ වේ.

Conduct Disorder - සොරකම් කිරීම සතුන් මැරීම සහ අන් අයට හිංසාවන් සිදු කිරීම වැනි සමාජ විරෝධී කි‍්‍රයාවන් සිදු කිරීම.

Oppositional Defiant - අන් අයට සවන් නොදීම සහ දැඩි අකීකරු බව

Elective Mutism - අන් අය සම‘ග කිසි විටෙකත් කතා නොකිරීම - පාසලේදී යහළුවන් සමග කතා නොකිරීම

Tic Disorders - අසභ්‍ය වචන භාවිතය සහ ආවේගශීලි බව

Enuresis - වයස අවුරුදු හතෙන් පසුව දරුවාට නිතරම රාති‍්‍රයේදී නින්දේ දී මුත‍්‍රා පිට වීම රෝගී තත්ත්වයකි.

Encopresis - නිරන්තරයෙන් දරුවාට නිවසෙන් බැහැරව සිටින විට නිදසුනක් වශයෙන් පාසලේදී නිතරම මළපහ විම ද රෝගී තත්ත්වයකි.

Stammering - කතා කරන විට ගොත ගැසීම

කුඩා ළමුන්ට ඇති මෙම මානසික ආබාධයන් එතරම් දරුණු ඒවා නොවන අතර ඒ සඳහා ප‍්‍රතිකාර ක‍්‍රම ලබා දී සුවය ලබාගත හැකිය.

ඉහත දක්වා ඇත්තේ මානසික රෝග පිළිබඳ කෙටි හැඳින්වීමකි. ඉහත සඳහන් කරන ලද මානසික රෝග සඳහා ප‍්‍රතිකාර ක‍්‍රම ඇත. එම ප‍්‍රතිකාර ම`ගින් රෝගීන්ට

සුවය ලබාගත හැකිය. ඉහත සඳහන් කරන ලද මානසික රෝගයන්ට අමතරව තවත් මානසික රෝග බොහොමයක්ම ඇත. මෙම මානසික රෝග ඇති පුද්ගලයන්ගේ කි‍්‍රයාවන් කිසිසේත්ම ඔවුන් සිතා මතා සිදු කරන දේවල් නොවේ. එය රෝගයේ ස්වභාවයයි. එම චර්යාවන් ඔවුන්ට පාලනය කරගත නොහැකිය.

(පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යයන අංශය මගින් පවත්වනු ලබන මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ පාඨමාලාව ඇසුරෙනි.)

කේ.ජී. හර්ෂණී එරන්දිකා කුමාරි
පර්යේෂණ සහකාර
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

❤️🥰
13/07/2024

❤️🥰

සතුටින් හා උද්යෝගයෙන් ජීවත් වන්නේ කෙසේද?අප වර්තමානයේ ජීවත් වන්නේ ආර්ථික , සමාජ, දේශපාලන වශයෙන් අපහසුතාවලට මුහුණ දෙන සමය...
04/07/2024

සතුටින් හා උද්යෝගයෙන් ජීවත් වන්නේ කෙසේද?
අප වර්තමානයේ ජීවත් වන්නේ ආර්ථික , සමාජ, දේශපාලන වශයෙන් අපහසුතාවලට මුහුණ දෙන සමයකයි. එවන් සමයක සතුට යනු බොහෝ දුර දෙයක් යැයි අපට හැඟේ. නමුත් එය වැරදිය. අමාරුම අවස්ථාවලත් සතුටින් ඉන්න පුළුවන්. එයට ඇත්තේ එකම එක වචනයයි. ඒ Positive ( ධනාත්මක ).

අපේ වටේ ඉන්නවා හැමවෙලේම හිනා වෙලා ඉන්න, උත්සාහය අත් නොහරින, කැපවීමෙන් වැඩ කරන අය. හැබැයි ඒ අයටත් ප්‍රශ්න , අපහසුතා නැතුවම නොවේ. ඔවුන් ප්‍රශ්න ඔලුවෙ තියන් ඇවිදින්නෙ නෑ.

ඔබත් සතුටින් සිටීමට නම් සෘණාත්මකව හිතන එක නවතා දමන්න. සෑම ඍනාත්මක අවස්ථාවකදීම ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න. එනම් ඔබට රැකියාව අහිමි වුණා යැයි සිතන්න. ඒ ඔබ කළ රැකියාවට වඩා හොඳ රැකියාවක් ඔබට ලැබෙන්න ඇයි සිතන්න. නව රැකියාවක් ලබාගැනීමට උත්සාහ කරන්න. ඔබ විභාගයක් අසමත් වුණා යැයි සිතන්න. නැවත වරක් උත්සාහ කරන්න. නැතිනම් ඔබේ හැකියාවන් හදුනාගෙන ඊට සුදුසු මාවතේ ගමන් කරන්න.ඔබේ ආදර සබඳතාව බිඳ වැටුණා යැයි සිතන්න. ඒ ඔබට ඊටත් වඩා හොඳ කෙනෙක් ලැබෙන්න කියා සිතන්න.

දැන් තේරෙනවා නේද ඔයාලට සතුට තියෙන්නෙ අපේ ඇතුලතමයි. කණ්නාඩිය ඉස්සරහට ගිහින් ඔයාගේ රූපයම වර්ණනා කරන්න. ඒ සුන්දරත්වය ඔබම විඳින්න.ඔබේ වටිනාකම ඔබම හඳුනා ගන්න. ධනාත්මකව සිතන්න. ධනාත්මකව සිතන අය ඇසුරු කරන්න. ඔබේ ජීවිතයත් ධනාත්මක දෙසට ගමන් කරාවි.

❤️~~𝓢𝓪𝓾~~

ඔබ ඔබගේ රැකියාව තුළ, නිවස තුළ ආතතිය නිසා පීඩා විදිනවාද ?එසේනම් මදක් ඔබගේ ඒකාකාරී ජීවන රටාවෙන් මිදී ඔබට යාමට පහසු තැන්වල ...
27/06/2024

ඔබ ඔබගේ රැකියාව තුළ, නිවස
තුළ ආතතිය නිසා පීඩා විදිනවාද ?
එසේනම් මදක් ඔබගේ ඒකාකාරී ජීවන රටාවෙන් මිදී ඔබට යාමට පහසු තැන්වල සංචාරය කරන්න.
ඉන් ඔබේ මනසේ සිදුවන වෙනස අත් විදින්න❤️🥰~~

තම රැකියා සිදු කරන අතරම තම දරුවන්ටත් ඔබගේ කාලය වෙන් කරන්න. ඔවුන් ඉගෙන ගන්නා දේට උදව් කරන්න. ඔවුන්ගේ හැකියා සහ දක්ෂතා හඳු...
27/06/2024

තම රැකියා සිදු කරන අතරම තම දරුවන්ටත් ඔබගේ කාලය වෙන් කරන්න. ඔවුන් ඉගෙන ගන්නා දේට උදව් කරන්න. ඔවුන්ගේ හැකියා සහ දක්ෂතා හඳුනාගෙන ඒවා දියුණු කර ගැනීමට දිරිය දෙන්න.~~❤️🥰

❤️
18/06/2024

❤️

ළමා මානසික ආතතිය👧🧑හේතු-1. ශාරීරික මානසික තර්ජන.2. සමාජයේ, පවුල් පරිසරයේ වෙනස්කම්.3. දෙමව්පියන්ගේ, ගුරුවරුන්ගේ, වැඩිහිටිය...
07/06/2024

ළමා මානසික ආතතිය👧🧑

හේතු-

1. ශාරීරික මානසික තර්ජන.
2. සමාජයේ, පවුල් පරිසරයේ වෙනස්කම්.
3. දෙමව්පියන්ගේ, ගුරුවරුන්ගේ, වැඩිහිටියන්ගේ අසීමිත ඉල්ලීම්.
4. පවුලේ හා සමාජයේ සබඳතාවල බිඳ වැටීම්.

පාලනයට පියවර-

1. ව්‍යායාම හා ක්‍රීඩා කිරීම.
2. විවේකය හා ආහාර.
3. භාවනාව.
4. බෙදා හදා ගැනීම.
5. කාල කළමනාකරණය.
6. පරිකල්පනය.
7. පොත් කියවීම.
8. විනෝදාත්මක ක්‍රියාවල යෙදීම.

ළමා මානසික ආතතිය වර්තමාන සමාජයේ වැඩි වී ඇත. ඔබේ දරුවන් ආතතියෙන් මුදා ගැනීම ඔබේ වගකීමයි. ඒ සඳහා ප්‍රමාද නොවන්න.

Psychological Facts ~~

Save your and other's life❤️
28/05/2024

Save your and other's life❤️

For you❤️
25/05/2024

For you❤️

කුඩා දරුවන් මානසිකව සහ ශාරීරිකව වර්ධනය වන විට ඔවුන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳව දෙමව්පියන් හා වැඩිහිටියන් සැලකිලිමත් විය යුත...
20/05/2024

කුඩා දරුවන් මානසිකව සහ ශාරීරිකව වර්ධනය වන විට ඔවුන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳව දෙමව්පියන් හා වැඩිහිටියන් සැලකිලිමත් විය යුතුය. දරුවන්ට විවේකය ඉතා වැදගත්. එහිදී ඔවුන්ව විවිධ විනෝදාත්මක හා කලාත්මක ක්‍රියාකාරකම්වල යොදවමින් ඔවුන්ගේ මානසික සෞඛ්‍ය ආරක්ෂා කරගත හැකිය.

16/05/2024

Meanings about colours🥰

❤️Sometimes Love is the best medicine to people❤️~
13/05/2024

❤️Sometimes Love is the best medicine to people❤️~

Address

Bentota

Website

Alerts

Be the first to know and let us send you an email when Psychological Facts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram